
කතන්දරකාරයාට කතන්දර ලියා එවන චූටි ටිචර් පුදුමාකාර ටීචර් කෙනෙක්.
දැත්තටම කියනවා නං එයා දැන් ආදරය, විවාහය නිසා ගුරු සේවයෙන් සමු අරගෙනන දුරු රට ඉන්නා කෙනෙක්.
ඒකේ නං පුදුමයක් නෑ. මෙන්න මේකයි පුදුමය.
මේ ටිචර් බ්ලොග් එකක් ලියනවා. ඒක මොකක්ද කියලා කියන්න එපාලු. හැබැයි, මටත් කතන්දර ලියා එවනවා.
මේ ටීචර් ගාව පුදුමාකාර කතන්දර ගොඩක් නේ තියෙන්නේ!!!
මං ඊයේ එකක් දැම්මානේ. මෙන්න අද තව එකක්. මේක ලියා එව්වේ ටික දිනකට කලින්.
යෝවද තම්පව රෝමනු ජේසූ
====================
ක.සු. අන්තිමට කියපු හාමුදුරුවො ගැන කතාව ඇහුවම සාම්පූර් වලට කිට්ටු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙ හිටපු හාමුදුරුවො මතක් උනා මට.
ඒ උන්නන්සෙත් අපි වගේම විද්යා පීඨයකින් පිටවෙලා (අපිට කලින්) මුල් පත්වීම අරන් ආපු හාමුදුරු නමක්. වැඩි වයසක් නෑ මගෙ හිතේ. ටිකක් විතර විනෝදෙට බරයි.
ඒ දවස් වල අපිට ප්‍රින්සිපල් මැඩම් විශේෂ වරප්‍රසාදයක් දීලා තිබුනා. ඒ තමයි සිකුරාදට උදේ 10 වෙනකොට ගෙදර එන්න. මෙහෙම කලේ ඉස්කෝලෙ අපේ ගෙවල් වලට හුගාක් දුර නිසා. ඉතින් සිකුරාදට අපි ඉස්කෝලෙ එන්නෙ ලොකූ මල්ලක් අරන්. ගුරුමණ්ඩලේ සමහර අය මේකට සුනාමි බෑග් එක කියලයි කීවෙ.
දවසක් පුරුදු විදිහට ගෙදර යන සිහියෙන් උදේම 11 ළමයින්ගෙ ගණිත පාඩම ඉවර කරපු ගමන් උදිතාටත් අඩගහගෙන දුවගෙන ගුරුකාමරේ ට ඇවිත්, ආපු ගමන් මල්ලත් අරන් විදුහල්පතිනිය ලගට ගියා.
හැබැයි බෑග් එක ගෙනාවට වැඩිය බරයි. මැඩම් මොකද්ද ඇහුවත් පොඩ්ඩක් බැලුවම කවුරු හරි මගේ බෑග් එකට ලොකු පාර්සලයක් දාලා කියල මගේ අතට අහු උනා. මැඩම්ටත් හිනා. පාර්සලේ අතට ගත්තු මම ආපහු ගුරු කාමරේ ට දිව්වා.
සුසන්ත අයියා හිනාවෙවී මගබලාගෙන ඉන්නවා.
"අද බෑ, පස්සෙ දවසක දෙන්න!" මම එහෙම කියලා පාර්සලේ එයා අතට දීල ආපහු අවා.
සති අන්තෙන් පස්සෙ ඉස්කෝලෙ ගියා පුරුදු විදිහට. අපේ ස්කූල් බස් එකේමයි හාමුදුරුවො ගමන් කලෙත්.
මම සුබ උදෑසනක් හාමුදුරුවනේ කිවාම, හාමුදුරුවො දඩස් ගාල අනිත් පැත්ත හැරුනා.
මේ මොකද උනේ කියලවත් අහන්න බැරි තරම්, පුපුරනවා, සද්ද නැතුව ඉන්න එක තම්යි හොදම, මට හිතුනා.
සුසන්ත අයියලා හැමදාමත් එන්නෙ ළමයි පන්සිල් අරන් ඉවර වෙනකොට.
"කෝ නංගී හාමුදුරුවො වැඩියෙ නැද්ද?"
"...අම්මෝ..." මම විස්තරේ කිව්වා.
සුසන්ත අයියා බඩ අල්ලගෙන හිනාවෙනවා.
බලනකොට මම ආපහු ගිහින් තියලා ආපු පාර්සලේ හාමුදුරුවන්ගෙ බෑග් එකට වැඩලා. සිද්ධියෙ හැටියට හාමුදුරුවන්ගෙ පන්සලටත් ගොහින්. වැඩේ කරලා තියෙන්නෙ සුසන්ත අයියා.
"මම හොදට සිවුරක ඔතලා යටට ම දැම්මා නංගී!" සුසන්ත අයියා කිවා.
