Monday 2 June 2014

සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාව – A geriatric joke


රෝහල් සායනක පොරොත්තු කාමරයක සීයලා තුන් දෙනෙක් කතා බහක නිරතව සිටියහ.

එක් සීයා කෙනෙක් මෙලෙස පැවසීය.

"මගේ වයස දැන් අසූවයි. මට තියෙන ප්‍රශ්ණේ තමයි මේ චූ කරන්න අමාරු එක. ඔන්න මං උදේ හතට නැගිටිනවා. එතැන ඉඳලා උදේ අට විතර වෙනකං කරන්නේ ටිකෙන් ටික චූ දාන එකයි. එක පාරට දාන්නත් බෑ. කොච්චර දැම්මත් ඉවරයක් නෑ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක්!"

ඒ ඇසූ දෙවෙනි සීයා මෙසේ පැවසීය.

"මගේ ප්‍රශ්ණේ ඊට වැඩිය දරුණුයි. මට දැන් වයස අසූ පහක් වෙනවා. මං උදේ හතට නැගිටලා, උදේට කාලා බීලා, උදේ අටට විතර ටොයිලට් යනවා කක්කා කරන්න. ඒත් කරගන්නම බෑ. කොච්චර කළත් ඉවර වෙන්නෙත් නෑ. අන්තිමේ දී උදේ නමය වෙනතුරුමත් ටොයිලට් එකේ ඉඳලා තමයි වැඩේ ඉවරයක් කර ගන්නේ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක් තමයි! මොකට කියනවාද ඒක?"

දැන් තුන්වෙනි සීයා ගේ වාරයයි.

"මගේ වයස දැන් අනූවයි. මට නං ඔය කිසි ප්‍රශ්ණයක් නෑ!"

"මොනවා. තමුසේ හරිම වාසනාවන්තයි නේ එහෙනං!" අනෙක් සීයලා දෙන්නාගෙන් පළමු සීයා පැවසීය.

"ඒ කියන්නේ චූ කරන එක සහ කක්කා කරන එක ඔහේට හොඳට, නිසි පිළිවෙලට, වෙනවාද?" දෙවෙනි සීයා ඇසීය.

"ඔව්, ඔව්, කිසි අවුලක් නෑ. මං උදේ හතට විතර චූ කරනවා. උදේ අටට විතර කක්කා කරනවා. උදේ නමයට විතර මට ඇහැරෙනවා!"

මේ කතාව ලිව්වේ වයසක පොරවල්වලට අපහාස කිරීමට හෝ රෝගී තත්වයන්ට සිනාවීමට හෝ නොවේ.

ඇත්තටම මෙය වයසක අයගේ රෝගාබාධ පිළිබඳව කටයුතු කරන වෘද්ධචිකිත්සක විශේෂඥයින් (Geriatricians) ගේ කලාපීය සම්මන්ත්‍රණයක රාත්‍රී භෝජන සංග්‍රහක දී එහි මාස්ටර් ඔෆ් සෙරමොනි විසින් කළ කතාවේ අන්තර්ගත වූ යාන් හෑල්ලක් නොහොත් කතන්දරයකි.

ඉන්දික උපශාන්ත සහෘදයා තමන්ගේ සැහැල්ලුව බ්ලොගයේ ලියූ "සුනිල් පෙරේරාගේ දුන්තෙල් බත් දන්සැල" කියන ලිපියේ ඔහුට කෙලින්ම සම්බන්ධ කොටස් හිතා මතා කපා ඉවත් කළ ස්ටැන්ලි ප්‍රනාන්දු නමැත්තෙක් එයට තමන්ගේ නම යොදා එවූ විට එම කතාව තම පුවත් පතේ පළකළ ලක්බිම ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරුන්ට අනුව ඉන්දික ඒ ලිපියේ මුල් රචකයා පමණි. අයිතිකරු නොවේ!

ඒ අනුව, ස්ටැන්ලි ප්‍රනාන්දු එහි දෙවෙනි රචකයා ය. ඔහු ගේ රචනා කර්තව්‍යය වී ඇත්තේ ඉන්දික ගේ ලිපියේ ඉන්දිකට සම්බන්ධ කොටස් කපා ඉවත් කිරීම පමණක් වීම ප්‍රශ්ණයක් නැත!

ලක්බිම තර්කයට අනුව බලන විට මා මේ "සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාවේ" දෙවෙනි රචකයා විය යුතුය.

