පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!
හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?
හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.
ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.
මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!
මුලින්ම ගුටි දීලා මසාජ් කරන උපකරණයක්.
තායිවානයේ හදපු ඩිජිටල් අත් ඔර්ලෝසුවක්.
තවත් පොඩී පහේ චීන සුකුරුත්තමක්. මෙක වාද්‍ය භාණ්ඩයක්. සින්දු ප්‍රස්ථාරත් දීලා තියෙනවා.
ලෝ ප්‍රකට තායිවානයේ අන්නසි කේක්.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා චීන තේ!
තව ලස්සන පැකට් එකක දාපු ලව් ලොසින්ජර්ස් පොදියක් තිබුණා. ඒවා නම් ෆොටෝ ගන්න කලින්ම ඉවර වුණා!
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වා වගේ, මෙන්න නියම තෑගි. මේවා නම් තායිවාන් ඒවා නෙමේ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු ඒවා.
මේවා නං සෑහෙන කාලයක් මෙහෙමම තියේවි. මොකද දන්නවද? කලින් පාර මේ වගේ ගෙනාපු තෑගි ටිකත් ඔය එහෙමම තියෙන්නේ.
මං ඉතිං මද පමණින් මටටා ටිටා නේ, අවුරුද්දකට දෙකකට විතර බඩු හෑව්!
අවුරුදු දෙකකට කලින් 2009 දී ගෙනාපු භාණ්ඩවලින් අන්තිම එක ඔන්න මේ ගිය සතියේයි ඉවර වුනේ.
-කතන්දරකාරයා
ප/ලි:
හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි. නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.
ගිහින් එඤ්ඤං!
ප/ප/ලි
හැම හාමිනේම මෙහෙම නැත. මේ කතන්දරේ මතකද?
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
?
ෂෝක් හාමිනේ කෙනෙක්.
ReplyDeleteඅවුරුදු කලින් ඇවිල්ල වගේ! :D
ReplyDeleteමෙයාට හම්බෙලා තියන තෑගි ගොඩ බලපල්ලකො.අවූරුද්දටත් කලින්
ReplyDeleteකකා ඇබ්සලූට බ්ලූ එක බොන්නේ ඕකේ ෆෙලේවර්ඩ් ඒවට කැමති නැද්ද වැඩිය :-)
ReplyDeleteපොදු රසාස්වාදෙට නැති තෑගි ගැනත් කියන්ඩකො... ඔය දාල තියෙන ඒවත් රූප විතරයිනෙ... අපිට ලැබුනයැ... රූපනං නොදාන තරමට හොදයි... නිකන් කියන්න...
ReplyDeleteඅම්මෝ තෑගී ගොඩ . ගෙදර කොල්ලෝ දෙන්න නිතරම තනියම වගේ .
ReplyDeleteකොච්චර හොඳ හාමිනේ කෙනෙක්ද...
ReplyDeleteකටේ කෙල සිඳුනි..බාගෙන වෙරි වගේය....එළ ඈ....
ReplyDeleteammapa adenawa anthima thagi tika dakkama...
ReplyDeleteඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු නියම තෑගි ගොඩාක් කල් තියාගන්න එපා. කල් ඉකුත් වෙයි :D
ReplyDeleteහොඳයි,,,, හොඳයි,,, කියපු නොකියපු හැම තෑග්ගක් ගැනම අපිට සතුටුයි. කකා අපේ එකානේ. හාමිනේ නිකම් නත්තල් සීයා වෙලානේ.
ReplyDeleteරතු කාර් එකේ ගෙදර ආපු රෝස බබා පෝසට්එක දැක්කෙ අද. කකාව දැක්කෙත් අද. තෑගි ටික කල් ඉකුත්වෙන්න කලිං ඉවර කරගන්න සපෝට් එකක් දෙන්නද?
ReplyDelete//නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.// අන්න පොඩිමෑන්ට ඒවත් ඕනවෙලා.
මං හිතන්නේ අයියා හොඳම එව්වා ටික හංගලා වගේ....
ReplyDelete//හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි.//
ReplyDeleteව්‍යාකරණ වැරදී. හී හී...
