Sunday 24 March 2013

ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us


ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.

ඇය: කතී (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?

මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?

ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.

මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.

ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?

මම: හ්ම්!

මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය වන මිල්ටන් පෙරේරා ගේ "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.

මෙන්න මං ඊයේ රොටි හදපු හැටි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

උවමනා ද්‍රව්‍ය:
තිරිඟු පිටි සහ ගා ගත් පොල් ඇති පමණ
ලුනු ස්වල්පයක්


සාදන ක්‍රමය:
පලමුව පිටි, පොල් සහ ලුනු භාජනයකට දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර වැඩි වුනොත් පිටි සහ පොල් එකතු කර ගන්න.


දැන් පිඟානක් මත පිටි ස්වල්පයක් ඉස, මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ඔබ දැක ඇති රොටියක හැඩයට සාදා ගන්න. මෙය රොටිය වැඩිම ලෙස හැඳින්වේ.


රොටි පුච්චන්නේ තාච්චියේය.


එක රොටියක් පිච්චෙන අතර තව එකක් වඩවා රෙඩි කර තබා ගත යුතුයි.


අවශ්‍ය නම් පැරලල් ප්‍රොසෙසින්ද කළ හැක.


මෙන්න බලන්න සාදාගත් රොටි වැජඹෙන අපූරුව.


හාමිනේ කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.


රොටි සියල්ල අළෙවි විය.


රොටි සාදන්නාට වේතනය ලෙස උම්බා එකක් නොව දෙකක්ම ලැබුණි.


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් විස්තර.
1. රොටි මිශ්‍රණයේ පදම එක්වරම ගන්නට තරමක පුරුද්දක් අවශ්‍ය වේ.
2. ගා ගත් පොල් නැති නම් ඒ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ද භාවිතා කළ හැක.
3. රොටිය වඩවා ගැනීමේදී තෙල් ඉතා ස්වල්පයක් එක් කර ගැනීමෙන් රොටි කර වීම වැලකේ. නිමාවද පියකරු වේ.
4. කට්ට සම්බෝලය සෑදීමට ගන්නා ද්‍රව්‍ය රොටි මිශ්‍රණයටම එකතු කර අනා කට්ට සම්බල් රොටි සාදා ගත හැක. එවිට එහි ඇති ලොකු ලූණූ බැදී හොඳ රසක් ලැබේ.
5. වෙනත් වෑංජන් කතන්දර ද ඇත.

(image: http://www.agr.state.il.us/programs/bees/pages/bee_with_flower.htm & http://www.kateathome.com/love-birds/)

58 comments:

  1. ඔන්න කකෝ බන්ඩි උව වෙයි ඇ.

    ReplyDelete
    Replies
    1. මේ සෙනසුරාදා රෑට කාපුවා. අද ඉරිදි ඔයා කෙළ ගිල්ලාට අවුලක් නෑ.

      Delete
  2. පාන්පිටි කන්ට එපා යැයි අපේ දේශප්‍රේමින් මොර දෙන මේ වගේ දේශප්‍රේමි යුගයක රොටී කන්නට කියාදෙන කකා අනිවාර්යෙන්ම දේශද්‍රෝහියෙක් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. කකා දේශද්‍රෝහියෙකු බව මේ වනවිටත් ඔප්පු වී හමාර බව ඔබ නොදන්නෙහිද?

      Delete
    2. මේවා ඇමරිකන් පිටි නොවේ!

      පාන් පිටි නොකා සිටීම දේශප්‍රේමය නම් මා ඒ දේශද්‍රෝහියෙක් වෙන්නම්!

      Delete
  3. GEEL LAMAYINTA COOKING UGANWANA KOTA ANIV. YENMA JOKA IRENAWA, EETA PASSE ITHIN BADUMA THAMA, CHOO YANAWA, PADA YANAWA, JEE YANAWA, PAKATA KARA KIYA GANTA DEYAK NETHIWA SUKRA YANAWA. COOKERY LESSON HAMARI.

    ReplyDelete
    Replies
    1. nice comment mate !

      Delete
    2. හැමදාම එකම දේ දාන ඌත් මෝඩයි, වාරණයට ඇති විරුද්ධත්වය නිසා ඒකට ඉඩ දෙන මාත් මෝඩයි!

