Sunday, 15 June 2014

නපුරු පෙම්වතෙකු ගේ චූල්ල කතා වස්තුව - Cruelty defined!


මේ නපුරු පෙම්වතා මට මේ කතන්දරේ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින්. දශක දෙකක් විතර වගේ ගෙවිලා ගිහින් තිබුණත්, කතන්දරේ සාරාංශය එදා වගේම අදත් ඒ විදියටම වැදගත් කියලයි මට හිතෙන්නේ.

ඒ හින්දා තමයි මට හිතුනේ මෙච්චර කාලයක් පොරොත්තු ලේඛනයටවත් දාන්නේ නැතුව හිටපු මේ ඉතා කෙටි කතන්දරේ අද ලියලා දාන්න.

කතා නායකයාට නමක් අවශ්‍යම නෑ, හැබැයි ඕන්නම් කියමුකෝ ආසිරි කියලා.

ආසිරි මේ කියන කාලේ ලව් කේස් එකක පැටලිලා හිටියා ප්‍රියානි කියලා කෙල්ලෙක් එක්ක. දෙන්නාම විසි ගණංවල මුල හරියේ හොඳ තරුණ වයසේ.

පොඩි ප්‍රශ්ණයකට තිබුණේ ආසිරි තාම ඉගෙන ගන්නවා. කැම්පස් නොගිය ප්‍රියානීත් ඉගෙන ගත්තත් ෆුල් ටයිම් (පුහුණු) ජොබ් එකක් කරනවා. හැබැයි ලංකාවෙන් බාගයක් විතර දුර නගර දෙකක -දෙන්න දෙපොලේ. අනික මේ කියන්නේ මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස් අරවා මේවා නැති අපි පොඩි කාලේ.

කැම්පස් නිවාඩු කාලවල තමයි ආසිරි ප්‍රියානි දෙන්නා බොහෝ විට හමුවුණේ. ඒ අතර විටින් විට කැම්පස්වලට අමතර නිවාඩුත් ආණ්ඩුවෙන් ලබා දුන්නු හින්දා දෙන්නාට හමුවෙන්න තියෙන අවස්ථා ගණනත් වැඩි වුණා.

අර දුර ඉඳලා, මුලිකවම ලියුම්වලින් සහ මාසෙකට විතර පාරක් පෙරුම් පුරලා හමුවෙලා ඔය පාක් එකක කතා කරමින් ඉඳලා හරි, චිත්තරපටියක් බලන්න කියලා හෝල් එකකට රිංඟාගෙන ඉඳලා හරි කරපු ආදරේ මේ නිතර හමුවෙන කාලේ තරමක හැල හැප්පීම්වලට භාජනය වුණා.

"මට ඇත්තටම මේ වැඩේ දැන් එපා වෙලා මිස්ට කතන්දර!" එක දවසක් ආසිරි මා එක්ක කීවා. "මට හිතෙනවා එයා මාව මග හරිනවාද කියලාත්!"

කොහොම හරි එක්තරා ෆේට්ෆුල් දවසක ආසිරි සහ ප්‍රියානි අවසාන වරට හමුවුණා.

"මං හිතන්නේ අපි දෙන්නා තව දුරටත් මේ සම්බන්ධය ගෙනියන එකේ තේරුමක් නෑ!" ආසිරි කිව්වාලු "ඔයාට වුණත් තේරෙන්න ඇතිනේ පසුගිය මාස හතර පහ ඇතුලත අපි දෙන්නා අතර ඇති වුණු නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, අර අපි අඳුණා ගත්තු මුල දවස්වලට වඩා දැන් අපි දෙන්නා කොච්චර වෙනස් වෙලාද කියලා".

ප්‍රියානි වැඩිපුර මොකවත් කිව්වේ නැතිලු.

දෙන්න එදා මුණ ගැහුණු කොළඹ මහ බස් නැවතුමේ ඉඳලා ප්‍රියානි නැවතිලා හිටිය නෑ ගෙදර තියෙන නගරට බස් එකක යන අතරේ තමයි ඔය සමුදීමේ කතාව කෙරිලා තියෙන්නේ.

