Sunday 5 June 2011

පොලිසිය එනු දැක දුවපු කොල්ලා - නැවත කියවීම

මේ කතන්දරය මුලින් පල කලේ 2010 ජූනි මස 21 දිනය. එහි ඇති කාලීන බව සිතා නැවත කියවන්නට සිත් විය.

වසර විස්සකට පසුවත් ඇතැම් දේ වෙනස් වී නැති හැටි!


කතන්දර බ්ලොග් එකේ ලියන්නට සිතා නොසිටි කතන්දරයකි.

ඊයේ ආච්චි ගේ පෙට්ටගම පෝස්ට් එක දැමු පසු දැන් නොලියා බැරි කතන්දරයකි.

ඉතා කෙටියෙන් කියමි.

ආච්චී කියූ පරණ කතන්දරයේ වගේම 1990 දී ද එක්තරා කොල්ලෙක් පොලිසිය එනු දැක දිව්වේය.

මේ මාතර අසල ගමක දී ය. මෙදා ආවේ එදා අපේ ආච්චිලා ගේ කාලයේ මෙන් නිකංම නිකං බැටන් පොල්ලක් හෝ නෝට් පොතක් රැගත් රැලේ බයිසිකලයක නැගි බාච්චු කොට කලිසමක් ඇඳි රාලහාමි කෙනෙක් නොවේ.

පොලීසියේ එලීට් යුනිට් එකක කෂ්ටිය ය. ඒ.කේ.ෆෝටි.සෙවන් දරා ගෙනය. පැජරෝ යනාදී රථවල ය.

මෙදා දිව්වේ එදා මෙන් පොඩි කාලේ සිට බත් නොකන විට, දඟ කරන විට පොලිසියට බාර දෙනවාය කියා බිය ගන්වන ලද කොළු ගැටයෙක් අම්මාගේ රෙද්ද බේරා ගන්නට නොවේ.

උසස් පෙල හදාරමින් සිටි කොල්ලෙකි. පාඩම් කරමින් සිටි කොල්ලෙකි. පැවති වාතාවරණය නිසා බිය වූ මුව පැටියෙකි.

මුව පැටියෙකු ගේ කකුලක් වේගයෙන් ඇදී යන ජීප් එකක මදක් විවර වූ දොරකින් පෙණුනු බවට ඇසින් දුටුවෝ සිටියහ.

මුව පැටියෙකු ගේ පිළිස්සුණු සිරුරක් පාරක් අසල තිබුණු බව ඇසින් දුටුවෝ සිටියහ.

එපමණකි.

"මචං එදා මුං මඩකලපුවේ ඉඳිද්දී අපි උන්ගේ වැඩ කිඩ ගැන කතන්දර අසා හුරේ දැම්මා. අපිට කෙලවුණු අදයි හිතෙන්නේ, මෙදා අපිටම මෙහේදී මෙහෙම නං එදා එහෙදී මුං අරුන්ට කොහොම කෙළවන්න ඇද්ද කියලා."

මින් වසර දෙකකට පසුව දුකින් තැවෙන සොහොයුරෙකුගේ මුවින් පිටවුණු වදන් කිහිපයකි ඒ.

අද කතාව මෙයින් නිමි.

සමහර විට නොනිමි දැයි ද සිතේ.

-කතන්දරකාරයා

ප/ලි:
උදේම jolly කතන්දරයක් කියවා දවසේ වැඩ අරඹන්නට සිතා සිටි මා මෙතෙක් දුටු නොදුටු ප්‍රිය සගයෙනි, මට සමාවෙන්න.

මා වසර දෙකකට පෙර ලියා 2011 මැයි මස 18 දා මේ බ්ලොගයේ පල කළ "නූතන ජන කවි" මතකද?
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

ඒ කවිත් නැවත කියවන්න.

37 comments:

  1. මම නං හිතන්නෙ කසූ, මේ වගේ ලාවට හරි අපි යතාර්ථය මතක්කර ගන්න ඕනෙ. මොකද යුද්දෙත් , ඒ සමගම එන භීෂණයත් තාම ඉවර නැති නිසා. වෙලා තියෙන්නෙ, දැනට යටපත් වෙලා විතරයි - හරියට අළු යට ගිනි වගේ. මට හිතෙන්නෙ මේ අවාසනාවන්ත තත්ත්වය, සැරින් සැරේ රටේ පලාතෙන් පලාතට මාරුවෙනවා විතරක් කියලයි.

    මේක සංකිර්ණ සමාජික- ආර්ථික -දේශපාලන ප්‍රශ්ණයක් බවත්, මං වගේ හාල්පාරුවෙකුට මේ ගැන දෙන්න පුළුවන් විසදුමක් නැති බවත්, මං දන්නවා. එහෙම කියලා , අපි කට වහගෙන ඉන්න ඕනයි කියලා මං හිතන්නෙ නෑ. මොකද ඔය විශයයන්ට කප් ගහපු "පොර" වලුත් සමාජවාදය බදුගත්ත "පොර" වලුත් මේතාක් විසදුමක් දීලානැති නිසා.

