ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 28 November 2011
රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake
මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.
මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.
එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.
ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.
අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.
ඉතිං බලෙන් ම වගේ අපි දෙන්නා එහෙට කඩාගෙන වැදුණා හිස් අතින් ම. අපි යනකොට රමණී සහ රත්නායක ජෝඩුව කඩි-බිඩියේ, දඩි-මුඩියේ උයනවා.
මොකද මේ කියලා අහලා බැලින්නම්, ඒ ලඟ ගෙදරක ඉන්න වයසක ජෝඩුවක් අසනීප වෙලා. මාත් හොඳට දන්නවා ඒ ඇන්ටියි, අංකල්වයි දෙන්නාවම. ඉතිං ඒ කෂ්ටියට දෙන්නයි මේ උයන්නේ.
ඔය අතරේ මගේ කටෙන් නිකමට වගේ පිටවුණා, "අනේ හාමිනේත් දුරු රට වැඩියා නේ!" කියලා. ඒක අහපු රමණී නෝනා මහත්තයාගේ හිත නිකං වෙඬරු පිඩක් වගේ උණු වෙලා ගියා.
සාධු කියන්න පින්වතුණි!
දන්නවනේ සර්වලෝක නියාමයක් තියෙනවා හිස් අතින් ගියොත් අත් දෙකම පුරවන් එන්න ලැබෙනවා කියලා? ඉතිං පුතු පැටියයි මායි එහෙන් පිටවුනේ බරටම කෑම මල්ලක් ම අරගෙනයි.
ඒ ආනුභාවයෙන් ඉරිදා දවල් අපි නිකං රජ ගෙදර වගේ තමයි කෑවේ.
කාලා බීලා රාමතෙල් ඇර ඇර මාතරේ ගෙයි, මල්යා කෲස් ගේයි හරඹය කියවමින් ඉන්න අතරේ තමයි මට හිතුනේ මේ රසවත් ආහාර වේල ගැන ලියලා දාන්න.
මෙන්න තියෙනවා බඩු!
බණ්ඩක්කා
ලූණූ, කරපිංච තෙම්පරාදු කර, උම්බලකඩ, කුරුඳුපොතු කැලි මිරිස්, කහ මිශ්‍ර කර කපාගත් බණ්ඩක්කා දමා උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.
මාළු
මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, බැඳපු තුනපහ, කහ, උළුහාල්, කරදමුංගු, එනසාල්, කුරුඳු, සුදු ලූණු, ලූණූ, ඉඟුරු, ඇඹරූ ගොරක, කරපිංච, රම්පේ, අමුමිරිස් දමා හොඳින් අතගා යාන්තං වතුර දමා ඉදෙන්නට අරින්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.
කුකුළු මස්
ලූණූ, මිරිස්, බැඳපු තුනපහ, සුදු ලූණූ, කරපිංච, කරදමුංගු, කරාබුනැටි, උළුහාල් තෙම්පරාදු කර, මිරිස්, ගම්බිරිස්, තක්කාලි සහ විකන් කෑලි එකතු කර වතුර දමා උයා ගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.
කජු
පැය දෙකතුනක් පමණ පොඟවන්න. ලූණූ, කරපිංච තෙම්පරාදුකර, මිරිස්, තුනපහ සහ පොල්කිරි දමා ප්‍රෙෂර් කුකරයේ උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.
බෝංචි
කපාගත් ලූණූ, කරපිංච, සුදු ලූණූ, අමු තුනපහ, සූදුරු කුඩු, උළුහාල් දමා තෙම්පරාදු කර පොල්කිරි ස්වල්පයක් එකතු කර උයන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.
සබ්බේ සත්ථා ආහාරට්ඨිකා
-කතන්දරකාරයා
ප/ලි
රමණී නෝනා මහත්තයා ආගන්තුක සත්කාරයට බර කෙනෙක් බව දැන් තේරෙනවානේ?
අපරාදේ කියන්න බෑ රත්නායක මහත්තයාත් ඒ වගේම තමයි. මං ගිය ගමන් ෆ්‍රිජ් එකෙන් කාල්ස්බර්ග් ම තමයි එලියට ගන්නේ.
