ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday 21 June 2014
ගණංකාර කතන්දර දෙකහමාරක් - Anyone for "user pays"?
අද මට කියන්න හිතුණා පොඩි ගණංකාර කතන්දර දෙක හමාරක් විතර.
මීට කලින් 2011 ඔක්තෝබරයේ දී ත් මං මේ වගේ කතන්දරයක් ලිව්වා ලස්සෙට කොඩිය නම් බිලියනේට දාන්නේ මොකක්ද? කියන නමින්.
ඊට පස්සේ ඒක දෙගුණයක් කරලා තවත් කතන්දරයක් ලිව්වා 2012 අගෝස්තුවේ දී කැකිරි, පිපිඤ්ඤා, චීන පටස් රතිඤ්ඤා සහ මිලියනය කියන නමින්.
මේකත් ඒ කැටගරියේ එකක් තමයි.
ඔන්න මං පස්තාච්චි කුපාඩි කරන කාලේ (මේ වචන සැට් එක මේ දක්වාම නොදන්නා අයට- මේ කියන්නේ පස්චාත් උපාධි කියන එකයි) අපේ ආයතනයේ ස්ටුඩන්ට් යුනියන් බිල්ඩිමේ තිබුණා පොඩි පහේ ජිම් එකක්. ඒකේ තිබුණා ටේබල් ටෙනිස් මේස දෙකක්. මෙතන ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න පොඩි පහේ තරගයකුත් තිබුණා ඉල්ලුම සහ සැපයුම අතර ප්‍රශ්ණය නිසා.
අපි ලාංකික සිස්සයෝ නම් ඒ දවස්වල හවසට වැඩිපුර කෙරුවේ වොලිබෝල් ගහපු එකයි. මේ දක්වා ම ඒ ගැන නොදන්නා අයට - වොලිබෝල් කියන්නේ ලාංකික අපේ ජාතික ක්‍රීඩාවයි!
ටේබල් ටෙනිස්වලට කැමති සිස්සයෝ තමන්ම අවශ්‍ය පිති සහ පිංපොං බෝල මිලට අරගෙන තිබුණා. නමුත් ඉඳලා හිටලා ඉඩෝරෙට වගේ ටීටී පාරක් ගහන්න හිතෙන අපේ පිළිසරණය වුනේ ස්ටුඩන්ට් යුනියන් එකේ තිබුණු පිති සහ බෝල සෙට් එක.
මේ පොදු භාණ්ඩ පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්ණය තමයි ඒවා කැඩුණාම, අස්ථානගතවුණාම කොහොමද ආපහු ගන්නේ කියන එක. අනික කවුද ඒ භාණ්ඩවලට වග කියන්නේ?
මේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළා අපේ යුනියන් එකේ ලේකම්. පොර කිව්වේ, මේ පොදු භාණ්ඩ පාවිච්චියට ගන්නා අයගෙන් ඒකට බාට් එකක් වගේ පොඩි ගාණක් හෝ අයකරන්න ඕනෑ කියලයි.
මේ යෝජනාව සාධාරණීකරණය කරන්නට ගෙනා පොර ගේ තර්කය වුනේ පොඩි මුදලක් හෝ අයකරගැනීම මුදල් පිළිබඳ කාරණයක් වීම නිසා, ඒ මුදල් සඳහා ලදුපතක් නිකුත් කරන්නට වෙන බවත්, එනිසාම ඒ භාණ්ඩ ගැන වගකීම පිළිබඳ ප්‍රශ්ණයද විසඳෙන බවත්. (ඒ සමගම පාට් ටයිම් කැෂුවල් ජොබ් එකක් ද ඇති වෙනවානේ!)
ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ!
මෙන්න දෙවන කතාව.
කාලය: මීට වසර පහකට පමණ පෙර.
ස්ථානය: කතන්දර නිවස
"මොනවද අනේ ඔය ඔයා කම්පියුටරේ ලඟට වෙලා කරන්නේ?"
"මං මේ බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නේ මං ලියන කතන්දර පල කරන්න."
"මොකක්ද අනේ ඔය බ්ලොග් එකක් කියන්නේ?"
"බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ කවි හරි කතන්දර හරි වෙනත් නිර්මාණ හරි අන්තර්ජාලයේ පලකරන්න පුළුවන් මාධ්‍යයක්. ඒක පත්තරේක පලකරගන්නවා වගේ අමාරු වැඩක් නොවෙයි. ඒ වුණාට ඒ වගේ නොවෙයි ලෝකයේ වටේම ඉන්න අයට කියවන්නත් පුළුවන්, කියවලා ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්!"
"ඉතිං ඕකෙන් මොකක්ද ඔයාට තියෙන ප්‍රයෝජනේ?"
"ප්‍රධානම ප්‍රයෝජනය තමයි විශාල පිරිසක් අතරට තමන්ගේ නිර්මාණයක්, ලියවිල්ලක් ගෙනියන්යන හැකිවීම. අනික බ්ලොග් පිටුවක් අර පත්තර පිටුවක් වගේ කියවලා ඉබර වුණාට පස්සේ, දෙවනුව බත් ඔතලා, තෙවනුව කුණු ගොඩට දාන්න ක්‍රමයක් නැති නිසා අපේ ජීවිත කාලයෙන් පසුවත් පැවතෙන්න ඉඩ තියෙනවා."
"ඉතිං ඕයාගේ බ්ලොග් එක කියවන්න සෙනග ඒවිද?"
"අපොයි ඒවි. දැනටත් හොඳ රසවත් බ්ලොග් කීපයක්ම තියෙනවා මං නිතරම කියවන. අපි මෙහෙම කරමු. මගේ බ්ලොග් එකේ කතන්දරයක් කියවන්න එක් කෙනෙක් එක පාරක් ආපුවාම ඔයා මට රුපියලක් දෙන්නකෝ!"
"අපොයි සුළු දෙයක්!"
මගේ අවාසනවාට මං එදා ඒ පොරොන්දුව ලිඛිතව මුද්දරයක් උඩ අත්සන් කරලා ගත්තේ නෑ.
එහෙම කළා නම් මං අද විසි ලක්‍ෂපතියෙක්!
ඒ විසි ලක්‍ෂය පසුපස ඇත්තේ මෙය කියවන ඔබේ ඇඟිලි සළකුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබට මගේ ස්තුතිය! උපහාර සහ අභිමාන ගැන නම් කලින් දවසක ලිව්වානේ!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්නම මං සෑහෙන කාලෙකට කලින් ලියපු තවතඒ කතන්දර දෙකහමාරක්!
http://kathandara.blogspot.com/2010/06/blog-post_22.html
(image: https://scontent-a-hkg.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/p526x296/10403002_890621927620532_7577624367914134873_n.jpg)
Labels:
බ්ලොග් සංවත්සර
Subscribe to:
Post Comments (Atom)
විසි ලක්ෂපතියාට සුභ පැතුම්''''!
ReplyDeleteදස ලක්‍ෂයක් පිළිකා රෝහලට දෙන්නයි ඉන්නේ!
Deleteස්තුතියි, ජයවේවා!
වාචිකව පැවසූ බවට සාක්ෂියක් ඉදිරිපත් කිරීමට හැකි නම් කේස් එකක් ෆයිල් කල හැකියි නේද...... හෙක්.... හෙක්.....
ReplyDeleteඑතුමිය කියන්නේ මංතුමා ම කැටේකට රුපියල ගානේ දාන බව කීවා කියායි!
Deleteගෙදරම මුදල් හුවමාරු කර ගත්තා කියල නම් සුගතියක් වෙන එකක් නැහැ කකා. ඕකම නේද දැනුත් කරාන්නේ (අලුත් සිංහල). මා, මගේ බ්ලොගය පටන් ගාන්න කොට නොකියවපු, නමුත් දැන් කියවන බ්ලොග් දෙක තුන අතරේ ඔබගේ බ්ලොගය මුලටම තියනවා. අර ඒ කාලේ කියවපු ඒවා සමහරක් පළාතේ වත් දැන් යන්නේ නැහැ. ඒ තමයි මගේ වෙනස් වීම.
ReplyDeleteසුබ පැතුම් කකා!
