Wednesday 12 January 2011

කෙල්ලන් ට උපදෙස් - අදටත් මැච් වෙන පරණ රැකෝඩ්


සුදු සාරියේ ශෝකය කතන්දරේ ට පෙරවදනක් විදියට මං ලියපු කහ සාරිය සහ සුදු සාරිය කතන්දරේ පටන්ගත්තෙ විරිදු පද දෙකකින්.

මෙන්න ඒකෙ ෆුල් වර්ෂන් එක.

මේ විරිදු පෙල අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු එකක්.

ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න

හොඳමයි අම්මේ කියන්න

තරුණ වියට පැමිණිනු උඹ තනි මග බැස එපා යන්න
කරණ කියන හැම කටයුතු මව්පියො අනුදැන කරන්න

මව්පියන්ට ගරු කරණෙමි

කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ

සිතට ගතිමි ඒ ඔවදන

බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය

ඒක සැබැයි සැබැයි සැබැයි

නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම

අපට මොටද රට කෝලං

හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනිං දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කැතයි දුවේ

මුදුණෙන් පිළි ගත්ත ඒක

හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න

එය සිංහල අපට කැතයි

කම් පල නැති කතාවලට ගෑණු ගෑණු එකතු වෙමින
ගෙන් ගෙට හැසිරීම දුවේ නින්දාවට වෙයි කාරණ

ලැජ්ජ නැද්ද එහෙම යන්න

ගෙයින් පිටත සද්දෙ යන්න එපා දුවේ බස් දොඩන්න
කයින් සිතින් වචනෙන් සිදුවිය හැකි පාපෙන් මිදෙන්න

ඉන් දෙලොවට සෙත සැදේවි

බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ

පඬිවරයෙක් කියා තිබේ

පහදා සිත් සිහල බාසෙ ඉගෙන ගනිං ගොත නොවෙන්න
කවදාවත් එපා දුවේ අම්මට මම්මා කියන්න

කවදාවත් නෑ කියන්නෙ

කිසිවිට මව්පිය ගුරුවර වැඩිහිටියන් කියන බසට
එකටෙක නොකියන්න දුවේ මගෙ ඔවදන ගනිං හිතට

පිං අත්වෙයි මෑණියන්ට

උඹේ රූපෙ ඔප කරන්න එපා දුවේ අමුතු පැෂන්
ඉබේම රුව ලස්සන වෙයි යහපත් කල්කිරියාවෙන්

යහපත් ගුණ තමයි රූපෙ

මට හිතෙන විදියට මේකෙ සමහර තැන්වල එලිවැට වැරදියි. අම්ම ගාව තිබිල පරණ කැසට් එක අහල ලියපු නිසා වෙනස් කරන්නත් බැහැ.

-කතන්දරකාරයා

ප/ලි
දුවෙකුයි අම්මයි අතර සිදුවුණු තවත් උපදේශාත්මක විරිදු පෙලක් තියෙනවා. මේකට වඩා ජොලි එකක්. ඒක දාන්නං කෝ ඊ-ලඟට.

34 comments:

  1. මරේ මරු විරිදු ටික,කියවනකොට යාන්තම් මතකයට ආව කවද හරි අහල තියෙනව කියල. ඒ වුනාට බොක්කෙන්ම Thank you කතන්දරට ආයි මතක් කලාට.

    ReplyDelete
  2. පහුගිය දවස්ටිකේ කකාගෙ බ්ලොග් පෝස්ට් ටිකත් එක්ක අද පෝස්ට්එකත් කියෙවුවට පස්සෙ මට හිතුන 'බ්ලොග් ලියන්නන්ට හා කියවන්නන්ට උපදෙස්' කියල විරිදු පන්තියකුත් තිබ්බා නං ෂෝක් කියල.. හරියට මෙන්න ‍මේ වගේ..

    ලියන දෙයක් කියන දෙයක් එළිපිට ඇවිදින් කියන්න
    කවදාවත් එපා දුවේ 'ඇනෝනිමස්‍' වෙලා එන්න

    'ඇනෝනිමස්‍' වෙලා නොඑමි

    අනුන්ගෙ බ්ලොග් ගැන අදහස් ඒ බ්ලොග් වල ගොස් ලියන්න
    තමන්ගෙ බ්ලොග් එකේ ඒවා කිසිවිටෙකත් නොමලියන්න

    'කතන්දරයි' එහෙම කිවුවෙ

    කුට්ටි කරල කෑලි කරල කතන්දරේ නොම කඩන්න
    එකපාරින් ලියල දාල කතාව අහවර කරන්න

    කවදාවත් නෑ කරන්නෙ

    ReplyDelete
  3. Love the post n the burathenos comment.

    ReplyDelete
  4. සම්පූර්ණයෙන් විරුද්ධයි විරිදු පෙලට...

    @ බූරෝ,

    බලාගන යනකොට ඔයත් හොඳ විරිදු කාරයෙක්නේ! ඔන්න මට නොයෙකුත් අදහස් පහලවීගන එනවා.

