Friday 10 August 2012

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!


අරුණී ශපීරෝ යනු සිංහල බ්ලොග් අවකාශයේ නම රැන්දූ වනිතාවකි. මා භාවිතාකරන භාෂාවෙන් පොර ළමයෙක් යැයි කිව හැක. වරෙක මම ඇයව සිංහල බ්ලොග් ලොවේ සුවිශේෂී තනතුරකට ද යෝජනා කළෙමි. වරෙක මම ඇයට හොඳ පාඩමක් උගන්වන්නට ද හැදුවෙමි.

අරුණී ශපීරෝ ගේ බ්ලොගය විදග්ධ ලිපිවලින් පිරී ඇත. ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකි. විශ්ව දැනුම සිංහලෙන් බෙදන්නීය. කොටින්ම ඇය ඇවිදින විශ්ව කෝෂයක් බඳුය.

ඒ මා ඇය ගැන අවංකවම සිතන ආකාරයයි.

මා පොඩි කාලයේ උගත් "පූජාච පූජනීයානං!" යන මංගල කරුණට අනුව යමින් මා ඇයට ගරු කරමි.

බ්ලොග් ලිවීමට අමතරව අරුණී ශපීරෝ ගේ සහ මගේ සුළු හෝ සමානකම් ඇත්තේ ඒ කිහිපයක් පමණි.

අපි දෙදෙනාම කැලණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධකම් ඇත්තෝ වෙමු. එකිනොකට වෙනස් හේතුමත වුවද අපි දෙදෙනාම ආචාර්ය උපාධි අතහැර දැමූ අයවෙමු.

එහෙත් අරුණී ශපීරෝ සහ මා අතර ඇති අසමානකම් පෙරකී සමානකම්වලට වඩා ප්‍රභල ඒවා වේ.

අරුණී ශපීරෝ විදග්ධ බ්ලොගයක් ලියන්නීය. මම මුග්ධ බ්ලොගයක් ලියමි.

ඇගේ බ්ලොගයේ පලවෙන බොහෝ දේශපාලන මතවාද සහ ඇතැම් සිතුම් පැතුම් මට ඉතා දුරස්තර වේ.

මේ සියල්ල ලියුවේ, අරුණී ශපීරෝ ගේ එක් ලිපියකට මා දැමූ කමෙන්ටුවක් ඇය වාරණය කර, "මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න" යැයි කියා ඇති බව මගේ හයිකු කතන්දරයට ඇනෝනිමස් කමෙන්ටුවක් දැමූ අයෙක් කියා තිබීමයි.

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට!

අරුණී ශපීරෝ ගේ ඒ ලිපිය ලියවී තිබුණේ යුදෙව් ජාතිකයින් ගැනය. විවිධ මර්ධන මැද යුදෙව්වන් ජාතියක් සේ නැගී සිට දසත විසිර දියුණු වූ අයුරු ඇය එහි ලා විස්තර කර ඇත.

යුදෙව්වන් ගැන මා මුලින්ම ඇසුවේ මගේ අංකල් කෙනෙකුගෙනි. ඔහු එකල ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ ජිමී කාටර් විරෝධියෙක් විය. කාටර්ට විරුද්ධව රිපබ්ලිකන් පක්‍ෂයෙන් තරග වැදුණු රොනල්ඩ් රේගන් වීරත්වයේ ලා සැලකීය.

ලංකාවේ පසල් දනව්වක රාජ්‍ය සේවයේ පහලම තලයේ රැකියාවක් කල මගේ අංකල් මෙලෙස එලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පොලිටික්ස් ගැණ එතරම් උනන්දු වූයේ ඇයි ද යන්න මට අද ද ප්‍රශ්නයකි. මට එදා කාටර් සහ රේගන් යනු විදෙස් නම් දෙකක් පමණක් විය.

නමුත් මගේ අංකල් ට එය එසේ නොවීය.

ඔහු උග්‍ර රේගන් පාක්‍ෂිකයෙක් වූයේ ජනාධිපති අපේක්‍ෂක රේගන් ගේ යෝජිත විදේශ ප්‍රතිපත්තිය, එවකට ජනාධිපති කාටර් ගේ ප්‍රතිපත්තියට වඩා යුදෙව්වන්ට හිතකර එකක් වීම නිසාය. (මගේ අංකල් ලා ගේ හයි කොලිටිය බලනු මැන!)

මේ අංකල් දැන් මිය ගොසිනි (ඔහුට නිවන් සැප පතමි).

අරුණී ශපීරො ගේ යුදෙව්වන් පිළිබඳ ලිපිය කියවූ මට එක්වරම සිහිවුනේ මගේ ඒ අංකල් ගැන කතාවයි. ඉතින් මා ඒ ගැන ඉතා සංක්‍ෂිප්ත සටහනක් මගේ පයතිචාරය ලෙස එහි ලූ වෙමි.

අරුණී ශපීරෝ ඒ ප්‍රතිචාරය වාරණය කර ඇති නිසා මට එය එලෙසම මෙහි යෙදීමට නොහැක. මගේ මතකයේ හැටියට එය මෙලෙස විය.

     "මගේ අංකල් කෙනෙක් හිටියා කාටර්ට බණින, රේගන්ට වඳින. ඒ රේගන් ගේ විදේශ ප්‍රතිපත්තිය යුදෙව්වන්ට වඩා පක්‍ෂපාත නිසයි.

අද මගේ අංකල් ජීවත්ව හිටියා නම් ඔබාමට බණිනු ඇති, රොම්නිට වඳිනු ඇති, චාල්ටන් හෙස්ටන් මළ දා අඬනු ඇති!”

මුග්ධ ප්‍රතිචාරයක් යැයි අරුණී ශපීරෝ වාරණය කර ඇත්තේ අන්න ඒ ප්‍රතිචාරයයි.

අරුණී ශපීරෝ ගේ විදග්ධ චින්තනයට සාපේක්‍ෂව මගේ කමෙන්ටුව ඇයට මුග්ධ එකක් ලෙස පෙනෙන්නට ඇත.

නමුත් සත්‍යය නම්, මා ඒ ලියුවේ මගේ සිතට එවෙලේ ආ අවංක සිතුවිල්ල බවයි.

කෙසේ හෝ අරුණී ශපීරෝ ගේ සිත රිදීමක් හෝ මා ගැණ අමනාපයක් ඇතිවී තිබෙන බවට පෙනී ගිය නිසා මම අද උදෑසන පහත ප්‍රතිචාරය එහි ඇතුලත් කළෙමි.

     "මා මෙතන ලියූවේ ලිපිය කියවූ විට මගේ සිතට ආ අවංක සිතුවිල්ලයි. එහි ඔබට හෝ අන් කිසිවෙකුට අපහාසයක් තිබුණේ නැත.

ඔබේ රාමුවට අනුව එය මුග්ධ එකක් වන්නේ මගේ අඳ බාලකම නිසාය. එය මගේ වරදකි.

මගේ කමෙන්ටුව පල නොකිරීම ඔබේ අයිතියකි.

මගේ කමෙන්ටුව කියවීමෙන් ඔබ අපහසුතාවයකට පත් වූ වා නම් මට සමාවන්න.

ස්තුතියි."

මේ දෙවන කමෙන්ටුව වාරණය නොවී අනුමත වෙනු ඇතැයි සිතමි.

අරුණී ශපීරෝ සමග මගේ අමනාපයක් නැත.

මා මුලින් කියූ පුජාච පූජනීයානං කරුණ සඳහන් මංගල සූතයයේම මෙලෙස එයි.

"අසේවනාච බාලානං!"

අරුණී ශපීරෝ මගේ මුල් කමෙන්ටුව වාරණය කර මා ඇගේ බ්ලොගයෙන් දුරස්කර ඇත්තේ ඒ නිසාය.

අපි දෙදෙනාම අනුගමනය කරන්නේ එකම මංගල සූතයයි. ඉදින් මා කෙලෙස නම් ඇගේ වරදක් දකින්නද?

-කතන්දරකාරයා

(image: http://polarbearstale.blogspot.com.au/2011/06/queen-elizabeths-locket-ring-ca1575.html)

190 comments:

  1. "විදග්ධ බ්ලොගයක්" හා "මුග්ධ බ්ලොගයක්" අතර වෙනස මොකක්ද? (දැන් කියන්න එපා ගිහින් ඒක කියවන්න කියලා... මම ඒකෙත් පාඨකයෙක්....) තෙරෙන්නෙ නැති නිසයි ඇහුවෙ....

    ReplyDelete
    Replies
    1. විදග්ධ
      a. clever
      st. scholoar
      a. sophisticated
      a. tactful

      -සූස්ති ගුණේ

      Delete
    2. මා යෙදුවේ scholarly යන අරුතින්

      Delete
  2. වලියක් වලියක්...

    වැඩක් නැහැ අරුණි අක්කාත් වලියට බර නැහැ මං දන්න තරමට..නැත්තං වලි කප්පිත්තෝ පැන්ෂන් ගත්ත වෙලේ නියම වලියක් බලන්ට අපිට තිබුනා...

    ReplyDelete
    Replies
    1. kawuda me wali kappiththo....?

      Delete
    2. AnonymousAugust 9, 2012 8:01 PM
      පරිප්පුව බුකියේ ..
      කේන්දරේ බඩේ ...

