Sunday 6 April 2014

බැන්දට පස්සේ අසරණ කොල්ලන්ට වෙන දේවල් - You figure it out!


මැරෙන එකත් පණ යන වැඩක් ය කියන කතාව අහලා ඇතිනේ? ඒ වගේම කතාවක් තමයි බඳින එකත් පණ යන වැඩක් ය කියන එක. හැබැයි ඒ කොයි පණ ද කියලා නම් අහන්න එපා!

අපේ බැච් එකේ අවුට් වුණාට පස්සේ ඉස්සෙල්ලාම බැන්ද පොරව (අවුට් වෙන්න කලින්ම බැඳපු එකෙකුත් හිටියා!) මට උගේ වෙඩිමෙන් පස්සේ මුණ ගැසුනේ සෑහෙන කාලෙකට පස්සෙයි. ඊලඟට බැඳපු එකාව නම් උගේ හෝම් කමින් එක දවසේ මුණ ගැසුණා. එදා පොර කීවේ "මචං, දන්නවා නම් මීට කලින් බඳින්නේ!" කියලායි.

නමුත් ඉතිං බැන්ඳායින් පස්සේ ජීවිතය කොහොමද කියලා හරිහැටිම දැන ගන්න නම් බැඳලා බලන්නම ඕනෑ.

කොහොම නමුත් මං බඳින්න කලින් බැන්දායින් පස්සේ ජීවිතය ගැන පේන්න තිබුණේ නම් එච්චර හොඳ පෙර නිමිති නොවෙයි.

මේ ඒ වගේ කේස් එකක් ගැන හින්නිකිත්තර කතාවක්.

ඔන්න යුනිවසිටියෙන් අවුට් වෙලා, මගේ තුන්වෙනි ජොබ් එක බොසී යටතේ කරමින් ඉන්න කාලේ තමයි මං සෙට් වුනේ පස්තාච්චි කුපාඩි එකට තායිලන්තයේ ඒඅයිටී (AIT) කියන ආයතනයේ.

ඔතන වැඩි හරියක් හිටියේ තනිකඩ කොල්ලෝ කෙල්ලෝ. නමුත් ලංකාවෙන් ගිය අය අතර කීප දෙනෙක් හිටියා බැඳපු අයත් දෙපාර්ශවයේම. ඒ සමහරුන්ගේ කලත්‍රයෝත් හිටියා කැම්පස් එකේම නතරවෙලා. නමුත් ලංකාවේ වැඩ කරන බොහෝ දෙනෙක් කෙරුවේ විටින් විට ආව-ගිය එකයි.

මං කලින් දවසක කියපු අර "විජේකෝන් නාන්න යයි" කතාවේ ප්‍රධාන චරිතය ඒ ආකාරයේ විවාහක ශිෂ්‍යයෙක්. වයිෆරේ ලංකාවේ දාලා තමයි පොර මෙහේ ඇවිත් හිටියේ, මොකද ඒ වෙන කොට ඒ දෙන්නා ගේ බබා තාම අත දරුවෙක් හින්දා.

ඔය කියන කාලේ අපි හයදෙනෙක් සෙට්වෙලා, තායි කුක් කෙනෙක් ලවා උයවාගෙන කන්න පොඩි චමරියක් දාගෙන තමයි හිටියේ. අපේ විජේකෝනුත් ඒ චමරියටම සෙට් වුනා.

ඒ නිසා ඒ දවස්වල තිබුණු පොඩි පොඩි පාටිවලදී එකට බියර් එකක් වගේ බොන්නත්, නොමිලේ ලැබුණොත් විස්කි බොන්නත් අපි සෙට් වෙනවා.

තවත් කාලයක් යනකොට විජේකෝන් ගේ වයිෆ් ලංකාවේ ඉඳලා ආවා විජේකෝන් එක්ක සති කීපයක් ගතකරලා යන්න.

මේ කාලේ දවසක් අපි කෂ්ටිය කතා වුණා, ඔය කැම්පස් එකේ ඉස්සරහා තියෙන පපා ෂොප් නමින් හැඳින්වුණු පොඩි අයිල කඩේට ගිහින් බියර් එකක් බොන්න.

ඉතිං අපේ එකෙක් විජේකෝන්ටත් කතා කළා, "යමු, අසංක බියර් එකක් බොන්න" කියලා.

විජේකෝන් බැලුවා තම ප්‍රියාදර බිරිඳ දිහා, නිකං, "සොඳුර මට අවසර දෙන්න ප්ලීස්!" වගේ බැල්මකින්.

