මං මේ කියන්න යන්නේ හතරේ පන්තියේ සිංහල පොතේ තිබුණු යසලාලක තිස්ස රජා සහ ගේට් මුඩ්ලියර් සුභ ගේ කතාව නෙමේ.
මේක දශක ගණනාවකට කලින් සයිමන් නවගත්තේගම ලියා නිෂ්පාදනය කළ අද ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ නව නිෂ්පාදනයක් ලෙසින් රඟ දැක්වෙන මං 2010 දී නැරඹූ සුභ සහ යස වේදිකා නාට්‍යයේ එන කතාවේ මගේ වර්ෂන් එකකුයි.
යසලාලක තිස්ස රජ සැප විඳිමින් (ඒ කියන්නේ බ්ල්ක් ලේබල් ජොනී වෝකර්, ෂිවාස් රීගල් වගේ ඒවායෙන් අනුමත වෙමින්) ඉන්න කාලේ ගමේ පොරක් ඇවිත් මාලිගාවේ සෙකුරිටි වැඩකට සෙට් වෙනවා. පොර ගේ නම සුභ. වැඩේ කියන්නේ සුභ හැඩරුවෙන් යස වගේමයි, කෂ්ටිය රුවටෙන තරමටම.
යස රජා මුලින් හිතන්නේ පොර ගේ තාත්තා ඔය පසල් දනව්වල සැරිසරන කොට පොඩ්ඩක් ආස්සරේ කරපු කොන්කුබයින් කෙනෙක් ගේ පුතෙක් ය සුභ කියන්නේ කියලා.
හැබැයි සුභ කියන්නේ ඊට වෙනස් කතාවක්. සුභ ගේ තාත්තා කොල්ල කාලේ රජ මාලිගාවේ වැඩ කළා ලු!
මේ කතාබහෙන් පස්සේ සුභ සහ යස දෙන්නා හොඳටම පෑල් වෙනවා. කොටින්ම පොඩි චේන්ජ් එකකට වගේ ඇඳුම් මාරු කරගෙන සුභ රජ්ජුරුවන් ගේ පාට් එකත්, යස සෙක්කා ගේ පාට් එකත් ඇක්ට් කරනවා.
මෙහෙම වෙලාවකදී පොඩි ටැපලීමක් වගේ එකක් වෙලා යස ලාලක තිස්ස මිය ගියාම සුභ ලාලක තිස්ස කාරයා ඉබේම රජ වෙනවා!
යසලාලකයා රජකමේ ඉන්න කාලේ පොර ගෙනිච්චේ දුර්දාන්ත පාලනයක්. රට වැසියෝ බදු බරින් මිරිකිලා දුක් විඳිමින් හිටියේ. ඇත්තටම කියනවා නම් රටේ කැරැල්ලකුත් තිබුණා. සයිමන් නවගත්තේගම ගේ කතාවේ හැටියට මේ කැරුල්ලේ නායකයා තමයි සුභ. බදුබර අඩු කරගන්න එක තමයි කැරැල්ලේ එක අරමුණක්!
ඔන්න ඉතිං අළුත් රජා සුභ ලාලක තිස්ස වැඩට බැස්සා. පොරට මුලින්ම ඕනෑ වුණා ජල බදු අයින් කරලා ගොවියෝ දරිද්‍රතාවෙන් මුදවා ගන්න.
අපි කවුරුත් දන්නවා වාගේ විපක්‍ෂයේ ඉන්න කොට රට කරවන එක කජු කනවා වගේ වැඩක් නේ! රජකම ලැබුණාම තමයි ඒකේ රඟේ තේරෙන්නේ.
ඉතිං ඒකම තමයි සුභ ලාලක තිස්සටත් වුණේ!
ජල බදු අහෝසි කිරීම කළ යුතු ආකාරය ගැන අමාත්‍ය මණ්ඩලය උපදෙස් දුන්නේ මෙහෙමයි.
- අය බදු අයකරන්නේ රාජ්‍ය සේවය සැපයීමටයි.
- එක් එක් වැවේ, ජලාශයේ, ඇලේ, ඇනිකට් එකේ බද්දෙන් යැපෙන පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා තියෙනවා. මේ ආයතනවලට ඒ ආදායම ලැබිය යුතුයි කියලා තඹපත්, තුඩපත්, සන්නස්, ආඥාවලින් ගැසට් කරලයි තියෙන්නේ.
