Friday 18 January 2013

දොරකඩ මාරාව නොහොත් දෙවියනි තෝ කොහිද? Where art thou buddy?


ඔය මාතෘකාවට මං දාල තියෙන්නේ වසන්ත ඔබේසේකර ගේ චිත්‍රපටියක නමක්. සනත් සහ සබීතා හිටියාය කියලයි මට මතක තිබුනේ. මතකය හරි! වැරදි!

ඒ මූවි එකේ කතාව සාමාන්‍යයෙන් වසන්ත ඔබේසේකර ගේ හැම චිත්‍රපටයක් ගැනම කියනවා වාගේ සත්‍ය කතාවක් මත පදනම් වුණු එකක් කියලයි මං අහලා තියෙන්නේ.

දොරකඩ මාරාව පටන් ගන්නේම වාහන අනතුරකින්. ඒකෙන් වාහනයේ ගිය යුවල මැරෙනවා. ඒ දෙන්නගේ මැරෙන්න කලින් කතාව තමයි චිත්‍රපටියේ තිබුණේ.

මේ ලඟදී මට අහන්න ලැබුණා ඒ වගේම කේස් එකක්. හැබැයි ඊටත් වඩා දුක හිතෙන කතාවක්.

තනි වාහන අනතුරක්. වාහනය පැදවූ සැමියා බේරුණා. හැබැයි ඉස්සරහා සීට් එකේ හිටිය බිරිඳ මිය ගියා.

බිරිඳ කියලා කිව්වාම කතාවෙන් බාගයයි කියවෙන්නේ. ඇත්තටම ඇය දරු දෙදෙනෙකුගේ මවක්. දරු දෙදෙනා මිතුරෙකුගේ නිවසේ නවත්වා දෙමව්පියෝ දෙදෙනා වාහනයෙන් යන අතරතුරයි මේ මාරාන්තික අනතුර සිදුවෙලා තියෙන්නේ.

දුක වැඩිවෙන තවත් කරුණු තියෙනවා. ඒක තමයි ඊට සතියකට පමණ පෙර මේ සැමියා සේවය කළ ව්‍යාපාරය බංකෙලොත් වී සැමියා ගේ රැකියාව අහිමිවීම.

මේ අනතුර සිදුවෙන වෙලාවේ දෙන්නා යමින් සිටියේ එක්තරා මිත්‍යාදෘෂ්ඨික වැඩකටයි. ඒ වෙනත් රැකියාවක් ඉක්මණින් ම ලැබෙන්නට දෙවියන්ට බාරයක් වීමටයි.

රැකියාව අහිමි වීම වැනි ව්‍යවසනයක් වුණාම ඇතිවෙන කණගාටුව නිසා සිත දුබල වෙනවා. එතකොට තමයි මේ වගේ දේවල් පවා කරන්න පෙළඹෙන්නේ.

ඇත්තම ඇත්ත කතාව කෙසේ වෙතත්, මට ආරංචි වුණු විදියට නම්, එදා ඒ තරම් දරුණු වර්ෂාවක් පැවති වෙලාවේ ඒ ගැනද නොතකා ඔය දුර ගමන යන්නට සැලසුම් කර ඇත්තේ මියගිය බිරිඳයි.

එය ඇගේ ඉරණමද? නැතිනම් දේව නියමයද?

දරුවන් දෙදෙනාට දැන් පියා විතරයි. එය ඔවුන්ගේ ඉරණමද? නැතිනම් දේව නියමයද?

තවත් පැරණි චිත්‍රපටියක නමක් වෙනස් කරමින් මට කියන්නට ඇත්තේ මෙපමණයි.

දෙවියනි තෝ කොහිද?

-කතන්දරකාරයා


(image: http://www.films.lk/FilmDetails.php?id=1647)

53 comments:

  1. මාරයාගේ හිතත් දුබල වෙලා

    ReplyDelete
  2. කතන්දරයෝ,

    අර පෙන්රිත් ගිය උන් ගැනද කිව්වෙ? උඹට දෙයියෝ කවුද කියලම දැන ගන්නම ඕනද? මම සිංහල දේවල් ගැන හොයන එකෙක්. දෙවියෝ කියන අදහස මුලින්ම ආවේ සිංහලයන්ගෙන්. ඒත් අද විච්චූරණ එකතු වෙලා. ළඟදි කිසිදු සැකයකින් තොරව සිංහලයන් කී දෙවියන් සිටින බව පෙන්වන ලිපියක් මගේ බ්ලොගේ දානවා. ඒක නම් දාන්නෙ සිංහල උන්ට.

