Tuesday 30 November 2010

ණයකාරයා



මතකනේ මං ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකක් කර කර ඉඳලා, පල්ලං පොල්ල දැම්මා. ඒකට එක හේතුවක් වුනේ කතන්දර හාමිනේයි මායි නිවාස ව්‍යාපෘතියක පැටලෙන්නට යෑමයි.

පොඩි ණයක් අරං ඉඩං කැල්ලක් නං අරං දැම්මා. ගෙදර ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි මේ වෙන කොට. හරියටම ඇස්තමේන්තුව දැන ගත්තට පස්සේ ගේ හදන වැඩේටත් ලොකු ණයක් ගන්නයි ඉන්නේ.

ඔය ණය කියන දේ මං පුංචි කාලේ, යාන්තම් බහ තෝරන කාලේ, ඉඳලාම දන්න දෙයක්. ඒ මං උපන්න ණයකාරයෙක් වීම නිසාවත්, මගේ දෙමව්පියෝ ඒ දවස්වල ණය අරගත්තු නිසාවත් නම් නෙමේ. වෙන හේතුවක් හින්දයි.

ඇත්තටම ඔය හේතුව නිසාම තමයි අපි සමහරු ඇණ ගැන දන්නේත් පොඩි කාලේ ඉඳලම.

දැන් දන්නවානේ හේතුව?

ඔව් ඒක තමයි සිංහල හෝඩියේ අකුරු ඉගෙන ගැනීම. ඔය මුර්තජ ණ-යන්නෙන් පටන් ගන්න එකම වචනය තමයි ණය කියන්නේ මගෙ හිතේ!

සමහර චිත්‍ර සහිත හෝඩි පොත්වල ණය කියන එක තේරෙන විදියට අඳින්න ක්‍රමයක් හිතාගන්න බැරි හින්දා වෙන්න ඕනෑ, මූර්තජ ණ-යන්නෙන් ඉවර වෙන ඇණ කියන වචනය යොදාගත්තේ.

අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.

මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.

මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.

ඉතිං මේ කතන්දරේ බලන බැඳපු කෂ්ටිය දන්නවා ඇතිනේ බඳිනවා කියන එකත් පණ යන වැඩක් බව. ඔය දවස්වල මාසේ විසිවෙනිදා විතර ලැබෙන පඩි පැකට් එක සාක්කුවේ දාගෙන, ගෙදර දොරට, දනට පිනට දීලා ඉවර කරලා දානවා මිසක් ඉතුරු කරන ක්‍රමයක් මට තිබුණේ නෑ.

ඉති ඔන්න මං කෝකටත් කියලා මාස හයේ ආපදා ණයක් ගන්න ඉල්ලුම් කළා.

ඕනෑම ආයතනයක ආපදා ණය දෙන්නේ සීමාසහිත අරමුදලකින්. හැම මාසෙම ආපහු ලැබෙන වාරික මුදල්වලින් තමයි අළුතින් ණය දෙන්නේ. ඒ හින්දා ණය අනුමත වෙන්න පොඩ්ඩක් කල් යනවා. ඒ හින්දා පොඩි පෝලිමකුත් ඇති වෙනවා.

ඇප්ලිකේෂන් එක දාලා මාස දෙක තුනකට විතර පස්සේ මං දැනගත්තු විදියට ඔය කියන පෝලිම ඇත්තටම පෝලිමක් නෙමෙයි. ණය අනුමත කරන අංශයේ ලොක්කා හම්බ වෙන්න ගියාම, ඒ යන යන අයගේ ඉල්ලුම් පත්තරේ උඩට එනවාලු!

ලොක්කා මුණ ගැහෙන්න යන්නේ නැති අයගේ ඇප්ලිකේෂන්ස් ඉතිං හැමදාම යටම තමයි.

කතන්දර කුමාරිව මං කරකාර බැඳපු දවසෙ තේක්ක ගහක් හිටේවනං, අද වෙන කොට ඒක කපල ඉරල අළුත් ගෙදරට ලී බඩු හදන්න ගන්න වුණත් තිබුණ.

