ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 28 August 2013
මෙදා සැරේ කලින්ම බඩු ඇවිල්ලා - September come early!
දවස ගානේ එන දේවල් තියෙනවා, ඒ කියන්නේ ඉර පායනවා, සඳ පායනවා වගේ කේස්.
සතිය ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ නිකං ඉරිදා පත්තර සැට් එක වගේ දේවල්.
මාසෙ ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙ පඩිය වගේ දේවල්.
නමුත් සමහර දේවල් එන්නේ අවුරුද්දකට එක පාරයි.
හොඳම උදාහරණය තමයි සාහිත්‍ය මාසය!
සාහිත්‍ය මාසය කියන්නේ මොකක්ද කියලා අපේ බ්ලොග් කියවන ඈයොන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනැ නෑ නේ?
මේ 2013 අවුරුද්දේ මා අටක්ම දැන් ගෙවිලා ඉවරවෙන්න ඔන්න, මෙන්න තියෙන්නේ. මේ ඉරිදා උදාවෙන්නේ සාහිත්‍ය මාසය වන සැප්තැම්බරයයි.
මට මේ සිද්ධිය මතක් කරලා දුන්නේ හිතවත් ඇනෝ නෝනා කෙනෙක්.
මං කතන්දර බ්ලොග් එක 2009 ජූලි මාසයේ ඇරඹුවා වුණාට මේ සාහිත්‍ය මාසය සමරන්න පටන් ගත්තේ 2011 වසරේ දී කයි-කතන්දර පලකරමිනුයි.
ඊළඟට ඒක පසුගිය 2012 අවුරුද්දේත් ඉදිරියට අරගෙන ගියා.
මේ පාර නම් පොඩි වෙනස් කමක් කරන්නයි ඉන්නේ.
ඒ ගැන විස්තර පසුවට.
ඒ කොයි හැටි වෙතත්, ඇනෝ නෝනා ගේ සිහි කැඳවීම සහ ඒකට උත්තර දාපු රාජ්, ඉන්දික උපශාන්ත ඇතුළු සියළු දෙනාගේ ඉල්ලීම් නිසා මට හිතුණා මෙදා පාර සාහිත්‍ය මාසය සැමරීම කලින්ම පටන් ගන්න.
මෙන්න අද කතන්දරයක්, ඉන්ට්‍රෝ එකක්, රනින් කමෙන්ට්‍රියක්, පසුවදනක් කිසිම දෙයක් නැතුව කවියක් විතරක්.
මේක ඇත්තටම සින්දුවක් විදියට කියන්නත් පුළුවන් එකක්. සංගීතඥයෙක් සහ ගායකයෙක් විතරයි අඩු!
සිසිර සිහිනය
ලොවට හොරෙන් මා එන්නම් දිනයක
ඔබේ යහන් ගැබ සුවඳ විඳින්නට
ලොවට හොරෙන් සිප ගන්නම් සඳවත
පෙර දින සිසිලස යලිත් ලබන්නට
අතැඟිලි තුඩඟින් මුදා දමන්නම්
ඔබ මුදු ගත වැසු දුහුලැල් සළු පට
නිමේෂයක් මා නෙත සනසන්නම්
පෙර නොම දුටු රුව අසිරිය අභියස
සීත සිසිරයේ සිසිල මකන්නම්
ඔබ මුදු පහසේ උණුසුම කැටි කොට
සිහින විජිතයේ මා සැනසෙන්නම්
ඔබ ගත මා ගත එක්වූ සැන සිට
-කතන්දරකාරයා
(image: http://www.redletterchristians.org/certainty-accuracy-and-seeking-to-follow-jesus/)
Subscribe to:
Post Comments (Atom)
හොදයි...හොදයි..
ReplyDeleteමගේ පිටත් කහලා දෙන්ඩ පුලුවන් ද
Deleteහොඳට සෙත් කවි
Deleteනරකට වස් කවි
අපරාදේ කට්ටිය කට වහගෙන හිටියේ නෑනේ...:D:D
ReplyDeleteකවිය කියෙව්වාද කුමාරි?
Deleteහෑ...........කතන්දර කලින් ඉඳන්ම කයි කතන්දර ලැහැස්ති කරගෙන ඉඳලා වාගේ සාහිත්‍ය මාසේට දාන්න....
ReplyDeleteකට්ටියම සාහිත්‍ය මාසේ තුළ එපා කියපු හින්දා මේ කලින්ම දාන්න ගත්තේ?
