Thursday 6 January 2011

W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ


ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.

කාලයක් තිස්සේ W3Lanka බ්ලොග් එකේ ගිය ලිපි බැලුව මිසක් ඒවා ලියන්නේ කවුද කියල මං දැනගෙන හිටියෙ නෑ. දවසක් ඊ-මේල් එකක කූඹියා ද කොහෙද ලියල එව්ව ඒ බ්ලොග් එක කරන්නේ පරා කියල පොරක් කියල. අසෙනිය කුසුම 2009 වීඩියෝ ක්ලිප්ස් බලද්දි තමයි දැක්කේ මේ කවුද කියල හරියටම. එදා පරා ගේ බ්ලොග් එකට හොඳම කාලීන බ්ලොග් අඩවියට ලැබෙන සම්මානය ලැබුණ නේ.

ඔය අතරේ, ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් ම තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල. මේක අහපු මට පොඩි පහේ ජොලියක් ගියා. මොකද පොතක් ලියනව කියන්නේ ලෙසි පාසු දෙයක් නෙමේ නේ, ජීවිත කාලයක් පෙරුම් පිරිය යුතු දෙයක්. මැරෙන්න කලින් කරන්න ඕනැ දෙයක්.

ඔය සේරම කතා එක්ක කතන්දර පෝස්ට් එකක් දැම්මේ ඒ ජොලිය නිසායි.

ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා. පොර ඔය කතාව තැන් දෙක-තුනකම ලියල තිබුණ.

ඩෙස්මන්ඩ් මොරිස් ගේ අනුගාමිකයෙක් වෙන ටැබූ ගේ පොඩි තියරියකට අනුව බඳින්න කලින් මොන තරම් ලව් කළත්, අන්තිමේදී ප්‍රපෝසල් එකකින් බඳින එකා තමන්ටම සහකරුවෙක් හොයාගන්න බැරි වුණු පරිනාමිකව දුබලයෙක්. ඒ තියරියේ ම පොත් ලිවීම සඳහා වූ දිගුව තමයි, ටැබූ කියන්නේ පොතක් ලියාගන්න තරම් නිර්මාණ ශක්තියක් නැති, ධෛර්යක් නැති, දුබලයෙක් ය කියන එක. ඇයි පොර කවදාකවත් පොතක් ලියන්නේ නැහැල්ලු නේ!

ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.

ශාස්තෲ දොරට වැඩීමේ උත්සවයට යන්න වෙන්නේ නැති බව මං කලින් ම දැනගෙන හිටිය. යන කෙනෙකුට කියල පොතක් ගෙන්න ගන්න කියල හිටියත්, එදා මහ අනෝරා වැස්සෙ ඒක කරගන්න බැරිවුණා.

පස්සෙ තමයි දැක්කෙ තැපැල් මගිනුත් ශාස්තෲ පොත ගෙන්න පුළුවන් කියල. මනි ඕඩර් එක තැපැල් කරල පොත තැපෑලෙන් එන්න කලින් මං ගියා මරදානේ ගොඩගේ ල ගෙ, ජයකොඩි ල ගෙ, සුරිය ල ගෙ කඩ ටික වන්දනා කරගෙන එන්න. එදාම තමයි පරා ත් ශාස්තෲ පොත් පිටපත් පොත් කඩවල්වලට දාන්නේ.

බ්ලොග් එකේ තිබුණු මොබයිල් එකට කෝල් එකක් දීල, මරදානෙදි පොර හම්බවෙන්න පුළුවන් වුණා. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත තවත් ශාස්තෲ කොපියක්. ආනන්ද මාවතේ තිබුණු පොඩි කඩේකට ගොඩවෙලා පොඩි බීම කුප්පියක් බොන ගමං පරා එක්ක පොඩි පහේ චැට් එකක් දාන්නත් පුළුවන් වුණා.

පොර අර 2009 වීඩියෝ එකේ හිටිය වගේ නෙමෙයි, දැන් පෝනි ටේල් එක කපලා!

එදා ගෙදර ඇවිත් බැලින්නං, තෑපෑලෙනුත් ශාස්තෲ පොතක් ඇවිත්. ඒ වැඩිපුර ශාස්තෲ පිටපත මං දුන්න රසික සුරියආරච්චිට පුළුවන් නං විචාරයක් වගේ එකක් ලියන්න කියල.

