Sunday 12 June 2011

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed


මේ කතන්දරේ මට ලියා එව්වේ සචින් ජයනෙත්ති.

මෙන්න සචින් ගේ වචන වලින් ම. (වරහන් ඇතුලේ තියෙන්නේ මගේ කමෙන්ට්ස්.)

මේකත් චූ කතාවක්. (මතකනේ මගේ චු කතන්දර සීරීස් එක. මේකත් ඒ ගොඩටම දාගන්න.)

කතන්දර දන්නවා නොවැ ඩොක්ටර් වික්‍රමබාහු කරුණාරත්න. සමහර විට කම්මලේ ඉන්න කාලේ උගන්නලත් ඇති මයේ හිතේ. (කම්මල කියන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයටයි.) මේ කතාව උන්නැහේ ගැන.

අවුරුදු විසිපහකට විතර කලින් වෙච්චි මේ සිද්ධිය මට කිව්වේ නව සමසමාජ පක්ෂයේ හිටපු ෆුල් ටයිමර් කෙනෙක්.

ඩොක්ටර් වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.

ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.

බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.

මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.

ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.

"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."

ඔන්න දැන් බාහු චූ කරනවා. වට පිට බල බලා . දන්නා විදිහට මිනිහා ටිකක් ලජ්ජාකාරයා.

මෙන්න අර කවර් එක දෙන එකා අහනවලු මෙහෙම බාහුගෙන්.

"මේ සහෝදරයා හොඳට දැකලා පුරුදු මූණක්. සහෝදරයාගේ නම මොකක්ද?"

ඒ කාලේ පක්ෂයේ නායකයා බාහු වුනාට හැමෝම දන්නේ වාසුව විතරයි.

"මම වික්‍රමබාහු"

"ඒ කියන්නේ අපේ නායක බාහු සහෝදරයා!"

"ඔව්" බාහු උත්තර දුන්නාලු.

අර කවර් එක දුන්නු පොරට ඉස්පාසුවක් නැති වුනාලු.

බාහු කර කර ඉන්න කාරියත් අමතක කරලා "අපේ බාහු සහෝදරයාට ජයවේවා! අපේ නායක සහෝදරයාට ජයවේවා!!" කියලා කෑගහන්න පටන් ගත්තලු.

මගේ මිත්රයාට මේ කතාව කියපු බාහු කිව්වලු:

"මගේ චූ බර නිකම්ම හිඳිලා ගියා. ආයෙත් චූ දැම්මේ කොළඹ ඇවිල්ලා" කියලා.

මං මේ කතාව බාහු ට ඊ-මේල් එකකින් යැව්වා මොකද කියන්නේ බලන්න. සත්‍යතාවය ගැන අවුලක් නෑ වගේ. මොකද බාහු උත්තර එව්වේ නෑ!

-කතන්දරකාරයා

ප/ලි
වික්‍රමබාහු කරුණාරත්න ඉංජිනේරු ශිෂ්‍යයෙක් කාලේ විස්තරයක් ඔහුගේම වචන වලින් (in English) මෙතනින් බලන්න.
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html

ප/ප/ලි
මෙන්න කැනඩාවේ සිට සචින් ජයනෙත්ති "යාත්‍රා" සිංහල සඟරාවට ලියන "දේශදෝහියාගේ කොලම" කොටස් කීපයකට සබැඳි.
1. හාමුදුරුවනේ තරහ අවසර
2. බටහිර ලෝකයේ අපේ සංගම්කාරයෝ
3. නිරුවත් සංස්කෘතිය
4. මුල්ලකට කොටු කර පහර දීම

(image: http://wn.com/Sri_Lanka_Sama_Samaja_Party)

28 comments:

  1. මගේ යාළුවෙක් තව කථාවක් කිව්ව.. බාහු පොරට කථා කලාලු පක්ෂෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න... ඊ‍ට පස්සෙ මෙහෙමලු වුනේ
    "අපෝ බෑ.. බුදුහාමුදුරුවොත් කියල තියෙනව බාහු සහෝදරය එක්ක වැඩ කරන්න එපා කියල"
    ‍"මොකක්?"
    "එක තැනක කියල තියෙනව බාහු සප්පංච සිප්පංච කියල.. ඒ කියන්නෙ බාහු සර්පයෙක්, සිපයියෙක් කියන එකනෙ.." (සිපයියෙක් කියන්නෙ කුණුහරපයක්ද දන්නෙ නෑ මම)

    තොපි අපේ නමුත් කනව කියල බාහු ගියාලු ඊට පස්සෙ.

    ReplyDelete
  2. අවංක දේශපාලකයෙකුට ඉතුරුවෙලා ඉන්නේ මෙච්චරයි.....

    වාසු ගැන නම් කතාකරන්නවත් එපා...

    ReplyDelete
  3. එලනේ.. උදේ පාන්දරම හිනා උනා :ඩී

    ReplyDelete
  4. හප්පට සිරි කෑ ගහපු ගමන් වටේ පිටේ කට්ටිය එක් ‍රැස් වෙන්න ඇති මයෙ හිතේ.... හික් හික්.....

    ReplyDelete
  5. @ සාතන්
    මංගල සූත්‍රයේ එන ගාථාව මෙහෙමයි.

    "බාහු සච්චංච සිප්පංච
    විනයෝ ච සුසික්ඛිතො
    සුභාසිතා ච යා වාචා
    ඒතං මංගල මුත්තමං"

    මෙහි අදහස නම්- බහුශ්‍රැත බව, ශිල්ප ඤාණය, විනය ගරුක වීම, ශික්ෂාකාමී බව, පි‍්‍රය මනාප වචන යන ගුණධර්ම මංගල කරුණු බවයි.

    මේ ගුණධර්ම සියල්ල වික්‍රමබාබු තියෙනවා විය යුතුයි!

    ReplyDelete
  6. @ මාතලන්
    බාහු ගේ අවංකකම තමයි මේ වෙන තුරු විහිළුවටවත් තමන් ගේ ප්‍රතිපත්ති වෙනස් නොකිරීම.

    මෙහෙම අවංක අයට ලංකා දේශපාලනයේ ඉඩක් නැති බව පුදුමයක් නොවේ.

    ReplyDelete
  7. @ චතු
    @ අපරාජිතයා
    මගේ "සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්" කතන්දරේ බලා ප්‍රතිචාර දැක්වූ ඔබට මගේ ස්තුතිය.

    ReplyDelete
  8. කම්මලේ කොල්ලෙක් විදිහට ආඩම්බරයි :)

    ReplyDelete
  9. ප්‍රතිපත්ති වෙනස් නොකරපු දේශපාලකයෙක්.. එදායින් පස්සේ එහෙම අතන මෙතන චූ දාන්න යන්නේ නෑ කියලා ප්‍රතිපත්තියක් හදාගන්න ඇති...

    ReplyDelete
  10. හ්ම්ම් මීට පස්සෙ ඒ කාරිය කරනකොට කවර් කරන්න කාවවත්
    ගන්නෙ නෑ කියල සිතා ගන්නැති

    ReplyDelete
  11. නාකියො දෑන්වත් ඔය කාතාව නවතා තරුනයන්ට තෑන දෙන්න නාකියො........

    ReplyDelete
  12. මම අහලා තියෙන කතාවක් මේක.ඇත්තද නැද්ද කියලා නම දන්නේ නැහැ.

    අපේ බණ්ඩාරනායක මහත්තය , මිත්‍ර සමාගමත් එක්ක දවසක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ එළිමහන් තැනක උපන් ඇඳුමින් නාමින් ඉන්න කොට සරසවියේ ලොක්කෙක් ඇවිත්කට්ටිය හිටි හැටියෙන්ම දුවලා තියෙනවා තම තමන්ගේ රහස් (මොන රහසක්ද)ප්‍රදේශ දෑතින් වසාගෙන.

