ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 16 November 2011
රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed
කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත් කතන්දර 500 සැතපුම් කණුවට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තිබුණා.
මට කීප දෙනෙකුනේම දැනගන්න ලැබුණු විදියට පහුගිය කාලේ අපේ බ්ලොග්කරුවන් ගේ විවිධ කණ්ඩායම් අතර මේ රත්නායක මහත්තයා ය කියන්නේ සිහි සටහන් ලියන චානුක වත්තේගම විය යුතුයි කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා.
ඒකට එහ හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!
http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html
අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!
ඉතිං මට හිතුණා මේ ගැන පොඩි සඳහනක් කරන්න අද කතන්දරේට යන්න කලින්.
මෙන්න රත්නායක ගැන මෙතනට අදාල විස්තරයක්.
රත්නායක මහත්තයා කොළඹින් පිටයි පාසල් ගියේ. සතර පත්තරේ මිස විදුසර බැලුවේ නෑ. ඒ ලෙවල් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකයි ඉගෙන ගත්තේ. මැවිසුරු උපාධිය ගත්තා. පස්සේ පස්තාච්චි වැඩ සඳහා පිටරට ගියා.
ලේඛණ කටයුතු කියලා පොර කරන්නේ ජොබ් එකේ වැඩට ලියන කියන එක විතරයි. පොර ගේ ප්‍රොෆෙෂනල් වැඩවලට අදාල පොත් පත් හැර පොත් සමග වෙනත් ලොකු ගණුදෙණුවක් කවදාකවත් නෑ. නවකතා අරහං.
මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" කියන නවල් එක බලන්න කියලා ගෙදරටම ගෙනිහිං දීලා තිබිලා අවුරුද්දකට පස්සේ ආපහු ගෙනාවා. පොර එක පිටුවක්වත් කියවලා තිබුණේ නෑ, පොත කියවපං කියලා මං දුන්නු දවසේ ඒකේ අන්තර්ගතය ගැන හොඳට පැහැදිලි කළා වුනත්.
හැබැයි ඔන්න දැන් නං පොර ටිකක් සිංහල, අඩු තරමේ කතන්දර බ්ලොග් එකවත්, කියවනවා වගේ.
අන්තිම කරුණ මෙන්න. රත්නායක මහත්තයා මට නිතරම හමුවෙනවා. කොටින්ම අද කතන්දරෙත් ඒ හමුවීමක් ගැනයි.
වත්තේගම මහත්තයා මා දැක ඇත්තේ දින දෙකයි. මුලින්ම 2009 දෙසැම්බර් සිංහල බ්ලොග් සංගමයේ හමුව දවසේ. එදා වචන කීපයක් කතා කළා. හොඳින් කතාබස් කලේ දෙවෙනියට හමුවුණු මගේ පියා ගේ අවමගුල කාලයේයි. ඒ 2010 දෙසැම්බරයේ.
ඒ සේරම ලිව්වේ රත්නායකයි, වත්තේගමයි දෙන්නා දෙන්නෙක් බව පෙන්නන්නයි.
දැන් මෙන්න අද දවසේ කතන්දරය.
පහුගිය දවසක මං රත්නායක මහත්තය ලා ගේ ගෙදර ගියා. රමණී මැඩම් තමයි ඒ නිවසේ එක්සෙකටිව් චෙෆ්. හැබැයි මෙදා රත්නායකත් හදලා තිබුණා සලාදයක්.
අර කීප් අ සයිඩ් කුළුබඩු ටික දැම්මාද මං මුලින්ම ඇහැව්වා.
මොකද ඔය පරණ කතන්දර මතක් කරනවාට රත්නායක වැඩි කැමැත්තක් නෑ. කබර පෲෆ් මෙතඩ් කතාව නම් අරහං!
ඔන්න කාලා-බීලා ඉවර වෙලා (ඇත්තම කියනවා නං, බීලා-කාලා ඉවර වෙලා) මං රත්නායක ට මෙහෙම කිව්වා.
