
විශ්ව විද්‍යාලයේ මා උගත් කෑල්ලේ ගෑල්ළමයි ගහණය ඉතා අඩු මට්ටමක පැවතුණි. මෙනිසා, අපේ වරිගේ කොල්ලෝ බොහෝ දෙනෙකු ගඟෙන් එහා පැත්තේ වඩා කොල පැහැති තණ බිම් වෙත හෙවත් "ග්‍රීනර් පාස්චර්ස්" වෙත ඇදී ගියහ.
මගේ එක් මිතුරෙක් මේ ආකාරයට එක්තරා අධ්‍යාපන අංශයක උගෙනුම ලැබූ මානවිකාවිකාවියක් කෙරෙහි සිතක් ඇති කරගෙන, එක් දිනක් ඇය හමුවී කතා බස් කර තම සෙනෙහස හෙළිකර ඇගේ අදහස් විමසූ වෙලාවේ, ඇය ක්ෂණයකින් පවසා ඇත්තේ, ඒ ගැන කතාබහ කිරීමට ඇගේ නිවසට පැමිණ දෙමව්පියන් හමුවන ලෙසයි.
බුදු අම්මෝ!
දෙමව්පියන් හමුවෙන්නට යන්නේ සාමාන්‍යයෙන් විවාහයට දින නියම කර ගැනීමට නොවැ!
ඒ "මීට් ද පේර්න්ට්ස්" කතාව ඇසූ අපේ බැචාලා බොහෝ දෙනෙකු ද භීතියට පත් වූ බව කිව හැක.
ඒ වී නමුත් සත්‍ය ප්‍රේමය ඔය වාගේ සුළු සුළු භාධක හමුවේ පසු බසින්නේ නැත.
මා මිතුරා අර ගෑල්ළමයා ගේ නිවසට ගොස් නිසි අවසර ගත්තේය. ඉන් පසු ලයිෂන් සහිතව පෙම් කිරීම ඇරඹීය.
ඒ ලව් පලහිලව්ව පසු කාලයක අංජබජල් වී ගිය බව වෙනත් කරුණකි. නමුත්, ඒ ආකාරයට ලයිෂන් ගැනීමේ ලොකු අප්සෙට් එකක් නැති බව ඔහුගේ ඒ වීර ක්‍රියාවෙන් අපට වැටහිණි.
ඔය ආදර පලහිලව්ව තිබූ සමයේ අපට ආරංචි වූයේ, කෙල්ලෙකුගෙන් අදාල ප්‍රශ්ණය ඇසූ විට, මෙසේ ගෙදරට ඇවිත් අම්මා සහ තාත්තා හමුවී මේ ගැන මුලින් විමසිය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ මේ අධ්‍යයන අංශයේ ගෑල්ළමයින් සියළු දෙනාගේ සම්මුතියකට අනුව බවයි.
මා මිතුරා මේ බව දැන ගත්තේ ඔහු ගේ පෙර කී ආදර සම්බන්ධය පැවතෙන අතරතුරදී අසන්නට ලැබුණු එවැනිම තවත් සිදුවීම් කීපයක් නිසාය.
ගෑල්ළමයින් ගේ චින්තනයට අනුව මේ කොන්දේසිය නිසා නිර්භීත, අවංක සැබෑ පෙම්වතා ජය ගනී. කොල්ලන් ගේ විහිළු කතා විශ්වාස කරනවා නම් මෙහිදී අමාරුවේ වැටෙන්නේ මෝඩ, අමන, එස්පීබීආර් ලා ය.
කෙල්ලගේ දෙමව්පියන් හමුවීමට සමහර කොල්ලන් කෙතරම් බියද යන්න දැක්වෙන තවත් කතාවක් මෙසේය.
එක්තරා විශ්ව විද්‍යාලයක දී හමුවුණු එකම කණ්ඩායමේ තරුණ යුවලක් මද කලකින්ම පෙමින් බැඳුණහ. තවත් ටික කලකට පසු කෙල්ලගේ නිවසේ දානමය පිංකමක් පැවති දිනයක එහි ගිය බැචාලා, බැචීලා කණ්ඩායම අතර කොල්ලා ද විය.
