ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 25 June 2014
වැටකොළු, පතෝල කතන්දරයක් - Hidden treasure!
මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.
අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත!
දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මංතුමා පොඩි කාලේ ඉඳලාම සමහර එළවළු ජාති කන්න අකමැතියි.
වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.
පොඩි කාලේ ඉඳලාම මගේ ප්‍රියතම වෑංජනේ තමයි පරිප්පු. මං හිතන්නේ පරිප්පුවලට කැමති අය අප අතර එමටයි. කොටින්ම මං අද වෙනකොට පරිප්පු ඉවීම ගැන විශේෂඥයෙක්!
කලින් කියපු එළවළු ජාති මං නොකා හිටින්න හේතු මොන මොනවාද කියලා මට දැන් මතකයක් නෑ. සමහරවිට මුලින් ම ඒවා කාපු දවසේ ටිකක් විතර සැර වැඩි වෙන්න ඇති! නැත්තං පොඩි තිත්තක් වගේ දැනෙන්න ඇති.
ඔහොම තව අවුරුදු දෙක තුනක් ගිහින් මං පාසල් යන සමයත් එළැඹුණා. ඔන්න ඔය කාලේ දවසක අපි ගියා අම්මලාගේ ගමේ. එහේ තමයි අර පහු කාලෙක තමන්ගේ සී නයින්ටියට ගහන්න රුපියල් විස්සට පෙට්‍රල් ගන්න පෙරුම් පුරාගෙන හිටිය ඇන්ටි හිටියේ.
අපේ ඇන්ටි මට හරිම ආදරෙයි. ඒ හින්දාම ඒ දවස්වල ඇන්ටි මට හැමදාම වගේ බත් අනලා කවනවා. මං ඒ වෙනකොට ඉස්කෝලේ යන්න පටන් අරගත්තු ලොකු ළමයෙක් වුණාට මාත් ඒකට කවදාකවත් අකමැති වුණේ නෑ. මොකද, මල්ලිලා අම්මා එක්ක හුරතල් වෙනවා වාගේ, මාත් කැමතියි පොඩ්ඩක් හුරතල් වෙන්න.
අනික මේ ඇන්ටි බත් කවන අතරේ අපිට අහගෙන ඉන්න හරීම ලස්සන කතන්දර කියන්නත් දන්නවා. කතන්දර වගේම ඇන්ටි අනලා බත් කවන කොට හරීම රහයි, මං පිඟානට බෙදාගෙන අනාගෙන කනවා වගේ නොවෙයි!
මුලින් පිඟානට බෙදලා ගෙනත් හොඳට අනලා ගුලි කරලා මට කවන බත් මං සේරම වගේ කනවා. එහෙම වුණාම ඇන්ටි ආපහු කුස්සියට ගිහින් තවත් බත් බෙදාගෙන ඇවිත් මට කවනවා.
එක දවසක්, බත් පිඟාන ඉවර වුනේ ඇන්ටි මට කියමින් උන්නු කතන්දරේ හොඳම හරිය යද්දීයි.
ඒ හින්දා මාත් කතාව දිගටම නොනවත්වා කියන්න කියලා ඇන්ටිගෙන් ඉල්ලමින් ඇන්ටි එක්කම කුස්සියට ගියා බත් බෙදාගෙන එන්න යනකොට.
දෙවෙනි බත් පිඟාන අරගෙන ආපහු ඇවිත් ඔන්න ඇන්ටි ආයෙමත් කතන්දරේ කියමින් මට කවන්න පටන් ගත්තා.
මට හොඳට මතකයි, එදා ඒ කතාවත් දුක්මුසු අවසානයකින් තමයි ඉවර වුණේ. ඊටත් වඩා වැදගත් දෙය තමයි අර දෙවෙනියට බෙදාගෙන ආපු බත් පිඟානේ අර කලින් එකේ තිබුණු රහම රහ ගතිය තිබුණේම නෑ.
මීට සෑහෙන කාලෙකට පස්සේ තමයි මං දැනගත්තේ ඇන්ටි මට අනලා කවන බත්වල රසයට සැබෑ හේතුව නම්, බත්වලට යටින් හොරෙන් බෙදලා, බත්වලින් වහලා තිබුණු වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු වෑංජනය කියන එක.
