Monday 12 August 2013

කිරිපනු ගායට පරිප්පු බේතක් ද? - Piperazine Phosphate


අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ විතර, පාසල් ළමයි කියපු සින්දුවක් ලු මෙන්න මේක.

එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!

එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!


ඒ කවියෙන් කියවෙන්නේ ඒ දවස්වල ලංකාවේ ළමයින් අතර පැතිරිලා ගිහින් තිබුණු කොකු පණු රෝගය සඳහා බේත් දෙන්නට පාසල්වලට පී.ඇච්.අයි මහත්තයා හෙවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එනවාය කියන කතාවයි.

ඒ කොකු පණු රෝගයට දීලා තියෙන්නේ කටින් බොන සැර බේතක්. තිත්තම තිත්තයි ලු. ඒ නිසා, ළමයි කොකු පණු බේත් දෙන දවසක පාසල් එන්නේ නැතුව මග හරිනවා ලු.

පස්සෙන් පහු ඒ තිත්ත බේත වෙනුවට ඇන්ටිපා කියන එච්චරම තිත්ත නැති බේතක් ආවාය කියලයි කියන්නේ!

ඒ කොහෙම වුණත් අපේ කාලේ වෙනකොට නම් කොකු පණුගාය නොවෙයි ඒකටත් එක්ක කොල්ලෝ කුරුට්ටෝ හුඟ දෙනෙකුට තිබුණේ කිරිපණුගාය යි!

කිරිපණුවා ය කියන්නේ මිනිස් සිරුර ඇතුලේ හැදෙන වැඩෙන ඊට පස්සේ එක් මිනිස් සිරුරකින් තවත් සිරුරකට බිත්තර මගින් බෝ්වෙන කුඩා පණුවෙක්.

සාමාන්‍යයෙන් කිරිපණුගාය හැදිලා වගේය කියන්නේ එක තැන ඉන්න බැරුව දඟලන කොටනේ.

කිරිපණුගායට එහෙම දඟලන්න හිතෙන්නේ මේ කියන කිරිපණුවෝ ඉන්නේ ළමයින් ගේ බඩ ඇතුලේ ඉඳන් මේ කිරි පණු ගෑණු සත්තු බිත්තර දාන්න එළියට එන කොටයි.

ඒ එළියට එන්නේ ළමයා පස්ස පැත්තෙන් නිසා පස්ස පැත්ත කහන්න පටන් ගන්නවා. එතකොට තමයි අර දැඟලිල්ල එන්නේ. ඒ දැඟලිල්ල හින්දා තමයි කිරිපණුගාය හැදිලා වගේ කියන යෙදුම ඇවිල්ලා තියෙන්නේ.

කිරිපණුවන්ගෙන් අපිට බේරා ගන්න ඒ කාලේ අපේ තාත්තා ෆාමසියෙන් අපට ගෙනැල්ලා දෙනවා බේතක්.

ඒකේ නම ප්‍රිප්සන්. ඖෂධ නාමය පිපරසීන් ප්‍රොස්පේට්.

ඒ බේත නිකම්ම නිකං පෙත්තක් නිසා, පොල්වත්තේ ගෙදර ඇන්ටිලා ගේ කාලේ කොකුපණු ගායට බිව්වාය කියන බේත් වගේ බොන්න අප්සෙට් එකක් වුනේ නෑ.

ඩිස්ප්‍රින් වගේ අහල පුරුදු සද්දයක් තිබුණත් අපිට ප්‍රිපස්න් කියන නම ඒ කාලේ අල්ලලා ගියා. ඒ හින්දාම අපි උයලා කන පරිප්පුවලට නම දැම්මා ප්‍රිප්සන් කියලා.

* දවල්ට රෑට අපි කෑවේ එක්කො ප්‍රිපස්න් උයලා තෙම්පරාදු කරලා.
* උදේට පාන් කන්න නම් ප්‍රිපස්න් හොද්ද තරම් නැගලා යන වෙනත් දෙයක් නෑ.
* ප්‍රිප්සන් දාලා නිවිති මාලුවත් හරිම රසයි.
* ඇයි හාල්මැස්සෝ දාලා ප්‍රිප්සන් උයලා තෙම්පරාදු කළාම? දිව්‍යලෝක රහයි නේද?

ලොකු කාලේ වෙනතුරුම අපි පරිප්පුවලට ප්‍රිප්සන් කියලා කිව්වාට පස්සෙන් පහු ඒ කතාව අපිට අමතක වෙලා ගියා.