මගේ ශාස්තෲ පිටපත ගිය සතියේ කෝච්චියේ යද්දි, එද්දි කියවල ඉවර කළා.

වචන දෙක තුනකින් කියනව නං, ශාස්තෲ කියන්නේ කියවන්න වටින පොතක්. පරා ට හොඳ නිර්මාණ ශක්තියක්, භාෂා පරිචයක් වගේම, ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැන පැහැදිලි අදහසකුත් තියෙන බවයි මට හිතෙන්නේ.

ඒ සේරටමත් වැඩිය, ආදරය කිරීම සහ රමණය ගැන මේ පොතේ තියෙන හොඳ සෘංගාරාත්මක කෑලි ටිකක් තියෙනව. තමන් ගේ හාමිනේට පවා කියවන්න දෙන්න හොඳ පොතක්, ඒ අතින්.

කුලය සහ මව් කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය අතින් ශාස්තෲ නවකතාවට සමාන නවකතාවක් වන ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.

සමහර විට ඩෙස්මන් මොරිස් ගේ හරි, ලියෝන් ට්‍රොට්ස්කි ගේ හරි තියරියකින් ඒ ප්‍රශ්ණයට නිවරදි විශ්ලේෂණයක් හොයා ගන්න පුළුවන් වෙයි.

ඊට මීට වැඩිය හොඳයි මට ආයෙ පාරක් ශාස්තෲ කියවන එක.

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න ශ්‍රාස්තෲ නවකතාවෙන් පොඩි පොඩි ඇපිටයිසර් කෑලි කීපයක්

(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.

මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.

මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.


ප/ප/ලි:
මං ලියපු මේ කතන්දරේ නොතේරුණු අය සඳහා මෙන්න පැහැදිලි කිරීම.
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html

42 comments:

  1. ශාස්තෲ අරගෙන කියවන්න ඕනෙ,,,මම හිතන්නෙ රසික සූරිය ආරච්ච්ත් හොඳ විචාරයක් ලියයි වගේ,

    ReplyDelete
  2. /ඩෙස්මන්ඩ් මොරිස් ගේ අනුගාමිකයෙක් වෙන ටැබූ ගේ පොඩි තියරියකට අනුව බඳින්න කලින් මොන තරම් ලව් කළත්, අන්තිමේදී ප්‍රපෝසල් එකකින් බඳින එකා තමන්ටම සහකරුවෙක් හොයාගන්න බැරි වුණු පරිනාමිකව දුබලයෙක්./

    මා උපුටා දැක්වීමේදී කියූ කරුණු විකෘති නොකරන්නේ නම් කෘතඥ වෙමි. ඉහත දක්වා ඇති ආකාරයේ පල් හෑල්ලක් මා කවදාවත් කියා නැත. අනෙක පරිණාමිකව දුබල වීම හා පෞරුෂයක් නැතිවීම යනු එකක් නොව දෙකකි. කොලූගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ද පරිණාමිකව දුර්වලය. නමුත් එනිසාම ඔහුට පෞරුෂයක් නැති වන්නේ නැත.

    මා කීවේ සහකරුවකු/සහකාරියක සොයා ගැනීම බඳු සරල ක්‍රියාවලියක් වත් තමන්ට කර ගන්ට බැරිව අනුන් කරන තෙක් බල සිටින කෙනකුට පෞරුෂයක් නැති බවය. ලව් කර ප්‍රොපෝසල් වලින් බඳිනවාය කියන අරුම පුදුම සත්ත්වයන් ගැන කිසිවක් කියා නැත.

    - Taboo

    ReplyDelete
  3. පොත ගන්න කියලද කියන්නේ....??
    මොනව උනත් ඒකේ විචාරයක් ලියන්න යාළුවාට දුන්න එකනම් හොඳයි. ඕක කරතන්දරට වැඩිය හොඳට එයා කරයි...:D:D

    ReplyDelete
  4. අපොයි දෙයියනේ.... බ්ලොග් අවකාශයේ ඉන්න අයට මේ මොනා වෙලා ද? කතන්දරටත් උණ බෝවෙලා ද?

    ඔන්න ඉතින් බ්ලොග් ලියන එකත් ශෘ.ක.පා කොමිසමේ වගන්තියකට ඇතුලත් කරන්න ද මේ හදන්නේ...

