Wednesday 7 September 2011

ගෑණුන් ගේ තන සහ සාහිත්‍ය මාසය - Boobs and Literature, what a nice mix!



දැන් ඔය උඩින් තියෙන මාතෘකාවේ තියෙන තන කියන වචනය දැකපු ගමන් චකිතයක් ඇතිවෙන අයත් ඉන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් තන කියන වචනේ පුක කියන එක වගේ කුණුහරුපයක් ය කියලා.

පුක කියන එක කුණුහරුපයක් නෙමේ කියලා මං කලින් දවසක ලියලා තියෙනවා නේ. ඇත්තම කියනවා නම් පුකයි, තනයි අතර නම් ලොකු සම්බන්ධයක් නෑ.

හැබැයි නේකඩ් ඒප් (නිරුවත් වානරයා) පොතේ ඩෙස්මන් මොරිස් කියලා තියෙනවා ගෑණුන් ගේ තන් සහ තට්ටම අතර සමානත්වයක් තියෙනවා කියලා. ඒ එක්කම තොල් සහ භගමණිය අතරත් සමානත්වයක් තියෙනවාලු.

මොරිස් කියනවා, කාන්තා පක්‍ෂයේ හොඳින් කැපී පේන්න පරිනාමයෙන් නිර්මාණය වෙලා තියෙන තොල් සහ තන් වලින් කෙරෙන්නේ නිරුවත් වානරයින් ට තට්ටමට සහ භගමණිය ට කෙරෙන ආරාධනාවක් ලු.

තොල් රතු කරන්න, තන් ඉලිප්පෙන්න, කෝර්සට්, බොස්තරුක්ක වගේ ඇඳුම් අඳින්න ගෑණු පෙළඹෙන්නේ ඒ නිසා වෙන්නැති!

දැන් අර තන් කියන වචනය නරක එකක්ය කියල සලකන අයට ඒ වගේ තහනම් වචනයක් බ්ලොග් එකේ මාතෘකාවේ ම දිලිසි දිලිසී පේන්න දාපු එක වැරදිය කියලත් හිතන්න පුළුවන්. එගොල්ලෝ හිතන්න ඉඩ තියෙනවා තන වෙනුවට පියයුරු වගේ වචනයක් නොදැම්මේ කතන්දරයා කියලාත්.

නමුත් මේ කවිය බලන්න.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ගෑණුන් ගේ සිරුරේ කොටස් හොඳ හොඳ උපමා යොදමින් විස්තර කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල කියන හාමුදුරුවෝයි.

ඔය කවිය එන "සැළලිහිණි සංදේශය" කියන්නේ කවි සීයක විතර පොඩි පොතක් වුණාට සිංහල සාහිත්‍යයේ එන උසස්ම කෘතියක් විදියට සැලකෙන එකක්.

ඒ කවි පොත ගැන තව පොත් සීයක් විතර ලියවිලා ඇති මේ වෙනකොට. ඔය කියන තිසර තන කවියත් දස දහස් වාරයක් උපුටා දැක්විලා ඇති විවිධ ලේඛනවල එදා සිට අද දක්වා.

හාමුදුරුවෙකුට හොඳ නං තන කියලා ලියන්න අපි ලිව්වම අපිව පාරාජිකා වෙන්න විදියක් නෑනේ!

මං මේ කෙටි ලිපිය ලිව්වේ දැන් අපි ඉන්නා 2011 සාහිත්‍ය මාසය වෙනුවෙනුයි.

ගෑණුන් ගේ තනයි, තොලු යි, උකුළයි, භගමණියයි සාහිත්‍ය මාසෙට සම්බන්ධ වෙන්නේ මං සඳහන් කරල තියෙන ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා (පරිවර්තනය එස් එම් බන්දුසීල) සහ තොටගමුවේ ශ්‍රී රාහුල ගේ සැළලිහිණි සංදේශය (විවරණ සහිත පොතක් ගන්න) කියන ග්‍රන්ථ දෙක හරහායි.

සාහිත්‍ය මාසයේ පොත් ගන්නා විට, මේ වෙනකොටත් කියවලා නැතිනම්, ඔය පොත් දෙකත් අමතක කරන්න එපා.

