Tuesday 6 July 2010

කොල්ලන්ට පොඩි උපදෙසක් - කෙල්ලන් ට මේ කතන්දරය බැලීම තහනම්ය


මේ කතන්දරේ නං කතන්දර බ්ලොග් එකට එකතු වෙන හොඳම හොඳ කතන්දරයක් බවයි මගේ හැඟීම.

ඕනැ නං එකඟ වෙන්න, එපා නං එකඟ වෙන්න. (ඔය කියමන මගේ පරණ විද්‍යා ගුරුවරයෙක් ගේ මොටෝ එක පොඩ්ඩක් වෙනස් කරල හදාගත්තු එකක්!)

මං දැං මාස දෙක තුනකට කලින් කිව්වා මතකද, මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා කළ ප්‍රකාශයක් ගැන කතන්දරයක්. බලපු නැති අයයි, අමතක අයයි, ඉස්සෙල්ල ඒක බැලුවොත් හොඳයි. (නැත්තං පස්සෙ ගිහින් බලන්නකෝ).

අද කතන්දරයත් ඒ වගෙමයි, හැබැයි ඊට වඩා අති ප්‍රභලයි.

කාලෙකට ඉස්සර කතන්දර කුමාරගෙ සිතටත් ඔය කොයි, කොයි කුමාරලටත් වෙන විදියට ආදර සිතුවිලි ගලා ගෙන එන්න පටන් ගත්තා.

සියයට පනහේ ඒක පාර්ශවික ආදර සම්බන්ධතා නම් අපමණක් තිබුණා. ඒවා කවි වලින් එහාට ගියේ නැති තරම්.

තවත් ටිකක් කල් ගිහින් අර කන්ද උඩරට තිප්පොලේ කල් මරණ කාලේ, ඔන්න ඉතිරි සියයට පනහ සෙට් කරගන්න උත්සාහ ගන්න තරම් තත්වයකට කතන්දර පොර දියුණු වෙලා ආව.

අන්තිමටම දැක්ක අළුත් නැව නැංගුරම් ලාපු කාලේ ඔන්න ඉතිං මාර රැග් එකක් කාලා, පැය ගානක් තිස්සේ රස්තියාදු වෙලා, ෆේස් 2 ෆේස් සෙෂන්ස් පහක් විතර පවත්තලා (මේ ක්‍රියාවලිය සේදීම ලෙසින් හැඳින්වේ!) අර භයානක ප්‍රශ්ණය දැම්මාය කියමුකෝ.

පස්සෙන් පහු අද වගේ දවසක කතන්දර බ්ලොග් එකට කතන්දරයක් එකතුකරන්න මොකක් හරි සම්මාදමක් වෙන්න ඕනෑ නේද කියල හිතෙන්න ඇති!

කෙලින්ම "මට බැහ්!" කියල නොකිව්වත්, හොඳ ලස්සන වචන වලින් කණට ආවෙ අර අපි හුඟ දෙනෙක් අහල පුරුදු දුක්බර නෙගටිව් උත්තරේ.

එවෙලෙ මගෙ මූණ මැලවිලා යන්න ඇති, ඒකයි මෙහෙම කියවුනේ ඊ ළඟට.

"අනේ කතන්දර මා එක්ක තරහ වෙන්න නං එපා!"

ඔන්න හරියටම මේ වෙලාවේ තමයි ඒ ඓතිහාසික මොහොත උදාවුනේ.

සමහර විට -හරියට අර චූටි ටීචර් ගේ කතන්දරේ දී කිව්වා වගේ- කතන්දරකාරයාගේ තැනට සුදුසු නුවණ වෙන්න ඇති.

සමහර විට කතන්දරකාරයාගේ අවංකකම වෙන්න ඇති.

බොරු නොකියවෙන, හිතේ එකක් තියං එකක් නොකියන හොඳ ගතිය වෙන්න ඇති.

ඒ මොනව වුනත්, -මා එක්ක තරහ වෙන්න එපා- කියන එකට කටෙන් පිටවුනු උත්තරේ මෙන්න මේකයි!

"මං කොහොමද බබෝ ඔයා එක්ක තරහ වෙන්නේ? මං ඔයාට ආදරෙයිනේ!"

පව් නේද? දුක හිතෙනවා නේද?

ඒ වචන ටික සිත් උණුකරන වචන සෙට් එකක්. අඩු වශයෙන් එක සිතක් එදා උණුවුනා.

අනික මං මුලිනුත් කිව්ව වගේ ඔය කතාව ඇත්තම ඇත්ත අවංක එකක් නේ.

ඔයින් මාස ගානකට පස්සෙ එවරස්ට් කන්ද ඇත්තටම තරණය කරපු වෙලේ තමයි මට වැටහුනේ මගේ ඒ කතාව එදා කොච්චර සිත සසල කරල තියෙනවද කියල.

අදට එච්චරයි. හොඳේ.

අද කතන්දරේ තේරුනේ නැතිනං, ආපහු කියවලා හරි තේරුම් ගන්න. කවද හරි ප්‍රයෝජනවත් වෙයි. ඒක ෂුවර්.