මේ දෙවෙනි පිඟාන රහ නැතිවුණු දවසේ එහෙම වෙන්න හේතුව තමයි, බත් බෙදාගන්න මාත් කුස්සියට ගිය හින්දා, ඇන්ටි වෙනදා බත් යටින් හොරෙන් හංගලා මට කවපු, මං සාමානයෙන් නොකන එළවළු වර්ග එවෙලේ මගේ බත් පිඟානට බෙදුවේ නැතිවීමයි!
-කතන්දරකාරයා
ප/ලි:
එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා.
කරවිලත් කනවා, හැබැයි ඒ උයලා නොවෙයි, බැදලා සම්බෝල හදලා!
(image: http://daenyo.de/photos/asia/sri-lanka/)
Subscribe to:
Post Comments (Atom)
හෙහ්...හෙහ්.... කුස්සියට ගිය නිසා වැඩේ අප්සැට් .......
ReplyDeleteමම නම් අදටත් අම්ම ආවම අම්මට කියල බත් කවා ගන්නව .....
ඉස්සර කවපු රසයමයි.....
ඇයි අම්මා බලන්න යන්නේ නැද්ද?
Deleteඅම්ම මාව බලන්න එන එක වැඩියි.......
Deleteමගේ යාලුවෙක් කරවිල නොකා ඉඳලා මලා
ReplyDeleteඅනේ පව්!
Deleteමගේ සාතිශය සංවේගය පිළිගන්න.
++++++++++++++++++++++++++++++++++
Deleteපොඩි කාලේ රස තේරෙන්නේ නෑ...:)
ReplyDeleteපොඩි කාලේ බත් රස විඳපුඅය
Deleteලෙකු කාලේ පෙම් රස විඳලා
නාකි කාලේ බොහෝවිට සැනසෙනානේ දම් රසයෙන්!
අනිච්චේ දුක්කේ සංසරේ........ නේ ක. සීයේ
DeleteIthin apata paan da
ReplyDeleteපාන් කන්න නං එලෝලු ඕනෑ නෑ. නිකං පරිප්පුවක් තියෙනවා නම් ඇති. කිරට උයපු මූදු මාලුත් හොඳයි.
Deletehttp://kathandara.blogspot.com/2010/04/kk-bm7.html
මට පේන්නේ මේ එළවළු ගිනි ගනන් කාලේ, අපේ මල පන්නන්න, කකා ඇන් ජී ඕ එක්ක එකතු වෙලා කරණ කුමන්ත්‍රණයක් වගේ..
ReplyDeleteඑළවළු ගනං ගියාම ඊටත් වඩා ගනං මස් කන්න බැරි හින්දා එළවළු වෙනුවටත් මස්ම තමයි කන්න වෙන්නේ.
Deletehttp://kathandara.blogspot.com/2009/09/blog-post_25.html
මේක සියවස් දෙකකට එපිට අයර්ලන්තයේ සිදුවුණා.
http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html
බත් කාට හරි කියලා කවා ගන්න වැඩෙට මං මතක ඇති කාලේක ඉදන් කැමැති නෑ,
ReplyDeleteඅපි බෙදා ගත්තත් දෙවැනි පාර බත් රස අඩු වෙනවා...
පිළිගන්න අමාරුයි,
Deleteඑහෙමනම් මුල් බත් කටට වඩා දෙවෙනි බත් කටත් රස අඩුවෙන්නන ඕනෑ!
දැං තේරෙනවා නේ.. ගුණ කෑම තමා රස..
ReplyDeleteවැටකොළු, පතෝලවල මොන ගුණක්ද?
Deleteඔන්න ඒවාට දාන උම්බලකඩ නං ගුණයි.