-කතන්දරකාරයා

පලි:
අනිත් අතට බලන විට මා මේ කතාව ලියූයේ අර අයීබීඑම් කම්පැටිබල් කොම්පියුටර් සෑදූ වා යැයි කියවෙන ක්‍රමයට තරමක් සමාන විදියකට යැයි සිතමි.

තිලක සිත බ්ලොගයේ ඊයේ පළවූ "කහ පාට කොඩි කතාව" ද ඒ ආකාරයේ එකකි.

(image: http://othersiderainbow.blogspot.com.au/2011/03/hyuk.html)

52 comments:

  1. කැපිටල් අංකල් වරෝ, මෙන්න කකාගෙ අලුත්ම ගූ හැත්තෑව ආවෝ

    ReplyDelete
  2. කකා, ලංකාවේ පලවන සිංහල ඉංග්‍රීසි පත්තර කඩමාලු සේරගේම පලවන ලිපි බොහොමයක් ඉන්ටනෙට් එකෙන් කොපි පේස්ට් කරපුවා. සිංහල ලිපි කෙලින්ම කොපි පේස්ට්, නැත්තන් ඉන්ටනෙට් එකේ තියෙන ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්තනය කරලා, පරිවර්තනය කරපු එකා ඌ ලිව්වා වගේ දානවා.
    ඉංගී‍්‍රසි පත්තර වල යන ලිපි කෙලින්ම කොපි පේස්ට් කර්ලනවා. උදාහරණයක් විදියට ඩේලිමිරර් එල්කේ සයිට් එකේ යන විදෙස් පුවත් බලන්න. එව්වා ගෙඩි පිටින් කොපි පේස්ට්.

    තව කියන්න දේවල් නං තියෙනවා කකා, ඒත් ඊයේ රෑ කොළඹට තද වැස්ස. සේරම යටවෙලා තියෙන්නේ. බයගොතාගේ අස්චර්රය හින්දානේ කකා ඒ. පස්සේ එන්නංකෝ. ඒක නෙමේ කෝ අපේ රාජ්. මොකෝ මේ ඊයේ පෙරේදා පෙන්න හිටියේ නැත්තේ? මීමුරේ ටුවර් එකක් වත් ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. මේං ආව. මේං ආව. හප්පේ කොලඹ යටවෙච්ච හැටි දැකල සංසාරෙ කියල හිතුන. මං හිතන්නෙ ආස්චර්ය තියෙන්නෙ වැස්ස නැතිකොට විතරයි.

      Delete
    2. මීමුුරේ ට්‍රිපක් ගියපු කොල්ලෙක් ඊයේ රෑ හාට් ඇටැක් හැදිල හට් එක ඇතුලෙම නැති වෙලා නේ...

      Delete
  3. ඒඋනාට කකා මේ සීයල පඩ අරින්නෙ නෑනෙ.
    අපේ සීය නම් පොට පොට පොට ගාල පඩ තමයි අරින්නෙ උදේ ඉඳල රෑ වෙනකල්.
    එක වතාවකට ඇවරේජ් 12ක් විත යනවා. හරිම ආසයි අහන් ඉන්න, ගඳ නෑ.

    ReplyDelete
  4. ඔය සීයලගෙ වයසෙ කට්ටිය අප අතර නැතිව ඇති නේද..... ?

    ReplyDelete
    Replies
    1. Ow, Ow,
      Me Uda Inne japan penapu thawa seeya kenek.

      Delete
  5. KAKA KIWWOTH ITHIN, CHOO, PADA, JEE GENAMA LIYANNA THAMA KEMETHTHA.
    BUT I CAN'T COMMENT AGAINST HIM, BECAUSE I AM FROM GANEMULLA, (KAKAS VILLAGE)

    ReplyDelete
    Replies
    1. හලෝ අංකල්. ගමේ උදවිය ඇරියස් තියාගන්න එක හොඳ නෑ තමයි.

      Delete
    2. @රාජ්, මොකද්ද බං මේ උඹයි ටැබූයි ගැන කියන කතාව? කරකෝලා අත ඇරියා වගේ.

      Delete
    3. ඇනොලාට බය සමහර ප්‍රොෆයිල්කාරයෝ තමයි බොරුවට ඇනෝ ඇවිත් රාජ් එක්ක ගේම ඉල්ලන්නේ. ඒ ප්‍රොෆයිල්කාරයෝ එහෙම කරන්නේ රාජ් වගේ අය අපේ ඇනෝ අදහස් වලට ඉඩ දීලා තියෙන හින්දා සහ අපි එතකොට අර මුලින් කිව්ව ප්‍රොෆයිල්කාරයන්ගේ වැඩ කිඩ එලි කරනා හින්දා.

