ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 23 December 2011
අනිච්ඡාවත සංඛාරා! - A pre-defined ending
මේක බණ කතාවක් නෙමේ. අර අපි කවුරු කවුරුත් දන්න උලව් ලව් මල ඉලව් ගැන කයි-කතන්දරයක්!
අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නෑනේ, අනියත බව කියවෙන අනිච්ඡාවත සංඛාරා ගාථාව අපිට මතක්වෙන්නේ මෙලොව පවතින දෙයක් නැත්තටම නැතිවෙලා ගියාමයි. විශේෂයෙන්ම මරණ.
ඇතිවීම නැතිවීම සහ අනිත්‍යය ගැන කියනවා නම් මිනිස් සත්ව ජීවිත වගේම තවත් මේ ලෝක ධර්මයට අනුකූලව පවතින දෙයක් තමයි ආදර සම්බන්ධතා ඒ කියන්නේ ලව් සීන්.
ඕවාත් ඇතිවෙනවා, නැතිවෙනවා. ඒ තමා සාමාන්‍ය තත්වය. නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!
ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.
මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු කවියක්.
අනිවාර්ය අවසානය
පැතුවාද සිත එක් දිනක
එක් වී සැමදා සිටින්නට
වැට්කොල් මලක ඇමිණි
නිල් කට්රොල් මලක් සේ?
හැඬුවාද සිත එක් දිනක
නොහැකිව තවත් ඉවසන්නට
සෙනෙහසේ පුෂ්පයන් පරවී
ලොව රුදුරු කතරක් වූ පසු?
පැතුවාද සිත එක් දිනක
එකම එක පැතුමක්
අනිත්‍ය ලොව එකම සැනසුම
ආදරයේ සුව දැනුනු දින?
හැඬුවාද හද එක් දිනක
පැතුම් සුන් වී ගොසින්
සුසුම් හිමිවුණු පසුව
කඳුළු දායාද කොට?
මේ කවියත් මුලින් ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පල කරලා (හරිම ලේසියි ඒ වැඩේ. මොකද, මං තමයි ඒ දවස්වල කලා කවයේ සංස්කාරක!) පස්සේ මගේ පස්වෙනි කාව්‍ය නිර්මාණ එකතුව වන "හන්තානේ කඳු පාමුල" පොතට ඇතුලත් කළා (ඒකත් හරිම ලේසි වැඩක්, මොකද ඔය පොත් සේරම පළ කළේ හස්තද්වාරයෙන් මිස මුද්‍රණද්වාරයෙන් නෙමෙයි!).
-කතන්දරකාරයා
ප/ලි:
අද බලන කොට තමයි තේරුනේ මේ කවියේ ප්‍රශ්ණාවලියක් මිස ඒ එකකටවත් විසඳුමක් නම් නැති බව! හරිම යතාර්ථවාදී නේද?
(image: http://psychcentral.com/blog/archives/2011/02/18/10-tips-to-mend-a-broken-heart/)
Labels:
කයි-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
අනිච්චාවත සංඛාරා.........අප්පමාදො අමත පදං..මච්චුනො..හුටා..වැරදි දෙයක් කියවුනාද මන්දා
ReplyDeleteආයෙමත් කයියට බැහැල වගේ....
ReplyDeleteඅයියෝ මල ඉලව්වක්ම තමයි. ආයිත් කයි කතන්දර.
ReplyDeleteකතාගේ රස කතා වලට
අනිච්චා වත සංඛාරා..
කතාවන් වර ධම්මිකෝ...
Trafic Ano
ReplyDelete//බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!
ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.
මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු කවියක්//
කවුරුවත් වැරදියට හිතන්න එපා.
ලව් එක කැඩුන සමහරු කවි ලිව්වට කවි ලියන හැමෝම ලව් එක කැඩිච්ච අය නෙවෙයි ඕං.
කකා, ඔබතුමාගේ නොම්බරේ 4318 ද?
ReplyDeleteමේක බ්‍රහ්ම කෙලියක්නෙ . . . දැං ආයෙත් කවි ලියන්න පටංගත්තද මෙතන ?????
ReplyDelete@ Kannangara
ReplyDeleteතොතේරේ.
මේ කියන්නේ මොන නොම්බරේ ගැනද?
මම හිතුවේ කවි වලට තිත තිබ්බා කියලා...ඊළඟ සැප්තැම්බර් වෙනකම්....
ReplyDeleteමේ සංසාරේ නිත්‍ය එකම දේ අනිත්‍යයයි...
ReplyDeletehari shoak kathandara ayeth kawi pala karala.hmmmmmmmmmm yatharthawadiyi wageyi :)
ReplyDeleteහංගන්න හැදුවට වැඩක් නෑ...නොම්මරේ දන්නෙ නැත්තං අනුමානෙට හරි හිතන කට්ටිය ඉන්නව වගේ....
ReplyDeleteප.ලි.
//කතන්දරකාරයා said
කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?//
[ කවි බ්ලොග් අයිති කාරයො ඉන්නවනෙ, ඊමේල් වලින් කවි ලියන, ඒ වගේම සොඳුරු හිතෙන් කවි ලියන අය එහෙම.. මං නං මේ පැත්තට එන්නෙම කතන්දර අහන්න :-D ]
කතන්දර නම් කතන්දර කවි නම් කවි කවි කතන්දර දෙකම නම් අනෙ මන්දා ...
ReplyDeleteඅහේ ඛේදයකි!
ReplyDelete~~~**~~~~
(ඉරකි...තිතකි...මල් වැලකි.....)
සිගිරි කුරුටු ගී මතක් වෙනවා පළවෙනි කවියෙ.... කොප්පක් ගැහුවා නේ...
