Friday 10 June 2011

හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!


බබා ලැබෙන්න කලින් කාර් එකක් ඕනැ නිසා අපි වෙර වීරියෙන් හොයලා ලස්සන රතු කොරොල්ලා එකක් ගත්තා. හාමිනේයි මායි එකට ගියේ එක ගමණයි. ඒකත් ඉන්ෂුවරන්ස් එක ගන්න.

පහුවදා මං වීරයා වගේ තට්ට තනියම ඉලෙක්ට්‍රික් බාස් ට කාරෙක පෙන්නන්න යන වෙලේ තමයි තඩි පැජරොයියෙක් කාරෙකේ පැත්තක්ම ඉරලා දැම්මේ.

මං ඒ ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරන වෙලේ මට කෝල් කරපු ඒ.එස්.පී කාරයෙක් පැජරොයියාගේ අයිතිකාර මහත්තයා සිංගප්පූරු ඉඳලා ආපු ගමන්ම වැඩේ ගොඩින් බේර ගමු කිව්වා!

මට ඇල්ලුවේ නෑ ඒ කතාව.

ඔන්න එතකොට මට මතක් වුණා මේ ඒ.එස්.පී. කාරයාව අඳුණනවා ය කියලා අපේ අල්ලපු ගෙදර අංකල් කියලා තිබුණු බව.

පැමිණිල්ල දාලා ගෙදර ගිය මං අංකල් ට විස්තරේ කියලා, එදාම හවස අංකල්වත් එක්කහු කරගෙන කාර් එකෙන්ම ගියා ඒ.එස්.පී. කාරයා ගේ ගෙදරට.

ඒ ගිය ගමන නිසා ඔන්න සැක හැර දැන ගත්තා ඒ.එස්.පී. පොර මේ කෝල් එක දීලා තියෙන්නේ අනිසි බලපෑමකට නොවන බව.

ඉතිං ඊලඟ දවසේ කලේ උදේ පාන්දරින්ම හුණුපිටියේ රක්‍ෂණ සංස්ථාවට ගිහින් කාර් එකේ ඩැමේජ් එක පෙන්නපු එකයි. එතනින් ෆොටෝ හෙම ගත්තට පස්සේ ගියා කාර් බොඩි රෙපයාර් කරන බාස් කෙනෙක් ගේ ගරාජ් එකට තලවතුගොඩ පැත්තේ.

ඉරිච්ච දොර රෙපයාර් කරන්න බැරි තරමට ඩැමේජ්. ඉතිං, මිනිහවත් දාගෙන ගියා නුගේගොඩ, මහරගම පැත්තේ ටුවර් එකක් කාර් එකට ගැලපෙන දොරක් හොයන්න.

අපිට හම්බ වුණා සුදු පාට දොරක්. ඉතිං, ඒකත් අරං ඊට පස්සේ ගියා දොර පේන්ට් කරන්න මැච් වෙන තීන්ත හොයන්න ආයෙත් මහරගමට.

මේ සේරටම ගියේ මගේ කාරෙකෙයි. මොකද, කොච්චර කාර් රෙපයාර් කලත් බාස් උන්නැහැට තියෙනවයැ කාර් එකක්.

අන්තිමේදී පොර මාව ගෙදර ලඟින් දාගෙන කාර් එක අරං ගියා ගරාජ් එකට.

සතියකට විතර පස්සේ ඔන්න කාර් එක හදලා අහවර වුණා. ඒ අතරේ පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා රට ඉඳලා ඇවිත් රෙපයාර් බාස් ගේ බිල ගෙවන්න බාර ගත්තා.

කොහොම හරි අන්තිමේ දී දුව ඉපදෙන්න සතියකට විතර වගේ කලින් ඒ සේරම ඔපරේෂන්ස් ටික ඉවර වුනා කියමුකෝ.

අන්න එතකොට තමයි මගේ ඇඟේ වතුර ටික ලේ වුනේ! දැන් ඉතිං, අපිත් රෙඩි, කාර් එකත් රෙඩි, දෝණිය ගේ මෙලොව සම්ප්‍රාප්තියට.

ඉතිං එදා රාත්‍රියේ නිදා ගන්න ගිහින් ඉන්න කොට තමයි මට කල්පනා වුනේ මේ රතු කොරොල්ලා කාරෙක ගත්තු එකේ තිබ්බ වටිනාකම.

