Monday 28 November 2011

රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake


මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.

මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.

එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.

ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.

අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.

ඉතිං බලෙන් ම වගේ අපි දෙන්නා එහෙට කඩාගෙන වැදුණා හිස් අතින් ම. අපි යනකොට රමණී සහ රත්නායක ජෝඩුව කඩි-බිඩියේ, දඩි-මුඩියේ උයනවා.

මොකද මේ කියලා අහලා බැලින්නම්, ඒ ලඟ ගෙදරක ඉන්න වයසක ජෝඩුවක් අසනීප වෙලා. මාත් හොඳට දන්නවා ඒ ඇන්ටියි, අංකල්වයි දෙන්නාවම. ඉතිං ඒ කෂ්ටියට දෙන්නයි මේ උයන්නේ.

ඔය අතරේ මගේ කටෙන් නිකමට වගේ පිටවුණා, "අනේ හාමිනේත් දුරු රට වැඩියා නේ!" කියලා. ඒක අහපු රමණී නෝනා මහත්තයාගේ හිත නිකං වෙඬරු පිඩක් වගේ උණු වෙලා ගියා.

සාධු කියන්න පින්වතුණි!

දන්නවනේ සර්වලෝක නියාමයක් තියෙනවා හිස් අතින් ගියොත් අත් දෙකම පුරවන් එන්න ලැබෙනවා කියලා? ඉතිං පුතු පැටියයි මායි එහෙන් පිටවුනේ බරටම කෑම මල්ලක් ම අරගෙනයි.

ඒ ආනුභාවයෙන් ඉරිදා දවල් අපි නිකං රජ ගෙදර වගේ තමයි කෑවේ.

කාලා බීලා රාමතෙල් ඇර ඇර මාතරේ ගෙයි, මල්යා කෲස් ගේයි හරඹය කියවමින් ඉන්න අතරේ තමයි මට හිතුනේ මේ රසවත් ආහාර වේල ගැන ලියලා දාන්න.

මෙන්න තියෙනවා බඩු!


බණ්ඩක්කා
ලූණූ, කරපිංච තෙම්පරාදු කර, උම්බලකඩ, කුරුඳුපොතු කැලි මිරිස්, කහ මිශ්‍ර කර කපාගත් බණ්ඩක්කා දමා උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


මාළු
මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, බැඳපු තුනපහ, කහ, උළුහාල්, කරදමුංගු, එනසාල්, කුරුඳු, සුදු ලූණු, ලූණූ, ඉඟුරු, ඇඹරූ ගොරක, කරපිංච, රම්පේ, අමුමිරිස් දමා හොඳින් අතගා යාන්තං වතුර දමා ඉදෙන්නට අරින්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කුකුළු මස්
ලූණූ, මිරිස්, බැඳපු තුනපහ, සුදු ලූණූ, කරපිංච, කරදමුංගු, කරාබුනැටි, උළුහාල් තෙම්පරාදු කර, මිරිස්, ගම්බිරිස්, තක්කාලි සහ විකන් කෑලි එකතු කර වතුර දමා උයා ගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කජු
පැය දෙකතුනක් පමණ පොඟවන්න. ලූණූ, කරපිංච තෙම්පරාදුකර, මිරිස්, තුනපහ සහ පොල්කිරි දමා ප්‍රෙෂර් කුකරයේ උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


බෝංචි
කපාගත් ලූණූ, කරපිංච, සුදු ලූණූ, අමු තුනපහ, සූදුරු කුඩු, උළුහාල් දමා තෙම්පරාදු කර පොල්කිරි ස්වල්පයක් එකතු කර උයන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.

සබ්බේ සත්ථා ආහාරට්ඨිකා

-කතන්දරකාරයා

ප/ලි
රමණී නෝනා මහත්තයා ආගන්තුක සත්කාරයට බර කෙනෙක් බව දැන් තේරෙනවානේ?

අපරාදේ කියන්න බෑ රත්නායක මහත්තයාත් ඒ වගේම තමයි. මං ගිය ගමන් ෆ්‍රිජ් එකෙන් කාල්ස්බර්ග් ම තමයි එලියට ගන්නේ.

