Saturday 6 November 2010

ඔය කලිසමේ නම මොකක්ද?


මැදපු කමිස ගැන ලියපු කතන්දරේටත්, මැදපු කමිස මොකුත් නැති එකේ රහස ගැන ලියවුණු දෙවෙනි කොටසටත් හොඳ ප්‍රතිචාරයක් ආපු නිසා, මට හිතුණා අද කලිසං ගැන කතන්දරයක් ලියන්න.

දැන් අපි මුලින්ම දැක අඳුණාගන්න කෙනෙකුගෙන්, අර ගනේමුල්ලේ කුරුවිට ගෙන් වගේ, "ඔයා ගේ නම මොකක්ද"? කියල අහන එක සාමාන්‍ය දෙයක් නේ. කොල්ලන් ට, කෙල්ලන් ට විතරක් නෙමේ බල්ලන්ටත් නම් තියෙනව.

සමහර ගෙවල්වලටත් නං තියෙනව, "ශ්‍රියාවාස", "නවාතැන" වගේ. ඒ වුණාට අපි ගෙදරක ඇඩ්‍රස් එක අහනව මිසක ගෙදර නම මොකක්ද කියල අහන්නේ නෑනේ.

එහෙව් එකේ, "ඔය කලිසමේ නම මොකක්ද?" කියල ප්‍රශ්ණයක් අහන්න වුනොත්?

ඔන්න මං ඒ ලෙවල් කරන කාලේ අපේ ගෙදර මල් පැළයක් තිබුණ අපේ අම්මගේ. මේක මල් බිස්නස් එකක් කරපු නෑයෙක්ගෙන් තෑග්ගකට ලැබුණ පැලයක්. අම්ම කිව්වෙ හරිම වටින එකක් කියලයි. මල් වර්ගයේ නම "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්".

ඕක අපේ ගෙදර ගෙනැල්ල සාත්තු සප්පායම් කර කර සෑහෙන කාලයක් ගතවුණා. අනේ කොල දෙක තුන හෙමිහිට ඇවිත් මේක බොන්සායි පුවක් ගහක් වගේ කණාටුවට හැදෙනව මිසක් ආපු මලක් නම් නෑ.

අපි අම්මට ඕක ගැන විහිළු කරන්න පටන් ගත්ත.

ඔය දවස්වල, මං මරදානෙං රෙදි අරගෙන ගම්පහ "රෙස්ටන් ටේලර්ස්" එකෙන් මැහැව්ව දුඹුරු පාට කොඩ්රෝයි කලිසමක්. ඒ දවස්වල වීක් එන්ඩ් එකේ ටියුෂන් කඩවලට යන්න මං නිතරම ඇඳපු කලිසමක් තමයි ඒක. ඒ කාලේ මගේ ප්‍රියතම කලිසම ඒක කියල කිව්වොත් නිවරදියි.

ඒත් මොන හේතුවක් නිසා හරි අපේ අම්මා මගේ මේ කොඩ්රෝයි කලිසමට කැමති වුනේ නෑ.

මං මොකද දන්නවද කලේ? මගේ කොඩ්රෝයි කලිසමට නමක් දැම්මා. "ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා!"

අම්ම ගේ රියැක්ෂන් එක ගැන අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ?

ඉන් පස්සේ මට තේරුණා, කොල්ලන් ට, කෙල්ලන් ට, බල්ලන් ට වගේම කලිසම් වලටත් නං දාන්න පුළුවන් නේද කියලා.

මල්ලිගේ කලිසම් වලට තමයි මං ඊ ලඟට නම් දැම්මේ. මෙන්න ඒවායින් මට මතක කීපයක්.

"බෙල් මාටියා" - මේ නම දැම්මේ කාටූන් කැරුක්ටර් එකක් සිහිවෙන්නයි
"පීචං" - පොර ගේ කලිසම් වලින් සවුත්තුම එක.
"කපුටු කාක්" - අමුතුම කළුපාටකින් යුතු කලිසමක්.

අනේ මන්දා මට විතරද කියලා මෙහෙම කලිසම් වලට නං දානව වගේ පිස්සු කල්පනා ඇවිල්ල තියෙන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
මාස ගාණකට පස්සේ "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්" මල් ගහේ එකම එක මලක් ආවා!

16 comments:

  1. ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා!!!!

    (බිම පෙරලෙමින් හිනා)

    ReplyDelete
  2. ෂර්ට් වලට එහෙම නම් දැම්මේ නැද්ද ?

    ReplyDelete
  3. ප්‍රයිඩ් ඔෆ් කතන්දර කියල දැම්මෙ නැද්ද?

