ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 12 December 2011
පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව - Curb Your Enthusiasm
බීටීන් ද බුෂ් හෙවත් පඳුර වටේ තලන්නේ නැතුව කෙලින්ම කතාවට එන්නම් කෝ පොල්ලෙන් ඔළුවට ගහනවා වගේ.
ඔන්න මට දවසක් අවශ්‍ය වුණා ෆාමසියකින් බේත් වගයක් ගන්න. උදේ ගෙදරින් පිටත්වෙන කොට හාමිනේ තුණ්ඩුව අතට දීලා මතක් කළා.
අපේ වැඩපොල අහලක පාමසියක් නෑ. ආපහු ගෙදර එන අතරමග බොරැල්ල වගේ තැන්වල වාත වෙන එකත් තේරුමක් නෑ හැන්දෑ ජාමේ. ඉතිං ගෙදර ලඟට එනකම්ම තුණ්ඩුව මගේ උඩ සාක්කුවේ.
හොඳ වෙලාවට මට මතක් වුණා පොඩි පාමසි කෑල්ලක් තිබුණා නේද කෝට්ටේ පාරට හරෝපු ගමන්ම වගේ කියලා.
ඔන්න මං පාමසි කඩේට ගොඩ වුණා. මං ඉස්සරහින් හිටියේ වයසක සීයා කෙනෙක්. පැහුණු රුවුල දවස් දෙක තුනකින් කපලා නෑ. ලොකු කළු කන්ණාඩි දෙකක් දාගෙන. ඒකේ එක අණ්ඩක් ඉස්සරහ කෑල්ලෙන් ගැලවෙන්න ඇවිත් තුවාලවලට දාන හොස්පිටල් ග්‍රේඩ් ප්ලාස්ටර්වලින් අලෝලායි තිබුණේ.
මේ සීයා ඇවිත් හිටියේ ප්‍රෙෂර් පෙති ගන්නයි.
සතියකට ඕනෑ ප්‍රෙෂර් පෙති ටික මුදළාලි කොල්ලා කවරෙක දාලා සීයා අතට දීලා ගණන කිව්වා.
අනේ සීයා ගේ අතේ එච්චර සල්ලි නෑ!
එහෙනං මට දවස් තුනකට විතරක් පෙති දෙන්න සීයා ඉල්ලුවා.
ඉතිං සීයාට පිටි පස්සෙන් ඉඳලා මේ කතාව ඇහුණු අතේ ටිකක් විතරවත් සල්ලි තියෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ මං සීයාට කිව්වා මෙහෙම.
"පෙති සේරම ගන්න අංකල්, මං ඉතුරු සල්ලි ටික දෙන්නම්!"
සීයා මොකද දන්නවද කළේ?
පොර මං දිහාවට හැරිලා මට මෙහෙම කිව්වා.
"ඩෝන්ට් වොරි, අයිල් ගෙට් ද රෙස්ට් ඔෆ් ද ටැබ්ලට්ස් ඉන් අ ෆීව් ඩේස් ටයිම්. තෑන්ක් යූ!"
මං ඉතිං කට වහගෙන මගේ බේත් බෝතලේ අරගෙන ගෙදර ගියා.
හිතාගන්න පුළුවනි නේද, මං සිංහලෙන් කියපු කතාවට සීයා ඉංගිරිසියෙන් උත්තර දුන්නේ ඇයි කියලා?
වැඩේ කියන්නේ මට ඔයිට කලින් දවසක කාලෝ ෆොන්සේකාත් ඔය වගේම වැඩක් කළා නේ. ඒ හරියටම ඔය පාරේම ඔතනට තව ටිකක් පිටකෝට්ටේ පැත්තට වෙන්න බස් එකක යන වෙලාවකදීයි.
කලින් කියවල නැති අය ඒ කතාවත් කියවන්න මෙන්න ආයේත් ලින්ක් එක.
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html
-කතන්දරකාරයා
ප/ලි:
කාලෝ ෆොන්සේකා සීයා මේ දවස්වල මොනවා කරනවද මන්දා?
කිසි ආරංචියක් නෑ කාලෙකින්.
පොර පිසියලොජිකාරයෙක් නිසා අනිවා ඩෙෆා ලොකු තැන්වල අපර් ලිම්බ් ශක්තිමත් කරනවා ඇති මයෙ හිතේ?
