Saturday 1 February 2014

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel


මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.

මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?

ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.

ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.

මට මතකයි සෑහෙන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යයක් තිබුණා ඒකේ ප්‍රධාන චරිත දෙකක්මත් ඩුබායිවල වඩුකාර්මික රැකියා කරලා ආපහු ලංකාවට ආපු දෙන්නෙක්.

අනිත් රටවල්වලට යෑමට සාපේක්‍ෂව ඩුබායි යෑම හෙවත් අරාබිකරයේ රස්සාවලට යන එකේ තියෙන ලොකුම වෙනස තමයි ඒ යන අය එහේ යන්නේ තාවකාලිකව වීම.

පස්සෙන් පහු අවුරුදු විසි තිස් ගණං ඉන්න අයත් හිටියාට බොහෝ දෙනෙක් එහේ යන්නේ අවුරුදු දෙක තුනකින්, තුන හතරකින්, හතර පහකින්, පහ හයකින්, හය හතකින්, හත අටකින් සල්ලි ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා චූන් එකේ ජීවත් වෙන්න හිතාහෙනයි.

ඉතාලියට යෑම පවා ඒ අතින් වෙනස්!

එහෙම අරාබිකරයට ගිය අපේ අයගෙන් සෑහෙන්න සම්මාදමක් සිංහල බ්ලොග් ලෝකයට තියෙනවා.

හිටපු බ්ලොග්කරුවෝ වෙන දුකා, දුමී, ඩුබායි වට්ටක්කා, අදත් බ්ලොග් ලොව පෙරලි කරනා ඉන්දික උපශාන්ත වගේම අතීත ගමන් මග, හැලප කඩේ, පිණි පළස (චූටි ටීචර්) මේ මොහොතේ මගේ මතකයට එන කීප දෙනෙක්. (බීට්ල් ඉන්නේ මොන රටේද?)

ඔය අස්සේ අළුතින් ලංකාවේ සිට එහේට ගිය පොරක් බ්ලොග් එකක් අරඹලා ය කියන ආරංචිය ලැබුණා.

සෙරන්ඩිබ් ඔටුවා කියන අන්වරථ නමින් ලියවෙන මේ බ්ලොග් එක තමයි වාළුකා සිතුවිලි නොහොත් ඔටු කතා!

මෙන්න පාර.
http://otukatha.blogspot.com/

මේක තාමත් මුල් අවධියේ තියෙන බ්ලොග් එකක්.

මේල ලියන ලේඛකයාට බ්ලොග් ලෝකයේ තවත් ඉගෙන ගන්න දේවල් තියෙන බව පේනවා.

නමුත් පොර ලංකාවේ දී හොඳ පළපුරුදු ලේඛකයෙක් බව මං දන්නා නිසා මේ බ්ලොග් එක දිගටම අල්ලාගෙන ගියොත් අපිට හොඳ වින්දනයක් ලබන්න හැකිවෙන බව මට කියන්න පුළුවනි.
මං මේ බ්ලොග් එකේ දැකපු එක් හොඳ දෙයක් තමයි, බ්ලොග් කාර සෙරන්ඩිබ් ඔටුවා හැමදාම සිකුරාදාට අළුත් ලිපියක් දාන එක.

වාළුකාවේ සිකුරාදාට නිවාඩු නිසා වෙන්න ඇති!

හැකි අය ගිහින් කියෝලා කමෙන්ටුවක් දාලා එන්න.
http://otukatha.blogspot.com/

-කතන්දරකාරයා

ප/ලි:
මේ සති අන්තයේත් පිං අතේ වැඩ. පරලොවට නොවෙයි, මේ බූරු සමයෙන් පසුව එළඹෙන ඔටු සමයට මොල්ලි දෙකට වතුර එකතු කරනවා.

79 comments:

  1. මෙතැන් සිට බලමු කාන්තාරයේ නෞකාව..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. හොදයි ගොඩ වෙලාම බලමු.

    ReplyDelete
    Replies
    1. හොඳයි.. ගොඩවෙලා බලන්න හැබැයි එතන පහරන්න එපා.....