@කකා, ඊයේ රෑ මං හීනයක් දැක්කා. බුදුහාමුදුරුවො තීර්ථකයින්ගෙ ගෙයක් කඩන්න අනෙක් සංඝයා වහන්සේලාත් එක්ක යනවා... සොරි වඩිනවා. සැරියුත් මුගලන් දෙනම තමයි මුලින්ම ගියේ. සැරියුත් හාමුදුරුවෝ අලවංගුවක් උස්සාගෙන ගියා දෙන්නම් තොපිට... තොපිට අබ සරණයි කිය කියා. මුගලන් හාමුදුරුවෝ පැට්‍රල් කෑන් එකක් උස්සගෙන ගියා සියළු තීර්ථකයෝ ගිනිබත් වෙත්වා, මැරෙත්වා, දුකින් මිදෙත්වා කිය කියා මෛත්‍රී භාවනාව වඩ වඩා. බුදු හාමුදුරුවොත් නිකම් නෙවෙයි ගියේ යකෝ මේක බුදුන් උපන් රට තොපි තීර්ථකයෝ එනවද අපට අරින්න? තොපිට අබ සරණ වෙන්න දෙන්නම් කිය කියා. රාහුල පුංචි හාමුදුරුවොත් තොප්පියක් දා ගත්තු තීර්ථක පැටියෙක් පස්සෙ එලෙව්වා තොගෙ අම්මට අබ සරණ වේවා කිය කියා. අනේ අර තීර්ථක පැටියත් මර බයේ දුවනවා. අනාථ පිණ්ඩිකලා විශාකාලා තමයි මේ සේනාවට දාන මාන පහසුකම් සපයලා තිබුණේ. මේක හීනයක් විතරයි. මේ හීනේ තේරුම මොකද්ද? අර සෝම හාමුදුරුවෝ ප්‍රොමිස් වෙච්චි ධර්ම රාජ්‍යය දැන් පහළ වෙලා කියන එකද මේ හීනේ අර්ථය?
ReplyDeleteඔය හීනය ඇතුලේ බිම්බිසාර රජ්ජුරුවෝ අන්තිමේදී ලකුණු දාගන්න හැටි දැක්කේ නැද්ද?
Deleteඑක පාරටම නෙවෙයි ටිකක් කල් යනකොට මිනිස්සු බිම්බිසාර රජ්ජුරුවන්ගෙ මෑණියන්දෑ මතක් කරන සීන් එකක් නම් තිබුණා.
Deleteනානසාර කියන වදදියට එයා මුගලන් පරපුරේ, සැරියත් ලා හොඳ කෂ්ටිය නිකං නාග විහාරේ සෝබිත සාදුලා වගේ.
Deleteකැරට්, බීට්රූට් මම නම් පොඩි කාලෙ ඉදන්ම කැමතිම කෑම. පරිප්පු නම් දැනටත් කැමතිම කෑම. පරිප්පු කන්න අකමැති උනත් වැඩක් නෑ. නිතරම කන්න වෙන්නෙ පරිප්පුනෙ.
ReplyDeleteපළමු ලෝක යුද්ධ කාලේ රේඩාර් තාක්‍ෂණය හොයාගෙන ඒක භාවිතාකරන බව රහසක් හැටියට තියා ගන්න බොරු ප්‍රචාරයක් ගෙන ගිහින් තියෙනවා පයිලට්ලාට රෑට ඇස් පෙන්නේ කැරට් කන නිසාය කියලා.
Deleteඒ මදිවට අපිට පොඩි කාලේ කිව්වාද කොහෙද බීට්රූට් කාපුවාම කෙලින්ම ලේ වලට එකතු වෙනවා කියලාත්!
//වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.//
ReplyDeleteඔය අම්මලගෙ පිස්සු... බැදපු අළුත අපේ මහත්තයගේ අම්ම කියපු විදියට එයාගෙ නොකන කෑම ලැයිස්තුව කන කෑම ලැයිස්තුවට වඩා දෙගුණයක් විතර දිගයි.. අපි දෙන්න වෙනම පදිංචියට ගියාට පස්සෙ මෙන්න අර නොකනවා කියපු කෑම ඔක්කොම මෙයා අගේට කනව... ( හැබැයි බඳින්න කලින් උන්දැ අවුරුදු 4ක් පිටරට හිටපු එකත් මේකට බලපනවා මං හිතන්නෙ.. මොකද එතකොට කෑම තේරිලි බෑනේ.. හම්බුවෙන එක කන්න උනාම ඔය කන නොකන කෑම ජාති නිකම්ම වෙනස් වෙනව..) වෙන කේස් එකක් නෙවෙයි.. එක අතකට අර කකා කිව්ව වගේ එක දවසක් ඒ කෑම එපා කිව්වම ආ මෙයා මේවට කැමති නෑ කියල හිතාගන්න එක.. අනිත් අතින් අම්මලට ලේසියට හදා ගන්න කතාවක්.. ( මං උනත් මට හදන්න කම්මැලි කෑම, මෙයා කන්නෙ නෑනේ කියල ෂේප් වෙනව සමහර වෙලාවට... හි හි)
මාත් ඔය බත් අනලා ගුලි හදලා කවන කොට කන්න හරි ආසයි... මං පොඩි කාලෙ අපේ තත්තගෙ යාලුවෙකුත් පදිංචි වෙලා හිටියා අපේ ගෙවල් හරියෙම.. ඒ ඇන්ටිට හිටියෙ පුතෙක්... ඇන්ටි ඇපි දෙන්නටම බත් අනල කවනව.. හැබැයි අර අයියට ගුලි හදලා කවන්නෙ නෑ.. මට විතරයි එහෙම හම්බුවෙන්නෙ.. අර යකා මාත් එක්ක හැමදාම වලි බත් කන වෙලාවට... අනිත් වෙලාවට ෂේප්... හි හි
බ්ලොගර් අවුල නිසා පෝස්ට් මිස් වෙනව කකා...