    ඒත් අපේ ගොයියා විතරක් ඝන්ටාර ගසමින්, දෑතින් මූණ වසාගෙන දිව්වලු.

    ReplyDelete
  13. බොද ම්දුම් = සමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න

    ReplyDelete
  14. බාහු සහෝදරයගෙ අදහස් හොඳයි ඒත් අර්ථය පැහැදිලි මදි!

    ReplyDelete
  15. නම දැකපු ගමන් , කාවදෝ මතකෙට ඇවිත් නැතිව ගියා..

    උගත් යැයි සම්මත, ප්‍රතිපත්තිගරුක , නොවෙනස් වන සිත් ඇත්තෝ බෙහෙවින් ලැජ්ජාශීලී වෙයි ........

    ReplyDelete
  16. මේලෝකෙ සිහියක් නැති සහෝදරයෙකුටනේ කවර් කොරන්න දීල තියෙන්නේ...හික් හික්
    (කොහොමත් ගොඩක් සහෝදරවරුන්ට කොයි ලෝකෙවත් සිහියක් නැහැ තමයි නේද..)

    ReplyDelete
  17. බාහු ට කොච්චර බැන්නත් මිනිහට කොච්චර මඩ ගැහුවත් මට දැන් න0 හිතෙන්නෙ මිනිහා කියපුවා සෑහෙන්ඩ ඇත්ත කියලා............. , විසේසයෙන්ම උතුරේ අර්බුධය සම්බන්ධව .............. !

    ReplyDelete
  18. ජය වේවා හඬ ඇහෙනකොට ඉස්ටේජ් එක ඉස්සරහා හිටපු සෙනග දෙසීයම පිටිපස්සට දුවගෙන ආවද දන්නේ නෑ ..

    මරු කවර් එක ..

    ReplyDelete
  19. හපොයි හපොයි විකාරබාහු ගොයියා ගැන සීරියස් සංවාදයකට නම් සෙට් වෙන්න බැහැ. පොර කොච්චර සිරා ද, පොර කිව්ව විදිහට කොලා නම් පට්ට නේද, උතුරු නැගෙනහිර ගැන මොන තරම් සිරා දර්ශනයක් ද තිබ්බේ ඔය වගේ දේ ගැන [ලියන්නට බොහෝ දේ තිබ්බත්] ඔන්න මං නෙවෙයි මොකුත් ලියන්නේ. කවුරුත් දන්න පොරක් නේ. මොකටද අටුවා ටීකා.

    මේ කතාව නම් පොර ගැන [ඇත්ත කියා හිතන] ජෝක් එකක්. මේක කිව්වේ කතන්දරට බැච් දෙකකට [ගෙසිං] කලින් ඔය තිප්පොලේ ම ගඟේනුත් ඔය පැත්තේ ම කල් මරපු [නිකම් නොවෙයි අන්තිම එක්සෑම් එකට විතරක් වසර තුනක් බලන් හිටිය] බුවෙක්.

    ඔන්න ඉතින් විකාරබාහු ගොයියා උගන්නමින් දේශපාලනේ කොරමින් දැහැමෙන් සෙමෙන් හා සෙමින් කාලය ගෙවනවාලු තිප්පොලේ. චන්ද කාලෙට එනවලු සහෝදර බුවාලා චන්ද සැලසුම් වලට [ඔය චන්ද ටික ගන්නේ ලෝකයක් සැලසුම් කොරල ලු නේ]. සහෝදර කිව්වට නිකම් එසේ මෙසේ නොවේ හාඩ්කෝ කේඩර් වරුන්. හැබැයි පොරවල් එන්නේ කන් පල්ලෙහා දාගෙන නගුට පස්සේ ගහගෙන උඅරහිස් හකුලා ගෙන ලු. මොකද අප්පේ ඉතින් ඔය මහා දර්ශනය කිව්වට මේ ප්‍රතිගාමී සෙට් එකට තේරෙනවයැ [මාත් තදබල ප්‍රතිගාමියෙක් නේ :)]. හැබැයි විකාරබාහු තුමා දෙනවලු එල ටෝකක්, රුසියාවෙන් පටන් අරන් ජාත්‍යන්තරය ම කවර් වෙන. සහෝදර පිරිස ආපහු යන්නේ විප්ලවයට ජය වේවා. කම්කරු රජයක් හෙට පිහිටවමු. අරගලයේ වෙඩිල්ල මේන් පත්තු කරමු කියා ගෙන පට්ට මොටිවේෂන් එකෙන් ලු.