ප.ලි.
හැබැයි මමත් අර කෂ්ටියට සපොර්ට්.....කයි කතා එපා!!!
අන්න තේරුණා!
Deleteමේ සාහිත්‍ය මාසය නොවෙයි නේ!
ඒ කියන්නෙ ඇනෝල විසින් කකාට දමාපු සාහිත්‍ය වාරණය ගඩයකට පනං ගත්තෙ නෑ කියන එකද ?
ReplyDeleteඇනෝ නෝනා සහ ඇයට කතුවුණු අය කිව්වේ සාහිත්‍ය මාසයේ කයි-කතන්දර එපා කියලයි!
Deleteමේ සාහිත්‍ය මාසය නොවෙයි නේ?
කට්ටිය ඉල්ලගෙනම කාලා තියෙන්නේ..
ReplyDeleteඇනෝ නෝනා ගේ ඉල්ලීම දැකලා මට හිතුණා දෙන්නං ජම්බු කියලා!
Deleteකකා, දැන් කාලේ සිංදුවලට කියන්නේ රචකයා, සංගීතඥයා සහ ගායකයා විතරක් මදි, නළුවොත් ඉන්න ඕනේ, ඒ කියන්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක්. මෙකේ විෂුවල් වලට මම ගාස්තුවක් අය නොකරම ඉදිරිපත් වෙනවා... අර චිත්‍රපටියෙත් චරිතයක් ලැබුණේ නැහැනේ...
ReplyDeleteහෑ ...ඒ කියන්නේ සිංදුව ඉවරයි ...:D හැක් හැක්
Deleteමම හිතන්නේ මේ සින්දුවට හරියන ගායකයා "සමන් ජයනාත්" තමයි. එහෙම නැත්තං "හේමන්ත වික්රමසිංහ"
Deleteඔය දෑස දෙන්න ගම යනකොට සිංදුව කියන්නේ.
@ තිසර
Deleteඇයි එහෙම කියන්නේ "අනුලා බිසව ගේ සළුපට අහසට" චිත්‍රපටියේ වල්ලභ චරිත තිහෙන් එකක් දෙන්නං කෝ?
ගහලයා ගේ රෝල් එක නේද ඉල්ලුවේ?
http://kathandara.blogspot.com.au/2013/07/written-directed-and-produced-by.html
ආ, නෑ, මේක් අප් ආටිස්ට් වෙන්න නේද?
@ ඉවාන්
Deleteබස් අජිත් ට දෙන්නයි අදහස!
හපොයි
Deleteඅයියෝ අපේ වචන දෙයියනේ...........!
ReplyDeleteඒ ඉල්ලීම සැප්තැම්බර් ගැන නේ!
Deleteකකා විද්‍යාව දන්නවද? එහෙනම් කකා අන්දකයිප්පු කාලා කියලා නිගමනය කරමි. මොකද විද්‍යාව දන්නා සියල්ලන්ම අන්දකයිප්පු කාලාය. මම වගේ කලා උපාධියක් කරගෙන හිටියා නම් කිසිම ප්‍රශ්නයක් නැත. විකිපීඩියා එකේ අන්දකයිප්පු ගැන ලියලා තියෙන්නේ මොනවාද කියලා හොයලා බලලා පරිවර්තනය කරලා දෙමි, ඉක්මණටම. මොකද ඕවාත් මම ලියනවා කියලා හිතාගෙන ඉන්නා ගොන්නු සෙට් එකක් ඉන්නවාය. උන්ට දවස ගානේ පුන්නක්කු දෙමි.
ReplyDeleteකවිය කියවද්දී හිත නිකන් කිං...කිං... ගානව.මොකද මන්ද?
ReplyDeleteබ්ලඩ් ටෙස්ට් එහෙකටවත් යන්න වෙයිද දන්නෙ නැහැ.
හඳුන් පොත නේද ඔය කිං කිං ගාන්නේ?
Deleteජෙම්ස්ටෝන්වත් සිහි වුණාද?
මේකේ කතන්දර වර්ෂන් එකත් දැම්මොත් හොඳ නැත්ද ..
ReplyDeleteසෑම කවියක්ම පිටුපස කතන්දරයක් ඇත!
Deleteඩ්‍රැකියුලාවිය වාර්තාව දුන්නැයි ?????