      මම හිතෙන්නේ රාජ් සහ ඇනොලා කොටවන්නේ බලන්නේ අර ගූ-තලියක් ගාගෙන ඉන්න හාදයා වෙන්න ඕනා.

      කොහොමත් වෘත්තිමය කොමෙන්ට්ස් කරුවෝ වන අපි නං රාජ්ට කැමතියි. රජ දවසක් දෙකක් පෙන්න හිටියේ නැත්තං අපි රාජ් ගැන හොයලා බලන්නෙත් ඒ හින්දයි.

      උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වන කකාටත් අපි කැමතියි. ඒ හින්දනේ අපි දවසෙම මේකේ ලැගලා ඉදගෙන කොමෙන්ට්ස් දාන්නේ.

      Delete
    4. තමන්ට එතෙන්ට කිට්ටු වෙන්න වත් බැරි වෙච්චි නිසා ටැබූට ඉරිසියා කරන එවුන් තාම ඉන්නවා. ඔය ආතලන් දෙන උන්දැත් එක් කෙනෙක්.

      Delete
    5. අපි නම් එකෙක්ටවත් බය නෑ. ඇනෝ දාන ප්‍රෝෆයිල් කාරයා කව්ද කියලා මොළේ අබ ඇටයක් තරම් තියෙන ඕන එකෙක් දන්නවා. ඒ වගේම බ්ලොග් ලියන ඔක්කෝමත් දන්නවා.

      ඔහේලා ටැබූ වන්දනා මාන කරාට. අපිට නම් ටැබූ කියන්නේ බ්ලොග් ලියපු තවත් කෙනෙක් විතරයි. අපිට කතා කරන්නේ අපේම බ්ලොග් එකක් තියෙනවා. ඒවා කියවන උනුත් හෝ ගාලා ඉන්නවා. තමන්ගේ බ්ලොග් වේලෙන නිසා. ටැබුගේ බ්ලොග් එකෙන් ගොඩ යන්න බලන්නේ, ඇත්තටම ඔහෙලට කොන්දක් ඇත්තෙම නැද්ද ඕයි.

      ඔහේලා අපිට දෙන මේ ප්බ්ලිසිටියට බොහෝම පින්. මොකක් හරි ලියන්න උත්සහ කරනවා. ඒ වගේම ලියන දේ, දැනෙන්න ලියනවා.

      Delete
    6. තව එක දෙයක් කකාට කියන්න තියෙනවා. කකා කොමෙන්ට්ස් බොක්ස් එකට උඩින් ලියලා තියෙනවා තුන්වන පාර්ෂවයකට අපහාස වෙනවනම් ඒවා ඉවත් කරනවය කියලා. අපි නම් එහෙම ලියලා නෑ. ඒත් එහෙම ඒවා දැක්ක ගමන් අයින් කරනවා. දැන් මෙතන එහෙම කොමෙන්ට්ස් කීයක් තියෙනවද. කකා ඒවා ඉවත් කරන්නේ නැත්තේ ඇයි?

      කකා ප්‍රතිපත්ති ගරුකයි නේද?

      Delete
    7. ප්‍රොෆයිල් ඇනෝ කියලා එන්නේත්, තිසර කියලා එන්නේත් කවුරුත් හොඳින් දන්නා ගෞරවනීය ලෙස පෙනී ඉන්නා බ්ලොග් රචකයෙක්. මාතලන් නෙවෙයි. හැබැයි මෙයා ඇනෝ ඇවිල්ලා කරන දේවල් නම් හිරිකිතයි. රාජ්වත් අමාරුවේ දැම්මේ එයා තමයි.

      Delete
    8. තුන්වන පාර්ශ්ව අපහාස ගැන කියනවා නම් මම කීප විටක්ම රාජ් ගෙන් ඉල්ලුවා උත්තර දෙන්න ටැබූ නැති නිසාත් ටැබූ ගැන කතා කිරීම අදාළ නොවන නිසාත් ඒ කමෙන්ට් අයින් කරන්න කියලා, රාජ් එහෙම කරන්න කැමැති වුණේ නැහැ. හැබැයි චෝදනා කළ අයට ඔප්පු කර ගන්නත් බැරිවුණා කිසිම දෙයක්. රාජ්ලා වගේ අය හිට්ස් ලැබෙනවා නම් තුන්වන පාර්ශ්වයකට නෙවෙයි බුදු හාමුදුරුවන්ටත් අපහාස වෙන දේවල් තියාගෙන ඉඳීවි.