ගුටි ගහලා, මසාජ් කරන එකට පොඩ්ඩි හරි කැමතී. ගුටි දෙන්ට ඕනි අය පෝලිමක්ම ඉන්නවා.
රසවත්ම තෑගි ගැන අපට අසන්නට නොලැබුනේය. :)))
පලියේ ඇති ව්‍යාකරණ දෝස වලින් ඒ තෑගි ගැන යම් මෙව්වා එකක් ලබා ගත හැකිය.
ReplyDeleteඑලිවෙන ජාමේට හම්බවුන තෑගී ටික නම් මගේ සිත් ගත්තේය...
ReplyDeleteවැඩිය කල්තබා ගතහොත් ඕවා නරක් විය හැකිය.. ඉතා ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස යෝජනා කරමි..
හරිම හොද හාමිනේ කෙනෙක්නෙ..:))
ReplyDeleteThamun me karanne athma wanchawak bawa therunadata thamanma meka nawathwai...
ReplyDeleteඑළිවෙන ජාමේ ලැබුණු තෑගී ඔන්න ඔහේ රත්නායක මහත්තයලා එක්ක බෙදා හදා ගමු..
ReplyDeleteකව්ද අනේ මේ මෙච්චර කතන්දර ගැන හිතන එක්කෙනා ? ඇත්තටම හිතවත් නම් නමින්ම ඕක දාන්න තිබුනනේ.
ReplyDelete@neetha ,
ReplyDeleteමේ වගේ හාමිනේලා දැක්කාම ඉතින් සමහරුන්ට ඊරිසියා හිතෙනවා ඇති.:D
ඕහ් මට කියන්න හිටිය දේත් අමතක උනානේ, ඇත්තටම ඔයාට ඔයාගෙ හාමිනේ හරි ආදරෙයි.ඒ නිසා කතන්දර ඔය එක එක්කෙනා ඊර්ශ්‍යාවට කියන කතා ගනන් ගන්න එපා.
ReplyDeleteහොද හාමිනේ කෙනෙක් ඉන්නව නෙව !
ReplyDeleteඅර මුලින් දාල තියෙන තායිවාන් බඩු ඔක්කොම බාල ඒවා....!
ReplyDeleteහැබැයි අර අන්තිමට දාලා තියෙන්නෙ නම් ඔක්කොම ඔරිජිනල් බඩු.....!
කසුට තාම සුදුවා අතාරින්න බැරි හැඩයි....!
මොකාද බෝල මේ ඇනෝ ඇවිත් නිතරම මඩ/ගල් ගහන එකා.. යකෝ උඹේ වැඩ හරියට කරලා ඉඳහන් කොන්ද පණ ඇතිව. මේ කියන මටත් කකා ටොකු ඇනලා තියෙනවා, හැබැයි කොන්ද පණ ඇතිව නියම නමින් ඇවිත්..
ReplyDeleteලඟදි පොර මානසිකත්වයෙන් බ්ලොග් ලිවීමේ යෙදිලා ඉන්න මනුස්පයෙක් ගැන කකා සදහනක් කලා, කෙලින්ම අදා පුද්ගලයාගේ නම කියලා..සමහර විට ඒ උඹම වෙන්න ඇති..
මමත් ඇනෝ ඇවිත් ලියන්නේ උඹ මාත් එක්කත් වෛර බැඳ ගන්න පුළුවන් නිසා. ඒත් කකා එහෙම කරන්නේ නැහැ.ඇත්ත නමින් වර..
කකා, සමා වෙන්න මම වැරදි දෙයක් මෙතන ගැහව්වානම්.
කතන්දර හාමිනේ තමයි මාර හාමිනේ . .යකෝ මහත්තයට තෑගි දෙන ජාති . .. !!
ReplyDeleteවොඩ්ක කියපු ගමන් රුසියාව මතක් වුණාට ... ස්වීඩන් Absolut Vodka වලට ගහන්න වොඩ්කා ලොවෙත් නැත...
ReplyDeleteඔන්න කොමෙන්ටු පෝලිමට මාත් එකතු වුණා. කකාගේ බ්ලොග් එක කියෙවුවට අදමයි කොමෙන්ටුවක් ලියන්නේ.
