Wednesday 16 June 2010

ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා


අපේ ගෙදර වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි.

ඔන්න මං උදේ හතට විතර දනිපනි ගාල අවදිවෙලා, බාත්රූම් එකේ සින්දු දෙකක් විතර කියල, ඇඳ පැලඳ ගෙන, කතන්දර හාමිනේ හදල දෙන තේකත් බීල කෑම එකත් අරගෙන වැඩට යනව.

හාමිනේත් ඉතිං ඇඳ පැළඳ ගෙන, පුතංඩියවත් ඉස්කෝලෙ දාල තමන්ගේ සේවා ස්ථානයට යනව.

මං තුමා ගෙදර එන්නේ රෑ බෝවෙලා. ඒ වෙන කොට කතන්දරහාමිනේ ගෙදර ඇවිත්. ආපු ගමං මං හාමිනේ දෙන තේක බීල පොඩ්ඩක් ඇඟපත හෝදගෙන, සින්දුවක් දෙකක් කියල, ජාලෙ පැත්තෙ සැරිසරනව රෑට කොටා බාන්න මොනව හරි සෙට් වෙන තුරු.

ඊයෙ, කවදාකවත් නැති විදියට කලින්ම ඔෆිස් එකෙන් පැනගන්න පුළුවන් වුනා.

මං ගෙදර එනකොට වෙනද වගේ කළුවර වැටිලත් නෑ. හාමිනේ ගෙදර ඇවිල්ලත් නෑ.

ඉතිං ඇඟ පත හෝදගෙන, ඔව්, ඔව්, සින්දුවක් දෙකක් කියල, පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්ත.

ඔන්න පැය තුන්කාලකට විතර පස්සෙ මෙන්න එනවා කතන්දරහාමිනේ පොඩි එකාත් එක්ක ගෙදර.

එයාව දැක්ක ගමන් මට හරි ජොලියක් ගියා.

"ඇති යාන්තං ඔයා ආවද? මං නං ඇවිල්ල දැං පැයක් විතර වුනා. මං මේ මග බලාගෙන උන්නේ ඔයා එනකං තේකක් බොන්න!"

ඇයි අනේ හාමිනේ ගේ කට ඇදවෙලා ගියේ? සාමාන්‍යයෙන් නං එයා තේ බොන්න කැමතියි. මට තේක හදල දුන්නු ගමංම එයත් එකක් හදාගෙන බොනවා.

අනේ මන්දා? තව සින්දුවක්වත් ලියන්න වෙයිද?

කතන්දරකාරයා

ප/ලි:
මේ දවස්වල ටිකක් බිසි. බෝල බෝල මැටි එක එක ගෙනෙනව.

19 comments:

  1. මූණ කට එහෙම තාමත් ඒ විදිහටම තියෙනවද?
    හැබැයි කතන්දර අයියෙ මේක ශේප් කරන්න නම් සින්දුවක් ලියල විතරක් මදි. ඒක ගායනා කරල බෙදාහරින්නත් වෙයි වගේ.
    ගායනය ගැන ඉගෙනගන්න ඕන නම් මාරයියගෙන් අහන්නකො. එයා කියල දේවි බ්ලොග් එකේ සින්දු කියන හැටි

    ReplyDelete
  2. Moral of the story:

    ඔෆිස් කට් කිරීමෙන් පවුල් අවුල් ඇති විය හැකියි

    ReplyDelete
  3. හෆොයි ඒ මක්කැයි ඒ වෙලා තියෙන්නේ........... කසූ ඔන්න ඔහේ ලියමු අනේ සෝන්ග්ස් එකක් කතන්දල හාමිනේට.

    දුර තියාම ආපු පොටත් හරියන්නෙම නෑ.........
    ෂේප් ටෝකක් දාල බැලුව හරියන පාටක් නෑ.....
    හාමිනෙ ගෙදර ආවත් අද හවස තේනම් නෑ......
    සින්දු කෑල්ලක් ලියල කියෙව්වොත් හරියයිද දන්නෑ.......

    මෙන්න කසූ හිතෙන් කියපු රැප් කෑල්ල..........
    කසූ සිංදුව ලිව්වම ඒකට මේක දාල බලමු හික් සහ ලොල් :P

    ReplyDelete
  4. හොඳයි ඔයාට ඕන හාමිනේගේ ඉහේ මල් පිපුන වගේ සිනාවක් දකින්න නේද.... හරි එහෙනම් මෙහෙම කරල බලන්න... ආයෙත් දවසක හාමිනේටත් නොකිය ටිකක් වේලපහ ගෙදර එන්න.හරිද..ඊට පස්සේ නාල කියල.. ඔවු ඔවු සින්දු 2ක් බැරිනම් තුන හතරක්ම කියල... කුස්සිය පොඩ්ඩක් අස කරල... වතුර එකක් එහෙම උණුකර ගන්න. ඊට පස්සෙ.. ගේත් පොඩ්ඩක් අස් කරන්න....

    හරි හරි හැමදාම නෙමෙයි නෙ...