මං කැමති තවත් පොත් තුනක් මෙන්න.
1. සිව් සිත් කව් - විදර්ශණ ප්‍රකාශකයෝ
2. තිරස තරණ - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ
3. දකුණු කුරු දිව් කව් - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ

-කතන්දරකාරයා

ප/ලි:
මේ පහත තියෙන කවි දෙපදය නම් එහෙම සාහිතමය වශයෙන් වැදගත් පොතකින් ගත්තු එකක් නෙමේ. මං හිතන්නේ කවි මඩුවක දී කවුදෝ කියපු එකක්.

නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

46 comments:

  1. අන්තිම කවි දෙපේලිය අදට හරියටම ගැලපෙනවා..

    ReplyDelete
  2. Weni කියපු දේට මාත් එකගයි

    ReplyDelete
  3. කතාවට එකඟයි...
    අන්තිමට තියෙන කවි දෙපෙලට එකඟාආආආආආයි....!

    ReplyDelete
  4. නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
    රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

    මේක නම් ෆට්ට....

    ReplyDelete
  5. අන්තිම කවිය නම් නියමයි... අයිය කියපු එකක් එහෙම නෙවෙයිනේ...

    ReplyDelete
  6. ඔය පොත කියවන්න ලැබුනෙ නෑ තාම.

    ReplyDelete
  7. අන්තිම එක පට්ටයි... සාහිත්‍ය මාසයත් එක්ක නිවාඩු සති දෙකක්වත් දුන්න නං සාහිත්‍ය මාසය කියන එක ඇඟට දැනෙන්න තිබ්බ.. දැන් තත්වය වෙනස්, බාගෙට කියෝපු පොත් කන්දක් එක්ක සාහිත්‍ය මාසයක් 'ආයිත්' එන එක.. :P

    ReplyDelete
  8. අන්තිම දෙපදය නම් පට්ටය !!!!

    ReplyDelete
  9. නිරුවත් වාණරයා පොතේ දෙවැනි පරිච්චේදය විතරක් කියෙව්වා.. අනික්වා නම් බලන්න කම්මැලියි :D
    සැළලිහිනිය නම් මං ලග තියෙනවා.. ප්‍රේමදාස මහත්තයා අපේ අයියාට දීපු පොතක්.. පැළයක් ඉන්දව්වාට :D

    මං අහන්න යන්නෙ නැ භගමණිය කියන්නෙ මොකක්ද කියලා නම්.. එත් ඉතිං මං ගෙස් කරන එක වෙන්ටෝන :P

    අන්තිම කවිය මරු :D

    ReplyDelete
  10. ඔය තන ගැන පොඩි මෑනුත් ලියල තියෙනවනෙ කවි...

    තද කරල උඩ ඇන්දෙ දැම්මට
    පැද්දි පැද්දී තියෙන ලස්සන
    හැට්ට අස්සේ වගෙ රුවාගෙන
    එක නැට්ටෙ ලබු මයි මතක් උන

    ඉතිරි ටිකත් බලනවනම්

    http://mamaiarui.blogspot.com/2011/06/3_26.html

    ReplyDelete
  11. අන්තිම කවිය නම් පට්ට, අර කිව්වත් වගෙ කතන්දර ගොතපු එකක් නෙමෙයි නේද ??

    ReplyDelete
  12. සිංහල සාහිත්‍යයේ කොටම කවිය මොකක්ද කියල දන්න කෙනෙක් මෙතන ඉන්නවද? ඒකත් තන් ගැන තමයි...

    - සනාථ

    ReplyDelete
    Replies
    1. අනේ
      පනේ
      තනේ
      පෙනේ

      Delete
  13. හෙල හවුලේ මීටිමකදි කුමාරණතුංගයන් කිව්වලු ඕනෙම තනි වචනයකින් කවියක් හදන්න පුලුවන් කියලා. එතකොට එතන සිටි කාන්තාවක් ඔහුට අභියෝග කලාලු උදාහරනයක් දෙන්න කියලා. එතකොට එතුමා දැක්කලු මේ කාන්තාවගේ හැට්ටේ කර පලල් කියලා. එතුමා ගත් කටටම මේ කව කිව්වලු.
    අනේ
    පනේ
    තනේ
    පෙනේ
    පොඩ්ඩක් තාලයට කියලා බලන්න.