    මං හිතන්නෙ, "පොර" වල්වලට වගේම ගමේ ගුනපාලටත්, සිරිපාලට මේ ගැන අදහස් දක්වන්න අයිතියක් තියනවා. අපි හැමතැනම කල්ලි බෙදිලා. පාලක්-පාලිත, කුල, ආගම්, ඇති-නැති. උදාහරණයක් හැටියට අපේ ඇති-නැති පරතරය, බටහිර රටවලට වඩා හුගක් වැඩියි. කොලඹට කිරි- අපට කැකිරි කිව්වෙ ඔහෙලා අපිලා කිරි බොන කාලෙ වුනත්, තාමත් ගමට කැකිරිම නේද? එහෙම නොවෙයි නං වැඩියක්ම ජනප්‍රිය පාසල් කොලඹ තියෙන්න විදිහක් නෑනෙ.

    මට තියෙන ප්‍රශ්ණෙ, අවුරුදු දෙදාස් පන්සිය බර ගාණක සංස්කෘතියක් තියන අපට අපේ කල්ලියේ නොවෙයිනං අනික් මිනිස් ජීවිත මැස්සො - මදුරුවො ගාණට නොවටින්නෙ ඇයි කියලයි. ඇහැ කන පියාගෙන හිටියට, සමහරවිට උත්තරෙත් අපි ලගම ඇති.

    ReplyDelete
  2. අයියෝ.මොනාද කාකා......උදේ පාන්දරම ඔළුවට දැම්මනෙ ඉතින්...මොනා කරන්නද ඇත්ත හරිම තිත්තලුනේ....

    අපේ පුංචි මට කියලා තිබ්බා එයත් එයාගෙම ඇස් දෙකෙන් දැක්කලු. මේ වගේම මුව පොව්වො දෙන්නෙක්ව. ගම්පොළ මහජන බැංකුව ලඟදී.....උදේ පාන්දරම....ඊට ටිකක් එහායින් බලු රෑනක් උන්නලු...මොනාටදෝ පොරකකා උන්නලු. දැක්ක විදියටනම් ඒ කපා විසි කරපු මුව පොව්වගේ එක අතක්ලු...

    අපේ පොළොසියේ කෂ්ටිය හරි වැඩකරුවො නේද.......අනේ ඉතින්

    ReplyDelete
  3. hapooooiiiiiiiiiiiiiiii :(

    ReplyDelete
  4. මටත් ඔය කාලෙ මතකයි. කවුරුත් බයෙන් හිටපු කාලයක් තමා ඒ. මං දන්න කෙනෙක් ඔය කිසිම දෙයකට සම්බන්ධත් නැති පොරක්. ඌ ඒ දවස් වල රෑට ගස් උඩත් ඉන්නවා මං දැකල තියනවා. අපි ඒවා අමතක කරන් එක තමා වැරුද්ද. ආයෙත් නම් ඒවගේ කාලයක් නොඑන්න වග බලා ගන්න එක අපෙත් වගකීමක්.

    ReplyDelete
  5. අනේ මොකද මේ ???????????

    ReplyDelete
  6. මටත් මතකයි එ කලේ.. මැච්1ක් අහනව වගේ කැලනි ගගේ ගිය ගාන කියනව... අද 10යි ඉයෙ නම් 15යි වගේ....
    මම නම් පොඩි 1කා.. අපෙ අයිය ලොකුයි.... එයාල ගොඩක් සිමා ඇතුලෙ තමයි හැදූනෙ.. හවස 5-6 වෙනකොට ගෙදර ඉන්න ඔන... නැත්නම් අම්මල මර බයේ ඉන්නෙ...
    හැබැයි අපි හිටපු හරිය 2පැත්තෙන්ම බෙරිලා තුබුන හරියක්.... හේතුවනම් මම තිතන්නෙ ගමෙ 1කමුතුව.........

    අපි තාම නමට ස්‍රිලාන්කික..... වැඩ සිංහල නැත්නම් දෙමල....
    හැබැයි මගෙ හැගිම නම් අසාදාරනයක් උනෙ... කොලබ අපිට කියල........ (අතිතයෙ දන්නෙ නැ)

    අන්තිමට සුද්ද පැල කරපු විසබිජ පැතිරුනා....
    කොලබ අපිට 1ක ට ජීවත් වෙන්න පුලුවන් නම් ඇයි වෙන පැතිවල බැරි..
    ඉන්දියාවෙ සහ පකිස්තනෙ මිනිස්සු මෙ (මම දැනට පදිචිය ල්ංකවෙ නොවෙ) රටවල පුදුම සහයකින් වැඩ කරන්නෙ.....

    මෙවට හේතු මට නම් සන්කිර්න වැඩ්....

    කසු ගෙ තාතට ඉක්මන් සුවය පතනව........!!!


    තව වැඩක් උනා ඉයෙ.... මම ඔ‍ෆිස් ගියෙ ජාති 2කෙන් සපත්තු 2ක් දාගේන........ එලියට බැස්සෙ නැ ගෙදර යනකන් ම...........

    ReplyDelete
  7. අපේ තාත්තලා කියපු කතාවලින් මටනං හිතා ගතෑකි ඒ කාලේ තිබුණු තත්වය!