ඔන්න දැන් අවුරුදු කීපයකට කලින් අපේ ගෙදර ආවා හිතවත් ජෝඩුවක්. එදා රාත්‍රියේ කෑමටත් නතර වුණා.

මංතුමා ඉතිං බීෆ් කතන්දර ස්ටයිල්, බීන්ස් විත් පීනට්ස් වගේම පරිප්පු හදන්නත් හරිම දක්‍ෂයෙක් නේ. ඉතිං එදාත් මං පරිප්පුවක් හැදුවා.

කෑම කන්න මේසෙට ගියාම පරිප්පුව දැකලා මෙන්න අපේ හිතවතිය කියපි:

"ආ ප්‍රිප්සන් හෙමත් හදලා තියෙන්නේ!"

කියලා.

මට ටක් ගාලා වැඩේ තේරුණා.

"නිශා, ඔයා ඒ ප්‍රිප්සන් කිව්වේ පරිප්පුවලටද?"

"ඔව්!"

"ඒ කියන්නේ ඔයාත් පොඩි කාලේ ප්‍රිපසන් බීලා තියෙනවාද කිරිපණු ගායට?"

"ඔව් අනේ, අපි පොඩි කාලේ අපේ අම්මා අපිට දීලා තියෙනවා ඔය ප්‍රිප්සන් කියන බේත. ඒ කාලේ ඉඳලා අපි පරිප්පුවලට කියන්නේ ප්‍රිප්සන් කියලායි!"

"අපිත් ඒ දවස්වල පරිප්පුවලට කියන්නේ ප්‍රිප්සන් කියලා තමයි. හැබැයි ඔයා කියපු හින්දයි මට ඒක මතක් වුනේ මෙච්චර කාළෙකට පස්සේ!" මං කිව්වා.

නිශා ගේ අම්මයි, තාත්තයි දෙන්නම දොස්තරලා.

ඒ හින්දා කිරිපණුගායට හොඳම බේත ප්‍රිප්සන් ය කියන එක ගැන මට කිසි සැකයක් නෑ.

-කතන්දරකාරයා


(image: http://www.chemistdirect.co.uk/pripsen_v_135.html)

79 comments:

  1. මට නම් කිරිපණු ගාය හැදිලම නැහැ.
    මම හිතන්නෙ පොඩි කාලේ ඉදන්ම ප්‍රිප්සන් දෙන්න ඇති.
    මතකයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙ ප්‍රිප්සන් කල්දේරමකට වැටුණද දන්නෑ. :D

      Delete
    2. හෙහ්...හෙහ්...එහෙම වෙලාවත්ද කියන්නත් බැහැ ප්‍රසා.

      Delete
    3. කිරි පණුවන්ව බයිට් එකට ගන්න වට පණුවෝ ඉන්න ඇති කෙන්ජි ගේ බඩේ!

      Delete
    4. කෙන්ජි ලඟනම් කාටවත් කිරි පණු ගාය හැදෙන්නේ නෑ. රහස දන්නවානේ.

      Delete
  2. මං වීරවිල කඳවුරේ ඉන්න කාලෙ අප සිටි වාට්ටුවේ හිටිය එක තරු‍ණයෙක් නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ. W3Lanka

    ReplyDelete
    Replies
    1. සමාජවාදී මෝඩ වම්මු. මුං ගාලු කොටු බැම්ම උඩ වළ බැහැපු කාලේ වෙන්න ඇති කිරිපණුගාය හදා ගන්න ඇත්තේ. අපේ අක්කිටයි මටයි නම් කිරිපාණුගාය නෑ.

      Delete
    2. පිළිකුල් රසය වෑහෙන තරම!!!!

      Delete
    3. ඉස්සර අපි එක්කෝ පොල් බෑයෙන් උලුප්පලා කනකොට එහෙම නැත්තම් අම්මා පොල් ගාන කොට ටිකක් කන කොට අපිව බට කරනවා කිරිපණුගාය හැදේවි කියලා.

      ඔය කියන විදියට උඩුබැලි අතට නිදා ගෙන ඉන්නේ පණු ගාය තියෙන අයලු!