හි හි ..
Deleteහි හි හි හි ..
හි හි හි හි හි හි ...
හි හි හි හි
හි හි හි හි
හි හි හි හි හි හි
හි හි
හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි
හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි
හි හි ...
Ey awulda
Deleteහිරු ගේ කතාවේ ඇත්තක් තියෙනවා, අම්මලා කැමතියි පුතාලාව ස්ඵොයිල් කරන්න.
Delete(පෝස්ට් මිස් වෙන්නේ කොහොමද, ඔය බ්ලෙග් ආකය්ව් එක තියෙන්නේ දකුණු අත පැත්තේ?
නොකාපු ලිස්ට් එක දිග මදි.
ReplyDeleteනොකන ලිස්ට් එක ඊටත් මදි.
නොකාපු හූනෝ කෙට්‍ටුවේ.
Deleteනොකන හූනෝ වඩාත් කෙට්‍ටුවේ.
හි හි
Delete@ malmi hi
Deleteමගේ දිගල ලිස්ට් එක දන්නවාද? මං පහුගිය අවුරුදු දෙක තුන තුල මිලට අරගෙන තාම කියවන්න වෙලාවක් හොයා ගන්න බැරිවුණු පොත් ලයිස්තුව.
දැන් සීයකටත් වඩා තියෙනවා.
ඒ මදිවාට හැම මාසෙම කියවනවාට වඩා අළුතින් එකතු වෙනවා!
නියම එළවලළු බතක රස බලන්න නම් ඉන්දියාවේ වෙජිටේරියන් එකකට යන්න ඕන. ඒ වැන්ජනත් එක්ක දෙන දොළහක් විතර වූ නානාප්‍රකාර රසකාරක වර්ග ටික එක්ක බත ඇනුනාම අමුර්ත රසයක් දැනෙනවා.
ReplyDeleteසහතික ඇත්ත නලීන්,
Deleteඇයි මං කලින් දවසක ලිව්වේ වෙජිටේරියන් එකකින් ෂෝට් ඊට් කන්න ගිහින් වෙච්ච සිද්ධියක්.
http://kathandara.blogspot.com/2011/05/is-this-chicken-or-fish.html
දැන් ලංකාවෙ එළවළු කන එකත් මාර සුඛෝපභෝගී වැඩක් නොවැ.
ReplyDeleteඇයි ඉතිං මිනිස්සු ටික ටික හරි ගෙදර වගා කරගන්නේ නැත්තේ? පෝච්චි වලත් එළවළු වවෙනවාලු හොඳට.
Deleteකකාගේ සතියක වෙජිටේරියන් ට්‍රයල් එක ගැන කියවද්දී මතක් වුනේ පහුගිය දවසක අන්තර්ජාලයේ මම දැක්ක වැඩසටහනක්... ලීසා කියලා කාන්තාවක් කරන්නේ 100 Days of Real Food... කකාගේ ට්‍රයල් එකේදී මාංශ ආහාර වලින් වැළකුනාවගේ මෙතනදී වැළකෙන්න ඕනේ මේවායින්...