    ReplyDelete
  8. //මට තියෙන ප්‍රශ්ණෙ, අවුරුදු දෙදාස් පන්සිය බර ගාණක සංස්කෘතියක් තියන අපට අපේ කල්ලියේ නොවෙයිනං අනික් මිනිස් ජීවිත මැස්සො - මදුරුවො ගාණට නොවටින්නෙ ඇයි කියලයි. ඇහැ කන පියාගෙන හිටියට, සමහරවිට උත්තරෙත් අපි ලගම ඇති.-//
    මැක්සා Siribiris
    අපිට ඒකලේ උන කරදර තාමත් අපේ රටේ මනුශ්‍ය කොට්ටාශයකට වෙනවා කියලා අපිට මතක් වෙන්නේ නැත්ත ඇයි කියලා නම් මටත් හිතා ගන්න බෑ

    ReplyDelete
  9. හම්මේ කතාව කියෝගෙන ගියාම පික්සුවගේ දැනුනේ...... ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නෙ කියල හිතුනා මොනව ලබාගන්නද මන්දා....... ඒ කාලෙ ගැන අහල තියෙන කතා හින්දම ආයිත්නම් එහෙම යුගයක් උදානොවේවා කියන්න තම වෙන්නේ...... අම්මෝ තාමත් මොකක්ද මොකක්ද වගේ අනේ..... අනේ මන්දා :(

    ReplyDelete
  10. පොලීසියට බයේ දිවු කොල්ලන් දෙනෙකුගේ කතා එක විදියට ඇරඹුනද, අවසන් වුනු හැටි බලන්න.

    අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    අපේ අයට සිලෙක්ටිව් මෙමරි ලොස් (selective memory loss) තිබීම එක අතකට වාසනාවක්ද කියාත් සිතේ.

    ReplyDelete
  11. පොලිස්නම් මතක් කරන්න එපා.. පොලිස් කාරයාගේ අම්මවත් විස්වාශ කරන්න එපා කියනවනේ.
    මම නම් පොලීසිය දකිනකොටත් දුවනවා....

    ReplyDelete
  12. ඒ වැඩ කරපු කාටවත් කවදාවත්ම සමාවක් දෙන්න බෑ

    http://youtu.be/NupCumP5SJc

    ReplyDelete
  13. සිදු නොවිය යුතුව තිබූ සිද්ධියක්..

    ReplyDelete
  14. ඔහේගේ ප්‍රාර්ථනාවම තමයි මටත් තියෙන්නේ.. මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ. ගෝත්‍රික ගති පහව යනකන්, සමාජය සිවිලයිස් වෙනකන්. චැනල් ෆෝ එක බොරුවක් උනත්. මෙහේ චැනල් වලින් හිතා ගන්න පුළුවන් එහේ උනේ මොනවද කියල...

    ආයෙත් ලේම ඉල්ලන වවුලො කෑ ගහනව හරි සද්දෙට...

    ReplyDelete
  15. මටත් ඔය කාලේ හොදට මකතයි. අපි ඕන්නං දෙක වසරෙ විතර ඉන්න ඇති. "කෙහෙල්කොටුවේ චුටි මහත්තයාගේ අබුද්දස්ස කාලේ" කියලා ඔය කාලේ ගැන පෝස්ට් ටිකක් දාන්න ගිහිං මමත් අතඇරලා දැම්මා‍‍ පරණ දේවල් ඇදලා හිත් නරක් කරගන්නෙ මොකටද කියලා‍.

    මමත් මේ ලෝකෙ වැඩියෙන්ම බය පොලිස්කාරයින්ට‍.

    ඒ කාලේ ආපු පොලිස් කට්ටියක් අපේ තාත්තාට තැපැල් කන්තෝරුවේ වැඩ කර කර ඉද්දි ඔලුවට පිස්තෝලෙ තියලා මොනාද ඇහැව්වා. හැබැයි ඒදා වෙඩි තිබ්බෙ නැ අද වගේ......

    ReplyDelete
  16. අපි හැමෝම එකම දම් වැලක පුරුක් නේද,,,එක තැනකින් අදිනකොට හැම පුරුකක්ම අනිත් එක තෙරපලා ඉදිරියට ඇදෙනවා...පුරුක් එකින් එක තෙරපිලා ටිකෙන් ටික ගෙවිලා යනවා..සමහර පුරුක් කැඩිලාම යනවා...
    ඒත් දම්වැල අදින එකා හැම දාමත් දිනුම්....ඌ ගැන කතා නොකර දම්වැලේ පුරුක් ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ කතන්දර...

    ReplyDelete
  17. 90ට කලින් මඩකලපුවේත්, 90දි මාතරත්, 2005-2009 උතුරු නැගෙනහිරත්, 2011 කටුනායකත් සිද්ධ වුන හැම ක්‍රියාවකම දෙපැත්තක් ඇති බව මතක් කර දෙන්න කැමතියි. මේ කිසිම සිද්ධියක් වැහි නැති හෙනයක් හෝ ගින්නක් නැතිව නැගී දුමක් නොවේ. මේ සියලු සිද්ධීන් අවිචාරමත් පසු තලයක නිර්මාණය වූ ඒවාය.

    ඒ වගේම මේ කාලය 2011 සිද්ධිය නිර්මාණය කිරීමට දායක වූ ශ්‍රී ලංකා පොලිසිය වාර්තා පිට වාර්තා තබමින් සිටින අවධියකි. ඔවුන්ට වරදින තරමට ඔවුන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් වෙනුවට ඒ ජොබ් එක කරනවා දැයි සිතෙන තරම්.

