ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 26 December 2011
සුනාමියෙන් මියගිය අම්මෙක් වෙනුවෙන් ලියූවකි - Dedicated all lives lost in 2004 Tsunami
මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.
අද හත් වසරකට පසු ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.
සුනාමියෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා, සුගතියට පත්වේවා!
අම්මා
නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට එදා මෙන් අදත්
එලිය ගෙනෙනවාදෝ අම්මේ
රැජිනක් ලෙස මා කිරුළු පලන්දා
අපමන දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට ඇයිදෝ මන්දා
රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
අම්මේ කොතැනක හෝ සංසාරේ
ඔබේම දුව ලෙස යලි හමු වෙන්නම්
-කතන්දරකාරයා
ප/ලි
අම්මා ගැන ලියවුණු මේ ගීතය කෙදිනක හෝ දුවගේ හඬින් ගැයේවි.
(image: http://nanobaru.blogspot.com/)
Labels:
කයි-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
දුක හිතෙන කතන්දරයක්
ReplyDeleteමගෙත් හිතේ තියෙන දුකක් ලියල බැලින්නම් අද වටේම දුක හිතෙන කතා... ...
ReplyDeleteසුනාමිය ගැන මතක් කරන්නවත් කැමති නෑ... ඒත් අමතක කරන්නත් බෑ...
ReplyDeleteමගේ ගුරුවරු, යාළුවො, එයාලගෙ දරුවො, නෑයො කීයක් කියල නැති උනාද... ඒ විතරක් නෙවේ අපි සහෝදරියන්ගෙ පවුල් තුන පණ බේරගත්තෙත් අනූ නවයෙන්...
ආය නම් ඒ වගේ විපත් සිදුනොවෙන්ටත් අහන්ටත් ලැබෙන්ට එපා කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteමගෙත් යාලුවෙක් නැතිඋනා. එතකොට අපි 8 වසරෙ.. පව් එයාගෙ අමමට ටිකක් මොලෙත් හොඳ නැතුව ගියා එ වෙච්ච දේ නිසා... :( :( :(
ReplyDeleteඔබ තුමාගේ මිතුරියගේ ආදරණීය අම්මාට නිවන් සුව පතමු! ඒ මිතුරියටත් සසර පුරා යලි කෙදිනකවත් මෙවන් ඉසිලිය නොහැකි වේදනාවක් උරුම නොවේවායි අපි සැවොම එක්වී පතමු...
ReplyDeleteපොඩිමෑන් ලියපු කතාවත් හරිම දුකයි..ඇස්වලට කඳුලු එන එක නවත්වගන්න බැරිවුනා....
හ්ම්..... අවුරුදු හතක් ගියා කියලා දැනුනේවත් නෑ.තාම අද ඊයෙ වගේ මතකයි..
ReplyDeleteසුනාමිය අපි හැමෝගෙම කවුරු හරි ගෙනෙහිල්ල. හරියට හැම දෙමළෙක්ගෙම්ම කවුරු හරි යුද්දෙන් නැතිවෙලා වගේ!
ReplyDelete(Traffice Ano)
ReplyDeleteමා දැනුවත්ව සිදු වූ සුවිශාලතම ඛේදවාචකය.
පෙනි පෙනී බිලි වුනු අය, කෝච්චියේ හිරවෙලා කර කියාගන්න දෙයක් නැතුව (බිම හිටියනම් දුවල බේරෙන්න තිබුනා) ගොදුරු වූ අය, අතට අහු වෙලා ආයෙත් අතහැරුණු අය, මරණයට පත් නොවී මග හැරුණු දරුවො, හිතා ගන්නත් බෑ.
ලෝක විනාශයේ රිහර්සල් එකක්.
මෙවන් විපතක් නැවත සිදු නොවේවා...!!!
ReplyDelete"හරියට හැම දෙමළෙක්ගෙම්ම කවුරු හරි යුද්දෙන් නැතිවෙලා වගේ!" - අැයි සිංහල අය?
ReplyDeleteමම සුනාමිය ගැන කතා කරන්න කැමති නෑ . . .
ReplyDeleteමෙවන් විපතක් ආයේ කවදාකවත් අහන්නවත් නොලැබේවා කියලා තමයි කියන්න තියෙන්නේ ..
ReplyDeleteමේ වගේ විපතක් ආයේ කිසිම කෙනෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete@ All
ReplyDeleteදුක්බර මතකයක්.
ඉපදීම වගේම මරණයත් ස්වභාවිකයි. ජීවිතයේම කොටසක්. ඉන්න තියෙන කාලේ හොඳින් සතුටින් ඉඳිමු!
සියළු දෙනාටම ස්තුතියි.