
ඔය හිත කියන මෙව්ව එක තියෙනවා නේද? උදේ හවා අපි ඔය හිත ගැන හිතෙන් හිතුවාට ඕක කොහේ තියෙවාද? කොයි හැඩයේද කියලා මෙලෝ සතෙක් දන්නේ නැති අවයවයක්.
අපි මොලෙන් හිතුවාට හිත කියන්නේ මොලේ නොවෙයි. මොලේ කියන්නේ හිත නොවෙයි.
ඒ විකාර කෙසේ වෙතත්, කවි ලියද්දී නං හිත කියන වචනේ නැතුවම බෑ.
මෙන්න මං කැම්පස් එකේ තුන්වෙනි වසරේදී ලියපු කවියක්. මේකේ මාතෘකාවට තමයි මං හරිම කැමති!
හිත කිව්වා හදවත අමතා
පැමිණි දුක් අම රසයි කියමින්
සිතම සිත රැවටුවද රහසින්
අති රසත් තිත්තව දැනෙන සඳ
අරළු බුළු ගැන කියනු කවරෙද?
අරුත් සුන් බව සිතට දැනුණද
යලිත් මොහොතක සුවය සොයලා
උපැස් යුවලක් තුලින් බැලුමුත්
අදත් ලෝකය යටිකුරුව ඇත
සොහොන් කොත මත තවත් වරෙකට
හදක් ගල් වුණු වෙලාවේ
අපේ පාළුව ඉවසගමු අපි
ඉදිං හද හුදකලාවේ!
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
(image: http://www.vajrayana.com.au/blog/?p=31)
උදෙන්ම කියවන අය අඩුයි වගේ
ReplyDeleteඅදත් ඕන් එක
කොයි මනුස්සයාද කැමති උදෙන්ම ලේ කෝප කරගන්න
DeleteBELBIC කියලා ඉරාන්කාරයො වගයක් කන්ට්‍රෝලර් එකක් රිසච් කරගෙන යනවා.(BRAIN EMOTIONAL LEARNING BASED INTELLIGENT CONTROLLERS) ඒකෙන්නම් තේරෙන විදියට හිත තියෙන්නෙ මොලේම තමා.
ReplyDeleteඋන්ගෙ ආච්චිලාට හාල් ගරන්න රිසච් පේපර් ඔක්කොම පර්සියන්. ඇයි අපිට බැරි අපේ රිසච් හෙළුවෙන් කරන්න.
පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුව භංගවේවා!
ReplyDeleteඇයි මායාවෝ කෘතිය
Deleteඇයි හස්තෝපක්‍රම හෙවත් හස්ත්ද්වාරය ?
Deleteමම නම් හිතන්නේ හිත තියෙන්නේ බොක්කේ. ඔය කුන්ඩලණී යෝගෙත් තියෙන්නෙ ඒ පැත්තෙලු නේ... ඒකනේ කොල්ලෝ බොක්කෙන් ලව් කරන්නේ. කෙල්ලන්ගෙ නම් ඇත්තෙ හදවතේ...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම් හිත...
ReplyDeleteහිත...එහෙම එකක් තියෙනවද......ලංකාවෙ පොරවල් වල්ට නම් නෑ.....හැබැයි හිතනවා කියල ක්‍රියාපදයක් නම් තියෙනවා කියලා අහලා තියෙනවා..
ReplyDeleteසොහොන් කොත මත තවත් වරෙකට
ReplyDeleteහදක් ගල් වුණු වෙලාවේ
අපේ පාළුව ඉවසගමු අපි
ඉදිං හද හුදකලාවේ!
හ්ම්ම්..
අපොයි අදත් 'කයිය පහලා' පෝස්ට් කරලා !!!
ReplyDeleteඅපේ පාළුව ඉවසගමු අපි....
ReplyDeleteOONNA ADATH KAKKA THUMA EYAGE HASTHO PAK KRAMA BAWITHA KARAMIN KAI PADA ELI DAKWALA. yALUWANE KIYAWAPALLA, IGENAGANILLA .
ReplyDeleteමේ කයියෙන් හිත කෙසේ වෙතත් හුදකලාව නම් හොඳට දැනෙනවා
ReplyDeleteApe maha kai kakka thumage kaiya nitharama pahenta gannawa.
ReplyDeleteethakota ethuma hasthopak krama karamin kaipadama eliyata danawa. ethakota apith kai ahula gannawa.
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
හරිම බිසි කාලයක්.
වැඩ, වැඩ, වැඩ!