    - වසරකට පමණ පෙර සිය හිතවතියකට කරදර කළා යයි කොල්ලන් දෙදෙනෙකු මෝල්ගස් වලින් තලා මරා දැමුහ
    - ඉන් ටික දිනකින් පොලිස් රියකට [හා කෝච්චියට] ගල් ගැසූ මානසික ආබාධිතයෙකු පොලිසියේ පොලු පාර කා මැරෙනවාට හොඳයි කියා දියේ ගිලි මළේය.
    - බේරුවලදී කව් බෝයි රඟ දක්වන්නට ගොස් අහිංසක පොඩි එකෙක් කොලටරල් කර දැමුහ
    - ඊයේ පෙරේදා උසාවියක සිට පැනයන නිරායුධ සිරකරුවෙකු අල්ලන්නට මිනිසුන් යනෙන මහපාරට වෙඩි තියා ජොගින් ගිය කොලුවෙකු ඝාතනය කරන ලදී.

    මේ ලිව්වේ පොලිස් මැදිරි තුල "සිය දිවි නසා ගන්න" අහිංසකයින් තොගයක් අත්හරිමිනි.

    පොලිසියේ නුගුණ ලිව්වේ ආණ්ඩුව බේරා ගන්න නොවේ. ආණ්ඩුවේ කොයි තැනින් ආ නියෝගයක් මත මේ වෙඩි තැබීම කළා ද යන්න මට තවම ප්‍රහේලිකාවක්. පොලිස්පති අස් වීම ෆේස් සේවින් එකක් විතරයි. මාධ්‍ය කියන එකකින් වත් මේ ගැන හරි තොරතුරක් ගන්න බැහැ. සිද්ධියත් සමග පොලිසියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුනේ වෙඩි තියන්න කලින් ද නැත්නම් පස්සේ ද කියලා හොයා ගන්නත් බැහැ. හැබැයි විශ්‍රාම වැටුප අහෝසියි කිව්වටත් පස්සේ කරන්න ගත්තු උද්ඝෝෂණයක් මේක.

    වැට පැන ගිය උද්ඝෝෂණ වලට බලය යෙදීම වරදක් නොවෙයි එහෙත් ලයිව් උන්ඩ වලට කලින් වෙනත් විධි වලින් මිනිසුන් විසුරුවා හරිය යුතුයි නේද?

    පොලිසියෙන් කරන නරුම වැඩ වලටත්, පාලකයින්ගේ උද්ධච්ච හැසිරීම් වලටත්, විරුද්ධ වෙනවා වගේම පටු දේශපාලන වාසි ගන්න පාරේ කරන කලබල වලටත්, විෂමතා කිහිපයක් නිසා ලේ කුලප්පු කරගෙන ආයුධ ගන්න ත්‍රස්තවාදයටත් [උතුරු /දකුණු] මා විරුද්ධයි. මේ සියලු පාර්ශ්ව එක ගානට මෝඩ බවත් වනචාරි බවත් තමයි මට කියන්න තියෙන්නේ. එක අතකට වනචාරි දෙපැත්තක් අතර ගැටුමකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ඔය අහිංසක කොල්ලා මරා ගත්ත මහා ලොකු සටනට වඩා මෙන්න මේ කට්ටිය වගේ සංවාදයෙන් වැඩ ගොඩ දා ගන්නවා නම් කොච්චර දෙයක් ද? රජය මේ විශ්‍රාම වැටුප සැලසුම ඉවත් කලේ මේ සංවාදයෙන් පස්සේ මිස උද්ඝෝෂණය නිසා නොවේ..

    ReplyDelete
  18. බ්ලොග් බරගානක විප්ලවීය ආචාරය පුදන්නේ සටන දින්නට පසු එක දේශපාලන කල්ලියක පටු අරමුණු වෙනුවෙන් නිකම් මැරුම් කෑ අසරනයෙකුටයි.

    ReplyDelete
  19. @ Sujeewa Kokawala

    /* රජය මේ විශ්‍රාම වැටුප සැලසුම ඉවත් කලේ මේ සංවාදයෙන් පස්සේ මිස උද්ඝෝෂණය නිසා නොවේ.
    */

    අහෝ සුජීව!

    ඔබ කවුද?

    රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙක්ද?

    ඔය වීඩියෝව මං W3Lanka එකේ දැක්කේ මැයි 29 දා ය.

    පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය.

    ReplyDelete
  20. රොෂෙන් ඝාතනයේ වගකීම ආරක්ෂක ලේකම් භාරගත යුතුයි!
    පෙත්සමට එකතුවන්න !
    http://www.facebook.com/pages/%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92/158676460865381

    ReplyDelete
  21. @කතන්දර;

    [[පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය. ]]

    මුලින්ම පනත හකුලා ගත් බවට එස්එම්එස් [අද දෙරණ] ලැබුනේ ඔය උද්ඝෝෂණයට කලින් දා රැයේ. ඒකත් මුලින් කිව්වේ කලාපේ අය විතරක් අයින් කල බව. ඒත් එක්කම කිව්වා පනත අත් හිටුවන බව. ඊට පස්සේ දැන් දහ පාරක් විතර ආණ්ඩුවේ එක එකා පනත හකුලා ගත් බව කියන්නට පටන් ගෙන ඇත. [ඔය මොනවා කිව්වත් ඕක ආයිත් තව ටික කලකින් වෙනස් මුහුණුවරකින් මතුවන බව අමතක නොකරන්න]

    [[අහෝ සුජීව!ඔබ කවුද?රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙක්ද?]]

