Monday 19 March 2012

පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ - Toilet papers and cleanliness


ගලක් උඩ කක්කි කරපු පූසෙක් ඒ ගූ ගොඩ වහගන්න විදියක් නැතුව චාටර් වෙන විදිය ගැන කියවෙන "ගල-උඩ පැහැරූ බළලා වගේ!" කියන ආත්තෝපදේශ වැකිය දන්නවා නේද?

ඉස්සර වගේ නෙමේ මේ අන්තර්ජාල ඩිජිටල් කැමරා යුගයේදී ඒ කළ වැරදි සඟවාලා, සාක්‍ෂි පුච්චලා දැම්මත් වැඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

ඔය විදියට පූසෙක් කක්කා දානවා දැකපු හිම වලහෙක් ඒකට වලියක් ඇදලා.

ඔන්න එතකොට පූසාට සංකේතාත්මකව මල පැනලා මෙන්න මෙහෙම කීවලු.

"අනේ බොල හිම වලහෝ! කක්කා දාලා හෝදන්නේ නැතුව පස්ස පැත්ත කොලවලින් පිහදාන උඹද එන්නේ මේ මට උපදෙස් දෙන්න?"

ඔය කක්කි කළාට පස්සේ පස්ස පැත්ත පිහදාන කොල වර්ගයට කියන්නේ ටොයිලට් පේපර් කියලයි. සිංහලෙන් කියන්න පුළුවනි එක්කෝ "පුක්-කොල" නැත්තම් "කක්කි කොල" කියලා.

බැංකුවක වැඩකරන මගේ ඇන්ටි කෙනෙක් ඔෆීසියේ තියෙන ඇඩින් මැසිමකට දාන කොල රෝලක අන්තිමට ඉතුරුවෙන කොට කීපයක් මං පොඩි කාලේ මට ගෙනත් දුන්නා කටුවැඩ කරන්න. මං පස්සේ දැනගත්තු විදියට මේවා නිව්ස් ප්‍රින්ට් කොල. හරිම අඳුරු පාටයි.

සුදුපාට හාෆ්ෂීට් දැකලා තිබුණු මං මේ කොල රෝල දැක්ක ගමන් කීවේ "මේවා නිකං පුක පිහදාන කොල වගේ නේ!" කියලායි. එහෙම කිව්වට මං ඒ වෙන කොට කක්කි කොල ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා තිබුණේ නෑ.

ඒ වාසනාව මට උදාවුනේ පේරාදෙනියෙන් අවුට්වෙලා මැවිසුරු සේවය කරන අතරතුර තායිලන්තයේ පස්තාච්චි වැඩේට සෙට් වුණාට පස්සේයි.

තායිලන්තේ බෙහොමයක් වැසිකිලිවල කක්ක දාලා පස්ස පැත්ත හෝදන්න අර බිඩේ ෂවර් කියන වතුර ජෙට් හයි කරල තිබුණට මං හිටපු ශිෂ්‍ය නේවාසිකාරවල නං ඒ උපකරණය තිබුණේ නෑ.

ඒ වෙනුවට අපේ පිහිටට තිබුණේ කක්කි කොල තමයි.

කක්ක කරලා පස්ස පැත්ත කක්කි කොලවලින් පිහදානවාය කියලා හිම වලසුන්ට හිනාවෙන පූසෝ අමතක කරන දෙයක් තමයි ටොයිලට් ලඟම බාත්රූම් තියෙන බව.

හිම වලසුන් ඉන්න උත්තරධ්‍රැවය ගැන නං මං දන්නේ නෑ. තායිලන්තයේ දී මං නං කෙරුවේ කක්ක දාලා පස්ස පැත්ත කක්කි කොල වලින් පිහදාලා අත ලඟම තියෙන ෂවර් එකට යන එකයි.

එක්කෝ නාලා නැත්තං ඇඟපත හෝදාගෙන ෂවර් එකෙන් එලියට එනකොට කොයි පූසත් අපිට පරාදයි!

-කතන්දරකාරයා

ප/ලි
අනුන් ගේ පස්ස හෝදන විදිය ගැන කතා කරන වෙලේ අර ගල උඩ පැහැරූ එකෙන් ඉගෙන ගත්ත පාඩම් ගැන යමක් කළොත් නරකද කියලයි මට හිතෙන්නේ.