ReplyDeleteඉතින් චෝයි හාමිනේ කෙනෙක් නොවැ ඉන්නේ. වාසනාවන්..!
හරිම වාසනාවන්ත කකා කෙනෙක්.
ReplyDeleteඒත් හරිම පෙරේතයි. කොහොමද අප්පා කන බොන දේවල් අවුුදු ගනන් බල බල තියාන ඉන්නෙ. කන දේවල් කොහොම වුනත්, බොන දේවල්....
Mrs. Kathandara
ReplyDeleteහරී..ඊ.ඊ..ඊ..ඊ..ඊ..හොඳා ආ..ආ..ආ..ආ..යි...!!!
http://blogvicharaka.blogspot.com/2011/10/blog-post_25.html
ReplyDeleteපිස්සු හැදෙනවා... අවුරුද්දම කරති කැඩෙන්න සෙට් වෙයි වගේ. අන්නාසි කේක් මමත් හරි ආස දෙයක්.
ReplyDeleteඔහ...කියන්න අමතක උනා.. ඔය වගේ හබියට බොන්න අරන් එන නෝනා කෙනෙක් ඉන්න එක අනේ වාසනාවන්. :)
නත්තල් පප්පා ඇවිල්ලා වගේ!
ReplyDeleteහාමිනේ ආපු ගමන් දෙන්නැති අර පලවෙනියට දාලා තියන තෑග්ගෙන්..."චණ්ඩියා...සුමානෙකින් දැක්කෙ නෑ" කියලා.
කතා අරක්කු බොන්නෙත් නෑ
ReplyDeleteබොන එකෙකුට දෙන්නෙත් නෑ
@ 108543860788859599679
ReplyDeleteඇයි මහත්තාය?
එයත් හරිම ෂෝක්!
@ මුහුදු
ReplyDeleteනත්තල්, ජනේරු සහ සිංහල අවුරුදු තුනටම මේ ඇති!
@ නදී
ReplyDeleteඅන්න නදී ට ජෙලස් වගේ. නෝටි ළමයින්ට තෑගි නෑ, හු හු!
@ ම
ReplyDeleteෆ්ලේවර්ඩ් වොඩ්කා ගෑණු ඩ්‍රින්ක්ස් නේ!
@ පොඩි මෑන්
ReplyDeleteපලයං පොඩි එකෝ යන්න! එනව මෙතන වැඩිහිටි කතාවලට කට දාන්න!
@ Bindi
ReplyDeleteහාමිනේ දෙවරයි නේ තව ගියේ! අනිත් පාර නං මාත් යනවා, යනවාමයි, ඕනෑ අඩිස්අබාබාවකට!
@ වසිලිස්සා
ReplyDeleteහොඳ මහත්තුරුන්ට නෝනලාත් හොඳ වෙනවා.
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඔබ දැකුඟෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සැපතයි මෙලොවේ කියන්නේ මෙන්න මේවට තමයි!
@ ඇනෝ 7:43 AM
ReplyDeleteදුක තමයි නේද?
@ පුසා
ReplyDeleteහදිස්සියක් නෑ, මද පමණින් නේ?
@ මහ වෙදනා
ReplyDeleteතෑන්කියු කිව්වා එහෙනං!
@ රාජ්
ReplyDeleteමේ සේරම තනියම බොන්න නං බෑ තමයි. සයිබර් ලෝකේ සයිඩර් බොන්න පුළුවනිද?
@ prasanna86k
ReplyDeleteහොඳ ඒවා දැම්මම කබඩ් එකේ තමයි!
@ Podi Kumarihami
ReplyDeleteපොඩි කුමාරිටත් ලඟදිම ලැබෙයි රසවත් ඒවා (මේ උම්මා හෙම!)
@ බුද්ධි
ReplyDeleteමේ කොල්ලා කුමක් කියන්නේදැයි නොවැටහේ!
@ තාරක
ReplyDeleteයෝජනාවට ස්තුතියි. පාටියක් දෙකක් දාන්න ඕනෑ ලඟදීම!
@ නිසූපා
ReplyDeleteහොඳ රාලහාමිලාට හොඳ හාමිනේලා ලැබේ.