    ලංකා ඊ නිව්ස් වලින් විතරක් යැපෙන කොටත් ඒ කට්ටියට යන කල රජයේ මාධ්‍ය ප්‍රකාශකයින්ට යන කලේ අනික් පැත්තයි.

    මා කිව්වේ සිද්ධ වෙච්ච දේ අප ඇසු දුටු ලෙසට. කෙලින්ම කතා කළහොත් මා ඔය විශ්‍රාම සැලසුමට පක්ෂ අයෙකු නොවේ. ඕකෙන් තේරුමක් වන්නට ලක්ෂ ගණන පඩි ගන්න ඕනේ. එකත විශ්වාස කරන්න අමාරුයි.

    හැබැයි එහෙම කියා මේ දවස්වල වෙඩි කාපු ඌරන් වගේ රාජපක්ෂ ගෙන් පලි ගන්නට මුළු රටම උනත් බිල්ලට දෙන්නට දඟලන ජෙප්පන්ගේ තත්වයට ඇද වැටීම අංක එකේ කඩේ යාමකි.

    රාජපක්ෂ ලාගේ කුණු කන්දල් සුද්ද කරන්නට මට කිසිම කැක්කුමක් නැත. ප්‍රශ්නය වනුයේ විකල්ප කණ්ඩායම් ඊටත් පහත තත්වයෙන් හිඳිමයි. නිකම් ඉම්පල්ස් රියක්ෂන් එකට ජස්මින් සුවඳ ඉව කලාට ඒ පැත්තෙන් එන්නේ කක්කුස්සි ගඳයි. පාරේ මිය යන්නේ ඔවුන්ගේ දර්ශනය ගැන කිසිම තේරුමක් නැති අහිංසකයින් ය.

    ReplyDelete
  22. @ Sujeewa Kokawala
    ඔව් සුජීව, දේශපාලකයින් ගැන නං කතා කරලා වැඩක් නෑ.

    ඔය කවුරුත් ඉල්ලන්නේ "මුං රට කාගෙන කාගෙන ගිහින් නවත්තන තැන ඉඳලා අපිට කාගෙන කාගෙන යන්න බලය දෙන්න" කියලායි.

    මේ කතාව මං ඇහුවේ 1994 මැතිවරණයේ දී යි.
    http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

    ඒ ප්‍රකාශනය සදාකාලිකයි.

    ReplyDelete
  23. කතන්දර ඔබ තත්වය වරදවා තේරුම් නොගන්න. රොෂේන් ගේ මරණය ගැන සංවේදී නොවනවා නොවේ. එහෙත් මරණ ලක්ෂ ගණනක් දිහා උපේක්ෂාවෙන් බල හිටින්නට අප පුරුදු වෙලා. විකාර ව්‍යාපාර නිසා මියගියේ රොෂේන් විතරක් නොවේ. උතුරේ දකුණේ දහස් ගණනක්. අන්තිම යුද්ධේ කොටින් ඉස්සරහට එව්වේ පොඩි ළමයින්. වැඩිපුර මලේ ඔවුන්. සිය කැමැත්තෙනුත් නොවේ. මේ සියල්ල සංවේදී කාරනා. ඒත් තනිකර වෙන් කර දකින්න බැරි ඒවා.

    මං පොඩි ලිස්ට් එකක් දැම්මේ පොලිසියෙන් කිසි හේතුවක් නැතුව මරා දැම්ම මිනිසුන් ගැන. රොෂේන් මේ අතර එකෙක් පමණයි අඩු ගානේ ඔහු මලේ උද්ඝෝෂණයක, ඔය වයස. මා ඒ කොල්ලෙක් පාරේ ජොග් කරන්න ගිහින් මලා මාස ගානකට කලින්. තවමත් හිතන විදිහට රොෂේන් අනුන්ගේ දේශපාලන උවමනාවක්‌ කරන්න ගිහින් උද්ධච්ච කමින් ඉහවහා ගිය ආණ්ඩුවක පිස්සු බල්ලන් වගේ පොලිසියකින් වෙඩි කා මල බවයි [දුවද්දී]. කාටද මා වරද පටවන්න ඕනා?

    විප්ලව කාරයින් කියන්නේ අපි [ජනතාව] නැගිටින්නේ නැහැ කියලයි, හැබැයි අපිට නැගිටින්න එපා වෙලා තියෙන්නේ "නැගිටීම" කියන එක උන්ගේ කුප්ප වැඩ වලට මිස් යුස්‌ කරන නිසා. උදාහරණයක් බලන්න. කැම්පස් ළමයින් හමුදා කෑම්ප් වල ලීඩර්ෂිප් ට්‍රේනින් යවන එක මහා විකාරයක්. ඒත් සිද්ධිය අස්සෙන් ජෙප්පන් ඉඳගෙන කෑ ගහන්නේ ඇයි? සංවිධානෙට මානව සම්පත් සපයන එකට ඕකෙන් කෙල වෙයි කියල. අනික රැග දෙන විදිහට මේ කාලේ [විශේෂයින් දේශපාලනික ව මෝටිවෙටඩ් රැග] ඔය පුහුණුව පොඩි දෙයක්. ඉතින් අපි කොයි පැත්ත ගන්නද?