      Delete
    4. මෙන්න නිදා ගන්න ආකාරය ගැන කෙරුණු ඇනලසිස් එකක්.
      http://kathandara.blogspot.com/2013/01/dont-sleep-yet-please.html

      Delete
    5. කිරිපණු ගාය හැදිලා ලංකාවේ ආණ්ඩුව මිනියක් මැරුවම වම්මු ටික කියනවා සමාජවාදය තමයි විසඳුම කියල. අක්කිටයි මටයිනම් ඒවා ප්‍රශ්ණ නෙමේ. ඔබ එකෙක් මැරුණාවේ. වම්මු දැකපුවාම කිරිපණුගාය නෙමේ ගොනාට රතු ලේන්සුවක් පෙන්නනවා වගේ අපිට.

      Delete
  3. අපේ කාලේ නම් බිව්වේ වර්මොක්ස්...

    ප්‍රිප්සන් - පරිප්පු... 'ප' සද්දේ මිසක් වෙන ගැලපීමක් හිතාගන්න බැහැ... පොදුවේ පරිප්පු වලට ප්‍රිප්සන් කියලා භාවිතා වෙන්න වෙන මොනවා හරි හේතු තිබ්බද?

    ReplyDelete
    Replies
    1. ප්‍රිප්සන් - පරිප්පු විකාරයක්නේ!

      Delete
    2. මිදි ගෙඩිය සහ සපත්තුව වගේ ගැලපෙනවා

      Delete
    3. පයන්න ඇර වෙන කිසිම සම්බන්ධයක් නෑ. ඒක තමයි මට පුදුම හිතුනේ අපිට තිබුණු පිස්සුවම තිබුණු තවත් පවුලක් ඉන්නවා කියන එක!

      Delete
  4. මේක කියවගෙන යනකොට මටත් පණු කතා ගොඩක් මතක් උනා ( ගොඩක් කිව්වට දෙකයි) ඒ ටික මතකවෙනකොට මට හිතෙනවා මගේ නහයෙත් පණුවෙක් ඉන්නවා වගේ

    ReplyDelete
  5. ඔය කිරිපණුවන්ගෙන් වැඩක් නෑ
    ඒක නෙවෙයි කකා සමණල විප්ලවකාරයගෙ බොදුබලතොටට මොකද වුනේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මාත් අහන්න හිටියෙ. කකා තමයි ඔහු ගැන යම් හෝ විස්තරයක් දන්නෙ.

      Delete
    2. මටත් ඔය ගැන නිතරම මතක් වෙනව.

      Delete
    3. ඒක දැම්ම ගමං ඇටෑක් එක දෙන්න මං ලිපියකුත් බාගෙට ඩ්‍රාෆ්ට් කරලයි තිබුණේ.

      ඒ හැඳින්වීමේ කියලා තිබුණු දේවල් විය නොහැකි දේ. ඒ අභව්‍යබව ලේඛකයාටම වැටහෙන් ඇති.

      Delete
  6. මෙලෝකෙ වැඩක් නැති ගූ පෝස්ට් එකක්..... උඹේ බ්ලොග් එක බලන එවුන්ටත් කිරිපණුවො බෝ වෙනවා.... මොකද අසූචි ගොඩක් නෙ... අදම බෙහෙත් ගන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං මේකට එන්නේ?

      ඔහේ නිලමැස්සෙක්ද?

      Delete
  7. බයිලා කියවන
    හොට නැති පැස්බරා
    කමෙන්ට් ගිලිනවලු
    ඩුං, ඩුං, ඩුං!

    කමෙන්ට් හිරවී
    උගෙ ගලනාළේ
    දැන් මළ කෙළියලු
    ඩුං, ඩුං, ඩුං!

    ReplyDelete
    Replies
    1. කක්කා කතන්දර....
      අං දිග ගෝණා....
      කොමෙන්ට් බුදිනවා....
      ටං... ටං.... ටං......

      අං තට්ටුව....
      මුගෙ පුකේ ඇනීලා....
      ජී පිට වීලා.......
      පුං.... පුං... පුං......

      වාරණයක් මෙහි නැතයි කියනවා.....
      දැලි පිහියක් ගත් වානරයෙක්.....
      රෙද්ද අස්සෙ ඇති මාධ්‍ය නිදහස.....
      පුක පල්ලෙන් යන වානරයෙක්.......

      Delete
    2. මොකක්ද හලෝ මං කාපු කමෙන්ට් එක? ඔය තියෙන්නේ සේරම!

