Friday 6 July 2012

දැන් කාලේ හැදෙන ළමයි සහ විස්ස විජ්ජාල ප්‍රොෆෙසර් ලා! - Oh these kids (and these University Professors)


ලඟදී දවසක බ්ලොග් එකක් කියොලා ඒකේ තිබුණු එක කතන්දරේකට මං කමෙන්ට් කෙරුවේ "දැන් කාලේ හැදෙන ළමයි!" කියලයි. (මේ බ්ලොග් එක Off the Tangent කියලයි මං හිතන් හිටියේ. නමුත් මට ඒ ලිපිය හොයා ගන්න බැරිවුණා!)

ඒ වෙලාවේ මට මතක් වුණා මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ සෑහෙන කාලයක් තියෙන මේ කතන්දරේ ලියලා දාන්න ඕනෑ කියලා.

මං හිතන්නේ ඔය "දැන් කාලේ හැදෙන ළමයි!" කියන කෑල්ලත් අර මං කලින් දවසක ලියපු තේරවිලි කතන්දරේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යන එකක්.

අපේ සීයා ගේ තාත්තා සීයා ගැන මෙහෙම කියන්න ඇති, සීයා මගේ තාත්තා ගැන කියන්න ඇති. තාත්තා මං ගැන මෙහෙම කියනවා මට මතකයි.

අන්තිමේදී මටත් මගේ දුව ගැන එහෙම කියන්න වුනා!

"දැන් කාලේ හැදෙන ළමයි!" කියලා දුව ගැන මට හිතුනේ මෙන්න මේ නිසයි.

කතන්දරහාමිනේයි මංතුමායි කසාඳ බැඳලා දෙවෙනි අවුරුද්දේ රතු කොරොල්ලා කාරෙකෙන් ගෙදර ගෙනාපු රෝස බබා දැන් ටික ටික ලොකු ළමයෙක් වෙලා.

උස් මහත් වෙනවා වගේම ඉතිං පණ්ඩිතකමත් වැඩි වෙලා.

අර පහුගිය දවසක ලියපු කතන්දරයක මං කිව්වා වගේ නොට්ටිගේ දුව වගේ දෙමව්පිය දෙපල හතර විළි ලැජ්ජාවට පත්කරමින් කලා විෂයයන් තෝරා ගත්තේත් ඒ පණ්ඩිත කම නිසා නේ.

දුව ඉපදුණු කාලේම වගේ අර හැමෝම කරනවා වගේ අපිත් දුවගේ කේන්දරේ හදවා ගත්තා අපේ ඥාති හාමුදුරුනමකට දීලා. ඔය කේන්දර පොත අපේ වැදගත් ලියකියවිලි අතරේ හැංගිලා තිබිලා අවුරුදු ගණනාවකට පස්සේ මේ පහුගිය දවසක අපිට හම්බවුණා.

මේ වෙනකොට හාමිනේයි, මායි අර විද්‍යා, කලා කේස් එකෙන් පරාජය බාර අරගෙනයි හිටියේ.

"දැන් කාලේ හැදෙන ළමයි!" නේද?

ඒ දුක ටිකක් හෝ නිවෙන එක්තරා වාක්‍යයක් තිබුණා අර හාමුදුරුවෝ හදලා දුන්නු කේන්දර පොතේ ලියලා තිබුණු පලාපලවල.

මේක දැකලා හාමිනේට හරි සතුටුයි!

හාමිනේ දුවට මෙහෙම කිව්වා.

"කමක් නෑ ෂීනි, ඔයා ඔයාට කැමති සබ්ජෙක්ට්ස් තෝරාගන්න කෝ. හැබැයි මොනවා ඉගෙන ගත්තත් උනන්දුවෙන් හොඳට ඉගෙන ගන්න..."

"...ඔයා හොඳට ඉගෙන ගෙන යුනිවසිටි ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා ය කියලා ඔයා ගේ කේන්දර පලාපලවල කියලා තියෙනවා."

දැන් කාලේ හැදෙන ළමයින් ගේ හැටි!