(image: http://www.coolchaser.com/graphics/568604)

44 comments:

  1. මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය කඩදාසි වැඩේ... මං නම් කොහොම හරි හෝද ගන්න තමයි ට්‍රයි එක...
    ඉස්සර කරපු රස්සා වල පිහිටෙන් එක පාරක් සීත රටකට යන්න හම්බ වෙලා, එහෙදි මට තිබුනු බාත් රූම් එකේදි ඔය වැඩේ කරල, ලඟම තිබුනු ටෙලිෆෝන් ෂවර් එක ඇදල අරන් හෝදගත්ත... මට පොඩ්ඩක් වැරදුනේ වතුර කොච්චර සීතලද කියල හිතල තිබුනෙ නැති කමට... වතුර ටික පස්ස පැත්තෙ වැදුනු පාර සීතල දැනුන ඔලුවටම...
    ඊට පස්සෙ වතාවක, ඔය වැඩේම ඩුබායි වලදි කරන්න ගිහින් (සමර් එකේදි ), පුච්ච ගත්ත හොදට... ටැප් වතුරත් හොඳටම රස්නෙයි එහෙ සමර් එකට... :D

    ReplyDelete
  2. පංචායුධ මාමත් වැඩිපුරම ඇමරිකන් විරෝධි උන් පුක හෝදන්නෙ නැති හින්දලු.

    ReplyDelete
  3. මටත් දුක පචායුධ උන්නැහේ මේක කියවන්නේ නැති එකයි. කියෙව්වත් තේරුම තේරුම් ගනීද මන්දා.

    ReplyDelete
    Replies
    1. ෂුවර්පිට එහෙමම කියන්න පුළුවන්ද? මං කියන්නෙ මේක කියවන්නෙ නෑ කියල. කතන්දර සූරින්ගෙ බ්ලොග්එක ලොකු පුටුවල උදවිය බලනව.

      Delete
    2. ඒත් දැන් එතුමා ගූගල් භාවිතය අතෑරල නොවැ.. දකින එකක් නැහැ..

      මව්බිමට ආදරේ නැති එකෙක් බ්ලොග්ස්පොට් යූස් කලොත් එතුමට කියයි. අන්න එහෙව් එකක් දාල කියලා.. :))

      Delete
  4. උන් රීලා පිහ දාගෙන යනවා. අපේ උන් නානවා.. මෙච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන්නම් මක් කොරන්න බැරිය.

    ReplyDelete
  5. Saralawa ketiyen pahadiliwa kiyala thiyanwa.
    eth Kaka wade kiyanne meka adhala unta, meka kiyawala therun gand molayak nathi eka.
    unta thiyenneth katakui pukakui witharai!
    un karanneth kala rena ekai , rila oka hoda hoda inna eka witharai!

    ReplyDelete
  6. කිරිපුතත් දන්න දේවල්. මුගෙ වයසටද ඔය?

    ReplyDelete
  7. නියම වචන ටිකක් මේ පෝස්ටුවේ තියනව. "පුක් කොල", "සංකේතාත්මකව මල පැනලා".

    ReplyDelete
  8. කතන්දරේ කියවද්දි මීටර් වුනේ නැහැ ගල උඩ පහරපු එකා මොකාද කියල. කමෙන්ට් කියවද්දි තමයි පංචායුධ කතාව දැක්කෙ.
    දැන් මාතෘකාවට බහිමු. මටත් ඉස්සර පුක හෝදන්නැතිව ඉන්නව කිව්වහම හෙන අප්සැට්. ඒ වුනාට සීතල වැඩි ර‍ටවල මොන හිතකින් වතුර ටිකක් ඇ‍ඟට ගාවගන්නද? පස්සෙ කාලෙදි මං දැනගත්තෙ සුද්දෝ සහ “බටහිර” කියන රටවල්වල විතරක් නෙවෙයි පොදුවේ සෑම සීතල රටකම වගේ මිනිස්සු පාවිච්චි කරන්නෙ වතුර නෙවෙයි පුක් කොල කියල.
    ඒ අතරෙම මං ළඟදි පත්තරේක දැක්ක ලන්ඩන් වල ඉන්න අය පාවිච්චි කරන මොබයිල් ෆෝන් වලින් සීයට අනූ ගණනකද කොහෙද “ඊ කෝලයි” බැක්ටීරියාව තියනවය කියල. මං හිතන්නෙ කඩදාසියෙන් පිහදැම්මට පස්සෙ ඒ කඩදාසිය අතේ ගෑවෙන නිසා වෙන්න ඇති. කොහොමත් වතුරෙන් හෝදන එක තරම් පුක් කොලේ සාර්ථක නැහැ.
    අනිත් එක, වතුරෙන් හෝදන එක මාර සනීපයිනෙ. විශේෂයෙන්ම, මිරිස් එහෙම වැඩිපුර කාපු දවසට හැදෙන පුක දැවිල්ල නැති කරන්න වතුර ගැලුම් දෙක තුනක් දාල හෝදන්නම වෙනව. සුද්දො මිරිස් නොකන නිසා ගාණක් නැතුව ඇති.