"මචං, මට කියන්න පුළුවන් ද මේ සැලඩ් එක හදපු ක්‍රමය හරියටම විස්තර ඇතුව?"
රත්නායකට පොඩි හිනාවක් ගියා.
"ඇයි මොකටද? උඹ මේක කතන්දර බ්ලොග් එකේ දාන්නද අර පරිප්පු, මස්, බෝංචි හදපු විදිය හාමිනේ ගෙන් අහගෙන උඹේ වගේ හිතෙන්න දැම්ම විදියට?"
"අපෝ නෑ මචං, එහෙම දාන්න නෙමේ, අර බොම්බිලි කරෝල හදපු හැටි දැම්මා වගේ, මෙන්න මේ විදියට නං සැලඩ් හදන්න එපා කියලා දාන්නයි උඹේ රෙසිපිය මට ඕනෑ!"
-කතන්දරකාරයා
ප/ලි:
හොඳම කුක් මං ද, රත්නායක ද කියන එක නම් අමාරු වැඩක්.
හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට මොනවට පැහැදිලි වුණා ලංකාවේ ශූරම බ්ලොග්කරුවා කවුද කියන එක.
චානුක ට ජයවේවා!
(image: http://www.lankantunes.com/)
Labels:
රත්නායක මහත්තයා
Subscribe to:
Post Comments (Atom)
කතන්දර බ්ලොග් එකේ මං ආසම රත්නායක ජෝක්ස් වලට. රත්නායක මහත්තයත් කතන්දර අයියගෙම බැච් එකේ වෙන්න ඇති.
ReplyDeleteමට ෂුවර් මගෙ සැලඩ් එකට ගහන්න නං කාටවත් සැලඩ් හදන්න බෑ කියල.
ReplyDeleteචානක වත්තේගමගෙ බ්ලොග් එකට ගිහිල්ලම නෑ, මේ දාල තියෙන ඇඩ් වල හැටියට ගිහිං බලන්නම ඕනෙ.
වත්තේගම ගේ බ්ලොග් එකේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මටත් බඩ කපාගන්න හිතුන. ප්‍රතිචාර වලට දාපු ප්‍රතිචාර දැක්කම තමයි දැනගත්තේ කොහෙද මේ යන්නේ කියල.
ReplyDeleteආඞ්, එහෙනං කතන්දරත් එයාගේ යාළුවෙක්?
'හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට පැහැදිලි වුණා ලංකාවේ හොඳම බ්ලොග්කරුවා කවුද කියන එක.චානුක ට ජයවේවා!'
ReplyDeleteIs it a 'toung in cheek' statement?
රත්නායක මහත්තයා ආයි නම් කතන්දරට සලාද හදලා පුදන එකක් නැහැ..
ReplyDeleteහොඳ සැලඩ් එකක් හදන්න ලංකාවේ බෑ. අමුද්‍රව්‍ය අඩුයි තිබුනත් සුපිරිම සුපර් මාකට් වල විතරයි තියෙන්නේ.. ගිනි ගනන්. ඕනම සැලඩ් එකකට වර්ජින් ඔලිව් ඔයිල් ඇඩ් කරාම පුදුම රසක් එන්නේ. ඒත් ඒවා කොච්චර ගනන්ද. මම නම් හොඳම සැලඩ් කාලා තියෙන්නේ මැඩිටරේනියන් රටවල් වලදි. ලෙබනන්, ඊශ්‍රායල්, සයිප්‍රස් වල සැලඩ් පුදුම රසයි. ඒ වගේම් හරිම ලාබයි. ඒ රටවල කෑම බීම පුදුම ලාබයි. මම හිතන්නේ සැලඩ් වලට ප්‍රසිද්දම රට ඊශ්‍රායලය කියලයි. හැබයි අර චොර කරල ලංකාවේ හදන ෆෘට් සැලඩ් එකට ගහන්න ෆෘට් සැලඩ් එකක් නම් ළොකේ කොහේවත් හම්බ වෙන්නේ නෑ. කස්ටඩ් ක්‍රීම් හරි, ටින් කිරි ටිකක් හරි, වැනිලා අයිස් ක්‍රීම් එක්ක හරි පනිට්ටුවක් උනත් කන්න පුළුවන්.