- මුලින්ම මේ ඩේටාබේස් එක ඇනලයිස් කරලා ඒ ආදායම් බෙදීයන විදිය ගැන රිපෝට් එකක් ගන්න ඕනෑ. මේ වැඩේට අවුරුදු ගාණක් යනවා.
- අය බදු අහෝසි කළාම මේ පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා ආයතනවලට ඔපරෙටින් ග්‍රාන්ට්ස් නැතිවෙලා ගිහින් ඒවා පවත්වාගෙන යන්න, වැඩකරන අයට පඩි ගෙවන්න, සේවා සපයන්න, නඩත්තු කරන්න බැරිවෙලා මේවා වහලා දාන්න වෙනවා. මේ තත්වය වලක්වා ගන්න නම් ඒ ආයතනවලට විකල්ප ආදායම් මාර්ග සැකසිය යුතුයි.
- ඒ කටයුතු සොයා බලා, සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගණනාවක් යනවා.
- ඔන්න ඕකයි තත්වය.
මේ කතාවෙන් අපට උගත හැකි පාඩම් බොහෝයි.
- අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන එන දේවල් පටස් ගාලා වෙනස් කරන්න බැහැ.
- වෙනසක් කරන්න කලින් පවතින ක්‍රමයේ සියළු මුහුණත් හොඳින් අධ්‍යනය කරලා කරන්න පුළුවන් වෙනස් කම් තීරණය කළ යුතුයි.
- අදාල සියළු පාර්ශවයන් ගේ අදහස් සොයා බැලිය යුතුයි. ඒ සෑම අදහසක්ම නිසි ලෙස සැලකිල්ලට ගත යුතුයි.
- යෝජිත නව ක්‍රියා පටිපාටිය ක්‍ර්‍රියාත්මක කිරීම සඳහාත් සැලසුමක් පිළියෙල කළ යුතුයි.
- මේ සියල්ලටම අවුරුදු ගණනාවක් ගත වෙන්නට ඉඩ තියෙනවා. නමුත් සියළු පාර්ශවයන් ගේ මත සලකන්නේ නැතුව ඉක්මනින් කොරන්නට ගියාම වෙනවා වගේ යෝජිත වෙනස ලත් තැනම ලොප් වීමට ඇති ඉඩකඩනම් ඉතා අඩු බව කියන්න පුළුවනි!
-කතන්දරකාරයා
ප/ලි:
මගේ හිතවත් කැනේඩියානු පීඑච්ඩී ඇනෝවා දැන් හිතනවා ඇති, සුභ ලාලක තිස්ස කියලා රජෙක් ලංකාවේ ඉඳලා නෑ, කතන්දරකාරයාට මෙදා පොටෙත් වැරදිලා කියලා!
(image: http://www.lankaenews.com/English/news.php?id=4790)
ඕන් වෙනස් වෙන්න මාසයක්ම දීලා. පෙට්ටි ඕන නැති එළව්ළු ප්‍රමාණායත් වැඩි කරලා. ඒ කියන්නේ මේක අධ්‍යයනයක් නොකර කළබලේ කළ දෙයක් බව පැහැදිලිවම පෙනවා. ජොනී කවුද කියල නියමෙට කිව්වා පචවංශගේ පක්ශේ ලේකම් මිස්ට බෝල් හෙඩ්...
ReplyDeleteඒ කාලේ ගැහැනුන් එහෙමත් පාලනයට සම්බන්ධ උනාලුද?
ReplyDeleteමම ඇහුවේ සුභ-යස කාලේ....:D
අර කවුද කියල තියෙන්නෙ 'බලේ තියෙනකොට මොළේ නෑ...මොළේ තියෙනකොට බලේ නෑ' කියලා, ඕක හින්දා වෙන්නැති....
ReplyDeleteමට හිතුනා හැරෙනකොට පොල් පැලේ කන්ඩ තමා සුජානම කියල..ඇත්ත ඇත්ත..ඔය පේට්ටි වැටේ පුස්සක් නොවැ...