ReplyDeleteතාම ගියේ නෑ ඒ ගැන බලන්න!
Deleteඉස්සෙල්ල පරන ටික කියෙවුවොත් හොදයි වගෙ
ReplyDeleteඔව් මේක අළුත් එකක්.
Deleteකලින් අවුරුදුවල දැම්මේ යුනිවසිටි කාලේ ඒවා!
මෙලෝකෙ රහක් නැති කවියක්....... ගූ පෝස්ට් එකක්..... අමු චා..... ලියන්න දෙයක් නැත්තන් විකි එකේ ලිපියක් පරිවර්ථනය කරලා දාපන්....... මොළේ නැති ගොන් හැත්ත ඇවිදින් අයියේ... අයියේ.... ගගා වටේ ඇවිදියි.....
ReplyDeleteසාහිත්‍යය කනවා..... ඔහොම සාහිත්‍යය විනාශ කරලා ලබන ආත්මෙ උපදින්නෙ සාහිත්‍යක් නැති ලෝකෙක...... කොහොමත් හරක් මස් කන කකා අපායෙ තමා යන්නෙ.....
ReplyDeleteඅපායේ සාහිත්‍යයත් කයිද දන්නේ නෑ මූ.
Deleteමං දිව්‍යලෝකේ නං ගියා!
Deleteමෙන්න විස්තරේ: http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html
මදැයි ඉල්ලගෙන කාලා තියෙන්නේ.
ReplyDeleteඉස්සර නම් Sunday Comes Early උනා දැන් සැප්තැම්බර් කලින් ඇවිල්ලා
මේ හොට කපපු පැස්බරා කියන දෙයක් නම් අහන්නේ නෑ. අං දිග ගෝණා වගේ ඔලුව උදුම්මවාගෙන ඉන්නේ. !!!
කකා බය වෙන්න එපා. ඇත්ත කියන්න.
ReplyDeleteඔයාට තියෙන්නේ නශ්ඨකාමය ද මදසරුභාවය ද ? බය වෙන්න එපා දෙකටම බේත් තියෙනවා.
සාහිත්‍ය මාසෙට දැම්මම කකා කවි ලියන්න ගත්තෙ කට්ටිය කලින්ම දක්වූ බලවත් විරෝධය නිසාද
ReplyDeleteකසායට සීනි මීපැණි දානවා වගේ බ්ලොග් එකක් වුනාම කවිත් ඕනෑ!
Deleteපොන්ත නෝනගෙ කොන්ඩෙ පොන්ත නෝනට ඕන විදියටනෙ. තමුන්ගෙ මැට්ටන් තම්මැට්ටන් කිව්වලු. එහෙනං ඔක්තෝබරේ හමුවෙමු. ජය වේවා!
ReplyDeleteඅභියාගෙ ණයත් අභියාට ඕනැ විදියට වගේ නේද? උඹට ඕනැ විදියට නම් මෙලහකට ගෙවල ඉවර වෙන්න එපායැ!
Deleteජයවේවා කියන්න බැරිවුණා. ජයවේවා! ණය ලැබේවා!
Delete@ ඉන්දික
Deleteඇයි "මයි කාර්, මයි පැට්‍රෝල්!" අමතක වුණාද?
වැඩක් වෙලාම නෑ වගේ තමා..
ReplyDeleteනෑ, නෑ, එක වැඩක් හරි වුණා!
Deleteමේ බලන්න.
http://deshakaya.blogspot.com/2013/08/blog-post_28.html
සාහිත්‍ය මාසයේ ත් වැඩි වැඩියෙන් ලියවේවා . . . !
ReplyDeleteකවුරු මොනා කිව්වත් මොකෝ බන් උඹ පාඩුවේ ලියහන් . .
කකාට අපි කොච්චරවත් කිව්වා පිට කහගන්න මිනිස්සු ගන්න එපා කියලා.
Deleteඒත් කොයි අහන එකක් යෑ.
තවලම පෙරට!
Deleteහපෝයි...... පටන් අරන් තියෙන්නෙ..... දැන් ඉතින් වලන් කඩේට පැන්න ගොනා වගේ ලියපන්......
ReplyDeleteසාහිත්‍ය මාසම්.... සාහිත්‍ය කාපන්.....
ReplyDeleteකොනක ඉදන් කාපන් සාහිත්‍ය කන්න පුළුවන් එහෙමයි. ....