    ReplyDelete
  3. දෙවියනි තෝ කොහිද?

    ReplyDelete
    Replies
    1. දෙයියා18 January 2013 at 11:52

      මම මෙහේ යකෝ !

      Delete
    2. ඈ බොල දෙයියෝ තෝත් වඩින්නේ කකාගේ බ්ලොග් එකට විතරද?

      Delete
  4. Thats the problam man..........

    ReplyDelete
  5. අයෙක් මිල දී ගෙන ගිය කේක් ගෙඩියෙන් කෑල්ලක් කා අපොයි මම මේ රහට කොහෙත්ම කැමති නැහැ, මට වෙන කේක් ගෙඩියක් ඕනෑ යැයි දෙවියන්ට පැමිණිලි කළොත්, වෙන කේක් ගෙඩියක් දීමට බලය දෙවියන් සතු නම්, ඒ බලය දෙවියන්ගේ නෑදෑ හිත මිතුරන්ට වැඩියෙන් වාසිවන අන්දමින් පාවිච්චි කරනවා ද? නැත්නම්, පාරිභෝගිකයාගේ සත්‍යයතාවය දෙවියන්ට මැනීමට හැකි තරමින් අවංකව තීරණය කරනවා ද?

    ReplyDelete
  6. ඉරණම කතන්දර, ඉරණම!

    හැබැයි මං නං විස්වාස කරන්නෙ නෑ කලින් තීරණය කළ/ගණනය කළ හැකි ඉරණමක් තියෙනවා කියල. මට නම් හිතෙන්නෙ ඉරණම probabilistic දෙයක් කියල.

    ප.ලි.: කෝ පලිය? පලිය නැති කමෙන් පෙනී යන්නේ මෙය සැලසුම් නොකළ, ආවේගශීලීව ලියපු ලිපියක් වගෙයි. හරිද?

    ReplyDelete
  7. වැදුම් පිදුම් කලයුතු පුජනිය ස්ථානවලට වඩා හාස්කම්වලින් පිහිට වෙන ස්ථාන ලංකාවෙ තියෙනව කියල හිතෙනව.ලංකාවෙ එක්තරා නාලිකාවක් හොර දේවාල කරන්නෙ බොරුව කියල දවස ගානෙ දැනුවත් කරනව.එත් එන්න එන්නම ඒ පැත්තට ඇදෙන කට්ටිය වැඩිවෙලා වගේ.මම නම් ලංකාවෙ ජනතාවට කියන්නෙ අර අසාධාරණයක් වෙලා එලියට විසි උන කලවැදි හුරයි,අංශුමාල ඇත්තිලයි එක්ක එලියට බැහැල අහසට අත් දික් කොරාගන "දෙවියනි තෝ කොහිද?"කියලවත් අහපල්ලා කියල.මොකද රනිල් ලොක්ක එක්ක පාරට බහින්නවත් ඇගට පතට පණක් තියෙන එකක්යැ.

    ReplyDelete
  8. නවරත්න මුදු දැමීම හා සුර දැමීම මිත්‍යාදෘෂ්ඨික නෙවෙයිද ගොන් තඩියො?

    ReplyDelete
  9. කොමෙන්ට් මාරාව නොහොත් කතන්දර තෝ කොහිද?

    ReplyDelete
    Replies
    1. Kathandara Karaya18 January 2013 at 15:42

      ඉන්න මං ඇනෝ කමෙන්ට් ටිකක් දාලා එනකන්

      Delete
  10. මේ චිත්‍රපටය මම බැලුවා. ඒකේ ඉන්න නිළිය සංගීතා වීරරත්න. මේකේ තියෙනවා හරි අපූරු කෑල්ලක්. මැරුණට පස්සේ කේන්දර බලන කෙනාට ප්‍රියන්ත(සනත්)ගේ හඳහන පෙන්නුවාම කියනවා "මම ප්‍රියන්ත මහත්තයට කිව්වා. ඒත් ඇහුවේ නෑනේ". ටිකකට පස්සේ පෙන්වනවා මිනිහා හඳහන මැච් කරන්න ගිය වෙලාවේ වෙච්ච් දේ. "ප්‍රියන්ත මහත්තයෝ මේ කේන්දර දෙක හොඳට ගැලපෙනවා". ඔන්න ඔහොමයි කතන්දරේ.