    ReplyDelete
  14. කපීකේකි7 September 2011 at 10:23

    හාමුදුරුවන්ටත් වෙන වැඩක් තිබ්බෙ නැද්ද දන්නෙ නෑ.ගෑණුන්ගේ ශරීර වර්ණනා කොර කොර කවි ලියන්න.

    ReplyDelete
  15. සැළලිනියේ කවි වල සාහිත්‍ය රසය උපරිමය , අපිට උ/පෙ ට තිබුන එක පොතක් ඒ නිසා මමනම් ඒ කවි වල රසය උපරිමයෙන් වින්දා..ස්තුති කතන්දර ආපහු ඒ මතකයට රැගෙන ගියාට.මම කතන්දර හැමදාම කියවනවා හරිම ආසාවෙන්, අද තමා comment එකක් දාන්නේ
    කතන්දරට ජය
    *වසිලිස්සා*

    ReplyDelete
  16. @ වෙද ගෙදර මහ වෙදනා

    ස්තුතියි ඔබට.. මම ඇත්තටම කතාව දැනගෙන හිටියෙ නෑ. මම අහල තියෙනව කුමරතුඟු මුනිදසුන් උපහාසාත්මක කතා කියන්න හරිම රුසියෙක් බව. එතුමාට උපහාරයක්ම වේවා!

    අර කවිය තවත් පොඩ්ඩක් සෙක්සි මෙහෙම කිව්වම...

    අනේ
    පනේ
    තනේ
    වැනේ

    මේක අපේ ජන කවියා උයිරේ සින්දුවේ මනීශා කොයිරාලට කියපු කවියක් කියලයි මම නම් හිතාගෙන උන්නේ!!!

    - සනාථ

    ReplyDelete
  17. ඩෙස්මන්ඩ් මොරිස් පිරිමි ගැනත් ඔය නිරුවත් වානරයා පොතේ කියලා තියනවා නේද ? අර උජාරුවට සිගරට් එකක් කටේ ගහගෙන, ඒකෙ කොන රතු පාට වෙන්න උරන එකෙන් සංඛේතවත් කරන්නෙ මොකක්ද කියලා.....?

    ReplyDelete
  18. මෙන්න සුභාෂිතයෙන්...

    බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
    නිවන් දකින පිනකුත් නොකෙළෙද පවර
    යොවුන් තන නොසිපියෙද රහසින් විතර
    උපන් මව යොවුන් වනයට පොරෝ යුර

    ReplyDelete
  19. මෙන්න විලියොං සෙක්කුපීරිස් ගෙන්..

    My mistress' eyes are nothing like the sun;
    Coral is far more red than her lips' red;
    If snow be white, why then her breasts are dun;
    If hairs be wires, black wires grow on her head.

    ReplyDelete
  20. @ වෙද ගෙදර මහ වෙදනා & ඇනෝ
    මම අහල තියන් විදියට ඔය කවිය ඔය ඇනෝ කියපු විදිය තමයි..

    අනේ
    පනේ
    තනේ
    වැනේ

    හැබැයි ඕකෙ තේරුම නම් තන ගැනනම් නෙවෙයි මම අහල තියෙන විදියට.. ඔය කවිය කිවුවට පස්සෙ ඔය ගෑනිට තද උනාලු පස්සෙ තමයි එතුමා ඒ කවියෙ තේරුම කියල තියෙන්නෙ..

    අනේක
    ප්‍රාණීහු
    තෘෂ්ණාවේ
    වැනසෙත්

    කොහොමද තනේ පවර් එක... ??

    ReplyDelete
  21. නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
    රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

    මරු !!!!!

    සැලලිහිණිය නම් කියවල තියෙයි (සම්පූර්නයෙන්ම නොවෙයි ) නිරුවත් වානරයා නම් දැන් කිහිප දෙනෙක්ම නිර්දේශ කරපු පොතක් කියවල බලන්න ඕනි . වෙද මහත්තය දිපු කවියත් ඒකා ඊට පහලින්දාල තියෙන මොඩිෆිකේෂන් එකත් නියමයි

    ReplyDelete
  22. බොලේ පොඩි මෑන් දන්න එව්ව....

    ReplyDelete
  23. අප්පේ තන ගැන තියෙන කතා. එමටයි.
    අර තව කතාවක් තියෙන්නේ පොඩි එකෙක් 'ගොනා තන කයි' බහු වචනෙන් 'ගොනා තන් දෙකම කයි' කියලා ලිව්වා කියලා.