      Delete
  8. ඔය පණු බෙහෙත් දෙන්නේ මනුස්ස ඇඟට උරා ගන්නේ නැතිව අපේ බඩවැල් දිගේ ගිහින් පනුවාගේ මද්යම ස්නායු පද්දතිය පැරලයිස් කරලා පණුව අපේ බඩවැල් ඇතුලේ පිහින පිහින ඉන්න එක වලක්වන්නලු. ප්‍රතිපලය, පණුව පුකෙන් එලියට පැමිණීම. මාත් එක්ක වැඩ කල සුදු දොස්තරෙක් වරක් කිව්වා එයා මැක්ෂිකොවෙදි ළමයෙකුගේ නහයෙන් පණුවෙක් එලියට එනවා දැකපු හැටි.
    ඇස්දෙක වහගෙන හිතල බලන්න. ඇන්ටිපා, වොර්මොක්ස්, නෙවෙයි, වෙන ඕනෑම දෙයක් ඊට වඩා සිය ගුණයක් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පනහේ හැටේ දශකවල අපේ ඇන්ටිලාට දීලා තියෙන කොකු පණු බේත් තිත්තයි ලු.

      ඇන්ටිපාවල වරද තිබුණේ පැනිරහ වැඩියි. ඒ හින්දා අප්පිරියයි.

      ඒකටත් එක්ක ප්‍රිප්සන්. අවර්ණයි. නීරසයි!

      Delete
    2. පොකුණ දෙපැත්තේ වෙනස!

      Delete
    3. Hey KK Pripsen was NOT tasteless or colourless. Dark yellow sickly sweetish/milkish granules! Yuk!

      Delete
  9. It should be piperazine citrate, not phosphate. http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2080268/
    Vermox is mebendazole. Pireazine citrate is not popular in the western market. http://www.nlm.nih.gov/medlineplus/druginfo/meds/a682315.html

    ReplyDelete
    Replies
    1. මං ඔය පින්තුරය ගත්ත තැන විස්තරේ කියවන්න.
      http://www.chemistdirect.co.uk/pripsen_v_135.html

      Delete
    2. පොකුණ දෙපැත්තේ වෙනස!

      Delete
  10. පණු ගායට වර්මොක්ස් බීලා තියෙනවා,ප්‍රිප්සන්සහ පරිප්පු අතර ඇති සම්බන්ධතාව කුමක්ද

    ReplyDelete
    Replies
    1. කිසිම සම්බන්ධතාවයක් නෑ ප යන්න හැරෙන්න. ඒකම තමයි මේ පිස්සු කතාවට හේතුව!

      Delete
  11. කමෙන්ට් කෝ බං?
    ඩුං ඩුං ඩුං

    ReplyDelete
    Replies
    1. "ඩුං ඩුං ඩුං" කියන්නේ අණ බෙර සද්දේ.

      Delete
  12. "දිව්‍යලෝක රහයි නේද?"
    මලා, දිව්‍ය ලෝකේ ගිහින් කන්න වෙන්නේ පරිප්පුයි හාල් මැස්සොයි තෙම්පරාදු කරලද?

    ReplyDelete
    Replies
    1. ඩෙසර්ට් එක බොම්බිලි කරෝල තෙම්පරාදුව!

      Delete
  13. බෙහෙත පාවිච්චිකරලා තියෙන කාලය හොයල බැලුවනම් කට්ටියට පුළුවන් කකා ගේ වයස ගැන තීරණයකට එන්න ....... එක හොයලබලුවට පස්සේ වෙලාවක් තිබ්බොත් මේ පැත්තෙත් ඇවිත් යන්න
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
  14. ඊයේ මං පණු බෙහෙත් බිව්වා.කකා මේක ලියල තියෙන්නේ මටම වගේ.

    ඒක නිසා අද අම්මා ප්‍රිප්සීන් හැදුවෙ කිරට. හික් හික්

    ReplyDelete
    Replies
    1. Drontal plus තමයි බූලාගේ අඩවියේ බූලාට දෙන්න ඇත්තෙ.....

      Delete
    2. මං අහලා තියෙන විදියට සෑම මිනිසෙකුගේම ඇඟ ඇතුලේ පණුවෝ ඉන්නවා!

