Wednesday 11 May 2011

උගෙ අම්මයි දුන්නේ


සාමාන්‍යයෙන් අම්ම මතක් කරල බණිනව කියන්නේ සිරාම සිරා බැනිල්ලක් නේ.

මේක නං එහෙම බැනිල්ලක් ගැන කතන්දරයක් නෙමේ.

කොහොම වුනත් ඉතිං අපිට බනින්න හිතෙන්නේ නං හිතේ කේන්තියක් ආවහමය කියන එක කාටත් පොදු සත්‍යයක්.

මට නං වැඩිය කේන්ති යන්නේ මා එක්කම නිසා වැඩියෙන්ම බැන ගන්න හිතෙන්නේ මටමයි!

තමන්ට බැණ ගත්තත් අනුන්ට බැන්නත්, ඒක හොඳ පුරුද්දක් නං නෙමේ.

බැන්නහම ඒ කේන්තිය අඩු වෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක නොතිබුණු ප්‍රශ්ණ හදාගැනීමක් වෙන්න ඉඩ තියෙන නිසා හොඳම දේ තමයි, කේන්ති ආවහම හොඳට හුස්ම ඉහල පහල ගන්න එක.

ඒක පෙනහැල්ලට, හදවතටත් හොඳයි, ලේ පිරිසිදුවෙනව, ඒ එක්කම කේන්තියත් අඩුවෙලා යනවා.

ඉස්සර දුව පොඩි කාලේ මට සමහර වෙලාවට බාර වෙනව, නලවල නිදිකරවන එක. මං ඉතිං කරන්නේ සින්දුවක් කියන එකයි.

ඒ දවස්වල මං නිතරම කියපු සින්දු දෙකක් තිබුණ. පළමුවෙනි එක සිසිර සේනාරත්න ගේ ආලෝකෙ පතුරා.

ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
චන්ද්‍රා සෙමෙන් එයි නැගී
ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී
ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
චන්ද්‍රා සෙමෙන් එයි නැගී
ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී
කොවුලන් ගේ රස ගීත, සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී
සියතුන් හඬන්නේ, මොනරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියා ගනී
කොඳ මල් සිනාසේ, විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනතී, සඳ කැන් බිබී නැහැවෙතී
කිංකිණි නොසොල්ලා, නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී


බොහොමයක් වෙලාවට මං ඔය සින්දුවේ අන්තිම පේලිය කියන්නේ "මගේ දෝනි සුවසේ නිදී" කියලයි.

අනික් සින්දුව තමයි අතුල අධිකාරි ගේ සැනසෙන්න නැලවෙන්න සුදෝ.

සැනසෙන්න, නැලවෙන්න සුදෝ//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ
කොවුලන් ගෙ ගී අසාලා, නිදියයි සිහින බලාලා//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ//
මදනල හෙමිහිට හමලා, තුරුලිය ටික ටික සොලවා//
රසකර ගී, ගයන වෙලේ //
සැනසෙන්න, නැලවෙන්න සුදෝ//


මං ඕක කියන්නේ "නැලවෙන්න නිදියන්න දුවේ, රසකර ගී (තාත්ත) ගයන වෙලේ" කියල වෙනස් කරලයි.

සින්දු දෙක කියල ඉවරවෙන කොට කෙල්ල නිදි. මං නිදහස්.

අවුරුදු ගාණකට පස්සේ අපේ පුතා නලවල නිදිකරවන කාලේ වෙනකොට ඒ දුව නලවපු සින්දු දෙක ගැලපෙන්නේ නෑ වගේ දැනුණා. ඉතිං මං පටන් ගත්තා සිසිර සේනාරත්න ගේ මාගෙ පුතුට මල් කියන සින්දුව කියන්න.

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමු වූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්
පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ //
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතු ගෙ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැලැවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ


සින්දුව කියල නලව ගන්න හැදුවට කොල්ල නිදා ගන්නෙම නෑ.

ඉතිං මට ටිකක් කේන්ති යනව. එතකොට සින්දුව කියවෙන්නේ මෙහෙමයි.

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මට මේ කුමරුන් උගෙ අම්මයි දුන්නේ.


-කතන්දරකාරයා

ප/ලි
මේ සතියේ යෙදුණු අපේ කොළු පැටියා ගේ දහවෙනි උපන් දිනය වෙනුවෙනි.

මෙන්න දැන් පුතා කියන සින්දුව: http://kathandara.blogspot.com/2010/09/blog-post_10.html

39 comments:

  1. ඒකත් ඇත්ත උගේ අම්මානේ නලවල නිදිකරවන්න බාර දුන්නේ..:D :D
    කතන්දර චූටි පුතාට සුභ උපන්දිනයක් පතනවා..!!!