      Delete
    3. පාඨක අපිට එයින් විනෝදයක් ලැබෙන නිස දෙන්නම ටිකක් මෝඩ උනාට කමන් නෑ.

      Delete
    4. හැම කතන්දරේටම දාන එකම කමෙන්ටුව කියවීමෙන් ලැබෙන්නේ මොන විනෝදයක්ද? ලියන්නේ ඉංගිරිසි අකුරෙන්, ඒ මදිවාට කැපිටල්!

      Delete
  4. උදේ පාන්දර රොටි දැක්කම....

    ReplyDelete
    Replies
    1. කෝණ මාසයන්හිදි රොටි ආහාරයට ගැනීම මද සරුභාවයට හේතුවක් වන බැවින් රොටි ආහාරයෙන් වැලකී වෙනත් ආහාරයන්ට යොමු වීම යහපති.

      Delete
    2. ඇනලයිස් කරන්නෙ නැද්ද?

      Delete
    3. රොටි දැක්කම මට නම් චන්ද්‍රයා මතක් වෙනවා!
      රොටිය කරවුණාම රාහු.

      Delete
  5. උම්මා දෙක එක පාරම ලැබුණද පාන්දර වෙන්න දෙපාරටකට ද ලැබුණේ...

    ReplyDelete
  6. හාමිනේ කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.

    කකාට වැඩිය හාමිනේනෙ මහන්සි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්, මං ඒකට හරියන්න උම්මා දහයක් දුන්නා!

      Delete
  7. රස සරණිය නම් වූ අංගය මුල්ම වතාවට සිංහල බ්ලොග්කරණයට හඳුන්වා දුන්නේ අප අතරම සිටින බ්ලොග්කරුවෙකු බව ඔබ දන්නවාද? එයින් නොනැවතී මුහුණු පොතට පවා රස සරණිය හඳුන්වා දී, තම ආහාරය පිණිස අතට ගන්නා කෑම පිගානද ඡායාරූප ගත කර මූනු පොතේ එල්ලිමට පවා ඔහු දායක වී ඇති බව ඔබ හීනෙකින් හෝ සිතුවේ ද ??

    ReplyDelete
    Replies
    1. මාරයලා කකාලා බ්ලොග් ලියන්නන් අතර සමකාලිනයන් වග නොදන්නේද/

      Delete
    2. හේ නිතරම උයන ප්‍රවීනයෙකි.

      Delete
    3. සමකාලීනයෙක් උවත් අතට ගත් කෑම පිඟාන ඡායාරූප ගත කර මූනු පොතේ එල්ලන්නේ මෝඩ කම නිසා නොවන්නේ ද.

      Delete
  8. තැටිය රත්වෙලා තියෙන්නේ.
    රොටිය පුච්ච ගමුද කකා ?

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. මක් වෙලැයි අර රත් වුනේ?
      රොටි හදන විදිය කියෝලා පින්තූරු දැකලාද?

      Delete
  9. උණුසුම් වේතනයක් හම්බ වෙලා තියන්නේ :)

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද?

      බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!
      http://kathandara.blogspot.com/2012/04/how-to-enjoy-sex-every-night.html

      !

      Delete
  10. මමත් රොටී පෙරේතයෙක් මෙන්ම රොටී සෑදීමේ ඉස්පැසලිස්ට් කෙනෙක් කියා නොකියාම බැරිය. බටර් වලින් අනා හදන මෘදු රොටී, ඇතුලට අල මසාලා දමා හදන රොටී, රතුළූණු අමුමිරිස් හීනියට ලියා දමා හදන රොටී යනාදී කෝකත් හොඳට හදන්න දන්නෙමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ජංගල් කෑම වේලක් හදන හැටි දාන්නකෝ විචාරක තුමා..ඔයාලගේ කට්ටිය එක්ක ගිය දවසක එහෙම කෑම වේල් දෙක තුනක් ම කා තිබෙනවා.. හදන විස්තර ටිකක් එක්ක පෝස්ටුවක් දාමු නේද

      Delete
    2. යු ටියුබයේ outback cooking බලන්න.