1. ඉන්ෂුවරන්ස් එකට යන්න,
2. වයරින් බාස් හම්බ වෙන්න යන්න,
3. මිරිහානේ පොලිසියට යන්න,
4. ඒ.එස්.පී.කාරයා ගේ ගෙදර යන්න,
5. ආපහු ඉන්ෂුවරන්ස් එකට යන්න,
6. බාස් හම්බ වෙන්න යන්න,
7. බාස් එක්ක පාර්ට්ස් හොයන්න යන්න,
8. බාස් එක්ක පේන්ට්ස් හොයන්න යන්න,
9. පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා රට ඉඳලා ආවට පස්සේ උන්නැහෙ ව හම්බ වෙන්න යන්න,
10. බාස් උන්නැහේ කාරෙක හඳලා ගෙදරටම ගෙනත් දුන්නට පස්සේ ආපහු ගිහින් පොරව ගරාජ් එකට දාලා එන්න.

මේ සේරම වැඩ ටික කරගන්න, හොඳ වෙලාවට කාර් එක තිබුනේ.

-කතන්දරකාරයා

ප/ලි:
හොඳ වෙලාවට කාර් එක තිබුනේ. නැත්තං මේ සේරම වැඩ කරගන්න එක්කෝ ත්‍රී වීලර්වල යන්න වෙනවා. නැත්තං බස්වල කට්ට කන්න වෙනවා!

(මෙගා සීරීස් එකේ සිව්වන කොටස - රෝස බබෙක් රතු කාර් එකේ.)

(image: http://www.pollsb.com/polls/p2031456-wood_man)

40 comments:

  1. හැබැයි කතන්දරට බයික් එකක් (තැපැල් 90ක් වගේ එකක් නියමයි ඔය වැඩේට) ගත්ත නං . . . . සෑහෙන අඩු වියදමකින් ඔය වැඩ ටික කරගන්න තිබ්බ.

    ප.ලි.
    ඔය පොලිස් මහත්තැන් කෙනෙක් ගැන කියල තිබුනෙ අර සිංදු කියපු හාදය ද ??

    ReplyDelete
  2. කාර් ඒක ගත්තු ඒක හොඳයි . නැත්නම් අපි ඒ ගැන කියවන්නේ කොහොමද

    ReplyDelete
  3. මගුලක් කතා කොරනව.. අහවල් එකටෙයි ගරාජ් බාස් වාහනයක් ගන්නේ. එහෙනම් ඉතින් ඇත් ගොව්වොත් අලි ගන්න එපැයි සල්ලි දීල...

    ReplyDelete
  4. හ්ම් මරු කථාව..
    මම අහල තියෙනව සමහරුන්ට නෝනල බැඳගෙන අයියට වගේම වෙනවලු...

    අයිය අර කිව්ව ඔය පොලිස් මහත්තැන් ""රණ මොණර මොණරියන්"" සමග ගැවසුන කෙනෙක්ද??

    ReplyDelete
  5. "සඳ කිඳුරු කිඳුරියන්" නේද ???

    ReplyDelete
  6. හොඳ වෙලාවට තමයි කාර් එක ගත්තෙ... නැත්තන් ත්‍රීවීල් වලට යන විදයම නේද?...

    ඕනෙ අයිය ඔය සඳ කිඳුරු සින්දුව ස්කූල් බස් වල පට්ට ගැහුව සාතන් යන කාලෙ...

    ReplyDelete
  7. සඳ කිඳුරු කිඳුරියන්.. oba hari.
    siduwanam lassanai ne???

    ReplyDelete
  8. හොඳ වෙලාවට කාර් එක තිබුනේ.
    කාර් එකක් නොතිබුනානං ඔය මොකුත් කරන්න ඕනි නැහැනේ.

    ReplyDelete
  9. හොද වෙලාවට කාර් එකේ එන්ජින් එකට අනතුරක් නොවුනේ.නැත්නම් ඉතින් කාර් එකේ ගිහින් 1-2 කාරනා විතරයි කරගන්න වෙන්නේ....

    ReplyDelete
  10. රණ මොණරු එක්ක ගැවසෙනවා කිව්වත් හරි (1000 නෝට්ටුවල රණ මොණරු ඉන්නවනේ)

    ReplyDelete
  11. දැන් ඉතින් ඔය තියෙන්නෙ කී වෙනි කාර් එකද එතකොට.

    ReplyDelete
  12. @amilaabeynayaka,
    අනේ...පව් සිදුවෙන කථා නොකිය ඉන්ට අයියෙ...

    ReplyDelete
  13. හික් අන්තිම ටික මරු. මැරෙන එක මහ පන යන වැඩක් කිව්වා වගේ...

    ReplyDelete
  14. රෙපයාර් බිල අර මහත්තයා ගෙව්ව හින්ද ගානක් නෑ ඉතින්.
    ලස්සන කාර් කතාව.

    ReplyDelete
  15. කතන්දරගේ කතාත් හරි..අර අන්තිමට ලියන -ප.ලි.-ලියන කෑල්ලත් හරි.පට්ටම..පට්ට.