අර යාළුවෙක් ජපානේ ඉඳන් ගෙනත් දුන්නු "සාකේ" බෝතලේයි, තව කෙනෙක් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනත් දුන්නු "ෂිවාස් රීගල්" එකයි ඉතිං කබඩ් එකේ දාගෙන හිර කරං ඉන්නේ.

අපිට කොයින්ද ඉතිං ඒ හයි ෆයි? අපි ගෙනිච්චොත් ඉතිං ඔය "සිංහ වංසේ" දෙකක් තුනක් තමයි!

(image: http://massagetherapyworks.businesscatalyst.com/_blog/Boston_Healing_Blog/page/3/)

76 comments:

  1. අද නම් කතන්දර එක්ක තරහම, තරහයි...:D

    උදේ ඉඳන්ම බඩ දනවා ඔය පින්තූරුවල තියන කෑම කන්ට නැතුව. හැබෑට රමනී නෝනා මාර හපනියක්නේ. අර මාලු දීසිය තමයි ලස්සන.
    අනේ මගේ දුප්පත් පපුවත් රිදෙනවා ආසාව වැඩිකමට...:)

    ReplyDelete
  2. මොනවද ඔය අපහාස ෆෝන් කියන්නෙ?

    ReplyDelete
  3. ඉඳා කාල වරෙන් කියලම දීල තියෙන්නේ අපිට කන්ඩ......

    ReplyDelete
  4. සිංහල මිනිස්සු කොහොමත් ඉතින් ආගන්තුක සත්කාරයට බරයිනේ.
    කෑම ටික දැක්ක ගමන් මටත් කන්න හිතෙනවා

    ඇත්තට මොනාද ඔය අපහාස ෆෝන් කියන්නෙ...........

    ReplyDelete
  5. හිකිස්....'උපහාර' ෆෝන් කිව්වාම මට මතක උනේ අපේ අම්මගෙ උපහාර ෆෝන් එක....
    අත් දෙක වන වනා ගිහින් අනුන්ගෙන් කෑම අරන් ආව මදිවට තව චණ්ඩිය වගේ පින්තූරත් එක්ක හදන හැටිත් දාල..... ඔච්චර දන්නව නං ඉතින් හදාගන්න තිබුණනෙ... හුහ්...

    ReplyDelete
  6. මේ දුරු රටේ තම්බලු එළවලුයි බාගෙට උයපු මසුයි කකා ඉන්න කොට මේ වගේ එකක් දැක්කම දාපු එකාගේ පරම්පරාවටම පින් දිදී කෙල ගිලිනවා ඇර වෙන මොනව කරන්නද....

    ReplyDelete
  7. අනේ හැබෑට අත්දෙක වන වනා ගෙදරකට යන සිරිතක් තියනවද?බිස්කට් පැකට් එකක් වත් අරන් යන්ඩ තිබ්බනේ.:)

    ReplyDelete
  8. අර වැංජන ටිකනම් පංකාදුයි..කකා..

    ReplyDelete
  9. යකඩෝ රමණි නෝනා බොහොම අබ්බිත්තය් නේ මේ වසවර්තියෝ දෙන්නාට දීලා තියෙන්නේ

    ReplyDelete
  10. හාමිනේ නැති හින්දා අයිස් තේ වැඩියෙන් ගන්නවද මන්ද, කුකුල් මසුයි, මාලුයි මාරු කරල දාල තියෙන්නෙ?

    ReplyDelete
  11. හාමිනේ තවකල්, ගිය දිහාම හිටපුවාවෙ කියලා හිතුනා නේද? :D

    ReplyDelete
  12. දොළදුකත් හැදුණද මන්ද මේවා දැකලා..කටට කෙළ උනනවා උදේ ම

    ReplyDelete
  13. අයියෝ අපේ කථන්දරට වෙච්ච දෙයක්. හාමිනේ එනකන් කාට කාට හරි පිනක් දහමක් කර ගන්න ලැබේවි.

    ReplyDelete
  14. කජු ටික දැක්කම නම් පෙරේතකමේ බෑ..

    ReplyDelete
  15. හැබෑටම මුකුත් ගෙනිච්චෙ නැද්ද??
    රමණි නෝනා හොද නිසාම හොදයි.

    ReplyDelete
  16. දැන් ඔය අසනීපෙන් ඉන්න ජෝඩුවටද ඔය හොදට තෙල් මිරිස් දාල උයාපු කෑම ටික?නැත්තන් කකාලට වෙනම උයල දුන්නද?

