Tuesday 29 March 2011

බැඳපු එවුන් ගේ මල් කැඩිලි - පොඩි එවුන් මේ කතන්දරය බැලුවාට ප්‍රශ්ණයක් නෑ!


මේ කතාව බැඳපු එවුන් ගේ මල් කැඩිලි පිළිබඳවයි. පොඩි එවුන් බැලුවාට ප්‍රශ්ණයක් නෑ කියල කිව්වේ, බලන්න එපා කිව්වත් බලනවා, මොකුත් නොකියා හිටියත් බලනවා, කිසි වෙනසක් නැති නිසයි.

මං අර කොල්ලන් ට පමණයි - කෙල්ලන්ට බැලීම තහනම් කියලා දාපු කතන්දරෙත් කෙල්ලෝ බැලුවා.

ඒ වගේම, ගෙදර අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා !කියල දාපු කතන්දරේ කාන්තාවෝ නොබලා හිටියේ නෑ.

අනික කොහොමටත් අද පොඩි එවුන් පවා පස්සෙ දවසක ලොකු බැඳපු එවුන් වෙන්න නියමිතයි නේ. ඒ නැති වුණත්, මේ කතාවේ කිසිම ඇඩල්ට්ස් ඔන්ලි දෙයක් නෑ.

කතන්දරකාරයා බැඳපු කෙනෙක් බව මේ කියවන හැමෝම දන්නවනේ. මං කතන්දර හාමිනේ ගැනත් කතන්දර එකක්, දෙකක් යැ කියල තියෙන්නේ, සීරිස් එකක් ම තියෙනවා නේ. කොටින් ම අපේ වෙඩිමේ ඇනිවසරිය පවා කතන්දර බ්ලොග් එක බලන අය දන්නවා.

දැන් නං ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ යන කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ඉන්න ලොකු වගකීම් සහිත පවුල් සංස්ථාවක ඩිරෙක්ටර්ස් ලා!

අපි බඳින්න කලින් කාලේ මල් කඩනවාය කියලා කිව්වේ පන්සල් යන්න කලින් කරන එක්තරා වැඩකටයි! දන්නවා නේ, අමුතුවෙන් නොකිව්වට?

දැන් නං ඉතිං, කොල්ලෙක් මල් කඩනවාය කියන්නේ කෙල්ලෙක් එක්ක (බොහෝ විට මොබයිල් ෆෝන් එකෙන්) ආදර කතාබහක යෙදෙන එකටයි නේ, එහෙම නේද?

ඒ එක්කම, එස්එම්එස් කෙටි පණිවිඩ යැවීම, ෆේස් බුකියේ, එම්එස්එන් එකේ චැට් කිරීම වගේ දේවලුත් මල් කැඩීම කියන ක්‍රියාවලියට අඩංගුයි මං හිතන විදියට.

දැන් ඉතිං මට තියෙන ප්‍රශ්ණ මෙන්න මේවායි.

කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට:

බැරිද මල් කඩන්න?
තහනම් ද මල් කඩන්න?

මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!!

අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි.

මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය.
  • උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.

  • පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.

  • අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.

  • උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.

  • කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.

  • දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.

  • මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.

  • හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.

  • තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.

  • උපන් දිනේ ට, ඇනිවසරි දවසට, වැලා ගේ දවසට නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.

ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි.

ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න.

තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ.

ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා.

වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත.

සියළු නෝටි හස්බන්ඩ ලා ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි.
  • සතියකට පාරක්වත් නිවස අතු ගෑම

  • සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම

  • සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම

  • නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම

  • විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම

  • රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම

ප/ප/ලි:
හාමිනේ ගේ ලැයිස්තුව ලකුණු වැඩියෙන් හම්බ වෙන එකකි.
අත් දුටුවයි! සත්තකයි!!

(image: http://a2zfilmnewz.blogspot.com/2010/12/aishwarya-rai-flying-kiss-many-more.html)

30 comments:

  1. අප්පේ බලාගෙන ගියාම නොබැඳ මල් කඩන එක හොඳයි බැඳලා මල් කඩනවට වැඩිය. බැන්දට පස්සේ මල් කඩන්න නෙමෙයි ගස් පිටින් උදුරන්නත් වෙනවනේ :D

    ReplyDelete
  2. හහ් හ්හ හා...... පෙනේද මෙයා හාමිනේගේන් ලණුවක් කාලා. දැන් ඒක අනෙක් අයටත් කවන්න හදනවා.. :D
    මොනා උනත් කියල තියෙන කතන්දර සහතික ඇත්ත...

    ReplyDelete
  3. කතන්දර අයියටත් මාර වැඩ ​ගොඩක්නේ පැවරිලා තියන්නේ...

    මේ අර ඔයා කිව්ව ලෑයිස්තුව අපි අනුගමනය කලාට කමක් නැද්ද? මං අහන්නේ බැඳපු නැති උං...

    ReplyDelete
  4. ඔව් හාමිනේගේ ලැයිස්තුව ක්‍රියාත්මක කිරී‍මෙන් තමයි වැඩි ලකුණු ලැබෙන්නේ...