දැන් බස් එක ගමනාන්තයටත් ලඟාවෙලා, ප්‍රියානි බහින්න නැවතුමත් අත ලඟට ආවාලු. තව සුළු මොහෙතකින් ප්‍රියානි බස් එකෙන් බැහැලා යනවා. දෙන්නා ගේ ආදර සම්බන්ධය නතර වෙනවා. බොහෝ විට දෙන්නාට දෙන්නා ආපහු කිසිම දවසක ඇස නොගැසෙන්නත් ඉඩ තියෙනවා!

මේ අවස්ථාවේ තියෙන සංවේගජනක තත්වය හින්දාම මොනවා කළත් ප්‍රියානිට කඳුළු ඇවිත්, කඳුළු බින්දු දෙකක් ඇස්වල ඉඳලා ගලාගෙන ඇවිත් තොල් උඩට.

මේක දැක්ක ආසිරියා මොකද දන්නවාද කියලා තියෙන්නේ?

"ප්‍රියානි ඔයාට දාඩිය දාලා නේද? ඔන්න මූණේ දාඩිය බින්දු බේරෙනවා!"

ඔය කතාව මුලින් අහපු වෙලේ මට හිතුණේ මූ වගේ පර බල්ලෙක් කියලයි.

හැබැයි ආසිරි මට කිව්වේ මෙහෙමයි.

"මිස්ට කතන්දර, එවෙලේ මං එහෙම කිව්වේ අපේ වෙන්වී යාමේ දුක අඩු කරන්නයි. එහෙම නැතුව මං ප්‍රියානි ගේ කඳුළු දැකලා සැලිලා කඳුළු පිහදාන්න ගියා නම් අපේ ආදර කතාවේ අනිවාර්ය අවසානය තවත් කල් යන විතරයි වෙන්නේ!"

ඌ හරිද, වැරදිද කියලා මට තාමත් හිතා ගන්න බැරි වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මීලඟ කතන්දරය- චපල පෙම්වතියක ගේ කතා වස්තුව.

(image: http://wallpaper.pickywallpapers.com/samsung-galaxy-tab/demi-lovato-crying.jpg)

79 comments:

  1. "ප්‍රියානි ඔයාට දාඩිය දාලා නේද? ඔන්න මූණේ දාඩිය බින්දු බේරෙනවා!"
    හැක් මෙහෙම දෙයක් කියන්න මතක් වුණා කියන එකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත!
      එකපාරටම නොවෙයිනේ කඳුළු එන්නේත්, පොරට ටික වෙලාවක් යන කොට හිතට එන්න ඇති ඔය වචන.

      Delete
    2. කකා මෙහෙනම් කඳුලු බේරෙන්න වදිනවා..... නානසාර සාදු ඇවිත් දර්ගාටවුමෙ රීලා රීලා ගියා..... අපිට ඉතින් මාස ගානක් ගූ ඇද්ද හැකි.....

      Delete
    3. ඒක ගූතලන් ඇදපු දෙන්. කකා මොකටද ඕවට අත දාන්නෙ?

      Delete
  2. ආසිරි සහ ප්‍රියානි දෙන්නම අද මේ සමාජයට ඕනි කරලා තියෙන චරිත.මරා ගන්න එක ආදරය නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, වෙන්වීම දුකක් වුනත් සාමකාමීව වෙන්වීම වැදගත්!

      Delete
  3. //ඔය කතාව මුලින් අහපු වෙලේ මට හිතුණේ මූ වගේ පර බල්ලෙක් කියලයි.//

    කිවුවට මොකද කකා, මටත් කියවගෙන එද්දි ඔහොමම හිතුන.

    …අද කාලෙ උනා නම් එක්කො ආසිරි රුපියල් සීයට පිහියක් අරන් ප්‍රියානිට ඇනල වැඩේ ක්ලෝස් කරනව, නැත්නම් ප්‍රියානි සාරියක් හරි කෝච්චියක් හරි ආධාරයෙන් කතාවට නාට්‍යානුරූපී අවසානයක් ගේනව.

    ඒ හින්ද පස්සෙ හිතුන ආසිරි බල්ලෙක් උනත් පර බල්ලෙක් නෙමෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අද කාලේ?

