ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 6 November 2011
පෑන බිම වැටුණා! - Drop the pen moment
කාලෙන් කාලෙට විවිධ කළමණාකරණ වැඩ සටහන්වලට සහභාගීවෙන්න ඉඩ ලැබෙනවා. මේවායේ ජොලිය තියෙන්නේ උදේ හවස තේ සහ දවල් රසවත් කෑම සමට පොඩි සංකල්පයක් දෙකක් අල්ලා ගෙන දවසක්ම, කයිය දෙමින් තෙල බෙදමින් ඉන්න ලැබීමයි.
මේ වාගේ එක වැඩසටහනක දී වෙච්ච සිද්ධියක් තමයි මං කලින් දවසක කිව්වේ අර අනුන් ගේ වැරදි පෙනීම ගැන.
ඊට කලින් මං කිව්වා මතකද කියත මුවහත් කිරීම ගැනත් කතන්දරයක්?
මේ වගේ කතන්දර තවත් රාශියක්ම තියෙනවා ලියන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට.
මෙන්න අද පෑන බිම වැටුණා!
මේ කතන්දරේ කතා නායිකාව, ඩිලානි කියලා කියමු, රාජ්‍ය ආයතනයක එක අංශයක් බාර මැනිජර කෙනෙක්. මේ අංශය වෙනත් දෙපාර්තමේන්තුවකට අනුයුක්ත වුනා මොකක්ද මන්දා රීෂෆලින් කේස් එකක් හින්දා.
අළුත් දෙපාර්තමේතුවේ සහකාර ලේකම් හෙවත් පොඩි බොස් ඩිලානි ව කැදෙව්වා ඒ අංශයේ වැඩ කටයුතු ගැන වාර්තාවක් ගන්න.
මනුස්සය මේ මීටිමට ගිහින් තියෙන්නේ සෑහෙන්න හිතේ චකිතයෙන්. සටහන්, වාර්තා, ලිපි ගොනු පුරෝලා අරගෙන, හොඳට කොණ්ඩේ හෙම පීරලා, වතුර වීදුරුවක් බීලා ගියත් බඩේ සමනල්ලු අඩුවෙලා නෑ.
අළුත් ලොක්කා තඩි මේසේ එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා අත් දෙක මේසේ උඩ වැලමිටි දෙකෙන් රඳවාගෙන ඇඟිලි දහය එකිනෙක තට්ටු කරමින් දෙන බොඩි ලැන්ග්වේජ් එකත් එච්චර සුභවාදී බවක් පෙනිලා නෑ.
ලබ් ඩබ්, ලබ් ඩබ්, ලබ් ඩබ්!
වාර්තාව ඉදිරිපත් කරන්න පටන්ගන්න හදන කොටම මොකද දන්වාද වෙලා තියෙන්නේ?
හදිස්සිය නිසාම ඩිලානි ගේ අත පැටලිලා පෑනක් බිම වැටිලා!
ඩිලානි ඔන්න දැන් පෑන ගන්න බිමට නැවුනා පුටුවේ ඉඳගෙනම. තමන්ට පැත්තකින් බිම වැටිලා තිබුණු පෑන ඇහිඳ ගත්තා.
පෑන අහුලාගෙන ආපහු උඩට එන තත්පර කෑල්ල තියෙනවා නේද? ඔන්න ඒ ක්‍ෂණයේදී ඩිලානි ට මෙහෙම හිතුණා!
"දැන් මං මේ අංශයේ අවුරුදු හතක් සේවය කරලා තියෙනවා. අංශ ප්‍රධාන කලමණාකරු විදියටත් අවුරුදු දෙකක්ම. මං තරම් මේ අංශයේ වැඩ ගැන දන්න වෙන කෙනෙක් නෑ මෙතන."