තම මෑණියන්ට විශ්ව විද්‍යාලයෙන් පැමිණි මිතුරු මිතුරියන් පිරිස හඳුන්වා දෙන අතරවාරයේ අපේ කතා නායිකාව තම කැම්පස් පෙම්වතා පෙන්වා "මෙන්න මෙයා ගැන තමයි අම්මේ මං අර කිව්වේ!" යන වදන් කීපයද පැවසුවා ය.
අපේ වීර කතා නායකයා ඒ කතාවෙන් ඉතා කැළඹිල්ලට පත්වුණු අතර, ඒ ගැන පසුව ඇතිවුණු කතාබහ සහ නොහොඳ නෝක්කාඩු නිසා, ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයද ඉන් ටික කලකට පසු නිමාවිය.
-කතන්දරකාරයා
ප/ලි:
ඔය උඩින් තියෙන පෝස්ටර් එකට අදාල "මීට් ද පේර්න්ට්ස්" යන්න මා දැන් කලකට පෙර නැරඹු ඉතා හාස්‍යජනක චිත්‍රපටයකි. මීට කලින් මා මේ පෝස්ටරය පාවිචිකරමින් මෙන්න මේ කතන්දර කීවා මතකද?
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html
(image: http://www.coolchaser.com/graphics/tag/Meet%20the%20parents)
මොන මගුලකට කෙල්ලගෙ ගෙදරින් අහන්න භය වෙනවද මන්ද කොල්ලො ... හෙක්...හෙක්....
ReplyDeleteකෙන්ජිට සුබම, සුබ උපන් දිනයක්!!! :)
Deletethnx පොඩ්ඩි .......
Deleteමේ ළමය හැමෝගෙම උපන් දින දන්නවනෙ ..... :)
Happy Bday Bokko....!!!
Deletethnx සුද්ද........
Deleteඔතන්ජෝබි ඔමෙදෙතෝ.
Deleteදැන් ඉතින් මහ දවාලටත් ගොක් කොල සුදු රෙදි හීනෙන් පෙනෙන කාලෙ නෙව නේද බොක්ක.
ඒක නෙවි කිඹි බනිස් වලින් පස්සෙ මොනවත් ලියන්න කල්පනාවක් නැතෙයි
Happy b'day ....
Deleteඅප්පට සිරි අද කෙන්ජිගේ 21st එකද? හැපි බර්ත්ඩේ කෙන්ජි...
Deleteසුබ උපන් දිනයක් කෙන්ජෝ............ වාන් පාටියක්වත් දෙන්නේ නැද්ද
Deleteකෙන්ජයියනම් ටෝක් කරපු කෙල්ලො ගොඩකගෙ අම්මල මීට් වෙන්න ගිහින් ඇති නේහ් :D
Deleteසුභ උපන් දිනයක් කෙන්ජයියේ :)
කෙන්ජිට සුබ උපන් දිනයක් !!
DeleteHBD kenjii
Deleteමෙයාට උපන්දිනයකුත් තියෙනවද?
Deleteමම සිතුවේ ,සකුරා මලින් උපන් බබෙක් කියලා.
ආ මෙන්න මගේ සුබ පැතුම්
“කිරියෙන් පැණියෙන් සපිරුණු,කට කෑමෙන් ඉතිරුණු,
සුභඹ සුභ උපන් අවුරුද්දක් වේවා..!
මේ මල්මි කියල එන්නේ ඔමායමයි කෙන්ජි ලොක්කා
Deleteසුබ උපන් දිනයක් !!!!!!
Delete幸せな誕生日 kenjisan
Deleteසුභ උපන් දිනයක් කෙන්ජි මාමා … !!!!!
Deleteසුභ උපන් දිනයක් කෙන්ජි
Deleteසුභ උපන් දිනක් වේවා කෙන්ජි මාමේ.......