    ReplyDelete
  16. හැක් හැක්... ඔයිට වඩා හොද නැද්ද හිතුවනම් අපරාදෙ පෙජරෝයියෙක්ගෙ හැප්පුනේ.. හොද කන්ටේනර් එකක හැප්පුනානම් හොදයි කියල....

    එතකොට ඔයාට ඉස්පිරිතාල, දැඩි සත්කාර... වගේ දැන් උනත් වැද පුදාගන්න තිබුන.. :D :D :D

    ReplyDelete
  17. දැන් ඔය පජරෝයිය අලාබෙ ගෙවුවද ? අපි දන්නා පැජරෝයියෝ නම් පාර ඒගොල්ලන්ට ලියල දීල කියල යන අනිත් අය පරෙස්සම්වෙන්න කියල නීතියකුත් දාල තියෙනවා නේද ? මේක කියෙවුවම මට මතක් උනා මට වෙච්ච දෙයක්. මගේ කාර් කට්ට හැප්පුන ලොරියක හෝටන් ප්ලස් එකේදී මහා රෑ දොළහට.. නා කපන වැස්සේ.. පොලිස් මහත්තය ගෙනල්ල එතනට දැම්මේ එකහමාරට.. එයා කියනවා මහත්තය DaN ඇක්සිඩන්ට් තුනක් බලන්න තියෙනවා පොලිසියට යන්න කලින් මේකෙම යමුද කියල.. මම අර ඉස්සරහ පැත්තක් චප්ප වෙච්චි කර කට්ටේ එය දාගෙන රවුම ගහල පොලිසියට එනකොට උදේ පහයි.. වෙන දඬුවම් මොකටද ? එතකොට මගේ ඇල්කොහොලුත් බැහැලානේ..

    ReplyDelete
  18. හනේ හනේ කතන්දර..ඔය කාර් එක නොගත්තනං ඔය ගමන් කිසි එකක් නෑනේ... :p

    ReplyDelete
  19. ජාතික රක්ෂනේට ගියෙ මොකද මහත්තය අලාබෙ ගෙව්වනං?

    ReplyDelete
  20. "කොච්චර කාර් රෙපයාර් කලත් බාස් උන්නැහැට තියෙනවයැ කාර් එකක්"

    හ්ම්ම්...වඩුවගේ ගෙදර පුටුවක් නැහැ වගේ

    ReplyDelete
  21. මට පේන්නෙ කතන්දර ට මේකෙන් ලාබයි වගේ...අහවල් එකකටද ඉන්ෂුරන්ස් එකට ගිහින් ආයෙත් පෙජරොයිය ගෙනුත් සල්ලි ගත්තෙ,
    ඇත්තනෙ,,,,හොඳ වෙලාවට කාර් එකක් තිබුනෙ

    ReplyDelete
  22. කවදද ඊළඟ කොටස...

    ReplyDelete
  23. මුල හරිය කියවනකොටනම් අපරාදෙ අලුත් කාරෙක කියලා හිතුණා.ඕක හදන්න යන වියදමටත් වඩා කරදරේ ඔය විස්තර කරලා තියෙන විදිහට වෙන රස්තියාදුවනෙ. හැබැයි අන්තිම හරියට එනකොටනම් මට හිනා.
    හොඳ වෙලාවට... බැරි වෙලා ඔයිට දවස් දෙකතුනකට කලින් වුණානම්, කාරෙකකුත් නෑනෙ.

    ReplyDelete
  24. වෙලාවට ගන්න කලින් හැපුන්නැත්තේ

    ReplyDelete
  25. මරු කතාව ..! ඔය ඔකෝම දේවල් කලින් හිතලා තමයි කතන්දර අයියා කාර් එකක් අරගෙන තියෙන්නේ .

    හැබැයි ඔයා පෙජරෝ එකක් ගත්තා නම් ඔයිට වඩා ආතල් එකක් ගන්න තිබුනා !

    ReplyDelete
  26. ඔව් ඒක ඇත්ත. වාහනයක වටිනාකම කියලා වැඩක් නෑ.

    ReplyDelete
  27. විහිලුවකින් හරි කතන්දර කියල තියෙන්නෙ බුදු හමුදුරුවො කියපු දේම නේද කියල මට හිතෙනවා. දේවල් අත් හැරීමේන් සැනසීම ලැබෙනවා කියන එක.

    ReplyDelete
  28. ඒක තමයි. දැන් නේ කතන්දර අයියට කාර් එකේ අගේ තේරේන්නේ. තව ඉස්සරහට ඔයිට වඩා ඕන වෙයි. දූගේ වැඩ කටයුතු වලදි.

    ReplyDelete
  29. @ All
    කාර් කතන්දර මෙගා සීරීස් එකේ මේ වෙන කොට පලවී ඇති කොටස් තුනට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ලැබීලා තියෙනවා.

    මගේ හිට් කවුන්ටරේ සීලිමත් කඩාගෙන ගිහිං.