ReplyDeleteWhat you CANNOT eat:
No refined grains such as white flour or white rice (items containing wheat must say WHOLE wheat…not just “wheat”)
No refined sweeteners such as sugar, any form of corn syrup, cane juice, or the artificial stuff like Splenda
Nothing out of a box, can, bag, bottle or package that has more than 5 ingredients listed on the label
No deep fried foods
No “fast foods”
මට හිතුනා මේක අත්හදා බලන්න වටින දෙයක් කියලා... මෙතන තියේ ඒගොල්ලෝ රියල් ෆුඩ් කියන්නේ මොනවාටද සහ ඒ පිළිබඳ තොරතුරු...
මිලියන දෙකට සුභපැතුම්...!
අප්පට බොල දැනුයි ඒක දැක්කේ.. මම මේ මිලියනයක් එනකන් ඉන්නේ සැලබෙරේට් කොරන්න...
Deleteස්තුතියි, බීට්ල්.
Deleteට්‍රයි කරලා අපිටත් විස්තර කියන්න.
මගේ නං සතියක වෙජිටේරියන් ජීවිතය අදින් අවසන් කළා.
මට කරවිලනම් මක්කරලාවත් කන්න බෑ.... ඒ වගේම තව ජාතියක් තමයි එළබටු සහ තිබ්බටු.
ReplyDeleteකරවිල පොඩි තීරු කපලා වෙලලා සම්බොල වගේ හැදලා ....එවා කන්න සැට් වුනා එක සැරයක් මාර රසයි ..
Deleteඅපේ අම්මා කරවිල වේළලා බැදලා හදනව ලූණු එහෙම කපල දාල සම්බෝලයක්, හැම එකාම රහයි කිය කිය කනව. මට ඒ කරවිල එකෙත් තිත්ත එනව සහෝ. කරුමේ කරුමේ....
Deleteමෙමෙයි තිත්තත් රසක් නේ. මං කරවිල බැඳුම කනවා. ඉව්වාම අප්පිරියයි. තිබ්බටු කිරටත් හොඳයි තායිලන්තේ අයත් කනවා ග්‍රීන් කරි විදියට චිකන් හෙම දාලා.
Deleteකකාගේ උඩ තියෙන ලිස්ට් එකෙන් කරවිල ඇරෙන්න අනිත් දේවල් නම් කනව කරවිලත් කකා කියලා තියෙන විදියට බැදලා සම්බෝල හැදුවොත් කනවා.හැබැයි ඉතින් නොදැන කනකොට ඔය ඕනිම දෙයක් කන්න පුළුවන් කියන එකනම් ඇත්ත..
ReplyDeleteනොදැන කන කොට රහ වුණාට, පාරවල් නොදැන කතරගම යන්න ගියොත් නම් අතරමග තමයි
Deleteවැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල කියන මේ ඔක්කොම මම කනවා. ඊට අමතරව අලු කෙසෙල්, ම්ම්ම්ම්... ඊට ලේසියි මම නොකන එළවුළු කියන ඒක. ඒ මොනවද? ම්ම්ම්ම්... මොකුත් නෑ. හැම එළවලුවක්ම කනවනේ. :D
ReplyDeleteමෙන්න වටිනා කියන ඇයෝ , :) තිත්ත තිබ්බටු එහෙමත් කනවෙයි ???
Deleteමේවා කාලා තියෙනවාද?
Deleteබතල කොල
කැබැල්ලෑ දලු
පැෂන් පෲට් කොල
??
ඔය ඔක්කොම ජාතිත් කාල, ගෙදර උන්ගේ ඔලුවත් කනවා! හි.. හි...
Deleteමම ආසාවක් නැත්තේ මස් මාළු... විශේෂයෙන් මාළු
ඒ ලිස්ට් එකේ කෑම වලින් එළබටු තමයි කන්න ආස නැත්තේ.. අම්මලා බත් වලට ආදරේත් දාල කවන නිසාලු ඔච්චර රස...
ReplyDeleteඅම්මලා, පුංචි අම්මලා!