Deleteසුභ උපන් දිනක් වේවා කෙන්ජි.... ජය වේවා!!
Deleteමං කලින් සුබ පැතුව එක කෝ ??
Deleteකෙන්ජි මාමා ට සුබ උපන් දිනයක් !!!!
@Anonymous30 June 2014 08:03
Deleteඅරිගතෝ ගොසයිමසු මචෝ''''!
ඒව පේන්න ගන්නෙ 78 න් විතර පස්සෙ නේද,,,, ඒකට තව 50 ක් විතර තියෙනව බං .....
අදවත් මොනව හරි මගුලක් කොටන්න බලනව ....
@තුශී ..... thnx කෙල්ලෙ ......
@තිසර.... thnx මචං''''! නැහැ බං ...27 ඉවරයි......
@මැලේ thnx බං ....... උඹට එහෙම දීලා හරියන බුවෙක් නෙමේ බව දන්නව .....ටිකක් ඉදිං .....
@සසිදු මල්ලි thnx ..... මොන පික්ෂුද බං ... මගෙ අම්ම ඇවිල්ල.... හෙල්ලෙන්න විදියක් නැහැ....
@හැලප..... thnx මචෝ'''''!
@බස්සියා...... thnx මචී''''!
@මල්...... ඔයා මා ගැන සිතා සිටින විදිය නම් ලෙසටම වැරදිය... බබෙක් බවනම් ඇත්තය,, :).... anyway
thnx අනී''''!
@Anonymous30 June 2014 12:27 දෙන්නව වෙන් වෙන්ව මම දනිමි මචං ........
@Anonymous30 June 2014 13:58 thnx මචං''''!
@PJ අරිගතෝ ගොසයිමසු මචෝ'''''!
@PM thnx පුත්‍රයා..... හෙක්...හෙක්.... තෝ කමෙන්ට් නොකලත් අද මට විෂ් කරන බව දැනන් හිටිය බං.... අතහැරල දාපං පරණ දේවල්... හරිය.....
@රෙහානි ....thnx ළමිස්සි'''''!
@මල් මල් අඩවිය...... thnx පුතූ''''!
@විදානේ.... thnx මචෝ''''''!
@සහෝදර.... thnx පුත්‍රයා''''''!
බයවෙන්නේ මොකටද? එපා කීවොත් ඉතින් තව කෙල්ලෝ ඔය ඕනි තරම් ඉන්නේ...ඒ හැම ගෙදරකටම ගිහින් බලනවා...:D
ReplyDelete+++++++++++++ වැටක්
Deleteබය වෙන්නෙ මොකටද කකා ?(ඔය කිව්වට @ බයයි, )
ReplyDeleteකතන්දර, උබනම් මේ මගුලක් දොඩවනව බන්. මන් අහපු තරම් කෙල්ලොන්ගෙන් උන් හා කිව්වනම් මෙලහකට අන්තක් පුරයක් හදාගෙන ඉන්නවා බන්. අහපු අහපු කිව්වේ අය්යා සැරයි අක්කි සැරයි තාත්ති සැරයි අම්මි සැරයි කියන බිල බන්. දැන් උන්ට ළමයි අම්බානක ඉන්න එවුනුත් ඉන්නවා. මම ලඟදි දවසක එකියකගෙන් එහුව email කොරල උබ ළමයි හැදුවේ ගෙඅර උන් නිසාද කියල.. ලොල්..
ReplyDeleteහරි අපි හිතමු බය නැතිව අහලා බැඳගත්තය කියලා. ඒත් ඉතින් ඊට පස්සෙ ජීවීත කාළෙම ඉන්නේ බයෙන් නේ. එකෙකුටද නෑ. නෝනටයි, නැන්දම්මටයි දෙන්නටම. ඔය මාමලා විතරයි මනුස්සකමක් තියෙන උන්ට ඉන්නේ. ඒත් ඉතින් කන බොන එකෙක් නම් තමයි. නැත්නම් හුකෑස්.