      Delete
  15. හපොයි අපේ සීයා (තාත්තගෙ තාත්තා) නිතරම මට කියන්නේ මේකට කිරි පණු ගාය කියලා. මොකෝ මට එක තැනක ඉන්න බැරි ලෙඩේ නිසා. එයා එහෙම කියන්නේ තාත්තා බොහොම නිවිච්ච කෙනෙක් නිසා. එක තැනක ඉන්න බැරි ලෙඩේ නම් මට තාමත් තියෙනවා. ඒ කියන්නේ මට තාමත් කිරි පණු ගාය. පොඩි කාලේ බෙහෙත් පෙත්තක් නම් දෙනවා ඉස්කෝල නිවාඩු කාලේදී. නම නම් මතක නෑ. හැබයි අලි පනුවෙක් නම් ගියා මතකයි. (ඉස්සරහ ඉන්න පණුවනම් තාම ඉන්නවා.) කතා මම මේල් එකක් දැම්ම පොඩ්ඩක් බලනවද?

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මං හිතං හිටියේ කිරි පණුවෝ කියන්නේ milk worms කියලායි. නෑ, මුංට කියන නම pin worms (ඇමරිකා) සහ thread worms (එංගලන්තය).

      Delete
    2. සිරසෙ යන බොරළුගොඩ කටුන් එකේ යනවා දඟර පනුවෙක්ගේ කතාවක් ඒක මතක් උනා....

      Delete
  16. පොඩි කාලේ තාත්තා ගෙනත් දෙනවා මතකයි. හැබයි වර්ගේ නම් දන්නේ නෑ. ඒත් මෑත කාලයේ බිව්වේ නැනේ අපි.

    ReplyDelete
    Replies
    1. පණුගායට අසමෝදම් කියලා ජාතියකුත් දෙනවාය කියලා මගේ ඔෆීස් එකේ පොරක් අද මා සහම කීවා!

      Delete
  17. මෙලොකේ වැඩක් නැති කතාවක්.... කතන්දර ඉන්න ටික කාලෙ එලොවට හෝ මෙලොවට වැඩක් ඇති වැඩක් කරපන්.... උඹේ ගූ බ්ලොග් එක මෙලෝකෙ රහක් නෑ....

    ReplyDelete
    Replies
    1. ලෙඩක් ගැන කතා කිරීම වරදක් වදදියට පේන්නේ ඉතිං මෝඩකම තමයි.

      Delete
  18. //* ඇයි හාල්මැස්සෝ දාලා ප්රිප්සන් උයලා තෙම්පරාදු කළාම? දිව්යලෝක රහයි නේද?//

    රෙසිපි එක දෙන්ටකෝ කකා. දැන් හාල්මැස්සන් සුද්ද කරන්ට කෙනෙක් ඉන්න වෙලාවේ… :D:D

    ReplyDelete
    Replies
    1. ඔළු එක්ක උයලා කන්න මොළේ වර්ධනය වෙනවා... ඒක දීලා වත් බලන්න අහිංසකයගෙ මොළේ පෑදෙයිද කියලා....

      Delete
    2. මමත් බැලුව පරිප්පුයි,හාල්මැස්සනුයි එකට දාල උයන කතාව.මම නම් කාලම නැහැ.
      ඔය කියන්නේ පරිප්පුයි,හාල්මැස්සනුයි තෙල් දානව කියන එකටද?

      Delete
    3. අල කෑල්ලක් දෙකකුත් දාලා උයලා තෙම්පරාදු කරලා බලන්න!

      Delete
  19. KIRIPANU GAYA KEEWAMA EKA PUKATA SAMBANDAI NE, PUKATA SAMBANDA THAWATH DE ATHA, ENAM JOKKU, CHOO, PADA, JEE, ETC.

    ReplyDelete
  20. කිරි පනුවොන්ගේත් අර DCD තියනවද?

    ReplyDelete
    Replies
    1. පාට හින්දයි කිරි පණුවෝ කියලා කියන්නේ. මුංට ඉංගිරිසියෙන් කියන්නේ pin worms හෝ thread worms කියායි.

      Delete
  21. පොඩි කාලේ මටත් අපේ තාත්තා ප්‍රිප්සන් තමයි ගෙනත් දෙන්නෙ. ඒත් ඒව පෙති නෙවෙයි. කහ සහ දුඹුරු පාට සිලින්ඩරයක් (පෙපර්මින්ට් පැක් එකට වඩා චුට්ටක් විතර ලොකුයි) ඇතුලෙ තියන චූටි ඇට වගේ ජාතියක්. රස කෙසේ වෙතත් ඒවගෙ සුවඳටනම් මම කැමතිම නැහැ.