අර යාළුවෙක් ජපානේ ඉඳන් ගෙනත් දුන්නු "සාකේ" බෝතලේයි, තව කෙනෙක් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනත් දුන්නු "ෂිවාස් රීගල්" එකයි ඉතිං කබඩ් එකේ දාගෙන හිර කරං ඉන්නේ.
අපිට කොයින්ද ඉතිං ඒ හයි ෆයි? අපි ගෙනිච්චොත් ඉතිං ඔය "සිංහ වංසේ" දෙකක් තුනක් තමයි!
(image: http://massagetherapyworks.businesscatalyst.com/_blog/Boston_Healing_Blog/page/3/)
Labels:
රත්නායක මහත්තයා,
රමණී නෝනා
Subscribe to:
Post Comments (Atom)
අද නම් කතන්දර එක්ක තරහම, තරහයි...:D
ReplyDeleteඋදේ ඉඳන්ම බඩ දනවා ඔය පින්තූරුවල තියන කෑම කන්ට නැතුව. හැබෑට රමනී නෝනා මාර හපනියක්නේ. අර මාලු දීසිය තමයි ලස්සන.
අනේ මගේ දුප්පත් පපුවත් රිදෙනවා ආසාව වැඩිකමට...:)
මොනවද ඔය අපහාස ෆෝන් කියන්නෙ?
ReplyDeleteඉඳා කාල වරෙන් කියලම දීල තියෙන්නේ අපිට කන්ඩ......
ReplyDeleteසිංහල මිනිස්සු කොහොමත් ඉතින් ආගන්තුක සත්කාරයට බරයිනේ.
ReplyDeleteකෑම ටික දැක්ක ගමන් මටත් කන්න හිතෙනවා
ඇත්තට මොනාද ඔය අපහාස ෆෝන් කියන්නෙ...........
හිකිස්....'උපහාර' ෆෝන් කිව්වාම මට මතක උනේ අපේ අම්මගෙ උපහාර ෆෝන් එක....
ReplyDeleteඅත් දෙක වන වනා ගිහින් අනුන්ගෙන් කෑම අරන් ආව මදිවට තව චණ්ඩිය වගේ පින්තූරත් එක්ක හදන හැටිත් දාල..... ඔච්චර දන්නව නං ඉතින් හදාගන්න තිබුණනෙ... හුහ්...
මේ දුරු රටේ තම්බලු එළවලුයි බාගෙට උයපු මසුයි කකා ඉන්න කොට මේ වගේ එකක් දැක්කම දාපු එකාගේ පරම්පරාවටම පින් දිදී කෙල ගිලිනවා ඇර වෙන මොනව කරන්නද....
ReplyDeleteඅනේ හැබෑට අත්දෙක වන වනා ගෙදරකට යන සිරිතක් තියනවද?බිස්කට් පැකට් එකක් වත් අරන් යන්ඩ තිබ්බනේ.:)
ReplyDeleteඅර වැංජන ටිකනම් පංකාදුයි..කකා..
ReplyDeleteයකඩෝ රමණි නෝනා බොහොම අබ්බිත්තය් නේ මේ වසවර්තියෝ දෙන්නාට දීලා තියෙන්නේ
ReplyDeleteහාමිනේ නැති හින්දා අයිස් තේ වැඩියෙන් ගන්නවද මන්ද, කුකුල් මසුයි, මාලුයි මාරු කරල දාල තියෙන්නෙ?
ReplyDeleteහාමිනේ තවකල්, ගිය දිහාම හිටපුවාවෙ කියලා හිතුනා නේද? :D
ReplyDeleteදොළදුකත් හැදුණද මන්ද මේවා දැකලා..කටට කෙළ උනනවා උදේ ම
ReplyDeleteඅයියෝ අපේ කථන්දරට වෙච්ච දෙයක්. හාමිනේ එනකන් කාට කාට හරි පිනක් දහමක් කර ගන්න ලැබේවි.
ReplyDeleteකජු ටික දැක්කම නම් පෙරේතකමේ බෑ..
ReplyDeleteහැබෑටම මුකුත් ගෙනිච්චෙ නැද්ද??