ReplyDeleteඒත් කකාලා විස්ස විජ්ජාල සිස්සයෝ නිසා. අහන්න බයම නම්. මෙහෙම කරන්න තිබුනා. බිස්ටල් බෝඩ් එකක් ගන්නවා. ළොකු පින්සලකින් කහ පාට තීන්ත පාරක් ගානවා කළාත්මකව. ඊට පස්සේ රතු අකුරෙන් ලියනවා. උඹේ දුව මට දියව් කියලා. ඕන නම් එහෙම බිස්ටල් බෝඩ් තා දහයක් විතර හදා ගන්නවා. ඊට පස්සේ බැචාලත් එක්කම අර ගේ ඉස්සරහට ගිහින් මර හූ තියලා කෑ ගහනවා. හැබයි ඉතින් දෙමව්පියෝ පොලීසියේ නම් ඕවා කරන්න යන්න එපා. මොකෝ අවම බලය කියන එක බොහොම සැරයි.
මොනවද මාතලන්, මේ වචන බිස්ටල් බෝඩ්, බක් ෆියට්... රෝයල් එකට නේද ගියාය කිව්වෙ?
Deleteඔව් ඇයි අවුල්ද? ඊරීසියාවද? රෝයල් කොලීජියට තමයි ගියේ...
Deleteඔන්න ඒ පාර රෝයල් කොලීජියලු. නියම රෝයලිස්ට් කෙනෙක් වගේ රෝයල් කොලේජ් එක කියන්නකෝ මාතලන්. ඔයා කතා කරන විදිහට රෝයල් එකට ගිය අපටත් ලැජ්ජයි.
Deleteඑන්න.... ලැජ්ජා බිමින් තියලා හොඳට ඇතිල්ලුවම ඒක නැති වෙනවා.
Deleteඔයා එහෙමද කළේ?
Deleteනෑ අපි ලැජ්ජා නහරේ නැතිවම ඉපදුනේ.. ඒ නිසා අවුලක් නෑ..
Deleteපරන පාට ෆිල්ම් එකක අනෝජා කෙල්ල.ස්ට්‍රෙට් විග් කොන්ඩයක් දාලා.
Deleteජිවන් කොලු ගැන්සියක් එක්ක කෙල්ලගේ ගේ ඉස්සරහට පපුවට තඩි ගගහා සිංදුවක් කියනවා.
“රා..ජ..පස්සගෙ දුව දෙනකම්.අපි නැ යන්නේ.අපි නැ යන්නේ..“
ඇයි ගැනු ළමයි ඉන්න ගෙවල් ඉස්සරහින් බයිසිකල් යද්දි කොල්ලො හෝන් කරන් යන්නේ.වෙන මොකකටවත් නෙමෙයි.කෙල්ලට බැනුම් අස්සවන්න ගෙදරින්.
:D
ආන්න මාතෙ . මාමන්ඩිය කන බොන පොරක් නං ෆිට් තමා !!!
Deleteමම ගෑනිගෙ ගෙදර යන්ඩ එක පයිං :D හැක්
හිහි...
ReplyDeleteඅහන්න බය වෙන්නෙ සමාර විට ඒ ගෑල්ලමයට වඩා තව එකෙක් ඉන්න හින්දද දන්නෙ කව්ද
ස්ත්‍රි පරාණ තම ආත්මාරක්ෂාව වෙනුවෙන් මේ වගේ දේවල් ගෙදරින් අහන්න කියනවා. එයිටත් වඩා අසේ සමාජ පරිසරයත් මේ වගේ දේවල් කරන්න පොළඹවනවා නේද? මොකද ලිවින්ටුගෙදර් වැනි සංකල්ප ක්‍රියාත්මක කරන්න අමාරුයි නේ අපේ වගේ රටක.
ReplyDeleteලිවින් ටුගෙදර් කියන්නෙ මොකක්ද කියල කියල දෙන්නකො නලීන් මාමෙ.