      Delete
    2. හා.....කොල්ලෝ....
      ගෙදර පහරල ගියාම හරිනේ බන්...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  3. අපි නම් මව්බිමේ ඉඳන්ම තමයි බොග දාන්නෙ!
    ඔටුවා බලලා එන්නම්කො

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  4. කකා,

    කකාගේ උඩ තට්ටේනේ තියෙන්නේ. මගේ යට තට්ටේ. දැන් මම මොකෝ කරන්නේ?

    ReplyDelete
  5. අර නාට්ටිය ලා හිරු දහසක්.. අපූරු ටෙලි සිත්තම..

    මැද පෙරදිග ඉන්න අය අතරින් කෙල්ලෙක්ට ලියන්නේ, "ඔමායාගේ හීන" ලියන "අපූර්වී ඔමායා" විතරයි මම හිතන්නේ. ඇත්තටම ඇය යකඩ කෙල්ලෙක්. පොඩි කාළේ ඉඳන් හොඳ පන්නරයක් ලබාපු කෙල්ලෙක්, මිනුම් දඬු අනුව නම්, කරන්නෙත් වයිට් කොලර් ජෝබ් එකක් නෙමෙයි. ඒත් ඒ ජොබ් වලට වඩා ඇය ආර්ථික වශයෙනුත් පොහොසත්. ඇය නම් කොල්ලන්ටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. දැන් මේ කොමෙන්ට් එක අල්ලගෙන කට්ටියක් වලියට එන්න පුළුවන්. මම හිතන්නේ ගිය අවුරුද්දේ සාර්ථකම බ්ලොග් කාරිය හෝ කරුවා අපූර්වි කියලයි ඉඳගෙන..

    http://omageheena.blogspot.com/2014/01/minor-than-ego.html

    ඔටුවා ගැන කියන්න තියෙන්නේ ඒ යකා අකුරු ටික කොහේ ලියලා අලවනවද දන්නේ නෑ කියන එක. මහාචාරය මාතලන්ගේ පන්තියට ආවා නම් ඔහොම වෙන්නේ නෑ..

    http://campussyndi.blogspot.com/2014/01/1.html

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නේ ගිය අවුරුද්දේ සාර්ථකම බ්ලොග් කාරිය හෝ කරුවා අපූර්වි කියලයි ඉඳගෙන..//

      මට නුඹ විතරක් උනාට උඹට ඉන්නෙ මං විතරද......

      Delete
    2. මාතලන්...
      ස්පෑම් දාන්න එපා උඹවත් බ්ලොග් අපායෙ තමා නවතින්නෙ.... දන්නවනෙ එහෙ ඉන්න යමපල්ලො ඔක්කොම ඇනෝලා.... උඹ කැමතිම නැති කට්ටිය......

      Delete
    3. පිත්තු මම ආතම කස්ටිය තමයි ඇනෝලා.. ඒත් ප්‍රෝෆයිල් තියෙන උන් ඇනෝ එනකොට.. මාර කැතා.........................යි..

      Delete
    4. ඔමා ගැන මාතලන්ගේ ප්‍රකාශයත් සමග එකඟ වෙමි.

      Delete
    5. අමතක් වුනා "ඉඳගෙන"

      Delete
    6. මාතලන් ....උඹ තමයි කියන්න තියෙන දේ කෙලින්ම කියන මිනිහත් මචන්.
      මම උදේ ඔමායගේ ලිපියට උඹ දාපු කොමන්ට් එකටත් කිව්වා වගේ ඉදගෙන..

      Delete
    7. බ්ලොග් ලොව ගොදුරු සොයා සරණ නාකි හිවලුන් බහුලය.එකෙකු ජපන් යයි කියා මැලේසියාවට වී ගොදුර එනතුරු බලා හිදී .රිය අනතුරු රැඟුම් උගුල් දමමින් ගොදුර ඩැහැ ගන්නට මාන බලයි.තවත් නාකි හිවලෙකු පත්තර පිටුවක් උගුල ලෙස භාවිත කරමින් ගොදුරු සොයයි.එපමණද තමුන්ම මහැදුරු යයි කියා ගන්නා ලාමක නාකි හිවලෙක් බටර් තලි තවරමින් ගොදුර ලංකාවට ලිස්සවා ගන්නට සැරසේ.මේ අතරේ කෙටි කතා ලියනා තරුණ හිවලෙක් නාකි හිවලුන් බුදින ලද යමක් තමුන්ටත් ඉතුරුවේදැයි සිතමින් හූ මිටි තබයි.කෙල්ලනේ බ්ලොගෙන් කම් නැත නාකි හිවලුන්ගෙන් ප්‍රවේසම් වෙනු !