ReplyDeleteඅනේ පව්.. රත්නායක මහත්තය තාම Apprentice Chef කෙනෙක් වෙන්න ඇති.... එහෙම උනාම ඔහොම නෝන්ඩි කරන්න හොඳ නෑනෙ....
ReplyDeleteමින් පස්සෙ නම් උන්ද සලාද තියා.....
එතකොට රත්නායක මහත්තයයි, කතන්දර අයියයි මාමයි බෑණයි වගේ ඉන්න දෙපොළක්???
ReplyDeletePaliya thamai maru.
ReplyDelete"හැබයි අර චොර කරල ලංකාවේ හදන ෆෘට් සැලඩ් එකට ගහන්න ෆෘට් සැලඩ් එකක් නම් ළොකේ කොහේවත් හම්බ වෙන්නේ නෑ"
ReplyDeletei love you boy!
ඔය චානුක වත්තේගම කියන හාදයාගෙ බ්ලොග් එක මම කියවන්න ගත්තෙ කතන්දර ඒ කාලෙ ඒක ගැන දාල තිබ්බ සටහනක් සහ ලින්ක් එකක් නිසා. ඒත් අනේ මන්දා තමන් අවුරුදු පහළොවක විතර ඉඳන් මාධ්‍යවේදියෙක් කියාගන්න එයාගෙ නම මම ඇහුවෙත් ඒ බ්ලොග් එකෙන්. කොහොම වුණත් අද කාලෙ මාධ්‍යවේදීන් කියාගන්නා අයගෙන් එයත් වෙනස් නෑ කියල ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපියෙන් එයා තහවුරු කළා. ඒක සාධාරණය කරන්න ගොන් තර්ක දාහක් දැම්ම. ජැකාල වගේ එවුන් නම් නිකම් කඩේ ගියේ නෑ. මෙයාටත් අනාගත හීන ඇති ඒක නිසා අවිඥානිකව පාර සකස් කරනව ඇති. ඇත්තටම ඒක සිහි සටහන් නෙවෙයි දැන් වෙද්දි ගූ සටහන් බවට පත්වෙලා. කවුරුත් නවතින තැන මිනිහත් නැවතුණා.
ReplyDeleteWhen I read "ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා"; I think the best blogger in SL is also "Gota". :D.
ReplyDeleteඇහ් ලංකාවේ හොඳම බ්ලොග්කරුවා මම නෙවෙයිද ?
ReplyDeleteකොහොම හරි සිහි සටහන් කියවලා හරි කතන්දර මං ගැන තෙරුං ගත්තනං මට ඒ ඇති . . . (හික් හික්)
ReplyDeleteලංකාවේ තට්ටු හයේ රවුම් සැලඩ් එක තමයි මගේ ප්‍රියතම සැලඩ් එක.. යටම සැලඩ් කොලේ, ඊට උඩින බීට් ස්ලයිස් එක, ඒකට උඩින් තක්කාලි ස්ලයිස් එක, ඊළඟට පිපිඤ්ඤා ස්ලයිස් එකක්, එයිට උඩින් ලොකු ලූණු ස්ලයිස් එක, ඊට උඩින් බිත්තර ස්ලයිස් එක, අන්තිමට ගම්මිරිස් ලුනු කුඩුකරලා දානවා....මේක නුවර පළාතට විශේෂ වූ එකක් ද දන්නෑ!
ReplyDeleteඅනේ පව් රත්නායක මහත්තයා... එච්චරටම සැලඩ් එක අවුල්ද???
ReplyDeleteසැලඩ් නං ඉතිං ග්‍රීක් සැලඩ් තමයි. ලංකාවෙ ෆෙටා චීස් තීනවද දානෙ නෑ ඔව්ව හදන්න. අනික්වනං ඉතින් මොනාද, නිකං කපල දාල ඔලිව් ඔයිල් ටිකක් වක්කරල ගන්නනෙ තීන්නෙ.