    ReplyDelete
  24. 'ගොනා තන කයි' ''තණ' වෙන්න ඕනෙ.

    ReplyDelete
  25. මාත් මේ ඩෙස්මන්ඩ් මොරිස් ගැන පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නෙ, හොඳයි ඔබතුමා මෙහෙම සඳහන් කරපු එක.

    ReplyDelete
  26. දේශීය නැටුම් කලාවෙ තාලෙ අල්ලන්නෙ ඕක ගැන කියල නේද?

    ReplyDelete
  27. ජානගත වානර වත.
    http://menik-p.blogspot.com/2011/07/blog-post_07.html
    මැණික්

    ReplyDelete
  28. තන කියන වචනේ තමයි ඔය අවයවය හඳුන්වන්න තියන සීලාචාරම වචනේ .. මමත් අහලා දැකලා තියනවා ගොඩක් පොත් වල ඔය වචනේ යෙදිලා තියන බව .

    අන්තිම කවි දෙක එලමයි ..

    ReplyDelete
  29. ග්‍රීස් යකා8 September 2011 at 00:01

    අපේ ආච්චිගේ තනේ..... මද සුළඟට වැනේ....කියලත් කවියක් තියනවා නොවැ. කතන්දර අවසර දෙනවනම් ඉතිරි පද දෙකත් දාන්නම්....

    ReplyDelete
  30. ග්‍රීස් යකා8 September 2011 at 00:09

    පේරාදෙණි සාහිත්‍ය කුත් මතක් උනා.....පේරාදෙණිය සරසවි මැනිගේ කෙල්ල .....හිනැහෙන විටදී ලෙලෙ දෙනවා කිරි මල්ල ...චඃ එකෙත් ඉතුරු පද දෙක දාන්න බැරි හැටි !!!

    ReplyDelete
  31. කතන්දර හාමිනේ මෙව්වා දැක්කොත් කතන්දරට බීපු තන කිරි මතක් වෙන්න මෙව්වා කරනවා සහතිකයි ඕන්.

    ReplyDelete
  32. @ All
    සියළු දෙනාටම ස්තුති වේවා!

    මේ ලිපිය දැම්මේ කාරණා කීපයක් නිසයි.

    1. සාහිත්‍ය මාසය සම්බන්ධ කරලා කවි, නවකතා විතරක් නෙමේ අනිකුත් පොත් ගැනත් ලියන්න ඕනැ නිසා

    2. සමහර වචන ගැන තියෙන බොරු සදාචාර සමාජ සම්මත කඩන්න ඕනෑ නිසා

    3. පස්සේ ලියන්න යන කතන්දර වලට මේ කතාව සම්බන්ධ නිසා නැවත නැවත නොකියා ලින්ක්ස් දාන්න ඕනෑ නිසා

    4. ටැබුයි, ඇනෝනිමස් ආතලුයි, කතන්දරකාරයයි එක්කෙනෙක් ද වගේ ප්‍රශ්ණයක් මගේ උගත් මිත්‍ර අභීත ගේ හිතට දාන්න ඕනෑ කමක් තිබුණු නිසා

    වැඩේ සාර්ථකයි වගේ!

    ReplyDelete
  33. ඕක චුට්ටක් වෙනස් වෙන්න ඕන බවක් පෙන්නුම් කරනවා,

    නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
    රණ හංසයින් යයි රැවටෙති *දැක* කොක්කූ

    ReplyDelete
  34. අන්තිම කවියනං පට්ට..හී

    ReplyDelete
  35. ආයෙත් පොත කියවලා බලන්න ඕනි, පොඩි කාලෙ කියෙවුවට පස්සෙ කියෙවූවෙම නැති නිසා ගොඩාක් දේවල් මතක නෑ :)

    ReplyDelete
  36. ඔබ ඔබේ කතාන්දර කීමේ හැකියාවෙන් සහ උගත් කමෙන් මීට වඩා හොඳ සාහිත්‍යයක් බ්ලොග් අවකාශයට දායක කරතැයි මා සිතුවා. මුල් පෝස්ට් කියැවූ මා එසේ සිතුවා..

    මා වැරදියි...