දන්නවාද මේ පණ්ඩිත කෙල්ල ගත් කටටම මොකක්ද කිව්වේ කියලා?

"අනේ අම්මී, මට නම් බෑ ඔය ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න. අම්මී දන්නවාද යුනිවසිටිවල සැලරීස් කොච්චර අඩුද කියලා?"

ඔන්න දැන් කාලේ හැදෙන ළමයින් ගේ හැටි!

විස්ස විජ්ජාල බර ගාණක අවුරුදු බර ගාණක් රස්ටිෆයි වෙලා තියෙන මංතුමා නෙමේ කටක් ඇරියේ.

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ආච්චී නං ඉස්සර දවසක අහවලාට බැණ වැදුනේ දැං කාලේ හැදෙන විලිසංගේ නැති කෙල්ලෝ කියලයි.

(image: http://www.nannystate.com/rules/Teachers%20May%20Not%20Say%20'Shit'%20in%20Arizona-93.html)

39 comments:

  1. ONNA NAKI GAMARALA NO 1 . COMMENT PASSE

    ReplyDelete
  2. //"අනේ අම්මී, මට නම් බෑ ඔය ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න. අම්මී දන්නවාද යුනිවසිටිවල සැලරීස් කොච්චර අඩුද කියලා?"//

    මාසෙකට $30,000 හම්බවෙන යුනිවර්සිටි ප්‍රොෆෙසර්ලත් ඉන්නවා කතන්දර....:D

    ReplyDelete
  3. K K TRUMPET EKA GATHTHE KOI KALEDA KIYALA MEKE LIYALA NATHI EKA ADUPADUWAK. -NAKI G.RALA--

    ReplyDelete
  4. ඇස්බී මාමා වැඩිකොරයි මෙහෙ එව්වානම්

    ReplyDelete
  5. :) ඔය කියල තියෙන්නෙ නම් මගෙ අනාගත බලාපොරොත්තුව! :)

    සතුටක් ඔබේ ලිපි කියවන්න ලැබීම!
    ලස්සන,සැහැල්ලු වචන පෙළක්!

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි.ඒ වුනාට බයයි අපි දැන් lecturers ලට කියන ඒවා අපි lecturers ලා වුන දවසක ළමයි අපිටත් කියයි කියලා. :ඩී

      Delete
    2. හික් හික්,,
      ඕක කොහෙත් තියනව. ඉස්කෝලෙක ටීචර් කෙනෙක් උනොත් කොහොමට ඇත්ද,,

      Delete
  6. අපි වගේම මොලේ ඇති ළමයෙක් ;)
    බලමුකෝ ඇස්.බී මාමා කිව්වනේ පඩි වැඩි කරනවා කියලා.
    :ඩී

    ReplyDelete
  7. යුනි ප්‍රොපෙක් උනා නම් අයිසක්‌ ගහගෙන ආතල් එකේ ඉන්න තිබ්බ. දැන් Dpt හෙඩ් උනොත් 10ක්ම වැඩියි. අපිට කොහෙද ඔය චෑන්ස්

    ReplyDelete
  8. දරුවෙක් වුනාම ප්‍රශ්ණ පත්තරයක් වෙනවා.මේකයි ඉස්සර වඩා දැන් ලමයි අනාගතය හිතනවා කියා මන් හිතනවා.
    තමන්ගේ ජීවිතයේ සතුට වෙනුවෙනුයි ඉගනගන්න ඕනි ඒ කියන්නේ තමන් කැමති ඇග ඉල්ලන විෂය පතයක්.
    ගොඩාක් දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ විද්‍යා විෂයකට තමන්ගේ දරුවා ඇතුලු කරන්න,.
    ඒ දරුවා ගේ හිතේ ඒ විෂය ඉල්ලා තිබුනොත්.දෙමාපියන්ටත් සතු‍ටුයි.නමුත් දෙමාපියන්ගේ හිතේ ඒ දරුවා කැමති විෂය නොතිබ්බොත්.ඒවෙලාවේ එතන් ප්‍රශ්නයක්.
    මේ වෙලාවේදී ගොඩාක් හිතලා වෙඩ කරන්න ඕනි දෙමාපියෝ මොකද?ද‍රැවා කැමති විෂය පැත්තෙන් ඉදිරියට යෑමට මග පාදා දිමක් කලොත්.ඒක සාර්ථක අති සාර්ථකයි.
    ලොකයේ දැන් ඉන්නා හිටි ෂේශ්ඨ පුද්ගලයන් බිහි වුනේ තමන් කැමති දේට උපරිම උත්සහයක් යොදපු නිසයි.