මගේ ආපදා ණය ඇල්පිකේෂන් එකත් මං ඒ ආයතනයෙන් ඊට අවුරුදු කීපෙකට පස්සෙ අස්වෙන කොටත් හොඳට මුල් දාලයි තිබුණෙ.

-කතන්දරකාරයා

ප/ලි
කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.

සිම්පල්.

එදා ඉඳන් මං ණයකාරයෙක් නෙමෙයි!

39 comments:

  1. Mamath podi kaale indan naya gana nam dannawa,mokada a kaale indan thibba ne ape gedara ayata naya jaathi bara gaanak gewanna!aiyo aiye,oya kathandara haaminegen daawaddakuth gaththada?:O

    ReplyDelete
  2. මාස 6 ආපදා ණය තිබ්බ ද? දැන් තියෙන්නේ මාස 10 ආපදා ණය... ඔය අසාධාරණ කම් නිසා වෙන්න ඇති දැන් ප්‍රමුඵතාව දෙනව කලින් ණය නොගත්ත අයට... අනික දැන් නම් විවාහයක් සදහාත් ආපදා ණය ලබා දෙනව ( විවාහය ආපදාවක් කියල හිතනව ඇති )කරන්න තියෙන්නේ විවාහ ආරාධනා පත්‍රය අමුණන්න විතරයි...

    ඉතින් දැන් කතන්දර කාටවත් ණය නැතෙයි ?

    ReplyDelete
  3. ගිනි නරිය නැත්තං බලයි කතන්දර!!! අදත් මල් වෙයා,,,,
    කොහොම හරි කතන්දර කුමාරි, කතන්දර හාමිනේ වෙලා තියෙන්නෙ පොළී රහිත ණය නිසා නේද?
    රස්සාවට ගිය අලුත හැමෝම ඉල්ලන නිසා මමත් දැම්ම ණය ඉල්ලුම් පත්‍රයක්,, අවුරුදු තුනකට පස්සෙ එහෙන් එනකම්ම ෆයිල් එක යටනෙ තිබිල තියෙන්නෙ,, කොහොම හරි එතන ලොක්ක නිසා මම නම් ණය කාරයෙක් උනේ නැහැ ,,,
    මේ වෙනකොට මටත් තියෙනෙ රටේ ජනතාවගේ පොදු ණය විතරයි ඕං ~~~~~

    ReplyDelete
  4. ඈ කසූ ඕකෙන් දැන් අදහස් කරන්නේ බඳින්ඩ කලින් නං කතන්දරත් කුමාරයෙක් කියලද....?

    (තෝරා ගත් කොටස්)
    1. 'මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ'
    2. 'කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින්'
    3. 'කතන්දර කුමාරිව මං කරකාර බැඳපු දවසෙ'

    4. 'බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං'

    කුමාරිව බඳින්ඩ නං කුමාරයෙක් වෙන්ට එපැයි...බැන්දට පස්සේ..?

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සේ කතන්දර හාමු !

      Delete
  5. කසාදයක් කියන්නෙ ආපදාවක් කියල හිතලද ආපදා ණයක් ගන්න හිතුවෙ.

    ReplyDelete
  6. ආපදා ණය ? කසාද බඳින්නන ආපදා ණයක් ද ගන්න හැදුවේ :-D
    කොහෙම උනත් ගැලපෙනවා. ඒකත් බරපතල ආපදාවක් තමයි.

    ReplyDelete
  7. කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.

    ReplyDelete
  8. සල්ලි තියෙන කුමාරියෙක් බඳින්න කියල හැමෝම කියන්නේ ඔය නිසා වෙන්න ඇති මයෙ හිතේ. හික්ස්..

    අම්මපා මමත් හිටවනවා තෙක්ක ගහක්.

    ReplyDelete
  9. මාත් දැම්මා තීයා තේක්ක ගස් දෙක තුනක්ම හිටවලා දාන්න ඕනේ.

    ReplyDelete
  10. //කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.
    සිම්පල්.
    එදා ඉඳන් මං ණයකාරයෙක් නෙමෙයි! //

    ඇයි දෙයියනේ! එතකොට කතන්දර කාරය හාමිනේට ණයයිනෙ?

