
මගේ බස් කතන්දර සීරීස් එකේ තවත් එක කතන්දරයක් විදියට මං පෙරේදා දාපු "බඩ දරු අම්මලා" කතන්දරේ එක්ක පල කරපු ෆොටෝ එකම තමයි ඔය උඩුබැලි අතට හරෝල දාල තියෙන්නේ.
මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් විජ්ජවක් නෙමේ.
ඒ ඇත්තටම ඉන්නේ දරවෙක් කුසේ දරා ගෙන ඉන්න මිනිහෙක්, වෙනත් වචන වලින් කියනවා නම්, බඩ දරු තාත්තා කෙනෙක්.
මෙයාගේ නම තෝමස් බීටී. උපතින් ගෑනු නමුත් පස්සේ පිරිමියෙක් වුනා. (අර ලංකාවෙත් බදුල්ල හොස්පිටල් එකේ හිටියා නේද දොස්තර කෙනෙක් සෙක්ස් චේන්ජ් එකක් කරපු?)
කොහොම හරි තෝමස් තමන්ගේ ගර්භාෂය අයින් කරලා නෑ. ඉතිං පස්සේ ගැබ්බර වෙලා දරුවෙක් ලැබුණා.
මෙන්න මේ යූ ටියුබ් ක්ලිප් එක බලන්නකෝ කෝටා ඉවර නැති අය.
http://www.youtube.com/watch?v=EYX7ACuTBTY
මෙන්න විකිපීඩියා ආර්ටිකල් එක පිරිමින්ට පිහිටන දරු ගැබ් ගැන.
http://en.wikipedia.org/wiki/Male_pregnancy
ඔය වීඩියෝ එඛෙනුත් අහන විදියට මෙයා තාත්තා කෙනෙක්ද, අම්මා කෙනෙකේද, නැත්තං ළමයාගේ තාත්තයි අම්මායි දෙන්නම තෝමස් ම ද?
ඒ මොනව වුනත් මං මෙයාට නමක් හැදුවා. ඒක තමයි තාත්තම්මා. ඒක අම්මත්තසා කියනවාට වැඩිය සද්දෙ හොඳයි. සවුන්ඩ්ස් නයිස්.
මගේ ප්‍රශ්ණේ මෙන්න මේකයි. තෝමස් බීටී බඩ උස්සගෙන බස් එකට නැග්ගොත් සීට් එක දෙන්න සූදානම් අය කවුද කියන එකයි.
සීට් එක දෙන අය අත උස්සන්න බලන්න!
කතන්දරකාරයා
ප/ලිඃ තවත් බස් කතන්දරයක් මීළඟට දාන්න ලියලයි තියෙන්නේ.
"ගර්හිත" Vs "ගර්භිත"උභතෝකෝටිකය විසඳා දුන් ඇටමැසිප්‍රදේශිකයා ට මගේ ස්තුතිය.
අපේ අය නම් සීට් එක දෙන එකක් නැහැ. තාත්තම්මගේ කැරුට්ටුව නම් හොයන්න පටන් ගනීවි... බදුල්ලේ දොස්තර මහත්තයගේ කතාව මීට වඩා වෙනස්. මම ඒ කතාව පත්තරෙන් කියවා ඇත්තමෙයි..
ReplyDeleteපත්තරේ තිබුන පරිදි ඔහු/ඇය උපදින විටම තිබූ ලිංගිකව හදුනාගැනීමේ පුශ්ණය නිසා දෙමාපියන් ඔහු/ඇයව පිරිමියකුසේ හදාගෙන ඇත. පසු කාලීනව මේ දේ තේරුම් ගැනීමටම වෛද්‍යවෘත්තිය කෙරේ යොමු වූ බවත් සත්‍ය හදුනා ගැනීමෙන් පසුව තම සැබෑ තත්ත්වය ලොවට හෙලි කල බවත් එහි පවසා තිබුනා මට මතකයි.
හිතවත් කතන්දරකාරයා වෙත,
ReplyDeleteඔබගේ බ්ලොගය කලක් තිසිසේ නොකඩවා කියවන මට පසුගිය කතන්දර කිහිපයෙන් වැටහෙන්නේ ඔබ කතන්දර ලිවීම පැත්තකට තබා ප්‍රෝඩාවක් කරන බවය. මෙය දැන්වූවාට අමනාප නොවන්න.