    ජුගුප්සා රසය උලුප්පා
    ඔබ අද මාකට් කරන මේ බ්ලොග් සයිට් එක
    අපූරු කතාන්දර ආසාවෙන් කියවන ලද
    වෙබ් අඩවියක සිට
    මේ යන අඩල් සහ කුප්ප ගමන
    දුකෙන් බලා සිටිමි...

    මේ කමෙන්ට් එක පල නොකලාට කිසීම තරහක් නෑ . පල කලත් කමක් නෑ.

    ReplyDelete
  37. තන තන තනෙන තන තම්දන වැයෙන කල
    තන නොව මතක් වන්නේ නැටුමකිය රස
    තන උඩ දමන් බ්ලොග්කරුවන් ගන්න රස
    තන කිරි බිව්ව බැව් අමතක වෙලා වද ?

    ReplyDelete
  38. හැම දේටම මුල ඔය අපි ග්‍රහනය කරගන්න විදිය නොවැ.

    කේදනියි ඇත්තටම... අපේ සිංහල පොත හදන ඈයෝ තනේ කියන්නෙ මහ ලොකු කුණුහරුපයක්ය කියල කිතාගෙන ඊටවඩා අන්ත දෙයක් කොරල තියෙනව ලක්ෂගානක් සාපෙළට මුහුන දෙන ළමයි ඉස්සරහ. ඇච් ඇම් කුඩලි ගමගෙ වැස්ස කවිපන්තිම ඒ ළමයි ඉස්සරහ දූශනය කරල...වැස්ස කවි පංතිය පටන් ගන්නෙ,
    ගැබිනියකගෙ තන පුඩුවල පැහැය උරා
    පා වෙන වළාකුළු පවතියි අහස පුරා
    මිටියාවතේ මී දුම් ගොබ දෙපළු ඉරා
    ඉගිලෙති කුරුලු හමුදාවෝ කැදලි කරා
    කියන කවියෙන්. ඒත් ඒ කවි පංතිය දූශනය කරපු අපේ සිංහල ස්ආහිත්‍ය වේදියෝ ඒ කවිය අත ඇරල ඊලග කවියේ ඉදන් ඉතුරු කවි ටික පොතට දාලා.

    කේදනියත්වය තියෙන්නෙ ඔතනයි. එක නිසා මේ වැටිල තියෙන ඇනො කමෙන්ට් ගැන පුදුම වෙන්ට දෙයක් නෑ.. :)

    ReplyDelete
  39. man me pota kiyawala tiyanawa. attatama hoda potak

    ReplyDelete
  40. කුරුලෑ උවන කොට කොන්ඩය උඩ නැගුන . . . .
    නොවැඩුන දෙතන උල් රට බොඩියෙන් වැසුන . . .
    විසිවන කෝ‍ටු දෙකකුල් යන එන ගමන . . . .
    ඇසිපිය හෙලන පමනින් නොමවෙයි හොල්මන . . .

    ReplyDelete
  41. නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
    රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

    හරියට හරි (මාත් රැවටුනානෙ දෙතුන් පාරක්ම)

    ReplyDelete
  42. http://pemgee.blogspot.com/

    මේ ඔබ තුමාද?....???

    ReplyDelete
  43. කුනුහරප කියලා දෙයක් නෑ.ඒ වාගෙම ලිංගිකත්වය මූලධර්මවාදයේ මහානර්ඝ වස්තුවකි.එහි සලිපිලි අඩක් ඉවත් කළවිට එයට වටිනාකමක් ලැබේ.සියල්ල ඉවත්කළ විට අගය බින්දුවකි.ගෝත්‍රිකයන්ට ලිංගිකත්වය අපට මෙන් අරුමයක් නොවේ.ඔවුහු සිතෙන් දුක් විදින්නේද නැත.

    ReplyDelete
  44. ගුරුතුමා - සිරිපාල කියනවා බලන්න "ගොනා තණ කය්" කියන පදය බහු වචනයෙන්.
    සිරිපාල - ගොනා තණ දෙකම කය්
    (ගොන්ගාලේ ගොඩබණ්ඩා)

    ReplyDelete
  45. හෙළුවෙන් වණන්නෝ පකට පුකුළෝ වෙති.

    සිංහලයෙන් වර්ණනා කරන වුන් ප්‍රසිද්ධ පණ්ඩිතයෝ වෙති

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.