    මං කියන්නං ඒකටත් ක්‍රමයක්. ඊලඟ මාසෙ තාත්තගෙන් සල්ලි ඉල්ලලා හාමිනේට දෙන්න, ඊටත් පස්සෙ මාසෙ, හාමිනේගෙන් ඉල්ලල ආපහු තත්තට දෙන්න.
    ඕකට තව කෙනෙක් මහන්සි වෙන්නෙ මොකටද කියල ඒගොල්ලන්ටම මාසෙ අන්තිමට සල්ලි මාරුකරගන්න කියන්න. :D

    ReplyDelete
  11. නියමයි බන් . . කොහොම මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ වගේ

    ReplyDelete
  12. පසුව සැමට පිළිතුරු ලියන්නම්.

    මේ කතන්දරේ ටයිටල් එක අමතක කරන්න එපා.

    කතාවේ සාරාංශය තමයි මං කතන්දර හාමිනේ ට සැමදා ණයකාරයෙක් ය කියන එක!

    ReplyDelete
  13. කතන්දර-කුමාරි, කතන්දර හාමිනේ වෙලා, කතන්දර කුමාර-කතන්දර කාරයා වෙලා. පව් වැඩේ!

    හාමිනේට ණය වෙන එක හොඳයි වෙන අයට ණය නොවී.

    ReplyDelete
  14. @Poppy

    කොහෙද යන්නේ රුක්මණී කියන සින්දුව දන්නවද? මාත් අහල නෑ, සුනිල් ආරියරත්න ලියපු නවකතාවක කියවල තියෙනව විතරයි.

    ReplyDelete
  15. @ Wath
    මං උඩින් ලියලා තියෙනවා වගේ කතන්දර හාමිනේ ට මං ණයකාරයෙක්!

    ReplyDelete
  16. @හරී-පිණිපලස
    නෑ ඇත්තටම කියනවනං අපේ ජොයින්ට් එකවුන්ට් එකේ මගේ පැත්තෙන් හාමිනේ ගේ පැත්තට මං ඒ සල්ලි දැම්මා.

    ReplyDelete
  17. @Jeew
    මෙහෙමයි, කතන්දර හාමිනේ ගේ නමේ තාමත් තියෙනවා කුමාරි කෑල්ල.

    මාත් කුමාරයෙක් තමයි. මේ බලන්න.
    http://kathandara.blogspot.com/2010/01/blog-post_31.html

    ReplyDelete
  18. @ප්‍රසන්න
    @අරවින්ද
    දෙන්න තවම තනිකඩ වගේ?

    ReplyDelete
  19. @sameerausa
    @Hasitha
    ඔය තේක්ක කතාව නං සිරාම එකක්.
    මටත් වුනේ අර අඹ ඇටයක් හිටවපු මුත්තගෙන් පාඩමක් ඉගෙන නොගත්ත එකයි.

    ReplyDelete
  20. @කලිකාල
    ඔයා හෙම ණය දුන්නේ නැද්ද?

    ReplyDelete
  21. @දුකා
    තෑන්ක්ස්. වෙන නමකින්වත් බ්ලොග් එකක් පටන් ගන්න, ප්ලීස්!

    ReplyDelete
  22. @podi kumarihami
    හාමිනේ ට මං සැමදා ණයයි.

    ReplyDelete
  23. අයියෝ කතන්දර අයියේ තාම මල්වෙයා දාගෙන මොකද කරන්නේ...ඔය කෙහෙල් මල අහක් කරන්‍නකෝ‍‍‍...මේ ක්‍රෝම් කාරයා කෑ ගහනවා...ඔය බනියව Followers ලා ලිස්ට් එකෙන් අහක් කරන්න....එතකොට වැඩේ හරි යයි....

