Saturday 10 July 2010

ගනේමුල්ලේ කුරුවිට (කියන පොර) දන්නවාද?


අළුතින් කාව හරි මුණ ගැහිල නමින් දැන ඇඳින ගත්තයින් පස්සේ, මුලින් ම අහන්නේ මොකක්ද?

"ඔයා කොහෙද?"

"මං ගම්පහ."

"ගම්පහ කොහෙද?"

"ගනේමුල්ලෙ."

"ගනේමුල්ලෙ කොයි හරියෙද?"

"ගලහිටියාවෙ."

"ගලහිටියාවෙ කොයි හරියෙද?"

"ගම්සභා පාරෙන් ගිහින් පල්ලෙහා වෙල පැත්තට යන්න ඕනැ."

ඉතිං ඊලඟට එන ප්‍රශ්ණෙ දන්නව නේද?

"අඳුණනවද, ගනේමුල්ලෙ කුරුවිට කියල පොරක්ව. අර තර්ස්ටන් එකට ගියේ?"

"ම්හු, දන්නෙ නෑ."

ඕක ඔතනින් ඉවර වෙන්නෙ නෑ.

"ඔයා කොහෙද ඉස්කෝලෙ ගියේ?"

"මරදානෙ."

"මරදානෙ කොහෙද?"

"මරියකඩේ."

"මරියකඩේ මොන ඉස්කෝලෙද?"

"මරියකඩේ සෙන්ට්‍රල්."

"ආ එහෙනං දන්නව ඇති නේද සුසන්ත සුරන්ජිත්ව. පොර මරියකඩේ සෙන්ට්‍රල් එකේ තමයි ඒ ලෙවල්ස් කලේ."

"ම්හු, දන්නෙ නෑ."

මේ කතාවලින් එක දෙයක් හොඳින් තේරෙනවා. ඒ මනුශ්‍යයෝ විදියට අපි එකිනෙකා සමග මිතුරු දමින් බැඳෙන්න තියෙන කැමැත්ත. යාළුවෙකුගේ යාළුවෙකුත් අපේ යාළුවෙක් නේ.

මියුචුවල් ෆ්‍රෙන්තෝ ඉන්න කොට හිතවත් කම තවත් වැඩි වෙනවා. අනාදිමත් කාලෙ ඉඳලා තිබුණු ඒ සංසිද්ධිය තමයි අද facebook කාරයොත් පාවිච්චි කරන්නේ.

අද කතන්දරේ මෙන්න මේකයි. සයිස් එකෙන් නං මයික්‍රෝ කතන්දරයක්.

දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහැව්වා මෙහෙම.

"මචං උඹ ගනේමුල්ලේ ඉඳලා තියෙනවා නේද?"

"ඔව්. ඒ දැන් ටික කාලෙකට කලින්."

"උඹ ගනේමුල්ලේ කුරුවිට කියන පොරව දන්නවාද?"

"ඔව් මං පොරව දන්නවා. අපිත් එක්ක ටියුෂන් ගියා."

"යන්තං ඇති."

"ඇයි බං, ඒ. උඹ කොහොමද කුරුවිටව අඳුණන්නේ? උඹ ගනේමුල්ල පැත්තේ ගිහින් නෑ නේද?"

"මං ඌව දන්නෙ නෑ බං."

"එහෙනං ඇහැව්වෙ?"

"මේකයි, මං උඹ ගනේමුල්ල පැත්තේ කියලා මං මගේ වෙනිං යාළුවෙකුට කිව්වහම, ඌ කිව්වා මට උඹෙන් අහන්න කියලා උඹ ගනේමුල්ලේ කුරුවිටව දන්නවාද කියලා."

"මං ඌව දන්නවා කිව්වනේ. ඒත් ඇයි ඉතිං ඔය උඹේ යාළුවා ඒක මගෙං අහන්න කිව්වේ?"

"මේකයි, පොර ඌට හම්බවෙලා තියෙන හැම ගනේමුල්ලේ පොරක් ගෙන්ම ඇහැව්වලු ගනේමුල්ලේ කුරුවිටව දන්නවාද කියලා. හැබැයි අද දක්වා ඌට ගනේමුල්ලේ කුරුවිටව දන්න එකෙක්වත් හම්බවෙලා නෑ. ඒකයි ඌ මට කිව්වේ අඩු තරමේ යාළුවෙකු ගේ යාළුවෙක් වෙන උඹවත් ගනේමුල්ලේ කුරුවිට ව දන්නවාද කියලා අහන්න කියලා!"