    ReplyDelete
  2. කතන්දර පුතාට සුබම සුබ දහවෙනි උපන්දිනයකට ප්‍රවීනාගෙන් සුබ පැතුම්....

    පුතා තාත්තා වගේ නෙමේ අනාගතයේ මාර හැන්ඩියෙක් වෙන බවට සලකුනු තිබේ.

    ReplyDelete
  3. පොඩි අයට ඔහොම බණින එක හරිද මම අහන්නේ? :D

    කතන්දර අයියාගේ පුතාට සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  4. කොල්ලව අන්දන්න ලේසි නෑ වගේ.........

    ReplyDelete
  5. කෙල්ලො රවට්ටන වැඩේට පොඩි කාලේ ඉඳලම දස්සය උනාට.. කොල්ලො රවට්ටන වැඩෙං අදටත් ෆේල්.....

    "දේයියො දුන්නු දරුවා" කතාවත් මතක් උනා.. ඒව මේකේ ලියන්නා බැහැ නෙවැ.....

    "හැපි බෝත් ඩේ" කෙටි කතා

    තාත්තට වඩා හැන්ඩිය....

    ReplyDelete
  6. පුතා හැදෙයි එහෙනම් හොඳට....
    අයියේ..අර කෙල්ලෝ දාගන්න නිධි වල දෙවන කොටස කෝ...?

    ReplyDelete
  7. පුතාට සුභ උපන්දිනයක් වේවා !!!කියලා පැතුවා කියන්න. ( පරක්කු වැඩිද මන්දා)

    ReplyDelete
  8. පුතෙකුත් හදල දීල... ඒ උනාට කතන්දර නම් මුකුත් දන්නෙත් නෑ නේද? සම්පූර්ණ වැරැද්ද අම්මි අතේ. නෝටි අම්මි නේද?

    ReplyDelete
  9. පුත්‍ර රත්නයට සුභ උපන් දිනක් වේවා...!!!!
    සින්දු දෙකේ වචන එහෙම අස්පෙට් නැහැ නේද? ට්‍රය් කොරල බලන්න ඕනෙ මුනුපුරු පැටියව ඉල්ලගෙන ඒකව නිදිකොරවන්න පුලුවන්ද කියල.
    චොකලට් ට්‍රික් එක වැඩක් නැහැ කිව ඕනයට මේකෙ පලවෙනි සින්දුව වැඩක් වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  10. කතන්දර, මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. මම සහ බිරිඳ එයාලව පොඩි කාලෙ නැලෙව්වෙ මහින්ද හාමුදුරුවන්ගෙ "ජාතික තොටිල්ල" කවි කියලා. ඒ කවි අපෙ අම්මා අපි පොඩි කාලෙත් කියනවා මට යන්තම් මතකයි. අපි අම්මට කියලා ඒ කවි ලියාගෙන පාඩම් කර ගත්තා. තවමත් එයලා ඒ කවි වලට ආසයි. හබැයි තාලෙ එහෙම වැරැද්දුවොත් නිදියලා හමාරයි. දන් එයාලගෙ වයස 5 සහ 8යි. සුරංජිත්.

    ReplyDelete
  11. කකාගේ පුතාගේ අද උපන් දිනේ වගෙයි . . . !!

    සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පැතුව කියන්න හොඳේ අමතක නොකර

    ReplyDelete
  12. good, my father also doing this and he sleep before me!

    ReplyDelete
  13. ඔන්න බබො බිල්ලො එනව අන්ඩන ලමයි අල්ලන් යනවා සින්දුව කියන්න බලන්න. එත් දන් කලෙ ලමයි බිල්ලන්ට බය නෑ.

    බිල්ලො එනෙව කිව්වම බිල්ල බලන්න ඔන කියල අපෙ අක්කගෙ චුටි එක අන්ඩනවා.

    පුතාට සුබ උපන්දිනයක් !!!!

    ReplyDelete
  14. මේ දවස් වල මාත් ඔය නිදිකරගැනීමේ මහා අර්බුදයක ඉන්නේ,

    කතන්දර පුතාට සුභ උපන්දිනයක් !

    ReplyDelete
  15. කොල්ලට සුබ උපන් දිනයක් පැතුවා කියන්න .......... ලස්සන සිංදු ටික මාත් ට්‍රයි කරන්න ඕන අපේ කෙලි පැටික්කිව දොයි කරද්දි කියන්න.