@ Ano 10:27 AM
ReplyDeleteමේක නවත්වනවාය කියන්නේ බ්ලොග් එක ගැනද? අනේ ඇයි පනේ එහෙම කියන්නේ, ඔයාට දුක නැද්ද?
සීතල නං හීටරේ දාගෙන නිදාගන්නකෝ මෙයා.
@ ඉඳුනිල්
ReplyDeleteඅන්න රත්නායක මහත්තයාත් ගිහිං රට මේ සුමානේ.
පොර නං ඉතිං බියර් මිසක් මේ සුදුපාට ඒවට වැඩිය ප්‍රිය නෑ!
@ neetha
ReplyDeleteආනේ නීතා ඇවිත්!
මං ඕවයින් සැලෙන්නේ නෑ, ඔයා දුක්වෙන්නේ නැතුව ඉන්නකෝ.
මං වෙනුවෙන් වචන දෙකක් ලිව්වාට ස්තුතියි!
@ Podi kumarihami
ReplyDeleteඉරිසියාව, ඉරිසියාව!
@ Saammani
ReplyDeleteමෙහෙම තෑගි දෙන කොට හොඳඳ කියලත් අහනව!
@ දුමී
ReplyDeleteවැඩියෙන් කැමති නම් කළුපාට ලේබල් අලෝලා තියෙන ඒවටයි.
මේ පාර හැබැයි ස්පැෂල් තෑගි සේරම වගේ සුදුවා.
@ Ano 12:11 PM
ReplyDeleteඅනේ ඇනෝ ඒ අනිත් ඇනෝට බණින්න එපා.
මං හිතන්නේ එයා මාව දන්න කියන කෙනෙක්. ඔය විහිළුවටයි ලියන්නේ.
;-)
@ දුකා
ReplyDeleteදුකයි නේද?
@ Balal hamine
ReplyDeleteස්තුතියි. මට මතක්වුනා පරණ සින්දුවක්.
පුළුං කොට්ට අත් දෙක තියලා
හිමින් සැරේ වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ.. .. ..
කසු අර අන්තිමට සඳහන් කරපු විශේෂ තෑගි ටික ගැන විස්තරයක් නොදාපු එකමයි හොඳ. නැත්නම් බ්ලොග් එක සෙන්සර් බෝඩ් යවන්න වෙනවා. අර පොඩි එකෙකුත් උඩහ කෑ ගහනවා.. :)
ReplyDelete@ සොසී
ReplyDeleteපෙරේත කම අඩු නිසයි ඒ.
බොන්න පෙරේතයි කියන්නේ නිතරම බොන අයට නේද? අනේ මන්දා. මං මේවා පානය ඉඳලා හිටලා පමණයි.
අනික ලැබුණු තෑගි පරිස්සම් කරන්න එපායැ!
@ Observer
ReplyDeleteයවලා බලන්නකෝ මිසිස් ඔබ්සෝවර්වත් ඩියුටි ෆ්‍රී එකක් හරහා!
@ Ano 01:45 PM
ReplyDeleteThanks for the link. We all have read it though.
@ Grey
ReplyDeleteඇත්තම කතාව තමයි අපේ ගෙදර ලඟදී පොඩි පාටියක් එනවා. ඒ වෙනුවෙනුයි මේ සංචිතයක් ගොඩ ගහන්නේ!
@ kandyan
ReplyDeleteනත්තල් ආවා මාසෙකට කලින්!
@ Outsider
ReplyDeleteඅරක්කු මොකටෙයි ජින් සහ වොඩ්කා තියෙද්දී?
@ මරුමුස්
ReplyDeleteමං ඒ ගැන හිතලාම තමයි නොලිව්වේ!
කකා කවද්ද අපි ඔයපැත්තේ එන්ඩ ඔන...තරහ නැතුව පාරත් කියපං මචො
ReplyDeleteඔය බෙදා හදා ගන්නෙ නැතුව බොන එව්වා "තිත්තම තිත්තයි"...
ReplyDeleteකකා මාමා ඇත්තටම බොනව ද?
ReplyDeleteඇල්කොහොල් ?
කසු කොමෙන්ට් මකනවා ද ???