(image: http://sketchetta.wordpress.com/2010/10/23/old-man-with-broken-glasses/)
Subscribe to:
Post Comments (Atom)
අද නම් ඇත්තටම කතාවක් කියලා....කතාවත් ලස්සනයි. :D
ReplyDeleteමටත් ඔය වැඩේම, ඔය විධියටම වුනා, හැබැයි ෆාමසියක නෙමේ, සුපර් මාර්කට් එකකදි.
ReplyDeleteහැබැයි ඒ ආච්චිට නං සිංහල බෑ.
හහ් හහ් හා... කතා ඉල්ලන් කාකාලා. මමත් ඔහොම ඉල්ලන් කාළා තියෙනවා.. දැන් නම් දෙන්නේ ඉල්ලුවොත් විතරයි
ReplyDeleteකාලෝ මහත්තයා ආන්ඩුවේ ලොකු වැඩක් කොරනවා.. කොහොමත් ඇස් ඇල් ඇෆ් පී කාරයානේ.
අපො ඔය වයසක උන්දැල එක්ක වැඩ පරිස්සමෙන්
ReplyDeleteදැන් ඉතිං වයසක උන්දෙක් දිහා බලන්නෙවත් නැතුව ඈති...
ReplyDeleteමගේ කාර් පොඩ්ඩ යංතං ගෑවුනා තඩි කාර් එකක සයිඩ් කන්නාඩියේ..මොකුත් ඩැමේජ් එකක් නෑ..මම බැහැලා ගිහිල්ලා සොරි කිව්වා..පොර කිව්වේ නැද්ද මම තමයි මෙහේ ASP කියලා...ඉතිං මම ඇදලා ගත්තා මොට්ට කඩුව...මෙන්න පොර කියපි කමක් නෑ පුතා යන්න කොකුත් උනේ නෑ නේ කියලා...හිකිස්..මම ස්තූතියි කියලා මාරු උනා....
ReplyDeleteකතන්දරගෙ හොඳ හිත නිසා උදව් කරන්න ගියත්, දුප්පත් උනත් ආත්ම ගරුත්වය වටිනවා කියලා හිතෙන්න ඇති.
ReplyDeleteඔව්ව ඔහොම තමයි.වයසක අයනෙ. හැබැයි කකා කඩුවෙන්ම කෙටුවනං ඔන්න අංකලුත් පස්සෙ එකඟ වෙන්න තිබ්බ!
ReplyDeleteකකාට ඔය සිද්දිය මෙච්චර කල් මතක හිටියනම්... සීයට මැරෙණකල් මතක හිටින්න ඇති...
ReplyDeleteකාලෙකට පස්සේ 'කතන්දර ෆ්ලේවර්ඩ්' කතන්දරයක්... :)
කාලෙකට පස්සෙ නියම කතන්දරයක්!
ReplyDeleteබෙත් ගන්න එන වයසක ඩයලුත් එහෙමයි. දන්න මොට්ට කඩුවෙන් කෙටුවම බාගයක් සනීපයි. මරු ඩයල් තමයි.
ReplyDeleteකාකා කාලෙකට පස්සේ කතන්දරයක් ලියලලු :)
ReplyDeleteමමත් ඔයවගේ ඇදගෙන නාපු කේස් තියෙනවා.එක එක්කෙනාගේ සිතන පතන ආකාරයේ වෙනස තමයි.
ටයි පොල්ලක් බෙල්ලෙ බැඳගෙන හිටියද අංකල් අසිපත ඈද්දෙ?
ReplyDeleteමොහිදීන් බෙග් මාස්ටර් කියල තියෙනවනෙ මිනිස්සු මනින්න බෑ කියල සිනාවෙන් හා කතාවෙන්...
ඒක කරන්න පුළුවන් අඩිකෝදුවක් වගේ උපකරණයකින්....!
-ලොකු
ඒ උනාට අනේ මන්දා මනුස්සයෙක් මනුස්සකමට උදව්වක් කරන්න ඇහුවාම ඔහොම කරන එක, ඒ කියන්නෙ අඩු ගානෙ සිංහලෙන් සිංහලෙන් කියන්න තිබුනා එපා කියන එක, ඉංග්‍රීසියෙන් කිව්වෙ නිකං ලොකු කමට වගේ කියලයි මට හිතෙන්නෙ ......
ReplyDeleteඔහොම උනාම ඇත්තටම උදව් ඕන මනුස්සයටත් උදවි නැති වෙනවා ......
හෙහ් ... ඇත්තටම ඉංගිරිසියෙන් කිව්වම ලැජ්ජාව වැහෙන්නෙ මොකෝ ?