"ලොක්කා මට එන්න කිව්වේ මගෙන් මේ ගැන අහගන්නයි. ඒ එයා දන්නේ නැති හන්දායි. මගේ යුතුකම මට හැකි උපරිම ආකාරයට එයාට මගේ අංශය ගැන පහදලා දීමයි."
පපර පපර පෑං!
පෑන ගන්න බිමට නැමුණු ඩිලානි නෙමේ උඩට මතුවුනේ.
එතන ඉඳන් පැය භාගයක් දීලා තියෙනවා ඇට්ටි හැලෙන්න.
ලොක්කත් හැපි, ඩිලානිත් හැපි.
සභාතොමෝ සතුටින් විසිර ගියහ.
අන්න බලන්න පින්වතුනි, පෑන් බිම වැටීමේ තියෙන ආනිසංශේ. මාත් දැන් නිතරම පෑන් දෙකතුනක් අතේ අරන් තමයි මීටින්වලට යන්නේ!
-කතන්දරකාරයා
ප/ලි:
මේ වගේ සුගුණපාල ධනවර්ධන අත්දැකීම් අපි හැමෝටම ඇති මට හිතෙන්නේ.
(image: http://terrynwilliams.wordpress.com/2011/10/05/positive-thinking-can-set-you-up-to-fail/)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
තේරුනේ නැතෝ........
ReplyDeleteහික් හික් හික්.... කතන්දර මිටියක්ම අරන් යන්නේ මීටීම අප්සට් ගියොත් පෑන පොලේ ගහන්න බලාගෙනද?
ReplyDeleteපෑන ගන්න පාත්වෙනකොට මොලේ පොඩ්ඩක් ඉස්සෙනවනේ..එතකොට තමයි ඔය අයිඩියා එන්නේ !!!
ReplyDeleteDennam Kathandara liyana ewa meloooma rahak ne
ReplyDeleteමේසෙ යටින් ලොක්කගෙ ...
ReplyDeleteපෑන බිමට වැටුනු සද්දේ මාර ලස්සනයි.
ReplyDeleteසත්‍යය තේරුම් ගන්ට කොහොමත් තත්පරේලු යන්නේ...:)
@ සොසී
ReplyDeleteතේරුම් ගන්න වැඩි දෙයක් මෙතන නෑ. තියෙන්නේ එකම දෙයයි.
එනම්, තේරුම් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැති බව විතරයි.
ඩිෆයිනින් මොමන්ට් කියන්නේ, අහලා නැද්ද?
@ ගිණි කුරුල්ලා
ReplyDeleteමිටියක්ම අරං ගියාම එකක් බිම වැටෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි!
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඇත්ත, ඒක හොඳ පැහැදිලි කිරීමක්.
@ Anonymous - November 6, 2011 7:32 AM
ReplyDeleteමොනව කරන්නද අනේ, කතන්දර මවන්නයැ?
තියෙන විදියට බෙදා හදා ගෙන උගුරෙන් පහලට යවා ගනිමු.
දැන් මං මේ අංශයේ අවුරුදු හතක් සේවය කරලා තියෙනවා. අංශ ප්‍රධාන කලමණාකරු විදියටත් අවුරුදු දෙකක්ම. මං තරම් මේ අංශයේ වැඩ ගැන දන්න වෙන කෙනෙක් නෑ මෙතන -
ReplyDeleteපෑන බිං වැටුනත් නැතත් ඔය උඩ තියෙනවට සමාන දෙයක් අපේ අහවල් බාසාවෙන් හිතාගත්තම බය නැතුව කතා කරලා ආවැකි.
හැබැයි පෑන වැටුනයි කියන්නෙ රජෝ හරනං වගේ දෙයක්ද කියලා නං තාම මෙව්වා එකක් නෑ. කල්පනා කරලා බලන්ඩ ඕනෙ ඒ ගැන.
පොඩ්ඩි,
කොහෙද පෑන බිම වැටෙන සද්දයක් තියෙන්නෙ.., කෝ මට හොයාගන්ඩ බෑනේ!