    ඔය කවුරුත් පොතට පොඩි මාකටින් පාරක් දෙනව නේද? අපි නම් ගනී පොත්.

    අනික පොත් ලියන එක ගැන කීවොතින්. ඔය පොත වුනත් ගොඩක් දුරට විකිණෙයි පලි කොටස නිසා.

    පොත් ලියනවට වඩා බ්ලොග් ලියන එක තමයි හොඳ...

    ReplyDelete
  5. මම ඉස්සෙල්ලම කියෝපු සිංහල බ්ලොග් එක W3Lanka, ඒ හරහ තමයි "කතන්දර" බ්ලොග් එක හමු වුනේ.දැන් නම් "කතන්දර" හරහ හමු වුන බ්ලොග් ගනනාවක් කියවනව.සියලු සිංහල බ්ලොග් ලේඛක ලේඛිකාවන්ට "A Big Thank You"

    ReplyDelete
  6. Oh..this is not you katandara. there r lot to write these subjects. I like your blog because I can read it when my kids around too. Dont write XX stories.

    ReplyDelete
  7. @ Anonymous

    ඇත්ත. මාත් එකඟයි....
    රසික සූරිය ආරච්ච්ට විචාරයක් ලියන්න කියන්න...
    අපේ කතන්දර අපිට ඕනි...

    ReplyDelete
  8. කියවලම බලමු මොකක්ද කියල......
    අපරාදෙ කියන්න බැහැ රසික බුවානම් හොඳ මනුස්සය.....

    ReplyDelete
  9. අපේ කතන්දර අපිට දියව්, පොත් ටික රසිකයටම දියව්. හැම උලව්වම පටලවා නොගනිව්. කතන්දර වෙනත් මාවතක යැවීමට වලිකන බහුජාතික බූවල්ලන්ගේ වට ඇල්ල තලාපියව්. අපේ ක.කා අපිට දියව්.
    ........
    බුදු අම්මෝ......
    ..... ගහන්න එපෝ..........

    ReplyDelete
  10. අනේ අපේ කතන්දරට මේ මොකද උනේ ?? පවු !

    ReplyDelete
  11. ඉහතින් බ්ලොග් පෝස්ට් එකක් ලෙස පල කර ඇත්තේ මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් නොවේ වෙන්න ඇති.
    කොහොම උනත් තවත් ලේඛකයෙක් වෙනුවෙන් දෙයක් කරන්න උත්සහ කිරීම අගයනවා.

    ReplyDelete
  12. මොන ක්‍රමයෙන් හරි .. යම් කිසි පොතක් [ලිව්වෙ කවුරු වුනත්]
    කොහොමහරි ප්‍රසිද්ධියට පත් වෙනවට මම නම් කැමතියි.

    ReplyDelete
  13. කතන්දර ලොකු අය්යේ, බහු ජතික කුමන්ත්‍රන වලට අහු වෙලා විජාතිකම් බූවල්ලෙක් වෙලා ගෝලීය කරනෙට අනුගත නොවී, ලෝක බැංකුවෙ නය ගන්නෙ නැතුව සරල රසවත් කතන්දර ටිකක් අපිට දීපන්. අපි ලියන්නෙ නැති බහුශෘත කතා ටැබුවලා ලියයි.

    ReplyDelete
  14. මුද්‍රණයෙන් එළිදකින පත්තරය දකින පත්තරකාරයෙක් ලබන සතුට ලෝකෙ කොහේවත් නැහැ කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා තැනක කියලා තිබුණා. තමන්ගෙ සිතිවිලි අකුරු වෙච්චි පොතේ නැවුම් සුවඳ විඳපු ක.සූ මේ බව හොඳින් දන්නවා ඇති. කුමාරයාගෙ අදහසට මමත් එකඟ ඒ නිසයි,,,,,,,,

    ReplyDelete
  15. කතන්දර මහත්තයෝ ඔබතුමාගෙ නියම නම රසික සූරියආරච්චි කියල මම කිව්වොත් ඔබතුමා මොකද කියන්නේ

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. සංධ්වනි6 January 2011 at 19:36

    //කුලය සහ මව් කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය අතින් ශාස්තෲ නවකතාවට සමාන නවකතාවක් වන ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.//

    කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව මත ගැටුම් නිසා ඇති වූ පුද්ගලික අමනාපකම් කියලයි මට හිතෙන්නේ. ටැබූ පැරා හා ගැටී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙවර අසෙනිය කුසුමේ සම්මාන සම්බන්ධයෙන් පැරා නැටූ නාඩගම වෙනුවෙන් 'කින්ඩිය' දමන්නට තම සයිඩ්බාර් එකෙන් කොටසක් වියදම් කරන්න තරම් ටැබූ නිර්ලෝභී වුනා.

