
"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.
මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.
නොපිපි මල
තුන් මසක සිහිනයක් බොඳ වුනා
රතු ලෙයින් සිහිවටන
සිත පුරා ඉතිරි කර
නොපිපි මල් පොහොට්ටුව පරවුනා
ජීවිතය නැවතුනා
තෙවන වරටත් ලොවේ
කුරිරු බව පසක් කර
ජීවිතය නැවතුනා!
රුධිර බිදු එකින් එක එකතු කර
කුස පුරා කළලයක් සැදූයේ
මේ ලෙසින් දුක් සුසුම් හෙලන්නද?
සිහිනයක දුටු බිළිඳු රුව කෙදින
අනේ මා සැබෑ ලොව දකින්නද?
තව කොතෙක් කල් මෙලෙස තැවෙන්නද?
මගේ ඉරණම සදා කඳුළු බිඳු අතර දිවි ගෙවන්නද?
හෙට දිනේ යලිත් හිරු නැගේදෝ?
අඳුරු මා ලොව මිලින මල් අතර
සුදෝ සුදු රෝස මල පිපේ දෝ?
කඳුළු බිඳු මැකේ දෝ?
සුසුම් රුළි නැසේ දෝ?
උපදිනා ආත්මෙන් ආත්මෙට
මෙවැනි දුක් යලිත් ඇති නොවේ දෝ?
(මෙය 2006 දී පමණ ලියූවකි).
ඒ වගත් මෙසේම,
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න අර මේ හා සමාන අදහසක් තියෙන අනිත් නිර්මාණයට පාර.
http://kathandara.blogspot.com/2012/06/blog-post.html
(image: http://fineartamerica.com/featured/abstract-art-original-circle-painting-flaming-desire-by-madart-megan-duncanson.html)
මම එක....
ReplyDeleteගොන් කෙන්ජි නෙවෙයි මම
හැක් හැක්.... කෙන්ජියා බීලා බුදි.....
Deleteඋන්දෑ සදා කාලින නින්දට යනවා නං අපි කැමතියි.
Deleteවනේ වන සතෙකුටවත් කියන කතාද බොල මේ...?
DeleteThis comment has been removed by a blog administrator.
Deleteසහතික ඇත්ත..... කෙන්ජියාට බැනීම හෙලා දැකිය යුතුයි.....
Delete- කකා සුරැකීමේ ජාතික සංගමය -
ප: ලි: අභීත එදිරිසිංහට අහුවෙන්න එපා.... ඔහු ලග රැකියා අවස්ථා නෑ..... ණය දෙන්න එපා... ආයෙත් ලැබෙන්නේ නෑ.....
කොමෙන්ට් වහනවා... කොමෙන්ට් කපනවා...
Deleteඔල්වරසන් හඩ පැතිරෙනවා....
බිසි බිසි කියමින්..... ඇඩ්මින් ගෝණා......
තාලෙට අං දෙක නටවනවා.....
2
ReplyDeleteඇයි දෙකට මොකද උනේ ?
Deleteමෝඩයාගේ ලෝකයේ දාන කොමෙන්ට් මේ උගත් කකාගේ බ්ලොග් එකේ දාන්න එපා හලෝ
This comment has been removed by a blog administrator.
Deleteමේකත් එහෙම එකක් තමා.
ReplyDeleteවිරූපිනියගේ වෙසක් පැතුම.
කකා....මේ හා සමාණ සිදුවීමකට අවශ්‍ය නිර්මාණයකට මට ඔබේ " නොපිපි මල් පොහොට්ටුව පරවුනා" කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්ද? මට එය බොහෝම තදින් හිතට වැදුනා.
ReplyDeleteහා මචං.
Deleteකකා.
කණගාටුදායක සිද්ධියක්...
ReplyDeleteමෙවැනි ප්‍රශ්න බොහෝ විට ඇතිවන්නේ මද සරු භාවය හේතු කොට ගෙනය.....
ReplyDeleteඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි.
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක‍්‍රමානුකූල ආයූර්වේද ප‍්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.
මාතලන්ට වුණේ මොකද්ද කියලා කවුද අහලා තිබුණා නේද?
ReplyDeleteමාතලන්ට වුණේ මොකද්ද කියලා හෝඩුවාවක් අද (ඔක් 20) සන්ඩේ ටයිම්ස් පත්තරේ තියෙනවා. බලපන්.
මාතලන් දිගු නිහැඩියාවකට පසු අද තමන් ගේ බ්ලොගයේ ප්‍රතිචාර පල කොට ඇත.
Deleteඔන් ලයින් එකේ තියේද ....?
Delete(මෙය 2006 දී පමණ ලියූවකි).
ReplyDeleteකකාගේ තරුණ කාලේ.
@කකා,
ReplyDeleteමේ ගැහැණු සිතකින් සිතලා නම් වෙන්න කොහොමටවත් බැහැ. මෙවන් අවස්ථාවක ගැහැණු සිතකට නැඟෙන සිතිවිලි මීට වඩා බොහොම දරුණුයි. මේක පිරිමියකුට ඇතිවන සිතිවිල්ල මිස ගැහැණියකට ඇතිවන සිතිවිල්ල නෙවෙයි.
මෙතනට අදාල නැති කමෙන්ට් එකක්. සමාවෙන්න.