    ReplyDelete
  9. එකේ ඉන්ටර්න් ඉන්න කොට මට ඔය කේස් එක ආවා... බෝඩිමේ ටොයිලට් පොලිමේ ඉන්නවට වඩා කාර්යක්ෂමයි.. යනතැනකින් වැඩේ කරගන්න එක... කැම්පස් යන කාලෙනම් ඒකට ගියා.. වැඩට යන්න ගත්තාම කෙලඋණා... බාත්රූම් තියා බිඩ ශවර් එකත් නෑ... සොරිම තමා... පස්සෙ ඒකට හුරුඋණා.. පුක පිහදාලා අත හොද ගන්නවා...

    ReplyDelete
    Replies
    1. *WTC එකේ ඉන්ටර්න් ඉන්න කොට :P

      Delete
  10. WTC ගැන නම් කතාකරන්න එපා රීලා පුක හොදන්න නැත්නම් මොකටද කොච්චර පොෂ් තැනක් උනත්

    ReplyDelete
  11. හික්ස්...........:)))

    ReplyDelete
  12. එච්චර නම් බැරුවය . ඊට පස්සේ පුල් එකට බැහැල පිනනවත් එක්ක

    ReplyDelete
  13. හිම වලහත් දැනගන්න ඕනි පූසෝ ගලේ පහරපුව ගැන හොයන්ට කලින් තමන් තැන තැන පහරපුව ගැන හොයන්ට.

    ReplyDelete
    Replies
    1. මොනව උනත් ඉතිං අන්තිමට බලනකොට දෙතැනම ගඳ ගහනවනේ... හිම වලහත් ගඳ ගස්සලා තියෙන නිසා පූසත් ගඳ ගැස්සුවට කමක් නෑ කිව්වම ගඳ නැතිවෙනවද? ලොල්

      Delete
    2. හැමතැනම වලස් බෙට් රාත්තල් ගාණට දාල පූසා අවුන්ස ගාණෙන් දාන් එක ගැන නඩු අහන්න එන එක එහෙම ලොල් නැත්ද?

      Delete
  14. "ගල-උඩ පැහැරූ බළලා වගේ!"
    එකෙන් අමාරුවේ වැටුනේ පූසනේ.
    අපිට වෙලා තියෙන්නේ
    "බල්ලා පොල් අත්තේ පැහැරුව වගේ"
    නෙවේද?
    අමාරුවේ වැටෙන්නේ අපිනේ.

    Dick-son

    ReplyDelete
  15. තාම අපේ බළල්ලු, වලස්සු අනුන්ට ඇගිලි දික්කරට, තමන්ගේ ක්‍රමේ වැරැද්ද හොයල එක දියුණු කරන ක්‍රමේ හිතුවේ නැහැනේ. බලන්නකෝ ජපන්නු, ඔක්කොම ක්‍රම එකතුකරලා උන්ගේ එව්වත් දල හදන එව්වා. හොදනවානම් හෝදන්න, කොලෙන් පිහිදල හෝදන්න ඔනිඅනම් එකත් කරන්න. ඔනිමනම් ඇත හෝදන්නත් (ෆ්ලෂ් කරන ටැංකියේ පිරෙන වත්රෙන් අත හොදගන්නත් පුළුවන් spigot on top of the tank).


    http://en.wikipedia.org/wiki/Toilets_in_Japan

    මොකද කියන්නේ, අනුන්ගේ පු- වල්වලට ඇගිලි දික්කර කර ඉන්නවද? අනුන් අපේ පු-ට ඇගිලි දික්කරනකම් ඉන්නවද? නැත්නම් අපිම අපේ ක්‍රමේ වැරැද්ද හදාගන්නවද?

    ReplyDelete
  16. අත්දැකීම නැත.. එමනිසා කටපියන් සිටිමි..