Deleteඑතනදි මොනවද සිද්ද වෙන්නෙ එතකොට
කරන්නේ ඇත්තක්ද කියලා බලන්න තියෙන හොඳම අවස්ථාව ඒකයි කියලා තමයි අපේ යාළුවෝ කියන්නේ...
ReplyDeleteමෙන්ම මෙයත් ඒ බැච් එකේමද කොහෙද
Delete:D
Deleteකෙල්ලගෙ ගෙදරින් අහනව කියන්නෙ ටිකක් විතර වැඩේ ඉස්තීර වෙනව කියන එක නෙව. අනේ කවුද එහෙම දේකට කැමති වෙන්නෙ.
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteගෙදරින් අහන්න කියන්නෙත් ගොඩක් වෙලාවට කෙල්ලත් කැමති නිසානේ.
Deleteඅපේ එකෙක් ඔය වගේ කෙල්ල කියපු නිසා ඒකිගෙ ගෙදරින් අහල කැමැත්ත ගත්තට පස්සෙ කෙල්ල බෑ කිව්වා...
Deleteඒකි හිතන්න ඇති ගෙදරින් අහන්න කිව්වහම මූ නිකං ඉඳීවි කියලා.. :D
කෙල්ලගෙ ගෙදරින් අහලා අවසර ගත්තහම ලව් එකේ ආතල් කැඩෙනවා... එහෙම උණහම කරන්න බැරි ජාති ගොඩයි....
ReplyDeleteකොල්ලා: පාක් එකට යන්න බෑ අනේ, කවුරු හරි දැකලා ඔයාලගෙ ගෙදරට කිව්වොත්? අපි යමු ෆිල්ම්හෝල් එකට, බොක්ස් එකකට ගියාම කාටවත් පේන්නේ නෑ...
කෙල්ල: දැක්කට කමක් නෑ අනේ.. ගෙදරින් දැන් දන්නවනේ...
ආං හරි තිසර අයියා .. ඔය ෆිල්ම්හෝල් වලට රිංගද්දි නෝන්ඩි උනොත් ලෙඩේ :D
Deleteෆුල්ෆේස් දෙකක් දාගෙන එකපාර ගෙස්ට් එකකට ඇරලා දැම්මනං එකක් දාල නිදහසේ කතා බහ කරන්ඩ පුලුවන්නේ :D
යකඩෝ කතා කරන්නත් ගෙස්ට්ම යන්න ඕනද බං. :) :)
Deleteසමරිසි ආදරයන් සම්බන්ධයෙන් නම් ඕක සම්පූර්ණ අනෙක් පැත්ත. අම්මා තාත්තා දැන ගන්නවා කියන්නෙ එක ආදර කතාවක නෙවෙයි සියළු ආදර කතාවන්ගේ අවසානය.
ReplyDeleteසාමාන්‍යෙයන් ඉතිං ගෙදරින් ඇහුවා කියන්නේ බැන්ද වගේ තමයි නේ. කොල්ලෝ ඒකට කැමති නෑ නේ.. හැක්
ReplyDeleteඒ උනාට දේශ කෙල්ලො කියපු ගමන් කෙල්ලගෙ ගෙදර යනවලු නැන්දම්මව හම්බෙන්ඩ :D
Deleteඔිනයාටත් පිංකං ගෙදරකදි ගැනු ලමයෙක් අම්මටයි තාත්තටයි කියලා මෙයා තමයි ඔිනේ කියලා.