    ReplyDelete
  16. කතන්දර අයියග් කොලු පැටියට සුබම සුබ උපන්දිනයක් වේවා......!!!!!!!!
    :D

    ReplyDelete
  17. සුභ උපන්දිනයක් කතන්දරගේ පුතාට...
    මම මුලින් හිතුවෙ මේ වගේ කතාවක් කියලා

    විදුදය සරසවිය විදුදය සරසවිය
    කොළඹට ලඟය පේරාදෙනියට දුරය
    ඇල්ලේපොල සමිදු එහි උප කුලපතිය
    උගෙ අම්ම‍ට හොදය මට නම් ඌ හිරිකිතය

    ReplyDelete
  18. සුබ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනව කතන්දර බබාට!!!.
    අපේ බබාටනම් අත්තම්ම කියන කවිවලට විතරයි නින්ද එන්නෙ.ඒ තාලෙට අපිටත් නින්ද යනව.

    ReplyDelete
  19. තාත්ත කෙනෙක් ගේ සෙනෙහස උතුරන ලිපියක්.....

    පොකු... පුතා නම් හැන්ඩියෙක් වෙයි වගේ වුනත් හිසේ තට්ටය ආරයට යනව ...

    සුබම සුබ උපන් දිනයක් පුතේ... හවසට කවියක් ලියන්නම්...

    ReplyDelete
  20. පුංචි කතන්දරට සුබ උපන් දිනයක් වේවා කියලා පැතුව කියන්ට කොල්ලත්......

    ReplyDelete
  21. තාත්තා වගේ නෙමේ පුතා නම් හැන්ඩියා වෙන ලකුණු තිබේ.. ඔන්න පුතාට මගෙනුත් උපන්දින සුභපැතුම්..

    ReplyDelete
  22. කොලුපැටියට සුබ උපන්දිනයක් වේවා !!!!

    ReplyDelete
  23. කතා අයියගේ පුතාට සුබ උපන් දිනයක් වේවා !!... ඒ වගේම තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ලැබේවා !!

    ReplyDelete
  24. කසූ පැටියාට සුභම සුභ උපන්දිනයකට ආසිරි !

    මමත් මේ දවස්වල ඔය කසු කරපු කොන්තරාත්තුව කරමින් තමයි ඉන්නෙ. අපේ කුළුඳුල් තුන්වෙනියා වෙනුවෙන්. මම ඉතින් ගොඩක් වෙලාවට කියන්න "දොයි දොයි දොයි" සින්දුව තමා.

    ඊට අමතරව ලොකු දුවයි, පුතයි පොඩි කාලේ අහපු නර්සරි රයිම්ස් (ඇහිලම කට පාඩම්) ටිකක් මතක විදිහට කියනවා. හැබැයි මොනවා කිව්වත් පොඩි එකී දොයියගන්නෙ "දොයි දොයි දොයි" සින්දුවට තමයි.

    ReplyDelete
  25. මේ කතන්දරගේ දයාබර පුතනුවන්ට

    සුමුදු කිරණින් අහස පොබවන
    නසන ගනඳුරු සඳ මෙනේ
    කුමුදු කොඳ මල් සුවඳ පතුරන
    කොඳ මගේ රුව ගුණ මෙනේ
    සඳනැතත් මුළු අහස හොබවන
    තරු රැසේ මිනි රැස මෙනේ
    දිනට හිමි ශකිත්ය ගෙනෙන්නා
    හිරු රැසේ රැඳි පෙම මෙනේ
    එළිය ශක්තිය සුවඳ රුව ගුණ
    මතු කරන් නුඹෙ හදවතේ
    සුපිපි සුදිලී එළිය කරනට
    දිරිය වේවා දිවි මගේ

    ෴ සුබ උපන් දිනයක් කසූ ජූනියර් ෴

    ReplyDelete
  26. @ All
    අද දවසේ පැය කිහිපයක් තුල කමෙන්ට් කල, පුතාට සුභ පැතු සියළු දෙනාටම ස්තුතියි.

    කවියක් ලියු වත් ට මගේ විශේෂ ස්තුතිය.

    පොකු-ලා, වත් ලා, පිණිබිඳු ලා පුතා තාත්තා වගේ නොවී හැන්ඩියෙක් වෙයි කියා කීවාට, මට බය කොල්ලාත් උන්මාද චිත්‍රසේන කෙනෙක් වෙයිද කියායි.

    ReplyDelete
  27. @ All
    මේ පෝස්ට් එක දැම්මේ මා රස විඳි, ප්‍රයෝජන ගත්, තාමත් ගයා සතුටුවෙන අපූරු ගීත තුනක් ගැන කාගේත් මතකය අවදි කරන්නයි.

