
වෙනදට මං පලකරන්නේ කයි-කතන්දර. අද පොඩි වෙනසකට වගේ හිතුනා කතන්දරේ නැතුව කවිය විතරක් දාන්න.
දුම්රිය නැවතුමේදී දුටු යුවතිය හෙවත් විකල් සිතින් ලියූ 000 පෙම් කවිය
ගත සිත දවනා
හිස කර කරනා
ගිනිගත් සුළඟින් ලොවම පිරී ගිය
දා බිඳු වැසි වස්සාන සමේ
නෙත් අඳ කරනා
මෙලනෝමා සදනා
සැඩ හිරු අභියස ලොවම විකල්වූ
එක් බියකරු ගිම්හාන සැඳෑවක
ඇය නෙත ගැටුනා
ගත සිත සැළුනා
කර්න විලෝපන රත් යවුලක් වූ
යකඩ දුම්රියේ ගොරහැඩි හඬ මැද
අනුමස්තිශ්කය විලම්බීත කර
ස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා මන සොල්වන සඳ
දෙනෙත විවර වූ අතුරු නිමේෂෙක
ඇය නෙත ගැටුනා
ගත සිත සැළුනා
සරා සඳක් සේ බබලන වුවණයි
ගත පණ ගන්වන නෙත් යුගලයි
නුරා සුරා පිරිබඳුනක් සිහිකළ
තද රතු පැහැ ගත් තෙත දෙතොළයි
නිල් සළු පට වැසුවද රඹ කැන් ගත
එක්ස් කිරණින් දැක විකල් වුනා සිත
බාධක මැඩ ඉදිරියට නෙරා ආ
පුන් පියයුරු මැද
නතර වුනා හද
පළල් උකුල සිහිනිඟ රන් සිරුරේ
රාග ගින්න ඇවිලිනි හද පතුලේ
ගත උණුසුම් කල
සිත උන්මත් කල
සැලෙන සිලක් වන් රුවැත්තියේ
ඔබ රූ සිරි දැක හදවත පැලහෙන
රාග ගිනි නිවා දමන් පි‍්‍රයේ
-කතන්දරකාරයා
ප/ලි:
යුනිකෝඩ් අකුරු අප්සෙට් ද මන්දා. පස්සේ හදන්නම්.
(image: http://adamthinks.com/tag/the-girl-on-the-train/)
මේක නම් විකල් සිතකින් ලියපු බව හොඳටම පේනවා. :D
ReplyDeleteඅපෝ............මෙයා උදේම දාලා තියෙන කමෙන්ට් එක.....:P
Deleteකවි ටික දැක්කාම මගෙත් සිහි විකල් උනා. :)))
Deleteයකෝ සිහි විකල් වෙනව නේන්ං....මට හිතා ගත්තැහැකි කාකා ඒ වෙලාවෙ හිටපු හැටි...මැස්සො කී දෙනෙක් කටට ගියාද කාකා? :D
Deleteකවි ලියන්න බැරිනම් නිකා ඉන්න ඕනි .. සමාජයට විහිලු සපයන්නේ නැතුව
ReplyDeleteහික්... මේකේ විහිළුවක් තියෙනවානම් අපිටත් ඒක පෙන්නලා දුන්නනම් මක් වෙනවද ඇනෝ
Deleteමාරම වචන ටිකක් සමහර ඒවා තේනෙන්නෙත් නෑ..
ReplyDeleteමොකක්ද මේ 000?
ReplyDeleteI meant the title (......විකල් සිතින් ලියූ 000 පෙම් කවිය )
කතන්දර කාරයද? කවි කතන්දර කරන කාරයද? කතන්දර කවි කරන කාරයද? අනේ මන්ද?
ReplyDeleteමොකක්ද හැබෑට මේ 000????
ReplyDeleteජේම්ස් බොන්ඩ් ද දන්නේ නෑ නේද අක්කේ
DeleteXXX
ReplyDeleteමේක නම් වැල කවියක් ද මන්දා...
ReplyDelete//නිල් සළු පට වැසුවද රඹ කැන් ගත
ReplyDeleteඑක්ස් කිරණින් දැක විකල් වුනා සිත
බාධක මැඩ ඉදිරියට නෙරා ආ
පුන් පියයුරු මැද
නතර වුනා හද //
ඇස් දෙකෙන් නිරුවත් කරන හැටි නියමෙටම ලියැවිලා තියෙනවා.....
සමහර වචන තමයි නොතේරෙන්නේ
මෙලනෝමා සදනා
ස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා
මේකේ තේරුම මොකක්ද??
Melanoma- Skin Cancer ජාතියක්
DeleteSchizophrenia-- Mental disorder එකක්
:D
Schizophrenia - රෝගීන්ට ෆැන්ටසිය හා රියැලිටිය වෙන් කර හදුනගන්න බෑ.යන්ත චන්ද්‍රසිරි ගේ ගරිල්ලා මාර්කටින් චිත්‍රපටයේ තිසර, මේ රෝගයෙන් පෙලෙනවා.
Deleteතැන්කූ තැන්කූ දැන්නේ තේරෙන්නේ දෙන්නටම තැන්කූ හොඳේ
Deleteමේ කය්යනම් නියමෙට අමුවෙන්ම ලියල තියෙනවා දැනුන හැන්ගීම් සංස්කරණය නොකරම :)))
ReplyDeleteසමහර වචන විද්‍යාවට බරයි වගේනේ?
කීහිපවතාවක්ම කියවලා බැලුවා කයිය හිතේ කොනක මෙවුවා කරගත්තා ඒත් ඉතින් මට පවු සිද්ද වෙයිද මන්දා ..
ReplyDeleteහප්පේ ඇති යාන්තම් කතාත් කවියක් ලියලා.. සහතික ඇත්ත.. දන්නෝ දනිති..
ReplyDelete"ස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා" ????
ReplyDeleteපොඩ්ඩක් වටහා ගන්ට අමාරු එක තමා අවුල..!!! :D
ReplyDeleteස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා
ReplyDeleteප/ලි:
යුනිකෝඩ් අකුරු අප්සෙට් ද මන්දා. පස්සේ හදන්නම්.
අකුරු අප්සෙට් නේන්නං
අප්පා... කසුත් මරු කවිනේ ලියන්නේ.
ReplyDeleteනියමයි....
තද අව්වෙ ගිහින් වේලුනාම තමා මෙලනොමා හැදෙන්නේ. හමේ තියෙන මෙලනින් වර්ණකයේ බල පෑමෙන්. කතන්දර.. ඕක ඉතින් අපිට අළුත් දෙයක්යැ. හැබැයි මනසින් නිරුවත් කරන එකනම් මෙන්ටල් ඩිස් ඕඩර් එකක්. ඒකත් ඉතින් අළුත් දෙයක් යැ.
ReplyDeleteඅර කලින් පෝස්ටුවේ තිබුනු පදමාලාවට වඩා නම් මේක හරි ලස්සනයි. පංකාදුයි. මට මෙහෙම ලියන්න බෑනෙ.. කියලත් හිතෙනව වෙලාවකට.
මේකේ සමහර වචන අවන්කවම තෙරුනෙ නෑ අප්ප.කොහොම උනත් කතන්දර කියන කතන්දරේනම් තෙරුනා
ReplyDeleteමෙලනෝමා
ස්කි‍්‍රට්ෂ්රොෆී‍්‍රනියා
මේ ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද මටනම් තෙරුනේම නෑ
තේරෙනවා හොරයි !
ReplyDeleteමොකක්ද මේ හැබැටම?
ReplyDelete