@ Chanaka Aruna Munasighe
ReplyDeleteෂූ, ෂූ, වල් මකරා.
@ පොඩි කුමාරි
ReplyDeleteලබ්, ඩබ් කියන්නේ හදවත ගැහෙන නාදයයි. ඔයා ගේ හදවත ගැහෙන්නේ කොහොමද?
@ බුද්ධි
ReplyDeleteඩිලානි ඔය කතාව කියපු වෙලේ මට හිතුනේ නම්, බය චකිතය ආපුවාම කිසි භාෂාවක් මතක් වෙන්නේ නෑ.
ඩ්‍රොප් ද පෙන් මොමන්ට් එකේ තමයි හිත දිරිය ඇවිත් තියෙන්නේ.
මේ වගේම තමයි.......ප්‍රේමය වෛරයකට හැරෙන්න යන්නෙත් සමහර විට සුලු මොහොතයි...
ReplyDeleteඔන්න මයියා ප්‍රථම වතාවට, උදේ පාන්දර.... විහිලුවත් , අපහාසයත් අතර වෙනස තෙරුම් අරගෙන කතන්දර නමට පෝස්ට් එකක් දැම්මා...
ඇඩ්‍රෙනලින් වැඩ පටං ගත්තෙ නැවෙනකොටද ??
ReplyDeleteAdrenaline is a hormone produced by the adrenal gland in the body of many animals. When it is produced in the body it stimulates the heart-rate, contracts blood vessels, dilates air passages, and has a number of more minor effects. Adrenaline is naturally produced in high-stress or physically exhilarating situations.
The term "fight or flight" is often used to characterize the circumstances under which adrenaline is released into the body. It is an early evolutionary adaptation to allow better coping with dangerous and unexpected situations. With dilated air passages, for example, the body is able to get more oxygen into the lungs in a timely manner, increasing physical performance for short bursts of time.
http://www.wisegeek.com/what-is-adrenaline.htm
අපිත් පෑන් වට්ටලා තියෙනවා. නමුත් වෙන දේවල් වලට..
ReplyDelete@ mayya
ReplyDeleteස්තුතියි!
මෙන්න මයියා ගෙ කතන්දරයට Link එක.
http://maiyyagelokaya.blogspot.com/2011/11/kathandharashuuriingea-oapan-soers.html"
කොයි වෙලෙත් පෑන් "ටිකක්" සාක්කුවේ දාං ඉන්න එක හොඳයි වගේ! :D
ReplyDeleteකතන්දරේගේ බ්ලොග් එකට හිතුමතේ දාන පලවෙනි කමෙන්ට් එක... උපදේසේ ගොඩාක් වැදගත්.... මම නම් ආයේ යනකොට කකා වගේ පැන් මිටියක්ම නැතත් තුන හතරක්වත් අරගෙන යනවා....
ReplyDeleteහිතුමතේ ෆලෝ කරපු පලවෙනි බ්ලොග් එක කතන්දරගේ බ්ලොග් එක
ReplyDeleteඕනෑම නරකයි කියන දෙයක ප්‍රශස්ථ මට්ටම ක්‍රියාත්මක වෙන කොට උපරිම ඵල නෙලා ගන්න පුලුවන් !
ReplyDeleteබය, තරඟකාරීත්වය, ගැටුම් ! හැබැයි ප්‍රශස්ථ මට්ටම .. ඒකට එහා ගියොත්.
.ඩිලානි ගැන ලොක්ක වැරදි අවබෝධයක් ඇති කර ගන්නවා..
කාමුකම මිනිස් සතා කසාද බැඳලා ළමයි හදනවා වෙනුවට ඇහැට දකින අහුවෙන මානයෙ ඉන්න දැරියන්, කාන්තාවන් සහ මැහැලියන් පවා දූෂණය කරන්න පටන් ගන්නවා.
