
එදා කහ සාරිය සහ මල් සාරිය කතන්දරේ පටන් ගන්න දාපු අම්මා කෙනෙකුගෙන් දුවෙකුට දෙන උපදෙස් තියෙන විරිදු පෙලේ ෆුල් වර්ෂන් එක අපේ අම්ම ලඟ තිබුණු කැසට් එකකින් අහල පෙරේද පල කළා කියෙව්ව නේද?
ඒ විරිදු පෙල කියෝල බුරාතිනෝ ලිව්ව බ්ලොග්කාරයින් ට බ්ලොග්කාරියන් ට උපදෙස් දෙන විරිදු කිහිපයක්. ඕකට වත්(සලා)ත් එකතු කළා හොඳ උපදෙස් ටිකක්. අන්තිමේදී එතන රස සාගරයක් මැවුනා ය කිව්වොත් යසපාලිත ගේ අයිය වුනත් තරහ වෙන එකක් නැහැ.
කෙල්ලන් ට උදෙස් විරිදු ටික මං කැසට් එකෙන් අහනව දැකපු අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.
මේ සෙට් එක මුලින් එකට වඩා ජොලි එකක්. මේක යන්නේ අම්මයි දුවයි අතර සංවාදයක් විදියටයි.
මෙන්න බලන්න.
මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ
ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ
කණට නොගෙන හණමිටි කාරයින් කියන බමුණු කතා
හිතට ගනිං මම්මා දෙන මේ ඔවදන් හොදින් ඉතා
පප්ප ගෙ අදහස කවදත් පරණ විදියට ම ඉන්නට
පුප්පයි මොනවා හරි කීවොතින් මාව විසිවෙන්නට
පප්ප නුඹේ තරුණ කාලෙ කොණ්ඩෙ බැඳල හිටියෙ මුලින්
කැප්පෙවුවේ මමයි එදා බඳින්න මාසෙකට කලින්
තාම පේනවා ඒ ගති ඒකයි විටකදි වහින්නෙ
සෝමපාල කෙනෙක් නිසා තමයි පරණ තැටි ගහන්නෙ
ගමණක් ගොස් එනවිට හිමි ගෙට ගන්නලු පය සෝදා
පොතක තිබෙනු දුටුවෙමි මම්මේ එය දෙනවද පහදා
වැඩකට නැති කතා ඕව මගෙ මේ කියමන අහපං
මඩ ගානෙන ගෙට ආවොත් පයිප්පෙ ගාවට ඇරපං
උණ්ඩෙ වගේ බඳිනු එපා කොණ්ඩෙ වවා දිග් ගස්සන
ඩොන්කි තියා කොට කල තරමටයි දුවේ හැඩ ලස්සන
ගෙදර දොරේ වැඩ සමගින් නිතර වවන ඉඟුරු දුරූ
කවරදාකවත් අම්මේ මේවා මට නොමැත හුරූ
පත පොත ලියලා තිබුණට අද රට තොට ගැන හිතපං
ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං
නාඹිය පෙන්වා ඇඳීම දත් පෙනෙන්න සිනාසීම
මේවා මට නොකරම බෑ, මල කෝලං අනේ මෙහෙම
බමුණු කතා ඔය සේරම ඩෝටර් අහකට දාන්න(*)
හිනා වෙයං ඇඟට හොඳයි අල්ලපු වත්තට ඇහෙන්න
(*) මේ පදේ අපේ අම්මට අමතක වෙලා හින්ද මායි ලිව්වේ.
-කතන්දරකාරයා
ප/ලි:
අපේ මහදැනමුත්ත ගේ ගෝලිච්චියෝ මේ අවවාද සෙට් දෙකෙන් මොකක් පිළිපදින අයද මන්දා?
අපේ මහදැනමුත්තගේ ගොලිච්චියෝ මේවා පිළිපදී මං හිතන්නේ. හැබැයි යසපාලිතගේ අයියා මොනව කියයිද දන්නේ නෑ..
ReplyDeleteසුභ දවසක් කතන්දර.
අද කාලෙ සමහර කෙල්ලොන්ට නම් අම්මලා දෙනවා ඇත්තෙ මේවගේ උපදෙස් තමා.
ReplyDeleteඕවා නම් අද ඉන්න බහුතර ගැහැණු උදවියට අමුතුවෙන් කියා දෙන්ට ඕනේ නෑ :D
ReplyDeleteමෙච්චර කල් කතන්දර ඇහුව, දැන විරිදු.මේකත් නරක නැහැ,
ReplyDeleteදැන් මේ කමෙන්ට්ස් වැටෙනකල් බලා ඉන්නෙ බුරාතෙනෝ,
වත්(සලා)ගෙ එහෙම නිර්මාන රස විඳින්න.තව ඇති කශ්ඨිය විරිදු දෙන්න.
කමෝන්, එන්න ඉදිරියට තව නව නිර්මාන ඉදිරිපත් කරන්න.
kalin ekata wadaa tikak manussa paatayi
ReplyDeleteමේ අම්මා කොහේ එක්කෙනෙක් ද?
ReplyDeleteමේක පනස් ගනන් වල එකක් කියල හිතන්නත් අමාරුයි
ReplyDeleteඒ උනාට එපා දුවේ කොටට ඇඳන් පාරෙ යන්න
ReplyDeleteපොලොසියෙන් ඇල්ලුවොතින් මට වෙනවා දඩ ගෙවන්න.
ආහ්... ඒ පාර කතන්දර විරිදු කියන්න අරං වත්ද? හොඳා හොඳා...
ReplyDeleteදැන් අන්ත දෙකම දාපු නිසා කතන්දර ඊ ළඟට මැද පිළිවෙත විරිදුවකින් දානවා ද?
ReplyDeleteහොඳ වෙලාවවට යසපාලිත ගොය්යට අය්යල නැත්තෙ!
ReplyDeleteඅර කඩේ යන්න අරං ඉන්න මලය වාසුදේව නං මේකට එක පයිං විරුද්ධ වෙනවට මෙන්න කැට!
@ඉන්දික උපශාන්ත
ReplyDeleteඅයිය කියන්නේ ඉස්සෙල්ලා උපදින කෙනාටයි. ඉස්සෙල්ලා මැරෙන කෙනාට නෙමේ!
@සියළු දෙනාටම
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරවලට.
@Aruni
ReplyDeleteමං හිතන් ඉන්නේ තාත්තා ගෙන් පුතාට අවවාද විරිදු පන්තියක් ලියන්නයි!
අපි මේ බලන් ඉන්නේ ඒක අහන්නයි.(තාත්තා ගෙන් පුතාට අවවාද විරිදු ) ඔයා විරිදු පටන් අරන් අන්න වලව්ව පුරා දැන් විරිදු පැතිරිලා. හොඳ වෙලාවට මට විරිදු ලියන්නත් බෑ. කියන්නත් බෑ.
ReplyDeleteඅපරාදෙ කියන්න බැහැ අපූරු අම්මන්ඩි......
ReplyDeleteඅනර්කලී නගාවයි, එයැයිගෙ අම්මාවයි මතක් උනා!!
ReplyDeleteඅනර්කලී නගාවයි, එයැයිගෙ අම්මාවයි මතක් උනා!!
ReplyDelete