බොත්තා
අපේ තාත්තගේ අම්මට කතාකරනේ තාත්තම්මා කියලා. අම්මගේ අම්මට කතා කරන්නේ අම්මම්මා කියලා.
ReplyDeleteසීට් කොහොම උනත් ලංකාවෙම කට්ටිය ඩොල්පින් වෑන් වල ගිහින් මෙයා ඉන්න තැන වට කරයි. (එක්කෙනෙක් කිව්වා මුන්නේෂ්වරමට වඩා සෙනඟ ඉන්නවලු අර නයෙක් වැහුනයි කියන ලමයගෙ ගෙදර)
ReplyDeleteමේ සම්බන්ධ ලාංකීය තියරිය අපේ බ්ලොග් සහෘදයෙක් වරක් ලියා තිබිණි.
හම්බන්තොට වරාය නැරඹීමට ජනගඟ ගලයි! (විනෝදාස්වාදයට මං ඇහිරුනු රටක මිනිසුන් ෆන් ගන්නා හැටි)
අපිත් ඉස්සර අපේ තාත්තගේ අම්මට කතා කළේ තාත්තම්මා කියල.. දැන් තාත්තම්මා ජීවතුන් අතර නෑ... මං නං හිතන්නෙ ඒ නම මෙයාට හරියන්නැතිවෙයි කියලයි...
ReplyDeleteමේ කතාව මට මතක් කළේ කාලෙකට කලින් බලපු බටහිර චිත්‍රපටයක්!
"Junior", Arnold Schwarzenegger තමා ප්‍රධාන චරිතය රඟපෑවේ...
ෂුවර් සීට් එකක්නම් හම්බ වෙන්නෙ නෑ.එක්කෝ බේබද්දෙක් කියල හිතයි.නැත්තන් බඩ මුදලාලියෙක් කියල හිතයි.
ReplyDeleteඑහෙනං ඉතින් අපිටත් සීට් හම්බවෙයි . . !
ReplyDeleteඅප්පා මාර පුරශ්නයක් නොවැ මේක
ReplyDeleteඅම්මත්තසා??? ඒක හැදුනේ කොහොමද බොලේ? අම්මත්තා ද?
ReplyDeleteනරකද "මාපියා" කිව්වොත්??
(මටත් තේරෙන්නේ කතන්දර ෂේප් වෙනවා කියලා. ඉස්සර ලියපුවත් එක්ක දැන් ලියන ඒවා මෙලෝ රහක් නැ)
අර ඩොක්ටර්ට දවසක් අංකල් කෙනෙක් වැඩි හිතවත්කමට නෝනමහත්තයා කියල.ඉතිං නෝන-මහත්තයට මළ පැන්නලු මිනිහ සීන් එක දැනගෙන වෙන්නැති කියල.
ReplyDelete@All
ReplyDeleteඅදහස් දැක්වූ හැමටම ස්තුතියි. අද දැම්මේ මේ ඉරිදා උදේ බෝනස් පෝස්ට් එකක්. මගේ බස් කතාව හෙට උදේ අටට දානවා.
කීප දෙනෙක්ම මගේ කතන්දර වෙනස් වෙලා යැයි කියා තිබේ.
ReplyDeleteමං කල වෙනසක් නං නැත. අද පෝස්ට් එක කතන්දරයක් නෙමේ ඊයේ කතන්දරයට අදාල පැහැදිලි කිරීමක් පමණි.
බස් කතන්දර සීරීස් එකේ නවතම කතන්දරය හෙට උදේ අටට පලවෙනු ඇත.
ඔය සමානාත්මතාවය අගයන පිරිමින්ගේ වැඩක්, වෙන මොකටවත් නෙවෙයි.. පිරිමින්ටත් බස් එකේ සීට් එකක් අරං දෙන්න..
ReplyDeleteආවෙත් පැරක්කු වෙලානේ මොනව කියන්නද? සීට් එක ලැබෙන්නේ නැතිවෙයි.
ReplyDeleteමේ, තාත්තම්මා කියලා , තාත්තගෙ අම්මට කියන අයත් ඉන්නවනෙ.
ReplyDeleteතාත්තම්ම කියන එක නන් හරි යන්නෙ නැහැ. තාත්තගෙ අම්මට ඒක පාවිච්චි කරනවනේ.
ReplyDeleteසීට් එකත් ලැබෙන්නත් ඉඩ තියනව. මොකක් හරි අමුතු ලෙඩක් තියන ලෙඩෙක් කියල වගේ හිතලා.