      Delete
    9. මාතලන්

      /* ඇනෝ දාන ප්‍රෝෆයිල් කාරයා කව්ද කියලා මොළේ අබ ඇටයක් තරම් තියෙන ඕන එකෙක් දන්නවා. */

      ඒ කියන්නේ මට මොලේ අබ ඇටයක්වත් නෑ වගේ!!!

      Delete
    10. සියළු දෙනාටම,

      මට පේන විදියට මෙතන රාජ්/ටැබූ ආදීන් ඈඳාගෙන යන්නේ පොඩි විහිළුවක් පමණයි. මාතලන් කියන විදියේ පුද්ගලික අපහාසයක් එතැන තියෙනවා යැයි මට නං පේන්නේ නෑ.

      කාලයක් මාතලන් ඇනෝ කමෙන්ට්ස් වසා තිබුණා. මං ඒ දවස්වල කමෙන්ට් මොඩරේට් කලා, ඒ කාලෙත් ඉන් පසුවත් මං කීප පාරක් සමහර කමෙන්ටු ඉවත් කර තියෙනවා. ඉතා ලඟදී නම් ඒ වගේ තත්වයක් ඇතිවුණේ නෑ.

      Delete
    11. @කකා - මැසිමදුරු කකාට මොලේ නෑ නෙවෙයි , කකා ඇනෝ දානවා කියන එක කකා නොදන්නවා වුනාට අනිත් හැමෝම දන්නවා කකා ,
      අපි වුනත් මේ වෘත්තීය ඇනොලා ලෙස සේවයේ යෙදෙන්නේ කකාගෙන් ලැබෙන ඒ උත්තේජනය නිසානේ කකා

      Delete
  6. [නයාට ගහල පොල්ල වරද්දගන්න එපා කිව්ව වගේ කකාට චූ කක්ක මතක් කරල ඇනෝ කරපු වැඩේ බලමුකෝ]

    පත්තරකාරයන් කියන ගූ ගොඩවල් සාමාන්‍යයෙන් ඔයවගේ වැඩ තමයි කරන්නෙ. එයාලගෙ උසස්ම සඳහන් කිරීම තමයි 'අන්තර්ජාලය ඇසුරෙනි' කියල යටින් දැමිල්ල. ඊට එහා සඳහනක් නෑ.
    මාත් ගහනව පොත් දෙකතුනක් ඔය ගමන දෙවැනි රචකය කියල.

    ReplyDelete
    Replies
    1. දෙවැනි ගමන රචකය කියල?

      Delete
    2. ප්‍රා ජේ
      දෙවැනි ගමන වැනුම .. :D

      Delete
  7. කතාව එළස්.............. ඉළ ඇට ඇදෙන්න හිනා වුණා........... ඒකට පිං හරිය.....

    ReplyDelete
  8. වයසට යන එකත් දරුණු ලෙඩක් තමා.

    ReplyDelete
  9. කකාගෙන් කක්කා වැඩක් ගැන කක්කා කතාවක්.

    පත්තරේ කතෘ කරලා තියෙන්නේ අර තුන්වෙනි සීයා කරන වැඩේ..

    ReplyDelete
    Replies
    1. ++++++ මාතලන් සීයේ.

      Delete
  10. අනේ අපොයි අර සීයලා, තුනවනී සීය නම් ඒ අතින් වාසනාවන්තයි වගේ, බලෙන් කරන්න ඕනා නෑ ඔටෝම යනවා, වයසට යාමත් දුකක් තමා නේද.

    ReplyDelete
  11. ඉන්දික උපශාන්තගෙන් නම් සමාව නො ඉල්ලම හිටියත් කමක් නෑ කකා. එයාට කරන්න පුළුවන් ලොකුම දේ බැනලා කොහේ හරි කමෙන්ට් කරන එක විතරයිනෙ. අවුරුදු දෙකක තිස්සෙ ලක්ෂ දෙකක ණය එකතු කර ගන්න බැරි වෙච්චි එකා තව ලිපියක අයිතිය ගත්තා කියලා මක් කරාවියැ!

    ReplyDelete
  12. කකා ප්‍රවීණ බ්ලොග්කරුවකු වන විචාරක සීයාට අවමන් කිරීම සඳහා ගත් මේ ප්‍රයත්නය හෙළා දකිමි.