    ReplyDelete
  17. සාධු..! සාධු...!! සා.....ධු...!!!

    ReplyDelete
  18. කජූඌඌඌඌඌඌඌඌඌ!ස්ර්‍ර්ර්‍ර්ප්!!!

    ReplyDelete
  19. හ්ම්ම් පේනව නේද හාමිනේල නෑති උනාම තියන රඟේ ..
    …මමනම් මස් මාළුවලට මීට වඩා මිරිස් දානවා . රතු හෝ කළු පෑහෑය හිටින්ට ..

    ReplyDelete
  20. @ සුජානි,

    ලස්සන පුංචි පැටියෙක් සිවිඩ්ඩෙන් කොස්සැටේ එන්නැහේ සැහැල්ලුවෙන් ලැබේවා...කියල පතනව!

    ReplyDelete
  21. අනේ බොල කතන්දර කාරයො, කෑම ටිකට විද්දා මදිවට කරල තියන අපහාසෙ, වයසක ජෝඩුවක්!!! හාමිනේ නැතුව නුහුගුනේ ද??

    ReplyDelete
  22. @ Podi Kimarihami
    ඔයා කෙල ගිලලා මට බඩේ අමාරුව හැදෙයිද මන්දා?

    දන්නවද ඒ මාළු ජාතිය? අත්ලාන්තික සැමන්!

    ReplyDelete
  23. @ 108543860788859599679 (ඊ-මේල් කවිකාරී)

    අපහාස ෆොන් කියන්නේ ඇදුරුතුමාගේ ජාතිය නෙමේ, අනිත් ඒවා!
    මේ ඔයා ඩිජිටල් නෙමේ නේද?

    ReplyDelete
  24. @ Observer
    ඔබාට නම් ඉතින් බිත්තර නැතුව පුඩින් කාලා පුරුදුයි නේ!

    ReplyDelete
  25. @ Suri
    උපහාර නොවන අන් සියළු ෆෝන් අපහාස ෆෝන් වේ!

    ReplyDelete
  26. @ Miyuru
    මේ හදන විදිය මං ඉරිදා දවල් ෆොන් එකෙන් අහගත්තේ රමණී මෑඩම්ගෙන්මයි.

    ReplyDelete
  27. @ ඔබ නුදුටු ලොවක්
    ඇයි බං උයන්න ඉගෙන ගන්නකෝ.

    මේ තියෙන්නේ රෙසිපී!

    ReplyDelete
  28. @ නදී
    මගේ ප/ලිය දැක්කේ නැද්ද?
    මං කලින් සතියේ ගියේ සිංහ වංශෙන්.
    මෙදා පාර අතර මගනේ හිටියේ, ඉතිං හිස් අතින්ම තමයි ගියේ!

    ReplyDelete
  29. මිට පස්සේ කෑම ෆොටෝ නොදැ ඉන්න පුලුවන්නම් හොදයි. මේක කියවන ගොඩක් අය ඉන්නේ ලංකාවෙන් පිට. ඔයවගේ එව්වා දැක්කම ඉන්න අමාරුයි. (විශේෂයෙන්ම කලේ පැන් ලංකාවෙනම්)

    ReplyDelete
  30. @ Raj
    කියල වැඩක් නෑ රහ!

    ReplyDelete
  31. @ Ano 28 No 8:41 AM

    පොඩ්ඩ කෙසේ වෙතත් දෙවේලක්ම කෑවා!

    ReplyDelete
  32. @ dawingsdodo

    මාරුවෙලා නෑ, හරි!
    ඒ මාළු ඇට්ලන්ටික් සැමන්.
    චිකන් උයලා තියෙන්නේ රමණී ක්‍රමයට නේ.

    ReplyDelete
  33. @ හරි-පිණිපලස
    අපෝ නෑ!
    එනකං මග බලං ඉන්නේ. අඟහරුවාදා ගොඩ බහිනවා!

    ReplyDelete
  34. @ සුජානි
    අන්න ඉන්දික උපශාන්ත උත්තර දීලා තියෙනවා!

    ReplyDelete
  35. @ මහ වෙදනා
    අපොයි නෑ, අද ඉව්වා!
    හැබැයි ෆොටෝ ගන්න බැරිවුණ නිසා පෝස්ට් දාන්නේ නෑ!