කීවත් වගේ සේරම එවවුන්ට් ජොයින්ට් ඒවානේ!
Deleteබ්ලොග් ගැන කියනවා නම් - මං මුල ඉඳලාම කතන්දර ලිව්වේ මූලිකවම සරල වින්දනයක් සඳහායි. ඕනෑ අමාරු දෙයක් සරලව කතා කරන්න පුළුවනි නේ!
ස්තුතියි.
විසිලක්‍ෂය කියන්නෙ සුළුපටු ගාණක්ද කජුඇටද කොස් ඇටද :D කොහොම උනත් විසිලක්‍ෂයට සුබපැතුම් කකා.
ReplyDeleteඅදත් title එකේ ඉංගී‍්‍රසි කල්ල හැලිල නේද? :)
මේ කමෙන්ටුව ස්පෑම් ගොඩට ගිහින් තිබුණා!
Deleteඅඩුව පෙන්වාදීම ගැනත් සුභපැතුමටත් ස්තුතියි. ඔන්න හැදුවා.
කකා,
ReplyDeleteකතා ලියන්නෙ මුදල් සෙවීමට ද? වටේ යන්නෙ ඇඩ් ද? අන්ධ අයට ලස්සනයි කියල හිතෙන, කැත වහගත්ත මූණක් දාගෙන මේ යන්නෙ කොහෙද කියලා බැලුවා.
කතාවට වඩා ක්‍රියාවෙන් සේවයක් කරලා මුදල් හොයන්න අවස්ථාවක් ලබාගන්න ඕන ද? මම roselea CC එක හයර් කරලා ඒ වගේ අයට මාසෙකට සැරයක් ව්‍යාපාර කරන්න අවස්ථාවක් උදා කරල දෙන්න කතිකාවතක් දැම්මා. කැමති උන් ඉන්නවා ද?
වැඩේ තියෙන්නෙ නිකම් බලන උන් කී දෙනෙක් සල්ලි දීලා බලාවි ද කියන එක නෙ. කෝකටත්, මගෙ සුභපැතුම්.
අන්ධ අය ඇවිත් ඕනෑ තැනක් අල්ලලා ඕනෑ දෙයක් හිතා ගත්තාවේ!
Deleteමගේ අරමුණ එක කතන්දරයක් හෝ එහි කොටසක් නොව සමස්තය හරහා මට අවශ්‍ය දේ කීමයි!
සුභ පැතුම් කකා ...... අර බොලොග් ගැන කියලා තියෙන ටික නම් නියමයි ...
ReplyDeleteස්තුතියි.
Deleteඒ කතා කලිනුත් කියලා තියෙනවා!
http://kathandara.blogspot.com/2014/01/listen-you-three-bloggers-lost-in.html
19,99900 ගණන් වලදි ආවාම මේක හිතුණා... ඉතින් ඇත්තට ම අපි තුන් හිතින් ම සුභ පතනවා කතන්දර... විසිදාහක් ආපු දවසේ දැනුන සතුට අපි දන්නවානේ. ඉතින් 20 ලක්ෂය කොහොම සතුටක් ඔබට ගේනවා ඇත්ද කියලා අපිට හොදට ම තේරෙනවා. අපි තාම බ්ලොග්කරණයේ පොඩි උන් කරතන්දර...... ඔබ අපි ඉදිරියේ...............................
ReplyDeleteලොකුකම් පොඩිකම් බ්ලොග් ලෝකේ නෑ අපි කවුරුත් සමසමාජයයි!
Deleteස්තුතියි, ජයවේවා!
සුබ පැතුම් කතන්දර. මේ තැනට එන්ට කොච්චර මහන්සියක් වෙන්ට ඇතිද කියලා හිතාගන්ට පුලුවන්. රුපියල් විසිලක්ෂයක් එකතු කරලා දෙන්ට වටිනවා...:D
ReplyDeleteඒක ඩොලර්වලින් කීයක්ද?
තනිකර දාඩිය මහන්සිය.
Deleteස්තුතියි, ජයවේවා!
සුබ පැතුම් කකා
ReplyDeleteජයවේවා!
ගැලවිජ්ජාවටත් ජය!