      කැලණිය විවි යේ කොල්ලෙක්, කෙල්ලෙකුට පිහියකින් ඇනලා මැරුවේ 1993-94 වගේ කාලෙක. වසන්ත ඔබේසේකර ඒ වගේ කතාවක් එක්ක චිත්‍රපටියකුත් හැදුවා!

      Delete
    2. @ කාකා ජී,

      ඔය කියන්නේ සලෙලු වරම වෙන්ටැ.....! (අර සංගීතා දීදෙ රඟපෑවේ!!!)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. අවස්ථාවට අනුව කියපු වචනයක්...
    මූනං නරුමයෙක් කියල සමහර විට අැයට හිතෙන්නට අැති.. සමහර විට අැය තේරුම්ගන්නත් අැති..
    මොනව උනත් හොදම විදිය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිට පොඩි කාලෙ බෑ කියල අඬද්දි තිත්ත බේත් පෙව්වෙ ලෙඩ සනීප වෙන්න …

      Delete
    2. සංක්‍යා රේඛාවේ zero වල ඉඳීමට වඩා දරුණුයි negative පැත්තට යාම!

      Delete
    3. PM, සනීප වුනාද? :-D

      Delete
    4. ප්‍රා ජේ .. සනීප නං උනා . :D

      Delete
  5. අනේ මන්ද මොනවා කියන්න ද මන්ද....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කියන්නේ මොනවාවත් නොකියා ඉන්නයි තිබුණේ ආසිරි ට!

      Delete
  6. ඊට වඩා මොනව කියන්නද මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. වෙන්නැති, හැබැයි ටිකක් කුරිරුයි වැඩේ!

      Delete
  7. පෙම්වතා නපුරු වෙන්න ඇති. ඒ වුනාට පර බල්ලෙක් නෙවෙයි. පර බල්ලො කවදාවත් ඕක අවසාන කරන්නෙ නෑ. තියාගෙන ඉන්නවා මස්කට්ට වගේ සැරෙන් සැරේට ලොවින්න.

    ReplyDelete
    Replies
    1. ආං කතාව..හැබැයි කකා හරියට ඩබල ආගිය තැන් අපිට හරියට කිව්වනං ඕක ටක්කෙටම කියන්න තිබුනා.

      Delete
    2. අර සාහිත්‍ය සම්මාන ලැබුණු ලොවීනා කියන නවකතාවේ නම ඇහැව්වාම මට මුලින්ම මතක් වුනේ නම් මස්කට්ටක්.

      Delete
  8. අසාධාරණය වෙන්නේ ප්‍රියානිත් එක්ක ඊළඟට යාලු වෙන කොල්ලට.. ඌට පට්ට කුණක් කන්න වෙනවා .. !!!!

    ReplyDelete
    Replies
    1. ඒ.... කිවුවේ.......
      ආසිරි යාලුවෙන ඊ ලඟ කෙල්ලට අවුලක් ඇත්තෙම නෑ.

      Delete
    2. පත්තර බ්‍රදර් පොයින්ට් එකක් ටච් කරලා තීන්නේ ඉදගෙන :D

      Delete
    3. තෙලිදිය මචං
      නැතිවෙයි නේ බං .. කෙල්ලට කොහොම උනත් ආසිරිට නං නැතිවෙයි :D

      ඔමා මචං
      ඕ යේස් ..ඌට අබ සරණයි. :D

      Delete
    4. මුල් ආදරේ සුමුදුයි, දෙවෙනි එක තරමක්. ඊලඟ එක තවත් අඩුයි.

      මේ වගේ අතාදැකීම්වලින් හිත් එන්න එන්න රළු වෙනවා.

      අන්තිමේදී වැලිකඩදාසි, නම්බර් සීරෝ!

      Delete
  9. කතාව කියවන් එද්දී එතරම් දෙයක් දැනුනේ නැහැ. අවසාන කොටසේ ආසිරිගේ වචන වලින් තේරුණේ ඔහු බුද්ධිමත් කෙනෙක්. අනික මේ කතාව දිහා අපි දකින විදිය වෙනස් ඇති එදා ඇත්තට වෙච්ච කාලේ ඒ සිද්දිය දිහා එදා දැකපු කෙනෙක්ට වඩා.