ReplyDeleteමෙන්න ලංකාවෙ හොඳම රාජ්‍ය සේවකය
හරි හරි, මට දැන්නේ තේරෙන්නේ.... රත්නායක මහත්තයා ඇවිල්ලා කසූගේ මාමා....! නැත්නම් කසූ ඇවිල්ලා රත්නායක මහත්තයගේ මාමා....!
ReplyDeleteදෙන්න දෙබෑයෝ එහෙනම්.....! හ්ම් හ්ම් හ්ම්.....!
T.A.
ReplyDeleteමේ මේ මේ ....................දෙද්...දෙද්....දෙබෑයො කියන්නේ දෙසොහොයුරෝ කියන එක නෙවෙයිද?
කතන්දර , ඔයැයි ද කීවේ අර ටයිමහත්තයගේ සහෝදර මැවිසුරුවන් ගැන. ඒ මැවිසිරු තෙමේ ආව නෙව අර මොකක් ද මේ ....ම් ම් ම් ආහ් “ දොරමඬලාවට“ . පුදුමාකාර මනුස්සයෙක්. ගොඩාරියක් වයසැයි දැන්. ඒ වුනාට හරිම රසවත් කතාව. සිංහල ගැන කීව සමහර දේවල් නම් හරිම රසවත්. “තාක්ෂණය“ කියන්නේ වඩු වැඩ වලටලු. සුනඛ කියන්නේ දිගුනිය ලු. ඉතින් ගැහැණු ළමයින්ට සුනඛී කීවට කමක් නැතෙයි කීවේ.
ReplyDeleteබල්ලා කියන වචනෙ වෙනස් කරලා කියල දොස් කීවා.
ලොකුම ඉංග්‍රිරිසි රටේ ඉංගිරිසියෙන් ඉගෙන ගෙන, මේ තරම් සිංහල වලට ලැදි වුන මැවිසිරු කෙනෙක් දැක්කමයි.අනික මැවිසිරු කියන නම ගෙදර අය නොදැන , මම තමා කියල දුන්නේ. මමත් ඒ වචනෙ දැන ගත්තේ කතන්දරගෙන්.
ස්තූතියි ඒකට.
රත්නායක මහත්තයා සහ සිහිසටහන් ලියන චානුක වත්තේගම ටැපලුනේ කතන්දරගෙ එක පෝස්ටුවක් නිසා. ඒක කතන්දරගෙ වරදක් නෙමෙයි. කියවන අය ,ඒක කියෙවුවෙ පෙර නිගමනයකට ඇවිත් ඒ අයගෙ අදහස් වලින් නිසා , ලියල තියෙන දේ ඒ විදිහට පෙන්න ඇති.
මට මේ පෝස්ට් එක මුණ ගැහුනේ බස් එකෙන්. මගේ රිඩරේ මේ පෝස්ටුව අප්ඩේට් වෙලා තිබ්බෙ නැහැ....
ස්තූතියි.
@ All
ReplyDeleteකතන්දර කියවන කීප දෙනෙක් හරි රත්නායකයි, චත්තේගමයි ටපලාගන්න එක හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!
http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html
අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!
@ All
ReplyDeleteසියළු දෙනාටම මගේ ස්තුතිය!
රත්නායම මහත්තයා තව දුරටත් විහිළු සපයනු ඇතැයි බලාපොරොත්තු වෙමින් අදට නවතින්නම්.
@ observer
ReplyDeleteබෝහෝම ස්තුති ඔබ්සවර් තුමාට, සින්හලෙන් ලියන හැටි කියා දුන්නට.
@ Anonymous at 9:14 pm on November 17,2011,
ReplyDeleteGlad that I could be of help.
රත්නායක මහත්තයාට තව ටිකක් ප්‍රසිද්ධ වෙන්න චෑන්ස් එක :))
ReplyDelete