ReplyDeleteහැබැ ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල...ආ...වැරදුනා.. ටිකෙන් ටික..හෙමින්..හෙමින්..පොඩ්ඩ..පොඩ්ඩ..ගොඩ දාගත්තොත්..පාරිබොගිකයත් ගොඩ...ගොවියත් ගොඩ...( හැබැ මොනා උනත් හැමදාම ගොඩ යන්නේ...නම් කඩ කාරයො..නැද්ද මං අහන්නේ...)
කතන්දර,
ReplyDeleteමෙතන වැරැද්ද ආණ්ඩුවට අපේ හැම අවයවයක්ම ආණ්ඩු කරන්ඩ ඉඩ දීලා තිබීමයි කියලත් හිතෙනවා.
මේ ගෝනි කූඩ මාරුවෙන් යම් තරමක ලාභයක් ආදායම් වැඩි වීමක් තියෙනවා නම් ඇයි මේ වෙළඳාම චිරාත් කාලයක් කරන අයම ඒ වෙනස නොකරන්නෙ?
කවුද දන්නෙ නෑ නේද ඔය ප්ලාස්ටික් කූඩ සප්ලයි කරන්නෙ?
-ලොකු
ඔන්න පටන් ගන්නවනම් කාටහරි ප්ලාස්ටික් කූඩ බිස්නස් එක ...
ReplyDeleteඔය සුභ සහ යස කතාව මහා වංශයේ එන්නේ metaphor එකක් විදියට බවයි, සමහර උගතුන්ගේ මතය. පැරණි යුගයේ ලංකාවේ සිංහාසනේට කණ්ඩායම් දෙකක් අතර තරගයක් තිබුණා. එකක් මෞර්ය වංශිකයින්. අනෙක ලම්බකර්ණ වංශිකයින්. මෞර්ය වංශිකයින් කියන්නෙ බොහෝවිට බටහිර දෙසින් ඇතුළු වුණු පිරිසෙන් පැවත එන්නන්. ලම්බකර්ණ වංශිකයන් කියන්නෙ නැගෙනහිර දිසාවෙන් මහවැලි ගඟ දිගේ ඇවිත් ගොඩ බැහැපු අයගෙන් පැවත එන්නන්. සම්ප්‍රදායිකව කිරුළ උරුමව තිබුනේ මෞර්ය වංශිකයින්ට. මේ කිරුළ පළමු වතාවට ලම්භකර්ණ වංශිකයින්ට හිමි වන්නේ සුභ රජුගෙන්. මේ නිසා එය ඓතිහාසික කැරැල්ලක ප්‍රතිඵලයක් විය හැකියි. මහා විහාරය කොහොමටත් මෞර්ය bias එකක් තිබුණ නිසා සත්‍ය සිද්ධිය යටපත් කොට බොරු කතාවක් ගෙතුවා වෙන්නත් පුළුවන්.
ReplyDeleteඇත්ත, සුභලාලක ගේ ප්‍රශ්නය,ප්ලාස්ටික් කූඩ ප්‍රශ්නය වගේම අපේ රටේ හැම ප්‍රශ්නයකටමත් ක්ෂණික විසඳුම් දෙන්නබෑ.ඒවා ජනතාව අතර සාකච්චා කරල හැමෝටම (බැරිනම් වැඩි දෙනාට )සාධාරණයක් වෙන විසඳුම් සාධාරණ කාලයක් ගතකරලයි ඉදිරිපත් කරන්න ඕන.
ReplyDelete(කතන්දර බ්ලොගය හුදෙක් කතන්දර බ්ලොගයක් ම නොව ඒ තුල දේශපාලනය ද ඇති බවට හොදම සාක්ශියක් මේ ලිපිය හා මීට පෙර ලිපිය)
@පළමු ඇනෝ, මට මතක හැටියට "සුභ සහ යස" නාට්‍ය පොතක් විදියට පල කරපු වෙලාවෙ ඔය ගැන ප්‍රස්තාවනාවේ තිබුණා.ඒකෙ හැටියට සුභ කියන්නේ නිකන් ම නිකං මුරකාරයෙක් නෙවෙයි.මාළිඟාවේ ආරක්ෂාව සම්බන්ධ සැලකිවයුතු තනතුරක් දැරූවෙක්(නිලධාරියෙක්).