    ReplyDelete
  11. කොහේ ඉන්න දෙවියෙක්ද කතා... සංගිතගේ ෆෝටෝ එක දාලා සබිතා කියන එකට සබිතා හරි සංගිතා හරි නඩු ගියොත් කෙස් එක ෆයිල් කරන්නේ අළුත්කඩේද, දියවන්නාවේදි... මේ පිළිබඳ උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  12. කතන්දර මේ සබීතා නෙවෙයි.. සංගීතා

    ReplyDelete
  13. තව කතාවක් තියනව මෑඑත කාලීනව ආපු චිත්‍රපටයක. ඒකත් වාහන්ජ අනතුරක්මයි.. නම මතක නෑ.. ප්‍රධාන චරිතය නිල්මිණී තෙන්නකෝන්.. ටෝනි, ශ්‍රියානි එහෙමත් ඉන්නවා. අනතුරින් නැති වෙන්න කුසේ හිටපු දරුවව,, බලල ති‍යෙද?

    ReplyDelete
  14. ඕවට කියන්නේ පෙර කර්මය කියලා.

    ReplyDelete
  15. මේ දෙය සිදු වුනේ ඕස්ට්‍රේලියාවෙද?
    දන්න හඳුනන කම්මල් කාර සහෝදරයෙකුට එහෙම දෙයක් වුනා එහෙදී

    ReplyDelete
  16. ඉරණමද? දේව නියමයද? නැත්නම් අර සමනල විප්ලවයේ වගේ සමනලයෙක් පියා සැලීමද? අපිට තේරුම් ගන්න බැරි දේවල් වලදී බෞද්ධයන් වන අපි කියන්නේ කරුමේ පෙර කල කරුමේ කියලා නොවේද?

    ReplyDelete
    Replies
    1. machan uditha uba thamai mama dakapu nombara eke pal modaya me blog awakasaye.kiyala wadak naha ban.samanala wiplawaya gana kiyaddi eka hodatama thahawuru una.nikam uba hena porak kiyanna samanala wiplawaya gana kiyanawa.eth ubata thaba ateka molayak naha e minihawa anduna ganna.e unaata ubata puluwan e gana maha pandi talk denna nam.ane thopi wage his minissu.

      Delete
    2. ඇනෝ ඔයා මිනිහව දන්නවා නේ මට ඒ ඇති. උඹේ සතුට මගේ සතුටයි. උබ පිරුන කල ගෙඩියක් ඇනෝ.

      Delete
    3. ඇනෝ දන්නවා වුනාට මේක කියවන අනෙක් ජෝන් බාස්ලා දන්නෙ නැහැනෙ: ඇමෙරිකාවේ වෙළඳ සංකීර්ණයකට ගොඩ වුනාම ඇතුල්වන තැන් වල තියෙනවා පුවරුවක්. ඒකෙ තියෙනවා කඩවල නම් එක්ක ඒවා පිහිටන ස්ථාන සිතියමක්. සිතියමේ පුවරුව ඉස්සරහා ඔබ සිටගෙන සිටීම දක්වලා තියෙන්නේ “මෙතැන තමයි ඔබ ඉන්නෙ” කියලා!!

      Delete
    4. sthoothi mithuru ano...

      amathara prashnayak oba mp3 ekak hada ganna akaraya gana dannawada?piyawara 3 kin pahadanna.

      Delete
    5. @ Anonymous January 18, 2013 at 4:03 PM

      අනේ ගොනෝ එහෙම වෙන්නෙ පුද්ගලික නිදහස අගයන සමාජයක/රටක, ලන්කාවෙ ගොබිලන්ට ඕවා තේරෙන්නෙ නෑ...

