
ලව් එකෙන් පස්සේ එන බූට් එක වගේම අපි අහල පුරුදු දෙයක් තමයි කසාදෙන් පස්සේ එන දික්කසාදේ.
කසාදය කියන වචනය ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයින් ගේ ඩච් භාෂාවෙන් සිංහලට ආපු එකක්. දික්කසාදේ කියන එකත් ඒ එක්කම එන්න ඇති. මොකද, එහෙම නැත්තං, කසාදය කියන්නේ විවාහයට නං දික්කසාදේ කියන්නේ විවාහය දික් කරනවා කියන එකට වෙන්න ඕනෑ නේ.
බටහිර රටවල නං දික්කසාද ලංකාව වගේ රටවලට වඩා සුලබයි කියලයි කියන්නේ. අපේ ලංකාව වගේ රටවල්වල වෙලා තියෙන්නේ, විවිධ සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා, විවාහයේ ප්‍රශ්ණ ඇති වුණත් ඔහේ අල්ලං යන එකයි.
බීලා ඇවිල්ලා පහර දෙන, නොසලකා හරින, පිට ගෑණුන් ලඟට යන මිනිස්සුන්ගෙන් දික්කසාද නොවී ඉවසං ඉන්න ගෑණු අපි නවකතා, කෙටිකතා, ටෙලිනාට්‍යවල විතරක් නෙමේ ජීවිතයේ ඇත්තටමත් කොච්චරක් කියලා දැකලා තියෙනවාද?
දික්කසාද වෙන ගෑණියෙකුට ඊට පස්සේ සමාජයේ ජීවත් වීම දැන් තියෙන කරදරකාරී විවාහයට වඩා අමාරු නිසා තමයි හුඟක් ගෑණු ඔය විදියට ඉවසාගෙන ඉන්නේ.
බටහිර සංස්කෘතියේ ගෑණුන්ට මීට වඩා නිදහස තියෙන නිසා දික්කසාදය ලේසියි වගේ.
සාමාන්‍ය පිළිගැණීම නං එහෙමයි නේද?
හැබැයි මෙන්න අළුත්ම පර්යේෂණයකින් මේකට වෙනත් හේතුවක් තියෙනවාය කියලා යෝජනා කරලා!
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දැනුම් සාගරේ එපිසෝඩ් එක ඒ ගැනයි.
ස්වීඩනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ගෑණුන් ගේ තියෙන දික්කසාද ජානයක් හොයාගෙන. මේ ජානය තියෙන ගෑණුන්ගේ විවාහ ජීවිතය හැලහැලැප්පීම්වලට ලක්වෙලා, ඒ අයට තමන්ගේ සහකරුවා එක්ක දිගු විවාහ ජීවිතයක් ගතකරන්න බැරිවෙනවා ය කියලයි කියන්නේ.
මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2106464/Divorce-It-genes-How-DNA-play-big-people-argue.html
මේ ජානයට දීලා තියෙන නම ඒ-ඇලීල්. ඒකේ විවිධ ප්‍රභේද පිළිසිඳ ගැනීමේදී උරුම වෙන ගෑල්-ළමයි විවාහ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයිලු. මොකද ඒ ගෑල්-ළමයින්ට පිටස්තර පුද්ගලයින් එක්ක සබඳතා ඇතිකරගන්න අමාරු නිසා.
එහෙම තිබිල වුණත් බඳින අය කරදරකාරී විවාහ ජීවිතයක් ගෙවන්න තියෙන සම්භාවිතාවය 50% කින් වැඩියි ලු.
මේ සේරටම හේතුව මොකක් කියලාද හිතන්නේ දන්නවද?
මේ ජානය නිසා ඔක්සිටොසින් කියන හෝමෝනය නිපදවීමට බාධා ඇතිවෙනවලු. ඔක්සිටොසින් නිසා තමයි එකිනෙකා වැළඳගන්න, ආලිංගනය කරන්න හිතෙන්නේ.
කඩ්ල් කරන්නේ නැතුව කොහොමද කසාදේ ගෙනියන්නේ?
මට නං කඩ්ල්ස් නැතුවම බෑ!
-කතන්දරකාරයා
ප/ලි:
මේ අවවාදය කතන්දර බ්ලොගේ කියවන බැඳපු නොබැඳපු ගෑල්ළමයි සියළු දෙනාටමයි.
තමන් ගේ සහකරුවාට, පෙම්වතාට දිනකට කඩ්ල්ස් කීපයක්ම දෙන්න අමතක කරන්න එපා!
ප/ප/ලි:
මේ කතාව කියවන ගෑල්ළමයි දුවලා දුවලා ගිහින් තමන්ගේ මහත්තැන්ලාට, වෙන්ඩ මහත්තැන්ලාට කඩ්ල්ස් දීගෙන, දීගෙන යනවා මට මැවිලා පේනවා.