ReplyDeleteඑක්සිබිශන් මාසම්... පොත් ලිස්ට් සාදම්
ReplyDeleteසාහිත්‍ය මාසම්.... සාහිත්‍ය කාපන් !!!
සහිත්‍ය මාසේ වෙනුවෙන් ඔන්න මගෙනුත් කවියක්.
ReplyDeleteකතන්දර ලියූ කකා
සාහිත මාසේ තකා
උඩුතොල වික විකා
කවි ලියයි කකා
අංදිග ගෝනා
කවි ටික ඕනා !
මේ වගේ හරාහන්ත පෝස්ට් එකකට මේ වගේම ජරාහන්ත කවි ටිකක්ම තමයි හරි යන්නේ. මේ පෝස්ට් එක ෆේල් !
ප්ලීස් ට්‍රයි අගේන් !
කවිය අබලං......
Deleteඅපිට අරහං....
කතා ලියපං....
කොමෙන්ට් ගිලපං......
කැපිටල් ඇනෝ කවියා :
Deleteඅපේ කකා හිතවතා
චූ කතා ජී කතා
පඩ කතා ජොකු කතා
ගෙන ඇතා රස නැතා
සංගණන ඇනෝ කවියා :
Deleteමම ලියූ කමෙන්ට් දහය
ඔහේ වේලෙයි...
කාකාගෙන්,
පිලිතුරක් ලැබෙන තෙක්.
ජපානයේ කෙන්ජි කවියා :
Deleteඅන්න අර අතන
පඳුර ලඟ
කොල්ලෙක් !
(මෙය ජපන් හයිකු කවියේ සිංහල අනුවාදනයයි.)
පඳුර ලඟ කොල්ලා:
Deleteතරුවක්....
මොකද?
මං පස්සෙන්....
වරුවක්!!!!!
පැරකුම් කවියා.....
Deleteසමරිසි....
අපට රිසි....
අන් දනට නොරිසි....
කවි රස විදිනෙම් රිසි......
අභීත කවියා.....
Deleteපොල්ලට... කලාවට...
දෙකට එකලෙස වෙලාවට...
සියලු දන මුලාවට....
පතමි විවරණ ඔබෙන් සැමවිට...
ඇමරිකන් කවියා.....
Deleteඅක්කට බොක්කෙන් සප් එක...
කකාට නෑ මගෙ බැකප් එක...
ශතේට බැස්සත් මගෙ පුක...
හෙට නැමෙන්නෙත් ඇමරිකාවට.....
ඇමරිකන් කිවිදිය.....
Deleteනංගි මල්ලී මෙහෙ එන්න....
මම පොර වැනුම නරඹන්න...
විකි එකෙන් ගෙන මෙන්න..
මගේ ගුලි ටික කන්න......
ඇනෝ කවි සිත
Deleteපිබිදිලා ඇත!
සත්ගුණවත් මෝඩයා කවියා :
Deleteසාහිත්‍ය මාසං
කතන්ද්‍රකාරම් කාව්‍ය රත්නං
අති බයංකරං
අහවල් එක වටේ යන කවියා :
Deleteඅපේ පක්ශ
රාජපක්ෂ !
අපිත් දුන්නා
අපේ පස්ස !
බුලාගේ බූල් කවියා :
Deleteමාගල් පෝස්ටුව...
නොකියවමි !
වලිගය පමණක්..
හලමි !
සිංහ වංශයේ සිංහ කවියා :
Deleteඅනේ අපොයි...
මං මහන්සියෙන් උපයපු
මගේ සල්ලි !
(සිංහල හයිකු හුරුවට ලියා ඇත.)
Kaka,
ReplyDeleteWhy do not you understand your skills ?
you are a good engineer, but you do not have skills to be good poet !
Please try to understand Don't let us to remember this several times
Australian Government
@ All
ReplyDeleteපෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ!
හරිම බිසී කාලයක්.
Deleteවැඩ ! වැඩ ! වැඩ !
එහෙනං හොඳට ගෙවනවා ඇති නේ ?
Deleteඇයි උබටත් ඕන ද ?
Deleteඅපිටනම් කකාගෙ කවි හොඳයි!
