
ජිවිතේ දුක, දුක, දුක අතර පොඩි ජොලියක් දැනෙන අවස්ථාත් තියෙනවානේ. මේක ඒ වගේ වෙලාවකදී ලියවුණු එකක්.
හෙට වසන්තය උදාවේ
සලිත වෙයි සිත - කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත - නිති සරා සඳ
පරදවයි සොමි කැළුම් විහිදා
සිතා ඔබ ගැන - බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා-මන
දකින්නෙමි සුබ සිහිනයන්
පැතුම් ඉටු වෙන - හැගුම් සැනසෙන
දිනක් නුදුරෙම උදාවේ
සිතුම් විලසෙන - පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ
-කතන්දරකාරයා
ප/ලි:
මේක ඇත්තටම වෙන්ඩ සින්දුවක්. වැඩි විස්තර පසුවට!
http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html
(image: http://www.collegefashion.net/trends/the-top-5-hottest-colors-for-spring-2011/)
හරිම ලස්සනයි, දුක හැම වෙලාවකම අපිට උරුම නැහැනෙ, ඒ සමඟම සතුටත් බැඳිල තියෙන නිසා. කාකා හැම පොස්ට් එකකටම මට කමෙන්ටුවක් දාන්න බැහැ මේ ලියන විදිහට. පියුම් විලේ පොස්ට් එක මේ පාර දමා ගත්තේ හෙන සටනක් දීලා. මොනවහරි නෙට් පුරස්නයක්.
ReplyDeleteස්තුතියි!
Delete(නෙළුම් විල ගැන නේද කියලා තියෙන්නේ. බනිලාට නිවාඩු නම් නෙළුම් පිපෙන්නේත් නෑනේ.)
ඒ බින්දි නංගිගෙ නෙළුම් විල නොවැ.
Deletehttp://piyumvila.blogspot.com/2012/11/4.html
එහෙනම් හැම දෙයක්ම අති සාර්ථක වේවා කියලා සුභ පතනවා. මොනව උනත් හොඳම හොඳ විදිහට හැමදෙයක්ම වෙන්න ඕනෙ.වෙන්ඩ සින්දුවක් උනාට වැඩේ ඇත්තනේ ඈ. චිරං ජයතු.
ReplyDeleteස්තුතියි!
Deleteජයවේවා!!
අදත් කයියක් !
ReplyDeleteඅයියෝ සුපියල් පහ !
ඔහොම යනකොට වෙස්සන්තරෙත් කියවෙයි!
Deletegood one bro...
ReplyDeleteමන්නම් මේක කියෙව්වේ නැහැ අෆ්ෆා.
ReplyDeleteසිතුම් විලසෙන-පියුම් පිබිදෙන
ReplyDeleteවසත්කල හෙට සිනාවේ
ලස්සනයි
කතන්දර... මේකෙ උඩින්ම තියෙන සයිට් එකට ජොයින් වෙන මගුල හින්දා පේජ් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව වගේ.
ReplyDelete" Duka athara podi joliyak " Dukata pun gahana kota loku joliyak danenawa.
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
හරිම බිසි කාලයක්.
වැඩ, වැඩ, වැඩ!