      Delete
    8. Vieil oncle en Australie?

      Delete
    9. කව්ද ඩෝ නාකි.. ෂාරුක් ඛාන්ගේ වයසේ කොල්ලන්ට නාකි කියන්නේ.. අමිතාබ් එක්ක රඟපාන්න පොඩි කෙලි නිලියෝ පොරකනවලු..

      Delete
    10. මාතලන් අපිව දැකල තියෙන අය දන්නව නොවැ අපේ රුප සොබාවෙ.
      මෙයාල හිතන්නෙ අපිත් එයාලගේ "රිලා පනික්කි" ගානට මචන්.

      Delete
    11. ඇනේ වන් සිවලුන් ගොදුරු සොයා ගියද,
      අප වන් පින්බර රූ සපු හෙබි කුමරු වරුන්ට එවැනි දේ අවැසි නැත.

      Delete
    12. අනිවා මාතේ ඒක පට්ට බ්ලොග් එකක් , එහෙම කෙල්ලෙකුට මෙහෙම ලියන්ඩ පුලුවන්ද කියලා සමහරු කොර වෙලා , ඒකයි ඔය තැන් තැන්වල කක්කා බෙටි වැටෙන්නේ ,

      ඔව්වා එච්චර ගනන් ගන්ඩ ඕන දේවල් නෙමෙයි , කවුරු හරි ලියන දේවල් කට්ටිය වැඩියෙන් කියවනකොට බලාගන ඉන්ඩ බැරි සින් එකක් තියන තව කට්ටියක් ඉන්නවා ,

      කෙල්ලෙක් හොදට ලියුවොත් ඒකට වැඩියෙන්ම ඉරිසියා කරන්නේ කෙල්ලොමයි ,

      කලින් ඔන්න ඔය කෙල්ලෙක් කොල්ලෙක්ව ඇන්දුවා කියනවා , ලියන්ඩ කියවන්ඩ ආවානං ඒක නොකර වෙන වෙන ඇරියස් කවර් කරන්ඩ ගිය එකෙන් නෙමෙයිද ඒක උනේ , එහෙම උන්ගෙන් කෙලව ගත්ත උනුයි . උන්ගේ යාළුවොයි ඊට පස්සේ වෙන එකෙක් අල්ලාගන .

      මෙයා අරයමයි

      අරයා ලියපුවමයි ලියන්නේ

      අරය කරපු එකමයි කොරන්නේ

      කියලා හෙන රැගුමක් රගනවා ,

      හරි ඉතින් මෙයා එයාමයි කියමුකෝ . ඉතින් අපිට මොකද . අපිට කියවන්ඩ දෙයක් ලියනවානං එච්චරනේ

      Delete
    13. අටමා
      හැමෝම තමන්ගෙ හිරවෙලා ඉන්න කොටුව ඇතුලෙ එහෙම තමයි බං. උඹ උනත් උඹ අකමැති එවුන්ගෙ පැටිකිරියට බනිනවනෙ . . . වැඩිමනක් ඕනෙ නෑ දැං බලපං උඹ ඩෝප් එක දාල කකාගෙ පලු ඇරියෙ :D
      එහෙම බලද්දි ඔමායගෙ පැටිකිරිය වෙන එවුන් හොයන එකෙයි කකාගෙ පැටිකිරිය උඹ හොයන එකෙයි මහ වෙනසක් නෑ :D :D

      Delete
    14. ඕනයා .....හේ..හේහ්

      ඇයි ඔයාට අවුල්ද

      පැටිකිරිය හෙවිල්ලයි . බැනිල්ලයි දෙකක්නේ බං , ඩොප් දාපුවෙලාට නෙමෙයි අමුවෙං ඉන්න වෙලාවටත් මම කාකට බැනල තියනවා . එහෙම කමෙන්ට් එහෙමත් දාල තියනවා . පැටිකිරිය කියන වචනය මෙතනට ගැලපෙන්නේ නැ වගේ බං

      Delete
    15. බ්ලොග් ලෝකෙ මල් වවන්න ගිහින් ඔයා ඉල්ලගෙන නාගත්තු හැටි මතක නැද්ද අටමෝ..

