
මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.
නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.
ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.
ඔය ගැන කියන කොටම මතක් වුනේ ඔන්න එක දවසක් මං යාළුවෙකු ගේ ගෙදර පාටි එකකට ගිහින් ඉන්න වෙලාවේ, මං තරමක් අඳුණන ගෑල්ළමයෙක් මාව දැකලා "නේද? නේද?" කියන්න පටන් ගත්තා.
මං මුලින්ම හිතුවේ එයා "ඥාව්, ඥාව්" කියනවා කියලයි.
පස්සේ තමයි තේරුනේ සීන් කෝන් එක.
මගේ කවියක් පත්තරේක පලවෙලා.
මෙන්න ඒ කවිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට!
නේද?
ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
සිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?
ඔබ සුනිල් කෙම්බිමය වියලි කාන්තාරයේ
සුවෙන් සැතපී ඉන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සෙවන අඩු වේද?
නැහැ නේද?
ඔබ නිමල් සඳ වතය පාළු ආකාසයේ
හද අඳුර දුරලන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා සඳ එලිය රළු වේද?
නැහැ නේද?
ඔබේ ලොව මගේ ලොව එකක් නොව දෙලොවක්ය
එපා ඔබ දුක් වෙන්න
එපා මට දුක් දෙන්න
අද මෙන්ම සිනාසෙමු හෙට දිනද
හා! නේද?
-කතන්දරකාරයා
(image: http://venturebeat.com/2012/10/02/why-you-should-never-ever-use-a-question-mark-on-twitter-or-linkedin-infographic/)
නේද නේද ?
ReplyDeleteආව්... ආව්...
ReplyDeleteකෝ බලන්න මූණ..!
:-D
අපි හිනාවෙමු කකා.....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeletehu hu api meka dakkaa
Deletenews walata horakamakata sambanda set ekak nam pennuwa thamai. Kakath ethanada hitiye.
ReplyDeleteAda kaviya nam sarala nisa hithagiyaa. Pastalu ah.
Neda?
oii katandara tamunnasee apeith welawa nasti karanawa me wage ewa liyala.. add ekaka hitiya kiwa nam iwaraine manussayo. thamunnasse nam dan melo rahak nati manussayek wela.. aparade me blog eka
ReplyDelete
ReplyDeleteහරිම ලස්සනයි කකා .හිතන පතන
විදිහ අපූරුයි ...
කයි කතන්දරේ ෂෝයි නේද ....!
ReplyDelete//ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
ReplyDeleteසිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?
හැබැයි භෞතික විද්‍යා මුල ධර්ම අනුව නම් පිළිතුර 'ඔව්' නේද? :P
ඒ කවිය හරිම ලස්සනයි නේද?
ReplyDeleteමේ පැත්තේ ඇවිල්ල ගියාට අද තමා කොමෙන්ටුවක් දැම්මේ ඕන්...
ReplyDeleteනේද නේද... :D
කවිය නම් අගෙයි... හැබැයි කවියේ පිරිමි තුන්දෙනෙකුගේ නම් තියනවා...:D
ReplyDeleteAmmata udu..uba ney ara welikada scene eke thuwakkuwak aran wahala uda hitiye...man dekka ubawa .eka eka.. :P
ReplyDeleteතව දින 6යි..... Are you ready?
ReplyDeleteකතන්දර බ්ලොග් එකේ යන කවිනම් නම් පට්ට චා නේද... නේද...
ReplyDeleteNEDA NEDA, Jokku neda, Pakku neda, Pada neda, Jee neda, Choo neda, Thawa monawada neda.
ReplyDeleteකැපිටල් දෝස්ත්...........!!!! :D :D :D
Delete