Deleteමම එළවළු ජීවියෙක්. ඒක වෙජිටේරියන් වීම නෙමෙයි. ඉස්සර මම හැමදාම කෑවේ එළවළු. මස් මාළු කෑවේ හඳ දකිනවා වගේ.නොකන එළවළුවකුත් තිබ්බේ නෑ. හැබැයි ඉතින් කොළ තමයි වැඩිපුරම. ඒකත් අමුවෙන්. පසුගිය සතියක එහෙම හිටිය මට මේ දොස්තරලා නීති දැම්මනේ. දැන් එඇලවළු විතරක් සෙල්ලම් බෑ. බඩගිනි වුනාම විතරක් කන්නත් බෑ. අනේ කාලේ වනේ වාසේ කීවලු.
ReplyDeleteඇයි ඔයා වීල් බීෆ් කනවා.... අරවා කනවා...කියලා මේකෙ දාර නයෙක් ඇරියා නේද කාලෙකට කලින්..... මට මතක විදිහට සාදු ගිනි පූජා පෙන්නපු කාලෙ....
Deleteඅපෙ කකාටනම් වීල් බීෆ් කන්න හිතහදාගන්න බෑ කියලා එතන කියලා තිබුනා.... පොඩිකාලෙ මතක්වෙන නිසා....
රංගිගේ ඩයට් රෙජීම් එක ටිකක් ඒකාධිපති එකක් වගේ!
DeleteAno,
Deleteඔයාට ඒවා නයි වුනාට අපි ඒවා නයි නෙමෙයි. තමන්ගේ හැන්දෙන් හැමතැනම හිතන්න යන්න එපා. අපි එකිනෙකාගේ ජීවිත වෙනස්. veal beef විතරක් නෙමෙයි මම fiorentino steak වුනත් කනවා. ඔහේට ඒක super luxury එකක් හෝ මවා පෑමක් කියලා හිතුනට මගේ ජීවිතයේ ඒක සාමාන්‍ය දෙයක් විතරයි. තව ඕනේ නම් මම Brunello එහෙම නැත්නම් Super Tuscan wine ත් බොනවා ඕව කන ගමන්. දැන් හිත හැදුනද?
(සමාවෙන්න කකා මෙහෙම උඩ ඇනෝට උත්තර ලීවට )
//එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා//
ReplyDeleteKK මුරුංගා වලට අකමැති ඇයි?
මන් පොඩි කාලෙ කැමති එකම එලවලුව ඒක
මුරුංගා කාපුවම නැට්ට කෙලින් වෙනවලු
Deleteහි හි
Deleteමුරුංගාවලට කියන්නේ අදින්නා දානා කියලානේ
Deleteපස් පවට නිසයි නොකන්නේ.
අම්මා කවනකොට ඕන එළවළුවක් කන්න ඇහැකි..පුදුම රසක් තියෙන්නෙ..
ReplyDeleteපොඩි කාලේ මාත් පතෝල,වට්ටක්ක එහෙම කෑවෙ නෑ.. දැන්නං කනවා..
කරවිල තමයි මං ප්‍රියතම ව්‍යාංජනේ..
//කරවිල තමයි මං ප්‍රියතම ව්‍යාංජනේ..// මේකාව රාමු කරල සංරක්ෂණය කරන්ඩ වටිනෝ නෙ. :P
Deleteඋඹ දැන් හෙන පාටට ඇති නේ කරවිලම කලා ;))) කරවිල කැවාම පාට වෙනවලු නේ
Deleteකරවිල මට උයලා අරහං, කරවල නං ඕනෑ පදං කන්න පුළුවනි!
Deleteකරවිල අමුවෙන් සම්බෝල හදල හරි රසයි නේ කතන්දර. අපරාදේ කන්නේ නැත්තේ.
ReplyDeleteහ්ම්....පොල් ටිකක්....රතුළුණු හීනියට ලියල ...උම්බලකඩ කැබලි සමග දෙහි ඇඹුල් දාල ගත්තම නියමයි....
Deleteට්‍රයි කරලා බලන්නම් ඊලඟ දවසේ!
Deleteදෙන්නාටම ස්තුතියි.
තුඹ කරවිල තමා කකා පට්ට.
ReplyDeleteපොඩි කාලේ කියවපු පොතක තිබුණු කවි පද දෙකක් සිහිවුණා.
Deleteහරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
උදයෙම ගෙනෙයි වම්බොටු තුඹ බණ්ඩක්කා!