    ReplyDelete
  5. බුරාගෙ කවි පෙලත් නරක නෑ නොවැ...

    ReplyDelete
  6. නොදන්න වැඩ පරිස්සමින් එපා දුවේ බ්ලොග් ලියන්න
    හිත රිදවන දනා වැඩියි හිත රිදුනට නොම හඩන්න

    ඒක සැබැයි අත්දුටුවයි

    තොරු මෝරු ලියනා ලිපි වලට ගිහින් කමෙන්ට් කරල
    එන්න එපා ලෙඩ දාගෙන මම කියනා දේ නාසල

    භාර ගනිමි ඒ ඔවදන

    අන්මත නුඹ සිත තලනා දරා ගන්න බැරි නම් නුඹ
    ලියන්නෙපා කිසිම දෙයක් අන්තර්ජාලෙ කිසිදින

    කෙසේ ද මම නොලිය ඉන්නේ

    හිටිය ගමන් රෝන් ගියත් එපා දුවේ නොබල ඉන්න
    කතන්දරේ ලියනා දේ ගිහින් කියව බලා ගන්න

    ලියන කියන ඔහු හපනා

    ඔවදන නම් හරිම අගෙයි වර්ෂන් එක පරණ වගෙයි
    රිමික්ස් කරල අලුත් එකක් ගන්න කාලෙ හරියි වගෙයි

    රිමික්ස් කරමු වෙනස් කරමු

    ReplyDelete
  7. වෙන කිසිවක් නොකියා විරිඳු ගැන විතරක් කියන්නම්..
    මේකෙන් කෑලි ටිකක් ඇහල තිබුනට සම්පූර්ණ විරිඳු පද අහුවේ නම් අද.
    රූපය ගැන කිසිත් නොකියමි..

    ReplyDelete
  8. බොලේ කතන්දර වලට වඞා විරිදු නැගල යනව වගෙ.

    ReplyDelete
  9. ඔය වගේ (අහිං)සක උපදෙස් අහල හැදුනු කස්ටිය වෙන්ටැ අදටත් ඕව ඇප්ලියි කොරන්න යන්නේ?

    ReplyDelete
  10. මෙහෙම විරිඳු ගීතයක් තියෙනවා කියලා අහලා තිබුණට විරිඳුව අහලා තිබ්බේ නෑ. ස්තූතියි කතන්දර අයියට.

    ReplyDelete
  11. ඔරිගිනල් එකේ කෑලි විතරයි අහල තිබුනේ. වත් & බුරා දෙන්නත් හොඳ විරිදු කාරයොනෙ

    ReplyDelete
  12. මමත් අද තමයි පද ටික සම්පූර්ණයෙන්ම දැන ගත්තේ... දාලා තියෙන ඉමේජ් 1 ත් නියමයි....

    ReplyDelete
  13. එළම කිරි.......ආයෙ රත් කොරන්න දෙයක් නැහැ.....

    බුරා සහ වත්(හැමදාමත් වගේ) රැලි එල්ලල, මල් දාල, පහන් පත්තු කොරල උපරිමයටම ගෙනැල්ල.

    වත්...සොඳුරු සිතට කොමෙන්ටු දාන්න බැරි ඇයි......

    ReplyDelete
  14. @ Heeniyata
    හීනි වුනත් නුඹ ලියනා කමෙන්ට්ස් නැතිව දුකයි තමයි
    ඒත් ඉතින් මක් කරන්න කමෙන්ට්ස් නැතිව හිතට හොදයි

    හොඳයි හොඳයි ඇඟට ගුණයි

    කමෙනට්ස් එපා ඇවිත් යන්න ඒත් කැමති නම් විතරයි
    අනූනමය හොඳයි වුනත් එකෙක් දෙකෙක් හිත රිදවයි

    හිත රිදුනම කඳුළු ගොඩයි

    සමාවෙන්න කමෙන්ට්ස් වැහුව තරහක් නැහැ නුඹල එක්ක
    මගේ හිතේ සතුට උතුම් බැහැ නෙව හිත රිදව ගන්න

    ස්තූතියි, සමාවෙන්න ...

    ReplyDelete
  15. හික් හික්!! කසූගෙ පෝස්ට් එකටත් වඩා සිරා බුරාගෙයි වත්ගෙයි විරිදු ටික

    ReplyDelete
  16. එල කිරි කවි ටික.... ඔවදන් ටිකත් සුපිරි.

    ReplyDelete
  17. අපේ නැන්දම්ම දූ ඩිංගට මේක උගන්නලද දන්නෙ නෑ. ගෙදර ගොහින් අහන්න ඕන.

    ReplyDelete
  18. අනේ මන්ද වත්.......
    පුරුදු පරිදි හැමදාමත් ගොඩ වෙනව ඉන්තේරුවෙන්ම. රස්සාවට එන්නේ බ්ලොග් නිසාද කියලත් හිතෙනව විටෙක......

    ReplyDelete
  19. පොස්ට් 1ක වගෙම කොමෙන්‍ටු ටිකත් කදිමයි...