    පුද්ගලික එදිරිවාදිකම් මත පිට කැසීම හා ගල් ගැසීම සිදු කිරීමත් ටැබූ කලේ වරෙක දෙකක නෙමෙයි. බ්ලොග් කියවන සම්බන්ධ ප්‍රශ්න වලදී කාලිංග ඇතුලත්මුදලි නම් එක් බ්ලොග්කියවනයක පාලකයෙතු සම්බන්ධයෙන් ටැබූ කරන්නේ විවේචනයකට වඩා එලව එලවා පහර ගැසීමක් බවයි පෙනෙන්නේ. තමන්ට නොරිසි දේශපාලකයන්ට ඔහු පහර දෙන්නේ මතවාදීමට වශයෙන් නොව මඩවාදීමය වශයෙන්, උදාහරණයක් ලෙස ඔවුන්ගේ දෙමාපියන්ට කුණුහරුප කීමෙන්.

    ReplyDelete
  18. කතන්දරවාලා
    දිල්වාලා කියලයි මම හිතුවේ...

    @ හරී ...
    ඇත්ත තමයි පත්තරයක් වුනත් අලුත් සුවඳ විදින ගමන් සාලේ බිම පත්තරය විසුරවගෙන බලන තරම් හිතට ගැම්මක් නැහැ ඔන් ලයින් බලන කොට..

    ඒත් පත්තරය සහ පොත ගොඩක් වෙනස්.. පත්තරයේ මොන බහු භුත තිබ්බත් ඕන කෙනෙක් පුරුද්දට හරි අරන් බලනවා.. ඒත් පොතක්

    අන්තර්ගතය කොච්චර හොඳ වුනත් අද කවුද පොත් කඩේට ගිහින් කවි පොතක් ගන්නේ..

    පොත් ලියල අතේ තුට්ටු දෙක ඉවර කර ගන්න හීනෙක මාත් ගිලිල මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තම් ගැල වුනා..

    මම ලියපුවා අද කිහිපදෙනෙක් හරි බලනවා. හොඳ නරක කියනවා.ඒ දේ අපිට සජීවීව විදින්න දකින්න ලැබෙනවා.. යාළු මිතුරුකම් ඇති වෙනවා.තරහමරහත් ඇති වෙනවා.

    ඉතින් පොතක් ලියන අදහස මම නම් ඇතැහැරල ගොඩක් කල්.

    එකම එක පොතක් තියෙනවා ඒත් ඒක " FMEO .... මගේ දෙනෙතට විතරමයි.""

    බ්ලොග් එකක් ලියන එක පොතක් ලියනවට වඩා සංතුෂ්ටියක් ලබා දෙනවා කියල මට හිතෙනවා ....

    ReplyDelete
  19. මේ කතන්දර නවත්තල පරන විදියට කතන්දර කියන්නකෝ යාළු.. එපා වෙනවා.

    ReplyDelete
  20. /* කතන්දර මහත්තයෝ ඔබතුමාගෙ නියම නම රසික සූරියආරච්චි කියල මම කිව්වොත් ඔබතුමා මොකද කියන්නේ */

    කතන්දර සහ රසික සූරියආරච්චි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන්න මම නම් දන්නෙ නෑ. ඒත් මේක නම් මටත් පොඩි ප්‍රශ්නයක්.

    http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html

    මේ පෝස්ට් එකේ තියෙන විදියට

    පියා මිය ගිය පුවත
    ලැබ සිත වුවද කම්පිත
    සඟවා කඳුළු නෙත
    මා කියන බස අසන් පිය මිත

    කියන කවිය රසික සූරියආරච්චිගේ.

    /* මේක කවි පන්තියක්. උපුටා ගත්තේ රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයෙන්. */

    හැබැයි මේ පෝස්ට් එකේ තියෙන විදියට නම් http://kathandara.blogspot.com/2010/12/blog-post.html ඔය කවිය කතන්දරගෙ.