    ReplyDelete
    Replies
    1. /* ආසිරිගේ වචන වලින් තේරුණේ ඔහු බුද්ධිමත් කෙනෙක්. */

      ගෑල්ළමයෙක් මෙගෙම කියාවි කියලා මං හිතුවේ නෑ නොවැ!

      Delete
    2. @ අපූර්වි දීදී,

      ප්‍රියානි=අපූර්වී............ ටිකක් ලඟින් යන ගතියක් පෙනේ........!!!!!!

      @ කාකා ජී,

      කාකා ජී මේ කතාව ලිව්වේ නිර්නාමික ඊමේල් එකක් පාදක කරගෙන නෙමෙයි නේද?

      (අපූර්වි දීදීගේ කමෙන්ට් එක චුට්ටක් විතර සැක සහිතයි!)

      හික්z!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. මගේ දැක්මේ විදියට එයා හරි. පව් කියලා අනුකම්පා කරලා ආයෙම දෙන්නා සම්බන්දෙ දිගටම ගෙනිච්චනම් ඒත් ඕකමනේ වෙන්නේ උෂ්ණව හෝ සීතලව ඉන්න ඕනේ ඇල්මැරුණු සබදතා වලට මං අප්‍රියයි :D

      පිල්ලි මුන්නෝ අපි 80 දශකයේ අග භාගයේ දරුවෝ ඈ ...පෝන් එක අතේ මේම මේම කරන් ඉපදුණේ ඈ

      Delete
  10. ආසිරිය එල කොල්ලෙක්.....
    මේ මම වගේ.......

    ReplyDelete
  11. මේ වෙන්වීම ප්‍රියානිගෙ පැත්තෙනුත් අහන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා...

    ReplyDelete
    Replies
    1. ප්‍රියානිව ආයෙත් ආසිරිට හමුවුණොත් දැන් කල් ගතවී දුක් නිවී ඇති නිසා අසා විස්තර කියන්නැයි කියා මට ආසිරිගෙන් ඉල්ලන්න පුළුවනි!

      Delete
  12. වෙන්වීමේ වේදනාවේ ආරම්භය හමුවීමයි!

    ReplyDelete
    Replies
    1. වෙන්වීම දුකකි පෙම්ලොව නරකාදියකි මහා!

      Delete
  13. "දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා…
    වෙන්වී යන මොහොතක් නෑගේයි…
    දෑසට ලංව තවත් මේ මොහොතේ…
    ගොළුවී ඉන්නෙමි මම්……"

    කියලා මුකුත්ම නොකියා ගියා නම් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඒ හැටි හොඳ වෙන්වීමක් නෙවෙයි ප්‍රියෝ. ඔය කතාව කිව්වොත් නම් අනිවා හෙටත් හොයන් එනවා.

      Delete
    2. දම්පාටින් ලා සඳ සින්දුවේ තියෙන්නේ තාවකාලික වෙන්වීමක් ගැන නේද?

      Delete
    3. ඒක නේන්නං. හෙටත් හම්බෙනවා එහෙම උනොත්.

      Delete
  14. මට කියන්න තියෙන්නෙ කකා උඩින් කිව්ව සීරෝ නෙගටිව් කතාව තමයි. සීරෝ තමයි මෙතනදි හොඳ!

    ReplyDelete
    Replies
    1. රාජ් - බහුතරයක් හිතන්නේ එහෙම නොවෙයි වගේ!

      Delete
  15. කෙටි ඇසුර තුළ දෙදෙනාට නොගැලපීම් තේරෙනවානම් හොදම දෙය කතා බහ කොට වෙන් වීමයි. එසේ නොමැතිව නොගැලපීම දැක දැක විවාහ වුවොත් අමාරුවෙ වැටෙන්නේ මේ දෙන්නා විතරක් නොවේ්. ඇතැම් විට දරුවන් පවා. ආසිරි පර බල්ලෙක් වනේනේ ඒ වෙලාවේ පිහියක් වගේ දෙයක් භාවිත කළානම්. ඒ නිසා මං හිතන්නේ ආසිරි ඒ වෙලාවේ තැනට සුදුසු නියම වදන තමා භාවිත කර ඇත්තේ. අනාගතයේ විය හැකි අබග්ගයක් දලු ලන්න කලින්ම කපලා දාලා තිත තියලා.

