Saturday 3 September 2011

පේරාදෙනියේ යන්නට පෙර මනෝ ලෝකයේ දී ලියූ කවියක් - A day dream


මං අද උදේ දාපු කවියේ පසුපස තියෙන කතන්දරේ වැඩිපුර ලිව්වේ නෑ.

නමුත් ඒ ගැන අදහස් දක්වලා තිබුණු එහේ හිටපු ගීතක සහ මරුමුස් දෙන්නත් ඒ වගේම ලඟදී යන්න ඉන්න චතු ගේ හිත සනසන්න මට හිතුණා මේ කවියත් දාන්න.

මේක මං පේරාදෙනියේ කැම්පස් යන්න මාස පහකට විතර කලින් ලියාපු එකක්. මේ වෙන කොට මං ඒ පැත්ත පලාතේවත් ගිහින් තිබුනේ නෑ, වැස්සකටවත්.

තනිකර මනෝ ලොකයක ඉඳලා ලියපු කවියක් කියලා කියන්න පුළුවනි.

අහිංසක පැතුමක්
හන්තානේ කඳු අතරේ
සීතල සුළඟක එතිලා
පවසන්නම් ඔබේ කනට
කොඳුරාලා ආදරේ

මහවැලියේ ගංතීරේ
දිය රැල්ලක දැවටීලා
මුමුණන්නම් ඔබේ කනට
කොඳුරාලා ආදරේ

සරසවියේ තුරු සෙවනේ වෙහෙස නිවාලා
මල් ගොමුවේ තණ බිස්සේ පහස ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ

මල් පෙත්තක නල රැල්ලක සිසිල ලබාලා
රෑ යාමෙක තරු පොකුරක එළිය ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යාමට මාස පහකට පමණ පෙර මා විසින් ලියන ලද ඉහත පදවැල ඒ කාලයේ ම හස්තද්වාරයෙන් එලිදක්වන ලද "ගී පදමාලා 25" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.greatmirror.com/index.cfm?navid=918)

8 comments:

  1. අපිට නම් ඉතින් හන්තානෙ යන්න වුණේ ෆස්ට් බැච් ට්‍රිප් එකට විතරයි.
    සම්ප්‍රදායක් විදියට කළත් ඒකත් හෙන කට්ටක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

    ReplyDelete
  2. පේරා නම් ඉතින් ආයේ කියන්න දෙයක් නැ..
    සිතිවිලිමයි

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි කකා අයියේ ..
    දැන් පේරා ගිහින් ටික කාලයක් ගියාට පස්සේ ලියපු කවියකුත් දැම්මනං වැඩේ සම්පූර්නයි නේද...
    එතකොට සෑහෙන අදහසක් ගන්න පුලුවන්නේ...!!!!
    මට නම් හිතෙන්නේ ඔය කවියේ තියන සුන්දරත්වය කකා අයියත් පේරෙදි අත් විදින්න ඇති නේහ්..... :DDDD

    ReplyDelete
  4. කකා මා ගැනත් ගීතක ගැනත් දක්වපු අවධානයට ස්තුතියි. මේ බ්ලොග් එක කියවන අපේ සහෝදර ජනතාව අපි පේරා දී දැක්කේ සහ අපේ මතකයේ රැඳුනේ මේ බාහිර සුන්දර තාව විතරද කියල හිතාවිද දන්නේ නැහැ.
    නැවතත් කියන්නේ, පේරා සුන්දරතාව ඇති විශිෂ්ටයි. ගිය කෙනෙක් ඒක රස වින්දේ නැත්නම් එක අඩුවක්. ඒ ඇරුනම පේරා සරසවි ජීවිතෙත් අනෙක් සරසවි ජිවිත වගේම තමයි. කට්ට, තරගය, බෙලි කැපිලි, assignments, coursework, exams, 1 to 1 ගැසීම, බෝඩින් ප්‍රශ්න, home sick, ජරා කෑම, ඉරිසියාව, love, boot, ගංජා හේන්, ඕව ඔක්කොම පේරා ත් අඩු නැතුව තියෙනවා.

    ReplyDelete
  5. @ පැණි දොඩම්
    ස්තුතියි

    ReplyDelete
  6. @ බිඟු,
    @ චතු,
    @ මරුමුස්

    තව එනවා කවි. වැඩේ ඉවර නෑ!

    ReplyDelete
  7. මේ පාර මාත් පේරෙට සෙට් වෙලා තියෙන්නේ....
    එහේ යනකම් ඉවසිල්ලක් නෑ...

    කට්ට නම් කෝමත් එකයිනෙ...ඒත් ඒ සුන්දරත්වය විශේශයිනෙ........
    ඒ ගැනත් කවි ලියන්නකො..අපිත් ආසයිනෙ අයියෙ....

    ReplyDelete
  8. කොමෙන්‍ටුවක් දාන්න කියලා හිතුවත් ආයෙ අලුතින් ලියන්න දෙයක් නෑ. මරුමූස් හැමදේම ගානට මිම්මට ලුනු ඇඹුල් පදමට ඇතුව ලියලා තියේ... :)

    කකාට ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.