    ReplyDelete
  13. කකා මතු කරන තර්කයෙහි විශාල ඇත්තක් ඇත. ලක්බිම කර්තෘ කණගාටුව පළ කරන්නේ "මුල් රචකයා" ගේ නම සඳහන් නොවීම සම්බන්ධයෙන් පමණකි. ඔහුට අනුව ස්ටැන්ලි ප්‍රනාන්දු කියන පුද්ගලයා කර ඇති එකම වරද ඉන්දික උපශාන්ත එහි "මුල් රචකයා" බව සඳහන් නොකිරීමය. සඳහන් කළා නම් පළ කරන එකේ කිසිම ගැටළුවක් නැත. බ්ලොග් වල තියෙන්නේ ලක්බිම කර්තෘගේ අප්පොච්චිගේ බූදලය නිසාය. ඒවා පත්තර වලට කැමැති කැමැති විදිහට උපුටා පළ කිරීමට හැකි නිසාය. ඒ වෙනුවෙන් කිසිම ගෙවීමක් කළ යුතු නැති නිසාය. මුන් හිතාගෙන ඉන්නේ බ්ලොග් තියෙන්නේ උන්ට දාන්නට දෙයක් නැති වුණු විටක මැල්ලුම් කර දාන්නට මූලද්‍රව්‍ය සපයන්නට කියලාය. මේවාට අපට කරන්නට තියෙන එකම දේ නිහාල් පීරිස් ඔහුගේ බිරිඳගේ "මුල් ස්වාමි පුරුෂයා" ලෙස සලකා කටයුතු කිරීම පමණකි.

    ReplyDelete
  14. මොනවා වුණත් ලක්බිම නිවැරදි කිරීමක් දාපු එක ගැන සතුටුයි. රැවුලයි කැඳයි දෙකම බේරගන්න හදලා තියෙන්නේ ලක්බිම.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඒකෙන් වුණේ ඉන්දික උපශාන්තගේ නපුංසකකම තවත් ප්‍රදර්ශනය වෙච්චි එක.

      Delete
  15. කකා,

    බොහෝම ස්තූතියි ඔබේ මැදිහත්වීම සහ අදහස් දැක්වීම සම්භන්ධව. හෙටානිද්ද නිවාඩු යන නිසා අතිශය කාර්‍යබහුල තත්වයක් තියෙන්නෙ. ඒත් මේ ගැන යමක් නිහාල්ට ලියල ඒ ලිපියම මගේ බ්ලොග් එකෙත් පල කරන්න බලාපොරොත්තුවෙනව.

    ලක්බිම කතෘ තුමාට "ලිපියක මුල් රචකයා" සහ "ලිපියක කතෘ" අතර තියෙන වෙනස ගැන අපැහැදිලියිද මන්ද. අනෙක් පැත්තෙන් තම්න්ගෙ පත්තරේ නෙමෙයි වැරදි, අර ස්ටැන්ලියි මේ ඔක්කොටොම මුල කියල කියපු එක හරිම කණගාටුදායකයි. මොකද ලංකාවෙ සොල්දාදුවො කරපු යුධ අපරාධ වැහුවට රටේ ජනාධිපතිට චෝදනා කරනවනං පත්තරේක ලියන්නො කරපු වැරැද්දක අවසාන වගකීම කතෘ නැතුව කවුරු ගන්නද?

    මේක තමයි ලංකාවට කෙලවෙන්න මූලික හේතුව. මිනිසුන්ගෙ වගකීම් විරහිත කම.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වට උඹත් ඉතින් වගකීම් රහිතව හැසිරුණ හින්දනේ අර හොරෙක්ට අහුවෙලා කෙලවෙලා බැගිරි ගගා ඉන්නේ. මේ පාරවත් කොන්ද කෙලින් තියං පල මීමුරේ.

      Delete
    2. බලන්ට ගත් කලට ලක්බිම ඉරිදාව
      ගමේ චණ්ඩි ඉස්ටැන්ලිත් සිටියාය
      ඒකා ඉන්දිකට රිදෙන්ට ඇරියාය
      ඉන්දික අඬ අඬා කොහෙදෝ දිව්වාය

      Delete
  16. ඔය සීන් එක තියනව දෙරන එෆ් එම් එකේ "චූටි මල්ලියි පොඩි මල්ලියි" එක එපිසොයිඩ් එකක. එතකොට "සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාවේ" තෙවෙනි රචකයා කකා විය යුතුය. :D

    ReplyDelete
  17. කකා ඒ නිවැරදි කිරීම දැකලා මට හිතා ගන්න බැරිඋනා වැරද්ද කාගෙද කියලා :D ඕ යේස් ..
    තව පොඩ්ඩෙන් ඉන්දිකට බනින්න හැදුවේ .හැක්

    ReplyDelete
  18. කකා ...........