ReplyDelete"මගේ හිතවත් කැනේඩියානු පීඑච්ඩී ඇනෝවා දැන් හිතනවා ඇති, සුභ ලාලක තිස්ස කියලා රජෙක් ලංකාවේ ඉඳලා නෑ, කතන්දරකාරයාට මෙදා පොටෙත් වැරදිලා කියලා!"
ReplyDeleteOh thank you for dedicating this to me...did I hit a nerve....ooops
ඇනෝගේ විග්‍රහය මගේ දැණීමේ හැටියටත් හරි. මම හිතන්නේත් මේ කථාව මහා විහාර කට්ටිය විකෘති කලා කියලා තමයි.
ReplyDeleteපෙට්ටි වැඩේට කල් දීල. නියමයි දැන් බලමුකො මාසෙකින්....
කූඩ ගැන තවම කතාවෙන නිසා මම මේදැන් දැනගත්ත ගනං ටිකක් කියන්නම්.
ReplyDeleteකූඩයක මිල = 1600 (දැනටමත් දන්නවඇති)
කූඩයක දැමියහැකි එලවළු ප්‍රමාණය = ගෝනි 1/2කට මදක් අඩු
එලවළු කූඩයක් කොළඹට ප්‍රවාහනය කිරීමට වාහනයකින් අයකරන ගාස්තුව =රු.170-180 පමණ
එලවළු ගෝණියක් කොළඹට ප්‍රවාහනය කිරීමට වාහනයකින් අයකරන ගාස්තුව =රු.120-130 පමණ.
ලොරියක පැටවියහැකි කූඩ ප්‍රමාණය = 120
ඒ ඇතිනේ!
This comment has been removed by the author.
ReplyDeleteevery body do not speak about the drama ? y is it a production of .... ? LOL
ReplyDeleteසමහර දේවල් තීනව නාස්තිය නවතන්න ගේන විසඳුම් වල වියදම නාස්තියෙන් වෙන හානියට වැඩියි. එහෙම වෙලාවට නාස්තිය වෙන්න දීල ඉන්න එක ලාභයි. උදා: ලංකාවෙ දිස්ත්‍රික්කයක් තරම වෙන බහරේන් වගෙම ලංකාව වගේ කීප ගුණයක් තරම් වෙන ඔස්ට්‍රේලියාවෙත් ලෝකෙ තව රටවල් ගනනකත් වරායෙ සිට හෝ කම්හලක සිට අදාල ප්‍රදර්ශනාගාරයට වාහන ගෙනයන්නෙ ඒ සඳහාම වූ ට්‍රේලර් රථයකයි. ඒත් ලංකාවෙ එහෙම නොවෙන්නෙ ඒ ට්‍රේලර් රථයට වියදම් කරන මිලියන් ගානෙන් ඩ්‍රයිවර්ල දහයකට අවුරුදු දහයක් පඩිත් ගෙවල තව ගානක් ඉතුරුවෙන නිසා සහ එවන් රථයක් අපේ පාරවල් වල හැන්ඩ්ල් කිරීමේ අපහසුව නිසා. ඒ නිසා විසඳුම් හොයනවනම් එව්ව ඒ ඒ බනිස් වලට ගැලපෙන විදියෙ එව්ව නොවී කොහෙවත් රටක කල පලියට කොරන එක තමයි ලොකුම ගොං කම.
ReplyDeleteඔය සිද්ධියට රාජ් පට්ට කොමෙන්ට් එකක් දාලා තිබ්බා මාතලංගේ පොස්ට් එකේද කොහෙද... අන්තිමට මේ ඔක්කොම නිකං ටි‍්‍රක් එකක් විතරයි මට පේන්නෙ... ක‍්‍රකට් ගහනවට වඩා කරන්න දේකුත් එපාය කස්ටියට...
ReplyDeleteඔය මාසයයි කිව්වට ඕක මාසයෙන් නවතින්නේ නෑ. ලබන මාසේ වෙනකොට පෙට්ටි හුටස්පරය forget file එකට යනවා. තව අලුත් හුටස්පරයක් සීන් එකට එනවා.ඔන්න එතකොට තව ඉලෙක්ෂන් එකක් එනවා. අන්තිමට පෙට්ටිත් නෑ... ජොනීත් නෑ...