      ඇමරිකාවේ නම් පෙම්වතුන් දෙදෙනාම බාලවයස්කාරුවන් උනාම නීතියට මැදිහත් වෙන්න බැහැ...

      මම ඇමරිකාවෙ තියන ලින්ගික නිදහස තදින්ම බුක්ති විදින්නෙක්....

      ලගදි ත්‍රි සම් එකක් දාල ෆොටෝස් පවා දැම්මා බ්ලොග් එකේ....

      Delete

    6. මන් නම් දන්නවා සමනල විප්ලවය කරන කෙනා ගැන .ඒ ගැන නියම ඉඟියක් සමනල විප්ලවයේ අන්තිම පෝස්ට් එකේ තියෙනවා.ඒ පස්සේ ගියාම අදාල පුද්ගලයා සොයා ගන්න පුළුවන් උනා. 3 දෙනෙක් ඉන්නවා සැක කල හැකි.නමුත් දේශපාලන ,"" ආගමික විලාසය"" අනුව නැවත යාමේදී හරිම කෙනා අඳුන ගත්තා බබා වගේ හිටපු.

      ******************************************************************
      අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – ""වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය"". මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ස්ටාලින්ගේ සෝවියට් දේශයෙන් හිට්ලර්ගේ ජර්මනියෙන් නික්ම ගියාක් සේම අපටද අන්තර්ජාලයෙන් සමු ගන්ට කාලයද මේ?

      එහෙත් පළා යන්ට මත්තෙන් මගේ පාඨකයින්ට වූ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත. මවිසින් කළ සුළු සංස්කරණ කිහිපයකින් යුතුව, මේ කතාංගය පළ වන්නේ එනිසාය. (එය විකල්ප අවසානයක්ද නොදනිමි. මෙහි රචකයා, කතාවේ ලේඛකයාද සමඟ කතාවෙන් එළියට පනියි!)

      විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

      - ලේඛක
      ________________________________________________

      Delete
  17. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ 27 වෙනිදට මම එනකන්.
    මමත් දොරකඩ මාරාවක් ලියන්න ඉන්නේ.

    ReplyDelete
    Replies

    1. කම්බෝජෙන් ගෙනාපු නයි මල්ලත් ගෙන්න හොඳේ..?

      Delete
    2. ඉස්සෙල්ලම් පොඩි පොඩි නයි පැටවු ටික එලියට දාලා පස්සේ පස්සේ තමා පෙරිය සයිස් නයි ටික අරින්නේ.
      පොඩ්ඩක් ඉන්ටකෝ.....

      Delete
  18. කකා අද වැඩට ගියේ සුදු පාට ටීෂර්ට් එකක් ඇඳගෙනද? කෝච්චි පරක්කුයි කියල TV එකේ පෙන්නන්දි කකා වගේ කෙනෙක්ව දැක්කා... ;)

    ReplyDelete
    Replies
    1. lolololololo;lolololo9oolololl.ololollolololololololololool
      meyawa job eken ayinkarajsj anane innrenrjjf

      Delete
  19. ඉතින් කෝ දෙයියා ?

    ReplyDelete
  20. තව දින 9යි.... බ්ලොග් අවකාශයේ සියලු බ්ලොග් කරුවනි ඔබ සූදානම්ද?

    ReplyDelete
  21. Buddy kiyanne Deviyanta kiyana namakda?

    ReplyDelete
  22. නයි ගැන පෝස්ට් එකක් මහසොහොන දාල තියනවා...

    "නාගයන්ගේ ස්වභාවය ක්ෂණයකින් කුපිත වීම යි. දිව්‍ය නාගයන් තුළ ද එම ස්වභාවය අඩුවක් නැතිව පිහිටා ඇති බව ඉහත සඳහන් සමහර නාග කතාවලින් පෙනේ."

    දිව්‍ය නාගයොත් මෙහෙමනම් මේ බ්ලොග් අවකාසෙ ඉන්න නයි ගැන කවර කතාද...

    මෙන්න ලින්ක් එක... http://mahason-brotherhood.blogspot.com/2013/01/blog-post_18.html

    ReplyDelete
  23. ඕව ඔහොම තමයි කකා. දැන් බලන්න, මර්වින් ජේ. කුරේගේ දරුවන් පිළිස්සී මිය ගියේ ඇයි? කියන්න බලන්න පුළුවන්නම්.