    වල් හරකෙක් වගේ එකෙක් උසස් අධ්‍යාපන ඇමති කළා කියලා අපට විරුද්ධ වෙන්න බැහැ මොකද ඊටත් වඩා වල් හරකුන් විසින් වීවී පද්ධතිය හොල්ලගෙන ඉන්නේ. මේ හරක වත් අර හරකුන් එළවනකම් අපි බලන් ඉන්නේ. අවසාන ප්‍රතිපලය ලොකු වින්නැහියක් වෙන්නත් බැරි නැහැ.

    රටට යහපතක් වෙනවා දකින්න අපි කැමතියි. මේ ආණ්ඩුව පිලි පැනල බොහෝ කල්. හැබැයි විකල්පයක් නැතුව අපිට කරන්න දෙයක් නැහැ. විකල්පයක් ඇත්නම් ඒ පැත්ත ගන්න අපට තවමත් පුළුවන්. ඔය ජිල්මාට් කතා බොරු විහිළු.

    හැබැයි මේකට විකල්පය මාක්ස්වාදය හෝ ජාතිකවාදය නොවේ. එක එකාගේ වාද පස්සේ යන්න බහුතරයක් මිනිස්සු අකමැතියි.

    ටැබු ද කොහෙද කිව්වා වරක් රාජපක්ෂගේ ලොකුම හතුරා ඔහු බව. මට කියන්න තියෙන්නේ ඔහුගේ ලොකුම මිතුරන් වත්මන් විපක්ෂ කට්ටිය බවයි.

    ReplyDelete
  24. ඔය වීඩියෝව මං W3Lanka එකේ දැක්කේ මැයි 29 දා ය.

    පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය. //

    ඔයා පිට රට ඉදල හිතන දේම මාත් මෙහේ ඉදල හිතන්නේ ,මට මොනාද මඟ ඇරුනෙ කියලා.

    කතන්දර ඔයාගේ මේ පොස්ට් එක මගේ බ්ලොග් රොල් එකේ පෙන්නන් නැහැ නේ. මම මේ බස් එකේ දාපු ලින්ක් එක දිගේ ආවේ...

    අප්ඩේට් වෙලා උඩට ඇවිත් නැහැ..හ්ම්

    ReplyDelete
  25. එස් එම් එස් ලිස්ට් එකෙන් පේන හැටියටයි ලිව්වේ. වීඩියෝව හා සංවාදය වන්නේ 29. කොල්ලා වෙඩි කන්නෙත් පනත ඉවත් කරන බව කියන්නෙත් 30. මට දැන් හරියටම කිව නොහැකියි මේකේ පිළිවෙල මොකද එස් එම් එස් එවන්නා ද විශ්වාස කල නොහැකි නිසා. එස් එම් එස් ලිස්ට් එක අනුව නම් වෙඩි කන්නේ පනත් හකුලා ගැනීමේ නිවේදනයටත් පස්සේ.

    කොහොම උනත් තව ප්‍රශ්නයක් තමයි පොලිසිය කඩා ගෙන ගිය කතාව ඇත්තද කියන එක. මේ තරම් හාරා බලන්න වෙන්නේ මේ ඔක්කොම පොලිටිසයිස් කර ගෙන නිසා.

    ReplyDelete
  26. පොලිසිය කඩන් ගියාද නැද් කියල අමුතුවෙන් හොයල බලන්න දෙයක් නෑ, මේ තීන්නෙ රජ්ය විරෝධී ඊ නිව්ස් එකේ බඩුත් එක්කම දාල. කටුනායක හංදියෙ තීන පොලිසිය තිබ්බ වෙඩි කලාප අංක එකේ තීන ස්මාර්ට් ෂර්ට් ආයතනය ඇතුලෙ තීන මැෂිමක් හරහ යන්න එක්කො මුන් බංකර් බ්ලාස්ටර් ගහන්න ඕනි, නැත්තං ඇතුලටම ඇවිත් වෙඩි තියන්න ඕනි. තමංගෙ ආරක්ෂාවට මොන මඟුලටද ෆැක්ටරිය අස්සට ගිහින් වෙඩි තිබ්බෙ?


    http://www.lankaenews.com/Sinhala/news.php?id=17329

    ReplyDelete
  27. පෝස්ට් එක සහ කොමෙන්ට්ස් ඔක්කොම කියෙව්ව....හිතට එන දේවල් ......ඔක්කොම ලියන්න ගියොත්.......මට හිතා ගැන බැහැ, කොහෙන් පටන් ගන්නද කියලවත්, හැත්තෑ එකේ, අසූ තුනේ , ඒ වගේම අසූ ගණන් වල අග, භීෂණය කියන එක හරියටම දැක්ක. දරුවන්ගෙ අපේ අනාගතය ගැන හිතල දැන් ඉන්න පලාතට පදිංචියට ආව. මට එහෙම කරන්න අවස්තාව ලැබුන, එහෙම බැරි වුන කට්ටියට, එහෙම කරන්න පුළුවන් තරම් උදව් කලා.කොහොමත් හිත සනස ගන්න නං කවදාවත් පුළුවන් වුනේ නැහැ.

    ReplyDelete
  28. සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒ වුනාට ලංකාවෙදිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ. හොඳ වෙලාවට කකා තුන් වේලම කකා පිට රට ඉන්නෙ

    ReplyDelete
  29. @ All
    අද නැවත කියවූ මේ කතන්දරය, නැවත කියවීමක් නිසාදෝ, බ්ලොග් රීඩර්ස් වල යාවත්කාලීන වී නොමැති බව සැලවී ඇත.

