
කවි වලට සමහර පොරවල් කැමති නෑ. ඒ කෂ්ටියට ඉතිං අදත් තියෙන්නේ අර සොරි ඩොට් කොම් සයිට් එකට යන්නයි. බයි, බායි.
මෙන්න අනිත් අයට අද කවියක්.
මිතුරු අඳුර
සඳ පළුව දුක් විඳින තරු නොමැති මේ රැයේ
හද කොනක මා ගැනම දුකක් කඳුලක් නැගේ
මගේ දුක මට හොඳයි නුඹ කුමට හඬන්නද
මා අඳුරු ලොව අතැර සැඟවියන් මුදු සඳේ
පෙර ලොවක පැතූ ලෙස හමු වෙලා වෙන් වෙලා
ඒ ගෙවපු පව මදිද යලිත් ඇයි හමුවුනේ
සුසුම් කඳුලැළි සමඟ නැවත මා තනි වෙලා
සසර සුපුරුදු ලෙසද අදත් අප වෙන් වුනේ
ගිනි පෙනෙලි බැට වැදී දරදඬුයි සිත මගේ
කණමැදිරි එලිය මැද ගෙවමි අද ජීවිතේ
ඇත තවම හද දිරිය සිත එකතු කරන්නට
නැතත් අද දිනේ හෙට යලිත් හිරු පායතේ
-කතන්දරකාරයා
(image: http://wallpaper-hit.blogspot.com.au/2010/08/wallpaper-dark-adstract.html)
KAKKA THUMAGE KAI PATAWAGENA YANA KADA DAN DIRA PATHWA ATHA, EHETH ETHUAMA DAHIRIYEN HAKI THARAM KAI PADA WEL APE PITA PATAWAI. BOHO WELA WATA PISSOTH ME WAGE PAL HAALI DODAWANAWA. KAMAK NEHE.
ReplyDeleteසංගීතය...!සුරාව ....!!ගැහැණිය.....!!!සමග,,,,,,, කවිය......!!!!ගැලපෙනවද.......????? කියන්න මට කතන්දර .
ReplyDeleteතනිකමම තනිකමට පාලු මකනා වෙලේ..
ReplyDeleteතරුත් සඳු ඇයිද නුඹ මා අතැර නොම ගියේ.
කවි සිතට දුක් කඳුළ උරුම වෙන මේ දිනේ..
පබැදුනා කවියක් දරඳඩුවු සිත් මලේ...
කවිය කියන දේට මන් නම් ගොඩක් ආසයි. මන් කැමතියි කාකාත් එනවනම් තව ටික දොහොකින් අපේ පැත්තෙ.බ්ලොගක් පටන් ගත්ත විතරයි තාම. ඒ නිසා දැනට නම් වැඩි දෙයක් නෑ. තව ටික දොහොකින් එමු :)
Deleteකවි රසවින්දාට කවි ලියන්න නම් මට බෑ.ඔබේ හැකියාව මම අගය කරමි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
අව්‍යාජ මාරයියා මේ කවිය ගැන මොනවද දන්නෙ නෑ හිතන්නෙ නේද?
ReplyDelete(ඇමක් දැම්මා. බලං ඉඳිමු කයිද කියලා.)
@ kenjy
ReplyDeletewhy not?
ඔය තුන එකතුවෙදි මම කවියක් අහල නැහැ,අහපු තරමක් අහල තියෙන්නෙ [වැල්]බයිල.නොදන්නකමට ඇහැව්වෙ.කව්රුත් තරහ ගන්නව හෙම නොවෙයි!!!!
Deleteඅනේ කතන්දරකාරයෝ , ලියන්ඩකෝ ඉස්සර වාගේ කතන්දරයක් , ඔයා මට මේ බ්ලොග් උරචක්කරමාලාව පලන්දලා පැත්තකට වෙන එක හරිද .
ReplyDeleteකෝ මේකෙ තනුව?
ReplyDeleteකාකා, කවිවලට කොහොමත් ආස නිසා මේක නම් ආසාවෙන් කියෙව්වා. ජය වේවා!
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
හරිම බිසි කාලයක්.
වැඩ, වැඩ, වැඩ!