ReplyDeleteකැමැත්ත අහන කොල්ලොට ගෙදරින් ඇවිත් අහන්න කියලා කියන්නෙත් කෙල්ල කොල්ලට කැමති නිසානෙ නේද? :)
ReplyDeleteඔව් නේද බන් :D
Deleteඕ යේස් .. ඇයි ගෙදරට අඬගහල බන්නන්ඩ තාත්තට කියලා :D
Deleteකකා,
ReplyDeleteමම කැම්පස් ගියේ ම කොක්කක් ගහන්න කියලා කිව්වොත් තමයි හරි. මොකද ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙත් ටිකක් මහන්සියි කියලා හිතුණොත් පේරා කැම්පස් එක පැත්තේ ඇවිදින්න යනවා. ගෙවල් ඒ ළගමයි. ඉතින් කැම්පස් ගිහින් කරපු පළවෙනි වැඩෙත් එකම වැඩෙත් ඕක තමයි. පළවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙලා කොක්කගේ ගමේ එයාලා ගිය ඉස්කෝලේ සෙමිනා එකක් දාගෙන අපේ බැච් එකම එක්කං එහෙ ගියා. ඒක තමයි මගේ නම් ප්‍රවේශය. කොක්කගේ තාත්ත ඒ ඉස්කෝලේ විදුහල්පති. ඒත් එදා බය වෙච්චි පාර කසාද බැඳලා නම මාරු කරගන්නකල් ම තාත්තට කිව්වේ සර් කියලා.
හැබැයි ඔය සෙමිනා එක ඉවර කරලා අපි ගෙදරින් එද්දිම තාත්තා අම්මට කිව්වාලු ඔය වැඩ වල ප්‍රතිඵල හෙට අනිද්දා ම එළිවෙයි කියලා... මොකද ඉතින් තාත්තා ළමයින් එක්ක ම ඉදලා ඕවා ඕනේ තරම් දැකලා ඇතිනේ.................... ඔන්න මගේ //මීට් ද පේරන්ට්ස්//...................
ඔය සම්බන්ධයෙන් මම ලියපු කතාවක් මේ
ReplyDeletehttp://helapakade.blogspot.com/2013/09/89-2.html
හයියෝ බයගුලු කොල්ලො.... හැබැයි එකපාරට ගෙදරට නෝණ්ඩි වෙනවට වඩා මාසයක් දෙකක් කතාබහ කරල බලන එකත් එක අතකට හොඳයි නේද? මොන්ටිසෝරි බබාල නෙමෙයිනෙ හැම එකම අම්මගෙන් අහන්න.
ReplyDeleteඅම්ම කැමති නම් මාත් කැමතියි කියල කිව්වේ නන්දා නේද? :D
ReplyDeleteපුදුම තියරි එකක් ඒ කෙල්ලන්ටත් තිබිල තියෙන්නේ.
ගෙදරින් ඇහැව්වා කියන්නේ ස්ථිර කරා වගේනේ. ටික කාලයක් තිස්සේ දන්න එක්කෙනෙක් නම් හිතන්න හරි පුළුවන්. ආශ්‍රය කරන්නේවත් නැතුව එක පාරටම කැමති වෙනවද ?
"ඉගනගෙන ඉවර උන කාලෙක ඕව බලන්න බැරියෑ පුතේ.. දැනට එයා ඉගනගත්ත දෙන්කෝ "
ReplyDeleteකියල අහගන්න මක්කටෙයි ගෙවල් වල යන්නෙ.ටෙලිපෝන් තියෙන්නෙ ඒකටනෙ :D ඕ යේස්.
බයයි නෑ කියලම ඉතින් කියන්න බෑ.. මාත් පළවෙනි පාර ගියේ එහෙම තමා.. දැන්නම් ඉතින් අපේ ගෙදර වගේ තමයි එහෙත්..
ReplyDeleteඔය මීට් ද පේරන්ට් ෆිල්ම් එකේ අනිත් ෆිල්ම් දෙකත් මාර ගති..
අහා ඇත්තද? දැනගත්තු ඒක හොදයි. මේ කතාව කියෙවුවම මටත් මතක් වුණා ඔයා පළවෙනියට අපේ ගෙදර ආපු දවස ;)
Deleteමං අපේ ගෑනිගෙ ගෙදර ගිය සීන් එක ආතල් ලෝකයක් කකා ..මාමන්ඩිය එල පොර. කෙලින්ම කියලා තිබ්බේ බඳින්නෙ එකට ඔයාලා ජීවත් වෙන්නෙ ඔයාලා දුවගෙ ආසාවට අපි බලපෑම් කරන් නෑ ඇවිත් මූණ පෙන්නලා යන්ඩ ඒ ඇති කියලා..