තුඹ කියන්නෙ එක ජාතියක්, තුඹ කරවිල තවත් ජාතියක්. ඔතන තුඹ බණ්ඩක්කා කියන්නේ තුඹ සහ බණ්ඩක්කා කියන එකයි. මැගි අක්කා උදේම වම්බොටු ගේන්නෙ ඇයි?
Deleteවැටකොළු - කන්නෙ නෑ.
ReplyDeleteපතෝල - පරිප්පු දාලා ගත්තම මරුනෙ.
කැරට් - කොහොමද කැරට් සම්බෝලෙ රහ.
බීට්රූට් - සමහරු සලාදත් හදනවලු
එළබටු -කන්නෙ නෑ මාත්
රාබු -විශේෂ ආසාවක් නෑ..
කතුරුමුරුංගා -මැල්ලුම මරුනෙ.
කැකිරි, -කළු පොල් ක්‍රමයට කනවා
මුරුංගා -ඉස්සර නොකෑවට දැන් කනවා
කරවිල- කන්ඩම බෑ.
බලද්දි මම හොඳයිනෙ.
හොඳ එකෙත් හොඳම එක වගෙයි!
Deleteඔය වැඩේ නම් මටත් වෙලා තියෙනවා අනන්තවත්.
ReplyDeleteබත් එක යටින් එළවලු ගේ බඩට ගියේ උගුරවත් නොදැනයි.
අනේ පව්, මෝඩයා වගේ කෑවා නේද රැවටිලා? හූ, හූ!
Deleteකන්න අකැමති උනාට නම් කමාක් නෑ. හැබැයි මං අහවල් ජාඅතිය කන්නෙ නෑ නෑ නෑමයි වෙන්න හොඳ නෑ. බෙරිවෙලාවත් ඒ දේ විතරක් තිබුනොත් මැසිවිලි නැතිව කන්න තරම් පෞර්ෂ්‍යත්වයක් තමන්ට තියෙන්නෝනි.
ReplyDeleteඅපොයි ඔව්, මං සමහර වෙලාවට කබරගොයි මසුත් කනවා තලගොයි කියලා හිතලා!
Deleteඉස්සර කන්න අකමැති වුන කෑම ජාති ගොඩක් දැන් නම් කනවා.. ඒක නම් වැඩිකරම ඉස්සර ඕන හැටියේ හොයාගෙන කන්න තිබ්බ හන්දා අගේ නැතුව හිටි හන්දා වෙන්නම ඕන.. මාත් ලංකාවට ගියාම අම්මට කියලා තමයි තාම කවාගන්නේ..
ReplyDeleteමෙන්න තාමත් අම්මට හුරතල් වෙන බබෙක්!
Deleteමම වතුර ගතිය තියන එලවළු පලතුරු කන්න වැඩිය ආස නෑ.. පතෝල, කැකිරි, පිපිඤ්ඤා වගේ ඒවා... ඒ වගේම කොමඩු එහෙමත් හරි අප්පිරියයි. බීට් රූට්, අල, පරිප්පු, ගෝවා, බෝංචි තමයි මම කැමැත්තෙන් කන්නේ...
ReplyDeleteවතුර ගතිය වැඩි ඒවා උයන කොට වතුර තව දාන්න නරකයි!
Deleteඑහෙම තමයි කකා....
ReplyDeleteසමහර ඒවා අපි කන්නෑ කියලා හිතින් හදාගෙන ඉන්නවා. මටත් කන්න කැමති නැති දේවල් ගෙදර උන්දෑ අමුතු විදිහට උයලා ඕනේ තරම් ගිල්ලනවා. කාලා ඉවර වෙනකල් මං දන්නෑ මොනවද කියලා.... නොදැන කද්දි ඒවා රහයි...
ඒක නෙමෙයි වෙජි වැඩේ අල්ලලා යනවාද? ඉතින් වෙනසක් දැනෙනවාද? මං හිතුවා ඒක ගැන ලියුවා කියලා...... පස්සේ තත්වය ගැන කියමුකෝ.
සතියක එළවලු ජීවිතේ අද අවසන් කෙරුවා. වැඩි වෙනසක් දැනුනේ නෑ.
Deleteමීලඟ පාර මාසයක ට්‍රයල් එකක් කරලා බලනවා!
සුභ පැතුමට ස්තුතියි.
ReplyDeletekalekata passe lassana KATHANDARAYAK neda?
ReplyDelete