      Delete
    3. //වලි කප්පිත්තෝ පැන්ෂන් ගත්ත වෙලේ ..//

      ඒ බොට වැරදිල :) . ඔය වැඩට බැහැල තියෙන්නෙ ගැන්සිය

      Delete
    4. කකා ඒ කාලෙ ඇනපු කෑල්ලක්ද මේ අරුණිෂපිරෝ ??
      ඔහොම මල පනින්න මොකක් හරි ලව් අප්සට් එකක් වෙන්න ඕන..

      Delete
  3. "විදග්ධ" තේරුම නොදැන කතා කිරීම අපහසුයි.:)

    ReplyDelete
    Replies
    1. අනේ මොනා හරි කියලා යන්න! ඔයා වගේ අයට තමයි මේ බ්ලොග් එක තියෙන්නේ

      Delete
    2. ඔයාගේ බ්ලොගත් විදග්ද තමයි.අපිට නෙමෙයි පැණි පෙරන්නන්ට ...

      Delete
    3. මා යෙදුවේ විදග්ධ = scholarly යන අරුතින්

      Delete
  4. චැහ්ඃ ..... මමත් දුවගෙන ආව වලියක් කියල. මම හිතුවෙත් කතන්දර රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ ලියල ඇති කියල. කොහෙද, මේක මේ සාමදාන ලියවිල්ලක් නේ. හික් හික් .....

    ReplyDelete
    Replies
    1. පැපරාසියා11 August 2012 at 01:22

      මම මේ පොඩි රහසක් එලි කරන්නෙ.. කතන්දර මේක බ්ලොක් කරේ නැත්තන් ඒ කියන්නෙ පොර බය නෑ..

      අරුණි ශපිරෝ කියන්නෙ කතන්දර හාමිනේට තමයි..
      එහෙම නේද රසික මහත්තයො..

      Delete
    2. "පැපරාසියා" නමටත් ලැජ්ජ කමෙන්ටුවක්

      Delete
    3. මේක මුලින්ම මගේ නම බේරාගන්න ලියූ එකකි.

      දෙවනුව, මා දැමූ කමෙන්ටුව නැතුව එය මුග්ධ එකක් යැයි කියා තිබීම නිසා අන් අයෙකුට තමාම කියවා තීරණය ගැනීමේ හැකියාව නැතුව ගොස් ඇති නිසා එය නිවරද කිරීමද අරමුණ විය.

      Delete
  5. කියවලා සරලව තේරුම් ගන්න බැරි මල මඟුල් කොයි තරම් හොඳයි, මොකද්ද "විදග්ධයිද" මන් නම් කියවන්නෙ නෑ..පොතක් කියෝනවා ඒ වෙලාවෙ..

    ReplyDelete
    Replies
    1. වෙනි ද විදග්ධයෙක් බව පෙනේ. පොත් පවා කියවයි!

      Delete
  6. අයියෝ කඩුපයිට් දුනු පයිට් බලන්න ආවෙ. අපරාදෙ අපේ සුපියල් පා කේව.

    ජෝක් ඉවරයි. දැං සීරියස්,
    ඔය ලමයි දෙන්න රන්ඩු වෙන්නෙ නැතුව ඉන්නවද!

    දැං ඊටත් සීරියස්,
    කකාගෙ ප්‍රතිචාරයේ තියන වැරැද්ද මොකද්ද? ම්හු අපිට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් මේ දුවගෙන ආවා වලියක් කියලා.. කකා වලියකට යනවා නම් අපිත් පස්සෙන් හැංගිලා හරි ඉන්න යන්න එපැයි....
      මේක මේ සාමදාන පත්‍රිකාවක් නේ....

      කකාගේ කතාවේ ඇති වැරැද්ද මොකද්ද කියලා මට නම් තේරෙන් නෑ... ඒකෙ කිසිම මෝඩ කමක් තියෙන්වද කියලාත් අනේ මන්දා....
      මුග්ධ කියන එකේ සාමාන්‍ය තේරැම ඒක නේද....?

      Delete
    2. මගේ කමෙන්ටුවේ ඇති වරදක් මට නොපෙනේ.
      එහෙම වරදක් මට පේනවා නම් මං එහෙම දාන්නේ නෑ නේ!

      Delete
  7. ඇය ප්‍රතිචාරය පළ නොකිරීමට හේතුව දක්වා ඇත. කෙසේ වෙතත් නියම මිතුරන් මේ නිසා විරසක විය යුතු නැත. අරුණිගේ සෑම ළිපියක්ම කියෙව්වත් බොහෝවිට ප්‍රතිචාර නොදමන්නේ මගේ ලිවිමේ කුසලතාව එහි ඇති ළිපි හා සමාන නොවන නිසාය. මේ ළිපිය පිළිබඳව ඊශ්‍රාලයේ කාළයක් ජීවත් වූවකු වශයෙන් මෙයට විරුද්ධ අදහස් ඇතත්. මා එය නොළියූවේ ජාතීන් ආගම් යන කාරනා සංවේදී මාතෘකා වන නිසාය.

    ReplyDelete
    Replies
    1. මාත් ඇගේ ලිපි කියෙව්වට කොමෙන්ට් නොදමන්නේ ඔය හේතුව නිසාම තමයි! අපිට හිතෙන දේ හිතෙන විදිහට දාන්න අපි සතු දැනුම මදි කියලා ගොඩක් වෙලාවට හිතෙනවා

      Delete
    2. ඒකනම් ඇත්ත අපි ඔම්ලට් එකක් කියල හිතුවට ඇඳල තියෙන්නෙ ඉර(SUN ) නම්.....

      Delete
    3. මට මතකයි මාතලන් ඊශ්‍රායල් ගීතයක් ගැන ලස්සන ලිපියක් ලියලා තිබ්බා. අරුණිගෙ ප්‍රශ්ණෙ, ඈ විවේචනය නොඉවසන එකයි, ඇයගෙන් සාධාරණ විවාදයක් බලාපොරොත්තු වෙන එක විහිලුවක්. ඒත් ඒ ලිපිවලින් සෑහෙන්න දෙයක් ඉගෙන ගත හැකි නිසා, හොඳම දේ කියවල සද්ද නැතුව එන එකයි.

      //මේ ළිපිය පිළිබඳව ඊශ්‍රාලයේ කාළයක් ජීවත් වූවකු වශයෙන් මෙයට විරුද්ධ අදහස් ඇතත්. මා එය නොළියූවේ ජාතීන් ආගම් යන කාරනා සංවේදී මාතෘකා වන නිසාය.//

      සහතික ඇත්ත. අපේ මතය කුමක් වුවත්, ඇගේ මතයට එකඟ නොවේ නම් අපට එය එහි සාකච්චා කල හැකි වාතාවරණයක් අද එහි නෑ. එය එසේ වීමට හේතුව, ඇයව කීප වරක් අපේ "ජනහිතකාමී" බ්ලොග් ත්‍රස්තවාදීන්ගේ අමන ප්‍රහාර වලට ලක්වීම නිසා වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ.

      කතන්ද්‍ර, නියම සර්පයා දු‍ටුවෙහිද? :)

      Delete
    4. මේ පෝස්ටුව මුලින්ම මගේ නම බේරාගන්න ලියූ එකකි.

      දෙවනුව, මා දැමූ කමෙන්ටුව නැතුව එය මුග්ධ එකක් යැයි කියා තිබීම නිසා අන් අයෙකුට තමාම කියවා තීරණය ගැනීමේ හැකියාව නැතුව ගොස් ඇති නිසා එය නිවරද කිරීමද අරමුණ විය.

      Delete
  8. යේක අර කිවුවත් වගේ, යෙපිලා ආවෙ මෙතන කඩු ෆයිට් යනවා කීලා හිතාගෙන.. අපේ රුපියල් පා කේවා.. :D

    ReplyDelete
  9. වල් ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්ලුනෙ.. :)

    ඔන්න මමත් යුදෙව් ඉතිහාසය ගැන කතාන්දරයක් කියාගෙන යනවා.. ඇවිත් බලන්ඩ..

    http://dreamsofharee.blogspot.com/2012/08/6.html

    ReplyDelete
    Replies
    1. ඌරොන්ට මොන සෞඛ්‍යද බං? :)

      Delete
  10. kathandara,
    obe lipiya baluwama mama hithuwe Aruni shapiro kiyanne Josep Shapiro ge nangi kenek wath kiyala.
    ethakota Josep Shapiro kiyanne Isaac Bashevis Singer liyapu THE PENITENT kiyana pothe katha nayakaya..eya bohoma adambarakara yudewwek..
    The Penitent sinhalata peralala thibune Gamini Wiyangoda me eye pereda.
    E pothen Isaac Bashevis Singer bohoma apuruwata yudew jathiya gana liyala thiyenawa.
    ithin Kaka mama me post eke topic ekata Shapiro kiyala liyala thibuna nisa methana
    awith kurutu gawata Aruni Shapiro ge blogeta gihin na.eth dan nam giya.gihin harunu athata apahu awa,,ane eka aththatama ara oba kiyapu "Widagdha" da mokakda kiyana mewwa ekak.melo deyak therune nane.
    eth obatath Isaac Bashevis ge The Penitent kiyewwanam mama kiyapu Aruni Shapiro ge brother Josep Shapiro anduna ganna puluwan...

    ReplyDelete
    Replies
    1. පොත හොයාගෙන කියවන්නම්, ස්තුතියි.

      මගේ මේ ලිපිය පුද්ගලයෙක් පිළිබඳ එකක් නොවේ. වාරණය පිළිබඳ එකකි. වරද හංගා දවුවම පමණක් පෙන්නා ඇති නිසා ලියූවකි.

      Delete
  11. මේකනෙ සෑර් කතාව.