ඒ පිනම ඇතිවෙයි මට නිවන් දකින්න!
http://wonderwoman.intoday.in/story/women,-please-note-divorce-could-be-in-your-genes/1/98302.html
අපේ පරණ මිනිස්සු විවාහයකට පෙර හත් මුතු පරම්පරාව හොයන්නේ මේ නිසය් ... දැන් සමාජයේ ජනප්‍රිය මතයක් වන දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් වන්සේ ගැන හොයන්නේ මොකද වගේ කතාවල පදනම දෙදරන්නේ මෙන්න මේ නිසය් ... අපේ ගොඩක් හැසිරීම් අපේ දෙමව්පියන් හැසුරුණු විදිහට අනුව ඉබේම අපිට දායාද වෙනවා... මේවා සමහර විට ජාන මත නොවෙන්න පුළුවන් epigenetics කියල විද්‍යාවක් දැන් බිහිවෙලා තියෙන්නේ මේ ජනවලටත් අහුවෙන්නේ නැති දේවල් හොයන්න..
ReplyDeleteකසාදය ඔන් කරල ඕෆ් කරගන්න පුලුවං ලේසියෙන්ම ඇටෑච්මන්ට්ස් හෙවත් දරුවන් නැත්තං..ඇටෑච්මන්ට්ස් තමයි කේස් එක වෙන්නෙ.
ReplyDeleteඒ ඇටෑච්මන්ට් නැති සිම්පල් කේස් එකක් උනත් අපේ අය අදිනව අපේ රටේ ජාතික පස්නය වගේ ගොඩක් කල්..මේ ව එක්ක බැලුහම. දරුවගෙ .පියාගෙ නමට ඉරක් හරි බෝලයක් හරි දමන්න හිතං නොබැඳ සෙට්වෙලා හිටියනම් කියලත් හිතෙනවා..
ඇයි යකෝ මගේ ගෑනි බීල ඇවිල්ල මට පහරදුන්නත් දික්කසාද වෙන්න බෑනෙ..
ඔරිජිනල් ඕලන්ද වචන කසාඩෝස් - ඩිස්කසාඩෝස් (කිව්වෙ ප්‍රෙමකීර්ති ද අල්විස්, සැරිසර කරපු කාලෙ)
ReplyDeleteඒක නිකං “කනෙක්ට් - ඩිස්කනෙක්ට්” වගේ තමයි.
මමත් හිතුවා ඔය ජාන පලහිලව්වක් ඇති කියල. මොකද, මං දැකල තියන දික්කසාද වෙච්ච අය සහ වෙන්න හදන අයත් එක්ක කතාබහ කරද්දි වුනත් එයාලගෙ නහරයක් අප්සෙට් කියල දැනෙනව. ඒ වුනත්, තනිකරම මනුස්සයගෙ පජාත වැඩ නිසා වෙන කරන්න දෙයක් නැති කමට දික්කසාද වෙන අහිංසක ගැහැණු ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නෑ. තනිකරම ගෑණුන්ගෙ පැත්තට වැරැද්ද දාන එක බලු වැඩක්.
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය ගෙ නම ඇහුණත් බඩ පිරෙනවා. ඒ කටහඬ අහන්න වාසනාව නැතිවුනානෙ. සැක්.....!
Delete"තනිකරම ගෑණුන්ගෙ පැත්තට වැරැද්ද දාන එක බලු වැඩක්."
Deleteමසුරන් කතාව
දික්කසාදයට දෙපාර්ශවයේම ජාන බලපාන බව හොයාගත්තනම් තමා වටින්නේ :)
එතකොට දික්කසාදෙත් යන්නේ ජානයක් පිටිං....
ReplyDelete//දික්කසාද වෙන ගෑණියෙකුට ඊට පස්සේ සමාජයේ ජීවත් වීම දැන් තියෙන කරදරකාරී විවාහයට වඩා අමාරු නිසා තමයි හුඟක් ගෑණු ඔය විදියට ඉවසාගෙන ඉන්නේ//
ReplyDeleteඅන්න ඒකයි මගේ හිතට ඇල්ලුවෙ. හරියටම හරි.
මගෙත් ඔක්සොටොසින් ශ්‍රාවනය වැඩියි. ලස්සන ගෑල්ලමයෙක් දැක්කාම කඩ්ල් කරන්නමයි හිත. ලෙඩක්ද දන්නේ නෑනේ..
ReplyDeleteකවුරුහරි මොනවා හරි බොරුවක් හොයාගත්තු හැටියේ මිනිස්සු ඒවාට කලබල වෙනවා. ඉන්ටකෝ ටික දවසකින් ඔය ජානේ තියෙන්නේ පිරිමින්ට කියලා කියයි.