    අනේ ඉතින් චන්දෙ අහවර උනාම, මේන් තියේලු අවිස්සාවීල්ලෙන් චන්ද එකසිය දෙකයි, දෙහිවලින් පනස් පහයි, කැකිරාවෙන් විසි නවයයි, කෝපායි වල අසුවයි ඔන්න ඔහොම. මුළු රටම එක හඬින් කියන්නේ උන්නැහේ ලාගේ ඇප තහනම් කල යුතු බව නේ. ඉතින් ඔන්න ආයිත් එනවලු කට්ටිය කන් පල්ලෙහා දාගෙන නගුට පස්සේ ගහගෙන උඅරහිස් හකුලා ගෙන. ඔන්න අපේ වීකාරබාහු තුමා ආයිත් දෙනවලු දේශනය, රුසියාවේ සිට ජාත්‍යන්තරය දක්වා. මෙහෙම පෙනුනට ඉලක්කම් අඩු වගේ මේ ප්‍රතිපල වලින් තරමක් හෝ ප්‍රගතිශීලි බවක් පෙන්නන හැටි ඔප්පු කරනවලු. සහෝදර පිරිස ආපහු යන්නේ විප්ලවයට ජය වේවා. කම්කරු රජයක් හෙට පිහිටවමු. අරගලයේ වෙඩිල්ල මේන් පත්තු කරමු කියා ගෙන පට්ට මොටිවේෂන් එකෙන් ලු ආයිමත්. මේක දිගටම එලෙසම උනා කියලයි පොර කිව්වේ. හරි ඇති. මොකද අසු දෙකේ 17000 යි, ගිය අවුරුද්දේ 8500 යි. දර්ශනය ප්‍රතිපත්ති වගේම චන්ද පදනමත් නොවෙනස්.

    මං ඔය කතාව කිව්වට විශ්වාස කළේ නැහැ, මේ අපේ බ්ලොග් කරණයේ ඉන්න සමහරුන් දකින කම්. එක අතකට පට්ට මොටිවේෂන් නේද අප්පා?

    ReplyDelete
  20. කසූ කිව්වා වගේ විවිධ වකවානුවල රටේ මිනිස්සු එහෙ මෙහෙ දුවනකොට ගල්ගුළක් වගේ එකතැන උන්නු මිනිහෙක්... කවුද කිව්වා වගේ බාහු ගැන මේ රටේ කතා කරන්න ගන්නෙ ඔහු මැරිලත් අවුරුදු විසි පහකටවත් පස්සෙ.... ඔහු කාලයට වඩා ඉදිරියෙන් ඉන්න මිනිහෙක්.

    ReplyDelete
  21. @ සු ජීවට සහ සැමට
    බාහු විශ්ව විද්‍යාලයෙන් වැඩ තහනමට ලක් වෙලා තියෙන්නේ මං එහේ යන්න කලින්.

    හැබැයි බාහු ලෙක්චරර් කෙනෙක් විදියට ඉගැන්නුවා මිස ළමයින් ට දේශපාලනය කර කර හිටියා කියා නං මා අසා නෑ.

    බාහු ඒ විදියට කළා නම්, බාහු සමග ඒ කාලේ එකට වැඩ කළ නලින් ද සිල්වාත් එසේ කළා විය යුතුයි.