    සෑර්ට කොහෙන්ද රේගන්, කාටර් ගැන දන්න අන්කල්ලා. සපීරොලාට විතරයි එහෙම උන් ඉන්නෙ. අනික බැඳපු එකත් යුදෙව්වෙක් කොට, හිතන්ඩ ඇති ඔය එකත් එකටම ලොස් ඇන්ජලීස් වල ඉන්න බෙන්ජමින් සපීරෝ ගැන දැනගෙන හින්ට් එකක් ගැහුවා කියල! මොකද සෑර් එතුමියට (මල-හෝන්තුව කියන වචනේ තේරුම් මොකද්ද සෑර්??)වඩා පැහැපත් උනාට, ඇමරිකන්-සුදු-යුදෙව් ස්පවුස් කෙනෙක් සෑර්ට නැහැනේ, අනික ඉතින් සෑර් ගොඩේ බයියා වගේ ලියන කොට හිතන්ඩ ඇති මුගේ අන්කල්ල කොහෙද එච්චර උගත්, මූ මටමයි මේ කෙලියේ කියලා!

    -සූස්ති ගුණේ

    ReplyDelete
    Replies
    1. මේ මොනවද කකා කිසි වලියක් නෑ ෂේප් වෙලා..සූස්තියා කකා ට වඩා සැරෙන් කොස්ස අරන් තියෙන්නෙ අද මල් පාරක් ගහල වගේ.. සූස්තියටත් වඩා සැරෙන් අරුණි අක්කට නිකං මඩ පාරක් වගේ පහර දුන්නෙ මරුවා මේ තියෙන්නෙ ලින්ක් එක
      http://maruwaxx.wordpress.com/2011/11/20/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B7%84/

      Delete
    2. අරුණී අනුගමනය කරන්නේ no warning, first strike out පොලිසියකි.

      කමෙන්ටුව වාරණය කලාට මට කම් නැත. නමුත් නඩු භාණ්ඩ හැංගීමයි ප්‍රශ්නය.

      Delete
  12. කකෝ එතන දාපු ලින්ක් එක දාලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. ලිංක් එකක් දැම්මේ නෑ බං!

      Delete
  13. ////kathandarakaraya,

    “මේ අඩවිය කරන්නේ හැඟීම් වලින් නොව විචාරයෙන් යන ගමනක්.”

    විචාරයට ලක් නොකර මුග්ධ (idiotic) හැඟීම් ලියූ ඔබ අපහාස කෙරුවේ මගේ පාඨකයන්ගේ විචාරයට හැකි බුද්ධිමය හැකියාවටයි.

    වරදක් කිහිප වරක් පෙන්වා දෙද්දී එය හදාගන්නට නොහැකියාව තව දුරටත් වරදක් නොවේ, එය ‘අනුන් ගැන කැක්කුමක් නැති බව’ පෙන්නුම් කරන පීඩකයෙකුගේ ලක්ෂණයක් වෙයි. මේ අඩවියේ ජෝකර්ලා වේශයෙන් එන පීඩකයන්ට ඉඩ දීම ද නොකරනු ලැබේ.

    //මගේ කමෙන්ටුව පල නොකිරීම ඔබේ අයිතියකි.// පැහැදිලිව ම, ඒ අයිතිය තමයි පාවිච්චි කළේ.

    කතන්දරකාරයා සමාව ඉල්ලා සිටිය යුත්තේ මගෙන් නොවෙයි, මේ අඩවිය කියවන්නට එන අයගෙන්. එය සාර්ථකව කළ හැක්කේ විචාරයට ලක් නොකරන තම හිතට අවංකව දැනුනු පමණින් ඒ මුග්ධ හැඟීම් තව දුරටත් මේ අඩවියේ නොලියා සිටීමෙනි.////


    ගහන්න ගහන්න වඳින එකත් මෝඩය, වඳින වඳින්න ගහන එකත් මෝඩි.

    දෙන්නම "බාල" නම් සේවනය කලාට කමක් නෑ.

    {"බාල" NOT "බාලා"}

    ReplyDelete
    Replies
    1. වරද පෙන්නා දුන්නේ කවදාද? වරද මොකක්ද?

      සමහර විට මුග්ධ බව නිසා මට මගේ කමෙන්ටුවේ වරද නොපෙනෙනවා ඇති.

      Delete
  14. අපිනං ඕවා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල, මෙච්චර වචන නාස්ති කරන්නෙ? දාපියකො තරුවක් :)

      Delete
  15. //විචාරයට ලක් නොකර මුග්ධ (idiotic) හැඟීම් ලියූ ඔබ අපහාස කෙරුවේ මගේ පාඨකයන්ගේ විචාරයට හැකි බුද්ධිමය හැකියාවටයි//

    හුටා! අපි නං ඉතිං විචාර බුද්ධියක් නැති ඇනෝල තමා. මොනව කොරන්නද නොනෝ, අපි වගේ මෝඩයොත් ඉන්න එපැයි :)

    ඒත් මේකත් කියන්නම ඕනෙ. එයා , තමන්ගෙ කාලය වැය කරලා ඉතාමත් වටින ලිපි ලියනවා, ඒත් ඉක්මනටම කේන්ති යනවා, විවේචනය කරනවාට කැමති නෑ. මාත් ඒ ලිපි හැම එකම වගේ කියෙවුවත්,හඳ හාව දකිනව වගේ කමෙන්ට් කරන්නෙ ඒ නිසයි.

    ඒක ඇගේ බ්ලොග් එක, පිලිතුර මත බේදයට තුඩු දුන්නත් " හක්කෙ බුදුරුස්, බොක්කෙ දඩමස්" වැඩ ඇගේ නෑ. තමන්ගෙ මතය වෙනුවෙන් දැඩිව, ඒත් එලිපිටම පෙනී ඉන්නවා. අපි ඒකට ගරු කරනවා, හැබැයි කියවල නිකං ඉන්නවා, කමෙන්ට් කරන්නේ නෑ( නොකලයි කියල ඇයට ඒ ගැන ගානක් නෑ)

    ReplyDelete
    Replies
    1. පොන්ත නෝනගේ මෙව්වා එක මෙව්වා කරන්නේ පොන්ත නෝනට ඕන හැටියටලු

      Delete
    2. කමෙන්ටුව වාරණය කලාට මට කම් නැත. නමුත් නඩු භාණ්ඩ හැංගීමයි ප්‍රශ්නය.

      Delete
  16. අද මම අරුණිගේ ලිපිය කියවද්දිම දැක්ක ඔය "මුග්ධ" කේස් එක,කකාගේ කොමන්ට් එක කපල දාල එයාගේ "ඔරොප්පු" වචන සෙට් එක දැක්ක ගමන් හිතුව මේයකා වෙන කාගෙන් හරි ආපු කුණුහරුප මගුලක් දාලද දන්නේ නැහැ කියල.දැනුයි දැනගත්තේ දාපු එක.අරුණි ට එයාගේ පියාගේ තත්වයට එන්න තව අවරුදු ගානක් ලියන්න වෙනවා.[ලිවිම අතිවිශිස්ටයි.ප්‍රතිචාර දැක්වීම ගැන නම් ටිකක් අවුල්] උගත් ආන්ටි කෙනෙක් වගේ ලිව්වට ශරීරයේ දුවන්නේ 16 යයි මාසේ ලේ ද දන්නේ නැහැනේ.අරුණි ට ඔබ දක්වා ඇති ප්‍රතිචාරය හොදයි. දිගටම ඇයගේ ලිපිවලට කොමන්ට් කරන්න."අපි සේරම [අ] මුතු ඇටේ "ඇට්ටර" දරුවෝනේ".

    ReplyDelete
    Replies
    1. "අරුණි ට එයාගේ පියාගේ තත්වයට එන්න තව අවරුදු ගානක් ලියන්න වෙනවා"

      වැරදියි..

      ඇගේ පියාත් ඔය වගේ ම අහක යන එවුවට අනවශ්‍ය විදිහට කළබොල වෙනවා.... ඊට පස්සේ එයා කලබොල වුණු හේතුව සාධාරණීකරනය කරනවා..

      සමාවෙන්න.. පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන නිසා කිවුවේ.. නැතුව මියගිය කෙනෙකුට අපහාස කරන්න නෙවෙයි.. එතුමා නිසා අපේ රටේ මිනිස්සුන්ගේ චින්තනයේ සෑහෙන වෙනසක් වුණු බව (හොඳ පැත්තට) පිළිගත යුතුයි..

      Delete
    2. අප හැමෝගේම නොයෙකුත් අඩුපාඩු ඇත. පරිපූර්ණ කවුද?

      අර පරිපූර්ණ මනමාලයෙක් හොය හොය හිටපු කුමාරිකාවට වුණු වැඩේ දන්නවා නේද?

      http://kathandara.blogspot.com/2012/03/wishlist-vs-what-you-can-offer.html

      ?

      Delete
  17. අරුණි ශාපිරෝගේ ලිපි කියවා දිරවා ගැනීමට අපහසු බවක් හැඟෙන නිසා වැඩිපුර නොකියවමි.කකා හිටි ගමන් සම්භාව්‍ය වෙමින්ද හිටි ගමන් පීචන් වෙමින්ද බ්ලොග්කරණයේ යෙදෙයි.මේ දෙන්නාම කුණුහබ්බ කියාගෙන රෙදි උස්සාගෙන ෆයිට් කරන මට්ටමට නොපැමිණෙන බව පැහැදිලිය.ඒක නිසා බිහිසුණු සටන් අපේක්ෂා කල උන්ට අපේක්ෂාභංගත්වයකට පත්විය හැක.කොහොම වෙතත් ඉඳහිට මේවගේ කොනිත්තගැනීම් නිසා බ්ලොගවකාශයේ නිදි කඩා ගත හැක.අන්මත ඉවසීම, විවේචන වලට ඉඩ නොදීම, හැමෝම තමන් මෙන් සිතිය යුතුය ඇදහීම බ්ලොග් අවකාශයේ බොහෝ තන්හි පොදු දෙයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කළේ අන්මත නොඉවසීම විය යුතුයි.