      කතන්දරගෙ පවුලෙ අයව පාවා දීලා කුණුහබ්බෙන් බැනලා තව ලැජ්ජ නැතුව මෙතන පොරටෝක දෙනවා....

      හීනමානෙ වැඩි වුනාම ඔහොම තමා....

      Delete
    16. මොනවා අටම්පහුර මට බැන්නාද?

      මං ඒහෙම දෙයක් දැකපු බව මතකයේ නෑ. කොහෙම වුණත් මං කිසිවෙකුට සිතා මතා වරදක් කරලා නෑ. නොසිතා වරදක් වුණු බව දැන ගන්නට ලැබිලාත් නෑ.

      ඒ නිසා කිසි අවුලක් නෑ.

      දැන් කොහේ, කොතැන දී ද ඔය බැන්නේ?

      Delete
    17. @ AnonymousFebruary 1, 2014 at 5:24 PM -
      //.තවත් නාකි හිවලෙකු පත්තර පිටුවක් උගුල ලෙස භාවිත කරමින් ගොදුරු සොයයි//
      මචං ඇනෝ උඹ් කවුරු හෝ මගේ උගුලේ ගොදුරක් වෙලා තියනවද? සොරි මචං..

      Delete
    18. @Monsieur Conteur,

      Je suis confus. Certains disent Naleen Dilruksha un vieux renard ("නාකි හිවලෙකු"). Certains disent Naleen Dilruksha un vieux guêpe ("වියපත් බඹරා"). Qui est le bon?

      Delete
    19. //කතන්දරගෙ පවුලෙ අයව පාවා දීලා කුණුහබ්බෙන් බැනලා තව ලැජ්ජ නැතුව මෙතන පොරටෝක දෙනවා....//

      ඔන්න ඔය චෝදනාව මට කරන්න එපා

      මම එහෙම කරේ නැ

      Delete
    20. කතන්දර මම කියුවේ අර මාව ඔයා බ්ලොග් රෝලෙන් ගලවලා දාපු දවස ගැන බ්ලොග් රෝලෙන් ගලවලා දාපු දවස ගැන

      හරි හරි දැං ඔව්වා කතා කරලා වැඩක් නැ , මිනිස්සුන්ට වැරදි අදුරගන්නයි , වැරදි හදාගන්නයි කාලයක් යනවනේ , ඇයි මිනිස්සු අදුරගන්න . සර්පයන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනස අදුරගන්න .

      ඉස්සර වගේ නෙමෙයි අ‍ටම්පහුරත් දැන් කතන්දරවාගේ ''වලියට බර පොරක් නෙමෙයි''

      Delete
    21. This comment has been removed by a blog administrator.

      Delete
    22. This comment has been removed by a blog administrator.

      Delete
    23. හාරලා ඉවර වෙලාම කියපං. මම එන්නං පාංසකූලෙට ඕනෙකරන අඩුමකුඩුම ටිකත් අරගෙන

      Delete
    24. අනේ මාතලන්ට මාව අමතක වෙලා. මම ඕමානෙ ඔටුවෙක්..

      Delete
  6. හැබැයි කාකා ට තිබුනා මේ ලිපියෙන් මැලේසියාවේ ඉඳන් බෝග දාන / කොමෙන්ට් දාන කට්ටිය ගැනත් ටිකක් ලියන්න

    ReplyDelete
    Replies
    1. ෂෙක්.... එතකොට අර හරියට ලියන්න බැරි, තුනපාස්, වල් නාකියා ගැනත් ලියන්න වෙනවනෙ..... මොකද ජපානෙ කිව්වට මූ ඉන්නෙත් මැලේසියාවෙනෙ....

      Delete
    2. තුනට ගියෙත් මාස තුනයි බං...
      උඹට ඔය කතාව කිව්වෙ අර හරක නේද මචන්,,,?

      Delete
    3. ආ..මට කියන්න අමතක වුනා උඹට ..
      මම යන යන රටවල් ගානේ ප්‍රොෆයිල් එකත් වෙනස් කලොත් උඹල මොනවා නොකියයිද...?