ReplyDeleteඔගස්ටස් විනයාගරත්නම් මයා ලියු..අමරදේව ශූරීන් ගැයු නිම් හිම් සෙව්වා මා සසරේ ගීතය සම්බන්ධවයි.....මම ලඟදී බලපු වැඩසටහනකදී ,නදීක ගුරුගේ කිව්වා මෙය "නිම් ඉම්" විය යුතු බවත් සිංහල භාශාවේ 'හිම්' කියා වචනයක් නැති බවත්....කීර්ති පැස්කුවෙල් කිව්වා...ඔවුන් මේ ගීතය ගයන්නේ 'හිම්' ලෙසින් බවත් අමරදේව ශූරීන් පවා මෙය ගයන්නේ 'හිම්' ලෙසින් කියාත්......පසුව කීර්ති විසින් අමරදේවයන්ගෙන් මේ බව විමසුවා. ඔහු පවසා ඇත්තේත් ඔහු ගයන්නේ 'හිම්' කියා බවය. ඔබලාගේ අදහස් එකතු කරන්න පුළුවන්ද?
මා මේ පැණය රවීගේ සහ කකාගේ බ්ලොග්ස් වලට යොමු කරමි.
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteතනිවචන්යක් ලෙස "හිම්" කියා වචනයක් නැති දැයි නොදනිමි. එහෙත් නිම්හිම් ලෙස වචනයක් ඇත. මේ සින්දුවේ කියන විදිහට "නිම් ඉම් සෙව්වා මා සසරේ " කීම නිවැරදියි මටද හැඟෙ.
Deleteමෙවැනිම දෙයක් "අන්න බලන් සඳ" ගීතයේ "පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ වෙලිලා" කියා කියනවිට විටෙක,එහි මුල් ගායිකාව වූ අනුලා බුලත්සිංහල මහත්මිය පැවසුවේ එය "මාරුතයේ හැනිලා " ලෙස නිවැරදි විය යුතු බවයි.
හැනිලා කියන්නේ මොකක්ද බං? සීරියස් අහන්නේ.
Deleteගොඩක් සංවේදී සිදුවීමක්,
ReplyDeleteමෙය කියවද්දී මට සිහි වුනේ දිනපතා පුවත් මගින් අහන්න ලැබෙන ඉපදුන ගමන් දරුවන් වලලා දමන,මහමග දරුවන් දමා යන සිද්දි.
ReplyDeleteSHOAK KAIYAK NEDA KAKKA THUMA PADA BANDALA THIYENNE. MEKATH ISSARA HASTHOPAK KARAMEN ELI DAKWAPU EKAK WENA ATHI NEDA?
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමෙවැනි අත්දැකීමකට පසුගිය වසරේ මුහුණ දුන්නෙමි...
ReplyDeleteමේ අර නිළියගේ අත්දැකීම ගැන රචනා උන එකක් නේද කකා? Sayමිනි ගැන.
ReplyDeleteඔන්න ඉතින්..... කකා අපිව නරක මිනිහා කරගන්නයි හදන්නෙ.....
ReplyDeleteඅපිත් ආනන්දෙ තමයි.... හැබැයි වෙලාවට වැඩ.....
කොමෙන්ට් මොඩරේට් කරනවනම් වෙලාවට පබ්ලිශ් කරන්න..... නැත්නම් අපිට පාස්වර්ඩ් එක දෙන්න.....
අදත් කයිය පද බැඳලා... !!!! :)
ReplyDeleteමේක මායාවෝ කෘතියේ කයියක් ද ? එහෙම නැත්නං ඉංජිනේරූ පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ එකක් ද ?
ඇත්තටම කෝ ?
යකෝ පොස්ටුව කියවල ආව මෙව්වා එක පුල් කචල් උනානේ මේ කොමෙන්ටු ටික කියෙව්වට පස්සේ
ReplyDeleteකකා ලැව් ගිනි නේද? මොකද තත්වෙ.... කරදරයක් නෑ නේද?
ReplyDeleteකකාට ලව් ගිනි....
Deleteකකාගේ බ්ලොගේ ලින්ක් නොදා වෙන කොහේ දාන්නද?
ReplyDeleteමේ පුංචි කතන්දර දෙකත් ගැහැනු විදියට හිතලා පිරිමියෙක් ලියපුවා...
ගිටාරය
හදවත් සැත්කම
"This comment has been removed by a blog administrator."
ReplyDeleteඑල ..එල කකා , ක්‍රිස්තුවා මැරිකැන්ස් ආසම කරන වචන පෙළ.
සහන් ඔබ ගැන ඔබ සිතා ඉන්න විදිය ගැන මට ලැජ්ජයි.
ReplyDeleteමේ වගේ
>>silentsahan says:
October 20, 2013 at 11:37 pm
අයිසේ කතන්දර නිකන් බල්ලෙක් වෙන්න එපා හරිද …? මන් තමුසේට වෙලාවක කියල දෙන්නම් …මෙතන තමුසේ වගේ බල්ලෙක් එක්ක කතා කරන්න මට බැහැ … අපි පස්සේ හම්බෙමු ….<<
කොමන්ට් කරල මොන පෙරලියක්ද කරන්න හදන්නෙ..
මින් මතු ඔබේ අඩවියෙ පැත්ත පළාතේ නොඑමි ...
කෙන්ජි , මේවා පෙන්නලා දෙපැත්ත කොටවන්න .. අහවල් එක වැරදිලා තිබ්බට ඔබ ලිංගයෙන් ස්ත්‍රී ද ?
Deleteකමෙන්ටුවකට ස්තුතියි. ප්‍රශ්නද අසා ඇති බව පෙනේ. පිළිතුරු දීමට කාලය නැති වීම ගැන කණගාටුවෙමි.
ReplyDelete