    නමුත් කමෙන්ට් අනුව පේන්නේ මට නොපෙනුන මොනා හෝ ඇති බවයි ..


    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  17. නියම කතාව...

    ReplyDelete
  18. අනිවා,ඊමේල්කවිකාරි...එහෙමඑකක් තියේ...
    ඒ නීතියනම් මෙහෙත් වැඩ,ටිෂූ පාවිච්චිකලත්.......

    ReplyDelete
  19. මටත් පෙන්නේ යටින් කුමක් හෝ ඇති කියලා :)

    ReplyDelete
  20. මටත් ඔය කඩදාසි සංගෙදිය වෙලා තියෙනවා... කකා කිව්වා වගේ බාත් රූම් එකේ පිහිට තමා ඉතිං ඒ වෙලාවට! හැබැයි ඔපීසියක නම් වැඩේ අවුල්, බාත් රූම් නැති නිසා :) ඒ වෙලාවට ඉතිං කඩදාසියෙන් සැනසෙන්න තමා වෙන්නේ...

    ReplyDelete
  21. වළහා කවදාවත් පහරපු තැන වහල දාන්නෙ නෑ. ඒ වුනාට එකම එක දවසක් ගල උඩ පහරපු එක ගැන පූසට වලි අදින්න වළස් නාම්බාමලාට සදාචාරාත්මක අයිතියක් නෑ.

    ReplyDelete
  22. මමත් ඔය බාත් රූම් වැඩේට නම් පක්ශපාතී. සීතල කාලෙට උනුවතුර ශවර් එකකින් පන්චාත් බාගය හෝදනකොට කොමද ඉතින්.

    ReplyDelete
  23. පංචායුද අයියා පංචායුද සෙට් එක සුද්දගෙ රටේ නිවාඩුවට ගියාම හීතල තියාගෙනම වතුරෙන් හෝදනවද දන්නෙ නෑ...

    ReplyDelete
  24. කොහොම උනත් අපේ පුසෝ කරන්නේ හිම වලස්සුන්ගේ පුක ගැන ගිරිය පුප්පන එක, තමා ගල උඩ පහරල ඉන්නේ කියන එක අමතක කරලා

    කැමතිනම් ගොඩ වෙලා යන්න : www.thunsitha.tk (තුන් සිත )

    ReplyDelete
  25. ගලේ පැහැරූ එකෙන් පාඩම් ඉගෙන ගන්න පත්කරපු කට්ටිය මේන්න පාඩම් කියපුහාම ඒක පැත්තක තියෙද්දි කවුරුවත් පුක හෝදන්නෙ නැති එක ගැන කතාකරල වැඩක් ඇත..

    ReplyDelete
  26. මුලින්ම පෝස්ට් එක කියෙව්වම, යටින් කථාවක් තියෙන බව යාන්තමට මගෙ නැණ පමණට තේරුනාට, හරි හැටි නොතේරුන නිසා කොමෙන්ට් ටිකක් වැටෙනකම් බලාහිටියෙ...හෙහ්...හෙහ්..

    දැනුයි තේරෙන්න පටන් ගත්තෙ, මොකක් ගැනද මේ කියන්නෙ කියල [කොමෙන්ට් වලට පින් සිද්ධ වෙන්න]

    ReplyDelete
  27. කොච්චර බලා හිටියත් මට නම් තාම තේරෙන පාටක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේකයි ප්‍රවීනා, පූසා පුරුද්දක් වශයෙන් කැත කරපු තැන වහලයි යන්නේ.නමුත් එක් දවසක් මොකක්දෝ අවාසනාවකට පූසා ගල උඩ ඒ වැඩේ කළා.එතකොට ඌට ඒක වහන්න බෑනේ.මේක දැකපු හැමදාම එලියේ කැත කරල වහන්නේම නැතිව යන හිම වලහා පූසාට එරෙහි යෝජනාවක් ගෙනාව පූසා කළ වැඩේට එරෙහිව.(ඇත්තම කියනව නම් මේ යෝජනාව හිම වලහා කනු කුනු ගානව දැකල පූසාගේ පැත්තෙන්ම හදපු එකක්-හිම වලහ කියන්නේ ඒ යොජනා ක්‍රියාත්මක කරන්න කියලයි).ඉතිං අර මොබයිල් මෑන් කියනව වගේ හැමදාම පරිසරය ගද ගස්වන හිම වලහට, පූසාට විරුද්ධව යෝජනාවක් ගේන්න සදාචාරාත්මක අයිතියක් නම් නෑ.ඒත් මේ කතාවේ හිම වලහා පූසාට වඩා ලොඩක් බලවත්.කලුගලේ ඔලුව ගහගන්න පුලුවනෑ.