    සෑම සාර්ථක පිරිමියෙක් පසු පසුම ගැහැණියක් ඉන්නව කියන්නේ ඕකටමනේ...හැබැයි ඉතිං මොකා ඔය ගොං කතාව කිව්වත් කියලා තියෙන්නේ ගෑණු පරානයක්ම තමයි.මුං මේ මුංගේ වාසියට..ඒ කිව්වේ ගෑනුන්ගේ මතු පරපුර (තමන්ගේ දූ වරු) වෙනුවෙන් කියපු බයිලා එකක්නේ....
    බැරිවෙලා හරි කොල්ලන්ට මොලේ පෑදිලා ගෑණු නොබැද හිටියොත් ගෑණු ටික අන්ත අසරණයිනේ...ඉතිං මුං කිව්වා මේ වගේ බයිලා එකක් හොරෙන්ම...මොන පිරිමියද ඉතිං අකමැති තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගන්න ගෑණියක් නොබැද?
    කොහොමද ගෑණුන්ගේ මොලේ....අනේ අම්මපා....

    ReplyDelete
  24. අහ් ඔය ලැජ්ජා නැතිව කකා අයියත් කියලා තියෙන්නේ...
    පසුව සැමට පිළිතුරු ලියන්නම්....

    ReplyDelete
  25. @K.K. -mmm ahala na ne :-D mokak ganada kiyanne?

    ReplyDelete
  26. කතන්දර අයියෙ, මම මෙ කතන්දර බ්ලොග් එකට එද්දි මගේ web browser එකෙන් මේක් block කරානේ, Malware 1ක් තියනව කියල, චුට්ටක් හොයල බැලුවනම්

    ReplyDelete
  27. කොහෙද යන්නේ රුක්මණී සින්දුව නම් අහල තියනවා. හැබැයි සැර වර්සන් එක. හරි එකක් තියනවද නැද්ද කියලවත් දැනගන්න වෙන එකක් අහලා නෑ.
    නෑ නෑ කොහොමත් මම දන්න එක හරි එක වෙන්න බෑ.

    ReplyDelete
  28. මචෝ . . මම යූ ටර්න් ගහන්න තීරණය කලා . .. හෙට උදේට බලපන් . .

    ReplyDelete
  29. @හසියා
    හැබැයි පුතෝ බැඳලා කාලයක් යන කොට බිරිඳ නැතුව ඉන්න බැරි වෙනවා. ඒක තේරෙන්න බැඳලම බලන්න ඕනෑ.

    ReplyDelete
  30. @ හසියා
    @ AmilaArt

    ඔය වැඩි විස්තර ලිබ්ක් එකේ ගිහින් බලන්න.
    මැල්වෙයා තියෙන්නේ මගේ බ්ලොග් එකේ නෙමේ. freeanushka එකේ. ඒක අයිති බනියාට. බනියා මගේ ෆලෝවර් කෙනෙක් ගින්දලු මේ අවුල හසියා කියන විදියට.

    හැබැයි බනියාත් ඒවා අයින් කරලා දින 90 ක් ලු.

    මේ කරදරේ අවසානයක් කරන්න ඕනෑ.

    බොහෙම ස්තුතියි.

    ReplyDelete
  31. @ poppy
    @ kassa
    කොහෙද යන්නේ රුක්මනී සින්දුවේ තියෙනවා මෙන්න ඟෙෙෑම.

    "දෑවැද්ද කීයද රුක්මනී?"

    "මේ ලස්සන මුහුණ තමයි දෑවැද්ද"

    ReplyDelete
  32. @ Duka

    Jayawewa.....!!!
    නියමයි බන් . . කොහොම මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ වගේ !!!

    ReplyDelete
  33. පිස්සුද දැන් ඔය ආපදාවට ලක්වෙලා අවුරුදු හයක් විතර වෙනව.

    ReplyDelete
  34. ගූගල් Buzz එකේ නම් දාල තිබුණේ "කතන්දර ණයකාරයා" කියලා. මැද ‍පොඩි : එකකුත් නං තිබුනා. අනේ මන්දා.

    ReplyDelete
  35. මමත් ගත්තනෙ ඔය ආපදා ණය. ඕනම රජයේ සෙවකයෙක් කසාද බදින්න අපදා ණ්ය ගන්නවා.රස්සාවට පස්සෙ ඉතින් පරස්තාවනෙ.