ReplyDeleteආයි මොනාද ..මායි යාලුවෙකුයි උගෙ වෑන් එකේ ගියෙ. ඌ බය වෙච්ච පාර ඇන්නා ඩෝං ගාල පිටිපස්සෙ තිබ්බ මරුටියක බපර් එකේ බය ගේළඟදිම.ඌවත් ශේප් කරං ගියාම මාමන්ඩිය ඇහුව ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා. ආයෙ මොකටද බොරු .මං කීව ඔව් කියලා බියර් තුනක් කඩල පොඩි කයියක් ගැහුවා..බුරිය උල් වෙන්ඩ කාල අපි දෙන්න එන්නං කියල වැඳල ආවා :D ගෑණි කෝල් එකක් දීල කමෙන්ට්රිය දුන්නා අපි එද්දි.. අම්මාපල්ල කකෝ
" ෂෝක් කොලු පැටිය කිව්වලු " !!!!!
මාමණ්ඩිට හිතෙන්න ඇති මයේ ජාතියේම කොලු පැටියා කියලා බොනවා කීවාම ...... :D
Deleteආන්න මාමණ්ඩිලා. තෙල් මල් තියලා වැඳපන් පත්තරේ.… :)
Deleteරෙහානි මිස් .. ආං බලන්ඩ හොඳ පුරුදු වල තියන වැදගත් කම.. :D නැද්ද මං අහන්නෙ .. හැක්
Deleteප්‍රියෝ.. නැත්තං නැත්තං බං.. වඳිනවා නේන්නං පෙරලි පෙරලි.. අන්න මාමන්ඩිලා .
අදේ ....මිස් බිස් එපා ඉතිං ....බං බොලං හොඳා.... ;)
Deleteහිහ් ......ඒක නේ :D
හොඳමයි බං බොලං මචං :D
Deleteදන්නා දහිරිය සේරම දාල කෙල්ලගෙන් ඇහුවට පස්සේ ඔහොම උත්තරයක් දුන්නහම කොහොමෙයි....පවු අප්පා කොල්ලෝ..මම නං එහෙම කරන් නෑ ... :D
ReplyDeleteඅනේ කකා මට තවම කෙල්ලෙක් කියලා නැති හැටියක් ඔහොම අපේ ගෙදරින් ඇවිත් අහන්න කියලා...:D
ReplyDeleteවැඩිය හිතන්න එපා මනෝ....තව ටික දවසක් බලලා පත්තරේටවත් දාමු ... :D
Deleteපත්තරේට ????? මාව අල්ලගන්ඩෙපා ඕවට.මං පවුල් කාරයා :D
Deleteමංගල කිංකිණි එකට හරි ලහි පිටට හරි කියපල්ලා
, .හැක්
ඔන්න බලපන් බං රෙහනියෝ උඹට තියෙන දුක මා ගැන මේ පත්තරයාට නැති හැටියක්...:(
Deleteයකෝ....මගේ කෙල්ලත් ගෙදෙට්ට ඉක්මනට කියනවනං...මං එක පයිං යනවා එහෙම එන්න කියන දාක බෝතලේකුත් උස්සං
ReplyDeleteරෝස් කුකුලෙකුත් ඇරං යමං.. . කෝකටත් :D
Deleteමගේ කෙල්ලත් යාළු උන දවසෙම මට කිව්වේ අම්මගෙන් පුළුවන් තරම් ඉක්මනට අහන්න කියලා.. මොනා මමත් මල්ලෙතියෙන දේ හුකස් ගාලා එළියට දාන්නේ නැතුව ඉදන් කෙල්ලගේ අම්මව බොක්කටම පිට් කරගෙන ටෝක දැම්මා.. අන්තිමට කෙල්ලගේ අම්මට බෑ කියන්න බැරිකමටද කොහෙදෝ පුල් අවසරේ දුන්නා.. දැන් නම් ඉතින් සුවෙන් සැපෙන් ඉන්නවා :D
ReplyDeleteමමනම් තුන් හතර දෙනෙක් ගැනම ගෙදරින්ම ඇහැව්වා.ඔක්කොම කැමතිත් වුණා.ආදරෙත් කළා.දැන් බැදල ඉන්න කෙනාගෙ ගෙදරිනුත් ඇහැව්වෙ මමමයි.අදටත් මා එක්ක ඒ අයවත් ඒ ගෙවල්වත් තරහත් නැහැ.මාර වැඩේ ඒක තමයි.