      ප.ලි.පූසාගේ හොදම යාලුවත් ඔන්න හිම වලහට සපෝර්ට් ලු.දැන් පූසා අසරණයි

      Delete
    2. හොඳම යාළුවා නෙමේ පූසගේ ලොකු අයියා...(මං හිතන්නේ දිවියෙක් හරි කොටියෙක් හරි...)

      Delete
    3. ඔය හිම වලස්සු ටිකයි, පූසගෙ ලොකු අයියයි දෙන්නම පූස මේ ගල උඩ පහරන කොට නිකන් දැක්කෙ නෑ වගේ හිටියෙ... ඇත්තටම පූසා දිගටම ගලේ පහරන පුරුද්දක් තිබ්බ බව දන්නෝ දනිති...

      - සනාත

      Delete
    4. කතාව ඇත්ත, පුස දිගටම ගලේ පහරන්ව. තම පහරනවා. (එව්වා සුවදයි කියන එව්වොත් ඉන්නවනේ)

      Delete
  28. හෙහ් හෙහ්....පට්ට සට පට!!!

    ReplyDelete
  29. ඔය පුක් කොල එහෙමත් නැත්නම් කක්කා කොල කියන්නේ වැලි කඩදාසි වලට වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධර20 March 2012 at 23:15

      සමහර විට එහෙ වෙන්න ඇති..

      Delete
  30. හනේද කියන්නේ!! පුරුදු අතාරින්න පුළුවන්යෑ මොකා කිව්වත්!! කොලයක් ඇති වෙයියෑ ඔය වැඩේට!!මොනාවුනත් , කකා.ගෙන තවත් කක්කි කතාවක්!!! :))

    ReplyDelete
  31. පූසා ගලේ පැහැරුවත්, ඊට පස්සේ පළාත ගඳ ගස්සන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමේටම වැසිකිලි ගියානම්, සමහරවිට වලහගේ කතාවට ලැබෙන සහයෝගේ අඩුවෙන්න තිබුන. ටිකක් කල් ගියාම ඕක වේලිලා ගඳ අඩුවෙලා යන නිසා. ඒත් මේ පූසා ගල් උඩ පහරන එක පුරුද්දකට ගත්ත නිසා සමහර පූසොත් හිතන්නේ 'ඔන්න ඔහේ වලහට ඕන දෙයක් කරගත්තාවේ' කියලයි. ඒත් වලහගේ පැටිකිරිය අනුව ඌ ගලේ පහරන පූසව විතරක් 'හදල' නවතින එකෙක් නෙවෙයි.නමුත් කවුරුවත් මුකුත් නොකලොත් මේ පූස් රංචුව ගල් උඩම පහරල අනික් උන්ට හුස්ම ගන්නත් නැතිකරනවා.

    ටිකක් විතර 'Catch 22' තත්වයක්.

    ReplyDelete
  32. මේ කක්ක කතාවට යමක් එකතු කරන්න මටත් හිතුනා. අපේ ටීම් ලීඩර්, මාටින් හැගර්ටි ඉංග්‍රිසි කාරයෙක්. වැඩ පටන් ගන්න ඉස්සරින් ටිකක් කතා කරන එක අපේ පුරුද්දක්. කොහොමද මාටින් කියල ඇහුවම මෑන් හැමදාම කියන්නෙ ෆිෆ්ටි ෆිෆ්ටි කියල​. මෑතක ඉඳල ඕකට කක්ක කියන වචනෙ ආදේශ උනා. දවසක් දෙකක් ඕක අහන් ඉඳල මම ඇහුව ඒකෙ තේරුම මොකක්ද කියල​. මෑන් කියාපි ෂිට් කියල​. ඒ එක්කම මෑන් කියනව කට්ටියක් ඉස්සරහ ෂිට් කියනවට වඩා කක්කා කියන වචනෙ ටිකක් සභ්‍ය එකක් කියල​. දැන් හිතාගන්න පුලුවන් නේද කක්ක කොලේ වගේම කක්ක කියන වචනෙත් ආවෙ කොහෙන් ද කියල​.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.