    ReplyDelete
  36. @ පිනිබිඳු
    කජු මාර ගණං නේද මේ දවස්වල? කිලෝ එකක් 2,000ක් ලු!

    ReplyDelete
  37. අනේ අර වයසක අසනීප වෙච්ච ජෝඩුව ට හුලං ද දන්නෙ නෑ එදා..:D

    ReplyDelete
  38. @ නිසූපා
    රමණී නෝනා කෑම දිලා, තේ දීලා, කොල්ලට චොකලට් දීලා කරගත්තු පින නං මහාමේරුව වගේ!

    ReplyDelete
  39. @ mier
    නිකං හම්බවෙන අස්සයගේ ඇයි දත් බලන්නේ?

    ReplyDelete
  40. @ Mahesh Wickramasinghe

    තෑන්ක් යු වේවා පින්වත!

    ReplyDelete
  41. @ kandyan

    කජු කන්න නම් ලේසියි.
    හැබැයි පින් කරලා තියෙන්නත් ඕනෑ!

    ReplyDelete
  42. @ Gimhani
    ඒකනේ විවිධත්වය!

    එක එක නෝනගේ එක එක රෙසිපී!

    ReplyDelete
  43. @ ඉන්දික
    වැල මදුලෙන් කොස් ඇටේ නොවේද?

    ReplyDelete
  44. @ Rupika
    පුහුල් හොරා කරෙන් දැනේ?

    ReplyDelete
  45. @ amilaabeynayake
    කතන්දර බ්ලොගය කියවන්නන්ගෙන් 75%ක් ලංකාවේ ඉන්නේ.

    අද දවසේ පාඨකයින්ගෙන් 67% ක්ම ලංකාවේ.

    ReplyDelete
  46. වැඩ ඇරිල ආව විතරයි.මේ ටික දැක්කම උන්හිටිතැන් අමතක වුනා.

    ReplyDelete
  47. @ සපතේරු උන්නැහේ

    එහෙම කරයිද රමණී මැඩම්?
    රත්නායක මහත්තයා නං බඩගින්නේ ඉන්න ඇති!

    ReplyDelete
  48. @ කස්ස
    ඇයි රූට කාලද ආවේ රෙස්ටෝරන්ට් එකෙන්ම?

    ReplyDelete
  49. @කතන්දර
    ඔවු අප්ප මේ ලෝකෙ රහක් නැති කුකුල් මස් කරියකුයි බතුයි කෑව.

    ReplyDelete
  50. @ කස්ස
    එහෙනං දත කට මැදගෙන නිදා ගන්න. දොලහටත් ලඟයිනේ?

    ReplyDelete
  51. මෙන්න කතන්දරත් පටන් අරගෙන... කෑම පෙන්නන්න.. මාරයෝ.. නැගිටපියෝ..
    යකෝ මේක හරි වැඩක්නේ.. රෑට කන්න තව කොච්චර වෙලා තියෙනවද.

    ReplyDelete
  52. ඔන්න ඔය වෙලාවට තමයි තදවෙන්නෙ ඈ...
    කෑම වල පොටෝ දානවා කියල ඔහොමත් දානවද

    ReplyDelete
  53. මෙච්චර උදව්කරන රත්නායක මහත්තයටනේ කකා.......

    ReplyDelete
  54. (ට්‍රැෆික්)
    ඔය රෙසිපීස් වල තියන වැදගත්ම කෑල්ල තමයි, "අවශ්‍ය පමණට ලුණු දමන්න" කියන්නෙ.

    ReplyDelete
  55. digatama liyanna k.k. mamath blog 1k patan ganna gdk asawen inne. :) man kathandara ge mulu blog 1ma kiyewwa! maxxa!! danata nam ano nangiyek widiyatai comment karanne. idiriyata magema blog 1kin munagehennamko. jaya!

    ReplyDelete
  56. ඔය අහා කෑම වලට මිරිස් දාන්නෙම නැතෙයි. මාළු ටික නිකම් තම්බල වගෙයි. කතන්දරට මිරිස් අගුණෙයි.

    ReplyDelete
  57. @ පැණි දොඩම්
    රෑට විතරද බත් මාලුපිණී කන්න පුළුවන්? අපි නං තුන් වේලටම බත්!