ReplyDeleteසමහර වෙලාවට තව අහන්නත් ඉඩ තියෙනවා. 43 වයසක් ද මං අහන්නෙ?අම්මප අහන්න ආදරය කරන්න බැරි කමක් නැහැ.ඒත් සින්නක්කර වෙන්න බැරිකමනෙ අවුල.ආදරේට සින්නක්කර ඔප්පු ලියන්නෙ නැතිව වැළද ගන්න පුළුවන්නම් සළකා බලන්න බැරි කමක් නැහැ.
කකා වෙළද දැන්වීම් ප්‍රචාරනය කිරීම ගැන අකමැති නිසා නවතිමි.
බයක් ඇත්තේ ත් නෑ..නැත්තෙත් නෑ..
ReplyDelete//ගෑල්ළමයින් ගේ චින්තනයට අනුව මේ කොන්දේසිය නිසා නිර්භීත, අවංක සැබෑ පෙම්වතා ජය ගනී. //
ReplyDeleteමේක සහතික ඇත්ත..
ඒත් දැන් එකාල අම්ම තාත්ත හම්බෙන්න බය නැහැ කකා. කාලෙ වෙනස්.. දැන් ගෙදර සති ගනන් ඉදලා වෙන කටයුත්තක් කර ගන්න තරම් කෙල්ලෝ ඉස්සර වගේ ලැජ්ජා නැහැ. කොල්ලොත් බය නැහැ..
අන්න දියුණුව !!
අහලා බැන්දේ නැහැ....බැඳලා කිව්වා...
ReplyDeleteඅපිව නම් අපේ අම්මා අල්ලගෙන ගිහින් බැන්දුවා....ළමයි හැදුනොත් උප්පැන්නේ මොකක්ද ලියන්නේ කියලා..අන්න අම්මලා...
Deleteමම අපේ අම්මට එයාව පෙන්නුවා..එයා එයාලගේ අම්මට මාව පෙන්නුවා...අම්මලා දෙන්නාම දෙන්නාට හොඳයි කිව්වා...තාමත් හොඳයි.....
ReplyDeleteවැඩේ කියන්නේ තාත්තලාට මේ වගේ දේවල්වලදි තීරනගැනීමේ බලයක් නැද්ද අප්පා..මට නම් ලඟදීම දැනගන්න ලැබේවි...හික්ස්...
අනේ අප්පේ මම යාලු වෙන්ට අහපු හත් අට දෙනෙක්ම ඔහොමවත් නොකියා බෑ කිව්වනේ . ගෙදරින් අහන්ඩ කිව්වා කියන්නේ කෙල්ල කැමතියි කියන එකනේ. යාලුවන්ගේ නැන්දා මාමා මුණ ගැහෙන්න යනකොට වැඩිහිටියෙක් වෙනුවට මම ගිය වාර ගොඩක් තියෙනවා. හැබැයි මම ගියේ තනියම රෝස පලයක් එහෙම උස්සගෙන
ReplyDeleteමේ තියෙන්නේ ඒ කතාව.
මීට් ද පේරන්ට්ස් මටත් උනානෙව, මම නම් ඒ තැනට පත් උනේ බලෙන්මනේ . . .තාත්ත හොද නිසා බේරිල පැන ගත්ත හරස් ප්‍රස්න වලට ලක් නොවී.
ReplyDelete