මෙන්න ආයෙත් අර මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා කළ ප්‍රකාශයක් ගැන ලියපු කතන්දරේ ට ලින්ක් එක.

කතන්දරකාරයා

42 comments:

  1. හ හා.. හරියටම හරි.. ඕක ටක්කෙටම හරි.. මටත් තෙල් ටිකට වැඩ කරලා තියනවා!

    ReplyDelete
    Replies
    1. this is woderfull blog i ever read. i have my own website for my hobby. i like write about manything also chat. i think you will visit my site one day also able to chat with me myown chat room
      www.lankaweb.info

      Delete
  2. කිසියම් ප්‍රගතියක් තියෙනවද? ;)

    ReplyDelete
  3. කනට ගැහුව වගේ ** නොදී පලයං කීවොත් මොකදැයි කොරන්නේ? :S

    ReplyDelete
  4. කතන්දර තමයි දවසකටවත් පොර

    ReplyDelete
  5. තේරුණේ නෑනේ.. :'(

    ReplyDelete
  6. හහ් හහ් හා‍.. no comments කකා.. :)

    ReplyDelete
  7. එක සිතක් විතරමයි උනුවෙලා තියෙන්නේ. එහෙම නොවුනනම් කතන්දර කියන්න කතන්දර කාරයෙක් ජීවතුන් අතර නොසිටින්න තිබුනා. හික් හික් :)

    ReplyDelete
  8. කතන්දර තමයි දවසකටවත් පොර

    ReplyDelete
  9. අනේ මන්ද මට නම් මෙය නොතේරේ

    ReplyDelete
  10. ක.සු ගේ රහසේ සැගවුන ආදර කතා.....පවු අපා අපේ අහින්සකයා

    ReplyDelete
  11. මේ තමා ඉතාම ඉහලම කතන්දරේ ඇත්තටම.
    තැනට සුදුසු නුවණ සහ එතීමේ හැකියාවෙ උප්‍රිමය තමයි මේ...
    කතන්දර හොඳ සහ හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් නිසා හොඳයි. නැත්තන් අර "පිරුණ ලැම" ලට අබ සරණයි!

    ReplyDelete
  12. බොක්කෙන්ම එන ඇත්ත එහෙමම කියන එකෙන ලොකු වෙනසක් කරන්න පුලුවන්.... කතන්දරට කියවුන වචන සෙට් එකම මටත් කියවුනා... හැබැයි පටන් ගන්න මොහොතෙ නෙවෙයි ඉවර කරන මොහොතෙ... අනේ ඉතින් එයාගේ හිත උණු උනාද නැද්ද කියල නම් කියන්න දන්නෙ නෑ... මොකුත්ම නොකිය මගෙ මූණ දිහා බයවෙලා වගෙ බලාගෙන හිටියා.... මුලු සිද්ධියම ලියන්න ගියොත් කත්න්දරගෙ කතාවට වඩා දික් වෙන නිසා නවත්තනවා....

    ReplyDelete
  13. මම කලින් දාපු කොමෙන්ට් එක මැකුනද! කොහොමහරි ආයි බලනකොට ඒක් නෑ..!

    මෙන්න ආයි දැම්ම...

    "මේ තමා ඉතාම ඉහලම කතන්දරේ ඇත්තටම. මොකද තැනට සුදුසු නුවණ සහ එතීමේ හැකියාවෙ උප්රිමය තමයි මේ...කතන්දර හොඳ සහ හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් නිසා හොඳයි. නැත්තන් අර "පිරුණ ලැම" ලට අබ සරණයි!"

    ReplyDelete
  14. අනේ අම්මප..කසූ :P

    ReplyDelete
  15. ඇඩ්‍රස් නෑ ... ඉහි ඉහි :D

    ReplyDelete
  16. ඊයේ ඉදලම දැන්වීම දාල තිබුන නිසා කියෙව්වේ නෑ ඕන්..:-))))

    ReplyDelete
  17. මම නම් පලවෙනි කෙනාට කිව්වෙ කැමතිනම් හා කියන්න නැත්නම් එත් හා කියන්න කියල... මාස 10කට පස්සෙ තමයි තෙරුනෙ එයා කියල තියෙන්නෙ 2වනි හා 1ක කියල...........

    ReplyDelete
  18. මට නම් ඕක තවම හරියකට කියාගන්න හම්බ වුනේ නෑ.
    මං හිතන්නෙ .... මම කෙල්ලොන්ට ඇත්තටම ආදරේ නැති හින්දා වෙන්න ඇති.....

    ReplyDelete
  19. මම නම් පලවෙනි කෙනාට කිව්වෙ කැමතිනම් හා කියන්න නැත්නම් එත් හා කියන්න කියල... මාස 10කට පස්සෙ තමයි තෙරුනෙ එයා කියල තියෙන්නෙ 2වනි හා 1ක කියල...........

    ReplyDelete
  20. ඒක නම් නියම කතන්දරේ.....