තත්පර කීපයක් බැරෑරුම් විදියට කල්පනා කරපු විජේකෝන් ගේ බිරිඳ සචී කට ඇරියා.

"හොඳයි, ඔයා අර ඇසයින්මන්ට් කරලා ඉවර නං යන්න පුළුවනි!"

අපි තනිකඩ කොල්ලෝ ටික මං හිතන්නේ බොහොම අමාරුවෙන් තමයි හිනාව නවත්තාගෙන හිටියේ ඒ කතාව ඇහිලා.

"ඕගොල්ලෝ යන්න මචංලා, මං වෙන දවසක සෙට්වෙන්නම්!" විජේකෝන් අසරණ විදියට කීවා.

අන්න, එදා තමයි මට තේරුණේ "යකෝ! බඳින එක කෙසේ වෙතත් බැඳලා ජීවත්වෙන එක නම් ලේසි පාසු වැඩක් නොවේ" කියලා!

-කතන්දරකාරයා


(image: http://www.someecards.com/usercards/viewcard/MjAxMy0xNzJlZTY1MTAwMmRkNzAy)

69 comments:

  1. kaka man 1 passe welawaka meka kiyawala comment ekak dannam :D

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. තනිකඩ කෙසේ වෙතත්, කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්න කොටත් ඔහොම තමයි. කාලෙකට පස්සේ නියම කතන්දරයක්... :D

    ReplyDelete
    Replies
    1. ඇයි මං ගිය සතියේ දාපු මෙන්න මේ කතන්දරේ හොඳ නැද්ද?

      http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

      Delete
  4. ඔය ප්‍රශ්න හිංද තමයි මං ඩිවෝස් උනේ අප්පා....

    ReplyDelete
    Replies
    1. පොස්ටුව තහවුරු කිරීමක් ...

      Delete
    2. ඔව් හිතවතුනි මේ අවස්ථාවේ ලකුනක් සඳහා පැති මාරු කරගන්නවා !! නැවතත් කෙන්ජි කඩුල්ල අභියස. !!

      Delete
  5. ඒකීය අක්කා: විවාහ වෙළඳපොල හැදිලා තියෙන්නෙ සහකාරියක් ගන්න සහ සහකාරියක් නොගන්න සෑම පුද්ගලයෙක්ම වෙතින්. මිනිසුන් ජීවත්වන නිසා සහ විවාහ වන නිසා වෙළඳපොලක් තියෙනවා පමණයි. කකා මල්ලි නරුමවාදය යැයි හඳුන්වන විවාහය පිටු දැකිය හැකි එකම ක්‍රමය කැමැත්තෙන් විවාහ වන අයට විවාහ වීමට හැකි නිදහස් වෙළඳපොලකට ඉඩ දීමයි. හැලප කඩේ මල්ලී මේ ගැන තවත් විස්තර කරනු ඇතැයි හිතනවා...

    හැලප කඩේ මල්ලී: ඔය විවාහය ගැන කියනකොට මට මතක් වුණා හොඳ කතාවක් ඒ කාලෙ මාත් එක්ක වරායෙ වැඩ කරපු මිත්‍රයෙකුට වුණු. ඔය වරාය කියනකොටම වරායෙ බත් එක තමයි මතක් වෙන්නෙ. ඔය වරායෙ බත් එක කොච්චර හොඳද කියනව නම් ඒ දවස් වල කොළඹ හැම තැනම බත් විකුණන්නෙ වරායෙ බත් කියල. කොළඹ කිව්වෙ ඒ කාලෙ කොළඹත් අදට වැඩිය ගොඩක් වෙනස්. ඔය පිට්ටු බම්බුව එහෙම හදන කාලෙ. මං පොඩි කාලේ අපේ ගෙදරත් තිබුණ නියම රියල් පිට්ටු බම්බුවක්. ඔය ඇලුමිනියම් පිට්ටු බම්බු එහෙම නෙවෙයි. .... දැන් මං මොකක් ගැනද කියන්නෙ ගියේ...?