    ReplyDelete
  9. "දැන් කාලේ හැදෙන ළමයි!"

    ඔය ප්‍රශ්නෙ මටත් කීප සැරයක්ම හිතිල තියනව. මගේ හිතේ ඕක සර්වකාලීනයි. ඉස්සර ටීවී එකේ පරණ සිංහල ෆිල්ම් පෙන්නන කොට ඒවල එහෙම ඔය කතාව කියනව වයසක අය. සමහරක් ෆිල්ම් දශක දෙක තුනක්වත් පරණයි. ඒ වගේ වෙලාවලට තමා මටත් ඔය කතන්දරට හිතිච්චි කතාව හිතෙන්නෙ. මගේ හිතේ ඔය පරම්පරා වෙනස වචනවලින් එළියට එන විදිහ.

    ReplyDelete
  10. I think I am an example for her... I did study Maths(Lon A/L) because of my father and I did study Arts/English Lit(Local A/L) to make me happy.... End of the day, we should what make us happy.... Finally I became a lawyer... so studying Arts is not a bad thing... If your daughter studies science or maths to make you guys happy, she will be frustrated....

    ReplyDelete
    Replies
    1. ඔයාට තව ටික දුරයි යන්න තියෙන්නේ දේශපාලුවෙක් වෙන්න. ඊට පස්සේ සෘඛ්‍ය ඇමති හරි විද්‍යා සහ තාක්‍ෂණ ඇමති හරි එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන ඇමති හරි වෙලා ඔය ඔක්කොම සයන්ස් කාරයෝ පාලනය කොරන්ට. !

      Delete
  11. දැන් කාලේ හැදෙන එවුන් හරිම ඇඩ්වාන්ස්.

    ReplyDelete
  12. I think I am a good example for her... I did study Maths(Lon A/L) because of my father and I did study Arts/English Lit(Local A/L) to make me happy.... End of the day, we should do what make us happy.... Finally I became a lawyer... so studying Arts is not a bad thing... If your daughter studies science or maths to make you guys happy, she will be frustrated....

    ReplyDelete
  13. "දැන් කාලෙ හැදෙන ළමයි" කියල ඉස්සෙල්ලම කියන්න ඇත්තෙ සිංහබාහුගේ තාත්තා වෙන්න ඇති මං හිතන්නෙ.
    ඒක නෙවෙයි මොකක්ද ඔය "හතර විළි ලැජ්ජාව"?

    ReplyDelete
  14. මේක යටින් දුවන්නෙ වෙනම කතාවක්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම සුට්ටි සැකයක් ආව බොලේ...! හිකිස්..

      Delete
  15. මෙන්න ඇනකොන්ඩා වැඩ පටන් ගත්තා. දැන් අවශ්‍ය ඔබේ සහයෝගයයි

    ReplyDelete
  16. සහතික ඇත්ත කතන්දරයො...!මුං එක්ක කතාකරල දිනන්න බැහැ...!
    "දැන් කාලෙ හැදෙන ළමයි" කියල තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  17. මොනා කියන්ටද? කාටද කියන්න පුළුවන් අනාගතේ වෙන්නේ මොනවද කියලා..

    ReplyDelete
  18. දැන් කියවන පොත. මේකට පොඩ්ඩක් සම්බන්ධයි කියල හිතුන හින්ද දැම්ම
    http://en.wikipedia.org/wiki/Outliers_(book)

    ReplyDelete
  19. මේක කියවද්දි හිතුනෙ කකා හෙන නාකීනෙ කියලා ඈ..