Deleteහ්ම්..ගනන්කාර කතන්දර...! බොරුවකුත් නෙවෙයි.
ReplyDeleteඉත සිතින්ම සුබ පතනවා ඔබට. මේ ආව ගමන බොහොම කෙටි එකක් වේවා. මොකද ඔබට තව ඉතා දිගු අනාගතයක් තියෙන නිසා.
අනාගතේ මගේ අතේ, ස්තුතියි ඔබටත් ජය!
Deleteහදවතින්ම සුබ පැතුම් කකා……
ReplyDeleteතෑන්ක්ස් ප්‍රියා, ඔබටද ජය පතමි!
Delete/ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ!/
ReplyDeleteඔන්න කකා අපි ඇනෝ කමෙන්ට් දාන එකටත් කෙළ වන්නයි යන්නේ. කකා මෙහෙම චාර්ජස් නියම කළොත් නරකද?
1. බ්ලොග් එක කියැවීමට පමණක් එන පිරිසට එක් වරකට: රුපියල් 5
2. කියවා නමින් කමෙන්ට් කරන පිරිසට වරකට: රුපියල් 3 (මොකද ඔවුන්ගෙත් කන්ට්‍රිබියුෂන් එකක් තියෙන නිසා)
3. ඇනෝ කමෙන්ට් කරන පිරිසට වරකට: අය කිරීමක් නැත
නැත්නම් කකාට පුළුවන් නේද ඇනෝ කමෙන්ට් කරුවන්ට කමෙන්ට් එකකට රුපියල් සීයක් වගේ ගාණක් ගෙවන්න?
විහිළුත් දන්නවා නේද?
Deleteකකා ඔය ඉහත සඳහන් කරල තියෙන දෙබස ඇතිවුණේ කවුරු එක්කද කියලා නැති නිසා, ලිඛිත පොරොන්දුවක් නොගැනීමෙන් වාසියක් වෙන්න තිබුණාද නැද්ද කියන්න බැහැ.
ReplyDelete1. ඒ දෙබස ඇති වුණේ කතන්දර හාමිනේ එක්ක නම් අර රයිගම් උන්නැහේ කියල තියෙනව වගේ household income එකේ වෙනසක් වෙන්නෙ නෑ. ඒක අභ්‍යන්තර ගනුදෙනුවක් නිසා.
2. හැබැයි ඔය දෙබස ඇතිවුණේ කකාගේ වෙනත් female friend කෙනෙක් එක්ක නම් ලිඛිත පොරොන්දුවක් නොගත්ත එක පාඩුයි තමා. .
උම්මා එකක් වගේ පොරොන්දු කර ගත්තා නම්?
Deleteපානදුරේ නෝ-ලිමිට් ආයතනයත් අබ සරණ යයි
ReplyDeleteපානදුරේ නෝ-ලිමිට් ආයතනය ගිනි ගෙන දැවීම පිළිබඳව බොදු බල සේනාවේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ එහි විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතා මෙය අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධයින්ට එරෙහිව කරන කඩා කප්පල්කාරී ක්‍රියාවන්හි අළුත්ම ප්‍රතිඵලය විය හැකිය සඳහන් කළේය.
අබ සරණ වේවා!
බොදු බල සරණ වේවා!
ගණ සරණ වේවා!
මෙතුන් සරණින් ජයම වේවා!
මොකද ඇනෝනිමස් ආතල් එක වහලා?
Deleteඅබ සරණ යන්න බයේ වෙන්න ඇති.
Deleteඇනෝනිමස් ආතල් කාරයා විතරක් නෙවෙයි පැරා, මාතලන් හෙමත් දැන් කටයි පුකයි වහගෙන ඉන්නේ. නිකන් ඉක පුරා ගන්න ඕනැ නැහැනෙ කකා. අබ සරණ කෙසේ වෙතත්, ඕනෙම නම් කෙනෙක්ව නිවන් යවන්නත් බැරි කට්ටිය නෙවෙයිනෙ ඥානෙලා දිලන්තලා.
Deleteඒකත් එහෙමද?