ReplyDeleteTraffic
ReplyDeleteසීයා හිතන්නෙ ඉංගිරීසියෙන්ද?
සීයා මහ ආඩම්බරකාරයෙක්, ඒත් ඒක පෙන්නල තියෙන්නෙ වැරදි විදියට(ඒ කියන්නෙ ආඩම්බරකම තියෙන්නෙ ඕනෙ...)
ReplyDeleteකාලෝ සීයා දැන් ආන්ඩුවට කඩේ යනවා, දත් තියෙන කාලෙ මස් කාලා....
දත් තියෙන කොල්ලන්ට මස් කන්න එපා කියන අලුගුත්තේරුවෙක්.
මොකෝ මේ කතන්දරේ උඩ ටිකේ ලිංක් නැත්තෙ ??????
ReplyDeleteමේ සුද්දගේ රටේ මයියට සිංහලයෙක් හම්බ වේලා ඌ කඩ්ඩෙන් කොටනවා....මම සිංහලෙන් කොටනවා.....මොකද හැමෝටම කඩ්ඩ පුල්වන් රටේ සිංහලෙන් කෙටීම තමයි පොශ් වෙන විදිහ... කැපී පෙනෙන විදිහ... ;)
ReplyDeleteකොහොම හරි ඒ අංකල් කඩ්ඩෙන් කොටපු එක හොඳයි. නැත්නම් කමක් නෑ පුතා මම අනිත් පෙති පස්සෙ ගන්නම් කියල කිව්වනම් අපිට මේ කතාව අහන්න වෙන්නෙනෑනෙ..
ReplyDelete(අපරාදෙ අර කඩේ ක්‍රෙඩ්ට් කාඩ් වලට බෙහෙත් දෙනවනම් අංකල්ටත් කාඩ් එකට බේත් ටික ගන්න තිබුනා..)
හ්ම් කාලෝ සීයගෙ කතාව බැලුව මීට දවස් තුනකට කලිං. හොද වැඩේ පොරට නං.
ReplyDeleteමම දවසක් මගේ නෑයෙක් වන සීය කෙනෙක් අපේ ගෙදර ඇවිල්ල යනකොට බුදුසරණයි කියල කිවුව. මේ යෝදය එකපාරටම මට කිවුව තෙරුවන් සරණයි කියල. ඒක නිකං කිවුවෙ අපහාසෙට වගේ. හරියට හිගන්නෙකුට රුපියලක් දුන්නම එයා රුපියල් තුනක් මට දෙනව වගේ.
පවු! සීයට ලැජ්ජා හිතෙන්න ඇති. තමන්ට බැරි කාලෙ උනත් හැමෝගෙන්ම උදව් ඉල්ලනන්න ගොඩක් වයසක අය කැමති නෑ.
ReplyDeleteමටත් ඔහොම වැඩ වෙලා තියෙනවා. මම කඩේකට ගිහින් එකේ ඉන්න ගැණු කෙනෙක්ගෙන් දියර ග්ලුකෝස් තොයෙනවද ඇහුවම එයා නිකම් නෝන්ඩි විදියට බලල කිව්වා 'ලික්විඩ් ග්ලුකෝස් නම් තියෙනවා' කියල.
ReplyDeleteමේ සීය නම් පවු කියලත් හිතෙනවා. සමහර විට තරුණ කාලේ කාටවත් අත නොපා ජීවත් වෙච්ච කෙනෙක් වෙන්නැති. සමහර වයසක අය ඔහොමයි. අනුන්ට බරක් වෙන්න කැමතිම නැහැ. මගේ සීයත් තනියම මහ ගෙදර ඉන්දෙද්දී බලෙන්ම වගේ තමයි අපේ ගෙදර එක්කන් ආවේ.
හැබැයි ඉතින් කතන්දරත් පවු.
කකා ගේ වැරැද්දකුත් නෑ...අංකල්ගේ වැරැද්දකුත් නෑ...කකා උදව් කරන්න හැදුවා..අංකල් පොලයිට්ලි එපා කිව්වා.... අංකල්ගේ කැඩිච්ච කණ්නාඩිය තමයි කකාව මිස්ලීඩ් කලේ!
ReplyDeletehttp://kathandara.blogspot.com/2010/11/blog-post_22.html මේකට පස්සෙ එක හුස්මට කියොපු කතාව....