    ප්‍රියන්ත ආතලන්: අපේ උන් වාහනයක් ගන්නවා වගේම තමයි ගෑණු ගැනිල්ලත්, පෙරුම් පුරලා, පෙරුම් පුරලා මඟුල් කාලා ගත්තට පස්සේ.. නෝ මෙන්ටේනන්ස්, දුවනකන් දුවනවා.. අන්තීමට කිව්වා වගේ වාහනේ නියමිත කාලයේදි සර්විස් කලානම් කිසි අවුලක් නෑ.. ඔය ලෙඩ දෙන්නේ හරියට සර්විස් කරන්නේ නැති උනාම.. වාහනෙත් එහෙමයි, නෝනත් එහෙමයි.. ආදරෙන් බලාගන්න ඕන.. වෙන වාහනවල නැගලා ගියාට අවුලක් නෑ.. තමන්ගේ එක නිසියාකාරව නඩත්තු කරනවානම්…

    Anonymous: කොහොමත් කකා වාචාල කමට කියපු දෙයින් කතිකාවතක් ගොඩ නැගීම ගැන සතුටු වෙනව. අක්කගෙත් ලොකු අයියල දෙන්නගෙත් කමෙන්ට් වලින් මම නොදන්න කරුනු රාශියක් දැන ගන්න ලැබුන. දැනගත්ත වුනාට...... එක්කො ඕනෙ නැහැ ... ඔබ සියල්ලන්ටම ස්තුතියි...

    Anonymous: ඇත්ත කියපන් උඹ සයිලන්ට් සහන් කියන එකාගෙ අවතාරෙ නේද.... උගේ කොමෙන්ට් වල ගඳ තමා උඹේ ඒවායිනුත් එන්නේ......

    කකා: මට හිතෙන්නේ කතන්දර බ්ලොග් එක කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමෙන්තුව එකට එකතු කළා වගේ තැනක්! ඒක තමන්ගෙ මානසික රෝග එළියට දාන්න යොදා ගන්න එක හොඳ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඇනෝ,උදේම මාව හිනස්සෙව්වා.

      Delete
    2. ඇනෝ, උඹෙ කමෙන්ට් එක කකාගෙ පෝස්ට් එක නම් ගැටෝ එක සරසන චෙරිගෙඩි මෙනි!!

      Delete
    3. මේ වගේ සුන්දර ඇනෝලා ඉන්නවනම්

      Delete
    4. උඹේ කමෙන්ට් වලට මං කැමතියි !!

      Delete
    5. // ඔය විවාහය ගැන කියනකොට මට මතක් වුණා හොඳ කතාවක් ඒ කාලෙ මාත් එක්ක වරායෙ වැඩ කරපු මිත්‍රයෙකුට වුණු. ඔය වරාය කියනකොටම වරායෙ බත් එක තමයි මතක් වෙන්නෙ. ඔය වරායෙ බත් එක කොච්චර හොඳද කියනව නම් ඒ දවස් වල කොළඹ හැම තැනම බත් විකුණන්නෙ වරායෙ බත් කියල. කොළඹ කිව්වෙ ඒ කාලෙ කොළඹත් අදට වැඩිය ගොඩක් වෙනස්. ඔය පිට්ටු බම්බුව එහෙම හදන කාලෙ. මං පොඩි කාලේ අපේ ගෙදරත් තිබුණ නියම රියල් පිට්ටු බම්බුවක්. ඔය ඇලුමිනියම් පිට්ටු බම්බු එහෙම නෙවෙයි. .... දැන් මං මොකක් ගැනද කියන්නෙ ගියේ...?
      //
      hodama tika

      Delete
    6. තෑන්ක්ස් මෙයා....

      Delete
  6. මට නම් ලබන ආත්මෙ බඳින එකත් එපා උනා. :)
    මේ ආත්මෙ බැඳලා ඉව‍රනෙ. ඒ නිසා කරන්න දෙයක් නෑ. බැඳගත්ත බෙරේ ගහන්නත් එපෑ. :)

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ බැඳලයි..?

      Delete
    2. Please show this comment to your wife Priya. Please !!! Please !!! Please !!!!

      Delete
    3. @ සංචාරකයා ~ ආයෙත් අහලා. පොඩි දුවෙකුත් ඉන්නවා බං.

      @ Anonymous 6 April 2014 14:24 ~ අවුලක් නෑ ඇනෝ පෙන්නුවත් එයා දන්නවා මම ආත්මයක් පාසා ඔතාගෙන පතාගෙන ආපු ලතා එයා බව. ;)

      Delete
    4. ඕ යේස් ..වයිෆ් හෙට කියයි අපි දෙන්න ආයෙ බඳිමු කියලා !!

      Delete
    5. paninna inn rilawata iniman tibba wage

      Delete
    6. ආයෙත් අහලා පත්තරේ ඔතාගෙන පතාගෙන ආපු වයිෆරේ නොවැ. :)

      @ විදානෙ, සිරාවටම. :)

      Delete
  7. ඔහොම තමයි කකා හඳහන් බලල විවාහ වුනහම. "අනේ චුට්ටක් ඉන්නවද, මාත් ලැහැස්තිවෙලා එනකම්" කියන විදිහේ කෙනෙක්ව බැඳ ගත්තා නම් ප්‍රශ්න අඩුයි.!