    /* මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි. */

    ඇත්තටම මේ කවිය කාගෙද?

    ReplyDelete
  21. ශාස්තෘ "නව කතාව" ගැන ලියැවුණු වෙබ් ලිපි තුනක (මෙයත් ඇතුළුව) මා දකින සමානතාවයන් මේ.

    1. ඒ තුනම ලියා ඇත්තේ අජිත් පැරකුම් ජයසිංහ පෞද්ගලිකව දන්නා කියන ඇත්තන් වීම.

    2. ඒ තුනෙන් එකක වත් මේ කෘතිය ඒ තරම් ශ්‍රේෂ්ඨ නව කතාවක් නම් ඒ ඇයි කියා සධාරණ පැහැදිළි කිරීමක් නැතිවීම.

    මේ "විචාරකයින්" තුන් දෙනාම කියන්නේ පාඨකයින්ට පොත (මිළට ගෙන?) කියවා එය එතරම් ශ්‍රේෂ්ඨ මන්දැයි දැන ගන්නා ලෙස.

    අපූරු විචාරකයින් නේද?

    ReplyDelete
  22. Anonymous POSTED @ January 6, 2011 5:59 PM

    Compare the two Blog-Posts made by
    රසික සූරියආරච්චි
    http://boondionline.blogspot.com/2010/08/sookiri_7593.html

    Vs
    කතන්දරකාරයා
    http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html

    The two post are identical except the signatures at the bottom.

    However, it seems both are suffering from moderate cases of Narcissism.

    ReplyDelete
  23. Looks like you have poked a stick into a hornet's nest.

    Very interesting to read the "comments".

    My observation so far - most of your followers want you to stick to "kathandara"

    ReplyDelete
  24. කතන්දර කාරයා යනු රසික සූරියආරච්චිම ය.සමහර විට කට්ටියට මතක ඇති කතන්දරකාරයා බ්ලොග් අඩවිය පටන් ගත් දිනවල ඔහුගේ පැරණි ඡායාරෑපයක්
    චිත්‍රමය ආකෘතියකින් බ්ලොග් අඩවියේ තිබුනා (දැන් එතන තියෙන්නේ නිල් පැහැ කමිසයක් ඇඳි රුවක්, මුහුණ නැතිව). එම කාලයේම
    ලක්බිම පුවත් පතෙහි රසික සූරියආරච්චිගේ ලිපියක් පලවුනා.සාමාන්‍යෙයන් ලක්බිම පුවත්පතෙහි ලිපියක කතෘගේ නමත් සමඟම කතෘගේ ඡායාරූපයක්
    පලකෙරෙනවා.ඒ ලිපියේ ඡායාරෑපය වූයේ කතන්දරගේ බ්ලොගයේ තිබුන උක්ත චිත්‍රමය ආකෘතියෙන් යුක්ත ඡායාරෑපයමයි.මද කලකින් කතන්දර එම ඡායාරෑපය
    ඉවත්කර දමා වෙනත් ආදේශකයක් යොදාගත්තා...

    ReplyDelete
  25. විකට චරිත රඟපාන නළුවන්ට සංවේදී සිරා පාට් රඟන්න ප්‍රෙක්ෂකයෝ ඉඩ දෙන්නෑ වගේ!!!

    ReplyDelete
  26. මේකත් බලන්න
    http://www.google.com/profiles/104749670190059709065

    ReplyDelete
  27. අරුණි..
    ඒක ඇත්ත.

    ReplyDelete
  28. ටැබූ බ්ලොග් අවකාශයේ ඇති තරම් අපවාදයට ලක් වී තිබේ. එනිසා තව එක බල්ලකු බිරුවාය කියා ඔහුට ලොකු අමුත්තක් නැත. එකම අමුත්ත ටැබූට මඩ ගහන්ට ඕනෑ වූ විට අජිත් පැරකුම් ජයසිංහලා වැන්නවුන් භාවිතා කරන සුලබ උපක්‍රමයම ඉතාම කැත විදියට මේ වනතෙක් මහත්මයකු යැයි ටැබූ සිතා සිටි කතන්දරකාරයාද භාවිතා කිරීමයි.