    ReplyDelete
  21. ඔවා මෙහෙම පරසිද්ධියේ කියන එකටනම් මම ඉන්තේරුවෙන්ම විරුද්ධයි ඔං...

    ReplyDelete
  22. මේ කියන්නෙ කතන්දර හාමිනේ ගැනද?

    ReplyDelete
  23. ඇත්තටම අවංක වචන. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඔය කතාවේ කතා නායිකාවද වර්තමාන කතන්දර හාමිනේ???

    ReplyDelete
  24. හික්zz මරු

    ReplyDelete
  25. බ්ලොග් ස්පොට් එකේ අවුලක් වගේ. කරන සියළු කමෙන්ට්ස් මට ඊ-මේල් මගින් ලැබේ. නමුත් ඒවා බ්ලොග් එකේ නොපෙනේ.

    මෙය අද හැම බ්ලොග්ස්පොට් බ්ලොග් එකකටම සිදුවී ඇති නස්පැත්තියකි.

    ReplyDelete
  26. දැන් බලනකොට කතන්දරගේ කතා වැඩිහරියක් කියවන්නේ කොමෙන්ට් කරන්නේ කෙල්ලො :D

    ReplyDelete
  27. වර්ණපාල මෙතඩ් වගේ කකා මෙතඩ් !

    ReplyDelete
  28. mama kiwwa hithala uththarayak dhenna kiyalaa. eya kiwwa hithanna dheyak ne, kemathi ne kiyala :P

    ReplyDelete
  29. අනිත් හැම දේදිම වගේ ආදරයෙදිත් සාර්ථක වෙන්නෙ හොඳ Marketing පොරවල්. තමන් ව හොඳට Market කරගන්න පුරුදු වෙන්න සාර්ථකව ආදරය දිනාගන්න ඉන්න අපෙ මල්ලිලා.

    ReplyDelete
  30. @All
    Thanks for all the comments.
    මෙතන පල වී නැති කමෙන්ට්ස් ද මට ලැබී තිබේ. ඒවා තව ටික වෙලාවකින් වෙනම පල කරන්නං.

    ReplyDelete
  31. එල.. මටත් එලට වැඩ කරල තිනව

    ReplyDelete
  32. මගේ ගම හාමිනේගෙන් මම අහැවුවෙ පොසොන් පොය දවසෙ. අපි එතකොට අවුරුදු දෙකකට වඩා යාලුවො වගේ හිටියට පස්සෙ. ඒ වෙලේ ඉතින් බැහැ කිව්වා . . . ! ඉතින් මමත් මට නෙමෙයි වගේ දිව හපාගෙන හිටියා ගනන් ගන්නෙ නැතුව . . . ! පස්සෙ මගේ ගම හාමිනේ මට ඒගොල්ලන්ගෙ ගෙදර එන්න කියල හදිසි පනිවිඩයක් එවල තිබුනා මාසෙකට විතර පස්සෙ. (මම ඉතින් එහෙ යනව එනව ඉස්සර ඉඳන්ම යාලුකමට ). මම ඉතින් එහෙ ගියේ ඊලඟ මාසෙ ඇසළ පෝය දවසෙ. මෙන්න බොලේ මෙයා හා කියනවා . . . . !

    ReplyDelete
  33. කසූ තමා දවසකටවත් මිනිහා. නියම උත්තරේනේ දීලා තියෙන්නේ

    ReplyDelete
  34. එවරස්ට් නැග්ගද ? නැග්ගුනද? මට ඒක සිරාවටම දැන ගන්න ඕනා කතන්දර ....ප්ලීස්

    ReplyDelete
  35. @Cool

    ඇත්තටම කියනවා නං, කඳු පවා අපි ලඟට එන වෙලාවල් තියෙනවා! අන්න එහෙමයි වුනේ.

    ReplyDelete
  36. /ඕනැ නං එකඟ වෙන්න, එපා නං එකඟ වෙන්න. (ඔය කියමන මගේ පරණ විද්‍යා ගුරුවරයෙක් ගේ මොටෝ එක පොඩ්ඩක් වෙනස් කරල හදාගත්තු එකක්!)
    /
    මේ අර විද්‍යා ගුරුවරයා රනවිර වගෙ නමක් තියන එක්කෙනෙක්ද??....ඕක අහන්න ඕනි හන්දමයි පරන පෝස්ට් එකකට කොමෙන්ට් කලෙ

    ReplyDelete
  37. @ මදුෂාන්
    නෑ රණවීර නෙමේ, වීර කෙනෙකුත් නෙමේ, රණ කෙනෙකුත් නෙමේ. ඟෙයා අබේ කෙනෙක්.

    ReplyDelete
  38. ආආ හරි හරි..
    නැ අපිටත් ඉස්කොලෙදි ඉගැන්නුවා ඔය උදාන වඛ්‍යයම තියන සර් කෙනෙක්.ටිකක් පරන එක්කෙනෙක්.ඒකයි ඇහුවෙ..

    ReplyDelete
  39. melooo rahak naha..!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.