    හැබැයි ඔය කියන "ප්‍රිප්සන් = පරිප්පු" සිද්ධිය එකම විදිහට දෙන්නෙකුට හිතෙන එක නම් බොන්න වෙන කේස් එකක්. මෙතනදි, වාග් විද්‍යාඥයෙක් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න වෙයි. වචනයක අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියල හතරක් තියනවලුනෙ. ස්වභාවික භාෂාවන් ඉගෙනගන්න පහසු ඒකයි.

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆික් ඔබ හරි.

      ප්‍රිප්සන් ආවේ නිකං මාපට ඇඟිල්ල වගේ කුප්පි ෂේප් එකේ ටින් වලයි. හාල් ඇට වගේ තමයි බේත් පෙති ජාතිය. ඒ කියන්නේ පෙති ම නොවෙයි.

      මෙතන වුනේ ප්‍රිප්සන් වලට පරිප්පු කියපු එක නොවෙයි, පරිප්පුවලට ප්‍රිප්සන් කියපු එකයි!

      Delete
    2. Oh. yeah. I was wondering why you called Pripsen a tablet. Traffic got it right. Dark yellow granules. One of the most sickening tastes in my childhood. I still remember it after maybe 40 years! Any bitter medicine was much better than that sickly sweetish milkish taste. YUK!!

      Delete
  22. ඇන්ටිපා කියන්නෙ හරියට අම්මපා කියන එකේම වෙන ව(ර්)ෂන් එකක් වගේ,

    අර කකා කමෙන්ට් එකෙන් "අසමෝදම්" කියල කිව්වෙ "අසමෝදගම්" කියන එව්වට වෙන්නැති. සමහර පැති වල ඒවට "පණු සංහාරය" කියල කියනව. (බදුල්ල පැත්තෙ එහෙම) එයාලත් ඔය පණු අමාරුවට හොදයි කියල කිව්වට වෙළදපොලේ තියන අසමෝදගම් වල නම් එහෙම දේකට භාවිත කරන්න පුලුවන් කියල සදහනක් නෑ.

    දෙන්නෙකුට එකම වෙලාවෙ එකම විදිහට හිතෙන්න පුලුවන් කියන එකට උදාහරනයක් මෙතන තියනව. (මාත් ලින්කු දාන්ට පටංගත්ත) ඉතින් කතන්දර කාරයට හිතුන දේම එයාලට හිතුන එකත්, සමහරවිට වසර ගානකට පස්සෙ එයාටත් ඒක කකා ඉස්සරහදිම මතක් වෙලා කියපු එකත් ගැන ආයෙමත් හිතල බැලුවම හිතෙනව අර මනසින් පනිවිඩ යවන්න පුලුවන් කියන කතාව ඇත්ත කියල. මටත් එහෙම දේවල් වෙලා තියනව

    ReplyDelete
    Replies
    1. අසමෝදගම් තමයි වං ටයිප් කරන කොට වැරදිලා!

      Delete
  23. "කටින් බොන සැර බේතක්" කියන්නෙ මොකද? කොහොමටත් බොන්නෙ කටින්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇයි පුකෙන් දාන නෙහෙතුත් තියෙන්නේ.

      පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
    2. බේත් බොන්නේ කටෙන් තමයි නමුත්

      කටෙන් - බේත් පෙති, කරල් ගිලිනවා
      කටේ - දිව යට බේත් පෙති තියා ගන්නවා
      කටේ - දත්වලට බේත් ගානවා

      බේත් - ආලේප/තෙල් ඇඟේ/ඔළුවේ ගානවා
      බේත් - සපොසිටරීස් විදියට දෙනවා
      බේත් - ඔරුවල නාවනවා
      බේත් - ඉසකුඩිච්චි දානවා
      බේත් - විදිනවා

      වැඩ කෝටියයි නේද?

      Delete
  24. කිරිපනු ගායට ගමේදි අපිට දුන්නෙ එරබදු දළු මැල්ලුම් හදලා..

    ReplyDelete
    Replies
    1. ඇයි වෙනි එරඬු තෙල් බිංදු දෙකක් බීලා නැද්ද ?

      Delete
    2. නැහැ ඇනෝ..ඒක අපේ පැත්තෙ කලේ නෑ..අපේ පැත්තෙ ප්‍රසිද්ධම බෙහෙත තමයි ඔය එරබදු දලු මැල්ලුම..අපේ වැඩිහිටියොත් දඟලන පොඩි උනට ඔලොක්කුවට අහන්නෙ..මොකෝ එරබදු කොළ මැල්ලුමක් කන්ඩ ඕනිද කියලයි

      Delete
    3. හැබැයි වෙනී, ඒ එරබදු දළු බේත වැඩ කරන්නේ නෑ වගේ නේද?