    මෙය රංග ගිය ඉස්කෝලේ සම්පත්ගේ වැඩේට සමානය. එක්කෙනෙකු පොලිස් ගැටේ දාගත් පසු ඕනෑම කෙනකුට දීලා අදින්ට පුළුවන. (http://r4ng4.blogspot.com/2010/12/blog-post_30.html) නමුත් සම්පත්ටද වැරදුණු දවසක් ආ බව කතන්දරකාරයා මතක තියා ගන්නේ නම් හොඳය.

    - Taboo

    ReplyDelete
  29. ලියන ෙද් ෙනාව ලියන්ෙන් කවුද යන වග ෙසායන්ෙන් අැයිද ?

    සෑම විටම ලියු ෙද්ට වඩා ලියුෙව් කවුද යන්නත්. අැයි ලියූෙව් යන්නත් ෙසවීමට ෙම් තරම් ෙවෙහස වන්ෙන් අැයි ?

    කතන්දර වැෙඩ් අනා ෙගනය.

    ReplyDelete
  30. kenekuge Ananyathayawaya , Liyana dein misa Pudgala namayen soyanna ta wehesena Ano la gena kumak kiyannada?

    Kombuwa weda netha.... singlish Liwima gena Samawenna...

    ReplyDelete
  31. සංධ්වනි7 January 2011 at 15:37

    ටැබූ, ඔබ නැවත වරක් අනාගෙනය,

    //මේ වනතෙක් මහත්මයකු යැයි ටැබූ සිතා සිටි//

    දැන් ඔබ කතන්දර මහත්මයෙකු සේ නොගන්නේ ඇයි? ඔබව විවේචනය කල නිසාද? නැතහොත් ඔබව විවේචනය කරන කමෙන්ටු පල කරන නිසාද? ඔබේ උපහැරණයට අනුව නම් ඔබ අදහස් කරන්නේ දෙවැන්න බව පෙනේ.

    නමුත් මේ දෙකම ඔබ විසින් ඔබගේ බ්ලොග් අඩවියේදි සිදුකරන බව අමතක වූවාද? දෙවැන්න ඔබගේ බ්ලොග් අඩවියේදී ඉතා නරක ලෙස සිදුවේ. වෙනත් අයගේ නම් වලන් පවා දමන කමෙන්ටු එහි ඇතත් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනෙයි.

    ReplyDelete
  32. කොහොම වුනත් බ්ලොග් එකක දැකලා හරි කමක්නෑ කවුරුහරි පොතක් අරන් kiyavanavaanam!!!!!

    ReplyDelete
  33. ක.කා මේ ලිපිය උපහසාත්මක (අපහාසය නොව ) අරමුණින් ලිව්වත්, කියවපු අය ඒක serious ගත්ත නිසා වැඩේ පිටපොට ගිහින්.

    ඒනිසා ක.කා, ප.ප.ලි ටීකාවක් හරි ලියල ඒක හරි මගට ගැනීම විය යුතුයි.

    එහෙම නොවුනොත් වින්දනාත්මක බ්ලොග් අඩවිය කියන කතන්දර බ්ලොගයේ ප්‍රතිරූපයට හානියක් වෙන්න පුලුවන්.

    ප.ලි.
    ඉස්සර වගේ විඳින්න පුලුවන් කතන්දර ආයිත් දකින්න ආසයි.

    ReplyDelete
  34. වත්සලා කරුණාකර ඔබේ වැඩක් බලාගෙන සිටින්න.අනුන්ගේ දේවලට හොට නොදා.

    ReplyDelete
  35. දැන් ඉතින් පොතින් මුහුණ වහගෙන හිටිය හොඳටෝම ඇති කතන්දර
    මහත්තයෝ... ඉක්මනින් තව කතාවක් ලියමුද? අර ලියපු කතන්දර ගොන්නෙන් එකම එකක් පබ්ලිෂ් කරන්න අපිට මේ කෝප ප්‍රකෝප ගතිය නිමා ගන්න...

    ReplyDelete
  36. අපොයි උන දෙයක්...කතන්දර මොනාද මේ කර ගත්තේ..ප.ලි
    කොටස නිසා කතන්දරගේ අන්න්‍යතාවයත් නැති උනා වගේ...

    ReplyDelete
  37. @All
    සියළු දෙනාටම බොහොම ස්තුතියි.