      එසේ නම් එකඟයි.

      Delete
  18. අරුණි ශාපිරොට *
    කතන්දරට **
    අපිට ******************************************
    - අටම්පහුර

    ReplyDelete
    Replies
    1. මේ මම නෙමෙයි මම ඇනෝ කමෙන්ට් කරන්නැ

      Delete
    2. සිරාවට අපි හිතිවේ උඹ කියල.කොල්ලො ගනින් තනි තරුවේ Copyrights

      Delete
    3. අටම්පහුර සමග ඇති වලි මෙතන අදින්නේ ඇයි?

      Delete
  19. කකාගෙ කොමෙන්ට් එක රිජෙක්ට් කලා කියලා අරුණි ලියලා තියනවා දැක්කම මම හිතුවා කකා මොකක් හරි කුඩු කේඩු කතාවක් කියලා තමයි කියලා....

    කකාගෙ කොමෙන්ට් එක මුග්ධද විධග්ද ද කියලා කියන්ට ඔය දෙක ගැන හරියට දැනගෙන ඉන්ට එපායැ!

    ReplyDelete
    Replies
    1. හලේ, හලේ! ඔයත් කියන කතා.

      Delete
  20. මතභේද හෝ කිසියම් අර්බුදකාරී තත්වයක් බ්ලොග්කරුවන් අතරේ ඇතිවුණාම ඒක ගැන පෝස්ට් ලියන එක ඒ ප්‍රශ්නය තව අවුලුවන ඒ වගේම ගැලරියට "ආතල්" සපයන එකක් බවට පත්වෙන එක තමා මෙච්චර කල් වුණේ. මේ අවස්ථාවේ එවැන්නක් නොවේවා කියලා පතනවා :)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ ඇවිලුනත්, ගැලරියේ "පීචං එවුන්" ආතල් ගැත්තත් ඒකේ ඇති වැරැද්ද මොකද්ද?

      Delete
    2. අම්මපා බොල, පෙරාපු ඇත්ත :)

      හැබැයි, මෙච්චර කල් එහෙම ලියපු "පිලිතුරු" පෝස්ට් එකේ ගැලරියට , සම්භාව්‍ය බ්ලොග් ලියන්නොත් ඇවිත් විසිල් එහෙමත් ගහනව දැක්කෙ නැද්ද? :)

      Delete
    3. //ප්‍රශ්නේ ඇවිලුනත්, ගැලරියේ "පීචං එවුන්" ආතල් ගැත්තත් ඒකේ ඇති වැරැද්ද මොකද්ද?//

      වැ‍රැද්ද නේද?

      පලමු වෙඩිල්ල තැබුවේ අරුණී හෝ කකා විය හැක - එය සාපේක්ශයි.
      අරුණී කකාගේ කමෙන්‍ටුව මකා, ප්‍රකෝපකාරී පිලිතුරක් දීම නිසා , කකාට මේ පොස්‍ටුව දැමීමට සිදුවුනා වියහැක. කකාගේ රචනා ශෛලිය උත්ප්‍රහාසය නිසා, එය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය හැක. මෙය තැටිය රත්වූ විට රොටිය බා ගැනීමට බලා සිටින ඇනෝලාට කරන ඇරයුමක් වීමටද බැරි නැත.

      දැං අපි බලමු , ප්‍රතිපලය. අප අතර මතවාදී ගැ‍ටුම් තිබුණද, අරුණීත්, කකාත් දෙන්නාම අපේ සිංහල බ්ලොග් අවකාශයට අවශය්‍යයි. -කකාට අරුණී වීමටත්, අරුණීට කකා වීමටත් බැරි ය. මේ දෙන්නාම , අපට යමක් දුන් අය මිස, බ්ලොග් වැසීමට දායකවූ අය නොවේ.
      ඒ නිසා මේ සීතල යුද්ධය මෙතකින් නිමා කරන ලෙස මා යෝජනා කරනවා

      Delete
    4. අරුණිත් , කතන්දරත් කියෙව්වා.

      කාලෙක ඉඳන් කතන්දර කියවලා අපිට දැන් අවුරුදු 2 ක් විතර KK ලිව්ව කතා නම් එපා වෙලා තියෙන්නේ . :) :(

      අරුණිගේ පෝස්ට් එකට දැම්ම කතන්දර කමෙන්ට් එක ගැන කිව්වොත් එතැන කකාගේ විහිලු පල් හෑලි කමෙන්ට් ලියලා වැඩක් නෑ නේ .මාත් දැකලා තියේ කකා සමහර බ්ලොග් පෝස්ට් වලට පැනලා මොකක් හරි වල් පල් කතාවක් -පෝස්ට් එකට ගොඩක් සමීප නැති , පෝස්ට් යම් කරුණක් ගැන ලියවුන වෙලාවක ඒක හාස්‍යට ලක් කරන ) කතා ලියනවා .එයාගේ කතා වල ලින්ක් එකකුත් එතැන ඔබනවා .

      දැන් ඉතින් මේ ලිව්ව පෝස්ට් එකත් අරුණිගේ නම පාවිච්චි කරලා වලියක් කියලා අඟවලා මෙතැන්ට යන එන උදවිය අද්දවාගන්න , කමෙන්ට් වැඩි කරගන්න තමයි මේ ලියලා තියෙන්නේ .මීට කලිනුත් කතන්දර ඔය දෙම කරලා තියේ සමහර බ්ලොග් කාරියන්ගේ නම් පාවිච්චි කරලා .නමුත් ඒ කවුරුත් මොලේ තිබුණ නිසා බොරුවට චූන් වුනේ නැතුව ඇති වලි දාන්න .අරුණි මේ දේ කලේ එයාගේ බ්ලොග් එකේ .සමහර විට කකාට ටිකක් ලැජ්ජ හිතෙන්න ඇති අරුණිගෙන් ලැබුණ තද උත්තරේට කමෙන්ට් එකත් මකලා .ඒක වෙච්චි ලැජ්ජව හිත රිදීම ( මොකද කකා ප්‍රසිද්ධ නිසා එතැන්ට යන අය දන්නවානේ කකාට ලැබිල තියෙන උත්තරේ) මෙක ලියන්න ඇති .එතින් මෙකේ වාසිය තියෙන්නේ කකා හොඳයි , අරුණි උඩඟුයි කියලා මෙතන බැනලා යන සමහරුන්ට .එහෙම බණිනකොට කකාගෙත් හිත සතුටුයිනේ ටිකක් හරි .කකාට අරුණිට මූණට කෙලින්ම බනින්න බැරි නිසා පෝස්ට් එක දාලා වලි නෑ අපි අතර සමාන ආසමානතා තියෙනවා කිව්වට යටි අදහස වුනේ කමෙට් ලියන සමහර උදවිය ගෙන්නලා අරුණිට බැන්නවීම :)

      Delete
    5. මේ පෝස්ටුව මුලින්ම මගේ නම බේරාගන්න ලියූ එකකි.

      දෙවනුව, මා දැමූ කමෙන්ටුව නැතුව එය මුග්ධ එකක් යැයි කියා තිබීම නිසා අන් අයෙකුට තමාම කියවා තීරණය ගැනීමේ හැකියාව නැතුව ගොස් ඇති නිසා එය නිවරද කිරීමද අරමුණ විය.

      Delete
  21. ඊෂ්‍රායල ජනතාව ගැන හොඳ අධ්යනයක් කරලා තියෙනවා ලිපිය ලියන්න.ඈ ලියූ දේ බොහෝ දුරට සත්ය වන්න්වටත් ඇති.
    'ජූදිෂම්' කියනා දහම ලෝකයට බිහි වන්නේ ක්‍රිස්තියානි දහම නිර්මාණය වෙන්න සෑහෙන කාලයකට කලින්.ජේසු තුමා පමණක් නොව ඉස්ලාම් භක්තිකයන්ගේ මුහම්මද් නබි තුමා පවා පැවත එන්නේ යුදෙව්වන්ගෙන් බව මම අසා ඇත්තෙමි.මන්ද නබි තුමා පැවත එන්නේ ඒබ්‍රහැම්ගේ පරම්පරාවෙන් නිසාවෙනි.කාලයාත් සමඟ ප්‍රබලයා දුබලයා ජය ගනී.ඒක ලෝක ස්වභාවය.එදා යුදෙව්වෝ ලක්ෂ ගණනින් මැරුණා අද ඉස්ලාම් භක්තිකයෝ ලොව වටා දහස් ගණනින් මරණයට පත් වෙනවා හෙට ඒ දේම කිතුණු භක්තිකයින්ටත් අදාලයි නේද ? බටහිර බල ලෝභීන් කරන ක්‍රියා වලට ලෝකයේ ජීවත් වන හැම කිතුණු වකුටම දිනෙක වන්දි ගෙවීමට සිදුවේවි මන්ද ඒ ඔවුන් අදහන ආගම නිසාය. නැගෙනහිර ,බටහිර,බලකාමය මේ හැම දෙයක්ම එකට එකතු වෙලා පුහු ආගමින් ,ජාතීන් වශයෙන් වෙන් කරලා ජීවිත කාලයටම සටන් වලින් පිරිලා තියේවී. අපි මැරිලා යාවී එහෙත් ආගම වාදී ජාති වාදී සටන් තවත් අවුරුදු දහස් ගණන් තියේවි.අලුත් ජාතීන් බිහි වේවි... ආගම් බිහි වේවී ලෝකය මේ විදිහටම යාවී... මෙක නේද ලෝක ස්වභාවය.
    මේ ඒ ලිපිය ගැන මට හිතුණු මං අතින් ලියවුණු සරලම විදිහ.එහෙත් ඇය කතන්දරයාට මුග්ධ(Idiotic) යයි කීම නම් හරි මදි කියලයි හිතෙන්නේ. ඒකෙන් කියවෙන්නේ තමන් එකේ විරුද්ධ බව කියා පෑම නොවේද ?