    කතන්දර බ්ලොගයට වැඩියෙන්ම ට්‍රැෆික් එන්නේ රීඩර්ස් හරහා කෙලින් ම බව රහසක් නොවේ.

    පුරුද්දට මෙන් මෙහි පැමිණ අතහස් දැක්වූ සැමට ස්තුතියි.

    හෙට සිට ඇරඹෙන්නේ කතන්දරකාරයා ගේ කාර් එක ගැන මෙගා සීරිස් එකයි.

    ReplyDelete
  30. ඉන්දික;

    පොලිස් කාරයින් පිස්සු බල්ලන් වගේ ෆැක්ටරි අස්සේ යමින් වෙඩි තිබ්බ බව සියලුම මාධ්‍ය විසින් වාර්තා කරලා තිබ්බ. ඒක නිසා තමයි මේ සියල්ල වන්න ඇත්තේ. හැබැයි උද්ඝෝෂකයින් කලහකාරී ලෙසට හැසිරුනේ නැහැ කියල කියන්න අපට අමාරුයි. දැනට පෙනෙන තරමින්.

    කලහකාරී උද්ඝෝෂණයකට උනත් වෙඩි තියන්න පොලිසියට අයිතියක් නැහැ. පස්සෙන් පන්න පන්න වෙඩි තියලා ඊට පස්සේ තුවාල කරුවන් ගෙන යන්න දීලාත් නැහැ.

    ReplyDelete
  31. @ Sujeewa, Indika
    උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුතුයි. ඒවයේ කළබළ ඇතිවුනොත් මැඩ පවත්වන්න නේ කඳුළු ගැස්, වතුර කැනන් තියෙන්නේ. ඇයි රබර් බුලට්.

    මෙතන වෙලා තියෙන්නේ සංගීත සන්දර්ශණයකින් පස්සේ මේ ගමේ උන්ව අර ගමේ උන් කඩු අරං ගිහින් කපනව වගේ වැඩක්.

    දෙබර වදයක් ගැනත් මුලින් කතාවක් තිබුන නේද?

    මොනව වුනත් තව කොල්ලෙක් මලා! N++

    ReplyDelete
  32. [[උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුතුයි. ඒවයේ කළබළ ඇතිවුනොත් මැඩ පවත්වන්න නේ කඳුළු ගැස්, වතුර කැනන් තියෙන්නේ. ඇයි රබර් බුලට්.]]

    පැහැදිලිව ම.

    [[මෙතන වෙලා තියෙන්නේ සංගීත සන්දර්ශණයකින් පස්සේ මේ ගමේ උන්ව අර ගමේ උන් කඩු අරං ගිහින් කපනව වගේ වැඩක්]]

    මෑතකදී පොලිසියේ හැසිරීම දැක්කම වැඩි වෙනසක් නැහැ. අර පොලිස් කාරයෙක් මැරු නිසා සමුල ඝාතනය කල කොල්ල කල්ලිය ඔබට අමතකද? මංකොල්ල කාරයින් අල්ලලා ගෙනත් දෙන්න කියලා අපට කියන පොලිසිය එදා නම් ඒ කලේ හිටි මැස්සෙකුටවත් පැන පිටින් යන්න දුන්නේ නැහැ.

    මේ කතාවේ පස්සේ තියෙන ඒක සාධකයක් තමයි ප්‍රහාරයෙන් පොලිස් ලොක්කෙකුට තුවාල වීම. මා මේක හයි ලයිට් නොකළේ ඒ පාර ගෝටා ට එල්ල කරන බොහෝ දෙනාගේ චෝදනාව වහන්න හදනවා වගේ චෝදනා එන නිසා. ඇත්තෙන්ම ප්‍රහාරයට වගකිවයුත්තා කවුද කියා මට හොයා ගන්න බැහැ. උඩ පොරක් වෙන්නත් පුළුවන් පහළ පොරක් වෙන්නත් පුළුවන්.

    [[දෙබර වදයක් ගැනත් මුලින් කතාවක් තිබුන නේද?]]

    ඒ කතාව තවම තියෙනවා. රජය හා පක්ෂග්‍රාහී මාද්‍ය කියන්නේ මේ පිරිස දෙබර වාදය ඉලක්ක කර පොලිසියට අකර්ම්නන්ය කිරිමෙන් පොලිස් පෝස්ට් ඒක අල්ලන්න ආවා කියලා. ඇත්ත නැත්ත දන්නේ නැහැ. මට එක පැත්තක් වත් විශ්වාස නැහැ. උද්ඝෝෂණය කලේ ජෙප්පන්ගේ සමාගම් අන්තරයක් නේ. විවි අන්තරේ පෙළපාලිවල අරන් යන බැනර් ගහන්නේ දෙකයි දෙකේ පොලු වල බව ඔබ දන්නවා නේද?

    [[මොනව වුනත් තව කොල්ලෙක් මලා! N++]]

    ඔව. අහිංසකයෙක්. ජෙප්පෙක් වත් නොවේ.

    කෙඩරයින් ගැන මා එතරම් දුක වන්නේ නැහැ කතන්දර. ඔබතුමා කියන විදිහට මගේ මානව ගුණ දහම් පිරිහිලා ද දන්නේ නැහැ. හැබැයි කෙඩරයින් සුදානමින් ඉන්නේ මොකක් හරි මරාලයක් අටවන්න නේ.