    ReplyDelete
    Replies
    1. "ඔයා ඉන්න මම ගිහිල්ලා එන්නම්" මොඩ්ල් එක හොඳ නැද්ද?

      Delete
    2. වරදක් නැහැ, හැබැයි මචං මා වැඩිය කැමතියි "නෑ සෝඩා එපා" මොඩල් වලට!

      Delete
    3. +++++++++++++++

      Delete
    4. @raigam & arugeadaviya......
      ආයේ බදිද්දි ඔය වර්ගයට අයිති ඇත්තියක් හොයා ගන්න ඕන අප්පා.....
      හදහන් නොබලා....

      Delete
  8. "කොයි පණද"කියලා අහන්න එපා කිව්වේ ඇයි කකා ?

    ReplyDelete
  9. ඔය වගේ සීන් එකක් වුනා අපේ එකෙකුට. අප්සට් එකේ පොරට කියවුනා " චිකේ අප්පා බැන්දායින් බැන්දේ නැහැ මෙහෙම ගෑනියෙක් " කියලා.

    ReplyDelete
    Replies
    1. අපි එක්ක වැඩකරන යෝදයෙක් ඉන්නවා මිනිහා කියන්නෙ ලෝකෙ ඉන්න කැතම ගෑනී තමයි ඌ බැඳල ඉන්නේ කියලා..

      Delete
  10. බිව්වට කමක් නැහැ. ඩ්‍රයිව් කරන්න පුලුවන් මට්ටමට,

    බිව්වට කමක් නැහැ. මාව පාටි එකේ පැත්ත තනි කරන්නෙ නැතුව.

    බිව්වට කමක් නැහැ ගාණට..

    මේ ටික ඇහුවම බිව්වට කමක් නැහැ කියල හිතෙනවද???

    ReplyDelete
    Replies
    1. නැ.............අර උඹ ඩ්‍රයිව් කරන්න පුලුවන් මට්ටමට බිව්ව ෆොටෝ ටික අප්ලෝඩ් කරන්ඩ හිතෙනවා

      Delete
    2. ඕ යේස් .. අපේ පැත්තෙ කරත්ත කාරයෙක් හිටියා.ඌ නද වෙන්න ගහල කරත්තෙ නිදාගත්තම ගොනා පුරුදු රූට් එකේ ගෙදර එනවා..කරත්ත කාරය නං මලා ..
      ඕන්නං සෑමො ගොනයි කරත්තෙයි තියනවා !!!

      Delete
    3. ගොනා නැති දාල සැමාට කියපන් ..ඕ යේස් කැමැත්තෙන් එයි

      Delete
  11. //බඳින එකත් පණ යන වැඩක් ය කියන එක. හැබැයි ඒ කොයි පණ ද කියලා නම් අහන්න එපා!//

    බැන්දාම වෙන්නෙ කොයි පනත් "පොලිෂ්" වෙන එක නේද ???

    මගෙ පරණ බොසානං තිස්සෙම කියන්නෙ මිනිහෙක්ගෙ කසාදෙ සාර්තක වෙන්න නං හෝම් කමිං එකට අදිද්දි මනමාලයා කොන්ඩෙ පීරන්න ඕනෙ කන්නාඩිය දිහා බලාගෙන "නෙමෙයි" කියල.

    ReplyDelete
    Replies
    1. උඹගේ හෙයාර් ඉස්ටයිල් එක්ක දැක්කම් ඒක තේරෙනවා..

      Delete
  12. කතාව ඇත්තද කියලා බලන්න ඉතින් කසාද බැඳලාම බලන්න ඕනා.... දෙන්නකෝ ටික වෙලාවක් හරියටම කියන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්එක් ....පව් අප්ප ...තනිකඩය... අර එක් දරු නංග ව බැන්දනම් අහවර නේ...

      Delete
  13. බඳින්නෙම නෑ..! :D

    ReplyDelete
  14. කසාද බඳින එක අමු සියඹලා කනවා වගේ කියනවනේ.
    කන එකාගේ දත් හිරිවැටෙනවා බලා ඉන්න එවුන්ගේ කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. ඉදුණු සියඹලා කැවොත් මොන වගෙද දන්නෙ නෑනේ

      Delete
  15. mage lap eka Down...
    Allapu gedara ekata Sinhala be

    ReplyDelete
  16. ඔය කසාද මල කරදර තමා කොහොමත්

    ReplyDelete
    Replies
    1. කීපාරක් බැන්දට පස්සෙද බන් ඒ බව තේරුනේ..

      Delete
  17. සුබ අනාගතයක්...