    ReplyDelete
    Replies
    1. මුග්ධ යැයි කීවාට මට අවුලක් නැත.

      ඒ නිගමනය සඳහා භාවිතා කළ නිර්නායකය ගැන අන් අයට යම් හැඟීමක් ගන්නට හෝ අදාල කමෙන්ටුව එහි නැති එකයි මගේ ප්‍රශ්නය වුනේ.

      Delete
  22. වලියක්!!!
    මේ වලිය පහුගිය කාලයේ බ්ලොග් අතර දකින්නට ලැබුණු වලි වගේ නොවේවායි පතමි!!

    ReplyDelete
    Replies
    1. මෙතන වලියක් නැත. ඉංගිරිසි ටයිටලය පෙනුනේ නැද්ද?

      Delete
    2. අපිට ඔය ඉංගිරිසි දිරවන්නේ නෑ අනේ..

      Delete
    3. Love කියන එකවත් පෙනුනේ නැති එකනේ පුදුමය!

      Delete
  23. අපේ චුටි පැටිය සෑම බ්ලොග්කරුව මොකෝ මේකට කමෙන්ට් නැත්තේ අර මගේ ලෝකයට එරෙහිව කිරිල්ලියක් වෙනුවෙන් දුන්නේ බැටේ.වැඩේ ඉතින් ශපිරෝ ලියපුවා ගැන මු දන්නේ ඒවත් සිංහල අකුරු කියල විතරනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මොර රොටි පුච්චන්න ඇවිත්. ඇයි ඔය වලි මෙතන අදින්නේ?

      Delete
    2. සෑම් එක්ක සෑහෙන තරහයි වගේ :D

      Delete
    3. සුනඛ පැටව් තැන තැන දාන බලු බෙටි පෑගෙන්නෙ නැහැ දැන් මට. මම දානවා සෙරෙප්පු. :පී

      ශපිරෝ බ්ලොග මම දැක්කෙත් කකාගෙ සීන් එකෙන්.. :)

      ඒ කියන්නේ කකා ශපිරෝට කලේ උදව්වක් නැතිනම් promote කිරිල්ලක්..??? :ඩී

      Delete
  24. කකා කෑ හැටි කැතයි
    කෑවා නේද ඉල්ලන්.
    -හයිකුවක්

    ReplyDelete
  25. මැට්ටෝ අන්න අරුණි උඹට ගැලපෙන ප්ලිතුරක් දීල තියෙනවා.
    දැන් ජෝක්කු කතාවක් හරි පඩ කතාවක් හරි ලියපන්.
    අරුණි මොන මගුල ලිව්වත් එව්වා ගෙන නම් උඹත් එක්ක හැරෙන්න වත් බැහැ.
    ඕන තැනක කඩන පැනල කමෙන්ට් කරන එක කවුරුත් කරනවා.
    නමුත් ඔහොම පච වෙවී සමාව ගන්න ඕනෙද බන්.

    ReplyDelete
    Replies
    1. තැන්කියු ආච්චී, තැන්කියු ෆෝ ද ඇඩ්වයිස්.

      Delete
  26. තැටිය රත්වූ විට රොටිය බාගන්න කට්ටිය සුරුට්‍ටු පත්තු කරගන්න ඇවිල්ලා වගේ. අනේ නෑ "මේ ලියන්නේ
    අහිතකින් නෙවෙයි,කතන්දර! :))

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ මෙන්න මේ පරණ බයිලාව.

      "ඇරපිය ඇරපිය ලුසිය දොර
      මාලු කඩේ, මාලු කඩේ ජොරා මම
      සුරුට්ටුව සුරුට්ටුව පත්තු කර
      ගන්නට ඇරපිය ලුසිය දොර!"

      Delete
    2. සුරුට්ටුව නෙමෙයි බං, සූස්තිය.

      -ලුසියා

      Delete
  27. මගේ සිංහල දැනුම කොච්චර මදිද කියල තෙරුනේ දැන්...

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකෙන් එහෙනං එක යහපතක් හෝ වුණා!

      Delete
  28. ක්‍රිමිනල් එකක් වගේ පෙනුනට මේක සුළු පැමිණිලි අංශයේ "අවවාද" වලින් ගොඩ දාන්න පුළුවන් එකක්නෙ..... :)

    ReplyDelete
    Replies
    1. අපිත් බැලුවෙ එහෙම කරන්න තමයි ලොක්කා. නිළ මැස්සො බලන්නෙම ඉඟද තියන්නමයි :)

      Delete
    2. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පිහි‍ටුවන්න වේවිද දන්නේ නෑ

      Delete
    3. සුමිත් ගේ කමෙන්ටුව මෙන්ම කවුළුව තබා ඇති ප්‍රතිචාරය ද අගෙයි.

      Delete
    4. සමහර දාට සුලු පැමිණිලි අංශයේ සාජන් ලා ට්‍රැෆික් එකට දානවා.

      http://kathandara.blogspot.com.au/2010/05/blog-post_4944.html

      .

      Delete
  29. ආපෝ මෙන්න කතන්දරත්,රමේෂා නැන්දා වගේ අනුන්ට ගේම කෝල් කරල පෝස්ට් දාන්න පටන් අරගෙන.

    හොද වෙලාවට අරුණි වගේ සම්භාව්‍ය කෙනෙක් එක්ක වලියට පැටලුනේ

    නැත්නම් රමේෂා නැන්දා වගේ එකියෙක් එක්ක පැටලුනා නම් කතන්දරට ලින්ගික අසහනය තියෙනවද , ගෑනියෙක්ගේ බ්‍රා පටියක් දැක්කම ක්ෂණික මෝචනය වෙනවද කියලා දැනගන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. අමාවිනේත්‍රා ඔයා කවද්ද බැංකොක් ගිහින් සෙක්ස් චේන්ජ් ඔපරේශන් එක කරල ගැජට් එකක් හයිකරගත්තෙ?

      Delete
    2. බ්‍රා පටියක් දැක්කාම ක්ෂණික මෝචනේ වෙන බබෙක්ට තරහ ගිහින් වගෙ

      Delete
    3. මුන් තමන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් ඩිසේබල් කරල අනුන්ගේ ඒවට ඇනෝ එනවා

      Delete
  30. METHANA THIYENNE DEDENAGE M.O.U. EKAK. SHAPIRO, WIKIPEDIA SAHA WENATH RESOURCES WALIN WISTHARA LABAGENA EYAGE BLOG EKE DIGA HARALA THIYANAWA. COMMENT KARANNE MONAWADA. EYAGE WARNA PATALLAWATH THIYANAWA.

    ReplyDelete
  31. දෙවෙනි කොමෙන්ටුව වාරණය කලාද නැතහොත් පළ කරාද කියලත් කිව්වා නම්?

    විදග්ද මුදග්දයි අතර වෙනස කියන්න පුලුවන්ද කකා?

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කමෙන්ටුව පල කර ඇත. ඒත් මුල් එක නැතුව කුමන පලක්ද?

      විදග්ධ යනු ශාස්ත්‍රීය වගේ තේරුමක් දෙන වචනයක්

      මුග්ධ කියන්නේ තකතීරු, අමන වගේ එකක්.

      Delete
    2. බොහෝම ස්තුතියි කකා

      Delete
  32. කිසිත් නොකියමි .කියන්නට ඇතිදේ සිතේම තබා ගනිමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියන්නද, නොකියන්නද?

      Delete
  33. ඇමරිකානුවෙකුයි ඔට්ටේලියානුවෙකුයි හිංගලෙන් ෆයිට් කොරනව ලාංකිකයෝ කොමෙන්ටුවලින් තමන්ගේ රොටිත් පුච්චගෙන අතල් ගන්නව.

    ReplyDelete
    Replies
    1. අත පිච්චෙයි බලාගෙනයි.

      Delete
  34. ඇනෝලා වැහි වැහැලා (මාත් එක්ක ) වලියක් ඇට්ටි හැලෙන්න දෙන්න ඇහැක් පෝස්ට් එකක් නං ඇනෝලා එතන

    හිට් කවුන්ටරේ ටැක්සි මීටරේ වගේ ඇති

    ReplyDelete
    Replies
    1. ඔයා හිට්ස් සංඝනන දෙපාර්තමේන්තුවෙන්ද ? :)
      අර "මාත් එක්ක" කිව්වෙ ඉට්ටැයිල් කෑල්ල වෙන්ටෑ?

      Delete
    2. ඔව්වොව්, අද දවල්ට කෑවෙත් හිට්ස් සම්බෝල හදලා.

