
අපි පොඩි කාලේ චිත්‍රකතාවක් ගියා මොකක්ද මන්දා පත්තරේක, ඒ කතාවේ නම ප්ලාස්ටික් ආදරේ.
මේකේ තිබුණේ, අර රෙදි සාප්පුවල සාරි ගවුම් අන්දලා ෂෝ කේස් ඇතුලේ දාලා තියෙන ප්ලාස්ටික් පිළිරුවකට ආදරය කරපු මිනිහෙක් ගැනයි.
මේක ආදරයක් ද, ෆෙටීෂ් එකක් ද මන්දා? මොනවා වුණත් පොර ඒ ඉටි රූපේ දිහා බලාගෙන ඉඳලා වින්දනයක් ලැබුවාය කියලායි පෙනුනේ.
ප්ලාස්ටික් සිහින කතාව ඉවර වුනේ කොහොමද කියලා නං මට මතක නෑ. මොකද, කතාව අතරමගදී මං ලොකු ළමයෙක් වෙලා චිත්‍රකතා බලන එක අත හැරලා දාපු හින්දා!
ඔය කතාව මට මතක් වුනේ මේ ගිය මාසේ පත්තරයක් බලමින් ඉන්න වෙලේ ඇස ගිය පොඩි නිවුස් අයිටම් එකක් හින්දයි.
මෙන්න ඒ පත්තර කෑල්ල.

වැඩි විස්තර කියවන්න මෙතනින්. ඡායාරූපත් තියෙනවා!
http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html
මේ නිවුස් එකේ කියවෙන හැටියට, ඇමෙරිකාවේ ආකන්සාස්වල ඉන්න ඩේව් කොලින්ස් කියන පොරට වින්දනය එන්නේ රබර් බැලූම් බෝල වලින් ලු!
පොර බැලුම් එක්ක කරන්න කැමතිම දේවල් තමයි, බැලුම් කමිසය අස්සේ දාගෙන ඉඳීම, බැලුම්වලට උම්මා දීම සහ රෑට බැලුම් තුරුලුකරං නින්දට යෑම.
ඩේව් ගේ මේ බැලුම් සුරපුරේ බැලුං හැටපන්දාහක් ම තියෙනවාය කියලයි කියන්නේ.
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලෙස අද පලවෙන කතන්දර දැනුම් සාගරෙන් බිඳක් මෙයින් නිමයි.
කියවූ ඔබ සැමට ස්තුතියි!
-කතන්දරකාරයා
ප/ලි:
පස්මහ බැලුම් මොනවාදැයි දන්නවාද?
(image: http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html)
pas maha balum
ReplyDelete1)nik balum
2)kaha balum
3)rathu balum
4)sudu balum
5)thabili balum
1. නෙතඟින් බැලුම්
ReplyDelete2. පිචැර් බැලුම්
3. පොරොන්දම් බැලුම්
4. දරුවන් බැලුම්
5. ඔරවා බැලුම්
ඇයි එබී බැලුම් අමතක උනාද?
Deleteයටින් බැලුම්
Delete:) :O
ReplyDeleteමාත් ගන්න ඕනෙ ඉංග්‍රීසි පත්තරයක්... :)
ReplyDeleteබ්ලොග් පෝස්ට් කීයක් ගොඩදාගන්න පුලුවන්ද?...
අනේ කකා මාමෙ හොඳ කතා ටිකක් ලියන්නකො..
@ හරී
Delete++++++
+++++++
Deleteපත්තර නැති උනාට කකාට කතා නැති වෙන්නේ නෑ...
Deleteචූ කතා, කක්කා කතා, ජොකා කතා කීයක් නම් ලියතෑකි ද..
අපේ පැත්තෙ අක්ක කෙනෙක් හිටිය එයා බැලුම පුම්බල ඒක උඩින් වාඩි වෙනව.
ReplyDeleteමාත් ආසයි බැලුම් මිරිකන්න. පොඩි කාළේ නෙමෙයි අනේ.. දැනුත්
Deleteඅනී... හරි සෝක් කතාව !
ReplyDeleteමම හිතුවේ පොර එලාම් එකටත් බැලුමක් පාවිච්චි කරනවා කියල. බැලුවම් මේවා පිපිරෙන්නැති ඒවා.
ReplyDeleteවැල බැලුම්
ReplyDeleteබ්ලූ බැලුම්
ජිල් බැලුම්
එක්ස් බැලුම්
බ්ලොග් බැලුම්
කකා කියන විදියට පේලි අතරේත් කියෙව්වා ,, ඒත් ම්හූ....
ReplyDeleteArkansas wala witharak newe meheth baloon walin honda honda sellam karana aya innawa. Baloon jathith onetharam thiyanawa. Bola baloon, digati baloon, wage.Habai baluma pupurawa gaththoth baduma thama.
ReplyDeletePas maha balum kiyanne, 1. satha 5 e balum, 2. satha 10 balum, 3.satha 15 balum 4. satha 20 balum, 5. satha 25 balum.
ReplyDeleteමාර ආසාවල් නෙහ්
ReplyDeleteඔය බැලුම් පිම්බුවේ කව්ද දන්නේ නැහැ
ReplyDeleteදැනුම සාගරේ... අනෙ මගෙ කට... මොකක්ද බන් මේකෙන් ලැබෙන දැනුම... ගමේ ලිද ගාව කතාකරන ඕපදූප වලින් හම්බවෙන දැනුමත් මේ වගේ තමයි...
ReplyDeleteලියන්නකො වැදගත් ලිපියක්...හරසුන් මේවගේ දැනුමක් පාඨකයාට ලබාදීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ඔය පත්තරේ තිබුන වැදගත්ම ලිපිය ඕකද..
http://kathandara.blogspot.com.au/search/label/%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA
Deleteදැනුම් සාගරය යනු සරදම් යෙදුමකි.
Deleteනමුත් මා නම් මේ වගේ කේස් ලෝකේ තියෙනව බව දැන ගත්තේ ඔය පත්තර කෑල්ල බැලීමෙනි. ඒ අතින් එයද දැනුමකි.
සමහර විට ඔබ මීට කලින් ඒ බව දන්නවා විය හැකියි.
පස් මහ බැලුම් යනු
ReplyDeleteඋඩ බැලුම්
බිම බැලුම්
නෙතඟින් බැලුම්
කෝල බැලුම්
සහ
ලිහන්නට පෙර ඔබා බැලුම් ය.
ආතල් ගන්න අලුත් ක්‍රමයක්!ඔයපාර දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වලත් ලියවී මිනිසුන්ට ආතල් ගන්න බැලූන් දෙනවා කියල!
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteඅඩේ..පවු යකෝ ඒ මනුස්සයා......බැලුම් වලටම මාර ගානක් යනවා ඇති මයේ හිතේ..එතකොට මෙයාට බැලුම් නෝනා කෙනෙක් නැද්ද?
ReplyDelete