ReplyDeleteගෑනු ලමයි කවුරුත් මේ ගැන කලබලවෙන්ට කාරි නෑ. :D
පොඩ්ඩී...ඔක්සිටොසින් ෆාමසිවලින් ගන්න බැරි වේවිද?..:D
Deleteඅනේ මේවා කියවෙන පිනෙන්..ඉතාම ඉක්මනටම අපිටත් කඩ්ලින් පාරක් ලබාගැනීමට හැකි වේවා... :D
ReplyDeleteඔය විදිහට නම් කීයක් කීයක් එව්වා හොයා ගත්තද?..මම නම් හිතන්නෙ ඔව්වා කාලෙන් කාලෙට එන විකාර..කාටහරි පස්තාච්චි කුපාඩියක් ගොඩදාගන්න උනාම කොහෙන් හෝ දෙතුන් දෙනෙක් එක්කහු කොරාන මොකක් හරි හොයාගත්තා කියනවා...
ReplyDeleteඊට පස්සෙ අහවල් විශ්ව විද්‍යාලෙ අහවලා මෙහෙම හොයන්න තියෙනවා කියලා හැම එකේම යනවා..පත්තර වල උන්ටත් ඉතින් දාන්න එව්වත් ඕනනෙ..උනුත් දානවා...
ටික කාලෙකින් ඕකටම ප්‍රතිවිරුද්ධ දෙයක් කිව්වොත් ඒකත් මහලොකුවට ආයෙම පත්තරේ යනවා..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ලංකාවෙ දික්කසාද වැඩිය නෑ කිව්වට ඒ වෙනුවෙන් පාරකුත් වෙන් කරල තියෙන්නෙ... ඩිවෝස් ඇවනිව් කියල ...
ReplyDelete( De Vos Avenue - :D )
මේ කරගත් මහා පුන්‍යකර්මයෙන් කතන්දරකාරයාට අමා මහා නිවන් සුව අත්වේවා! සාධු සාධු සාධු!
ReplyDelete:D
මල කෙලියයි.පොරොන්දමි පරීක්ෂන,ලේ පරීක්ෂන ඊලඟට ජාන පරීක්ෂනත්
ReplyDeleteඔන් එකත දැම්මා ගැනුන්ගේ පිටින්.එතකොට ගැනු දික්කසාද වෙන්නේ ජාන වල වැරැද්දෙන්.පිරිමි අහිංසකයි?? අනේ අම්මපා...
ReplyDeleteමං ඒත් බැලුව මොකද මේ ටිකක් දිස්නෙ ගහන ගෑනු පරානයක් දැක්කම බදාගන්න හිතෙන්නෙ කියල . . බලද්දි මගෙ වැරැද්දක් නෙමේනෙ . . . ඔක්සිටොසීන් ඔක්සිටොසීන් !!
ReplyDeleteඅපේ ඔය කියන දික් කොටස නැතෙයි.. ;)
ReplyDeleteකසාදෝ(ර්) කියන්නෙ ඕලන්ද යුගයේ යුගල වශයෙන් ජීවත් වූ අයට. ඩිකසාදෝ(ර්) කියන්නෙ තනිකඩව ජීවත්වූ අයට. (ගාලු කොටුව වගේ ලන්දේසි කොටුවල)
ReplyDeleteමේකෙ සිංහල ඌරුව තමයි කසාදය සහ දික්කසාදය කියන්නෙ.
කොහොම වුනත් නීතියෙන් දෙන්නෙක් එකට බැඳලා තියෙන එක මහ අසාධාරණයක්. එකට එකතුව ඉන්න ඕන දෙන්නාගෙ කැමැත්තෙන්...එකට ඉන්න බැරිනම් වෙනවීම සිද්ධවෙන්න ඕනත් දෙන්නගෙ කැමැත්තෙන්....නීතිය ඊට මැදිහත්වෙලා එක්වරක් පමණක් ලැබෙන "ජීවිතය" ඔවුන්ට අහිමි නොකළයුතුයි.
ප/ලි කතාවට නම් වොන්ඩබාර් එකක් දෙන්න ඕන කතන්දරට..!!!!!
ReplyDeleteමේව බලල වත් හැදුනොත් නේහ්..හී
මම අද දවල් වෙනකල් බුදිය ගත්තත් අපේ මාය්යා හාදු වැස්සකින් මාව පිළිගත්තේ මක්කෙය් කියල බැලුව... උන්ද අද මටත් කලින් "කතන්දරේ" බලලා නෙවැ... මේ කරගත් මහා පුන්‍යකර්මයෙන් උබටත් හැමදාකම මෙසේම වේවා..........
ReplyDeleteක.ශු. නිවන් මගේ දොර ඇරගත් එක ගැන ෆුල් සන්තෝෂයි :-)
ReplyDeleteහි හී..ඒකත් නරකම නැහැ.එතකොට ඔය දික්‌කසාද වෙන හේතුව ඕකයි එහෙනම්..දැන් ඉතින් ඒකට උත්තරෙත් හොයා ගත්තා.
ReplyDeleteහිහි හී මගෙත් තියෙනවාද දන්නෙ නෑ
ReplyDeleteසාදු සාදු මම ද කසූට පින අනුමෝදන් කරමි :)
ReplyDelete