      Delete
  35. ඔලිම්පික් තිබුනට මෙඩල් එකක් ගන්න තියා අහලකින් යන්න එකෙක් නැහැ.ක්‍රිකට් ගහන උනුත් ගැහුවොත් කෑව.නාටිටියක ෆිල්ම් එකක මෙලෝ රහක් නැහැ.රට ගැන දෙයක් බැලුවොත් ලේ නහර පිප්පෙනව.දෙය්යනේ කියල ආතල් එකක් දෙන්නෙ සිංහල බ්ලොග් කාරයෝ ටික ඉතරයි.තමන් ලියන ඒවායින් නෙමෙයි කොරන ඒවායින්.එහෙම බැලුවම ලාංකිකයාට අද ඉතුරුවෙලා තියෙන එකම ෆන් සප්ලයි එක සිංහල බ්ලොග් අවකාශේ ! කරුමේ කියන්නේ රටෙන් සීයට එකක් වත් තම මේ ෆන් එකට සෙට් වෙලා නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. සෙට් වෙලා ඉන්න ටික මෙහෙම නම් ඉතුරු ටිකත් ආවොත් කොහොමද කියලා මම ශ්‍රී ලාංකීය පුත්‍රයෙක් විදියට තවම කල්පනා කරනවා..

      Delete
    2. බ්ලොග් ලෝකෙත් පාර්ලිමේන්තුව වගේ වෙලාද?

      Delete
    3. වැරදියි .පාර්ලිමේන්තුවත් බ්ලොග් ලෝකේ වගේ වෙලා.දයාසිරි මන්ත්රීතුමත් කීයකටද පනින්නලු යන්නෙ !

      Delete
  36. කතදරකාරයා, ටැබූ සහ අරුණි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ දැවන්තයන්ය, වෙනත් වචන වලින් කිව හොත් පොරවල්ය. නමුත් අවාසනවට [රෝස මලත් පරවේ] මේ තිදේනාම යම්තාක් දුරකට එසෙන්ට්‍රික්ය [පොරවල් සියල්ලම එසෙන්ට්‍රික්දැයි මම නොදනිමි, නමුත් එසෙන්ට්‍රික් සියල්ලෝම පොරවල් නොවන බවනම් ටක්කෙටම කිව හැකිය].

    ඉහත තිදෙනා අතරින් ටැබූ සහ අරුණි ශපීරෝ තමන් නිවැරිදි යැයි විශ්වාස කරන මතය වෙනුවෙන් අසීමාන්තිකව පෙනී සිටින අතර එයට විරුද්ධ වන්නන් හට දරුණු ලෙස පහරදේ. කලින් kenji.japan කියා ඇත්තා සේම කෙතරම් විදග්ධ වුවත් ඔවුන්ගේ භාවිතාව දාසයයි මාසයයි මටමට පත්වේ. මේ නිසා ඔවුන් සමඟ සන්වාදයේ යෙදීම ඉතා අපහසු වන්නේ එය ටූ වේ ප්‍රොසෙස් [two way communication] එකක් නොව, ඔවුන් දෙසන බණ අසා සිටින මොන්ටිසෝරි බබාලාගේ මට්ටමට අප පත්වන බැවිනි [මෙම රෝගය අරුණි ශපිරෝට දරුණුවටම ඇත]. මේ නිසා අරුණි ශපීරෝගේ පෝස්ට් වලට කමෙන්ට් කළයුතු යැයි සිතුන නමුත් එසේ නොකර මඟහැර ගිය අවස්තා බොහෝය.

    මා බ්ලොග් කියවන්නට ගන්නා මුල් අවදියේ කතන්දරකාරයා සැබැවින්ම කතන්දරකාරයෙකුව සිටියේය. එහෙත් කාලානූරූපීව කතන්දරකාරයා අන්දරේ, නසුරුදීන් මට්ටමේ සිට බන්දු සමහරසිංහ, ටෙනිසන් කුරේ බවටද ඉන් පසුව පින් පොන් මට්ටමටද පත්වීම අතිශය ඛේදජනකය.

    කෙසේ හෝ අවසාන වශයෙන් මටනම් හිතෙන්නේ "නයාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා ඉදපන් වවුලෝ" කියා පමණි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉතාමත් අපූරු විච්චේදනයක් යයි කීමට සිතුන නමුදු, එසේ නොකියා මෙසේ කීමට ඉඩදෙන්න:

      1.ඔබ පතන සර්ව-සම්පූර්ණ බ්ලොග්කරුවා/කාරිය මනෝරාජිකයි
      2. information super-hiway අපේ ඇඟිලි අග තිබුණද, එයින් යම් මාතෘකාවකට අදාල තොරතුරු ‍තෝරාබේරා ගෙන සිංහලෙන් ලිපියක් ලිවීම ස්ර්ච් එන්ජින් එකකට කල නොහැක.
      3. සුමනදාස අමරසිංහ ? කව්ද ඒ?

      ඔබ රොටියක් පුච්චාගන්නා බවක් නොපෙනෙනෙ නමුදු, මේ අපූරු විච්චේදනයෙන් වෙන සුගතියක් නැත. ඇවීලෙන ගින්නට අවශ්‍ය පිදුරු නොව වතුර බව මගේ හැඟීමයි

      Delete
    3. අරුණි ශපිරෝ විතරයි අඩු වෙලා හිටියෙ.මෙන්න එයත් ඇනෝ ඇවිත්.

      Delete
    4. දැං මම UK වලින් ආවම උඹ හිතන්නෙ මං මහ‍රැජින කියලද? :))

      Delete
    5. I have deleted my above comment due to a personal reason. I am really sorry if I have insulted, hurt anyone.

      However I have posted part of it below.

      Thanks.

      තවත් දෙයක් අරුණි ශපීරෝ ඇවිද විශ්ව කෝශයක් බව කතන්දරකාරයා පවසයි. විකිපිඩියාව සාක්කුවේ දමාගෙන ඇවිදින අද දවසේ තරුණයා[/ණිය] සිටින්නේ විශ්ව දැනුමට බයිට් කිහිපයක් ඈතින් බව කතන්දරකාරයාට අමතකවී යයි [ඔවුන් එය භාවිතා කරනවාද නැද්ද යන්න වෙනම කතාවකි].

      Delete
    6. හයියෝ මාලං!

      කමෙන්ට් එක බයේ මැකුව නේද බොල??

      Delete
    7. ඩියර් ඇනෝ,

      කමෙන්ට් එක මැකුවේ බයට නෙමෙයි [සභාවේ සිනා]. මගේ නමින් දමපු කමෙන්ට් එකට මම වග කිව යුතු නිසා.

      වෙනත් විදිහකට කියනවනම් මම කමෙන්ට් එක මැකුවේ, මගේ කලින් කමෙන්ට් එකෙන් ප්‍රකාශනයේ නිදහසේ සීමාව [පොහ්] ඉක්මවා ගිහින් තියෙනවයි කියලා මට හිතුණු නිසා.

      Delete
    8. @ මාලන්
      කවුද මේ පින්පොන් කියන්නේ?
      ඔබ හරි, එක්කෝ මට මල්ටි පෝලර් කේස් එකක් ඇති.
      නැත්තං ඔබේ රසාස්වාදය එන්න එන්නම ඉහල ගිහිං වෙන්නත් ඇති.

      Delete
  37. //මාස්ලෝව්ගේ හයිරාකියේ ඉහලම ස්ථරයේ.... //
    හුටා කොල්ලෝ! උඹට මේ පාර ලොගවුට් වෙන්න අමතක වුනාද?
    මාස්ලොව් තියරිය ගැන ලියපු ඇනෝ උඹයි එහෙනං ඈ??

    ReplyDelete
    Replies
    1. 2+2=4 බව දන්නේ මා පමණක් නොවේ. එය බොහෝ දෙනා දනිති. 2+2=4 බව නොදන්නෙක් "අම්මට හුඩු අරූ නේද කලින් 2+2=4යි කියපු එකායැයි පවසයි.

      මාස්ලෝව්ගේ හයිරාකිය ගැන ලියූ පමණින් ඒ ඇනෝ සහ මා යනු එකෙක් යනු සිතීම ගැනද මට පවසන්නට ඇත්තේ එපමණකි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මේ මම නෙමෙයි

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. මුන්ට පිස්සුද මන්දා?

      Delete
  38. Buddimathun kisida buddhiyen adu ayawa lajja wata path nokala yuthuya. Aruni Shapiro ugath buddhimath thanaththiyak nam aya visin kala yuthuwa thibune, e commentuwa ain kireema nowa, pahathin hethuwa liya dakveema pamani

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි එහෙම කළා නම්!

      Delete
  39. තෝරු මෝරු අස්සේ හාල් මැස්සෝ මක්කරන්නද කිව්වලු

    ReplyDelete
    Replies
    1. හාල්මැස්සෝ සමහරු බයිට් එකට ගන්නවා.