    මං සින්දු තුනට දාලා තියෙන ලින්ක්ස් වැඩ කරනවා නේද?

    ReplyDelete
  28. @ All

    දරුවන්ව නලවා ඇති තාත්තලා වන, මාතලන්, ඔබ්සෝවර්, දුකා, නවම්, කල්හාර, දුමී ඇතුළු සියළු තාත්තලා ට මගේ උපහාරය...!!!

    ReplyDelete
  29. පුතාට සුභ උපන්දිනක්, සුභ අනාගතයක්!

    තව ඉතුරුවෙලා තීන්නෙ ගහක් වවන්න විතරද, නැත්තං ඒකත් මෙලහකට කරලද?

    ReplyDelete
  30. අයියගෙ පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා.....!!

    ReplyDelete
  31. කතන්දර පැටියාට සුබ උපන් දිනක්. තාත්තාගේ ස්ථානෝචිත ප්‍රඥාව කෙල්ලන්ට චොකලට් කැවීම තට්ටෙන් සොමි දීම වගේ සිල්ලර වැඩ වලට නාස්ති නොකොට මහා ප්‍රාඥයෙකු වේවා කියා අපි පතනවා.

    අපට උපන්නේ [මං වගේ] මහා දඩබ්බර කෙලි පොඩ්ඩියක්. මේකි පුංචි කාලේ ඉඳලම ඇහැරිලා ඉන්නමයි හිත. රැවටිලි බොරු. අම්මාගේ කනින් රිංගන්න පුරුදු වෙනකොට මාස ගානයි. අම්මට තව දුරටත් කර ගන්න බැරි නිසා [දැඩි මානසික පීඩනයකට ලක් වූ නිසාත්] අම්මා ගැන උපන් අනුකම්පාවෙන් හා කෙල්ල ගැන ආදරයෙන්, මගේ දෝනි ව දොයිය බබෙක් කිරීමේ බාරධුර වගකීම බාර ගත්තේ මං තුමායි. කොටින්ම අම්මලා ආච්චිලාගේ බබා සින්දු වලට් මෙකි නෙවෙයි රෙස්පොන්ඩ් කරන්නේ. මං දන්නා නැළවිලි ගීයක් නැහැ. මං දන්නේ නිකම් සිංහල සින්දු [ළමා ගී ඇතුළුව]. කෙල්ල ඉල්ලන්නේ මෙව්වා විතරයි.

    මාස ගණනක වයසේ ඉඳලා අවු 3 වෙනකම්, කොටින්ම පිටරට ට්‍රේනින් එකකට ගිහින් ඒ සම්බන්ධය කැඩෙනකම් හැමදාම රෑට පැය දෙකක් විතර කර ගහ ගෙන [පැද්දී පැද්දී නොව] බවුන්ස් වෙවි සින්දු කියා නිදි කෙරෙව්වේ මා යි. [මට සින්දු ගායනා කල හැකිය යන වැරදි නිගමනයට එන්න එපා]

    මෙයා නිදා ගන්නා සින්දු පැටන් එහෙමත් රිසර්ච් කරගන්න මට පුළුවන් වුනා. මගේ එකී මට අගේ නිසා මං නම් ඉතින් ඔහොම කතා කිව්වේ නැහැ. ඇගේ අම්මාට දවසේම ගේම දීලා තමයි තාත්තාට සෙට් වෙන්නේ. අම්මට බැන්නට වැඩක් තියෙයිද? [තවමත් මං වික් එන්ඩ් එකේ ලෙක්චර්ස් යන නොයන ඒවා කොන්ට්‍රෝල් කරන්නෙත් මේ පොඩි කෙල්ලනේ]

    මෙහි අතුරු පලයක්‌ ලෙසට සිව් වසරති මගේ කෙල්ල ඇතැම් විට මුමුණනවා "සැනසුම් සුසුමන් පා වී ලා". ඔය වගේ සින්දු බර ගානක් එයා සම්පුර්ණයෙන් දන්නවා.

    නොකියූ සින්දුවක් නැති තරම්. අමතක වූ ගායකයෙකුත් නැති තරම්. ඔය කතන්දර කියූ සින්දුව කියන කොට එයා ආඩම්බරෙන් "තාත්තා says මගෙ මැණික" කියා කිව්වා මතකයි. හෙන්රි කල්දේරාගේ ගීතයක අග කොටස මා මෙසේ වෙනස් කළා.