ඔය වැඩේ ඉන්ටවිව් වලත් වෙනවා. සුමාන ගනන් ප්ලෑන් කරලා, රිහර්ස් කරලා ගියත් ඒ වෙලාවේ සිද්ධ වෙනදේ ගැන කාටද කියන්න පුළුවන්.
ReplyDeleteඅර කිව්වා වගේ බිම නැමෙන කොට බොසාගේ දනිස් මැන්ඩලින් ගහනවාවත් දැක්කද දන්නෑ.
පෑනෙ කොපුව තිබුනද දන්නෙ නෑ ???
ReplyDeleteමොකක්ද මේ "සුගුණපාල ධනවර්ධන" කතාව ???
ReplyDeleteඩිලානිගෙ පපුව ගැහෙනව ලොක්ක බලංහිටපු විදියටලු ඩිලානිගෙ පපුවෙ ගැහිල්ල නැවතිල තීන්නෙ.
ReplyDeleteකවදා හරි ඉන්ටවු එකෙකට යනකොට මම මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න ඕන .
ReplyDeleteපෑන වෙනුවට පොඩි පිස්තෝලයක් වගේ එකක් බිම අතෑරියා නම් ඔයිට වඩා වේගවත් ප්‍රතිථල ලබා ගතතැහැකි
“බඩේ සමනල්ලු අඩුවෙලා නෑ. “ මොකක්ද මේ කතාව .......
ReplyDeleteමේක නම් ඇත්ත... ඔය මීටින්වලට යනකොට හොඳට හිතාගෙන යන්නෙ සංවරයක් ඇතිව ඉවසීමෙන් කියන්න යන ටික කියල එන්න... ඒත් සමහරවෙලාවට එක පාරටම කොහොම වෙනවද මන්ද (මං හිතන්නෙ කවිකාරි කියපු විදියට වෙන්ටැ..) අර සංවරය දෙපිටින් ගිහින් රම්පෙට පොරි හැලෙන්න දීල දානව.... ඒ සමහර ඒව ඇත්තටම තියෙන ප්‍රශ්න උනාට කවුරුවත් කතා කරන්න යන්නෙ නැති දේවල්... ලොක්ක මොනව හිතයිද... වැරදිලා ගියොත් ගෙදර යන්න වෙයිද කියල හිතෙන ඒව...ගොඩක් වෙලාවට ඒවයින් හොඳ ප්‍රතිඵල ලැබිල තියෙනව....
ReplyDeleteමෙලෝ දෙයක් නොතේරේ........
ReplyDelete(Trafic Ano said...)
ReplyDeleteපෑන ගන්න බිමට නැමුණු ඩිලානි නෙමේ උඩට මතුවුනේ
මේ වගන්තිය තේරුම් දෙකකින් ගන්න පුළුවන්.
1. ඒ මොහොත තුළ ඩිලානි වෙනස් වූ බව.
2. ඩිලානි පෑන ගන්න බිමට නැමුනු පසු නැවත හිස නොඑසවූ බව.
ඉතින් අපි ගන්නෙ පළමුවැන්නනෙ, කතාවෙ ඉතුරු ටිකට සම්බන්ධ වෙන විදිහ බලල.
හැම දෙයක්ම එහෙමමයි.
ඩිලානි පෑන අහුලාගෙන ආපහු උඩට එන ක්‍ෂණයේදී බොස්ට ඇති වූ සිතුවිලි දක්වා නොමැති නිසාත් බොසුත් ඩිලානිට අහුලන්න පෑනක් බිමට දැමූ බව දක්වා නොමැති නිසාත්... මටත් මෙලෝ දෙයක් නොතේරේ........
ReplyDelete°|° Dick-son
maru! paane anisanshe!