      Delete
  40. ඔලිම්පික් තිබුනට මෙඩල් එකක් ගන්න තියා අහලකින් යන්න එකෙක් නැහැ.ක්‍රිකට් ගහන උනුත් ගැහුවොත් කෑව.නාටිටියක ෆිල්ම් එකක මෙලෝ රහක් නැහැ.රට ගැන දෙයක් බැලුවොත් ලේ නහර පිප්පෙනව.දෙය්යනේ කියල ආතල් එකක් දෙන්නෙ සිංහල බ්ලොග් කාරයෝ ටික ඉතරයි.තමන් ලියන ඒවායින් නෙමෙයි කොරන ඒවායින්.එහෙම බැලුවම ලාංකිකයාට අද ඉතුරුවෙලා තියෙන එකම ෆන් සප්ලයි එක සිංහල බ්ලොග් අවකාශේ ! කරුමේ කියන්නේ රටෙන් සීයට එකක් වත් තම මේ ෆන් එකට සෙට් වෙලා නැහැ නොවැ.
    100% agree

    මා බ්ලොග් කියවන්නට ගන්නා මුල් අවදියේ කතන්දරකාරයා සැබැවින්ම කතන්දරකාරයෙකුව සිටියේය. එහෙත් කාලානූරූපීව කතන්දරකාරයා අන්දරේ, නසුරුදීන් මට්ටමේ සිට බන්දු සමහරසිංහ, ටෙනිසන් කුරේ බවටද ඉන් පසුව පින් පොන් මට්ටමටද පත්වීම අතිශය ඛේදජනකය.
    1000% agree

    ReplyDelete
    Replies
    1. හා, හා එහෙම කියන්න එපා.නියම සිංහලයො විදිහට අනුන්ට කලවුනාම හිනාවෙලා, ඇවිලෙන ගින්නට පිදුරු ටිකකුත් දාලා, අල්ලපු ගෙදර එකාවත් ගින්නට තල්ලු කරලම පලයල්ලා :0

      Delete
    2. කවුද මේ පින්පොන්? වහාම හොයා ගන්න ඕනෑ!

      Delete
    3. පින් පොන් යනු නළුවෙකි.ඔහු රඟපෑ පළමු ටෙලියේ චරිතය පින් පොන් නිසා අදත් මිනිස්සු එනමින් හඳුන්වති.ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩි සිල්වා ,ටෙනිසන් කුරේ ආදී වූ ලංකාවේ විකට නළුවන්ගේ කොලිටිය පිළවෙලකට පෙළ ගැස්වූ විට මේ පින් පොන් එහි අන්තිම පේලියේ තැබිය හැක.හැබැයි අද ලංකාවේ ටෙලි නළු නිලියන් හා සාපේක්ෂව පින් පොන්ද නළුවෙකි!

      Delete
    4. බ්ලොග් අවකාශය සිංහල සිනමාව යයි උපකල්පනය කලොත් කතන්දරකාරයා එහි ජෝ අබේවික්‍රම වැනිය .උන්නැහේ අද මේ පින් පොන් රඟපාන චරිත කලා නම් හෙම සිනමා රසිකයාට ඇති වන හැගීම මාලන් ඇතුළු ඔබේ බ්ලොග් රසිකයාට ඇතිවී ඇත.

      Delete
    5. ජෝ අබේවික්‍රම ගේ සරොං චරිත සම්භාව්‍යයි, කලිසම් චරිත ජෝකර් වර්ගයේ. මේ කතන්දරය කියෝලා තියෙනවාද?

      http://kathandara.blogspot.com.au/2011/09/blog-post_11.html

      ?

      Delete
    6. පින්පොන් නළුවා ඉන්නා ටෙලියක නමක් කියන්නකෝ. මට එයාව දැක ගන්න ආසයි.

      Delete
    7. ‘තට්ටු ගෙවල්‘ කියල ඉස්සර ස්වර්ණවාහිනියෙ ටෙලියක් ගියා කකා. ඒකෙ තමා ඉස්සෙල්ලම ඔය පිංපොං චරිතෙ තබුණෙ. යූ ටියුබ් එකේ නම ගහපු ගමන් ආව වීඩියෝ කෑල්ලක් ඔය පල්ලෙහා තියෙන්නෙ, එකේ මැද හරියෙ තියෙනව ඌ ඉන්න කොටසක්.‍

      http://www.youtube.com/watch?v=tvc0dv9bw_w&feature=related

      Delete
    8. පින්පොන් යනු ටෙලි නාට්‍ය පසුතල නිර්මාණ ශිල්පියෙක්... ඔහුගේ පලමු ටෙලි චරිතය තමයි පින්පොන්.... තරමක දත් බොල්ලෑවකින් යුත්වූ ඔහු කවට චරිත වලට මනා සේ ගැලපුනා.. වසර 2ක් පිලිකා රෝගයෙන් දරුනු ලෙස පීඩා විදි ඔහු දැනට වසර 5කට පෙර අවාසනාවන්ත ලෙස මියගියා...

      ලාන්කීය ටෙලි සිනමාවේ එකමුතු කම මොනවට කියා පාමින් ඔහුගේ අවසන් කාලයේ ඔහු සමග සිටියේ ඔහුගේ මව පමනයි. ඔහුට ලැබිය යුතු මුදල් පවා සමහර නිශ්පාදකයින් ගෙවීම මගහැර තිබුනා...

      සමාජය පිලිඹද ඔහුගේ සිතේ අවසන් කාලයේ තිබුනේ මහා කලකිරිමක්... ඔහුගේ අවසන් කටයුතු වලට හෝ කිසිදු ටෙලි සිනමා ශිල්පියෙක් සහභාගි උනේ නෑ...

      Delete
    9. Ano,

      Youre talking about Banku-Banku. Not Pinpong. Pinpong is still alive. Check above link posted by DDT.

      Delete
    10. ඔය ඉන්න එකයි පිංපොං


      http://sandunruki.hubpages.com/hub/Rajitha-Hiran-Ping-Pong-Sri-Lankan-Actor

      Delete
    11. http://www.sarasaviya.lk/2012/04/05/_art.asp?fn=sa1204053&pn=03

      Delete
  41. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  42. "මේ සියල්ල ලියුවේ, අරුණී ශපීරෝ ගේ එක් ලිපියකට මා දැමූ කමෙන්ටුවක් ඇය වාරණය කර, "මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න" යැයි කියා ඇති බව මගේ හයිකු කතන්දරයට ඇනෝනිමස් කමෙන්ටුවක් දැමූ අයෙක් කියා තිබීමයි."

    ඉහත සදහන් ඇනෝ කොමෙන්ටුව දැමුවේ මමයි....
    මා හුදෙක් බ්ලොග් කියවීම පමණක් ම කරන කලාතුරකින් කොමෙන්ට් කරන පාඨකයෙකි... බ්ලොග් අවකාශයේ කිසිවෙක් පුද්ගලිකව නොහදුනන මා සරලව කොමෙන්ට් කරන්නේ ආතල් ගැනීම උදෙසා සහ කොමෙන්ටුව අල්ලාගෙන එය වටා ඩෙගා නටනා බ්ලොග් කරුවන් දෙසබලා විනෝද වීමට පමනි.... සාමාන්‍යයෙන් වන්නා පරිද්දෙන්ම එය මෙතනත් සිදුවී ඇත... මම තවමත් ආතල් ගනිමි....

    ප.ලි. උඩ පොටෝ කෑල්ලනම් තිතට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඔබේ ඒ කමෙන්ටුවේ ආතල් එක තවමත් නොනැසී ඇත.

      Delete
  43. kaka mokatada sapiroge eke oone nethi ewwa kotanda giye? api wage nika hitiyanam me karadara nehene.

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නං ඉතිං එක කතන්දර පෝස්ට් එකක් අඩු වෙනවානේ!

      Delete
  44. 12.14 ..pm .anoge commentuwata kalin mama commentuwak demma. eka wetila nehe. Mr. kaka eka mekuwa wathda?

    ReplyDelete
    Replies
    1. මේ පිදුරු ගොඩේ කොහොමද ඒ නූල් කැල්ල හොයන්නේ?

      Delete
  45. MEWWA DAKINA NAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE.

    ReplyDelete
  46. මෙන්න මේ මං වගේ රියල් ගේමක් දුන්නම් ඉවරනෙ නිකන් සමාව භාජනවල නොදම!

    ReplyDelete
    Replies
    1. එදා ඒ ලිපියට මං දාපු කමෙන්ටුවේ තියෙන ලින්ක්ස් ගොඩට අද ලින්ක් එකත් දාන්න ඕනෑ.

      Delete
  47. අරුණි නෝනා උපන් ගෙයි ඇමරිකානුවෙකුට වඩා ඇමරිකන්,උපන් ගෙයි යුදෙව්වෙකුට වඩා යුදෙව් ඒවගේම සුදු හමට තියෙන ලැදියාවත් එසේ මෙසේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මා ඒ ගැන නොදනිමි, නොතකමි, නොතැවෙමි.

      Delete
    2. Ano. Samaga mamath 100% ekangai

      Delete
  48. කරුණාකර ඔබේ බ්ලොග් එකේ නියම ලෙස තොරතුරු තාක්ෂනය යොදාගන්න .
    සබැ තොරතුරු තාක්ෂනය යනු ඕනෑම කෙනෙකුට සරලව යමක් තේරුම් කර දීමයි .
    එහෙත් ඔබ මෙහි බාවිතාකර ඇති ශෛල්ලිය ඉතා බොහොකලක සිට ඔබ දන්නා කෙනෙකුට
    පමණක් තේරුම් යන්නකි .තවද ඉතාසුලු පිරිසකට පමණක් විවුර්තවූ සිද්දීන් සමුදායක්
    පිලිබඳ කතාකරන පුද්ගලික රහස්‍ය මිතුරුහමුවක් බඳුය .කෝඩුකාරයෙක් නනත්තර වන්නේය .ඇතැම්විට ඔබ දන්නේ ලබ්බය .