    ඔය විරිදු ටික අහන්න ක්‍රමයක් නැද්ද හැබැටම...

    ReplyDelete
  20. බුරාතීනෝ නම් පිස්සුම පිස්සු බුවෙක් අප්පා...!!!
    හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  21. බ්ලොග් ගඩොල් +1

    හෆ්ෆා ඕවා අද කාලේ කෙල්ලෝ අහලවත් තියනවද දන්නේ නෑ

    ReplyDelete
  22. @වත්,
    කමෙන්ට්ස් නැතත් මොනව නැතත් හැමදාමත් ඔබ ලියන්න
    පුරුදු පරිදි අපි ඉන්නව ඒ ලියනා දේ බලන්න

    නවත්තන්න එපා ඔන්න

    ඇනුම් බැනුම් කටුක වදන් ලියන්නෙ නම් කුහක අයයි
    ඒ වගෙ දේ ගනන් ගන්න එපා එවිට හිතට හොදයි

    පරෙස්සමෙන් ඒත් හැබැයි

    ReplyDelete
  23. @තිස්ස අයියා,
    ආ තිස්ස අයියා.. කාලෙකින්.. ලංකාවට ගියා ගියාමයි අපි උන්නද මලාද බැලුවෙවත් නැහැනේ..
    "අපිත් හරි බිසී- ඔහෙත් 'හෙම වෙන්ටැ"

    ReplyDelete
  24. කසූගෙන් අවසර ගෙන බුරාතීනෝට උත්තරදෙමි...
    බුදු මල්ලියේ කුටුම්බ සංරක්ෂණ වැඩ කියන්නේ සෙල්ලමක් නෙමෙයි නේ බං... හය හත් දෙනෙක් ඉන්නවා බලාගන්ට... එව්වා කොරළා ඉන්ට එපායෑ මලේ කොයි එකටත් කළින්... හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  25. කමෙන්ට්ස් ලියන කියවන එක ඔක්කෝටම වඩා අගෙයි
    කතන්දරේ මොනා වුනත් අපි සැමදෙන එකා වගෙයි

    බොරු කියනනෙ නැහැ නෙව මම්

    කකා අපේ දිව්‍ය ලෝකෙ ගිය හැමි මට මතක් වුනා
    ඒකෙ කමෙනට්ස් ටිකත් හරිම අගෙයි නෙවෙද හිනත් ගියා

    හිනා හිනා මටම හිනා

    කමෙන්ට්ස් නිකම් පොහොර වගෙයි එපා කමෙන්ට්ස් වහල යන්න
    ලොක් කරලා පසුව බලන විදිහට එය හදා ගන්න

    ඉහලින් උපදෙස් ලැබුනා

    බුර්තෝ මගෙ හොද ළමයො කමෙන්ටු දැන් ඇරල ඇතේ
    ඉඩක් තියන විටක ඉතින් අකුරක් එහි කොටනු ඇතේ


    සමාවෙන්න වෙච්ච දේට

    ReplyDelete
  26. කතන්දරේ, ඔය විරිදු ටික අපිටත් අහන්න සලස්වන්න බැරිද?

    කොහෙදි හරි ඇහුව කියල යන්තම් මතකයක් තියෙනවා. ඒත් ආයිත් අහන්න ආසයි.... :)

    ReplyDelete
  27. @වත්,
    අගෙයි අගෙයි හරිම අගෙයි ඒ විදිහට ඉඩ තියන්න
    අපි එන්නම් ලැබුන විටෙක කොමෙන්ටුවක් දාල යන්න

    කාගෙ වුනත් හොද උප‍දෙස

    ReplyDelete
  28. @තිස්ස අයියා,
    'කුටුම්භ රක්ෂණය' ගැන අසා ඇතිමුත් 'කුටුම්භ සංරක්ෂණය' යනු කුමක්දැයි නොදන්නෙමි.. අප වැනි නරපනුවන් කෙරෙහි අනුකම්පාවෙන් එය පහදා දුන මැනවි.. :P

    ReplyDelete
  29. I have heard this. When we were very small thought it was great.. but not anymore..Should be upgraded. If some one can upgrade it..."girls learn everything ...dance ..sing..swim..play..learn languages..etc..and be smart.

    ReplyDelete
  30. අප්පා නියම විරිඳු ටික

    වත් ගෙයි බුරා ගෙයි කොමෙන්ටුත් එල

    ReplyDelete
  31. සම්පත්13 January 2011 at 20:25

    විරිඳු ටිකත් ලස්සනයි. ඔය විරිඳු වල තාලෙත් ලස්සනයි. ඒත් සමහර අදහස් නං කාලෙට නොගැලපෙනවා විතරක් නෙවි, ගෑණු ලමයින්ට පහත් තැනක් දෙන්න මිනිස්සු හදාගත්තු දේවල්.

    ReplyDelete
  32. I was looking for this song and found lyrics in this blog. and with much difficulty, found an audio clip as well.
    http://www.youtube.com/watch?v=hD-suixWgbw
    Thought of posting it here for the reference of those who are interested. :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.