ReplyDeleteමන් වැඩ කරන තැනටත් එන සමහර "ලොක්කො" තමන්ට අවශ්‍ය දේ කර ගන්න දඟලන්නෙ තමන්ගෙ "ලොකු" කමෙන්මයි. ඒ වගේ අය එන තාලෙන්ම කියන්න පුළුවන් දැන්.. මම කරන්නෙ Yes Sir , How may I help you here? කියල මුලින්ම අහනවා..බරපතල උච්ජාරණයකින්ම.. අනේ තියන ලොකු කම් එතනින්ම ඉවරයි.. මොන මානසිකත්වයක්ද මන්දා මේ සමහර අයගෙ ඔළුවෙ රඟන්නෙ ?
ReplyDeleteකඩ්ඩ දාන්නැත්තෙ තමුන් හිඟන්නෙක් නෙවෙයි කියල පෙන්නන්න වෙන්නැති.... අපහාසයක් කොලා වගේ දැනෙන්නැති උන්දට.... කතන්දර පව්...
ReplyDeleteමගෙ ජීවිතේ හැමදාම වගේ දකින දෙයක් තමා මේක. මම ඉන්නෙ, දැං පුx බිම ඇනිච්ච, සුද්ද ලංකාවට එන්ටත් කලින් ඉංග්‍රිසි කතාකරපු අය කන්ඩායමක් එක්ක.
ReplyDeleteලොකු කම පෙන්නඩ තිබූ ආසාව තමයි සීයාගේ කඩුපතේ අසිරියට හේතුව.
ReplyDeleteවයසට ගියාම කවුරුත් ට්‍රැක් පයිනවා
කකාට මගේ ගානේ හූවක් තමා ඉතින් ..
අනේ වාසනාවන් ,, සීය හිතුවද දන්නෙ නෑ උබට සිංහල බෑ කියල හිකිස්ස්ස්ස්
ReplyDeleteඒ සීයාට තව දවස් කීපයකින් පැන්සොන් එක ලැබෙන්න තියෙන්න ඇති..
ReplyDeleteඑක ප්‍රශ්නයක් තියෙනවා, සීයා අංකල් වුනේ කොහොමද ?
මම කලින් වැඩ කලේ චෙක් පත් සම්බන්ධ ආයතනයක. අපිට නිතරම හම්බ වුනා, වැන්දඹු වයස්ගත කාන්තාවක් තැන්පත් කරන චෙක්පත්. මිය ගිය ස්වාමි පුරුෂයාගේ නමට ලැබෙන රුපියල් කිහිපයක, නැතිනම් ශත ගණනක චෙක් පත් තමා බොහෝ විට තැන්පත් කර තිබුනේ.ඇත්තටම ඒ චෙක් පත් වල වටිනාකමට වැඩි මුදලක් ගාස්තු විදියට වැය වෙනවා. ඒ වගේම ඒ තැනැත්තියට එහෙම ඇහෙනියකුත් නැහැ.ඒත් ලැබෙන සුළු මුදල වුනත නිකරුනේ අපතේ යවන්නේ නැහැ. වැඩිපුර වියදම් කරලා හරි ඉතුරු කරනවා. මේ අපි ඔය වයසට එන විට මොනවා කරයිද? සමහර විට බෙහෙත් ටිකක් ගන්න සල්ලි තියෙන එකකුත් නැහැ.
මම උණත් කැමති නෑ කොච්චර අසරණ උණත් කාගෙන්වත් අනුකම්පාවකට භාජනය වෙන්න.... (පොඩි ළමයෙක් වැටුණාම අනේ පවු... කිවොත් තමයි ඒකාට ඇඩෙන්නෙ.... දැක්කෙ නෑ වගේ හිටියනම් ඌ ආයේ සෙල්ලම පටන් ගනී.. ) ආඩම්බර කමකට නෙවේ...
ReplyDeleteහොඳ කතාව....
ReplyDeleteකසු ඒ සීයට ලජ්ජා කරන්න හදලානේ, ඒකනේ සීයා කඩුපත අතට අරගෙන ආරක්ෂාව සපයාගෙන තියෙන්නේ... :)
හොඳ කතන්දරයක් තමයි. බීට්ල් ගෙයි මයියගෙයි කොමෙන්ට් කෑලි දෙකත් අගෙයි
ReplyDelete@ All
ReplyDeleteඅපිටත් වෙන දේවල්, නේද?
ඒත් ඒ හැඟ එකක්ම හොඳ අත්දැකීමක් නේ.
අඩු ගානේ කතන්දරයක්වත් ලියන්න පුළුවන්.
මං හිතුවා හරි. කාලෝ සීයාටත් සුභ අනාගතයක් එහෙනම්.
සියළු දෙනාටම ස්තුතියි.