    මැරුණු කොල්ල ගැන කනගාටුයි.

    ReplyDelete
  33. මැරුණු කොල්ල ගැන කණගාටුයි. කොල්ලා මැරුණට පස්සෙ මිනියට සලකපු විදිහයි ආමි එක දම්මල මිනිය බලහත්කාරයෙන් පැහැරගත්ත එක ගැන ඊටත් කණගාටුයි. රට ගැන ලැජ්ජයි. ආමි එක දම්මල මිනිය පැහැරගත්ත කතාව මෙහේ ( සිංගප්පූරුවෙ ) ප්‍රවෘත්ති වලටත් කිවුවා.

    ReplyDelete
  34. කකා මේක මගේ බ්ලොග් එකේ සුජීව දාපු කොමෙන්ටුවකට පිලිතුරක් . . මේ ලිපියට මගෙන් ලැබෙන්න ඕන කොමෙන්ටුව ත් මේකමයි කියලා හිතුනු නිසා ගෙඩි පිටින් කොපි කරලා දාන්නම් . .

    @sujeewa!
    "පොලිස් කාරයෙකුට තුවාල උනාම හෝ මිය ගියාම ඔවුන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් වගේ"

    ඔය තත්වය පොලිසිය ආමි එක නේවි එක ඔක්කෝටම පොදුයි.

    හේතුව අපේ සිස්ටම් එකේ තියෙන ලිහිල.

    මතකයිනේ ස්ලිට් එකේ කොල්ලෝ කොල්ලෝ අතරේ ගිය වලියක් දුරදිග ගිහින් පොලිසියේ ලොක්කෙක්ගේ පුතෙක් නිපුණ රාමණායක සිසුවව තාත්තගේ බැටෑලියන් එකේ සහයෝගෙන් උස්සලා පොලිස් කාරයගේ බිරිඳ නිපුණගේ ඔලුව උඩ නැගලා "උඹට මගේ බර තේරෙනවද . . අපේ පුතාලා වගේ අය එක්ක හැප්පෙන්න එනවද මින් පස්සේ" වගේ ජාති කියලා ඒ කොල්ලට දුන්නු වදය?

    අන්තිමේදි අර පොලිස් ලොක්ක නිපුණ ලව්වා බලෙන් ඒ කොල්ලා පාතාලේ සාමාජිකයෙක් කියලා ලියව ගන්න ගිහින් ඒ කොල්ලගේ අම්මලටත් පොඩි දේශපාලන කනෙක්ෂන් එකක් තිබුනු නිසා යන්තම් අන්තිම මොහොතේ කොල්ලව බේර ගත්තු හැටි . .

    කොහොම හරි අර පොලිස් ලොක්කට ලැබුනු දඬුවම මොකද්ද . . ඒ කාලේ පත්තර වල තිබුනු හැටියට පොලිස් මූලස්තානයට මාරුවීමක් (සමහරවිට උසස්වීමක් වෙන්නත් පුලුවන්)

    මේ වගේ දේවල් පොලිසිය කරන්නේ ඇයි . .

    අනිවාර්යෙන් දන්නවා මොන චාටර් වඩේ කලත් කිසි අවුලක් නෑ වැඩිම වුනොත් වෙන තැනකට මාරුවීමක් දෙයි කියලා.

    මේ වගේ සිද්ධිය දුරදිග ගිහින් ආන්ඩුවට බාල්දියක් වැටුනොත් විතරක් උන් ටික කාලෙක්ට හිරේ දාලා තියයි පස්සේ පොලියත් එක්කම ලැබෙයි කියලා.

    මොකද පොලිසිය කරපු වැරැද්දත් පොලිසියට ඒ වැරැද්ද කරන්න බලය සහ පූර්වාදර්ෂය දුන්නු ආන්ඩුවත් නිවරදි කරල "ඔක්කෝම කුනු බේරුවල බොක්කට" කිව්ව වගේ ජෙප්පන්ගේ පැත්තට වැරැද්ද හරෝලා මහජන මතය වෙනස් කරන්න පුලුවන් බව ආන්ඩුවත් දන්නවා. (මේ ආන්ඩුව කියන එක පවතින SLFP එකත් කලින් තිබූ UNP එකත් ඉස්සරට එන්න තියෙන ඕන මළජරා පක්ශයක් කියන එකත් අදාලයි)

    පොලිසිය මේ වගේ මැර රැලක් වගේ හැසිරෙන එක සහ ආන්ඩුව (අර කියපු ජාති තුනෙන් කෝක හරි) ඒ වගේ අයව රැක ගන්න එක ජෙප්පෝ පිටින් දාලා අත පිහිද ගන්නවද . .

    නැත්තම් මේ වගේ දේවල් ඉස්සරහට වෙන්න දෙන්න එපා කියලා (පක්ෂ පාට පැත්තක දාලා) හැමෝම එකතුවෙලා ඒවට විරුද්ධ වෙමුද . . ?

    තීරණය අපේ අතේ

    ReplyDelete
  35. මකරා,
    අපේ නංගිලාටත් කේස්. එහෙත් නිවුස් වල ඔය නිවුස් එක ගිහිල්ලා තිබුනා

    ReplyDelete
  36. මම ඒ දවස්වල පොඩියි ....
    ඒත් වෙච්ච දේවල් මතකයි ........

    ReplyDelete
  37. mama nam epadilath nea.a nisama commnt nomeatha

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.