    ගුණදාස අමරසේකර ගේ ගමණක මුල මැද අග පොත් වලින් එකක ත්‍රී ඩොක්ටර්ස් පාටි කියන්නේ බාහු, නලින්, කුමාර් ඩේවිඩ් ඇරඹූ නසසපයයි.

    පොපියුලර් චන්දයෙන් හොඳ නරක තේරිය හැකි නම්.....!!!!

    ReplyDelete
  22. @ All
    සියළු දෙනාටම

    සැමට ස්තුතියි. මේ කතාව මට එවූ සචින්ටත් ස්තුතියි. බාහු ගැන රස කතා බාහු ගේ බැචෙක් වෙන මු.ප. රණවීර කියූ බව මකාර දන්වා තිබේ. මකරා ඒවා ලියාවි යැයි සිතමි.

    ස්තුතියි, නැවතත් මෛක්‍රෆෝනය සම්බන්ධතා මැදිරියට යොමු කරනවා - කාර් කතන්දර මෙගා සීරිස් එකේ ඊලඟ කොටස ගෙන එන්න.

    ReplyDelete
  23. මොකක්ද ඉතිං මෙතුමාගේ නොවෙනස් ස්ථිරසාර ප්‍රතිපත්තිය? අපේ රට දෙකට බෙලද කොටියට කෑල්ලක් දෙන එකනේ.මමත් ඇහුවනේ මෙයා ළගදි ඉංගලංතෙ කොටි සමුලුවක කරපු දේශනය.කොටින් ලංකාව තුල සහමුලින්ම යුධමය වශයෙන් පරාජය කරල කිබ්බත් මෙයා තාමත් කොටින්ට කඩේ යනවා.පිටරට වල ගිහින් අපේ රටේ ප්‍රතිරූපය විනාශ කරනවා.කොයිතරම් උගතෙක් වුණත් දේශපාලනික වශයෙන් ද්‍රෝහියෙක්.

    ReplyDelete
  24. @ meeghaya
    සියල්ල සාපේක්‍ෂයි.
    සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි!
    ඔබට සෙත් වේවා.

    ReplyDelete
  25. [[ගුණදාස අමරසේකර, බාහු, නලින්, කුමාර් ඩේවිඩ්]]

    Awesome foursome.... Ugh. හතර දෙනා ම ගම්පහ ඉන්න ඕනේ කොල්ලෝ ඔන්‍න‍.

    ReplyDelete
  26. මෙහෙමයි ඉතින්, බාහු සහෝදරයා තමන් ගේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ඇත්ත. ඒත් ඒ ප්‍රතිපත්ති අපට අපේ රටට කොච්චර ගැලපෙනවද කියන එක නේ ප්‍රශ්නේ. එය මුල ඉඳලම කිව්වේ අපේ රටේ සිංහලය දෙමලාව පාගාගෙන ඉන්නවා ඒ හින්ද දෙමළට වෙන් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ කියලනේ. එක කොච්චර සාධාරණ තර්කානුකුල මතයක් ද කියන එක ඔය අයම හිත ගන්නකො.
    ප්‍රතිපත්ති ගැන කියනවනම් ප්‍රභාකරනුත් මැරෙනකම් ම එයාගේ ඊළාම් අදහස වෙනස් කරගත්තේ නැහැ නේ.
    මෙහෙ (UK) තාමත් ඕනේ තරම් ඉන්නවා ඊළාම් t-shirt ඇඳලා cap දාල යන දෙමල ළමයි. අඩු ගානේ ලංකාව තියෙන්නේ කොහෙද කියල වත් දන්නේ නැතුව ඇති.

    ReplyDelete
  27. එල සීන් එකනෙ වෙලා තියෙන්නෙ ....

    ReplyDelete
  28. මම නම් ආසම නෑ ‍මේ වික්‍රමභාහු ට....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.