    ReplyDelete
    Replies
    1. බලු වැඩක්ය කියා මං කියන්නේ කඳුළුවලට සරදම් කිරීම ගැනයි.

      Delete
  16. මට හිතුන දේ
    ආසිරි = රසික ද ???

    ReplyDelete
  17. සමහරවිට වෙන්වී යාමේ දුකට ආස‍ිරි අන්තිමට කියපු කථාවෙ දුකත් එකතු වෙලා ඇය ජීවිත කාලයම උනත් දුක් විදීමටත් පුලුවණි.එ්ත් නොගැළපීම් සමග ජීවත් වනවාට වඩා වෙන්වීම හොදයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇගේ පැත්තෙන් කතාවත් දැන ගන්න ඇත්නම්!

      Delete
  18. [ඇනෝනිමස්] අළුත්ගම වලිය දෙව්ලොවටත් පැතිරේ; නාථ හා විපස්සක දෙවිවරු අල්ලාහ් ගේ භවනට ගිනි තියලා

    දිව්‍යලෝක විශේෂ වාර්තාකරු ඩී. බී. ධනපාලගෙනි

    අළුත්ගම ප්‍රදේශයේ සති අන්තයේ ඇතිවූ බෞද්ධ-මුස්ලිම් ගැටුම් මේ වන විට දිව්‍යලෝකය දක්වාද වර්ධනය වෙමින් ඇති බව පැවසේ. ප්‍රියන්ති සේනානායක මහත්මිය හරහා අපට වාර්තා වන ආකාරයට අල්ලාහ් දෙවියන් වහන්සේ ස්වකීය දූතයන් ලවා සම්‍යක් දෘෂ්ටික නාථ හා විපස්සක දෙවිවරුන්ගේ රැස්වීමකට ගල් ගසා තිබේ. එයින් කුපිත වූ නාථ හා විපස්සක දෙවිවරුන් අල්ලාහ් දෙවියන් වහන්සේගේ වාස භවනයට ගිනි තබා ඇති අතර එහි කොටසක් මේ වන විට ගින්නෙන් විනාශ වී ඇති බව පැවසේ. ගින්නෙන් අල්ලාහ් දෙවියන් වහන්සේට හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ මණ්ඩලයට අනතුරක් නැති බවද කියැවේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශක්‍ර දේවෝත්තමයා සන්සුන්ව සිටින ලෙස අදාල පාර්ශ්ව සියල්ලන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. මේ සිද්ධීන් වලට සම්බන්ධ සියලු දෙනාටම තරා තිරම නොබලා දඬුවම් ලබා දෙන බවද බෞද්ධ ඉස්ලාම් හින්දු ක්‍රිස්තියානි සියළු දෙවිවරුන්, දේවදූතයන් එකම දිව්‍ය ලෝකයක් සේ සමගි වී සිටිය යුතු බවද එතුමෝ තව දුරටත් අවධාරණය කරති.

    ReplyDelete
    Replies
    1. දනපාල පනදාලා ලියලා නේ!

      Delete
  19. //"ඔයාට වුණත් තේරෙන්න ඇතිනේ පසුගිය මාස හතර පහ ඇතුලත අපි දෙන්නා අතර ඇති වුණු නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, අර අපි අඳුණා ගත්තු මුල දවස්වලට වඩා දැන් අපි දෙන්නා කොච්චර වෙනස් වෙලාද කියලා""//
    //""ප්‍රියානි වැඩිපුර මොකවත් කිව්වේ නැතිලු.""//
    ඒ කියන්නේ වෙන්වීමේ උවමනාව යම් තරමකට ප්‍රියානිටත් තිබිලා තියෙනවා . ප්‍රියානි අඬන්න ඇති ..එක සාමාන්‍යයෙන් කටත් වෙන දෙයක්නේ , සම්බන්ධයක් අන්තෙටම් එපාවෙලා නවත්තුවක් දුකක් දැනීම සාමාන්‍ය ස්වභාවය . එත් කඳුලට වහල් වෙලා අපහු පටන් ගත්තොත් ආපහු දුකක් , ඒ නිසා ආසිරි හොඳම දේ කරලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. උඹ එක්ක එකඟයි !!!