ReplyDeleteවැදගත් Corporate Advice එකක්. :)
ReplyDeleteහික් මාත් ඉස්සර ඕලෙවල් ගනං පන්තියෙදි පෑං පැන්සල්, අඩිරූල් එහෙම බිම දාල තියනව. ඒ ඉතිං අපිට ඉස්සරහ මේසෙ අනිත් පැත්තෙ අපේ පැත්තට මූණ දාල කෙල්ලො වාඩිවෙලා උන්න නිසා. කතන්දරගෙ කතාවෙ ඉන්න කෙල්ල වගේමයි . පහත් වෙච්ච අපි හරිම ප්‍රබෝධයකින් තමයි ආයෙම නැඟිටින්නෙ. හික්
ReplyDelete@ පූසා
ReplyDeleteඒක හොඳ අදහස.
අර Weni ළමයා නේද වෙන මොනවද දාගෙන ඉන්ටර්වීව් එකකට ගියේ?
@ හිතුමතේ
ReplyDeleteස්තුතියි.
මාත් කතන්දර ලියන්නේ, කමෙන්ට් කරන්නේ, උත්තර බඳින්නේ, ෆලෝ කරන්නේ සේරම හිතුමතේ ම තමයි!
@ Weni
ReplyDeleteබුදු අම්මෝ! එච්චර දුර යන්න එපා.
@ kandyan
ReplyDeleteමේක අමූලික ඇත්ත කතාවක්.
ඩිලානිට එක පාරටම මාර ගටක් ඇවිත්. කොහොමද එහෙම වුනේ, හේතුව තමයි ප්‍රශ්ණේ.
@ ඕනයා
ReplyDeleteකොපුව තියෙන්න ඇති, නැත්තං තීන්ත ලීක් වෙනවානේ?
'තේරුනේ දැන් තමයි'
ReplyDeleteප.ලි.
තේරුනා කියල හිතාගෙන ඉන්නෙ.
@ Hasitha
ReplyDeleteසුගුණපාල ධනවර්ධන - ඒ කතන්දරේ තාම දාලා නෑ.
අන්තිම බින්දුව දක්වා ධනාත්මක චින්තනයක් තිබුණු සුගුණවත් මහත්තයෙකුගේ චරිතයට මං දුන්නු නම තමයි ඒක.
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඉන්දිකත් හොඳයි ලොක්කගේ රෝල් එකට.
@ හිස් අහස
ReplyDeleteඅද "හිස් අහස" දාලා තියෙන කවි පන්තියේ හැටියට සිලි-සිලි බෑග් එකක් අරං ගියා නං හොඳ වගේ.
@ පන්සල් හන්දිය
ReplyDeleteබඩේ සමනල්ලු = butterflies in the stomach
මෙතන බලන්න. http://en.wikipedia.org/wiki/Butterflies_in_the_stomach
@ Miyuru
ReplyDeleteමටත් ඉන්ටර්වීව් වලදී හොඳ දේවල් වෙලා තියෙනවා!
@ හරි
ReplyDeleteදාන්න පෑනක් දෙකක් බිම!
@ ට්‍රැෆික් ඇනෝ
ReplyDeleteයකෝ ට්‍රැෆික් ඇනෝ මහා ෆිලෝසෝෆර් කෙනෙක් වෙලානේ!
@ Dick-Son
ReplyDeleteඅන්න ලියනව නං කතාව - බොස් ගේ පොයින්ට් ඔෆ් වීව්!
@ මාධව - மாதவ - Madhawa
ReplyDeleteපෑනට වඩා සිත!
@ Madhawa Habarakada
ReplyDeleteතෑන්කියූ, තැන්කියු!
@ nawammawatha
ReplyDeleteතනියමද නැගිටින්නේ?
@ Observer
ReplyDeleteමාත් සින්දුවකින්ම උත්තර දෙන්නම්.
කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ, කුරුකූ......
අනේ මන්ද...
ReplyDeleteඅදහස් ආව කියල ඔහොමත් නැමිලා හරි යනවද මං අහන්නේ
තේරුනේ නෑ නෑ වගේනේ...!!!
ReplyDeleteහී හී