ReplyDeleteරමණි නෝනා හොද නිසාම හොදයි.
දැන් ඔය අසනීපෙන් ඉන්න ජෝඩුවටද ඔය හොදට තෙල් මිරිස් දාල උයාපු කෑම ටික?නැත්තන් කකාලට වෙනම උයල දුන්නද?
ReplyDeleteසාධු..! සාධු...!! සා.....ධු...!!!
ReplyDeleteකජූඌඌඌඌඌඌඌඌඌ!ස්ර්‍ර්ර්‍ර්ප්!!!
ReplyDeleteහ්ම්ම් පේනව නේද හාමිනේල නෑති උනාම තියන රඟේ ..
ReplyDeleteමමනම් මස් මාළුවලට මීට වඩා මිරිස් දානවා . රතු හෝ කළු පෑහෑය හිටින්ට ..
@ සුජානි,
ReplyDeleteලස්සන පුංචි පැටියෙක් සිවිඩ්ඩෙන් කොස්සැටේ එන්නැහේ සැහැල්ලුවෙන් ලැබේවා...කියල පතනව!
අනේ බොල කතන්දර කාරයො, කෑම ටිකට විද්දා මදිවට කරල තියන අපහාසෙ, වයසක ජෝඩුවක්!!! හාමිනේ නැතුව නුහුගුනේ ද??
ReplyDelete@ Podi Kimarihami
ReplyDeleteඔයා කෙල ගිලලා මට බඩේ අමාරුව හැදෙයිද මන්දා?
දන්නවද ඒ මාළු ජාතිය? අත්ලාන්තික සැමන්!
@ 108543860788859599679 (ඊ-මේල් කවිකාරී)
ReplyDeleteඅපහාස ෆොන් කියන්නේ ඇදුරුතුමාගේ ජාතිය නෙමේ, අනිත් ඒවා!
මේ ඔයා ඩිජිටල් නෙමේ නේද?
@ Observer
ReplyDeleteඔබාට නම් ඉතින් බිත්තර නැතුව පුඩින් කාලා පුරුදුයි නේ!
@ Suri
ReplyDeleteඋපහාර නොවන අන් සියළු ෆෝන් අපහාස ෆෝන් වේ!
@ Miyuru
ReplyDeleteමේ හදන විදිය මං ඉරිදා දවල් ෆොන් එකෙන් අහගත්තේ රමණී මෑඩම්ගෙන්මයි.
@ ඔබ නුදුටු ලොවක්
ReplyDeleteඇයි බං උයන්න ඉගෙන ගන්නකෝ.
මේ තියෙන්නේ රෙසිපී!
@ නදී
ReplyDeleteමගේ ප/ලිය දැක්කේ නැද්ද?
මං කලින් සතියේ ගියේ සිංහ වංශෙන්.
මෙදා පාර අතර මගනේ හිටියේ, ඉතිං හිස් අතින්ම තමයි ගියේ!
මිට පස්සේ කෑම ෆොටෝ නොදැ ඉන්න පුලුවන්නම් හොදයි. මේක කියවන ගොඩක් අය ඉන්නේ ලංකාවෙන් පිට. ඔයවගේ එව්වා දැක්කම ඉන්න අමාරුයි. (විශේෂයෙන්ම කලේ පැන් ලංකාවෙනම්)
ReplyDelete@ Raj
ReplyDeleteකියල වැඩක් නෑ රහ!
@ Ano 28 No 8:41 AM
ReplyDeleteපොඩ්ඩ කෙසේ වෙතත් දෙවේලක්ම කෑවා!
@ dawingsdodo
ReplyDeleteමාරුවෙලා නෑ, හරි!
ඒ මාළු ඇට්ලන්ටික් සැමන්.
චිකන් උයලා තියෙන්නේ රමණී ක්‍රමයට නේ.
@ හරි-පිණිපලස
ReplyDeleteඅපෝ නෑ!
එනකං මග බලං ඉන්නේ. අඟහරුවාදා ගොඩ බහිනවා!
@ සුජානි
ReplyDeleteඅන්න ඉන්දික උපශාන්ත උත්තර දීලා තියෙනවා!
