
මේ කතන්දරේත් අර අපේ මහාචාර්ය ගුණරත්න ගැනයි.
අපි කවුරු කවුරුත් වගේ පොරත් පොඩි අඩියක් ගහන්න කැමතියිනේ අවස්ථාවක් ලැබුණු වෙලාවට. මහාචාර්ය ගුණරත්න උන්නැහෙත් එහෙමයි. මාත් එහෙමයි අන්තර්ජංජාලයට අනුව නම්.
කොටින්ම කියනව නම්, ඔය අඩිපුඩි ගැන මං වැඩිය කතන්දර ලියල නැති වුණත් ගූගල් එකේ "අරක්කු" කියල දාල අයෑම් ෆීලින් ලකී [I'm feeling lucky] සර්ච් බටන් එක ප්‍රෙස් කලාම කෙලින්ම යන්නෙ මගේ කතන්දරයකටයි. ඕක ගැණ අපේ සහෘද බ්ලොග්කරුවෙකුට ටිකක් දුක හිතිලත් තිබුණ පහුගිය දවසක.
හැබැයි මට නං ඉතිං අඩියක් ගහනව කිව්වහම පැය ගණනක් ලැහැත්තිවෙන්න ඕනැ නෑ. රටකජු ටිකක් හප හප බියර් එකක් සිප් කරනව, නැත්තං අයිස් කැට ටිකක් උඩට මිලි ලීටර් පණහක් විතර තරල සාරය දාගෙන රස විඳිනව. අපි ඉතිං ඉස්සර ඉඳලම කෝක් වානා කට්ටියනේ.
අපේ මහාචාර්ය ගුණරත්නට එහෙම බෑ. හොඳට මිරිස් සැරට මස් ඩෙවල් කරල ඕනැ. පොටේටෝ චිප්ස් ඕනැ. කෝක් ඕනැ. අන්තිමේදි තබ්ල ඕනැ. සිංදු ඕනැ. නැත්තං ඔස්තාද් ල ගෙ ගසල් මියුසික් ඕනැ. වැඩ කෝටියයි.
ඒ වගේම පොර කැමතිත් ඕල්ඩ් රිසර්ව්, ජොනී වෝකර් විස්කි, ජැක් ඩැනියෙල් බර්බන් වගේ හොඳම බඩු වලටයි.
ඉතිං ඔන්න එක දවසක් අපේ මහාචාර්ය ගුණරත්න උන්නැහැ ගේ වයිෆරේට හිතුන තමන්ගෙ මහත්තැන් ට හොඳ තෑග්ගක් දෙන්න. මුලින්ම අදහස ආවෙ හොඳම හොඳ බෝතල් පොජ්ජක් අරං දෙන්නයි. අන්න අදහන්න වටින නෝන කෙනෙක් නේද?
ලංකාවෙ ඉතිං කාන්තා පක්‍ෂයට සමතැන තියෙනව කියල කිව්වට වයින් ෂොප්වලට යෑමේ මානව අයිතිය නං නීති මගින් නැතිකරලනේ තියෙන්නේ. ඉතිං මිසිස් ගුණරත්න මේ උදව්ව ඉල්ලුව ගමේ ඉන්න නෑයො වෙන අයිය කෙනෙකුගෙන්.
"මට හොඳම හොඳ බෝතලයක් ගන්න ඕනැ තෑග්ගකට දෙන්න!" එයා කීව.
අයිය ඇහැව්ව හරියටම මොනවද ඕනැ කියල. මිසිස් ගුණරත්න දන්නවයැ ඔය බෝතල් ජාතිවල නං ගං!
ඒ පාර අයිය නං කීපයක් කිව්ව, ඕල්ඩ් රිසර්ව්, මෙන්ඩිස් වගේ. ඔන්න මිසිස් ගුණරත්න එක නමක් අහල කැමති වෙලා කිව්ව ඒ ජාතියෙන් ගෙන්න කියල.
ඉතිං අර බෝතලේ හොඳට පැක් කරල, රිබන් එකකින් බැඳල, මලක් කාරිය ගහල අපේ මහාචාර්ය ගුණරත්න ට දෙන්න ඇති වැලන්ටයින් ඩේ තෑග්ගට!
ඔන්න මං දවසක ගුණේලගෙ ගෙදර ගියා පොඩි ආරාධනාවක් හම්බ වෙලා.
ඉතිං "මහ දවල් වුණත් පොඩ්ඩක් විතර බෝතලයකට දෂ්ඨ කරමුද?" අහල පොර ඇරිය කබඩ් එක.
මෙන්න බොලේ විස්කි, වයින්, බර්බන් බෝතල් අතරේ දිලිසි දිලිසි තියෙනව කොලපාට බෝතල් රාජයෙක්!

අති-විශේෂ හබියට අති-විශේෂ වයිෆරේගෙන් ලැබුණු අති-විශේෂ ත්‍යාගයයි ඒ.
මදෑ කොළා!
කතන්දරකාරයා
:-D:-D:-D
ReplyDeleteඅනේ එහෙම පිංවතෙක් ඒ වගේ භාරියාවක් ලැබෙන්න
මන් මේ කතාව කෝ කියලා බල බල හිටියේ.....
:-D
අම්මපා බදිනවනම් ඔන්න ගෑනු.
ReplyDeleteඑමෙ හරි යුතුකම් ඉෂ්ඨ කළා නෙව.
එලනේ මම නම් මට හමබ් වෙන ගෑනීව ඒ විදියට හදාගන්නවා
ReplyDeleteඅන්න බාරියාවෝ. . .
ReplyDelete(මගේ ගෙදර උන්දැත් එපා නොකියන එකම මදෑ . . නේද මචන්)
@ All
ReplyDeleteThanks for your comments.
අපේ කෂ්ටියට මේ කතාව හරියට තේරිලා නෑ වගේ....!!!! සේරම පිලිතුරු වයිෆ් ගුණ වරුණාව ගැනයි.
මෙතන වුනේ මේකයි, ගුණරත්න මහාචාර්ය ගේ වයිෆ් හිතුවේ අති විශේෂ කියන්නේ නම වගේම හොඳම හොඳ අරක්කු ජාතිය කියලයි. ගුණයා ගල් තියා නිකං පොල්වත් බොන්නෙ නෑ. ඒ දවස්වල බිව්වෙත් ඕල්ඩ්. දැං ඉතිං ජොනී තමයි.
පලවෙනියටම "අ" කියන කොටම ගියා කට්ටියටම පොඩි ආආතල් 1ක්. ඊටපස්සෙ ඔය මොක තිබුනත් ගල් නම්....
ReplyDelete