ReplyDeleteඅර ගුටි දීලා මසාජ් කොරන උපකරණෙ තමයි මගේ හිතට වැඩියෙන්ම ඇල්ලුවේ....
ReplyDeleteමම ආසයි අර චීන සුකුරුත්තමට..
ReplyDeleteඅපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බල යන්න අමතක කරන්න එපා.
ReplyDeleteබඩා මාමාගේ ළමා කතන්දර
අනේ අර බෝතල් ටික දැක්කාම නම් බඩ පපුව හෝස් ගාලා ගියා !!
ReplyDeleteමමත් ඉක්මනට කසාදයක් කරගන්න ඕනෙ
අන්න හාමිනේලා... හික්
ReplyDeleteමමත් අර අන්තිමට දාල තියෙන ජාති වලින් එව්වා අරගෙන අරගෙන ගිහින් ගෙදර එකතු කරනවා, කබඩ් එකක දාල ලොක් කරලා
මේ පාර යද්දිත් ගොඩක් අරගෙන යන්න ඕනේ :)))
අනේ කතන්දර ඔවා පාවිච්චි නොකරනවනං මෙහෙට විසි කොරනවකෝ....
ReplyDelete@ Raj
ReplyDeleteමේ එකතු කරන්නේ පොඩි පහේ උත්සවයකටයි. දවස ආවම කියන්නම්, හැබැයි සයිබර් එකේ තමයි!
@ Weni
ReplyDeleteතිත්ත නිසා නේ අයිස් දාන්නේ. සමහරු කෝක් දානවා.
@ Gordonia Ceylanica
ReplyDeleteඇයි ළමයෝ කතාව කියෙව්වේ නැද්ද?
@ මරුමුස්
ReplyDeleteබෝතල් එකතු කරන කතාව එලි කලානේ.
@ Miyuru
ReplyDeleteචීන කඩේක බලන්න!
@ සිත් රූ සිහින
ReplyDeleteඒක ලස්සනයි බෙල්ලේ එල්ලා ගන්ත් පුළුවනි!
@ මිගාර
ReplyDeleteබඩ අඩුකරගත්තනං නේද හොඳ?
හිස් අහස
ReplyDeleteබැන්දට කමක් නෑ, හැබැයි මෙන්න මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවා!
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
.
@ ලොකු පුතා
ReplyDeleteමාත් කැමතිම කළු පාට ඒවට තමයි.
@ නරකයා
ReplyDeleteවිහිළු කරනවද කොල්ලෝ?
පලියෙ තියන විදියට ඇඩම්ස් ඔන්ලි එවුවත් ලැබිල වගෙයි
ReplyDeleteඑළ තෑගී ටික ඈ. චීටට කතන්දර හාමිනේව වෙන කෙනෙක් එක්ක පැටලිලා වගෙයි. චීට හිතුවේ කතන්දර හාමිනේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ජොබක් කරන කෙනෙක් කියල. ලේ බැංකුවට සම්බන්ධ දොස්තරලා විසිදෙනෙක් විතර සෙට් එකෙක් ඔය දවස්වලම ජාත්‍යන්තර සම්මන්ත්‍රනෙකට තයිවානේ ගිහිල්ල දවස් හයක් හිටිය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පහුහිය මාස දෙකම ඇතුලත තයිවානෙට ගියේ ඔය චීට කියපු සෙට් එක විතරයි. ඒකෙන් තමයි චීට වැරදි වැටහීමක් ඇති කර ගත්තේ. ඔය සෙට් එකේ කිසිම කෙනෙක් තමන්ගේ දුව එක්කගෙන ගියේ නැහැ. අනිත් එක ඔය ජාතියේ තෑගී අරන් තිබුනෙත් නැහැ. කලින් පොස්ට් එකට දාපු කොමෙන්ටුව නිකන් අප්සෙට් එකක් වගේ පෙනුනනම් සොරි වෙන්න ඕනේ ක.කා.
ReplyDeleteතෑගි බෙදා ගන්න තරමටලු සතුට වැඩි වෙන්නේ! ඒ නිසා....එහෙම් හ්ම්ම්ම්ම්!
ReplyDelete