      Delete
  25. හලෝ කතන්දර,

    මටත් ඉන්නවා කතන්දරට වගේම ඊට වඩා ටිකක් වයස පුතෙක්. මට දැන් ටික දවසක ඉදලා තේරුණා මිස්ටර් කතන්දර මගේ ළමයා සිගරට් බොනවා කියලා. මට පොඩි උපදෙසක් ඕනා, දැන් මොකක්ද මම කරන්න ඕනි කියලා. මම අරක්කු සිගරට් බොන කෙනෙක් නෙමයි. එකම එක පාරක් මම පොඩි කාලේ සිගරට් බිලා තාත්තාට අහුවෙලා මට ගැහැව්වා පයිප්ප බටයක් කැඩෙනකන්. මම නං එදා ඉදලා සිකරට් බොන්නේ නෑ. ඒත් මම කැමති නෑ එහෙම කරන්න. එතකොට හාමිනේත් දැන ගනියි පුතා සිකරට් බොනවා කියලා.

    මේකයි කතන්දර, මම අහලා තියෙනවා මේ වගේ පුරුදු පොඩි කාලෙම නවත්ත ගත්තේ නැත්තං වයස 25 විතර පැන්නම ආයේ නවත්ත ගන්න අමාරුයි කියලා. මේක කොහොමද කකා නවත්ත ගන්නේ?

    ReplyDelete
    Replies
    1. පුතාව නිදහස් තැනකට ගෙනිහිල්ලා සිගරට් පැකට් එකක් අරන් දෙන්න විස්සම බොන්න දෙන්න.... අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

      Delete
    2. මාත් සිගරට් නම් බොන්නේ නෑ. එය මහා භයානක පුරුද්දක්. සැරවැර කිරීමෙන් නොව සෞඛ්‍ය ආදිනව පෙන්නා දීමෙන් බේරා ගන්න බලන්න. පිළිකා, පෙනගළු ලෙස ගැන කියවන්න දෙන්න.

      සිගරට් පැකට්ටුවල පිළිකා, පෙනහළු රෝග ගැන පින්තූර දාන්නයි යන්නේ.

      http://sinhala.lankanewsweb.com/exclusive/9413-2013-08-04-17-50-00

      "සිගරැට් පැකට්ටුවේ මුහුණතෙහි දුම්බීමේ ආදීනව දැක්වෙන ඡායාරූපයක් පලකල යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ආ තීරණයට විරෝධය පල කරමින්, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය වග උත්තරකරුවන් කරමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට සිදු කළ උත්සාහය එම අධිකරණය මගින් නිශ්ප්‍රභා කිරීම නිසා එකී තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනුකිරීමට ලංකා දුම්කොල සමාගම මේ වන විට කටයුතු සිදු කර ඇත."

      Delete
  26. KIRI PANU GAYATA MAMA DANNA HONDAMA BEHETHA PUKA KASA GANEEMAYA. WASANA WAKATA MATA KAKATA MEN EMA GAYA NATHA. DUN DUN DUN

    ReplyDelete
  27. කකා.....ඔය පනු රෝගවලට එක හේතුවක්ය කියලා ඉස්සර ඔය අහලා තියෙනවා වැසිකිලි භාවිතාවේ තිබිච්ච අඩු පාඩුකම්.කොටින්ම කියනවානම් වැසිකිලි නොතිබීම.වැසිකිලි පාවිච්චියට මිනිසුන් පෙලඹවීමට සෞඛ්‍ය බලධාරීන් නොයෙකුත් චිත්‍රපටි ගෙනත් ප්‍රොජෙක්ටර් මගින් අඩුපාඩු තියෙන ප්‍රදේශවල පොලවල් වගේ තැන්වල පෙන්නුවා.මම මේ කියන කතාව හරිද?

    ReplyDelete
  28. කිරිපණු ගායකට බෙහෙත් බීපු එකත් පෝස්ට් එකක් කරන්න තරම් මාතෘකා අතින් දුප්පත් වෙලාද ?අපෝ මෙලෝ රහක් නෑ මේ පෝස්ට් එක.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
  29. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 78
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 3
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 19
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 25
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 31

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.