    ReplyDelete
  5. දැන් එතකොට හාමිනේලා හස්බන්ඩ් එක්ක මල් කඩන්න හොඳ නැද්ද. මං මේ කීවේ හස්බන්ඩ්ට වැඩක් නැතිව ඉන්න වෙලාවක් බලල SMS එකක් යවන එක වගේ. දැන් කාලේ ලංකාවෙනම් වැඩියම ෆෝන් වලින් මල් කඩන්නේ බැඳපු අය තමා. ඒ තරම් ලාබෙට කපල් පැකේජ් තියනවනේ. මම මේ දවසක් යාළුවෙකුගේ ගෙදර ගිය වෙලාවක යාළුවා පේන්න නෑ පොරගේ වයිෆ් ෆෝන් එකෙන් මල් කඩනවා. මාව දැකල අතින් වත්ත පැත්ත පෙන්නුවා. බැලුවම පොර වත්තේ ගහක් යට මල් කඩනවා ෆෝන් එකෙන්. පස්සේ බැලුවමයි දන්නේ දෙන්නා ගෙදර ඉඳන් ෆෝන් එකෙන් මල් කඩනා බවක්...

    ReplyDelete
  6. මම නම් හාමිනේට කියලම මල් කඩන්න යනවා.
    එතකොට කිසි ප්‍රශ්ණයක් නෑ. අඳුනන එකෙක් හෝ එකියෙක් ඇවිත් කේලමක් කිව්වත් ෂේප් නේ.

    ReplyDelete
  7. කතන්දර කියන සිස්ටම් එකනං නියමයි . . . . ඒත් පොඩි පරහකට කියල තියෙන්නෙ . . . වැඩ කියල හාමිනේට බොරුව දාල බොද්දි ඔය කියන ඇස්.ඇම්.ඇස්. එක අමතක වෙනව නෙව . . .???

    ReplyDelete
  8. කතන්දර හාමිනේට හොඳ මොලයක් තියන බව පේනවා දීලා තියන ලැයිස්තුවෙන්ම. මම හාමිනේ නම්, උඩ ලැයිස්තුවට වැඩ කරන්නේ මම පහල එක නීත්‍යානුකූලව කතන්දරටම පවරලා. එතකොට බැඳපු අය තමන්ගේ ගහේ මල් කඩන්නේ නැතුව අනෙක් ගස්වල මල් කඩන්න ගියොත් නිකංම අහුවෙයි.

    ReplyDelete
  9. අපොයි... වැඩ ගොඩයිනෙ... නැද්ද පොඩි ජිගිරිමික්ස් එකක්.... එකපාරක් දැම්මහම ජීව්ත කාලෙටම ප්‍රතිඵල දෙන ජාතියෙ...

    ReplyDelete
  10. ( හාමිනේ කිව්ව නේද? "අපි නං අහුවෙයි ඕවට !!!" කියලා )
    අර රෝසපාට තුවා හැදුවට පස්සෙ හාමිනේ, කතන්දර අයියාට රෙදි නං හෝදන්න කියන්නෙ නෑ වගේ. සමහරවිට පාරක්, දෙපාරක් කෙරුවට පස්සෙ ඔය ලිස්ට් එකත් එඩිට් වෙන්න ඉඩ තියෙනව...

    ReplyDelete
  11. ඔය විදිහටම මල් කාඩාගෙන යන්නකෝ.. හෙ හෙ

    ReplyDelete
  12. හපොයි දෙයියනේ ඔය දීලා තියෙන්නේ හාමිනේ මල් ලැයිස්තුවක්ම කඩන්න..

    ReplyDelete
  13. කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් kohomada wifeta dhal kiyala kiyapu hati ekyya. ganu lamai parissamen

    කතන්දරකාරයා කුකුලා!

    ReplyDelete
  14. දෑනටනම් මල් කෑඩීම කරන්නෙ හිනා මූනු පණිවුඩ කාරයගෙන්..........

    බෑන්දොත් ඔව්ව කරන්ඩම වෙනවද කතන්දර මහත්තයෝ...බෑලුවහම කොයි රටේ උනත් ගෑණු ඔක්කොම එකයි වගේ.......

    ReplyDelete
  15. එසේය එසේය. වයසට නොවුනත් කොණ්ඩෙ ගියේ, කියල තියනදේවල් නං ආයෙ නෑ ඉස් මුදුනෙන්ම පිළිගන්නව ඕං.

    ReplyDelete
  16. කතන්දර අයියගෙ ලිස්ට් එක නම් පට්ටම පට්ටයි. මම ඒ ටික කොහේ හරි ලියාගන්න ඕන. ඒත් හාමිනේගෙ ලිස්ට් එක තමයි අවුල. බැරි වෙයිද කියල මොකක් හරි ශේප් එකක් දාගන්න?