      Delete
  11. මෙයාට උම්මත් හම්බෙලා! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. මේක නම් පුදුම රොටියක්.අපි නම් අඩු ගානෙ කරපිංච,ලූනු දාල තව තුබුනොත් උම්බලකඩ චුට්ටකුත් එකතු කරනව.දේශද්‍රෝහී පාන්පිටි ප්‍රමෝට් කිරීම බරපතල වරදකි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං මාළු හරි චිකන් හරි දාලාම හදාගන්නකෝ!

      එතකොට ඉඳි ආප්ප හදන්නේත් පොල් සම්බෝල එක්ක තම්බලාද? නිකං ලැවරියා වගේ?

      Delete
  13. අම්මෝ රොටීවල ලස්සන. උම්මා දෙකකට රොටී හදවගන්ට පුලුවන් උනානම්, තව උම්මා හතරක් විතර දුන්නාම ෆිෂ් කරි එකයි, ලුණු මිරිසුයි හදවගත්ත හැකිනේ.:)

    ඉගෙනගන්න අදහස අත් ඇරියා.:D

    ReplyDelete
    Replies
    1. නෑ නැ කකා උපරිම ගන්නේ උම්මා දෙකයි.. තව කරි ලුණු මිරිස් හදවගන්න නම් උම්ම වලට වඩා වටින වෙන දේවල් දෙන්න වෙනවා..

      Delete
    2. ඒව රාජ්‍ය රහස්!
      දන්නෝ දනිති.

      Delete
  14. පොල් රොටී.... කට්ට සම්බෝල එක්ක කාලා, උණුවෙන්ම කහට තේකක් බීවම නියමයි. හැබැයි ඉතින් පසුව සැරේ සැරේ වතුර බොන්න වෙනේක තමා අවුල.

    ReplyDelete
    Replies
    1. උණුවෙන් කහට බිව්වාම කටේ උඩු හම යනවා නේද?

      Delete
  15. රොටී හබයේ කවි දෙකක් මතක් වුනා....
    සැමියා:-
    රොටී රොටී හැමදාටම රොටීයේ
    රොටී ගෙඩිය වටටම රූ පිටීයේ
    රොටී හදන ගෑණී මහ මොටීයේ
    රොටී නිසා දවසක තී නටීයේ
    බිරිඳ:-
    හිතේ තමුසෙගේ හැමවිට බතේයා
    බතේ කන්න හාලුත් ගෙයි නැතේයා
    නැතේ සහල් ගැනුමට මිල අතේයා
    අතේ තබමි එනිසා රොටි පතේයා

    මේ පරණ ජනකවි දෙකක්.... දැන් නම් රොටී කන එක කරන්නේ අතමිට යහමින් තියෙන අය.(පාන් පිටි මිලයි නෙව)

    ReplyDelete
    Replies
    1. ඔබේ වර්ෂන් එකේ වචන වැරදියි, එලිසමයද නැත.

      සැමියා:
      රොටී රොටී හැමතිස්‌සෙම උයන රොටී
      තැටී සේම ලිප වටකර තියන රොටී
      මැටී සේම කන්නට බැරිය එම රොටී
      රොටී නිසා කයි දවසක මගෙන් ගුටී

      බිරිඳ:
      කකා මන්ද මට මැසිවිලි කියන්නේ
      නොකා මන්ද එක වේලක්‌ සිටින්නේ
      යකා සේම ගෙට එනකොට රවන්නේ
      රොටී තමයි රෑටත් මම උයන්නේ

      Delete
    2. උම්මා දෙකට අඩ පැන ගෙන උයන රොටී
      තම්බා තම්බා කන බත් වාගේ ද රොටී
      එම්බා ප්‍රිය බිරිඳ හැමදා උයමු රොටී
      උම්මා දෙක තුනක් තුනක් මදි හරි රසයි රොටී

      උම්මා දෙන්න බැරි නැහැ මගෙ කතීට
      සම්බා හාලෙ බත් උයලා හෙට රෑට
      රම්පා කරපිංච හෙම දාලා හොඳට
      තැම්බුන් හොඳ්ද බීවොත් හෙම හොඳ නේද

      Delete
  16. කිව්වත් වගේ රොටිය අනද්දීම ලූණු සහ මිරිස් කෑලි එකතු කළාම හොඳ ටේස්ට් එකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies

    1. ඇත්ත ඇත්ත ළූණු , කරපිංචා ටිකක් එහෙම දැම්මම
      මීටත් වඩා රසයි...