      Delete
    2. එතකොට කඳුළුවලට සරදම් කිරීම? ඒක හොඳඳ? අවශ්‍යමද?

      Delete
    3. අවශ්‍යම නෑ. එත් තැනේ හැටියට ඇනේ

      Delete
  20. ඔබේ පෙම් වදන් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟෙන්නේ 
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ 
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

    මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඩූයේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ …

    ReplyDelete
    Replies
    1. කකාගෙ කතාවයි, උඹ මේ මතක්කරපු සිංදුවයි එකතුකලාම මේකත් ගී සංවේදනාවක්නෙ බං. එළ කිරි.

      Delete
    2. ආන්න .කොහොමද වැඩ කකාගෙයි මගෙයි :D

      Delete
  21. ආසිරි අවස්ථානුකුලව වැඩ කරන පෙම්වතෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අවස්ථාවාදියෙක් නේද?

      Delete
  22. ඔය පෙම්වතා මැවිසුරුවෙක් ද?

    ReplyDelete
  23. apo .. kujithai... ane oyage ahata roddak giyada ahanna thibune..

    ReplyDelete
  24. ඔච්චර සරලව බැඳීමක් අතෑරල යන්න පුලුවන් එකෙක් ඔච්චර ඉක්මනට කේකිව දාලා ගියේ ඒ කෙල්ලගෙම වාසනාවට. ඔහොම චරිත කසාද බැඳල දරුවොත් ඉන්න කාලෙක ඔහොම වැඩක් කලානම් කොහොමද. විස්වාස කරන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ ගැන අදහස අන් හැමෝටම වඩා වෙනස්?

      Delete
    2. මට හිතෙන්නෙ එහෙමයි.

      Delete
  25. ඒ වචන ටික නිසා ප්‍රියානිට හිත හදා ගන්න ලේසි වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවාද? ඔබට හිතෙනවා නම් යම් කිසි තරමකට පිළිගන්න පුළුවනි.

      Delete
  26. කකා.....මට හිතෙන්නේ ආසිරි හිතාමතාම පාවිච්චි කරපු කතාවක් වෙන්න ඇති. මට නම් ආසිරි නිවැරදියි. හැම ආකරුණික වැඩක්ම වැරදි නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒත් කඳුළුවලට සරදම් කිරීම නම් මට හිතෙන්නේ නෑ කිසි දිනක සාධාරණීකරණය කරන්න හැකියි කියලා!

      Delete
    2. ඔව් කකා...ඒත් මිනිස් හිත..ඒක හරිම අසාමන්‍ය සිතුවිලි මතුකර.. විටින් විට හෝ සිද්ධියෙන් සිද්ධියට චැනල් මාරු කරනවා නේද කියලා මට හිතෙනවා.

      Delete
  27. පිහියෙන් දමලා ඇන්නා නම් නිව්ස් එකක් වත් වෙනවා...

    ReplyDelete
  28. Priyanita adaraya epa wunada danne naha. Eya srus widiyata eyage b.f. gana hithapu kenek nam, ara ahapu wachana tikath ekka monwa hitenna puluwanda? Samahara wita min idiriyata kisima kenekta adaraya karanne naha kiyala hithenna/ digatama avivahakawa inna wage theeranayak wunath ganna puluwan. Mata nam hitenne ara manussaya modayek. , ehema nathnam wenweeme yojanawa eyagen apu nisa eke bara adu karanna karapu kapati kamak wage deyak? Kohomath mama nam hithanne boru rangapam walata wada awanka weema vatinawa. Eka nisa ei manussayath mokuth nokiya hitiyanam, nathnam awankawa katha karala, ganu lamayageth hitha hadala theeranaya gaththanam watinawa.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.