    මෙගා සීරීස් කියන්නේ ඉතිං දන්නවනේ. ගේම දෙන්නයි යන්නේ එපා වෙනකම්ම.

    මීලඟ කොටස රතු කොරොල්ලා එකේ ආ රෝස බබා. ඊට කලින් ඉරිදාට
    බලාපොරොත්තු වෙන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා.

    ReplyDelete
  30. සමහර ප්‍රතිචාරවලින් මට නිකමට වගේ හිතුණා මේ කතාවේ උත්ප්‍රාසය කීප දෙනෙකුට තේරුනේ නැතුවාවත් දෝ කියලා.
    මං හුඟක් වෙලාවට ප/ලි ය පාවිච්චි කරන්නේ කතන්දරේ පන්ච් ලයින් එක හෙවත් "හොඳම කෑල්ල" දාන්නයි.
    ගයාන් තාරක සහ නලිනි චන්දිමා කියා ඇති පරිදි හොඳ වෙලාවට කාර් එක ගන්න කලියන් ඔය ඇක්සිඩන්ට් එක නොවුනේ.
    එහෙම නං මට ලයිස්තුවේ තියෙන ගමන් බිමන් ටික කරගන්න කාර් එකක් නෑනේ!

    ReplyDelete
  31. තවත් පොඩි පැහැදිලි කිරීමක්.

    අලාබේ ගෙවනවා කියලා පෙජොරෝ අයිතිකාරයා ගේ මිතුරා හෙවත් සඳ කිඳුරු කිව්වත් සල්ලි ලැබෙනකං මොකටද ඒක විස්වාස කරන්නේ.

    මං මුලින් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් එකක් දැම්මා.

    පැජරොයියා ගේ මහත්තයා බිල ගෙවපු නිසා- ඉන්ෂුවරන්ස් ක්ලේම් එක කැන්සල් කළා වැඩේ බේරා ගත්තා ය කියලා.

    ReplyDelete
  32. අපරාදේ ඉන්ෂුවර්න්ස් වැඩේ කැන්සල් කලේ රෙපයර් එකට මැන් සල්ලි දුන්නට ඔය ගිය ගමන් ටිකට බිපු තෙල් ටිකට ක්ලෙම් එකක් හම්බ උනේ නැ නොව.. කතන්දරෙත් වෙලාවකට ඉක්මන් වෙනවා වැඩි ද මන්දා............ ????

    ReplyDelete
  33. හොඳ වෙලාවට කාර් එකක් ගත්තේ. ත්‍රීවීල් එකක් එහෙම ගත්තනම් කොහෙන් කියල දොරක් හොයන්නද...

    ReplyDelete
  34. @ ක.ශු.
    කතාවේ උපහාසය මං හිතන්නෙ ගිය ගමං බිමං දහයෙන්, කාට කාටත් තේරුනා...තමන් ගැන හිනා වෙන්න පුළුවන් කෙනෙකුට අපිත් හිනා වෙන්න අවශ්‍ය නැහැ කියල පාඨකයන්ට හිතෙන්න ඇති....මට නං හිතුනෙ එහෙමය්

    ReplyDelete
  35. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා.

    සඳුදා සිට ආපසු මෙගා සීරීස් එක ඔබ ඉදිරියේ දිග හැරේ....!!!!

    ReplyDelete
  36. කාලෙකින් නියම කතාවක් :D

    ReplyDelete
  37. වාහනයක් මේන්ටේන් කරනවා කියන්නෙ හරියට දරු පවුලක් නඩත්තු කරනවාටත් වඩා අමාරු ජොබ් එකක්.

    මගේ මස්සිනාත් (ගම හාමිනේගේ මල්ලි ) ගත්තා කොරොල්ලා කට්ටක් එයාට මවුපිය උරුමෙන් පාර්ලිමේන්තුව පේන මානෙන් ලැබිච්ච ඉඩමක් විකුණලා.

    ඒකෙ ගමනක් යන්න නම්, ඉස්සෙලා සපත්තුවල අඩිය හෝදගෙන එන්න ඕනෙ. නැත්නම් වාහනේට නග්ග ගන්නෙ නෑ...! ඉස්සරහා පාරේ වල ගොඪලි තියෙනවනන්, වාහනේ පාර අයිනෙ නවත්තලා ත්‍රී වීලර් එකක් අරගෙන යන්න ඕනෙ....!

    ReplyDelete
  38. ඇයි යකෝ කාර් එක නොගත්තනම් හැප්පෙන්න කාර් එකක් කොයි ?

    ReplyDelete
  39. කොහොම හරි වාහනේ තිබුන තත්වෙන ගත්තා නම් එච්චරයි ....

    ReplyDelete
  40. කොරොල්ල කියන්නේ කොහොමත් හොඳ වාහනයක්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.