    ReplyDelete
  18. අපිට නම් ඉතින් දැන්ම ඕවා තේරෙන්නේ නෑ..

    ReplyDelete
  19. මෙවා කසාද නෙවෙයි ඊට කලින් ඉදලම වෙන දෙවල් කකා,වැඩෙ තියෙන්නෙ සමහර දෙවල් තෙරෙන්නෙ පරක්කු වෙලා ..ඒ මොනවද කියලා අහන්න එපා . :))

    ReplyDelete
  20. ලව් කරන කාලෙ හුරතලේට පේන දේවල්වල බරපතලකම තේරෙන්නෙ කසාද බැන්දට පස්සෙනෙ මෙයා... :D

    ReplyDelete
  21. අනේ අසරණයා! හැබැයි බැන්ද නිසා තමා මුන් මෙහෙමවත් ජීවත් වෙන්නෙ. නැත්නම් ඉතින් පැණි හැලියට වැටුණු ඇඹලයාට වගේ තමා වෙන්නෙ.

    ReplyDelete
  22. ඉතින් අනේ ඕකට සොඳුරගෙන් අවසර ගන්ට ඕනිද? :D

    බැන්දට පස්සේ අසරණ කොල්ලෝ නෙමේ මෝඩ වෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඊෂ්...වැරදුණා...'අසරණ කොල්ලෝ මෝඩවෙනවා වගේ'...:)

      Delete
    2. @PK
      මෝඩ බදින්න ඉස්සෙල්ල
      පස්සෙ මෝඩ කම නෑතිවෙනව හෑබෑයි too late

      Delete
  23. ///පලමුව මව්බිම දෙවනුව බ්ලොග් එක////

    වයිෆ් කීවෙනියටද?

    ReplyDelete
    Replies
    1. 0 , කකා මැසි මදුරුවෙක් හින්ද කවුන්ටින්ග් පටන්ගන්නේ 0 ඉඳන් ...

      Delete
  24. නොබැඳි කොල්ලන්ට අවවාදයයි

    බැන්දත් නොබැන්දා වගේ ඉන්න පුළුවන් නම් බැන්දාට කමක් නැත.

    ReplyDelete
  25. ඒ උනාට හරියන්න හරි , වරදින්න හරි බඳින්න ඕනෙ කියල කතාවකුත් තියනවනේ :)

    ReplyDelete
  26. කසාද බඳින්න කලින් මුලින්ම බලන්න ඕන දේ තමයි. තමන් කැමති ඒවට අකමැති කෙනෙක්ද කියන් දේ. අපේ ක්‍රියාකරකම් වැඩි පිරිසකට අකමැති නම්, පරපුරක් බිහි කරනවට වඩා හොඳා කාණු දිගේ යවන එක. නැත්නම් සරම කසාඳ බැඳ ගන්න එක.

    ReplyDelete
    Replies
    1. මං ෆ්ලැට් වෙන්ඩ ගහලා ආවම අපේ ගෑනි හැමදාම මං ඉස්සරහ දණ ගහනවා !!
      ඕ.යේස් !!
      දණ ගහල කියනවා ඇද යටිං තමුසේ එලියට එනවා ගහන්නෙ නෑ කියලා..

      ( අපි නොදන්න ලයිව් චූටි මල්ලිගෙ කතාවක් ඕක )

      Delete
    2. පට්ට කෑල්ල මචං... කිව්වමයි මතක් උනේ...

      Delete
  27. පරණ බයිලාවක් , නමුත් හොඳ අවවාදයක්:

    මයිකල් ඉසබෙල් බැඳලා හරි ට්‍රබල්
    නෝ මෝ ෆ්‍රිඩම්,පෙට්කෝඑ ගවමන්ට්
    ෂටප් ඩොන්කි, අයි විල් හිට් යු හිරමණෙන්
    කියනව ඉසබෙල්, ඔන්න ගැහෙනව මයිකල්

    මං කැමතිම කෑල්ල ...

    පෙර බවයක උඹ ගැරඬියෙක් මැරුවද
    කරුමෙට ගෑණු අපායේම වැ‍ටුනද
    ඉසබෙල් බැන්දේ ලව් කරලම නේද
    මයිකල් උඹ ජූඩො දන්නෙම නැහ්ද :)

    ReplyDelete
  28. තම්බියා16 April 2014 at 10:51

    ගෑනිව එපා නම් මට දීපන්... මම බුර්කාවක් අන්දලා තියාගන්නම්....

    ReplyDelete
  29. අපිට මේවා හොඳ පාඩම් :D

    ReplyDelete
  30. totally disagree..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.