      Delete
    4. ගැරඩියෙකු ඇදෙනු දුටු හෙයින් පැමිනීමි.අහෝ මේ බුද්ධියෙන් මන්ද වූ වචනයෙන් කුපාඩි වූ නාකි හිස් පඹයෙකු නොවැ ! විසුළු නොම දත් විසුළුකාර මාමණ්ඩිය සමග විසුළු නොකරවු!

      Delete
    5. පුදුම ඇම්මක් අනේ ඔයාට...මෙයා..

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  7. කකා,

    ඔටුව මොනතරන් පරිනත ලේඛකයෙක් උනත් බ්ලොග් වලදි නවකයෙක් නිසා මෙහෙම අත හිත දුන්න එක වටිනව. ඔටුවගෙ බ්ලොග් එකේ හොඳ සංවාද ඇතිවෙයි කියල මාත් බලපොරොත්තුවෙනව.

    තාක්ෂනික පැත්ත හදාගන්න මාත් උදව්වෙන්නම්. මොකද ඉතින් පුත්තලමටත් පිටින් ලුනු ගෙනියන්න ඕනවෙන අවස්ථා නැතුවම නෙමෙයිනෙ.

    ඇයි ඔටු කතා බ්ලොග් රෝලෙ පේන්න නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. ප/ලි

      ගෝලය ගැන දාපු ඇඩ් එකට ස්තූතියි!

      Delete
  8. අපිත් වාලුකා කාන්තාරයට ගිහින් බලන්නම්කෝ... ඒ වගේම කකා අලුත් අයට අතහිත දීමත් හුඟක් අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. හොදයි තුශානි.. මම ඊගාව පෝස්ට් එකෙන් ඔයාගෙ බ්ලොග් එක ගැන කතා කරන්නම්.... දිනමිණේ වැඩකරන වියපත් බඹරාට කියලා පත්තරෙත් දාලා දෙන්නම්....

      - කතන්දර කාරයා -

      Delete
    2. හා මචං....ඇනෝ.....මගේ එකකුත් දාලම දියං ඒ එක්ක...

      Delete
    3. @ ඇනෝ - මගේ බ්ලොග් එක ගැන ඔයා කරදර වෙන්න ඕනේ නෑ....

      Delete
  9. මාතලන් කියල තියෙන්නැහෙ ඔටුවා කොහෙ ලියල කොහොම අලවනවද මං දන්නෙ නෑ කියවන්න නං හෙන අමාරුයි.ඉස්සෙල්ලම බ්ලොගේ රෙපෙයාර කරගත්තොත් නං ටොප්.

    ReplyDelete
    Replies
    1. කට්ටියගෙ අදහස් වලට ගරු කරල ඔන්න ඔටුව බැක්ග්‍රවුන්ඩ් කළර් එක අයින් කරල කියවන්න පැහැදිලි තත්වයක් ඇති කරල තියෙනව. අද හවස් වෙත්දි තවත් ලස්ස්සන කරල හැඩ කරල ගනියි කියල බලාපොරොත්තු වෙනව.

      Delete
    2. ඇයි අද හවස උඹ උන්ගෙ ගෙදර යනවද.... පව් තවත් එකෙක් ඉවරයි....

      Delete
    3. එයා කොමෙන්ට් කරලා තිබ්බා තමයි යනවා කියලා ඔටු යාලුවෙක් හම්බෙන්න :)

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  10. එහෙමනම් හැම සිකුරාදාම දිනමිණ පත්තරෙයි ඔටුවය් දෙකම බලුවහැකි.

    ReplyDelete
    Replies
    1. පත්තරේ ගන්න ඉස්සෙල්ලා නලියට කෝල් එකක් දීලා බලහන්.. ඌ තාම ලේක් හවුස් එකේද කියලා..

      Delete
    2. ඉන්නවා ඉන්නවා මට අවුලක් නැත. පරිපාලනයේ වෙනසක් වෙන හැඩක් තියෙන්නේ...

      Delete
  11. ගිහින් ආවා.. හැදුවහම කියවන්න යනවා..