ReplyDeleteඅනික ඔය වැඩේට ප්ලාස්ටික් පෙට්ටිම ඕනෙද???
මට තියෙන ප්‍රශ්නෙත් ඇයි ඉස්සර වගේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කූඩයක් පාවිච්චියට ගන්න නීති දාන්න බැරි ඇයි ?
ReplyDeleteඑතකොට ඒ අදායමත් කුඩා කර්මාන්ත කරුවටනේ.කාලයට ඉඩ දී බලා සිටීමට තමයි මහජනයාට සිදු වී ඇත්තේ.
කතන්දර බොක්කෙංම වැඩ. හොඳා හොඳා
ReplyDelete(ට්‍රැෆික්)
ReplyDeleteෂොපින් බෑග් සහ මයික්‍රන් 20ට අඩු ලන්ච් ෂීට් තහනම දැන් කෝ?
ඇත්ත නේන්නං, ප්ලාස්ටික කූඩ වලට වඩා පරිසර හිතකාමී බට පොතු කූඩ වාගෙ දෙයක් (හැබැයි හතරැස්) සොයා ගන්න බැරි වෙයිද? ඩිස්පෝසබල් සිස්ටම් එකක් නම් තවත් හොඳයි. ඒ වුනාට මාසෙන් කොරන්ඩ බෑ.
(මාසයේ සහන කාලය තව ටික ටික දික් කරයි සමහරවිට.)
මම දැක්ක පෝස්ට් එකක් ප්‍රශ්නය ඇති එක්කෙනාටම උත්තරය හොයාගන්න ඉඩදෙන්න කියල,http://arunishapiro.wordpress.com/ ඒ අනුව ගෝනි වලින් ප්‍රවාහනය කිරීම නිසා ගැටළුවක් ඇති වන අය උත්තර හොයා ගත යුතුයි.
ජාතික සම්පත් නාස්ති වෙනකොට ගැටළුව ඇති වෙන්නෙ ජාතියට නිසා, ජාතිය භාරව ඉන්න ආණ්ඩුවට සිද්ධ වෙනව උත්තරයක් හොයන්න.
කවද හරි දවසක ගෝනි වෙනුවට පෙට්ටි ආදේශ වීම නම් විය යුතුමයි.
පෙට්ටි ගැන විතරක් නෙවෙයි, පෙට්ටි කැඩීම, ඒ හා ආශ්‍රිත සංස්කෘතික විකාර පිලිබඳවත් අදාල කාලයේදි ලියනු ඇතැයි සිතමි.
ReplyDeleteමම දෑක්ක එකෙක් ලොරිය උඩ නෑගගෙන පෙට්ටි කඩනවා....
ReplyDeleteපෙට්ටි රෙන්ට් කරනව, සතියකට 50/=....
රටට බොක්කෙන්ම හොඳ කරනවා, රට සුරංගනා ලොවක් කරනවා කියලා මහ පොලව අල්ලලා දිවුරලා ආවත් මේ වගේ රටක් කොරනවා කියන්නේ ලේසි වැඩක්ද ? අන්තිමේට රජාට තේරෙනවා කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි කියලා .
ReplyDeleteදොරටු පාලු රජාට අලුත් වෙනසට හැඩ ගැහෙන්න සෑහෙන්න බොන්න වෙන්න ඇති ..ඒකාලේ මතට තිත නෑ නේ ..
පෙට්ටි ප්‍රශ්නෙ තනිකර ප්‍රෝඩාවක්ද දන්නෙත් නෑ, එලෝලු ඇරෙන්න වෙන මොනවත් ගණන් වැඩි කොරලද, එහෙමත් නැත්තන් ලොකු බද්දක් එහෙම පනෝලද පොඩ්ඩක් හොයල බැලුව නං.
ReplyDeleteඔය එළවලු පෙට්ටි සීන් එක දාලා තියෙන්නේ ගෙදර එලවලු වවලා ඒකෙන් කෑමට ගන්න රටේ ජනතාව පොළබවන්නලු...... අපේ අයිය නං කිව්වේ කඩෙං බොන කිරි වීදුරුවට මොකෑ ගෙදර හරක් හදන්නේ කියලා ....