ReplyDeleteපෙදෙහි කවි රස විඳිනා
Deleteදෙනෙතා ඉතා දුලබෝ
පෙදෙහි රස කවි ලියනා
Deleteහස්තා ඉතා දුලබෝ
මේ වාක්‍යයේ චුට්ටන් මිස්ටේක් එකක් තියනවා ඈ . "මේ 2013 අවුරුද්දේ මා අටක්ම දැන් ගෙවිලා ඉවරවෙන්න ඔන්න, මෙන්න තියෙන්නේ"
ReplyDeleteස-යන්නක් අඩුයි. ස්තුතියි!
Delete"මේ 2013 අවුරුද්දේ මාස අටක්ම දැන් ගෙවිලා ඉවරවෙන්න ඔන්න, මෙන්න තියෙන්නේ"
ReplyDeleteලොවම සැඟවී යනෙන දිනයක...
යහන් ගැබ නුබ නැතුව සිහිනෙක...
රාග නුබ ඇස දකින බිය දැක...
සිසිල නැත උණුහුමයි ආ සැක....
අතැඟිලි තුඩකින් නුබ ගිය දුර බොහොමයි....
දුහුල් සළුව නුබ ළඟ අද අසංවරයි....
මොහොතක් ඔය දෑස අසල අසරණ වූ මැයි...
පෙර නොවිඳු අනුරාගය දෑස අද තෙමයි....
සීත ගතට නුබ ලං වී සිසිල මකන විට....
මුදු පහසේ නුබේ දෑසට ලං වී මා හට.....
සිහින දකින විජිතය රතු ලේ කැට යන විට....
නුබ ගත හා මගේ ගත එක්වී ගැලු එදා කඳුළු කැට...
ඔන්න මගෙන් reply.
Bora Diyaka Induwara
ලින්ක් එක වැරදියි!
Deleteමෙදා සැරේ කලින්ම බඩු ඇවිල්ලා - September come ඒර්ල්ය්!
ReplyDeleteමාතෘකාවේ පොඩි වැරැද්දක් තියෙනවා.
නිවැරදි මාතෘකාව විය යුත්තේ,
මෙදා සැරේ කලින්ම බඩු ගිහිල්ලා - September come early!
ඒ මාතෘකාව ඔහේ ගේ කතාවට මිස මගේ එකට ගැලපෙන්නේ නෑ!
Deleteඅද පෝස්ට් එකට කමෙන්ට් ගණන 55
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 8
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 10
කකා විසින් දමපු කමෙන්ට් ගණන 18
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 19
මේ කවිය (හෝ සිංදුව)මොකෙක් හරි එකෙක් හොරකං කරල (චුට්ටක් විතර වෙනස් කරල)ජනප්‍රිය සින්දුවක් හදන්න පුළුවන්.....
ReplyDeleteකවියෙ ගණ පිහිටීම හොදද?
Deleteඒක එතකොට Ex-Alien වගේ තියෙයි !
Delete@ jhothisha
Deleteහොරකං කරනවනං කොච්චර හොඳද?
විහිලු නෙමේ කකා..මේක නම් ගීතයකට මරු.ඉවාන් කිව්වේ සමන් ජයනාත්.ඒ ආර කකාට හොඳ මදිනම් මම යෝජනා කරන්නේ ශාලිත අබේවික්‍රම.
ReplyDeleteසමන් ජයනාත් හොඳයි නේන්නම්!
Deleteමෙන්න මං සමන් ජයනාත් (ජිනදාස) ගැන ලියපු කතන්දර
1. පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ආ ගායකයෙක් - A singer from Peradeniya Engineering Faculty
http://kathandara.blogspot.com/2012/12/singer-from-peradeniya-engineering.html
2. ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?
http://kathandara.blogspot.com/2012/12/what-colour-is-love-juice.html
3. සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song
http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html
KAKA MAGE COMMENTS PALA KARANNE NEHE. MATA EVVA PALA KARA GANNA VIDIYAK NETHIWA HARI DUKEN INNE, WENATH BLOG KARU MAHATHEK/MAHATHMIYAK MATA UDAW WENAWADA, ********
ReplyDeleteඅනේ මනුස්සයෝ, ගෙට් එ ලයිෆ්!
Deleteමිනිස් ජීවිතයක් නේද නිකං කාලකණ්ණි කරගන්නේ?
කකාගේ කවිපද
ReplyDeleteරේටඩ් ආර් විය
ඇනොගේ කවිපද
රේටඩ් පී ජී ය.
දැන් ඉතින් මාසයක් විඳවපල්ලකො
ReplyDelete