    මේ හැම කමෙන්ට් එකටම වෙන වෙනම දැන් උත්තර බඳින්න බැරි නිසා -හෙට උදේ හයට පොදු පිළිතුරක් දාන්නයි ඉන්නේ.

    සුභ රාත්‍රියක් වේවා!

    ReplyDelete
  38. Dear "Kathandara",

    Please pardon me for writing in English on this Sinhala Blog.

    I have a feeling that you have a good, reasonable and well acceptable response for all the criticism aimed at you.

    I also noticed that there are lot of followers who agree with you, what you wrote about "taboo"s post regarding W3's book.

    I started following Sinhala Blogs only very recently, but I am fascinated and enjoying Sinhala Blogs very much.

    "Kathandara", "Mage Lokaya", "Aruni Shapiro","Maraya", "Janani","Abheetha","Kumarihami" are among some of my favourites

    ReplyDelete
  39. Anonymous said...

    * කතන්දර මහත්තයෝ ඔබතුමාගෙ නියම නම රසික සූරියආරච්චි කියල මම කිව්වොත් ඔබතුමා මොකද කියන්නේ

    Anonymous said...
    *කතන්දර සහ රසික සූරියආරච්චි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන්න මම නම් දන්නෙ නෑ. ඒත් මේක නම් මටත් පොඩි ප්‍රශ්නයක්.

    http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html

    මේ පෝස්ට් එකේ තියෙන විදියට

    පියා මිය ගිය පුවත
    ලැබ සිත වුවද කම්පිත
    සඟවා කඳුළු නෙත
    මා කියන බස අසන් පිය මිත

    කියන කවිය රසික සූරියආරච්චිගේ.

    /* මේක කවි පන්තියක්. උපුටා ගත්තේ රසික සූරියආරච්චි ගේ "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයෙන්. */

    හැබැයි මේ පෝස්ට් එකේ තියෙන විදියට නම් http://kathandara.blogspot.com/2010/12/blog-post.html ඔය කවිය කතන්දරගෙ.

    /* මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි. */

    ඇත්තටම මේ කවිය කාගෙද?

    Anonymous said...

    Anonymous POSTED @ January 6, 2011 5:59 PM

    Compare the two Blog-Posts made by
    රසික සූරියආරච්චි
    http://boondionline.blogspot.com/2010/08/sookiri_7593.html

    Vs
    කතන්දරකාරයා
    http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html

    The two post are identical except the signatures at the bottom.

    However, it seems both are suffering from moderate cases of Narcissism.

    Anonymous said...

    කතන්දර කාරයා යනු රසික සූරියආරච්චිම ය.සමහර විට කට්ටියට මතක ඇති කතන්දරකාරයා බ්ලොග් අඩවිය පටන් ගත් දිනවල ඔහුගේ පැරණි ඡායාරෑපයක්
    චිත්‍රමය ආකෘතියකින් බ්ලොග් අඩවියේ තිබුනා (දැන් එතන තියෙන්නේ නිල් පැහැ කමිසයක් ඇඳි රුවක්, මුහුණ නැතිව). එම කාලයේම
    ලක්බිම පුවත් පතෙහි රසික සූරියආරච්චිගේ ලිපියක් පලවුනා.සාමාන්‍යෙයන් ලක්බිම පුවත්පතෙහි ලිපියක කතෘගේ නමත් සමඟම කතෘගේ ඡායාරූපයක්
    පලකෙරෙනවා.ඒ ලිපියේ ඡායාරෑපය වූයේ කතන්දරගේ බ්ලොගයේ තිබුන උක්ත චිත්‍රමය ආකෘතියෙන් යුක්ත ඡායාරෑපයමයි.මද කලකින් කතන්දර එම ඡායාරෑපය
    ඉවත්කර දමා වෙනත් ආදේශකයක් යොදාගත්තා...

    Anonymous said...

    මේකත් බලන්න
    http://www.google.com/profiles/104749670190059709065


    මේවා හමුවේ කතන්දරකාරයා නිහඬව සිටින්නේ මන්ද ? පිලිතුරක් ලබා දීමට පුලුවන්නම් වටී...........

    ReplyDelete
  40. සමාවෙන්න.ඊලඟ පෝස්ට් එකෙන් ඔබේ පිලිතුර මම දැක්කා.......

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.