    ReplyDelete
  4. අනේ අයියේ උඹටත් හිතිලා තියෙන ඒවා. අපේ ගෙදරත් ඔය වගේ මල් පැල නම් වැහි වැහැලා, ඒත් එක මලක් වත් නෑ... සමහරවිට මම office ආවට පස්සේ පිපිලා ආපහු යන්න කලිං පරවෙලා හැලිලා යනවා ඇති.. හි හී....

    ReplyDelete
  5. කොටම කලිසම- ගංවතුර
    අඩුවෙන්ම හොදන 1ක - හපු‍ටු කලිසම..
    මගෙත් කමිසයක් තිබුන පිටරටින්න් හම්බඋන...
    මගෙ යාලුව නම දැම්මෙ මාරය කියල... හැබැයි එක වැඩිපුරම ඇන්දෙ පොර...
    සමහර කලිසම්වල නම් නම ගහලම එනව..
    පරනම කලිසමට හම්පඩය කියලත් කියනව...

    මම නිතරම අදින ඇදුමට හාමිනේ කියන්නෙ ජාතික 1ක කියල..

    වාසගමත් එක්කත් නම් තියනව
    උදා:- හමගිය ඩෙනිම..
    පට්ට කලිසම...
    පැච් ඩෙනිම... (කම්බි වැටවල්වලින් පැනල නව්කරනය උන එව)
    A/C කරපුවත් තියනව
    සුබ දවසක්...!!

    ReplyDelete
  6. පට්ට ආතල්. හැබැයි වාහනවලට එහෙම නම් දානවානේ. ඒ වගෙ අපේ යාලුවෙක් ඉන්නවා නම ටිකක් අමුතු. මිනිහගෙන් නම දැම්මේ කොහොමද කියලා ඇහුවම කියනවා "අම්මා පාරෙ යන ලොරිවලින් බස්වලින් බලාගන්න ඇති කියලා"

    ReplyDelete
  7. අපේ කාලේ කොඩ්රොයි කලිසම් වලට කිව්වේ 'ගල් සියඹල' කලිසං කියල.

    -ලොකු

    ReplyDelete
  8. අපෝ ඔය කලිසම් වගේ ද සාරි... මගේ නම් සාරි හැම එකකටම නම් තියෙනවා ......


    අපේ ගෙදර නම් කලිසම් අයිතිකාරයෝ එක්කෙනයි වුන්නේ... ඒවට නම් වානම් කියන්න බැහැ ....

    ReplyDelete
  9. අපෝ ඔය කලිසම් වගේ ද සාරි... මගේ නම් සාරි හැම එකකටම නම් තියෙනවා ......


    අපේ ගෙදර නම් කලිසම් අයිතිකාරයෝ එක්කෙනයි වුන්නේ... ඒවට නම් වානම් කියන්න බැහැ ....

    ReplyDelete
  10. කලිසමට ඉස්සර කාලෙ ගමේ ගොඩේ සරං අඳින මිනිස්සු කියලා තියෙන්නේ එකොළහේ කණුව කියලායි.

    ReplyDelete
  11. හැබැයි මේ පින්තූරේ තියන කලිසම් දෙක, ඔයාගේ නෙමේනේ.

    ReplyDelete
  12. පොඩිකාලේ දවසක උදේ නැගිටිද්දි කොට්ටෙ ලඟ හඳමාමා කොට කලිසමක් තෑග්ගක් විදිහට තියලා ගිහිං තිබ්බා. ඒ සතියක් යහපත් කල්කිරියාවෙන් හිටිය එකට. ඒකට මම කිව්​වෙ "හඳමාමා" කලිසම කියලා.

    කුරුලු හමුදාවෙ ඉන්න කාලේ මගේ ඩෙනිමක් තිබ්බා. ඒක හොදලා වැලේ දාලා වෙලිලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොකෙක් හරි හොරෙන් ඈඳන් යනවා. අන්තිමට මම ඒක ගැන ආසාව අත්ඈරියා. ඒ ඩෙනිමේ "ස්පිරිට්" කියලා හදාපු කට්ටිය නම ගැහලා තිබුනට කොල්ලො ඒකට කිව්වෙ "කාගෙත් ඩෙනිම" කියලා.

    ReplyDelete
  13. ඇති අන්තිමට එක මලක් වත් ආපු එක.
    මමත් ඔය නම් තියන වැඩේ කරල තියනවා. ඒත් ඇඳුම් වලටනම් නම් දාන්න හිතුනෙම නෑනේ...

    ReplyDelete
  14. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    ඒ දවස්වල මගේ සමහර කලිසං වල ආවේ බගන්දිරා මල්!

    ReplyDelete
  15. මගේ කලිසං ඔෆිස් ඇඳලා කාලෙ ඉවර වුනහම කකුල් කොට කරලා ගෙදරට අඳිනවා.වැඩි පිරිමැස්මට. ඒවට ගෙදර අය කියන්නෙ සකල බුජන් කියලා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.