    ReplyDelete
  17. හාහා... කියල වැඩක් නෑ. කතන්දර ගුරු මුට්ටිය නැතුවම කියල දෙනවා වගේ... :P

    ReplyDelete
  18. එකත් නරකම නෑ වගේ.මෙච්චර දවසක් කතන්දරගෙ බ්ලොග් එක කියෙව්වට අදයි කමෙන්ට් කරන්නෙ.හොද කතා ටික. දිගටම ලියන්න. අපෙන් සුබ පෑතුම්

    ReplyDelete
  19. මිස්ටර් මැරීඩ් නොවී ලිවින් ‍ටුගෙදර් සිස්ටම් එක හොදයි කියලා හිතෙනවා මේවා දකිනකොට.

    ReplyDelete
  20. මල් කඩාගෙන කඩාගෙන යනකොටත් හීනියට එපා වෙනව ඒකාකාරි හින්ද නේද? හික්

    ReplyDelete
  21. අපි දෙන්නත් බැඳලා මල් කඩන්නේ ඔහොම තමා... :D

    ReplyDelete
  22. නියමයි නියමයි වැරදිලා හරි මම බැන්ඳොත් මෙවුවයෙං කීපයක්ක් හරි කරලා බලන්නම්කෝ

    හැබැයි දිගටම මෙහෙම කරොත් හාමිනේ යාවි ගෝනි නැතුව කරේ ! අල්ලපු ගෙදර මිනිහා මෙහෙම කියයි ..

    "අන්න අර බුවා ගෑනිට දැපනේ වැටිලා"

    ReplyDelete
  23. අපි පොඩි කාලේ , මල් කඩනවා කියන්නේ පැය ගණන් වරු ගණන් ගත වෙන සුන්දර දෙයක් නෙව. කොච්චර වෙලා ගියත් එපා වෙන්නේ නැහැ. අනික හදිස්සිකාරයොන්ට මල් කඩන්න බැහැ. මල් ගහම සූරල දාලා විනාශ කරන එක තමයි එයාල කරන්නේ.

    මොනව නැතත් , කෑම කෑවද කියල අහන එක නම් හිතට දැනෙන අගේ ඇති දෙයක්.

    අනික මේ හැම දේම ආදරය කරන කාලේට වඩා විවාහ වුනාට පස්සෙ වැදගත් ඇති. “ පුංචි පුංචි ක්‍රියා වල ආදරය රැදිලා තියනවා ලු“

    හැබැයි තිං මේ වගේ දේවල් වලට විවාහක ගැහැණු බහුතරයකගේ ප්‍රතිචාරය තමයි.
    “ මළ කෝලං අනේ , මෙයාට පිස්සු“

    ඒ වුනාට හිතින් කැමති ඇති.

    “ ගැහැණු කවදද හිතේ තියන දේ ඒ විදිහට කියන්නේ “

    ReplyDelete
  24. මෙ ඉන්න විදිය හොදා....
    නැත්නම් පාට්ටයිම් උයන්පල්ලෙක් වෙන්න වෙන්නෙ..

    ReplyDelete
  25. සහතික ඇත්ත. මගේ naughtyaත් එහෙම තමය්. යන්න කලින් උම්ම, මගට ගිහින් කෝල්ස්, කෙටි පනිවිඩ... කෝටියය්, තවත් එකය්. කතන්දර හමිනේගෙ ලිස්ට් එකට මමත් එකගය්.

    ReplyDelete
  26. බුදු අම්මෝ ඇවිත් තියෙන කමෙන්ට් කන්දරාව...!!!

    ගෙදර ආපු වෙලේ ඉඳලා පිඟන් හෝදන, කුස්සිය මොප් කරන වැඩ තිබුන හින්ද, උත්තර බඳින්න නං වෙලාවක් හම්බ වුනේ නෑ.

    බැඳපු හන්බන්ඩලා = මගේ ක්‍රම වැඩ කලොත් ලියලා එවන්න.

    වෙන්ට හස්බන්ඩලා = දුර්මුඛ වෙන්න එපල්ලා! ලෝකේ පවතින්නත් එපායෑ බොලව්!

    කාන්තා පක්‍ෂේ "බලවත්තු" = මගේ වටිනා ඡන්දය ඔබටයි!

    ReplyDelete
  27. "මේක නම් ..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඕං..
    පමණ දැන කරනු..පිට(ට) නොදෙනු!

    ReplyDelete
  28. ‍‍බොහෝම වැදගත් ලිපියත්

    ReplyDelete
  29. කතන්දර ජීවීතය උපරිමයෙන් විදිනවා නේද

    ReplyDelete
  30. බැන්දට පස්සෙ ඉතිං මල් කඩන්න නෙවෙයි පොල් කඩලා ගාලා දෙන්න වෙයි... කතන්දර හාමිනේගේ ලිස්ට් එක මරුය. ලිස්ට් එක අරන් තියා ගන්න ඕන පස්සෙ කාලෙක ප්‍රයෝජනවත් වෙයි....හික්....
    හැබැයි කතන්දර කියනවා වගේ වැඩට ගිහින් කොල් දෙන එකත් මරු. එතකොට ආ එහෙනම් ඔයා අද කලින් ගෙදර එන්න ඕන හොදේ කියයී, එතකොට ඉතිං නෝනා කේක් කෑල්ලක් කපලා ඒ සතුට සමරයිනේ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.