
කඩ්ඩ හොර අයට ශිෂ්‍යත්ව දෙන කතන්දරේ ලියන කොටයි මේ කතාව ක්ලික් වුනේ.
මතක නේද ලංකාවටයි, ඉන්දියාවටයි පොදු ලංකේංඩියා භාෂාව ගැන කතාව. මං පස්සේ ඒකෙ දෙවෙනි කොටසත් ලිව්වනේ මකර ගේ කරදරේ නිසා.
ජාතින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කරන අරමුණෙන් නේ ඔය රුසියාවෙන් ලංකාව වගේ රටවල කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව. හුඟ දෙනෙක් හැබැයි දැන් ඉන්නේ එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වගේ තුන්වෙනි රටවල්වල.
ඉතිං අපේ පොරක් තමන් ගේ රුසියානු බිරින්දෑ, ශාෂා ත් එක්ක ලංකාවට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තා. දෙන්නම කොළඹ පැත්තේ රැකියාව කලේ.
සාමාන්‍යයෙන් සුද්දෝ කියන්නේ එංගලන්තේ, ඉංගිරිසි ජාතිකයින්ට නේ. නමුත් ඉතිං, හම සුදු නං අපිට කවුරුත් සුද්දෝ. ලේබල් ගහල තියෙනවැයි?
ඉතිං අපේ මේ රුසියන් සුද්දි ශාෂා ට ටිකක් සිංහල තේරෙනවා. ශාෂා බස් එකේ වැඩට යනකොට අපේ සමහර සිංහල පොරවල් කියනවාලු, අනේ මේ සුද්දියොත් එනවනේ හිරවෙලා බස්වල යන්න, කාර් එකක් අරං යන්නේ නැතුව කියලා.
ඉතිං අපිට සුද්දි වුනාට ශාෂා ගේ මව් බස රුසියන් නේ. එයාට ඕනැ වුණා තමන් දන්න ඉංගිරිසිය ටිකක් දියුණු කර ගන්න.
මගේ තව යාළුවෙකු ගේ තාත්තා හොඳ උගත් කඩු කාරයා. ඒ අංකල් ගාවට තමයි ශාෂා යන්න පටන් ගත්තේ ඉංගිරිසි දියුණුකර ගන්න.
දවසක් දෙකක් ශාෂා අංකල්ලා ගේ ගෙදරට එනව දැකපු පාර අයිනේ කඩේ මුදළාලි ඔන්න අංකල්ගෙන් මෙහෙම අහනවා.
"මහත්තයා මං දැක්කා සුද්දියෙක් එනවා දවස් දෙක තුනක් මේ ගෙදර පැත්තේ. ඒ කවුද මහත්තයා."
"ආ, ඒ අර අපේ පුතාගේ යාළුවෙකු ගේ නෝනා, පිටරට ඉගෙන ගන්න ගිහින් ඉඳලා එනකොට බැඳලා ආවේ, මේ ලඟදී."
"ඉතිං මහත්තයා මෙහේ නිතරම එන්නේ ඒ සුද්දී?"
"ආ, ඒ මේ මගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න."
"අනේ මේ, මහත්තයා මට විහිළු නොකර ඉන්න. සුද්දියො එයිද මේ මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?"
-කතන්දරකාරයා
ප/ලි
ප/ලියක් නැතිවුනාම නිකං මොකක්ද මොකක්ද වගේ දැං!
"අනේ මේ, මහත්තයා මට විහිළු නොකර ඉන්න. සුද්දියො එයිද මේ මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?"
ReplyDeleteනියම වචන ටික.... මුදලාලි හිතන්න ඇති අංකල් තමන්ව අන්දන්න එනවා කියලා :)
පට්ට පට්ට.... එලකිරි.....
ReplyDeleteමේ කාකා. ශාෂා ලියන්නේ ශාෂා කියලයි කියල කොහොමෙයි දන්නේ? :p
ReplyDeleteඔය ඉන්නේ ආදර්ශවත් සෙට් එකක්.
නියම කතන්දරයක් . . .
ReplyDeleteසුද්දියන්ටත් ඉංගිරීසි උගන්නන පොරවල් ලංකාවෙ ඉන්නවා එහෙනං ඈ ?
හැම සුද්දිම ඉංග්‍රීසි දන්නවද හැබෑට... අපේ ගෙදර ඉන්න සුද්දි දන්නේ "බව් බව් ව්ව් " "ගර්ර්ර් " කියන්නයි විරිත්ත විරිත්ත මුණ බලන්නයි තමයි ඕන් ...
ReplyDeleteඒක කෙසේ වෙතත්, අර පින්තූරේ තියෙන Mind Your Language එක නම් මරු.. මම පස්සේ තමයි දන්නේ ඒකේ රඟපාන අර 'සීක්' ජාතික ඉන්දියානුවා ඇත්තටම ලංකාවේ කෙනෙක් කියලා.
ReplyDeleteLike the picture. 'Mind your language'!!!! That show was legendary!!!!!
ReplyDeleteහැමදේම විමසල බලන එක ගැමියන්ගේ පුරුද්ද නෙව..
ReplyDeleteමේ කතාව මතකනේ..
බාල්දිය අරන් නාන්න යන මිනිහගෙන් අහනවනේ,
“ආ නාන්න යනව වගේ.. “
කියලා ඉතිං උත්තරේත්
“නෑ මේ නාන්න යනවා...“
ආයෙම කියනවා
“ආ.. මං හිතුවෙ නාන්න යනව කියලා...“
"අනේ කාලේ වනේ වාසේ" කියලා හිතෙන්න ඈති අර මුදලාලිට
ReplyDeleteAbsolute right.All foreigners with white skin are "suddo" to us and we think they all speak English because of our colonial mentality.But many people with caucasian appearance are not Englishman.Polish,lebonese,Bosnian,Macedonian and many east europeans are non English nspeakers and hard to identify them.
ReplyDelete:D නියම කතාව
ReplyDeleteMind your language බලපු මුල් දවස්වල අපි හිනාවුනේ ඉන්දියන් සහ පකිස්ථාන් කාරයාගේ කෑලිවලටයි, මිස්ට බ්‍රවුන් සහ ප්‍රින්සිපල් ගේ කැලිවලටයි විතරයි.
ReplyDeleteප්‍රංශ කෙල්ලගේ, ඉටලියන්, Greek කාරයින් ගේ කෑලි තේරුනේ පසු කාලෙක.
ජොලි ගුඩ්..
ReplyDeleteමේ කතාවනම් මරු... අපිට ඉතින් හම සුදු නම් ඔක්කොම සුද්දො නේ හි හි
ReplyDeleteඅපේ ඔෆිස් එකේ වැඩ කරනව විදේශික ගෑනු ලමයි දෙන්නෙක්... දෙන්නම කට්ට කළුයි... එක්කෙනෙක් සූඩාන්, එනිත් කෙනා කෙන්යා... මේ ලඟදි මාව හම්බවෙන්න ඔෆිස් එකට ආපු මගෙ යාලුවෙක් මගෙන් අහනව
ReplyDelete"මේ සුද්දියො කොහෙ උන්ද බං" කියල... අපිට හම සුදුනම් විතරක් නෙවෙයි විදේශික නම් ඔක්කොම සුද්දො, සුද්දියො