    ReplyDelete
  58. @ චමිල
    ඔය නිකං දවසක ෆොටෝ.
    පාටියක් දවසක එන්නකෝ ඇල්බම් එකක්ම පෙන්නන්නම්!

    ReplyDelete
  59. @ රාජ්
    පොඩ්ඩක් හෝව්!
    මේ සේරම දුන්නේ රමණී මැඩම්.

    ReplyDelete
  60. @ ට්‍රැෆික් ඇනෝ
    ලුනු දාන්නෙත් පස්සේ. ඔය වාක්‍යය එකතු කළෙත් පස්සේ!

    ReplyDelete
  61. @ Ano Nov 29, 3:31 PM
    ස්තුතියි.
    එහෙනං බ්ලොග් එකක් පටන් අරගෙන ඇවිත් අපිටත් කියන්න කෝ!

    ReplyDelete
  62. @ සොසී
    මාළු උයන එක විදියද තියෙන්නේ?
    මේකට මිරිස් දාලා. පාටෙන් කියන්න පුළුවනි යෑ ඒක.
    රෙසිපිය කියවලා බලන්න.

    ReplyDelete
  63. බහුතරයගේ යහපතට කියමින් සුළුතරය වන අප, එනම් ඔහේ අහුවෙන මොනවයින් හරි බඩ පුරවගන්න විදෙස් වාසීන්, හිතාමතාම අමාරුවේ දමන මෙවන් පොස්ට් වර්ජනය කලයුතුයි.
    ලංකාවේ තනියම බෝඩිම් වල කල් මරණ යහළුවන් ද එකතුකරගෙන මහා උද්ඝෝෂණයක් සංවිධානය කළයුතුව ඇත.
    මිට වඩා ලියුවොත් තියෙන මලට &%^$£^*&((&) ඔක්කොම ලියවීමට ඉඩ ඇති බැවින් නවතිමි.

    ReplyDelete
  64. මිරිස් දාලා. නමුත් ඉතාම ස්වල්ප වශයෙන් වගේ.

    ඇයි බැරි. මිරිස් සැර , පාට බැලුවම මට නම් දැනෙනවා. එන්න කෝ මාතර ඉහින් කනින් දුම් දාන විදිහට තමයි ඒ අහා ආවොත් කන්න වෙන්නෙ ඔයැයිට. හරිය.

    ReplyDelete
  65. @ මරුමුස්
    හිත ඇත්නම් පත කුඩාද?
    උයන්න ඉගෙන ගන්න එක මහ ලොකු දෙයක් නෙමේ.
    තනිවී සිටින කාලේ තමයි මාත් අල්ලා ගත්තේ!

    ReplyDelete
  66. @ සොසී
    අපොය් එන්නම් කෝ මාතර අහ ලඟදීම.
    ඔය කියන්නේ අර ආශ්චර්යේ කෙලවර ඉඳලා හැතැප්ම 28 ක් දුරින් තියෙන ගම නේද?

    ReplyDelete
  67. ඔවු !!! ඒ අහ තමයි.

    ReplyDelete
  68. @ සොසී
    මත්තල ඉඳන් අකුරැහැට දුර කොහොමෙයි?

    ReplyDelete
  69. කොහේ උයන්නද කාමරේ ෆයර් එලාම් එක වැදුනොත් ගෙදර තමා.....

    ReplyDelete
  70. කතන්දර . . .
    කජු බිසන්න ඕනෙයි කියනව නේද ෆ්ලේවර් එක වැටෙන්න????

    @නදී:
    AWW යනව කියන්නෙ එහෙම යනවට . . . ඒකත් හොඳ විදියක් ගෙදරකට ගොඩ වෙන්න.

    ReplyDelete
  71. අනේ මචෝ උදේම බලපු පෝස්ට් එක.. කෑම.. කෙල එකයි කටේ..

    ReplyDelete
  72. කියලා වෑඩක් නෑ කෑම ටික...පට්ට රස ඈති..

    ReplyDelete
  73. අයියෝ කතන්දර අයියා, "කලේ පැන් නැත" නෙමෙයි. "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"

    ReplyDelete
  74. This comment has been removed by the author.

    ReplyDelete
  75. This comment has been removed by the author.

    ReplyDelete
  76. අයියෝ කතන්දර අයියා "කලේ පැන් නැත" නෙමෙයි බන්, "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"

    මොකද මන්දා ලිඳට වූයේ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.