මෙහෙම කරන්න හේතුවක් තිබිලා තියෙනවා. මුලින් ඒක මගේ බෑග් එකෙ දාන්න අදහස ඇවිත් තියෙන්නෙ උන්නාන්සෙගෙන් කියලයි මට කිව්වෙ.
අන්තිමට මගේ පිටින් යේ. හාමුදුරුවො මා එක්ක කතා නොකරන බව දැන ගත්තු ප්‍රින්සිපල් මැඩම් ඇත්ත කියලා උන්නාන්සෙගෙ තරහ නැතිකරලා තිබුනා.
හොදම දේ මෙන්න මේකයි!
ඒ පාර්සලේ ඇතුලෙ තිබිලා තියෙන්නෙ හිස නැති ජේසු ප්‍රතිමාවක්...!!!
මගේ බෑග් එකෙ දාන්න පිඹුරු පත් හැදුවට උන්නාන්සෙ දැනං ඉදලා නෑ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා....
=============================
අපූරු චුටි ටීචර් විසින් ලියා එවන ලද මේ කතන්දරය ප්‍රසිද්ධ කලේ...
කතන්දරකාරයා වන මම් වම්හ.
පට්ට පට්ට. මම නම් චූටි ටීචර් කවුද කියලා ඊයේ හොයාගත්තා. හිකිස්. තවපාරක් ආපහු කතන්දරේ කියවන්න ඕන. අයියෝ Name/URL කොමෙන්ට් දාන්න බෑනේ. :(
ReplyDeleteමොකක්ද මේ කතන්දරේ හා අයිස් කැට අතර සම්බන්ධය. අද නම් ස්ටාටර් එක නැතුව පත්තු වෙනනේ නෑ වගේ. ලේසියෙන් චූටි ටීචර්ගේ කතන්දර දා න එකද?. ම්හු අදනම් කොහොමවත් හිතා ගන්න බෑ වගේ.
ReplyDeleteකතන්දර අයිස් ගහ ගහ වෙන අයගේ කතන්දර දානවා නේද...
ReplyDeleteමටත් හිතෙන්නෙ වැඩේ අයිස් කියලා..:D
ReplyDeleteමචන්, මටත් චූටි ටීචර්ව හඳුන්වල දෙන්න බැරිද ? චූටි ටෝච් එක හරි කමක් නැහැ !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදුමී, ටීචර් ගාව කොහෙද මචං ටෝච් එක! ඒක සෑර් ගාව අර ගුහාවෙ යද්දි පත්තුකරන් යන්න තියං ඉන්නව කියන්නෙ..
ReplyDeleteකතන්දරට තීන්නෙ ටීචර්ගෙ බ්ලොගේ දාන්න යමක් ලියල යවන්නයි, නිකං කන්තෝරුවෙ ඉන්නව වගේ ඉන්නැතුව.
@ All
ReplyDeleteහැම සතියේම සිකුරාදා උදේ 10 ට ගෙදර යන එකයි, අයිස් ඛැටවලයි සම්බන්ධය තේරෙන්නෙ නැද්ද ළමයිනේ?
මං අයිස් ගහනවා නෙමේ, මේවා දාන්නත් පවුල් රස්සාවෙන් ෂෝට් ලීව් දාන්න වෙනවා!
සියළු දෙනාටම ස්තුතියි.
හරිඑක "යෝවද තම්පවරෝ මණු ජේසු" කියල වගෙයි මට මතක.
ReplyDelete"යෝවද තම් පවරෝ මනු යේසු"
ReplyDeleteමම දන්න හැටියට "ජේසු" scene එකක් නෑ...
ගාමිණීයි සීසරුයි දෙන්නම වැරදියි. නිවැරදි
ReplyDelete"යෝ වදතං පවරෝ මනුජේසු" යන්න
මේ ගාථාව හරියට කියන කෙනෙක් හොයාගන්නවට වඩා ලේසියි කළුනික හොයන එක මගෙ හිතේ. (කාකාගේ ටොපික් එක විවේචනය කළා නොවේ)
ප/ලි:
අයිස් සීන් එකට මමත් ටියුබ්ලයිට් වෙලා හිටියේ
(හිකිස් අද ප/ලි නෑනේ. ඔන්න මගෙන් ඒකට)
මෙන්න "යෝ වදතං පවරෝ මනුජේසු " හෙවත් ඡත්ත මානවක ගාථා ගැන තියෙන විස්තරයක්
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/05/blog-post_29.html
http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html
හිහ් හිහ් හිහ් මරු වෑඩේ
ReplyDeleteපිස්සු කොර අප්ප ා
ReplyDeleteමචෝ, උඹ කිව්වම තමා මතක් උනේ . . . දැන් නම් අයිස් දකිනකොට කටට කෙලත් එනවා . . . !
ReplyDelete