කතාව එච්චරයි. මේක හරිම සරලයි. ටියුබ් ලයිට් නං කියන්න හොඳේ මෙයාලා? එක්කෝ කමෙන්ට් එකක් දාන්න නැත්තං ඊ-මේල් කරන්න.

කතන්දරකාරයා

ප/ලි
ෆේස් බුක් එකෙන් අපිට ෆෙන්ඩ්ස් ලා සජෙස්ට් කලාට සමහර වෙලාවට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවන්න බලන කොට මෙන්න බොලේ කියනවා, "දැට් යූසර් හෑස් ටූ මෙනි ෆෙන්ඩ්ස්!" කියලා.

එහෙනං මොන මගුලකටද අපිට උන්ව සජෙස්ට් කරන්නේ?

බයිද වේ, මාත් ඉන්නවා ෆේස්බුක් එකේ. මෙන්න විස්තර.
http://www.facebook.com/profile.php?id=100000242809041

23 comments:

  1. මට වෙලාවකට හිතෙනවා FB එන්න කලින් අපි මොනවාද කලේ...කොහොමද යාලුවෝ එක්ක කිට්ටුවෙන් උන්නේ කියලා....ඒ කියන්නේ අද ඒතරමට FB අපිට කිට්ටුවෙලා.....හොඳ සහ නරක යන දෙකම නැත්තෙමත් නෑ....හැබැයි ඉතින් FB එකේ යාලුවෝ වැඩියි නම් Online ඉන්න පැය ගාන වැඩියි නම් එක තෙරුම ඇත්තටම අපි Face 2 Face යාලුවො මුණගැහෙනවා කොච්චර අඩුද කියලා..:D.

    ReplyDelete
  2. එළම කතාව.. මුලදී ටිකක් වයර් වගේ උනා.. පස්සෙ හරි.
    හපෝ facebook.මගේ කලින් facebook profile එකත් disable කලා comments වැඩී කියලා.
    comments වැඩියෙන් දාන්න එපා කියල කොහේවත් දාලත් නෑනේ...

    ReplyDelete
  3. අප්පට සිරි මාත් ගණේමුල්ල ගලහිටියාවෙ නොවැ. ඒත් මන් නම් ඔය කුරුවිටව නම් දන්නෑ...හික්z

    ReplyDelete
  4. ඇයි ඔය වගෙ තවත් එකක් තමයි කවුරුහරි ඉන්න තැන කිව්වම අහනව පන්සල කිට්ටුවට්ද? ඉස්කොලෙ ලඟ පාරද? අර ටැප් එකක් තියෙන්නෙ? අර බුදු පිලිමෙ කිට්ටුවද? වගෙ දෙවල්. ගොඩක් වෙලාවට අපි ඒ පැත්ත පලාතෙ ගිහින් නෑ.

    එත් ඉතින් ලංකාවෙ ඔන පලාතක ඔය දෙවල් තියෙනවනෙ. ඉතින් අහන් ඉන්න මනුස්සය හිතන්නෙ මේ සිරාවට තමයි අහන්නෙ කියල එයත් තව ලෑන් මාර්ක්ස් කිය කිය අහනව, මෙක දන්නවද, අරක දන්නවද? එහෙම නැත්තන් අපො නැ පන්සලට ගොඩක් දුරයි, ඔව් අර බුදු පිලිමෙ ගාවින් පල්ලෙහ පාරෙ වගෙ දෙවල්.ගොඩක් වෙලාවට ගෑනු ළමයි තමඉයි ඔකෙන් සෑහෙන්න බයිට් වෙන්නෙ. ලොල්!! - Ruk

    ReplyDelete
  5. බොහොම සරල සිංහල කතාවක් වුනාට මේ කතාවේ තියනව සිංහලයගේ තියන සංකීරණ ගතිය....
    ගිය තැන බලන්නේ කතාවට වැටිල ගමේ කෙනෙක් කර ගන්න. නැත්තම් ගමේ කෙනෙක්ගේ නෑයෙක් හිත මිතුරෙක් හරි නෑයෙක්ගේ නෑයෙක් හරි කර ගෙන මිසක් පස්ස බලන්නෙ නැති ජාතියක් නේ අපි....

    යාළුවො නම් එක්දාස් ගාණට ඒත් හිතේ පැසවන ප්‍රශ්ණයක් හරියට කියා ගන්න යාලුවෙක් නැහැ....

    මට නම් ඉතින් එහෙම අය කිහිපදෙනෙක් බ්ලොග් කෙරුවාවෙන්ම මුණ ගැහුන...