Deleteඒ කියන්නේ ඇනෝනිමස් ලා වුනත් නෝ ආතල් විත් බොඩු බාල සෙන්නා?
http://kathandara.blogspot.com/2013/07/kathandara-is-bodu-bala-senna-sexist.html
කකා නම් ඉතින් ඕස්ට්‍රේලියාවෙනෙ ඉන්නෙ. අපි මෙහේ බෙල්ල පරිස්සම් කරගෙන ඉන්න එපායැ. අපට සිකියුරිටි නැහැනෙ. බස් එකෙන් බැහැලා ගෙදර එන කොට මෝටර් සයිකලේකින් ඇවිත් ඇසිඩ් ගෙහගෙන ගියා. කවුරුයි කියලා හොයන්නද? කාටද පාඩුව?
Deleteම්..ෂෝක් අදහස.!
ReplyDeleteඅතේ පිච්චියක් නැති වෙලාවට ලොගවුට් වෙලා තමන්ගේම බ්ලොග බලලා හිට්ස් වැඩිකරගන්නවා මම නම්.
ඉතින් අපිට පාන්ද ?
Delete@ මල්මි හි
Deleteකවුද රුපියල ගානේ දෙන්නේ?
අමතක වුණානේ ජයවේවා කියන්න..
ReplyDeleteජය වේවා.!
දැන් අර උඩ පින්තුරේ ඉරියව් ටික විදියට කකා පොටෝ අල්ලලා දැම්මානම් නරකද?
ඇයි කලින් දිනේක දැම්මානේ. මෙන්න බලන්න.
Deletehttp://kathandara.blogspot.com/2012/11/yet-another-actor-posing-for-some-racy.html
අමතක වුණානේ ජයවේවා කියන්න..
ReplyDeleteජය වේවා.!
දැන් අර උඩ පින්තුරේ ඉරියව් ටික විදියට කකා පොටෝ අල්ලලා දැම්මානම් නරකද?
ජයවේවා!
Deleteඔබේ කමෙන්ටු තුන නිසා මගේ ගිනුම රුපියල් තුනකින් වැඩිවිය!
හදවතින්ම සුබ පතනවා......! ජයවේවා.......
ReplyDeleteස්තුතියි, ජයවේවා!
Deleteඔය කතාව ඊට ආසන්නව අපේ උන්දැයි මමයි අතරේ වෙලා තියනවා. හැබැයි මම සල්ලි දෙන්න කිව්වේ නැහැ. මම කිව්වේ ඔයා බලන අර ඉන්දියන් ටෙලිනාට්‍ය වලට වඩා හොඳයි කියලා විතරයි. මමත් පෙන්නන්න ඕනේ අපේ උන්දැට මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ හිට් කවුන්ටරේ.
ReplyDeleteවිසි ලක්ෂයට සුබපැතුම්.
දැන් ඔයා ගිය සැරේ තරහ වෙලා ගියේ මේ පැත්තෙ පස් පාගන්නෙ නෑ කියල නේද?
Deleteඅඩෝ..... ඇනෝ .... ඒව විචාරක තුමයි කකායි බලාගනියි......
Deleteඋඹ පැත්තකට වෙලා ඉදිං බං පව් නොදී.......
ස්තුතියි විචාරක.
Deleteඇත්තටම මටත් මේ බ්ලොග් ලිවිල්ල නිසා සිදුවුණු එක වාසියක් තමයි දහජරා ටෙලිවිෂන් වැඩසටහන් වැරදීමකින් හෝ බැලීම නතරවීම.
සුබපැතුම් කකා ... තවත් තිස් හතලිස් ලක්ෂයක් මේ ගොඩටම එක්කර ගන්නට ලැබේවා ..... (Y)
ReplyDeleteස්තුතියි.
Deleteමුල් ලක්‍ෂ පහට අවුරුදු දෙකයි මාස තුනක් ගියා. ඒක දෙගුණ වෙන්න මාස දහයක් ගියා. ඒක දෙගුණ වෙන්න අවුරුද්දයි මාස දහයක් ගියා.
දැන් නම් හති!
/දැන් නම් හති!/
Deleteවයසට යනකොට ඔහොම තමයි. කොල්ලො කාලෙ කරපුව කරන්න බැහැ.