    ReplyDelete
    Replies
    1. මර්වින් ජේ. කුරේගේ දරුවන් පිළිස්සී මිය ගියේ ලන්කාවේ සිටින දත් හැලීගිය දත් හැලුනු පසු කර්මය විස්වාස කිරීමට ආරම්භ කල නාකි සමාජවාදී නරුමයන්ට ආතල් එකක් දීම පිනිසය.... එම පිනෙන්ම ඔවුන් තව්තිසා දෙව්ලොව උපදිනු ඇත....

      Delete
  24. කකාගේ පිටුවට විතරක් "ඩෙංගු මදුරුවෝ"මෙච්චර බෝවෙල ඉන්නේ ඇයි?????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයා ඩෙංගු මදුරුවෝ කිව්වේ ඇනෝලට වෙන්න ඇති නේ.
      කුණුහරුප කමෙන්ට් කරන ඇනෝලා ඇරුනහම බ්ලොග් පෝස්ට් එක ලස්සන කරන්නේ හරවත් කරන්නේ විනෝදාත්මක කරන්නේ ප්‍රොෆයිල්කරුවෝ නෙමෙයි ඇනෝලා බව සිහි තබා ගන්නවා නම් හොදය. අනික අපිවයි(ඇනෝලව) කකාවයි බිඳවන්න හදන්නෙපා.

      අපියි (ඇනෝලා) කකායි තියෙන්නේ ගහට පොත්ත වගේ අව්‍යෝජනීය බැඳීමක් !!!
      අපි කකාට ආදරෙයි. කකා අපිට ආදරෙයි.
      වෙනස තියෙන්නේ කකා අපිට තියෙන ආදරේ පිටට පේන්න නැති එක විතරයි. ඒක හරියට තාත්තෙක් දරුවෙක්ට දක්වන ආදරේ වගේ. ගැඹුරුයි. පිටට පේන්නේ නෑ.

      Delete
    2. කකා ගෙ ආදරේ කොච්චර ගැඹුරුද කියනවනම් ඒක ලන්කාවෙ අධ්‍යාපන අර්බුදයෙ ගැඹුර වගේ (දාපන් මචෝ ලින්ක් එක )...... ලන්කාවෙ අධ්‍යාපන අර්බුදයෙ ගැඹුර කොච්චරද කියනවනම් ඒක ඇදුරු නයාගෙ දිග වගේ......

      Delete
  25. අපට ඉන්න දෙවියෝ අපිම තමා කකා වෙන කවුද

    ReplyDelete
    Replies
    1. ඇයි සමහර ලේක් හවුස් කාරයන්ගේ දෙයියෝ මහින්ද මහත්තයා.... ආහ් නෑ මහ රජතුමා නේ.

      Delete
  26. කාලෙකට ඉස්සර ලොග්ගල් ඔය පැත්තේ ඔය වගේම සිද්දියක් උනා. පස්සෙ පොලීසිය පරිවේෂනීය සාක්ෂිවලින් ඔප්පු කළා ගෑනිව මැරුවේ මිනිහා කියලා. ඒ කේස් එකේදි නම් දෙවියො (නඩුකාර තුමා) මිනිහව එල්ලුම්ගස් යැව්වා.

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. The Muscles of the patients who did not know is when people
    complain of Nerve Pain patients and if regularly done then this informative
    article. A lot of unnecessary Nerve Pain. Vitamin B12 reduces the overall tension in
    the meantime, there are as many remedies for nerve pain,
    ensure that you are bending down and kept her from
    getting restful sleep when you are sitting. For pain
    that interferes with your physician. For others it is so touchy that
    I have to work.

    My site - back pain clinic Wentzville
    Here is my web-site ... back pain clinic Wentzville

    ReplyDelete
  31. Abide by-up is suitable, in event the status dreadful region and
    the touched case-by-case should halt using the paw for a piece.
    Resting the unnatural hired hand can longer gliding smoothly o'er each other which results annoyance and inability to use the roast as should be.

    Here is my blog post ... Pawnee City carpal tunnel doctor
    Here is my web site :: Pawnee City carpal tunnel doctor

    ReplyDelete
  32. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.