    "ඔන්න බබෝ බිලූ එනවෝ අඬන ළමයි අල්ලනවෝ අනේ අනේ එන්න එපා අපේ පුතා දොයි අනේ අනේ එන්න එපා චුටි මැණික දොයි" - ඕකට ටිකිරි හිනා දානවා පුංචි සන්දියේ ඉඳලා. කෙල්ලෝ ආස ඇති මැණික කියනවට.

    මේක ගැන මට පස්තාච්චියක් අදින්න පුළුවන් [ඒ වැඩේ කල් දැම්මෙත් මෙයා නිසා තමයි] අදටත් මහා රෑ ඇහැරුනොත් කෙල්ල හොයන්නේ මාව.

    ජිවිතේ උපරිමයෙන් රස විඳි දෙයක්.

    ReplyDelete
  32. ආ මට කියන්න බැරි උනා. නෙලුම් මලේ පෙති කඩලා සින්දුව පොඩිත්තියට කියා දීල තියෙන්නේ වරද්දලානේ. බාලොලියා වෙනුවට බාලලියන් කියලා. තව කොච්චර වැරදිච්ච තැන් ඇද්ද දන්නේ නැහැ.

    ReplyDelete
  33. මමත් පුතාට සුබ උපන්දිනයක් පැතුවයි කියන්න.

    අර හැන්ඩියෙක් වන සලකුනු නම් තියෙනවා කියලා මටත් පේනවා. මිනහත් අන්මාද චිත්‍රසේන කෙනෙක් වෙයි සුවර් එකට. "ගහේ කටු උල්කරන්න ඕනැයි" කියලා කතාවකුත් තියෙනවා නේ.

    හපොයි මම අන්තිමයා අද!

    ReplyDelete
  34. පුතාගේ උපන් දිනේ ඊයේ.ඒත් මම පරක්කු නිසා සුභ පතන්නේ අදයි.දරුවාට නිරෝගී දිර්ඝායුෂ ලැබෙන්න ඕන දෙමව්පියන්ගේ අගේ තේරෙන්න ඕන කියල පාර්ථනා කරනවා.මේ පෝස්ට් එක හිතට වැදුනු එකක්.

    ReplyDelete
  35. අද මගේ දුගේ ත් උපන් දිනය [නව වෙනි] . පොඩි කසු දවසක් වැඩිමල් නොවැ.

    පුතාට සුබ උපන් දිනයක් සහ සුබ අනාගතයක් පතනවා !

    ReplyDelete
  36. පැටියාට සුභ උපන් දිනයක්. කියෙව්වේ අද නිසා පරක්කුයි. මමත් නලවලා නම් තියෙනවා. ඒත් කිව්වේ කතන්දර කියලායි මතක. පොත් වලිනුත් මතකෙනුත්. සිංදු ඕනෑම උනොත් කැසට් එකෙන් තමයි, මොකද මගේ සංගීත කුසලතා ගායන අංශයෙන් ඒ තරම් ප්‍රබල නැති නිසා. තේරෙනවනේ එහෙම ලිව්වාම...

    අම්ම නම් බබාලව නලවන කොට මටත් නින්ද යනව. කියන්න ලැබීම නැතුවාට මොකද, අහන්න නම් අනන්තප්‍රමාණ වාසනාවක් තියෙනව.

    කැම්පස් කාලේ අපේ සිරිතක් තිබුන බනින්න කලින් අම්මකෙ නම අහන. එතකොට නමම හරියට කියල බනින්න පුළුවන්. අර අහක ඉන්න අමමලාව නොගාවගෙන.

    වාසනාවන්...!

    ReplyDelete
  37. මේ පැත්තෙ එන්න ටිකක් ප්‍රමාද උනා. . . . . හේතුව ඉතිං "දරු නැලවිල්ල"ම තමයි . . . . . පුතාට සුභ උපන්දිනයක් සහ සුභ අනාගතයක් පතනව . . . . . .

    ReplyDelete
  38. කතන්දර පුතා සුභ උපන් දිනයක් වේවා
    යහපත් අනාගතයකට ආසිරි !!!

    ReplyDelete
  39. හුඟක් ප්‍රමාද වුණු සුභ උපන්දිනයක්. නළවන එක කොච්චර කරදර වුණත්, ළමයි ලොකු වෙනකොට, ඔය විදිහට නැළෙව්ව කාලය ඉක්ම යනකොට දුක හිතෙනවා ඇති නේද?

    අපේ මල්ලි පොඩි කාලෙ නිදියන්නෙ පිරිත් අහ අහ. එයාව නළවන ජොබ් එක මගේ පිටින් ගියදාට, මම පිරිත් තාලෙට බොරු වචන කියනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.