      Delete
    2. එහෙම නං ඉතිං සීනි, පැණි වගේ දේවල් දාන්න වුනත් පුළුවනි.

      Delete
    3. @ කතන්දර කාරයා

      ලංකාවේ නම් සීනි, පැණි වගේ දේවල් රොටිවලට දානවද කියලා නිච්චි නැහැ. ඇමරිකාවේ නම් දානවා වෙන්න ඕනේ. ලෝරා ඉන්ගල්ස්ගේ පොත් පෙළේ රොටියකට පැණි දාගෙන කන කතාවක් තිබුණා වගේ මතකයි

      Delete
  17. Replies
    1. Thanks. මටත් හරිම ප්‍රයෝජනයි!

      Delete
  18. me cooking padama ganu lamainta kesewethatth pirimi lamainta hoda padamak..moada me kale kollekta rotiyakawath hariyata hada ganna bane...he hee

    ReplyDelete
    Replies
    1. ලෝකේ හොඳම කෝකියෝ කොල්ලෝ බව අමතක කරන්න එපා. ලංකාවේ තරු හෝටල්වල තත්වයද එසේමයි.

      http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

      Delete
  19. රොටී මිශ්‍රණය සකස් කරගැනීම ගැන මට පළපුරුද්දක් නැති නමුත් රොටී වැඩීමටනම් දක්ෂතාවක් දක්වමි.
    රොටිය තුනී වන සේ වැඩූ විට අපූරු රසයක් ඇත. (වැඩිපුර කර වීම නිසා)
    එමෙන්ම මිශ්‍රණ අඩු ප්‍රමාණයකින් රොටී වැඩි ප්‍රමාණයක් සෑදීමේ වංචාවක්ද කිරීමෙන් කට රැවටීමට හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඇත්තටම ඉතා තුනියට සාදාගත් විට රොටි නිකං ක්‍රීම් ක්‍රැකර් වගෙයි!

      Delete
  20. යටම තියන රොටි ලොකු වෙලා උඩට එන්න එන්න පොඩි උනේ මොකෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි වුනේ.

      එක තාච්චියක් ලොකුයි, අනික පොඩියි. කොහොම වුනත් ගන්න පිටි ගුලියේ තරමටනේ රොටිය හැදිලා එන්නේ.

      අන්තිමේදී ෆොටෝ එක ගන්න කලින් විශ්කම්භයේ පිළිවෙලට සැකසුවා.

      Delete
  21. රොටි කනව වගේද මෝඩ කතන්දර කාරයො බ්‍රියෝෂ් කෑම......ඕනෑම අයෙකුට බ්‍රියෝෂ් කන්න හැකියාව ලැබෙන්නේ මෙහෙමයි.....

    ෆෙයාර්ෆැක්ස්, වර්ජීනියාවේ දී සෙනසුරාදා උදෑසන, ඩොලර් පහකට බ්‍රියෝෂ් තුනක් කන්න හැකියි.....

    ReplyDelete
  22. Uncle, Mea roti mishranaya packet eka kaden ganna puluvanda kiyala amma ahuva. Amma podi kaale kaala thiyanavalu. Ape cereal ekata vada rasai lu. habai digatama kanna honda nahalu neda?

    ReplyDelete
  23. අනුන්ගේ සාර්තකත්වය නොඉවසන තට්ටයෝ... ඔයා ඇනෝලාටත් නෝනලාටත් බයයි නේද?
    පඩ දමන, පුක් කතා කියන පී පී පොන්නයා

    ReplyDelete
  24. වැස්ස වැස්ස දිගටම වැස්ස.
    ගංවතුර ගලයි ද මන්දා....

    ReplyDelete
  25. රොටි හදන්න දන්නේ නැති පිරිමි ඉන්නවද කකා?
    මම නම් ආස පොල් නොදා හදන රොටි වලට,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.