    ReplyDelete
  20. 70 දශකයේ වියතේ සාය කොට ඇන්ද ඈයෝ දැන් ආච්චිලා වෙලා කෙල්ලන්ගේ කොට ගවුම් වලට බනින්නේ '' දැන් හැදෙන එව්වෝ '' කියල තමා .
    දැන් ලෝකය අපේ කාලෙට වඩා විවෘතයි . අවස්ථා වැඩියි . ඒ හින්දා ළමයින්ට තෝරා ගන්න ලොකු පරාසයක් තියෙනවා .

    ReplyDelete
  21. දරැවන්ට තමන් කැමති දෙයක් ඉගන ගන්ඩ දෙන්ඩ ඕන

    ReplyDelete
  22. අපි කවුරුත් කැමති අපි කැමති දේ කරන්නනේ..අපි පොඩි කාලේ වගේමයි අපේ දරුවන්ගේ පොඩි කාලෙත්..එ වගෙමයි තරුණ කාලේත්..එ ගැන හිතලා දෙමාපියෝ තිරණ ගන්නවා නම් කොච්චර හොදද..

    ReplyDelete
  23. මේ දවස්වල විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනේ කරන්නේ ඔය ප්‍රශ්නේ නිසා තමා :)

    ReplyDelete
  24. වර්තමාන පරම්පරාවේ තත්වේ ඕක තමා.. හිතන් ඉන්නේ එලියට එනකොටම මහා ලොකු පඩියකට වැඩට යන්න පුළුවන් කියලා.. එහෙම හිතාගෙන අර පොඩියට පටන් ගන්න පුළුවන් තැනින් පටන් ගන්නෙත් නෑ ගොඩක් අය. අන්තිමට පාරේ බෝර්ඩ් අල්ලාගෙන වටේ ඉන්න ඔක්කොමට බරක් වෙනවා.. දෙමවුපියන්ට පුලුවන්නම් ඉතින් රට යවල උගන්වල මොනවා හරි කරලා දෙනවා.
    වරදක් කියනවා නෙවෙයි.. නමුත් මුහුකුරා ගියපු ගතිය ගොඩක් අයගේ දැන් දකින්න නෑ. කතන්දරගේ දුවත් ඒ ගොඩේද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒත් සමහර ක්ෂේත්‍ර වල කැම්පස් රිසල්ට්ල්ස් එන්නත් කලින් ලොකු පඩිවලට එකපාරටම යන්නත් බැරි නැහැ. ලංකාවේම උනත්.
      ඉතින් එහෙම ක්ෂේත්‍ර වල ඉන්න අය එහෙම හිතන එකේ වරදක් නැහැ නේද? :)

      Delete
    2. 1. කතන්දරගේ දුව කරන්නේ එහම ක්ෂේත්‍රයක් නෙවෙයි.
      2. ඒ යන්න පුළුවන් ක්ෂේත්‍ර වල වුනත්, ලොකු පඩිය කියන එක සාපේක්ෂයි. කවදාවත් අලුතින් එලියට එන උපාධිදාරියේකුට අවුරුදු කීපයක් වැඩ කරපු කෙනෙකුට ගෙවන ගැන ගෙවන්නේ නෑ. නමුත් දැන් ගොඩක් අය හිතන්නේ එහෙම නෙවෙයි.

      Delete
  25. දැන් කාලේ හැදෙන(ඉන්න) සීයලා ආචිචීලා ඉස්සරඅයට වඩා ගොඩක් වෙනස්. ඒවුනත් ඔවුන්ව විවේචනය කරන්න පරණ සීයලා ආච්චිලා නැති එකයි දුක !

    ReplyDelete
  26. කතන්දර:
    යෝජනාවක්...නරකද "ලේටස්ට් කොමෙන්ට්ස්" කියල පොඩි පෙට්ටියක් දැම්මොත් හෝම් පේජ් එකේ? නවතම කොමෙන්ට්ස් 10ක් විතර එක්ක.

    ReplyDelete
    Replies
    1. අපොයි තියෙන එව්වා මදිවාටද

      Delete
  27. ‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි. -- ඇවිත් බලන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.