ReplyDeleteකමක් නෑ කයියකින් කියවෙන දේත් විඳලා බලන්න උත්සහ කරමු .. මම වැඩිය ආස කතන්දර කියවන්න වුණාට . කවි වලට දක්‍ෂයෙක් වෙච්ච ඔබේ කවි සෙට් එකකින් එකක් වුණත් කියවන්න අකමැති නෑ ..
ReplyDeleteකකා පොත් ලියලා තියනවා කීවාම ඒවා හොයාගෙන කියවන්න අසා හිතුනත් මෙහේ ඔවුවා ගන්න තියේවිද ?
//නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!//
ReplyDeleteහී හී ....
//ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.//
ඉතින් කතන්දරත් කවි ලියන්නේ ඒ හන්දද? :)))
"වැට්කොල් මලක ඇමිණි
ReplyDeleteනිල් කට්රොල් මලක් සේ?"
මේ පාට දෙකක දෙන්නෙක්ගෙ ලව් එකක්ද? :D
මල - ඉ - ලව් වෙන්නෙ ඒකට මලක් සම්බන්ධ වෙන හින්ද වෙන්න ඇති.
ReplyDeleteමම ඇහැව්වෙ වාහනේ නොම්බරේ ගැන.G-TOURING වගේ තමයි මතක.
ReplyDeleteවිරහ ගී ලියන සියල්ලෝම
ReplyDeleteවිරහ කවි ලියන සියල්ලෝම
විරහවෙන් පෙලෙන්නන් නොවේය.
හස්තද්වාරයෙන් පිටකලේ හස්තෝපක්‍රම භාවිතා කරලද??
ReplyDelete- සනාත
anichchawatha sankara ma thami
ReplyDeleteහප්පා... හුග දාසකින් මේ පැත්තෙ ආවෙ... :D ආපු ගමන් හොටු එන පුරස්නයක්.. ;)
ReplyDelete@ Raj
ReplyDeleteමානිවත්ත අභික්ඛම!
@ Observer
ReplyDeleteඇයි මේ කොමෙන්ටුව නොදැනම්මේ?
http://kathandara.blogspot.com/2010/03/day-trip-to-heaven-last-episode.html?showComment=1292676482732#c6022935432228613817
?
@ මාතලන්
ReplyDeleteකතා වස්සතු කාලේන
කකා භවතු ධම්මිකෝ
(කකා හොඳ නම් කතන්දර වැසි වසිනු ඇත)!
@ Trafic Ano
ReplyDeleteඑහෙනම් ට්‍රැෆික් ඇනෝත් කවියෙක් වගේ ඈ?
@ ඕනයා
ReplyDeleteතරහ අවසර, උම්බලකඩයාණෙනි!
@ Kannangara
ReplyDeleteනෑ, නෑ, වැරදීමක් වගේ.
@ kandyan
ReplyDeleteඅපෝ නෑ, මේ ගිය සතියෙත් දැම්මේ කයි-කතන්දරයක්.
http://kathandara.blogspot.com/2011/12/alcoholic-anonymous.html
!
@ Ashieee
ReplyDeleteබලාගෙන ගියාම ඒකත් ඇත්ත නේන්නම්!
@ වසිලිස්සා
ReplyDeleteමේක පරණ කතාවක් හොඳේ?
@ Observer
ReplyDeleteඊ-මේල්වලින් ලියන අය ලියපු කවියක් මං නං දැකලා නෑ. ඔය දැන් දාලා තියෙන්නේ කොන්වන්ට් කතන්දරයක්.
සොඳුරු හිතෙන් ලියන අයත් මේ දවස්වල හොල්මන් කතාවක් ලියනවා ළමයින්ට.
ඔබ්සර්වර් කැමති වනිතා විත්ති එකේ කවි වලට වගේ?
@ Loku John
ReplyDeleteමේවා හැම තැනම නෑ, හරිය?
@ මහි
ReplyDeleteදුක තමයි කාන්ති, නේද?
@ නරකයා
ReplyDeleteසීගිරි ගීයේ සම්බන්ධය සීගිරියට ගිය විනෝද චාරිකාවක් නිසයි!
@ හිස් අහස
ReplyDeleteමං පොත් පහ හයක්ම ලිව්වේ කැම්පස් යන්න කලින්. මේ තියෙන්නේ කැම්පස් එකේ මුල් අවුරුදු දෙකේ ලියපු කවි පොතේ කවි තමයි.
මේ පොත්වල එක පිටපතයි. ඒවාත් එක්කෝ මා ගාව නැත්තං අස්ථානගත වෙලා!
@ Podi Kumarihami
ReplyDeleteඅයියෝ පොකූ, ඔයාට ඇහැට ඇඟිල්ළෙන් අනින්න වෙලානේ?
මේ මොනවා කියනවද?
@ චමිල
ReplyDeleteඒක සීගිරි කුරුටු ගීයක කෑල්ලක්.
@ Praසන්ன
ReplyDeleteනෑ, පස්සේ මතක්වෙන කොට මල පනින නිසා!
@ Kannangara
ReplyDeleteනෑ, මං හිතන්නේ ඔබට වැරදීමක්.
@ සොඳුරු සිත
ReplyDeleteඅසව්, අසව්!
@ සනාත
ReplyDeleteමුද්‍රණාද්වාරයෙන් බිහිකරන්නේ මුද්‍රණය කරලායි.
@ Ano December 24, 2011 12:21 PM
ReplyDeleteඅනේද කියන්නේ?
@ සුළඟිල්ල | pinkie
ReplyDeleteපව්, එක ඇඟිල්ලෙනේ හොටු හූරන්නත් බෑ නේද?