    මේ ලෝකේ කොහේ හිටියත් තමන් තේරුම් අරන් වචන දෙක තුනක් කතා කරල හිත සැහැල්ලු කර ගන්න පුලුවන් යාලුවෙක්ගෙ අගේ නම් කියල නිම කරන්න බැහැ...

    ගණේමුල්ල කරවිටට වුනෙත් එහෙම දෙයක් නේ. තමන්ව දන්න කියන එකෙක් හරි ගණේමුල්ලෙ ඉන්නව කියල දැන ගත්තම හිත පස්වනක් ප්‍රිතියෙන් පිනා යන්න ඇති....

    ReplyDelete
  6. මරු කතාව... ඔය මූනු පොත නම් හපොයි ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්

    ReplyDelete
  7. ඇයි තර්ස්ටන් එකට මරියකඩේ සෙන්ට්‍රල් වගේ නම්බුනාමයක් නැද්ද කසු !.

    ReplyDelete
  8. ඒ හරි වැඩක්නේ බන්.. ගනේමුල්ලේ කුරුවිට කෙනෙක් මාත් දන්නවානේ

    ReplyDelete
  9. දැන් ඉන්න එවුන් , උන් තමන් ගැන අහන්නෙත් ඔහොමනේ !!!!

    ReplyDelete
  10. අපේ අය බලන්නේ කවුරු හරි කොහොම හරි සෙට් කරගන්නනේ...

    ReplyDelete
  11. @All
    සමාවෙන්න. මගේ අනිත් කතන්දරවල වගේම කුරුවිට කියන්නේ හරි නම නෙමේ. ලඟින් යන නමක්.

    සේරම කොමෙන්ටු වලට ස්තූතියි.

    හෙට ලොකු පාටියක්. හැමෝම උදේ හතට එන්න කේක් කන්න.

    ReplyDelete
  12. හික් හික්!! සිරා කතාව!!

    ReplyDelete
  13. තර්ස්ටන් එකට දාන්න තුම්මුල්ල සෙන්ට්‍රල් කියලා

    ReplyDelete
  14. හානේ ... හරි ෂෝක් කතාව ... මේක කියවල නිකන් මට නිකන් විචිකිච්චාව වගේ .. හි හි

    ReplyDelete
  15. @කතන්දර ... අර කිව්වත් වගේ දැන් තියෙන්නෙ ව්‍යාජ සම්බන්ධතා නිසා ඉතින් යාළුවො 1000 ගානක් හිටියත් වැඩක් නෑ :|

    ReplyDelete
  16. කතන්දරේ කොහොම වුනත් O/L කාලේ ස්ටේශමේ වල කෙලපුවා මතක්වුනා බොඩ් එක දැක්කාම

    ReplyDelete
  17. අර තව කතාවක් තියෙන්නේ

    ආ කතන්දර නාන්න යනව වගේ

    නෑ මේ නාන්න යනවා

    මං හිතුවෙ නාන්න යනව කියලා

    ;)

    ReplyDelete
  18. අනේ මෙ මාත් දන්න කියන අය ගණේ මුල්ලේ ඉන්නවා.
    ඔයා අඳුරනවද දන්නේ නැහැ.
    (තේරුණාද මන්දා..?)

    ReplyDelete
  19. මම නම් කවුරු හරි ඉන්න දිහා කියපුවාම ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ මොකක් හරි කීයලා ඒ හරියෙද කියලා අහනවා.

    ඒක ගැන ටිකක් විස්තර කියද්දී පොර හිතන්නේ මම හොඳට් ඒ පැත්ත ගැන දන්න කෙනෙක් කියලා.

    උදාහරනෙට ගනේමුල්ලම ගත්තොත් කවුරුහරි ගනේමුල්ලේ කීයලා කියපුවාම මම අහන්නේ කමාන්ඩෝ කෑම්ප් එක හරියෙද ඒ නැත්නම් ස්ටේෂන් එක හරියෙද කියලා.

    මම තාමත් ඔය පැත්තේවත් ගිහින් නැහැ. ඒත් ගානට කතාව කරගෙන යන්න දන්නවා :)

    ReplyDelete
  20. ගනේමුල්ලේ කුරුවිට22 November 2010 at 14:59

    ඈ බං කතන්දර, උඹ මාව දන්නවද?
    මං උඹව දන්නෙ නෑනේ.....!!!!!!!

    ReplyDelete
  21. Ehenam kakä daNawada Ganemulle ulukade handiye pallehata yaddi right side kaha päta gäpu tattu 2 gedara?

    ReplyDelete
  22. aaaa...me ara ehagedara aiya gana ne kiyanne me..ganemulla hemmali vidyale langane ...mama hithanne mama eyawa antimata dakapu dawasanam mata mathaka na..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.