ලක්ෂ විස්සට සුබ පැතුම් !!
ReplyDeleteදැං ඉතිං ලක්ෂ විස්ස හම්බ නොවුනත් කකාට හාමිනේ ඉස්සරහ පොරක් වෙන්න පුලුවංනෙ.
කකා කොහොමත් "පොරක්" ලු ....එතුමියට යාලු වෙච්චි කාලෙ ඉදල..... ප්‍රසා....
Deleteකවදත් පොරක් නේන්නම්!
Deletehttp://kathandara.blogspot.com/2009/12/blog-post_03.html
ස්තුතියි!
මේ ගෑණු ළමයට සිරසෙන් දීපු පොරොන්දුව පොරොන්දුවක් විතරක් වෙයිද? මෙයා ලක්ස එකහමාර පිළිකා රෝහලට දෙයිද අලුත්ගම අයට දෙයිද?
ReplyDeleteඅන්න ඔබට තේරුණා මේ කතන්දර දෙකහමාරේ අන්තිම කොටස!
Deleteරටේ ලොකුම පිළිකාව නේද මේ විවිධ ජනකොටස් අතර ඇති අසමගිය.
ඒ පිළිකාව සුවකරන්න හැකි නම්!
එහෙම නැතුව කොහොමද කකා ආනන්ද සමරකෝන් සීයාත් මෙහෙම ලියලා තියෙන කොට?
Deleteඑක මවකගෙ දරු කැල බැවිනා
කෙළගමු වී නොපමා
භේද වඩා සැම ප්‍රේම දුරැරලා
මනෝ මනෝ මාතා....
අප චී ඊ ඊ ඊ ඊ ඊ ඊ ලංකා
Deleteඅහෝ, අහෝ, අහෝ, අහෝ මාතා!
ලක්‍ෂ විස්සට සුබ පැතුම් කකා.
ReplyDeleteඔබටත් ලක්‍ෂ විස්සක් වේවා!
Deleteසුබ පැතුම්..
ReplyDeleteඔබේ පැතුම් ඉටුවේවා!
Deleteදීඝායු...!!!
ReplyDeleteආයු-බෝ-වේවා!
Deleteකකාට බොක්කෙන් සුබ පැතුම්!!!!!!!
ReplyDeleteස්තුතියි, ජයෙන් ජය!
Deleteබොකු දිරාස් නොවේවා!
කකා සුභපැතුම් ඈ.. නැද්ද සමරන සීන් එකක් !!!
ReplyDeleteතව සැමරුමක් ලඟදීම එනවා!
Deleteසුභ පැතුමට ස්තුතියි!
දැනුයි මතක් වුණේ කකාගේ හැට වෙනි උපන්දින උත්සවේ නේද?
Deleteවිසි ලක්ෂයට සුභ පැතුම්...
ReplyDeleteපැතුම් ගේ පැතුමට ස්තුතියි!
Deleteඋණුසුම් සුභ පැතුම්...
ReplyDeleteතෑන්ක්ස් සිරා!
Delete20 ta suba patum....
ReplyDeletejaya wewa!!!!
විදානේ ගේ මලදානේටත් එසේම වේවා!
Deleteසුභ පැතුම් කතන්දර..
ReplyDeleteකතන්දර හාමිනේ ගැන මෙච්චර ලියලා තියන එකේ එයා බ්ලොගේ ගැන මොකද හිතන්නේ කියලා ලිව්වොත් හොඳයි කියලා හිතෙනවා..
හොඳ දෙකහමාරක් අහගන්න පුළුවනි!
Deleteසුභ පැතුම් කකා...!!!
ReplyDeleteතෑන්ක්ස්!
Deleteකකා දැන් විසි ලක්‍ෂ පතියෙක්.
ReplyDeleteපුට්බෝල් ගාහන කකා කොහොම ලක්සපතියෙක් වෙන්න ඇතිද?
සුබ පැතුම්....!!
තැන්කියු වේවා!
Deleteකාකාක ගේ නං කුසලාන ගැන බලාපොරොත්තු සුන් වුනා කියා දැක්කා!