@ මහ වෙදනා
ReplyDeleteඅපොයි නෑ, අද ඉව්වා!
හැබැයි ෆොටෝ ගන්න බැරිවුණ නිසා පෝස්ට් දාන්නේ නෑ!
@ පිනිබිඳු
ReplyDeleteකජු මාර ගණං නේද මේ දවස්වල? කිලෝ එකක් 2,000ක් ලු!
අනේ අර වයසක අසනීප වෙච්ච ජෝඩුව ට හුලං ද දන්නෙ නෑ එදා..:D
ReplyDelete@ නිසූපා
ReplyDeleteරමණී නෝනා කෑම දිලා, තේ දීලා, කොල්ලට චොකලට් දීලා කරගත්තු පින නං මහාමේරුව වගේ!
@ mier
ReplyDeleteනිකං හම්බවෙන අස්සයගේ ඇයි දත් බලන්නේ?
@ Mahesh Wickramasinghe
ReplyDeleteතෑන්ක් යු වේවා පින්වත!
@ kandyan
ReplyDeleteකජු කන්න නම් ලේසියි.
හැබැයි පින් කරලා තියෙන්නත් ඕනෑ!
@ Gimhani
ReplyDeleteඒකනේ විවිධත්වය!
එක එක නෝනගේ එක එක රෙසිපී!
@ ඉන්දික
ReplyDeleteවැල මදුලෙන් කොස් ඇටේ නොවේද?
@ Rupika
ReplyDeleteපුහුල් හොරා කරෙන් දැනේ?
@ amilaabeynayake
ReplyDeleteකතන්දර බ්ලොගය කියවන්නන්ගෙන් 75%ක් ලංකාවේ ඉන්නේ.
අද දවසේ පාඨකයින්ගෙන් 67% ක්ම ලංකාවේ.
වැඩ ඇරිල ආව විතරයි.මේ ටික දැක්කම උන්හිටිතැන් අමතක වුනා.
ReplyDelete@ සපතේරු උන්නැහේ
ReplyDeleteඑහෙම කරයිද රමණී මැඩම්?
රත්නායක මහත්තයා නං බඩගින්නේ ඉන්න ඇති!
@ කස්ස
ReplyDeleteඇයි රූට කාලද ආවේ රෙස්ටෝරන්ට් එකෙන්ම?
@කතන්දර
ReplyDeleteඔවු අප්ප මේ ලෝකෙ රහක් නැති කුකුල් මස් කරියකුයි බතුයි කෑව.
@ කස්ස
ReplyDeleteඑහෙනං දත කට මැදගෙන නිදා ගන්න. දොලහටත් ලඟයිනේ?
මෙන්න කතන්දරත් පටන් අරගෙන... කෑම පෙන්නන්න.. මාරයෝ.. නැගිටපියෝ..
ReplyDeleteයකෝ මේක හරි වැඩක්නේ.. රෑට කන්න තව කොච්චර වෙලා තියෙනවද.
ඔන්න ඔය වෙලාවට තමයි තදවෙන්නෙ ඈ...
ReplyDeleteකෑම වල පොටෝ දානවා කියල ඔහොමත් දානවද
මෙච්චර උදව්කරන රත්නායක මහත්තයටනේ කකා.......
ReplyDelete(ට්‍රැෆික්)
ReplyDeleteඔය රෙසිපීස් වල තියන වැදගත්ම කෑල්ල තමයි, "අවශ්‍ය පමණට ලුණු දමන්න" කියන්නෙ.
digatama liyanna k.k. mamath blog 1k patan ganna gdk asawen inne. :) man kathandara ge mulu blog 1ma kiyewwa! maxxa!! danata nam ano nangiyek widiyatai comment karanne. idiriyata magema blog 1kin munagehennamko. jaya!
ReplyDeleteඔය අහා කෑම වලට මිරිස් දාන්නෙම නැතෙයි. මාළු ටික නිකම් තම්බල වගෙයි. කතන්දරට මිරිස් අගුණෙයි.