    ඔන්න ඔන්න හාමිනේ එනව... එනකොටම ඉස්සරහට ගිහින් කියන්න. ආහ් ඔයා දැන්ද අනේ එන්නේ .. මම නම් අද ඇවිත් පැය දෙකක් විතර ඇති... දැන් වතුර උණු වෙනවත් ඇති. ඉන්න මම අපි දෙන්නට බොන්න තේකක් /දෙකක් හදන්න කියල ‍කියන්නකො බලන්න....

    ආව් ආව් හාමිනේගේ මූණ හැටි බලහන්...ආව් ආව්....

    හිහ්..... බලහන්කො කතන්දරගෙ මූණෙ හැටි විතරක්..ඇයි තේ බොන්න ආස නැතෙයි....

    ReplyDelete
  5. හෙට ඉඳන් සතියක් කන්න හොඳ කඩයක් හොයපන් . . .

    ReplyDelete
  6. ගෙදර වැඩ බෙදා හදාගෙන සහයෝගයෙන් කරන්න ඕනෙ නේ. හාමිනේටම කුස්සි දෙපාර්තමේන්තුව භාර දෙන්නේ නැතිව පුලු පුලුවන් විදිහට සප් එක දෙන්න එපැයි.

    වත් අක්කාගේ කතාවට මාත් එකඟයි

    ReplyDelete
  7. ඔෆිස් එකෙන් කලින් පැන්නත් , කලින් ගෙදර එන්න එප කියලයි මේකෙන් කියවෙන්නේ!!! :))

    ReplyDelete
  8. ඈත්තට කතන්දර ඈයි එහෙම වෙන්නෙ! මටත් කොච්චර හරි වෙලාවක් නොකා නොබී හිටියැකි තේ එතක් හදලා දෙනකං! හදල දෙන එකක් වගේ නෙමේ, හදාගෙන බිව්වම බිව්වත් නිකං බිව්වෙ නැ වගේ නේ!

    ReplyDelete
  9. අඩ් ඩඩ් ඩා ..කලින් ඇවිත් ඉදලත් බැරි වුනාද තේ එක හදාගන්න.කාන්තා පාර්ශවයට වැඩ වැඩි.අපි කාන්තාවන් වෙනුවෙන් නැගීසිටින්න ඕන.

    කාන්තාපක්ෂයට බලන්න එපා කිව්වට ඉතින් ඕක නොබල ඉන්න පුලුවනැයි.ඔන්න ඔහේ කියෙව්වා.නොබල හිටියනම් හොදයි,නිකන් ලේ රත් වෙනවා..හි හී

    දැන් ඉතින් "මගේ සුදු මැණික මම ඔයාට ආදරෙයි" කියල පොඩි චිට් එකක් වත් යවන්න.

    ReplyDelete
  10. may be you should've made tea for both without waiting for her to arrive home... would've been a pleasant surprise for your wife.

    ReplyDelete
  11. අලේ මංදා කතන්දරත් කරගන්න දේවල් :D

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. කාන්තා පාර්ශ්වයත් එක්ක වැඩ කරන්න ටිකක් අමරුයි කසූ... ඉදල හිටල හරි අපි එයාලගෙ වැඩකට පොඩ්ඩක් උදවු කරනවනම් තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න බැරි වෙන එකක් නෑ. මගේ තියරිය ඒක.. අත්දුටුවයි සත්තයි

    ReplyDelete
  14. ඇති ඔයින් ගියා. සිංහ ජෝඩුවේ කතාවේ අලුත් වරිෂන් එක බලන්න තියෙන්න ඇති. වැඩේ ෂේප් කරගන්න අලුත ගේ හැදුවම ගෙට නම දානකොට හාමිනේගේ නමවත් දාල බලන්න. එතකොට සමහර විට ආපසු තේ ලැබෙයි.

    ReplyDelete
  15. එල වැඩෙ......
    මමත් ඔහොම තමයි... අව්රුදු 6ක් ම තේ 1ක් වත් හැදුවෙ නැ...
    ඉටපස්සෙ වයිෆ් තමයි හැම දෙම කලේ (last 1 1/2 year)....... එත් දැන්.........
    වයිෆ්ටතෙක්ක මම තමයි හැම දේම කරන්නෙ......
    එ කියන්නෙ යාලුවනෙ මම තත්තකෙනෙක් වෙන්න යන්නේ.....
    EEEEEEEEEEE .........
    ක.ශු. හෙ නව නිවසට සුබපැතුම්........
    ඇස්වහ කටවහ දුරුවෙවා................!!!

    ReplyDelete
  16. මේ කතාවට ඌණ පූර්ණයක් ලිව්වා. තව ටිකකින් පබ්ලිෂ් කරමි.

    ReplyDelete
  17. මගේ කතාවේ උත්ප්‍රාසය සමහර අයට තේරිලා නෑ වගේ.

    මොනවා වුනත් දැක්වූ ප්‍රතිචාරවලට මගේ හද පත්ලෙන්ම ස්තුතිය පුදකරමි.

    ReplyDelete
  18. අනේ දෙය්යනේ තේ එකද උන්දැද ලොකු. තේ නැතත් මොකැයි උන්දැ ගෙදර ඉන්නකොට නෙවද අප්පා..!

    ReplyDelete
  19. මාරයි ඈ......

    කතන්දරකාරයා ඉතිං වයිෆ්ට කතන්දරයක් කාරිය කිව්වෙ නැතෙයි.. ^_^

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.