අම්මේ අපිට හිට්ස් විසිදාහත් කොච්චර ලොකු ගානක්ද! ඉතින් විසිලක්ෂයක් කීවාම!
ReplyDeleteඋණුසුම් සුභපැතුම් කකා!!!
විසි දාහේ ඒවා එකතු වෙලා තමයි විසි ලක්‍ෂය වෙන්නේ! Thanks.
Deleteසුබ පැතුම් කාකා..
ReplyDeleteසුබ පැතුම්! කතන්දරගේ ලක්ෂ විස්සට මගේ රුපියල දෙන්න තීරණය කලේ මෙන්න මේ කතාවෙන් පස්සේ...
ReplyDeletehttp://kathandara.blogspot.com/2010/02/blog-post_08.html?m=1
ස්තුතියි!
Deleteඑදා බ්ලොග් එක කියෙව්වේත් මොබයිල් ෆෝන් එකෙන්ද? මොකද ඔය දාලා තියෙන ලින්ක් එක මොබයිල් ෆෝන් එකකින් ගත්තු එකක්!
මාත් ගෙදරින් රුපියල ගානේ ඉල්ලා ගන්න ඕනේ කවදා හරි මටත් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් වේවි එතකොට :D
ReplyDeleteඅන්න හොඳ අදහස!
Deleteදැන්මම කැමති කරවා ගන්න. ලිඛිත පොරොන්දුවක් අවශ්‍යයයි.
මීටපස්සේ විසිලක්ෂපති කතන්දරකාරයා නැත්නම් 2M කතන්දරකාරයා කියල පාවිච්චි කරමු නේද?
ReplyDeleteලංකාවේ ටීවී පටන් ගත්තු කාලේ ටීවී සීරීස් එකක් තිබුණා සික්ස් මිලියන් ඩොලර් මෑන් කියලා!
Deletehttp://en.wikipedia.org/wiki/The_Six_Million_Dollar_Man
@ All
ReplyDeleteසියළු දෙනාටම,
මේක කතන්දර දෙකහාමාරක් කියලා මං කිව්වාට කවුරුත් නොකියපු කතන්දර බාගේ මොකක්ද කියලා අහලා නෑ.
ඒ මොනවා වුනත්, කතන්දර බ්ලොගයේ හිට්ස් මිලියන දෙකේ කිසි රහසක් නෑ, ඒ පිටිපස්සේ තියෙන්නේ පහුගිය අවුරුදු පහක පමණ කාලය තුල මේ බ්ලොග් එකේ පළවුණු කතන්දර කියනව්න මවුස් ක්ලික් කළ ඔබ සැමගේ මහන්සිය තමයි!
සියළු දෙනාටම ස්තුතියි!
ජයවේවා!
ඉතිං කියන්නකො මොකක්ද කතන්දර බාගෙ කියල..... :)
Deleteඉතුරු කතන්දර බාගේ පින්තූරයට සම්බන්ධ එකක් වෙන්න ඇති...
ReplyDeleteවිසිලක්ෂයට සුභ පැතුම්... අර විදිහට හිට් එකට රුපියල ගානේ දැම්මා නම් "හිට්ස් තම්බලා කන්නද?" අහන එකට "ඔව්" කියලා කියන්න තිබ්බා.
හම්මෝ එහෙනං මේ අවුරුද්දෙම වැඩේ කරගත්තා නේද අර නහර ඇනෝවෝ කිව්ව කතා නාහ.. මට නං බෝම සන්තෝසයි කකා..
ReplyDeleteඅර පින්තුරේ ඉන්න දරුවා එක්ක තිබුන ප්‍රොෙග්ම් එක මං බැලුවා..ඔය නානාසාරලත් ඒක බැලුවනං හොදා..
Dear Sir,
ReplyDeleteindeed it is great..!!!!
ලස්ස විස්සට උණුසුම් සුබ පැතුම් !!. මේ ලක්ෂ විස්ස ලබා ගැනීම ග්‍රේට් වැඩක්. නොනවතින කැපවීම, සරල හා අනවරත රිද්මය මීට හේතු වුවාට සැක නැහැ . ජය !!
ReplyDelete