    ReplyDelete
  12. ඔටු කතා බලන්ට ඕනි. ඇත්තටම ඒ පැත්තේ යන්ට කල්පනා කරමින් ඉන්නේ. (මම කීවේ ඇත්ත කාන්තාර පැත්තේ ) :D

    ReplyDelete
  13. බීට්ල් ඉන්නේ Doha වෙන්ට ඕනි. නැත්නම් Sydney . :D

    ReplyDelete
  14. ඇයි මේ මම ඉන්නෙත් කාන්තාරේ තමයි නොවැ. හැබැයි ඉතින් ලිපි නෙමෙයි මම පල කරන්නේ පින්තුරණේ. ඒ පැත්ත බලල එන්නම්.

    ReplyDelete
  15. කකා, ඹබට බොහොමත්ම තුති. අනෙක් අය අතරට ඹටුකතා ගෙනයන්න තවලමක් වුණාට.
    ඒ වගේම ඉන්දික උපශාන්තටත් ඹටුවගේ ප්‍රණාමය හිමිවෙනවා BLOG එකක් ලියන්න යෝජනා කළාට.
    හැමෝගෙම අදහස් නිහතමානීව බාර ගනිමින් ඹන්න කියවීමේ අපහසුව දුරලන්න පසුබිම් වර්ණ ඉවත් කළා.
    ඹටුව බ්ලොග් ලිවීමට ආධුනික නිසා හැඩවැඩ ආලවට්ටම් දාන්න තව කල් ගන්න ඹ්නෙ තමයි.
    හැමෝටම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මචන්... උඹ රට ඉන්න නිසා කියන්නෙ.... මෙහෙ ඉන්න කැහැටු රිලවෙක්ට උඹව ඉල්ලමක් වගේ පේන්න පුළුවන්.....

      මීමුරේ එක්ක යනවා කියලා රට ඉඳන් බ්ලොග් ලියන උන්ගෙන් ගාන කඩාගන්න බලන් ඉන්න පොරක් ඉන්නවා...... සල්ලි විතරක් නෙවෙයි ගෑනු පුළුටක් පේන්න බෑ...

      Delete
  16. @Monsieur Conteur,

    J'ai visité le blog. Il n'est toujours pas bon. Je voudrais qu'il va s'améliorer. Je souhaite que le blogueur.

    ReplyDelete
    Replies
    1. ඔවු මචං, උදේ කෑමට පාන් සිරාවටම මැච් වෙනව පරිප්පු හොදි එක්ක. උඹ කියනවත් වගේ අතරමැදින් වතුරබොන්න වෙන එක තමයි අවුල

      Delete
    2. También le dije ahora está bien.

      Delete
    3. උඹට පානු‍යි පරිප්පුයි බර වැඩියි ෆ්‍රෙන්ච් මචං,

      මැක්ඩොනල්ඩ් එකේ තියනවා " හැපි මීල් " කියල එකක් ඔයාගෙ වයසෙ අයට.. ඒකට පොඩි සෙල්ලම් බඩුවකුත් නොමිලේ .. !!!

      Delete
    4. @Monsieur Conteur,

      Certains idiots sont ici.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අඩේ ඇනෝ
      ටැංකිවු මචං තේරුම් කරල දුන්නට. මට ඔය බාසාව ටිකක් තේරුම් ගන්න අමාරු වෙලා හිටියෙ.

      Delete
  17. උඩ හරිය කියවන එද්දී මං හිතුවේ නයි අරින කතාවක් කියලා.
    අපිත් ගිහින් කියෙවුවා අලුතින් එන අයට අත දෙන එක අගය කරනවා ඔබට .

    ReplyDelete
    Replies
    1. නයි අරින කතාවක් නෙවෙයි ඔටු අරින කතාවක්.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඒකි ලංකාවේ හිටියනම් මොනා කියයිද

      Delete
  18. @Monsieur Conteur,

    Pourquoi certains blogueurs sont jaloux des autres?

    ReplyDelete
  19. ස්තුතියි කකා.... ඔබගේ මේ පෝස්ටුව ඔහුට මහත්ම දිරියක් වේවි....

    ReplyDelete
  20. ඔන්න මම සහෝදර ඔටු කතා අහන්න ගියා . කකාට බොහොම ඉස්තුති හදුන්වා දුන්නට අලුත් බ්ලොග් එකක්.මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේක මග ඇරිලා වගේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.