ReplyDelete@ පැණි දොඩම්
ReplyDeleteරෑට විතරද බත් මාලුපිණී කන්න පුළුවන්? අපි නං තුන් වේලටම බත්!
@ චමිල
ReplyDeleteඔය නිකං දවසක ෆොටෝ.
පාටියක් දවසක එන්නකෝ ඇල්බම් එකක්ම පෙන්නන්නම්!
@ රාජ්
ReplyDeleteපොඩ්ඩක් හෝව්!
මේ සේරම දුන්නේ රමණී මැඩම්.
@ ට්‍රැෆික් ඇනෝ
ReplyDeleteලුනු දාන්නෙත් පස්සේ. ඔය වාක්‍යය එකතු කළෙත් පස්සේ!
@ Ano Nov 29, 3:31 PM
ReplyDeleteස්තුතියි.
එහෙනං බ්ලොග් එකක් පටන් අරගෙන ඇවිත් අපිටත් කියන්න කෝ!
@ සොසී
ReplyDeleteමාළු උයන එක විදියද තියෙන්නේ?
මේකට මිරිස් දාලා. පාටෙන් කියන්න පුළුවනි යෑ ඒක.
රෙසිපිය කියවලා බලන්න.
බහුතරයගේ යහපතට කියමින් සුළුතරය වන අප, එනම් ඔහේ අහුවෙන මොනවයින් හරි බඩ පුරවගන්න විදෙස් වාසීන්, හිතාමතාම අමාරුවේ දමන මෙවන් පොස්ට් වර්ජනය කලයුතුයි.
ReplyDeleteලංකාවේ තනියම බෝඩිම් වල කල් මරණ යහළුවන් ද එකතුකරගෙන මහා උද්ඝෝෂණයක් සංවිධානය කළයුතුව ඇත.
මිට වඩා ලියුවොත් තියෙන මලට &%^$£^*&((&) ඔක්කොම ලියවීමට ඉඩ ඇති බැවින් නවතිමි.
මිරිස් දාලා. නමුත් ඉතාම ස්වල්ප වශයෙන් වගේ.
ReplyDeleteඇයි බැරි. මිරිස් සැර , පාට බැලුවම මට නම් දැනෙනවා. එන්න කෝ මාතර ඉහින් කනින් දුම් දාන විදිහට තමයි ඒ අහා ආවොත් කන්න වෙන්නෙ ඔයැයිට. හරිය.
@ මරුමුස්
ReplyDeleteහිත ඇත්නම් පත කුඩාද?
උයන්න ඉගෙන ගන්න එක මහ ලොකු දෙයක් නෙමේ.
තනිවී සිටින කාලේ තමයි මාත් අල්ලා ගත්තේ!
@ සොසී
ReplyDeleteඅපොය් එන්නම් කෝ මාතර අහ ලඟදීම.
ඔය කියන්නේ අර ආශ්චර්යේ කෙලවර ඉඳලා හැතැප්ම 28 ක් දුරින් තියෙන ගම නේද?
ඔවු !!! ඒ අහ තමයි.
ReplyDelete@ සොසී
ReplyDeleteමත්තල ඉඳන් අකුරැහැට දුර කොහොමෙයි?
කොහේ උයන්නද කාමරේ ෆයර් එලාම් එක වැදුනොත් ගෙදර තමා.....
ReplyDeleteකතන්දර . . .
ReplyDeleteකජු බිසන්න ඕනෙයි කියනව නේද ෆ්ලේවර් එක වැටෙන්න????
@නදී:
AWW යනව කියන්නෙ එහෙම යනවට . . . ඒකත් හොඳ විදියක් ගෙදරකට ගොඩ වෙන්න.
අනේ මචෝ උදේම බලපු පෝස්ට් එක.. කෑම.. කෙල එකයි කටේ..
ReplyDeleteකියලා වෑඩක් නෑ කෑම ටික...පට්ට රස ඈති..
ReplyDeleteඅයියෝ කතන්දර අයියා, "කලේ පැන් නැත" නෙමෙයි. "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයියෝ කතන්දර අයියා "කලේ පැන් නැත" නෙමෙයි බන්, "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"
ReplyDeleteමොකද මන්දා ලිඳට වූයේ!