    ReplyDelete
    Replies
    1. /* සබැ තොරතුරු තාක්ෂනය යනු ඕනෑම කෙනෙකුට සරලව යමක් තේරුම් කර දීමයි */

      ඒ වැකියට ඔබට සම්මානයක් දිය යුතුයි!

      Delete
    2. ළමයෝ, තොරතුරු තාක්‍ෂණය (Information Technology) කියන්නේ කෙටියෙන් කියනවා නම් මෙවලම් (tools) සමූහයක්.

      ඔබ කතා කරන්නේ මගේ අද ලිපියේ (post) ඇති අන්තර්ගතය (content) ගැනයි.

      එක ලිපියක් බලා ඔහොම තැවෙන්න එපා. මුල ඉඳලා කියවාගෙන යන්න කෝ මෙතන තියෙන කතන්දර 670 යි කමෙන්ටු 21,000 යි.

      ඒ ටික ඉවර කරලා ලබන මාසේ විතර මට ඊ-මේල් එකක් එවන්න.

      .

      Delete
  49. අනන්‍යතා ප්‍රශ්නයක් වගෙයි!

    ReplyDelete
  50. දෙන්නගෙම බ්ලොග් දෙකම කියවනවා...දෙන්න ලියන්නේ ශෛලීන් දෙකකට....ඉතින් මම කියවද්දී මගේ මොළෙන් මම තේරුම් ගන්නවා දෙකේම තියෙන කරුණු... එහෙව් එකේ කාටවත් චෝදනා කිරීමවත් කාගෙවත් පැත්තක් ගන්න එකවත් ස්වාධීන බ්ලොග්කරුවෙකුට උචිත නෑ කියන එකයි මගේ අදහස....

    ReplyDelete
  51. කරුණාකර කුණුහරුප යැයි සම්මත වචන අඩංගු කමෙන්ට්ස් දාන්න එපා.

    ReplyDelete
  52. මිලියනයට සුබ පැතුම් :-)

    ReplyDelete
  53. අන්කල් ට නිවන්සුව ලැබේවා....!!!

    ReplyDelete
  54. SUJIYA - UNCLE KIWWE KATADA ? MEKE UNCLE KENEK NEHE NEDA?

    ReplyDelete
  55. SUJIYATATH ESEMA WEWA, MAY SUJIYA ALSO REST IN PEACE. -UNCLE-

    ReplyDelete
    Replies
    1. ඩියර් UNCLE,

      මුග්ධ ප්‍රතිචාරයක් යනු කුමක්දැයි ඔබ අප සැමට පෙන්වා දී ඇත.

      මෙතන අංකල් කියන්නේ මගේ මියගිය අංකල්ටයි.

      ඔබ මෙතනට එන්නේ කතන්දර කියවන්නද නැත්තං වෙන කේස් එකකටද?

      මට කේන්ති යන්නේ නැති හින්දා හොඳයි. අර අල්ලපු පන්සලේ සාදුට අහුවුණා නං බනින්නේ හොඳ කුණුහරුප කියලා.

      -KK

      Delete
    2. ඒකනෙ කකා, මුන් එක්ක කොහොම ජීවත් වෙන්නද මන්දා. සාමයෙන් ඉන්නදෙන්නෙම නෑ නෙ. ඔව ගනන්ගන්න එපා ලොක්ක,

      Delete
  56. MEHI SUJIYA KIYANNETH KATHANDARA KARAYA KIYANNETH EKKENEKDA? MAMATH SUWA SANHA SAMAYA PATHUWE SUJIYAGE UNCLE TIE SUJIYATIE PAMANAYA. SUJIYA UNCLETA NIWAN SUWA PATHANA EKATH SUBJECT EKEN PITA NEDA? SUWAYAK SAHA SAMAYAK PATHEEMA WARADAK DA? KENTHI NOYANNE SUJIYATADA, KATHANDARATADA. PANSALE SADULA KUNU HARUPA KIYANAWADA? HONDA KUNU HARUPA & NARAKA KUNUHARUPA KIYALA DEWAGAYAK THIYANAWADA. MEYA AWUL SAHAGATHI.

    ReplyDelete
    Replies
    1. I give up!

      (If you have read this post then you would't be asking all these questions)

      Delete
    2. Ano-- මේ පොස්ට් එකේ ක කා ගෙ අන්කල් ගැන සදහන්වෙන ටික ඔබට මගහැරෙන්නට ඇති. මෙතන මට තරහ යන්න කිසිම හෙතුවක් නැහැ. මා කලේ ක කා ගේ ප්‍රාර්තනාවට යන්තමින් සාහබගී වීමයි. ක කා ට හරි සාදුට හරි තරහ ගියොත් මම දන්නෙ නෑ..

      Delete
  57. I have read your post thoroughly. But I dont find an answer to my simple question. Iam embarrassed. -your living uncle -

    ReplyDelete
  58. Sujiya alis Kathandara - Please don"t give up. Be courteous and help me.At least tell me who you are - are you brothers?

    ReplyDelete
    Replies
    1. යක්කො, මේක හරි වැඩක් උනානෙ

      Delete
  59. සුසන්තිකා යනු පුවත් මවන්නියක් යයි මා අසා ඇත. කතන්න්දර යනු කමෙන්ට් මවන්නෙක් යයි මට කියන්නට සිදු වේ.

    ReplyDelete
  60. Methana Kaka ta wahan wela ,hangila indan mage comment walata reply karana Ponnaya kawda?

    ReplyDelete
  61. Kako, mama methanata enne kathandara blanni. namuth wenath ponnayo awith wenath case adinawa.

    ReplyDelete
  62. meka satan saha wali post ekak nisa dan ithin walima thama. Wali nawath wanna KAKA idiriyata enneth nehene. Baduma thama.

    ReplyDelete
  63. Mughda prathicharak - Mama kenekuta MR. kiyala katha kalama, eya mata ponnaya kiyanawanam ekata kiyanne mona prathicharayak kiyalada? eka vidhagda prathicharayak da? Kaka ge awadanaya pinisi.

    ReplyDelete
  64. අරුණිගේ බ්ලොග් එක ඉස්සර නම් කියෙවුවා. ඒක ලිපිය දෙපාරක් විතර කියවන්න වෙලාව තිබ්බා නම් මනසත් කිසිම දෙකින් තොරව නිදහසේ තිබ්බානම් මටත් ඔක්කොම තේරේවි කියලා මට හිතුනා. එත් කෝ ඉතින් අපේ මනස ඒ වගේ නැහැනේ. (මුග්ධද මන්දා ) එකකට දැම්මා චුට්ටන් කමෙන්ටුවකුත්.. ඒක ඉතින් පේලි දෙකයි... පිළිතුර ලැබුනා මහා දිග එකක් මුලාශ්‍ර සහිතව. . ගොඩක් දැනුම ඒකෙ තිබුනා.. හැබැයි ලියල තිබුන ආකාරෙ නිකම් "අනේ සකෝ දන්නේ නැත්නම් නොදන්නා මගුල් නොලියා හිටපන් " කියන්නා වගේ. කෙන්ජි කියපු දේ නම් ඇත්තයි.. ඉතින් දැනුම ලැබීම කෙසේ වෙතත් මගේ බුද්ධි මටටමට බොහොම ඉහලින් ඇති දේවල් කියවලා එවුවට කමෙන්ටු ලියන්න ගිහින් ඉල්ලන් පරිප්පු කන්න මොකටෙයි කියලා මන් නොයා ඉන්නේ.. නැත්නම් ඉතින් කියවන්න නම් ආසයි වෙලාව ඇත්නම්.. කකාගේ කතා ඉතින්මට කියවල තේරුම් ගන්න ඇහැකිනෙ.. මට මතක් වෙනවා අපේ බුදු හාමුදුරුවෝ සංකිච්ච පුංචි හාමුදුරුවන්ට උගන්නපු හැටි.. විධග්ධ මහා තෙරුන් වහන්සේ කෙනෙක් වෙච්ච සංකිච්ච පුංචි හාමුදුරුවන්ගේ අයියට දන්නා තරම් පාඩම් කියල දීල අවුරුදු ගානක් උගන්නන්න බැරුව මොට්ටපාල කියලා සිවුරත් ගලවලා එලවන්න ගිය වෙලාවේ අපේ බුදු හාමුදුරුවෝ සුදු රෙදි කෑල්ලක් දීල ඉර දිහා බලාගෙන ඒක අතින් පිරිමදින්න කිවුවා. එහෙම කරනකොට අර සුදු රෙදි කෑල්ල අපිරිසිදුවෙන හැටි බලන් ඉන්න පොඩි සාදු සසර අවබෝධ කරගෙන රහත් උනා. විධග්ද ලිපි සීයකින් දෙන්න බැරි පාඩමක් එක කතන්දරයකින් දෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාර මලයෝ මලකඩ කාපු මගේ මොලේට මතක් කලාට.. අයියා මහා පන්ථක..

      Delete
  65. Kako - kunu harupa yai sammatha wachana set eka, eka warak pamanak wath damanna berida. PUKA PONNAYA wage wachana kunuharupada. danne nathi hindai ayubowanda ahanne.

    ReplyDelete
  66. Kaka thumo, - Kathandara karaya kiyana wachneth wenas kaloth honda nedda, emokada dannawada, Kakka,kiwath honda madi, Kaka, Kako, kotana kota, P ketunoth mona deiyanta kiyannada.me Kaka thumage awadanaya pinisai.

    ReplyDelete
  67. sUJIYA POLIMEN PANALA MAHA REE HOREN COMMENT DANAWA. OWA KALIN KIYANNA OONE DEWAL.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.