ReplyDeleteදාසිය....
ReplyDeleteමධු බඳුනක් දෙව.....
- සනාත
@පළමු ඇනෝ,
ReplyDeleteලංකාවේ මුල් රාජධානි දෙක තුළම රාජ වංශ 2 ක් සිහසුන සඳහා අරගල කරන බව පෙනෙනවා. අනුරාධපුර යුගය තුළ මෞර්ය, ලම්භකර්ණ වංශත් පොළොන්නරු යුගය තුළ පාණ්ඩ්‍ය, කාලිංග වංශත් වශයෙන්.
මෞර්ය කියලා වංශයක් ආරම්භ වෙන්නේ මුටසීවගේ පුත් තිස්ස ඉන්දියාවේ මෞර්ය වංශික අශෝකගේ අභිෂේකය අනුගමනය කරමින් අභිෂේකයක් කරලා දෙවන පෑතිස් කියන නම යොදාගත්තාට පස්සේ. දෙවන පෑතිස්ගෙන් ඇරඹෙන මෞර්ය වංශය මුල් වරට කෙළවර වෙන්නේ යසළාලක තිස්සගෙන්.
ලම්භකර්ණ [එල්ලෙන කන් පෙති ඇත යන්න එහි තේරුමයි] වංශිකයන් ලංකාවට පැමිණෙන්නේ අශෝක රජතුමා සඟමිත් මෙහෙණිය ලවා ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමත් එක්ක. ශ්‍රී මහා බෝධිය ආරක්ෂාවට පැමිනෙන කුමාරවරු ලම්භකර්ණ වංශිකයන්.
ක්‍රමයෙන් රජ වාසළ ඉහල තනතුරුවලට පත්වෙන ලම්භකර්ණයන්ගේ නැඟීම බලවත් වෙන්නේ ඉළනාග රජ දවසේ. කොහොම නමුත් ඒක යටපත් කරන්න ඉළනාග කටයුතු කරනවා
සුභ ගැන කතා කරද්දී එයා යසළාලක තිස්සගේම පුතෙක් කියලා මතයකුත් තියෙනවා. ඒ වගේම පළමු ලම්භකර්ණ වංශික රජු විදිහට පිළිගැනෙන වසභගේ පුත් වංකනාසිකතිස්සගේ බිසව වුණු මහාමත්තා සුභ රජුගේ දියණියක් නිසා සුභත් ලම්භකර්ණයෙක් කියලා මතයක් තියෙනවා
බාගයක් කියවද්දි ම තේරුනා මේ වැඩෙත් පෙට්ටි කේස් එක වගේ තමා කියලා
ReplyDeleteඅද කතන්දරේත් යන්තං තේරිලා තියෙන්නේ එකෙක්ට විතරයි.....
ReplyDeleteජයවේවා කරන්දර!!!!!
කකා පෙට්ටිය බිමිං තියන්නෙම නෑ වගේ . . . .
ReplyDeleteසුභ ට පසුව එන වසභ [බදු අයින් කිරීම කෙසේ වෙතත්] රටේ වාරි කර්මාන්තය තවත් මට්ටමකින් ඉහල දමා රටේ සෞභාග්‍යයට එයින් ලොකු දායකත්වයක් දුන්නා. ලංකාවේ "මහා වැව්" පටන් ගන්නේ වසභ යුගයෙන්.
ReplyDeleteඉතින් මේ කතන්දර කියන්නේ ඊළඟ වෙළඳ ඇමති එළවලු වලින් රට සුඛිත මුදිත කරන බවයි.
"මගේ හිතවත් කැනේඩියානු පීඑච්ඩී ඇනෝවා දැන් හිතනවා ඇති, සුභ ලාලක තිස්ස කියලා රජෙක් ලංකාවේ ඉඳලා නෑ, කතන්දරකාරයාට මෙදා පොටෙත් වැරදිලා කියලා!"
ReplyDeleteWhen did you ever go wrong? Even Loard Buddha or God were wrong you never!
By the way when you order a book next time from Sri Lanka, ask for Kulasena Fonseka's "Ransirige Wickramaya" ;-)