    ගෑණිට ගහන එක නැවැත්තුවා ද?

    ඒකීය පුද්ගලයාට සිය දක්ෂතාවය මත ජයගත හා නොහැකි සාධක ඇත්ද?

    රටේ පාලන ක්‍රමය හේතුවෙන් ඒකීය පුද්ගලයාට ජයගත හා නොහැකි සාධක ඇත්ද?

    ReplyDelete
  19. මාධ්‍ය වලට මීට වඩා accountability එකක් තියෙන්ඩ ඕනේ කියලා හිතෙනවා.

    plagiarism ගැන මටත් කතා කීපයක් තියෙනවා ලියන්ඩ ඕනේ.

    ReplyDelete
  20. Alzheimer රෝගීන් ගැන මීට සමාන කතාවක් කියන්න මම කැමතියි. ඒ රෝගයේ විවිධ අවස්ථාවන් වලදී ඇති වන තත්ත්වය පෙන්නුම් කිරීමට,

    මුල් අවස්ථාව - මුත්‍රා කල පසු සිප් එක වැසීමට අමතක වේ.

    මැද අවස්ථාව - මුත්‍රා කිරීමට පෙර සිප් එක ඇරීමට අමතක වේ.

    පසු අවස්ථාව - මුත්‍රා කිරීමේදී සිප් එක ඇරීම හෝ වැසීම ගැන කරදර වන්නේ නැත.

    ප.ලි:- Alzheimer කියන්නේ වයසක අයට හැදෙන අමතක වීම සම්බන්ධ රෝගයක්. ලංකාවේත් මේ රෝගය සුලබයි.

    ReplyDelete
  21. ඉස්සර අපි භක්තියෙන් හිටපු පත්තරකාරයෝ අද වෙනකොට පරිනාමය වෙලා ඉන්න තැන ගැන ලජ්ජා හිතෙනවා . මේ සිද්දීයෙදී කකා හා හෙන්රි ඉන්දිකට දීලා තියෙන සප් එක බ්ලොග්කාරයෝ හැමෝටම හයියක්. කොහොම කොහොම හරි මේ පොස්ටුවට මාවත් එකතු කරගෙනනේ

    ReplyDelete
  22. කකා ...........

    ජාත්‍යන්තර කීර්තියක් ද?

    රාජ්‍ය හෝ ආගමික නම්බු නාමයක් ද?

    ජනප්‍රසාදයක් ද?

    ReplyDelete
  23. කකා ආව ද?

    ප්‍රියන්ත

    ReplyDelete
  24. නියම කතාවක් නොවැ

    ReplyDelete
  25. හොරුන්ගෙත් හොරු--මාධ්‍ය හොරු

    ReplyDelete
  26. මට තුන් වෙනි සීයා වෙන්නෙ නැතුව යන්න තියෙනවනම් මරු.අපෙ අම්මා ඒ භූමිකාව කළා.මාස ගණණක්.සමුගෙන යන්න පෙර මාස ගණණක් තිස්සෙ එයා විදපු දුක වගේම මට කරන්න වුණු චූ කක්ක ඉවත් කිරීමේ කේස් එකෙන් ආපු රෑෂ් එකකින් මම අදත් පීඩා විදිනවා

    ReplyDelete
  27. kaka, api okoma copy karayoo neda. Api kisima kenek hoya gatta deyak na neda. Hama deyakma kohena hari ahulagena ape wachana dala idiripath karana eka neda karanne.

    ReplyDelete
  28. කතන්දරේ කියවූ සහ කමෙන්ට් කළ සියළු දෙනාටම ස්තුතියි.

    නැවතත් ඉතා වැඩ අධික සමයක් එළැඹී ඇත!

    ReplyDelete
  29. කතාව නම් සම්පූර්ණ ඇත්ත. අපේ සීයාත් අවුරුදු 95ක ආයු වැලඳුවා. සමහරුන්ට මේ ලිපිය දැකල හිනා ගියාට මට නම් සංසාරේක හැටි කියල තමයි හිතුනෙ.

    ReplyDelete
  30. පට්ට අාතල්.......සුපිරි ආ.....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.