    පොඩ් ණයක් හරි අරගෙන අම්මලට වැඩ් බරක් නොදී ඒ කටයුතු ලස්සනට කෙරුනු එක ගැන මට නම් හරිම ආඩම්බරයි.
    මොනව වුනත් අපෙ කතන්දර තමන්ගෙ බිරින්දෑට ගරුසරු ඇතිව සලකන එක ගැන කාන්තාවක් හැටියට මම හරි අගය කරනව.

    ReplyDelete
  36. කොහෙද යන්නෙ රුක්මණි [මෙතන බලන්න: http://www.youtube.com/watch?v=V0Z4KRGqvos] කියන්නෙ where are you going my pretty maid යන ඉංග්‍රීසි ළමා ගීතයේ අනුවාදයක්. ඔක ඇහුවම මට හිතුණෙ ඔය දෑවැද්ද කියන එකත් ඒ කාලේ ඉංග්‍රීසි සමාජයේ තිබ්බද කියලා. මොකද ගැහැණියකට ප්‍රසිද්ධ තැනක නාන්නවත් බැරි තරම් පසුගාමීයි ඔය වික්ටෝරියානු එංගලන්තය.

    ඔය ගීයේ සිංහල අනුවාදයේ එන "ඔබේ සතුට කරන්න" කියන කෑල්ල NGO ක්‍රමයට කළ පරිවර්තනයක් [කිසිම තේරුමක් නැතිව වචනෙන් වචනේ පරිවර්තනය කරපු පෝස්ටර් ගහන්නේ NGO තමයි - ඒක වෙන කතාවක්].

    කතන්දරත් අපට කියන්නේ ඔයා බරකාරියක් බැඳ ගත්තා කියල ද? අර ලොකු ලස්සන ගෙදර බුවා ගැන ලිව්ව දවසේ ඉඳලා කතන්දරත් අපට දෙන්නෙම පොර ටෝක්. පාරක් කියාපි චිත්තරසේනයි කියලා. කමක් නෑ ඉතින් අපි ඉවසන් ඉන්නම්, මොකද බ්ලොග් අවකාශයේ ඉතින් කරන්න බැරි දෙයක් නෑනේ. විධායක ජනාධිපති උතුමාණන් ටත් කරන්න බැරි එකත් ඔය ජාලාවකාශයට පුළුවන් වූ බව මට වඩා උගත් අයෙක් කියා තිබ්බා ඔක්කොම කියවන්න ඇතිනෙ

    ReplyDelete
  37. @ සුජීව

    ලින්ක්ස් වලට ස්තුතියි.

    මං ලියන හැම කතාවකම තියෙන සරදම් බාරගන්නත්, හැබැයි මං හැන්ඩි පොරක් (චිත්‍රසේන) වගේ කතාවක් කිව්වාම, ඒක විතරක් ඇත්තට බාර ගන්නත් හේතුව ක් නෑ නේද?

    කතන්දර කුමාරි අපේ කාලේ කැම්පස් හිටිය කෙල්ලෙක්. හැබැයි අපි හිටියේ ගඟෙන් දෙපැත්තේ හින්දා අපි හමු වුනේ කුමාරි අවුට් වෙලා මාස හයකින් විතර වගේ.

    හාමිනේ ගැනත් මං ලියනවා වැඩිද?

    ReplyDelete
  38. උපහාසාත්මක රචකයා, කොමෙන්ටු දමන්නන්ගේ උපහාසය සිරාවට ගත්තේ ඇයි. මං ලිව්වේ ජොලියට. දිගටම ලියන්න. වරදක් දැක්කේ නෑ.

    හාමිනේ ගැන ලියන්න ඕනේ නේද? කොටින් ම මේ ටික ලියන්න ඔයාට කාලය වෙන් කරලා දෙනවා ඇත්තේ ඒ මනුස්සයා නේ.

    අනික ඔයා එයාට ණයයි නේ [:) - මේ පාර විහිළු මාක් එක දැම්මා]

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.